8 අදහස් හා විමසීමි

අතහැරීමේ පාඩම



දිනක් මහාචාර්‍ය වරෙයෙක් වතුර වීදුරුවක් අතින් ගෙන දේශන ශාලාවට පැමිණියා. පසුව ඒ වතුර වීදුරුව සිසුන්ට පෙන්වමින් මෙසේ අසා සිටින්නට වුවා.

දරුවනේ මේ වතුර වීදුරුව කොචිචර විතර බර ඇත්ද?
ගැමි 100, 200 ක් 500 ක්. සිසුන් විවිධාකාර පිළිතුරු ඉදිරිපත් කලා.

හරි දරුවනේ. මම දැන් මේ වතුරවීදුරුව තදින් අල්ලගෙන අත දික්කරගෙනම හිටියොතින් මොකද වෙන්නේ? මහාචාර්‍යවරයා දරුවන්ගෙන් විමසා සිටියා.

මුකුත් වෙන්නේ නෑ. සිසුන් පිළිවදන් දුන්නා. හරි එහෙනමි මම මේ වතුර වීදුරුව මේ විදියටම තදින් අල්ලගෙන පැයක් පැය භාගයක් විතර උස්සගෙන හිටියොත් මොකක් වෙයිද?

ඒත් මුකුත් වෙන්නේ නෑ සර්. හැබැයි සර්ගේ අත රිදෙයි.

හරි දරුවනේ එහෙනමි මම මේ විදියටම මේ වතුර වීදුරුව තදින් අල්ල ගෙන දවසක්ම උස්සගෙන හිටියොත් මොකක් වෙයිද? මහාචාර්‍යවරයා දරුවන් විමසා සිටියා.

අපිට නමි මුකුත් වෙන්නේ නෑ. ඒත් සර්ගේ අත හිරි වැටෙයි. අතේ ලේ ගමනාගමනය නැති වෙලා අත පණ නැතිව යයි. සර්ට අංශභාගය හැදෙයි. සර්ගේ ආතතිය වැඩි වෙයි. සර්ට පිසසු හැදෙන්නත් පුළුවන්. යනාදි වශයෙන් සිසුන් විවිධාකාර පිළිතුරු ලබා‍ දුන්නා.

ඉන් පසු මහාචාර්‍යවරයා දරුවන්ගෙන් විමසා සිටිනවා. ඔය කියපු විදියට වෙන්න මම මේ වතුර වීදුරුව උස්සන් ඉන්නකොට ඒකෙ බර වැඩි වුනාද? නැහැ නේ සර්. එහෙනමි කොහොමද එහෙම වෙන්නේ? සිසුන්ගෙන් පිළිතුරක් නැත. නිශ්ශබිධය. ඒ අතරින් එකෙක් මේසේ කෑ ගසනු ඇසිනි. ඔය අල්ලගෙන, උස්සන් ඉන්න ඔන්න ඕක බිමින් තියන්න සර්!!

මහාචාර්‍යවරයා මහත් සොමිනසින් දරුවන් ඇමතීය. අන්න හරි දරුවෝ. අපි යමක් තදින් අල්ලගෙන උස්සගෙන ඉන්නකොට තමයි ඒකෙන් අයහපත් ප්‍රතිඵල ඇතිවන්නේ. ඒ අයහපත් ප්‍රතිඵල අප විසින්ම අපේ මෝඩ කම නිසා ඇතිකර ගන්නා දේවල්. ඕනෑම දෙයක් තදින් අල්ලගෙන ඉන්න එපා අතහරින්න. උස්සන් ඉන්න එපා පැත්තකින් තියන්න. තියලා සැහැල්ලු වෙන්න. ඕනෑම දෙයක් ඒ වගේ තදින් අල්ලගෙන ඉන්නකොට තමයි දුක, හිරි වැටිම, රිදීම, ආතතිය වේදනාව වගේ දේවල් ඇතිවන්නේමේක නිසා පිස්සු පවා හැදෙන්න පුළුවන්. ඒ නිසා ඕනෑම දෙයක් අතහරින්න පුරුදු වන්න. එතකොට හැම විටම නැවුමි විදියට නැගී සිටින්නට පුළුවන් වේවි.

මහාචාර්‍යවරයාත් සිසුනුත් අතර ඇතිවුන සංවාදය තමයි ඕක. ඇත්ත වශයෙන්ම අවුරුදු 80 ක් මිනිසෙක් ජීවත් වනවා යැයි අප සිතුවොත්, මේ අවුරුදු 80 ක කාලය දින 365 න් වැඩි කල විට, ඔබේ අයු කාලය දවස් 29200 ක්. මේ දින 29200 ක් වැනි සුලු කාලයකින් ඔබේ ජීවිතයේ නිදාගන්නට යන කාලයත් අතහැරි විට ඔබට ජීවත් වන්නට ඉතිරිව ඇත්තේ කොපමණ නමි සුළු කාලයක්ද? මේ කාලය තුල ඔබ කොතරමි නමි දේවල් උමතුවෙන් මෙන් උස්සාගෙන් තදින් අල්ලාගෙන සිටිනවාද කියා මොහොතකට හරි සිතා බැලුවාද

අපි අපේ ආගම් සිතින් අල්ලාගෙන සිටිනවා, ජාතිය තදින් අල්ලාගෙන සිටිනවා, ශරිරයේ පාටත් තදින අල්ලාගෙන සිටිනවා. ධනවත් කමත් අල්ලාගෙන සිටිනවා, කුල පරපුරත් අල්ලාගන සිටිනවානමත් අල්ලාගෙන සිටිනවා, රටත් අල්ලාගෙන සිටිනවා, ගමත් අල්ලාගෙන සිටිනවා, අධ්‍යාපනයත් අල්ලාගෙන සිටිනවා, මව, පියා, සහොදරයෝ, ඥාතීන්, සමාජය, සන්ස්කෘතිය, දේශපාලනය, ආලය කරන අය, චිත්‍රපටි නලු නිලියෝ, යාන වාහන, ඉඩමි, ගේ දොර, විවිධ භාණ්ඩ ආදීයත් තදින් අල්ලාගෙන. අතීතයත් අල්ලාගෙන, අනාගතයත් අල්ලාගෙන, වර්තමාන මේ මොහොතත් අල්ලාගෙන.

මෙබදු ඉතා සුලු ජීවිත කාලයක් තුල මිනිසුන් තදින් අල්ලාගෙන, ඔසවාගෙන යන මහා බර පොදි කොපමණ නමි තිබනවාද? එක මොහොතකට ඔබ නැවතීමක් ගෙන මේ මහා බර පොදිය අත හැරලා සිතා බැලුවාද? මොකක්ද මේ මම ඇත්ත වශයෙන්ම කරන්නේ කියන කාරණාව. මම මේ  මහා බරක්වු කිසි ප්‍රයොජනයක් නැති, කුණු ගොඩක් ඔසවාගෙන දුකින් වේදනාවෙන් දඟල දඟල ඒමේ අත දුව යනවා. අතීතයෙත් මේ කුණු ගොඩ තරකර ගන්න, තව තවත් අසහනය වැඩි කර ගන්න මේ කුණු ගොඩටම තවත් කුණු එකතු කර ගන්න කොතරමි ක්‍රියාවන් සිදුකලාද? කොතරමි නමි වියරුවෙන් මෙන් දිව ගියාද? අනාගතයේ දීත් මේ කුණු ගොඩ තර කර ගන්න මම කොතරමි නමි දිවයන්නට සිතා සිටිනවාද? මේ වර්ථමාන මොහොත තුලත් ඒ සඳහාම නේද මම මේ දුකට පත්වෙලා සිටින්නේ. මේ මොහොතේ වත් මේ කුණු ගොඩ පසකින් තිබිබා නමි හොදයි නේද? කියා ඔබ අතරින් කී දෙනෙකුටද මොහොතකට හෝ සිතී තිබෙන්නේ.

එසේනමි මේ මොහොත ඒ සඳහා කාලයයි. ජීවිත කාලයක් පුරා තදින් අල්ලාගෙන ඔසවාගෙන ආ මේ මහා බර පොදිය පසෙක තබා මදක් අවධානය යොමු කරන්න. නැවතත් අන් බරපොදියක් කෙරේ නෙමෙයි. ඒ බරපොදිය ඔසවාගෙන ආ ඔබ ‍කෙරෙහිම. ඇත්තටම ඔබ ජීවත් වෙනවා කියන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? නැත්නමි ඔබ ජීවත් වනවා කියා අදහස් කරන දෙයි සැබෑ අර්ථය ඔබ දන්නවාද? මුළු ජීවිත කාලයක් පුරාවට ඔබ ජීවත්වනවා යැයි කියමින් කියනා කරනා සියළුම දේ මේ ආකාරයට වර්ගීකරණයක කලහොත් ඔබ එයට එකඟ වනවා දැයි බලන්න.

ඔබ ඇසින් ඔබට ප්‍රිය වූත් සතුට ගෙන දෙන්නාවුත් රූපයන් දකිනවා. ඒ රූපයන් නැවත නැවත බැලීම සඳහා ඒ රූපයන් නැවත නැවත ලැබීම සඳහා ක්‍රියාවන් කරනවා. අප්‍රිය වූ රූපයන් අදිය වේ නමි ඒවා මඟ හැර යාමට හෝ ඒවායින් මිදිමට අවශ්‍ය කටයුතු කරනවා. ඔබ කණින් ඔබට ප්‍රිය ශබිධයන් ඇසීමට ප්‍රිය කරනවා. ඒ ශබිධයන් නැවත නැවත ලැබීම පිණිස අවශ්‍ය කටයුතු කරනවා. ඔබට අප්‍රිය ශබිධයන්ගන් මිදීම සඳහාත් මේ අයුරෙන්ම කටයුතු කරනවා. මේ ආකාරයට නාසයෙන් ප්‍රිය වූත්, සොමිනස උපදවන්නාවුත් ගඳ සුවඳ විදිමට, දිවට රසවත් ආහාර ආදියෙන් ලැබෙන රසයන් විදිමට, ශරිරයට ප්‍රිය ජනක වු ස්පර්ශයන් ලැබීමට, ඒ වගේම මනසට සොමිනසක් ලබා දෙන අරමුණු සිතුවිලි ලබා ගැනිමට, එවා සොය සොයා යෑමට ක්‍රියා කරනවා. මේ කරුණු 06 ට භාහිරෙන් ඔබ ජීවත් වනවා කියා කරන්නාවු එකදු ක්‍රියාවක් හෝ ඇතිද යන්න ඔබ මදක් සිතා බලන්න. ඔබ බුද්ධිමත් නමි ඔබේ තර්කණ හැකියාව දියුණුයි නමි මේ කොටස 06 න් භාහිර ජීවත් වනවා කියා ඔබ කරනා එකදු හෝ ක්‍රියාවක් නැත් බව ඔබට දැන් පැහැදිලි විය යුතුයි. අපි ජීවත් වනවා කියා අතීතයෙත් කලේ මේ ක්‍රියාවලියම තමයි. අනාගතයට කරන්නෙත් මේ ක්‍රියාවලියම තමයි. වර්ථමාන මේ මොහොතේ කරන යමි දෙයක් වෙයිනමි එයත් මේ ක්‍රියාවලියට අයත් ක්‍රියාවක්ම තමයි.

අපි උදාහරණයකින් මේ කරුණ පහදා ගමු. ගැහැණියක් හෝ පිරිමියෙක් විවාහ දිවියට පත් වන්නේ ඇයි? පිරිමියෙකුගේ කොණයෙන් මේ කරුණ පහදා ගමු. ගැහැණියගේ රූපය පිරිමියාට ඉතාමත් ප්‍රියයි. ඒ ප්‍රිය ගැහැණු රූප අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරනා ඒ ගැහැනු රූපය නැවත නැවත දැකිම තුලින් ලැබෙන ප්‍රිය භාවය ලැබීමටයි ඔබ විවාහයට පත් වන්නේ. ගැහැණියගේ ශබිධය ඔබට ප්‍රියයි. ඔබ ප්‍රිය කරන ඒ ප්‍රිය බාවය උපදවන ගැහැණු ශබිධය නැවත නැවත ලබන්නයි ඔබ ගැහැණියක් විවාහ කර ගන්නේ. බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චිත්ත පරියාදාන වග්ගයේ දේශනාකර සිටිනවා “මහණෙනි, යමි රූපයක්, යමි ශබිධයක්, යමි ඝන්ධයක්, යමි රසයක්, යමි ස්පර්ශයක්, ගැහැණියගේ ස්පර්ශය මෙන් පුරුෂයාගේ සිත ඇදබැදගෙන සිටී නමි එවැනි වෙනත් එකද රූපයක්, ශබිධයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මම නොදකිමි. කියා.

ඒ අර්ථය රහිතව වෙනත් අර්ථයකින් ගතහොත් ගැහැණියෙක් විවාහ කර ගන්නා පුරුෂයෙක් බලාපොරොත්තු වනවා තමාට ඒ ගැහැණිය රසට කන්නට කෑම බීම ආදිය සකස් කර දේවිය කියන කරුණ. තමාගේ ජීවිතයේ සෑම අවස්ථාවක දීම ලෙඩක දී දුකක දී පවා තමාට සුවදායක ස්පර්ශයන්ම ඇතිවන අයුරෙන් තමාට සහයට සිටීය කියන කරුණ. තමාගේ මනසට නිඹඳ සුවදායක අරමුණුම ඇතිකරාවිය කියන කරුණ. මේ ආකාරයට ජීවත් වීමට  තමයි පුරුෂයෙක් ස්ත්‍රියක් විවාහ කර ගන්නේ. අවම වශයෙන් දෙපළ ලබා ගැනීමේ අරමුණින්ම කරන විවාහයකදී වුවත් ඒ කාන්තාවගේ දේපළ නිසා මේ කලින් කියු ප්‍රිය රූප, ශබිධ ආදිය ඇති ජීවිතය තමාට ලබාගත හැකිය යන අරමුණ ඔහු තුල පවතිනවා. ස්ත්‍රීන්ගේ කෝණයෙන් බැලුවත් එය එසේමයි.

මේ ආකාරයට ප්‍රිය වූත් සුඛ වූත් ජීවිතය කියන බර පොදිය උස්සා ගන්නා මිනිසාට එය සිතූ පමණින්ම ලැබීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මේ ජීවිත කාලය තුල. අධ්‍යාපනයක් ලබන්නට ඕන. හොද වැටුපක් ලබන රුකියාවක් හොයා ගන්නට ඕන. ඒ සඳහා අවුරුදු 20 ක් 25 ක පමණ කාලයක් ඉතා දුකසේ අධ්‍යාපනය ලබන්නට ඕන. පස්සේ විවාහයක් කර ගත් පසු ඒ විවාහ වුන අයගේ ඕනෑ එපාකම බලන්නට ඕන. ඒ සඳහා තවත් වෙහෙස වන්නට ඕන. දරුවන් ඇතිවිට ඔවුන්ගෙ කටයුතු කරන්නට ඕන. ඔය මොන දේ කලත් සමහර විට ඔබ බලාපොරොත්තු වන ප්‍රිය රූප, ශබිධ ආදිය ඔබට නැතිවි යන්නටත් පුළුවන්. ඒ එකක් හෝ ඔබ කැමති අයුරෙන්ම පවත්වන්ට ඔබට හැකියාවක ඇත්තෙත් නැහැ.

ගැහැණිය නමි බර පොදිය ඔසවා ගැනීමට ජීවිත කාලයක් පුරා අතීතයේ ඔබට කෙතරමි නමි බර පොදි ඔසවාගෙන ආතතියෙන්, දුකෙන්, වේදනාවෙන් කලය ගතකරන්නට සිදුවුවාද? ඒ බර පොදිය ඔසවාගත් පසු ඒ  බර පොදිය ඉදිරියටත් ඔසවාගෙන යාමට රුකුලක් ලෙස තවත් බර පොදි කීයක් ඔසවාගන්නට ඔබට සිදුවුවාද? ඒ අනුව අනාගතයේ දී ඔබ තවත් බර පොදි කියක් ඔසවාගත යුතුද?  

මේ කරුණ ඔබට පැහැදිලි වුවා නමි, මේ කරුණ කිවේ ඔබ විවාහ නොවිය යුතුයි යන්න කීමට නොවේ. විස්තර කරමින් පැමිණි කරුණ පැහැදිලි ලෙස විස්තර කර දීම සඳහායි. මේ ජීවිත කාලයක් තුල අප කැමති වුවත් අකමැති වුවත් විවිධාකාර වූ මේ බර පොදි අපට ඔසවාගෙන යාමට සිදුවනවා. බුදු දහම මෙය විස්තර කර දෙන්නේ “කර්මය” යන පදය භාවිතා කරමින්. ඒසේ වුවත් ඒ ඔසවාගෙන යන බර පොදි වලින් අපට නිදහස ලබන්නට හැකියාව ලැබෙන්නේ. මේ බර පොදිය තුලින් ඇතිකර දෙන දුක ආතතිය, දකින්නට පුළුවන් අයෙකුට පමණයි. මේ බරපොදිය දුකක් ආතතියක් ඇතිකර දෙන දෙයක් බව නොදකිනා තුරු නොදැනෙනා තුරු ඔහු එය බිමින් තැබීමට උත්සුක වන්නේ නැහැ. මේ දුක දකිනා අයෙකුට සමිමා දිටිඨියක් ඇතිවනවා මේ බර පොදිය මා පසකින් තැබුවොත් ඉතා යහපත්! ඉතාමත් යහපත් කියා.

එබදු අයෙකු තුල මේ බර පොදි වලින් මිදිමට අවශ්‍යතාවය නමි වූ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවන් උපදිනවා. මේ බර පොදි උසුලාගෙන තදින් අල්ලාගෙන දුක් විඳින සත්ත්වයින් දකින ඔහුට අනේ මා මෙන්ම මේ සත්ත්වයින් ඒකාන්ත වශයෙන්ම දුකට පත් වුවා!! දුකින් දුකටම පත්වුවා!! කියා තමා කෙරෙහිත් ඒ සත්ත්වයින් කෙරෙහිත් අවිහිංසා සංකල්පනාවන් උපදිනවා. කිසිම සත්ත්වයෙක් කෙරේ වෛරයක් ද්වේශයක් ඔහු තුල උපදිනනේ නැහැ. මේ ආකරයට ඔහු තුල අව්‍යාපාද සංකල්පනාවන් උපදිනවා මෙය ඔහු තුල සමිමා සංකල්පනාවන්ගේ ඇරඹුම වනවා.

මේ ආකාරයට සකල ලෝක සත්ත්වයාම පත්ව සිටින මේ දුක්ඛිත ඉරණම දෙස බුද්ධියෙන් විමස විමසා දකින ඔහු කිසි දිනකත් බොරුවෙන් දුකෙන් පිඩාවට පත්ව සිටින සත්ත්වයෙක් රුවටිම කරන්නේ නැහැ. දුක් පොදි ඔසවාගෙන, දුකෙන් පිඩාවට පත්ව සිටින සත්ත්වයෙකුට පරුෂ වචන පිසුන වචන භාවිතා කරමින් බැණවැදීම සිදු කරන්නේ නැහැ. මෙතරමි කෙටි කලක් ජීවත් වන, ඉනුත් වැඩි කලක් නිදා ගැනීමට වැය කරන, ඉතිරි කාලයෙත් දුකසේ බර පොදි ඔසවාගෙන ඒවා තදින් අල්ලා ගෙන දුක් විදිමින් සිටින සත්ත්වයිගේ කාලය කාදමන්නවු, ඔවුන් මුලාවට පත් කරන්නාවු, ඔවුන්ගේ ප්‍රඥා ඇස වසා දමන්නාවු, ලාමක වූ සමිමප්ප්‍රලාප කීම සිදුකරන්නේ නැහැ. මේ අයුරෙන් ඔහු තුල සමිමා වාචාව පිහිටියා වෙනවා.

මෙ වැනි තමා උපමා කර අනුන් ගැන සිතන්නාවු අතූපනායික ධර්ම ක්‍රමයට බැසගත් පුද්ගලයා කිසි කලකත් දුකට පත්වු සත්ත්වයෙක් අතිශය දුකට පත්කිරිමක් බදුවු ඒ සත්ත්වයාගේ ප්‍රාණය නිරුද්ධ කිරිමක් කිසි කලකත් කරන්නේ නැහැ. තවත් සත්ත්වයෙක් ඉතා ප්‍රිය කරන්නාවු ස්ත්‍රි පුරුෂ වු කාම වස්තූන් සොර සිතින් පහැර ගැනිම හෙවත් කාමමිත්‍යාචරය සිදුකරන්නේ නැහැ. කසි කලෙකත් දුකින් අන් සත්ත්වයින් ඔසවාගෙන සිටින බරපොදියක් පැහැර ගැනිම නමි සොරකම සිදුකරන්නේ නැහැ. එබදු ක්‍රියාවලින් ජීවිකාව පැවැත්වීම කරන්නේ නැහැ. මේ ආකාරයට ඔහු තුල සමිමාකම්මන්තය හා සමිමා ආජිවය පිහිටියා වනවා.

මෙසෙ දැහැමින් අන් සත්ත්වයාගෙ දුක දකිමින් ජිවත් වන පුද්ගලයා තුල මේ දුකෙන් මිදිමේ අවශ්‍යතාවය ඒකාන්ත වශයෙන්ම ඇතිවනවා. ඔහු ඒ දුකින් මිදිමට යමි නුවනැති පුරුෂයෙක් කල යුතු විර්‍යක් වේ නමි, ඒ විර්‍යය යොදවා මේ ඔසවාගෙන සිටින බරපොදි පසකින් තැබිමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමට උත්සුක වෙනවා. එ සඳහා නොපසුබට උත්සාහයක් යොදනවා. මෙසේ ක්‍රියාකරනා පුද්ගලයා තුල සමිමා වායාමය පිහිටියා වනවා.

මේ උත්සාහයෙන් යුතු පුද්ගලයා තුල මේ වෙන්නේ මොකද්ද යන්න පිළිබඳවත් මේ සත්ත්වයින් පත්ව සිටින දුක පිළිබඳවත් අවභෝධයක් පවතිනවා. ඔහු ප්‍රඥාවන්ත අයෙක්. දුක දන්නා අයෙක්. මේ දුකින් මා ඒකාන්ත වශයෙන්ම මිදිය යුතුයි කියනා සමිමා වායාමය ඔහු තුල පවතිනවා. මේ දුක් ගෙන දෙන මහා බර දුක් බපොදි ගැන විරාගයක්, කලකිරීමක් පවතිනවා. ඒ සියල්ල අතහැර දැමීමට අතිශය උවමනාවක් චන්දයක් පවතිනවා. ඒ සඳහා ඔහු සිහිය මෙහෙයවනවා. මේ ඔහු තුල සමිමා සතියේ පිහිටීමයි. තව තවත් මේ දුකේ ගැඹුරට අධ්‍යානයේ යෙදෙනවා. මේ බර පොදි සියල්ලම මහා දුක් පොදි බව ඔහු වටහා ගන්නවා. මේ දුක් පොදි බිමින් තබා ගැනිමට තමාට නොහැකිව ඒමේ අත දුව යන්නේ නැවත දුකටම පත්වන්නේ මේ දුක් පොදි තදින් අල්ලාගෙන ඔසවාගෙන සිටිම නිසා බවත් මේ දුක ඇතිකර දෙන හේතුව වන පංචඋපාදානස්කන්ධය ඔහු දකිනවා. ඒ දුක් පොදි බිමින් තැබිමට නොදෙන හේතුව ප්‍රහීන කිරිමට පිළියමි උපක්‍රම යෙදිමි වශයෙන් ඔහු ආර්‍ය අශ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඔහු සතිය දියුණු කරමින් ඔහුගේ අතීතයේ දුක් පොදියත් බිමිත් තබනවා. අනාගතයේ ඔසවන්නට සිතා සිටින දුක් පොදියත් අතහැර බිමින් තබනවා. වර්ථමාන මේ මොහොතේ මේ දුක් පොදියත් අතහැර දමනවා. අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රය අතහැරීම තුලින් ලබනා ශුණ්‍යතාව නමි වූ සැනසීම ඔහු අත්දකිනවා. ඒ සැනසීමත් ඔහු අල්ලා ගන්නේ නැහැ. සියළුම අල්ලා ගැනිමි ඔසවා ගැනීමි දුකක් බව ඔහු දැන් දන්නවා. ඒ සැනසීම අල්ලා ගැනිම තුලින් ඇතිවන්නේත් දුකක්ම බව දැක ඒ සැනසීම ගැනත් සොයා බලනවා. ඒ තුලත් ඇත්තේ ඒකාන්ත වශයෙන්ම දුකම ඇතිකර දෙන වේදනා, සංඥා, සංස්කාර, විඥාන ආදී දුක් පොදි 04 ක් බව ඔහු ප්‍රඥාවෙන් දකිනවා. දැක ඒ දුක් පොදි 04 ත් ඔහු අතහැර දමනවා. නැවත්  අතහැරීම තුලින් සැනසෙන ඔහු ඒ සැනසීමත් අල්ලා ගන්නේ නැහැ. එයත් අතහැර දමනවා. අතහැරීම යන්නත් අල්ලා නොගන්නා ඔහු අතහැරීමත් අතහැර දමනවා. ඒ තුලින් ඔහු ඒකාන්ත සැපත වු සියල්ල අතහැර දැමීම තුලින් ලබනා පරම සැපත වූ නිර්වාණ පදය සාක්ෂාත් කරනවා ඇති.

මේ ආකාරයට ඔහු තුල සමිමා සමාධිය පිහිටියා වනවා. ආර්‍යශ්ඨාංගික මාර්ගය සමිපුර්ණ කලා වනවා. මේ මඟ හැර අන් මඟකැ නැති බව ඔහු ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගත් පුද්ගලයෙක් වනවාමේ අකාරයට උත්තරීතර සැනසීමක් යමෙක්ට උදාකර ගන්නට අවශ්‍ය වන්නේ නමි. ඉන්දන බලයෙන් ඒ මේ අත දුව යන යන්ත්‍රයන් මෙන් මේ සංසාරයා පුරා දුව යන මේ ගමන මදකට නවතන්න. ඔබ දෙසටම අවධානය යොමු කරන්න. ඔබ නියත වශයෙනම සැපයට පත්වුවේක්ද යන්න සිතා බලන්න. ඒ සේ නැතිනමි ඔබ දුකට පත්ව සිටින ඒ  ඔබ තදින් අල්ලගෙන සිටින ඔසවාගෙන සිටින බර පොදි දෙස බලන්න. දැන් එය බිමින් තබන්නට කාලයයි. සතිය දියුණු කිරිමට කාලයයි.  සියළු බර පොදි බහා තැබීමෙන් වන උතුමි වු සැනසීම හැකි ඉක්මනින් පහසුම ප්‍රතිපදාවෙන් ඔබටත් අත් වේවා!!

‘‘අපාරුතා තෙසං අමතස්‌ස ද්‌වාරා; යෙ සොතවන්‌තො පමුඤ්‌චන්‌තු සද්‌ධං”

යමිකෙනෙක් කන් ඇත්තෝ නමි ශ්‍රද්ධාව මුදත්වා. ඒ අමෘතයයි කියන ලද නිවන් දොරටුව නමි වු ආර්‍යමාර්ගය විවෘත කරන ලද්දෝය.

මෙම ලිපියත් කියවා බලන්න- ඊ ලිපියකින් හෙලිවන ජීවිතයේ රහස

    නිර්වාණය සාක්ෂාත් කිරීමට අවැසි අයෙක් වේ නමි, තාමත් එයට කාලයයි. ඒ සඳහා සාර්ථකව මඟ පෙන්විය හැකි ස්ථාන ලංකාව තුලත් ඇත. කල යුත්තේ එබදු ස්ථානයක් හා සමිබන්ධ වී ගුරුවරයෙකු ඇසුරේ කමටහන් ලබා භවනාවේ නියතු වීමයි. ඒ සඳහා සුදුසුම ස්ථාන ඇත.

නීතිඥ තනූජ කේ. ජයසුන්දර 
(සියළුම හමිකමි ඇවිරිණි) උපුටා ගැනිම, මුද්‍රණය හා පිටපත්කිරිම සපුරා තහනමි බව සලකන්න.
Read More...
6 අදහස් හා විමසීමි

අක්කාට ලිපියක්!


 අක්කා වෙත ලියමි.
ප්‍රිය අක්කේ, අක්කා ධර්මය පරිශිලනය කරන්නාවූ බොහෝ කලක් ධර්මය අනුව පිළිපදින්නා වූ, ධර්මය ගලපාගැනීමට තරමි ශක්තිය ඇත්තාවූ අයෙක්. ඒ නිසාම දරුණු මානසික පීඩාකාරී තත්වයක් යටතේ පසුවන්නාවූ අක්කාට ඒ තත්වයෙන් තරමක් හෝ මිදීමට මේ කරුණු උපකාරී වේවා යැයි පතමි!!

අසරණ වූ, භවයෙන් භවයට යන්නාවූ, අනන්ත අප්‍රමාණ දුක්ඛයන්ගෙන්ම ගහණ වූ තිරස්චීන ගතිය, ප්‍රේත ගතිය, අපාය ගතිය ආදියෙන් නොමිදුනාවූත්, රාගය, ද්වේශය, මෝහය ආදී අසීමිත අශාවන්ගෙන් පීඩාවට පත්වූ, දේව ගති, භ්‍රහ්ම ගති ආදියෙන් යුක්ත වූ බියකරු සංසාරයම කාල නිර්ණයක් නොමැතිව පරිහරණය කරන්නාවූ පෘතග්ජනයාට මේ පංචස්කන්ධ ලෝකය අන්ධකාරයෙන් පිරීයන සෑම අවස්ථාවකම බුද්ධ රත්නය, ධමිම රත්නය, සංඝ රත්නය යන තුන් රුවනින් ලබන්නාවූ ආලෝකය හැර අන් කිනමි ආලොකයක් ද?

බුදු රජාණන්වහන්සේ එදා බරණැස ඉසිපතන මිගදායේ අප්‍රතිවර්ත ලෙස කෙලෙස් සතුරන් කපා හරින ධර්මචක්‍රය භ්‍රමණය කලේ කිසිම දෙවියෙකුට හෝ ශ්‍රමණයෙකුට හෝ  මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට නොවෙනස් කල හැකි වන අයුරෙන්. අක්කා,  ඒ උත්තම වූ මහා වීර වූ බුද්ධ රත්නය සරණ ගිය මහා පුන්‍යවන්තියක්.

උන්වහන්සේ ඒ ධර්ම චක්‍රරය පවත්වා වසර 2601 ක් ගත වන මේ කාලයේත් ඒ නවලෝකෝත්තර ධර්මය අධිගමනය කරනා බොහෝ පිරිස සිටිනා බව අක්කා දන්නා කරුනක්. ඒ උතුමි වු ධර්ම රත්නය සරණ ගොස් ඒ ආර්‍ය උතුමන් ගමන් ගත් අරිඅට මගේ ගමන් ගන්නා අක්කා මහා පුණ්‍යවන්තියක්.

මිසදුටු ගෙන, අවිද්‍යාවෙන් මොහාන්ධකාරයෙන් වෙලී සිටිනා, දුගතියෙන් දුගතියට යාමට මං විවර කර ගන්නා ධර්ම මාත්‍රයක් නොදරන්නාවූ අසරණ සත්ත්වයින් දෙස දකිනා අක්කාට කෙතරමි නමි සතුටක් ඇතිකර ගන්නට පුළුවන්ද? ඒ ධර්මය අනුව පිළිපන්, අධිගම ලාභි ආර්‍ය උතුමන් බොහෝ කලෙක සිට ඇසුරු කරන්නාවූ ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබන්නාවූ, අශ්ඨාර්‍ය පුද්ගල සංඝ රත්නයම ඇසුරු කරන්නාවූ ඔවුන් සරණ ගියා වූ අක්කා කෙතරමි නමි පුණ්‍යවන්තියෙක්ද?

බුදු පියාණන් වහන්සේම අරැණෝදය ඉරු උදාවට පෙර දැරි වෙයි. පෙර නිමිත්ත වෙයි. එමෙන් මහණෙනි, කලණ මිතුරන් ඇති බව අරි අට මග ඉපිදවිමට පෙර දැරි වෙයි. පෙර නිමිත්ත වෙයි. තමා අරි අටමග වඩයි, බහුල කරයි යන්න, කලණ මිතුරන් ඇති තැනැත්තා බලාපොරොත්තු විය යුතුය.” (සංයුක්ත නිකාය, මග්ග සංයුක්තය, සුරිය පෙය්‍යාල කල්‍යාණමිත්ත සුත්‍රය) යන්න පවසා ඇති කොට, මේ කල්‍යාන මිත්‍ර සමිපත්තියෙන් මහා පොහොසතෙක් වන අක්කාට කෙතරමි නමි ප්‍රීතියක් අක්කා ගැනම ඇතිවිය යුතුද?

ප්‍රිය අක්කේ, “මහණෙනි, අෂ්ට ලෝක ධර්මය  ලෝකය ලුහුබඳි. ලෝකය අනුව පෙරළෙයි. ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබදියි. අෂ්ට ලෝක ධර්මය අනුව පෙරළෙයි.” මේ මහා කාරුණියානන් වහන්සේගේ ම ශ්‍රී මුඛයෙන් දේශිත මහා අරුත් ඇති දේශිතයන්. අක්කාගේ ප්‍රඥාව යමි පමණ ද ඒ පමණට මෙහි පමුනුවා ගත යුතු අර්ථයද ගැඹුරුයි ගාමිභීරයි. මේ සංසාරයේ, මේ ජීවිතයේ, දුකක් නැත්නමි, පරිදේවයක් නැත්නමි, දොමනස්සයක් නැත්නමි, උපායාසයක් නැත්නමි, ප්‍රිය විප්ප යෝග දුකක් නැත්නමි, අප්‍රිය සමිපයෝග දුකක් නැතිනමි, ජරාවක් නැතිනමි, මරණයක් නැතිනමි, ව්‍යාධියක් නැතිනමි, නිවනක් මොකටද? ‍‍

වෙනත් විදියකින් මෙ අශ්‍ට ලෝක ධර්මය පෙරළෙමින් මේ මහා දුක් කදු ඇති කරන්නේ නැත්නමි නිවනකින් ද පලක් නොවනු ඇති. නමුත් මේ දුක්ඛ සත්‍යය සදාතනික සත්‍යයක්, දුක්ඛ සමුදය සත්‍යය සදාතනික සත්‍යයක් පරිනිර්වාන මංචකය දක්වා රහතුන් වහන්සේ පවා මේ අශ්ඨලෝක ධර්මයෙන් මිදෙන්නේ නැති බව අක්කා දන්නා කරුනක්.

මහා වීර වූ සමතිස් පාරමිතාවන් මැනවින් පුර්ණය කලා වූ ප්‍රඥාධික බුදු වූ මාගේ ගෞතම බුදු පියාණන්වහන්සේටත් අටලෝ දහම එකසේ පල දුන් කල, අසුමහා ස්‍රාවකයානන් වහන්සේටත් මුගලන්, අංගුලිමාල, ලෝසක ආදී රහතුන්වහන්සේලාටත් අටලෝ දහම ප්‍රකට ලෙසම පලදුන්කල අන් සත්ත්වයින් ගැන කවර නමි කථාද?

මේ අටලෝ දහම තරමි නිවන් මග ගමන් ගැනිමට අපට උපකාරි වන්නාවු මිත්‍රයෙක් තවත් නැති තරමි. ජිවිතයම සැපවත් මිනිසෙක් කිසි දිනක දුකින් මිදිමක් නොසොයාවි. නමුත් දුක් පිඩා, බාධක කරදර, ආදිය වැඩි වන්නට වැඩි වන්නට නිවන මග දෙසටමයි, ඒ දුකෙන් මිදිම දෙසටමයි අපි තල්ලු වී යන්නේ. අටලෝ දහම තරමි මිතුරෙක් තවත් කොයින්ද?

නෙළුමි පිපෙන්නේ මඩගොහුරු තුලයි. මඩ නැතිව පිපෙන නෙළුමි නැහැ. නමුත් ඒ මඩ ගසා නැගි සිටි නෙළුමක් කෙතරමි නමි සුන්දරද? මඩ වැඩි වෙන්න වෙන්න එය සුපෝෂිත නෙළුමක් වෙනවා. එය කෙතරමි හොඳද?

අක්කේ, මේ සංසාර සාගරය තරණය කරන්න, මේ මහා ජල ධාරාවන් වන කාම ඕඝ, දිටිඨි ඕඝ, අවිද්‍යා ඕඝ, භව ඕඝ තරණය කරන්න සුදුසුම පිළිවෙත අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කර තිබෙනවා.

‘‘කථං නු ත්වං, මාරිස, ඔඝමතරීති? ‘අප්පතිට්ඨං ඛ්වාහං, ආවුසො, අනායූහං ඔඝමතරින්ති.යථා කථං පන ත්වං, මාරිස, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරීති? ‘යදාඛ්වාහං, ආවුසො, සන්තිට්ඨාමි තදාස්සු සංසීදාමි ; යදාඛ්වාහං, ආවුසො, ආයූහාමි තදාස්සු එවං ඛ්වාහං, ආවුසො, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරි’’න්ති.
නිදුකානන් වහන්ස ඔබ වහන්සේ ඕඝ තරණය කලේ කෙසේ ද?

ඇවැත්නි, මම පිහිටා සිටින්නේත් නැතිව, වෑයමි කරන්නේත් නැතිව ඕඝ තරණය කලෙමි. 
නිදුකාණෙනි පිහිටා සිටින්නේත් නැතිව වෑයමි කරන්නේත් නැතිව ඕඝ තරණය කරන්නේ කෙසේද?

ඇවැත්නි පිහිටා සිටියොත් ගිලෙයි. වෑයමි කලොත් පාවෙයි. මම මෙසේ පිහිටා සිටින්නේත් නැතිව වෑයමි කරන්නේත් නැතිව ඕඝ තරණය කලෙමි.

ප්‍රිය අක්කේ, අක්කට මේ බුදු වදන තේරුමි ගන්නට පුළුවන්ද? ගැඹුරු කරුණක්. විස්තර කල ස්ථානත් විස්තර කල උතුමොත් ඉතා අල්පයි.

අක්කේ ජීවිතේ හැමදාම ඒක අයුරෙන් පවතින්නේ නෑ. ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද විටින් විට අප ජීවිත තුල ක්‍රියාත්මක වනවා. මේ කරුණු අටට අක්කාගේ මුලු ජීවිත කාලයකම සිදුවු සිදුවීමි බෙදන්නට පුළුවන් කියා අක්කා දන්නවා.

ධර්ම විනය නොදත් නූගත් පුහුදුන් මිනිසුන් වෙත මේ අටලෝ දහම පැමිණි විට ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටිනවා. අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටිනවා. ඔහු උපන් ලාභය රුක ගනීමට උත්සාහා කරනවා. උපන් අලාභයෙහි විරුද්ධ වෙනවා. උපන් අයසෙහි විරුද්ධ වෙනවා. උපන් යසස රුක ගනීමට උත්සාහා කරනවා. උපන් නින්දාවෙහි විරුධ වෙනවා. උපන් ප්‍රශංසාව රුකගැනීමට උත්හාස වෙනවා. උපන් සැප රුක ගැනීමට උත්හාස වනවා. උපන් දුකෙහි විරුද්ධ වනවා. මේ ආකාරය ඔහු ඉෂ්ටවූ ලෝක ධර්මය රුක ගැනීමෙහිත්, අනිෂ්ටවූ ලෝක ධර්මය කෙරෙහි විරුධත්වය පහළ කිරීමෙහිත් උත්සාහයේ යෙදෙමින් කාලය ගත කරනවා. මේසේ වෑයමි කරන ඔහු මහා අවිද්‍යා සැඩ පහර මත පාවී යනවා. කාම සැඩපහර මත පාවී යනවා. දෘශ්ටි සැඩ පහර මත පාවී යනවා, භව සැඩ පහර මත පාවි යනවා. කිසි දිනක සැඩ පහර තරණය කරන්නට වෙන්නේ නෑ. පාවි පාවී  ජාති දුකින්ද, ජරා දුකින්ද, මරණ දුකින්ද, සොක දුකින්ද, පරිදේව දුකින්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, උපායාස දුකින්ද නොමිදී ඕගයන් තුලම ඇලී ගැලී යනවා.

අක්කේ තවත් සමහර පිරිසක් සිටිනවා ඕවුන් දෙසට අටලෝ දහම පැමිණි විට, ඔවුන් ඒ මත පිහිටා සිටිනවා. ඒ ලාභාලාභාධිය උපාදාන කර ගන්නවා කෙනෙක් වෙත සැපක් පැමිණි විට එ සැප උපාදාන කර ගන්නවා. එයට වඩා දුකක් පැමිණි විට, මෙයටත් වඩා දුකක් වනවාටත් වඩා මේ දුක හොඳයි කියා ඒ දුක උපාදාන කර ගන්නවා. මේ ආකාරයට බොටිටුවේ පෙරළුන පැත්ත හොඳයි කියා එය උපාදාන කර ගන්නවා. මේක අඥාන උපේක්ෂාවක්. නුවනින් ඇති කර ගත්ත උපේක්ෂාවක් නොවෙයි. මෙසේ කාමයන් උපාදාන කර ගන්නවා, දිටිඨි ආදියත් උපාදාන කර ගන්නවා. අවිද්‍යාවත් උපාදාන කර ගන්නවා, භවයත් උපාදාන කර ගන්නවා. මෙසේ උපාදාන කර ගන්නා තැනැත්තා එහිම සිට කාමාදී මහා දිය පහරවල් තුල ගීලි යනවා. මොවුන් තුල ප්‍රඥා සමිප්‍රයුක්ත උත්සාහයක් නෑ. විර්‍යක් නැහැ. සෑම දේම උපාදාන කරන අරමුණු සුභ වශයෙන් සලකන පිරිසට කාමා දී මහා ඕඝයන් තුල ගිලී යාමටයි සිදු වන්නේ.

අක්කේ ඕඝ තරණය කරන විදියකුත් තිබෙනවා. පාවෙන්නෙත් නැතිව ගිලී යන්නේත් නැතිව මේ ඕඝයන් තරණය කරන්නේ මෙහෙමයි.

ධර්ම විනය උගත් ශ්‍රාවකයාට ලාභය උපදිනවා. ඔහු මෙසේ කල්පනා කරනවා. කෙසේද? මේ ලාභය මට උපන්නා. එසේද වුවත් එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන නැතිවන ස්වභාවයෙන් යුක්තයි. එහි නියම ස්වභාවය වන්නේ මෙයයි කියා ඒ තත්ත්‍වය දැනගන්නවා. අලාභය උපදීද, යසස උපදීද, අයස උපදීද, ප්‍රශංසා උපදීද, නින්‍දා උපදීද, සැප උපදීද, දුක උපදීද, ඔහු මෙසේ කල්පනා කරනවා. කෙසේද? මෙ දුක මට උපන්නා. එසේ  වුවත් එය ද අනිත්‍යය, දුකයි, වෙනස්වන නැතිවන ස්වභාවයෙන් යුක්තයි කියා එහි නියම තත්ත්‍වය මෙය යැයි දැන ගන්නවා. එවන් විටක ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටින්නේ නෑ. අලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නෑ. අයසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. යසසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. නින්‍දාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. ප්‍රශංසාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. සැපද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී.

එවන් පුද්ගලයා උපන් ලාභය නොරකී. අලාභයේ විරුද්ධ නොවෙයි. උපන් යසස නොරකී. අයසෙහි විරුද්ධ නොවෙයි. උපන් ප්‍රශංසාව නොරකී. නින්‍දාවෙහි විරුද්ධ නොවෙයි. උපන් සැපත නොරකී. දුකෙහි විරුද්ධ නොවෙයි. එවන් තැනැත්තා මෙසේ රැකීම්, විරුද්ධවීමි දෙක දෙක ප්‍රහීණ කර, ජාති, ජරා, මරණ, සෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන දුකින් මිදෙයි.

කාමා දී මේ මහා සැඩ පහර තරණය කරන්නේ එබදු තැනැත්තා විසින්මයි. ඒ සඳහා හිත ශක්තිමත් කල යුතු ආකාරයත් මේ තුලම අන්තර්ගත වනවා. උදාහරණයක් විදියට අපි අක්කාට දරැණු හිසේ වේදනාවක් තිබෙනවා කියා හිතමු. මේ බුද්ධ වචනය එයට අදාල කරන්නේ කොහොමද?

අක්කාට දැනෙන් හිසේ වේදනාව කියන “දුක” නමි අටලෝ දහමි අංගය හා විරුද්ධ වෙමින් අක්කා සැපය රැක ගැනීමට උත්සාහ වන්ත වෙනවා කියා හිතමු. අක්කා මෙ දුක නැති කරන්නට මුලින්ම වෛද්‍ය වරුන් කරා යයි. එතනින් නොනැවති තව තවත් වෛද්‍ය වරුන් කරා යයි.  එතනින් සුව නොවුන හොත් වෙනත් වෛද්‍ය ක්‍රමයන් කරා යයි. ඒ වෛද්‍ය ක්‍රමයන් එකකින් හෝ ප්‍රතිකර්ම නැත්නමි අක්කා වෙදදුරන්, කටිටඩියන් කරා යයි. තව තවත් දැ කරයි. ඔය මොන දේ කරලත් එය හොද වුනේ නෑ කියා හිතමු. අක්කා මේ වෛද්‍යවරුන් කරා යන්නේ අවභෝධයෙන් නොවෙයි නමි, මේ රෝගය කියන දේ අනිත්‍යයි, දුකයි, නැතිවන ස්වභාවයෙන් යුක්තයි මේ දේ මා කරන්නේ මේ ප්‍රතිපත්තිය පුර්ණය කිර්මටයි, මේ භවයේ දීම හැකි ඉක්මනින් නිවන සාක්ෂාත් කිරීමටයි කියා නොසිතා. උපන් දුකෙහි විරුද්ධ වෙමින්. ඉෂ්ටවූ ලෝක ධර්මය රුක ගැනීමෙහිත්, අනිෂ්ටවූ ලෝක ධර්මය කෙරෙහි විරුධත්වය පහළ කිරීමෙහිත් උත්සාහයේ යෙදෙමින් කාලය ගත කිරීමක් වශයෙන් නමි, අක්කා මේ මහා ඕගයන්ගේ පාවි යනවා. මෙතනදීත් ඕගයන් ගැන තව කිව යුතු දේ බොහොයි. අක්කා එම කරුණු තෙරුමි ගන්න උත්සුක වන්න.

මේ ලෙඩේට අවසන කිසිම ප්‍රතිකර්මයක් නැත්නමි අක්කා අන්තිමට හිතන්නේ මේක තිබිබත් කමක්නෑ මිට වඩා විපත් වෙනවාට වඩා මේ රෝගය හොඳයි කියන දේ. එතකොට අක්කා එතන උපාදාන කරගෙන. මේ මහා ඕගයන් තුල ගිලි ගොස් අවසානයි. අඥාන උපේක්ෂාවක් ඇති කරගෙන.

මේ රෝගයෙන් මිදිමේ දී එසේ නමි අක්කා අනුගමනය කල යුතු වැඩ පිලිවල කුමක්ද? රෝගයක් නමි අපි එයට ප්‍රතිකාර ගැනීම කල යුතුමයි. නමුත් ඒ රෝගයේ ස්වභාවය දැන යාථා ස්වරූපය අවභෝධ කර ගෙන, එයත් ත්‍රිලක්ෂනයට නගා  කලයුතු ප්‍රතිකර්ම කල යුතු වනවා. රෝගයක් වැලදුනා කියා ඒ සිතුවිල්ලට අක්කාගේ හිත හාත්පසින් මැඩගෙන සිටිමට අපි ඉඩ ලබා දෙන්නේ නෑ. නමුත් එයින් මිදිමට යෙදිය යුතු විර්‍යය අපි යොදනවා. කල යුතු දේ කරනවා. ලෙඩේට ලෙඩේ පාඩුවේ තියෙන්නට හැරලා එයට ප්‍රතිකර්ම යොදමින් කල යුතු දේ අපි කරනවා. එවිටයි අපිට සහනයක් ලබාගත හැකි වන්නේ. නැතිනමි කායික පිඩාවට අමතරව මානසික පීඩාවක්ද අපි එක් කර ගත්තා වනවා. මේ පිඩාවෙන් වෙලි ගිය හාත් පසින් මැඩි ගිය අයෙකුට ධර්මය අවභෝධ කිරිම කල නොහැකි කාර්‍යක්. එක්කෝ මහා ඕඝයන් තුල  ගහගෙන යනවා එක්කො ඔහු ගිලි යනවා.

අනිත් අතින් මේ මුළු ශරිරයම රෝගයක් “දිඝවිඡා පරමා රෝගා” කුසගින්න පරම රෝගයක්, මළමුත්‍ර පිටකිරිමත් පරම රෝගයක්, මේ ශරිරය නැහැවිම ඇදුමි ඇන්දවිම කැවිම පෙවිම ආදියත් පරම රෝග. ඉතිං අපි මේ රෝග කිසිවක් උපාදාන කරන්නේ නැතිව, ඒවා හා විරුද්ධ වන්නේද නැතිව, ඒවාට කල යුතු පිළියමි යොදමින් කල යුතු දේ කල යුතුයි. පිළියමි යොදමින් නිකං හිටියත් වැඩක් නැ. මොකද ව්‍යාධිය, ජරාව, මරණය ආදි ගිනි දැල් වලින් මේ පංචස්කන්ධය නිරන්තරයෙන්ම ගිනි ගනිමින් කොයි මොහොතේ නැත්තටම නැතිවෙයිද කියන්නට බැරි නිසා. භද්දේකරත්ත සුත්‍රයේ බුදු රජාණන්වහන්සේ දේශනා කර සිටිනවා, “මහණෙනි කාටද කියන්න පුළුවන් ඔබලා හෙට දිනයේ ජීවත් වෙයි කියලා” ඒ නිසා කල යුතු දේ කල යුතුයි. ඒ සඳහා විර්‍යය කල යුතුයි. ඒනමි නිවන සාක්ෂාත් කිරිම සඳහා උත්සුක විය යුතුයි.


ඔබට හැකි ඉක්මනින් පහසුම ප්‍රතිපදාවෙන් නිර්වාණයම සාක්ෂාත් වේවා!!

මේය කියවන යමෙක් වේ නමි ඒ තුලින් එක් රුස් වන සකල කුසල ශක්තියෙන් මේ ලිපියෙන් අරමුණු වන්නාවු අයගේ සියළු දුක් පිඩා දුරු වේවා. ඕ හට හැකි ඉක්මනින් නිවනම වේවා!!

තෙරුවන් සරණයි!!

Read More...
4 අදහස් හා විමසීමි

වෛශාක පෞර්ණමී චින්තාව


ප්‍රිය මිතුරනේ, අද වෙසක් මස පසලොස්වක පොහොය දිනය, අප දේවාති දේව වූ, මහා සෘෂි වූ අරහත් වූ, සියල්ල තත් ආකාරයෙන් දැන වදාලා වූ, මහා වීර වූ, අනන්ත ලාභි වූ, සමිමා සමිබුදු පියාණන්වහන්සේ ගේ තෙමගුල් දිනයයි. අද දිනයේ දැල් වෙන පහනක් පහනක් පාසා දැල්වෙනුයේ උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේ පුරණය කල මහා පාරමිතා කුසලස්කන්ධයට වන්දනා වශයෙන්, අද දින දැල් වන සෑම වෙසක් කූඩුවක්ම ද, අබෞද්ධයන් පවා සාදා එල්වනු ලබන්නා වූ සෑම වෙසක් සැරසිල්ලක්ම උන්වහන්සේගේ ඒ මහා භගවත් ගුණයටම කරන්නා වූ පූජාවක්, අද දින මිනිස් ලොව පමණක් නොව දෙවි ලොවි, බ්‍රහ්ම ලොවි, ආදි තුන් ලෝකයටම මහා මංගල්‍ය දිනයක්, මේ මගුල් සක්වලටම මංගල්‍ය වු දිනයක්. දෙවි මිනිසුන් විසින් අද දිනයේ පමණක් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කරන්නා වු, මල්, සුවද දුමි, ගිලන්පස, ආහාර, දැහැත්, බෙහෙත්, ශබිධ පුජා, ආදී ආමිශ පුජාවන්ම කෙතෙක්ද? දාන, ශිල, භාවනා ආදි ප්‍රතිපත්තීමය පුජාවන් ද කොපමණක්ද? මෙසේ දිනක දී මෙතරමි පූජාවන් කවරෙකුට නමි ලැබිය හැකිද? 

අද දිනයේ ලොක බොදු ජනයාගෙන් හරි අඩක් එක් සුවද කූර බැගින් දැල්වුව ද උන්වහන්සේ වෙනුවෙන් අද දිනයේ පමණක් සුවද කූරු කොටි හතරක් පහක් පමණ දැල්වෙනු ඇති.  එසේ වුවත් අදවන් දිනක එක් අයෙකුම කෙතරමි ආමිශ ප්‍රතිපත්ති පුජාවන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සිදු නොකරයිද? මාගේ භාග්‍යවතුන් වහන්සේ හැර කිනමි උතුමෙක් නමි මෙබදු පුජා උපහාරයන් නමි ලබත්ද? බුද්ධත්වයෙන් වසර 2601 ක් වන අද දිනයෙත්, මේ ආකාරයට අනන්ත වූත් අප්‍රමාණ වූත් ලාභී වූ, ඒ මහා  නර උත්තමයානන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ මා, කෙතෙක් නමි භාග්‍යවන්තද? කෙතරමි පිනැතිද?
බුදු පියාණනි ඔබ වහන්සේ හැර අන් කිනමි පිහිටක්ද? ඔබ වහන්සේ දෙසූ ධර්මය හැර කිනමි මාර්ගයක්ද? ඔබ වහන්සේ සංඝ රත්නය හැර වැපීරිමට සුදුසු කිනමි පින් කෙතක්ද?

අද දිනයේ එක් රුස්වන සකල කුසල ශක්තියේ බලයෙන් සියළු ලෝ වාසීන්ගේ සකල දුක් සෝ සුසුමි නිවේවා!! සියළු සත්ත්වයෝ ඒකාන්ත සැපතටම පමිණේවා!! ඔබ සැමට අජරාමර වූ නිවන් සුවය හැකි ඉක්මනින් පහසුම ප්‍රතිපසාවෙන් ලැබීමට හේතු වාසනා වේවා!!


සුගතං සුගතං සෙට්ඨං, කුසලංකුසලං ජහං;
අමතං අමතං සන්තං, අසමං අසමං දදං.
සරණං සරණං ලොකං, අරණං අරණං කරං;
අභයං අභයං ඨානං, නායකං නායකං නමෙ.

සුන්දර කථා ඇත්තාවූ, සුන්දර නිර්වාණයට යන්නාවූ, ශ්‍රේෂ්ඨ වූ, කුසලයන් අකුසලයන් ප්‍රහාණය කලා වූ, මරණයක් නැත්තා වූ, අමෘතයක් වූ, ශාන්ත වු, අසදෘෂ වූ, අසදෘෂ මාර්ග-ඵල නිර්වාණයන් දෙන්නා වූ, ලෝකත්‍රයට පිළිසරණ වූ, ලොකය දන්නාවූ, රාගා දී කෙලෙසේ සහිත වූ විනෙති ජන සන්තානයේ රාගා දී කෙලෙසුන් නැති කරන්නා වූ, ජාති භයාදිය ඉක්මවා සිටින බැවින් නිර්භය වූ, ජති භයාදිය නැති හෙයින් අභය ස්ථානය වූ, නිවනට විනේය ජනයන් පමුණුවන්නා වූ, ලෝකයට නායක වූ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමි. 

නයනසුභගකායඞ්ගං,
මධුරවරසරොපෙතං;
අමිතගුණගණාධාරං,
දසබලමතුලං වන්දෙ.

සියළු සත්ත්වයන්ගේම නේත්‍රයට ශෝභන වූ කායාංග ඇත්තා වූ, මිහිරි වූ උත්තම ස්වරය ඇත්තා වූ, ප්‍රමාණ කල නොහැකි ගුණ සමූහයට ස්ථාන වූ, අතුල්‍ය වූ දශබලධාරීන්වහන්සේ වන්දනා කරමි.

යො බුද්ධො ධිතිමාඤ්ඤධාරකො,
සංසාරෙ අනුභොසි කායිකං;
දුක්ඛං චෙතසිකඤ් ලොකතො,
තං වන්දෙ නරදෙවමඞ්ගලං.

ස්ථිරව පිහිටි සමාධි ඇත්තා වූ, අරහත් ඵල නැමති ඡත්‍රය දරන්නා වූ, යමි බුදුකෙනෙකුන් වහන්සේ කෙනෙක් ලෝක සත්ත්වයින් නිසා සංසාරයේ කායික වූද මානසික වූද, බොහෝ දුක් අනුභව කල සෙක් ද, දෙවි මිනිසුන්ට මංගල වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමි.

බාත්තිංසතිලක්ඛණචිත්රදෙහං,
දෙහජ්ජුතිනිග්ගතපජ්ජලන්තං;
පඤ්ඤාධිතිසීලගුණොඝවින්දං,
වන්දෙ මුනිමන්තිමජාතියුත්තං.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විචිත්‍ර වූ ශ්‍රී දේහය ඇත්තා වූ,  ශ්‍රී දේහයෙන් නික්මෙන් ෂඩි වර්ණ රශ්මියෙන් දිලිසෙන්නා වූ,  ප්‍රඥා, සමාධි, ශිලාදී ගුණ සමූහය ලබා ඇත්තා වූ, අන්තිම ජාතියෙන් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමි.

පාතොදයං බාලදිවාකරංව,
මජ්ඣෙ යතීනං ලලිතං සිරීහි;
පුණ්ණින්දුසඞ්කාසමුඛං අනෙජං,
වන්දාමි සබ්බඤ්ඤුමහං මුනින්දං.

උදය කාලයේ උදාවන බාල සූර්‍යයා මෙන් භික්ෂු සමූහයා මැද ශ්‍රීයෙන් දිදුලන්නාවූ, පුර්ණ චන්ද්‍රයා බදු මුව ඇත්තාවූ, තෘශ්ණා විරහිත වූ, සියල්ල දන්නා වූ මුනින්ද්‍රයන් වහන්සේට මම වන්දනා කරමි.

උපෙතපුඤ්ඤො වරබොධිමූලෙ,
 සසෙනමාරං සුගතො ජිනිත්වා;
අබොජ්ඣි බොධිං අරුණොදයම්හි,
නමාමි තං මාරජිනං අභඞ්ගං.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් රුස්කල පාරමිතා කුසලස්කන්ධයෙන් යුක්ත වූ, සුගතයන් වහන්සේ උත්තම වූ බෝධි මූලයේ දී සේනා සහිත වශවර්ති මාරයා පරදවා, වේශාක්‍ය පොහෝ දිනයේ අරුණෝදයේ දී සම්‍යක් සමිබෝධිය අධිගමනය කල සේක. පස්මරුන් දිනූ මාරයන් විසින් පැරදවිය නොහැක්කා වූ, ඒ භාග්‍යවතුන් වහන්සේ වදිමි.

රාගාදිඡෙදාමලඤාණඛග්ගං,
සතීසමඤ්ඤාඵලකාභිගාහං;
සීලොඝලඞ්කාරවිභූසිතං තං,
නමාමිභිඤ්ඤාවරමිද්ධුපෙතං.

රාගා දී කෙලෙසුන් සිදින නිර්මල වූ අරහත් මාර්ග ඥාන සංඛ්‍යාත කඩුව ඇත්තා වූ, සමිමා සති නමි පළිහ ගෙන සිටින්නා වූ, ශිල රාශිය නැමති අලංකාරයෙන් හැර සී සිටින්නා වූ, අභිඥා නමි උත්තම සෘධි ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ මම වන්දනා කරමි.

දයාලයං සබ්බධි දුක්කරං කරං,
 භවණ්ණවාතික්කමමග්ගතං ගතං;
තිලොකනාථං සුසමාහිතං හිතං,
සමන්තචක්ඛුං පණමාමි තංමිතං.

මෛත්‍රී කරුණා ගුණයන්ට වාසසථාන වූ, සියළු භවයන් හි  සමිමා සමිබෝධිය පිණිස නොයෙක් දුෂ්කර ක්‍රියා කලාවූ, භවත්‍රය නැමති සාගරය ඉක්මවා ලෝකයේ අග්‍ර භාවයට පැමිණ වදාලා වූ, තුන් ලොවට පිහිට වූ ලාභාලාභා දී ධර්මයන් නිසා නොසැලෙන, සමාධිය ඇත්තා වූ ලෝකවාසීන්ට හිත වූ, සියල්ල දන්නා නුවනැස ඇත්තා වූ, ප්‍රමාණ කල නොහෙන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි.

තහිං තහිං පාරමිසඤ්චයං චයං,
ගතං ගතං සබ්භි සුඛප්පදං පදං;
නරානරානං සුඛසම්භවං භවං,
නමානමානං ජිනපුඞ්ගවං ගවං.
(නමක්කාරපාළි)

ඒ ඒ ආත්ම භාවයන්හි දානා දී පාරමී ධර්මයන් රැස් කලා වූ, සත් පුරුෂයන් විසින් සෙවුනා ලද්දා වූ, සුඛයට හේතු වූ නිවනට පැමිණ වදාලා වූ, මිනිසුන්ට සැප ඇතිකර දෙන්නා වූ, ගරු කල යුත්තන්ට ධර්මයට නොනැමෙන ගවයන් වැනි නුවන නැති ජනයා දිනූ පුරුෂොත්තමයානන් වහන්සේ වදිමි.

තෙරුවන් සරණයි!!
තනූජ කේ. ජයසුන්දර
2012/05/05
Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...