Printfriendly

5 අදහස් හා විමසීමි

ඔබ පවිකාරයෙක් කියා ඔබට සිතෙනවාද?


මානසික ආතතිය සහ බුදුදහම.
ප්‍රිය මිතුරනේ, නව වසරේ මුල්ම ලිපි කිහිපය ලියා දක්වන්නට බලාපොරොත්තු වන්නේ ඉහත මැය යටතේයි. සමාජය වේගයෙන් දියුණුවෙනවා. මිනිසුන් යාන්ත්‍රිකරණය වෙලා. උදේ වැඩට යනවා හවස ගෙදර එනවා. ඒ අතර තුර තවත් කරන්නට දහසකුත් වැඩ එක් රුස් වෙලා. ස්වාමිපුරුෂයාගේ බිරිඳගේ කටයුතු දරුවන්ගේ දෙමාපියන්ගේ කටයුතු, සමාජයට ඉටුවිය යුතු වෙනත් කටයුතු. ඇත්ත වශයෙන්ම මෙබදු වාතාවරණයක් යටතේ මිනිසුන්ට තමන් කරන්නේ මොකක්ද?  තමාට සිදුවුය් කුමක්ද යන්න පිළිබඳව වත් සිතා බැලීමට කාලයක් නැති තරමි. එබදු සමාජ ක්‍රමයක් තුල මානසික ආතතිය යන්න සිඝ්‍ර ලෙස ඉහල යෑම අන් කවරදාකටත් වඩා වර්ථමානයේ අත් දකින්න පුළුවන්. මෙබදු ආතතිකාරි සමාජ ක්‍රමයක් තුල ජීවත් වීමට අප කැමති වුවත් අකමැති වුතත් සමාජීය බලපෑම මත එසේ ජීවත් විමට  අපිට සිදුවී තිබෙනවා. මෙබදු තත්වයක් නිසා ඇතිවන වෙනත් බලපෑමි රාශියක් අපට හදුනා ගන්න පුළුවන්. අධික කොපය, පවුල් සංස්ථාවන් බිඳ වැටීම, දෙමාපියන් දු දරුවන් අතර සබඳතාවය දුරස් වීම ආදියත් මේ නිසා සමාජ ක්‍රමයේ විපරීත තත්වයන් ඇතිවීමත් වර්ථමානයේ දකින්නට පුළුවන්. පසු ගිය පරපුරේ ආතතික කාරී තත්වයේ ප්‍රථිපල වර්ථමාන සමාජයේ තරුණ පරපුර තුලින් දැක ගන්නට පුළුවන්.

වෙනස් වන සමාජය පසුපසට කරකවන්නට අපට හැකි කමක් නැහැ. මේ සියලු කටයුතුත් කරමින්ම නිරවුල් නිවැරදි මනසක් පවත්වා ගැනීමට ඔබට හැකියාවක් පවතිනවා නමි, සමාජ සංස්ථාව තුල කුමන බලපෑමක් ඔබට එල්ල වුවද ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට ඔබට හැකිවනවා ඇති. ඒ සඳහා අවශ්‍ය වන මානසික දියුණුවට පාදක කර ගත හැකි ලිපි කිහිපයක් පල කරීමටයි මේ 2012 වසර ආරමිභයේ දීම සුදානමි වනුයේ. ඇත්තටම මේ ලිපි කිහිපය සඳහා පාදක කර  ගන්නේ පසුගිය මසක කාලයක් තුල අප සමඟ කථා කල බොහෝ පිරිසකට තිබු ගැටළුකාරී තත්වයන්. ඔබටත් මෙම ගැටළුව මේ ආකාරයෙන්ම තිබෙනවා විය හැකියි.

මොකද්ද මේ මානසික ආතතිය කියන්නේ?
මානසික ආතතිය නැත්නමි stress ඇතිවීමට බලපාන හේතු නමි රාශියක් ඔය මනෝවිද්‍යාව වැනි විශයන් වල සඳහන් වනවා. නමුත් මේ සුදානමි වන්නේ ඒ සියල්ල ගැන සාකචිඡා කිරීමට නොවෙයි. මේ ලිපි පෙලේ පළමු ලිපි කිහිපය තුලින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ විශේෂිත මාතෘකා කිහිපයක් ගැන පමණයි. පසු ලිපි මගින් එබදු ආතතික තත්වයන්ගෙන් මිදීම සඳහා බුදු දහමින් ලබා ගත හැකි පිටිවහල පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි බලාබපාරොත්තු වන්නේ. ඒ අනුව අද දින පළමු වන ලිපියේ මාතෘකාව වන්නේ

ඔබ පවිකාරයෙක් කියා ඔබට සිතෙනවාද?
ප්‍රිය මිතුරනේ, සමාජයේ යමි යමි මිනිස්සුන්ට පව්කාරයා කියා කථා කරනවා අපි අහලා තියෙනවා. ඒ වගේම ඔබේ ජීවිතයේ ඔබටත් "මම පවිකාරයෙක්" කියලා හිතුන අවස්ථා ඇති. මේ වගේ වෙලාවක ඔබ කලේ කුමක්ද කියා අතීතාවර්ජනයක් කර බැලීම මෙම ලිපියෙන් කියන්නට හදනා දේ පහසුවෙන් තෙරුමි ගැණිමට ඔබට හේතු වනවා ඇති. එහෙමත් නැත්නමි මේ මොහොතෙත් ඔබ සිතනවා නමි ඔබ පවිකාරයෙක් කියලා, එහෙනමි ඒ සිතුවිල්ල ඒ ආකාරයෙන්ම තබාගෙන දැන් මේ ලිපිය කියවන මෙන් ඔබට ආරාධනා කර සිටිනවා. මොකද මේ ලිපිය අවසනායේ ඔබ පවිකාරයෙක් නොවනා බව හේතු සහිතව ඔබට ඔප්පුකර දැක්වීමටයි මේ සුදානමි වන්නේ.

ඔබ පවිකාරයෙක් කියා ඔබට හිතෙන්නේ ඇයි?
මේ සමිබන්ධයෙන් ඔබටම විවිධ පිලිතුරු තියේවි. එක්කෝ ඔබ අතීතයේ කල යමි ක්‍රියාවක් නිසා, ඔබට අතීතයේ මුහුණ දීමට සිදුවු යමි සිදුවීමක් නිසා, අනාගතයේ ඔබට කරන්නට සිදුවන දෙයක් නිසා එහෙමත් නැත්නමි අනාගතයේ ඔබට මුහුණ දීමට සිදුවනවා යැයි ඔබ දන්නා යමි කරුණක් නිසා. එහෙමත් නැත්නමි මේ වර්ථමානයේ සිදුවෙමින් පවත්නාවූ හෝ ඔබ මුහුන දෙන්නාවු යමි යමි තත්වයන් නිසා ඔබ සිතනවා ඔබ මහාම මහ පවිකාරයෙක් කියලා. එතකොට අනිත් දේ තමයි ඔබ මෙහෙම මම පවිකාරයෙක් කියලා හිතන්නේ වෙනත් තැනැත්තන් සමඟ සන්සන්දනාත්මක ලෙස බැලීම තුලින්. උදාහරණයක් කිවිවොත් අපි හිතමු ඔබ කාමයේ වරදවා හැසිරීම නිසා හිතනවා නමි ඔබ පවිකාරයෙක් කියලා. ඔබ එසේ සිතන්නේ ඒ ආකාරයෙන් කාමයේ වරදවා නොහැසිරෙන අයෙකු හා සංස්න්දනය කිරීම තුලින්. දැන් ලොකේ ඉන්න මිනිස්සු ඔක්කොම කාමයේ වරදවා හැසිරෙනවා නමි ඔබ මොහොතකට වත් හිත්නේ නෑ. ඔබ පවිකාරයෙක් කියලා මොකද එතන ඔබට සංසන්දනය කරන්නට දෙයක් නැති නිසා. මේ කියන්නේ කාමයෙ වරදවා හැසිරිම හොඳ දෙයක් කියලා නෙමෙයි. ඒක ඒකාන්ත වශයෙන් අකුසලයක්. මේ දැක්වුයේ සුඛාවභෝධයට උදාහරණයක් පමණයි.

එතකොට තමා මහම මහ පවිකාරයෙක් කියලා හිතුනහම මොකක්ද වෙන්නේ?
සමාජයේ මෙවැනි ආකාල්ප වලින් සිටිනා පිරිස් ඔබ දැකලා ඇති. ඔවුන්ට මානසික ආතතිය, දුක, බිය, අධික තරහ යෑම, නුරුස්සනා ගතිය, සමාජයෙන් ඈත් වීම එහෙමත් නැත්නමි ප්‍රචන්ඩ කාරී ලෙස හැසිරීම, එහෙමත් නැත්නමි, විවිධ මත්ද්‍රව්‍ය වැනි දේවල් වලට ඇබිබැහි වීම, තව තවත් පවිකමිම ගොඩගහ ගැනීම ඔබ දැකලා ඇති. සාමාණ්‍ය බහුතරය එහෙමයි. එතකොට ඔය ජනවහරයේ කියන්නේ වෙහෙර ගිලපු යකාට අග්ගලාවත් මහ දෙයක්ද කියලා. ඒ වගේ තමා පවිකාරයෙක්ය කියන හැගිමෙන් සිටිනා අයගෙන් බහුතරයක් නැවත නැවත් කරන්නේ පවිකමිම තමයි. මොකද ඒ සිතුවිල්ල තුලින් ඔවුන්ට ඒ ඇතිකර දෙන්නාවූ ආතතියේ ප්‍රථිපලයක් තමයි ඒක. එතකොට මේ පවිකාරයන් ගැන බුදු දහමේ මොකක්ද කියන්නේ කියන කරුණ දෙසටයි අපි දැන් යොමු වන්නේ.

බුදු දහමට අනුව පවිකාරයෝ කියලා පිරිසක් නැහැ.
ඇයි එහෙම කියන්නේ? මේ තමයි ලිපියෙ වැදගත්ම මෙන්ම තෙරුමි ගත යුතු කොටස. අපි දැන් කලින් කිවිවනේ ඔබ සිතනවා නමි ඔබ පවිකාරයෙක් කියලා, දැන් ඔබ පවිකාරයෙක්ම තමයි කියලා හිත්න්නය කියලා. දැන් අපි ඒ පවිකාරයා දෙස විදර්ශනා ඇසකින් දකින්නයි සුදානමි වන්නේ. දැන් ඔබ පවිකාරයෙක් නමි, මේ පවිකාරයා කියන්නේ කවුද?

මේ පවිකාරයාට අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, ඒ වගේම වර්ථමාන මේ මොහොතේ ඔහු සිටිනවා. බුද්ධ දර්ශනයට අනුව, පවිකාරයෙක් කියනා තැනැත්තත් මනුස්යෙක් නිසා මේ මනුස්සයින් සමන්නාගත වන්නේ පංචස්කන්ධ ධර්මයන් ගෙන්. ඒකියන්නේ මේ පවිකාරයාට රූපස්කන්ධයක් තියෙනවා. වේදනා ස්කන්ධයක් තියෙනවා, සංඥා ස්කන්ධයක් තියෙනවා, සංස්කාර ස්කන්ධයක් තියෙනවා, ඒ වගේම විඤ්ඤාණ ස්කන්ධයක් තියෙනවා.පවිකාරයා කියන්නේ මේ ස්කන්ධයන් නැත්නමි ගොඩවල් 05 ට. මේ පචස්කන්ධය ගැන සුළුවෙන් පහදා ගන්නයි අපි දැන් සුදානමි වන්නේ.

රූපස්කන්ධය 
රූපස්කන්ධය කියන්නේ ඔය පවිකාරයා කන්නාඩිය ඉස්සරහ‍ට ගියාම පෙනෙනා රූපය. එහෙම නැත්නමි පවිකාරයා තමාගේ ශරිරය වශයෙන් සලකන දෙය. ඔක නිර්මාණය වෙලා තියෙන්නේ පඨිවි, ආපෝ, තේජෝ, වායෝ කියන චතුර් ධාතූන්ගෙන්, මීට අමතරව තව උපාදාය රූපත් තිබෙනවා. ඒ ගැන මෙතන සඳහන් කරන්නේ නෑ. ඔක පවිකාරයාගේ පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක්, නැත්නමි එක ගොඩක්.

වේදනා ස්කන්ධය 
තව එකක් තියෙනවා වේදනා ස්කන්ධය කියලා. වේදනාව කියන්නේ අපිට දැනෙන සැප, දුක, ඒ වගේම මැදහත් සන්වේදන. වේදනාව පිළිබඳව බුදු රජාණන්වහන්සේ විශාල වශයෙන් බෙදා දක්වලා තියෙනවා. සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ අටිඨ සත සූත්‍රයේ වේදනාව ආකාර 108 ක්  වන බැවි බුදු පියාණන්වහන්සේ දේශනා කර තිබෙනවා. අවශ්‍ය අයෙකුට කියවා තේරුමි ගන්න එය වැදගත් වේවි. එතකොට මේ වෙදනා කියන්නේ අපට දැනෙන සැප වේදනා, දුක්ඛ වේදනා, ඒ වගේම මැදහත් වෙදනා කියන මේ වෙදනාවන් 03 කියලා සරලව කියන්න පුළුවන්. (සං.නි. සුද්ධික සූත්‍රය) එතකොට මේ වේදනාව ඇතිවන ආකාරත් 08 ක් තියෙනවා. පිත, සෙම, වාතය, සන්නිපාතය, සෘතුව, විශම පැවැත්ම, හා උපක්‍රමය කියන කරුණු (සංයුක්ත නිකාය සීවක සූත්‍රය) ඒ කිවිවේ වේදනා ස්කන්ධය ගැන.

සංඥා ස්කන්ධය
එතකොට අනික තමයි සංඥා ස්කන්ධය සංඥාවන් කියලා හදුන්වන්නේ මේ පවිකාරයා කියන කෙනා, කරන හදුනා ගැණිමි වලට, දැන් පවිකාරයා කියන්නෙත් සංඥාවක්, එතකොට, හොඳ, නරක කියන්නෙත් සංඥාවල්, කලු සුදු ආදි පාට හදුනා ගැනිමි සංඥාවල්. ගැහැණුන්, පිරිමින්, පංඩකයන් වශයෙන් හදුනා ගැනිමුත් සංඥාවල්. තිරිසනුන්, කුරුල්ලන් ආදී හදුනා ගැනිමුත් සංඥාවල්. අ, ආ, වහයෙන් අකුරු හදුනා ගැනීමුත් සංඥාවල්. ‍කථා කරන භාෂාවේ වචනයක් වචනයක් පසා ශබිධයක් ශබිධයක් පාසා සංඥාවල්. මේ විදියට පවිකාරයා තුල එක් රැස් කර ගත් ගත් සංඥාවල් අති විශාල ප්‍රමාණයක් තිබෙනවා ඒකත් එක ස්කන්ධයක්.

සංස්කාර ස්කන්ධය
සංස්කාර ස්කන්ධය, පවිකාරයා කරන පවිකමි හරි පින්කමි අයත් වන්නේ සංස්කාර ස්කන්ධයට, මේ සංස්කාර සරලව අර්ථ දක්වන්න පුළුවන් ක්‍රියාවන් කියලා, මේවා කයින් සිතින්, වචනයෙන් සිදු කරන්න පුළුවන්. දැන් පැතතකට වෙලා ශරිරය නොසොල්වාම මොනා හරි දෙයක් සිත සිතා සිටිනවා නමි ඒ සිතීම සිදුකරනුයේ සංස්කාර ස්කන්ධයේ ක්‍රියාකාරිත්වයක් වශයෙන්, මේක එතකොට 04 වන සක්න්ධය.

විඤ්ඤාණ ස්කන්ධය
එතකොට අවසන් ගොඩ තමයි විඤ්ඤාණ ස්කන්ධය කියන්නේ. මේ දැනිමි සියල්ල ඇති වනනේ විඤ්ඤාණය කියන ස්කන්ධයේ පැවත්ම නිසා. රෑපයක් ඇසෙ ගැටුන විට චක්ඛු විඤ්ඤානයක් උපදිනවා. මේ වගේම ශබිධයක් ඇසුන විට සෝත විඤ්ඤාණයක් උපදිනවා මේවිදියට ඝාන විඤ්ඤාණ, ජිවිහා විඤ්ඤාණ, කායවිඤ්ඤාණ, මනෝ විඤ්ඥාණ උපදිනවා. මේ ආකාරයට ඇසේ රෑපයක් ගැටුන විට ඒ රෑපය ගැන ඇතිවන දැනිම තමයි විඤ්ඤානය කියන්නේ. මේ විදියට අනිත්වාත් එහෙමයි. මේ තමයි පස්වන ගොඩ.

මේ පංචස්කන්ධය ක්‍රියාකාරිත්වයටයි පවිකාරයා ඉන්නවා කියලා කියන්නේ.
දැන් ඇස උදාහරණයට ගමු. ඇස් තියෙන ඕනම කෙනෙක්ට රූප පේනවා ඒක වලක්වන්න විදියක් නැහැ. එහෙම පුළුවන් නමි අපිට අපි කැමති දේව්ම විතරක් ජීවිතකාලේ පුරා දැක දැක ඉන්න තිබුණා අකමැති දේවල් දකින්නේ නැතිව. ඒ වුනාට එහෙම කරන්න බැහැ. ඇස් තියෙනකොට පේන හැම දෙයක්ම අපි කැමති වුනත් අකමැති වුනත් පේනවා. ඒකයි ඇස අනාත්මයි කියලා කියන්නේ. එතකොට ඇසේ රූපයක් ගැටුනාහම එහිදී ඇතිවෙනවා දැනිමක් ඒ විඤ්ඤාණ ස්කන්ධයේ පැවැත්ම, මේ ඇසයි රෑපයයි, ඇසපාදක කරගනිමින් උපන් දැනීම(චක්ඛු විඤ්ඥානයයි) එකතු වුනාම චක්ඛු සමිපස්සජා වේදනාවක් ඇතිවනවා මේ තමයි වෙදනා ස්කන්දයේ පැවැත්ම, මේ වේදනාව හදුනා ගැනීමක් සිදුකරනවා සැප දුක, මැදහත් කියලා, මේ සංඥා සකන්ධයේ පැවැත්ම, මේ සැප දුක මැදහත් වෙනදාව නිසා, ඒවා උදෙසා විවිධ ක්‍රියා කරනවා කය සිත වචනය මෙහෙයවා එ ක්‍රියා තමයි සංස්කාර ස්කන්ධයේ පැවැත්ම. එතකොට මේ සදහා උපකාරී කරගන්නා ශරිරය තමයි රෑපස්කන්ධය. මේ ජීවිත කාලයක් තුල මිනිසා විසින් මොන දෙයක් කලත් කරන්නේ මේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීවය මතයි. එතකොට පංචස්කන්ධයෙන් තොර මිනිසෙක් නැහැ.මේ කිවිවේ සරලව එක් කරුණක්. මේ හැම ස්කන්ධයක්ම අන්තර් සමිබන්ධිතව ක්‍රියා කරනවා.

දැන් අපි මේ අපි සරලව මතුපිටින් අවභෝධ කර ගත්තේ මේ පවිකාරයා කියන කෙනත්, අනිත් සෑම මනුස්සයෙක්මත් පංචස්කන්ධ ධර්ම කියන කථාව. 

එතකොට මේ පංචස්කන්ධයේ ස්වභාවය මොකක්ද?
රූපස්කන්ධය
රූපස්කන්ධයෙන් පටන් ගමු. ඔබ දැන් මවිකුසින් උපන්නා, බිලිදෙක් විදියට. පස්සේ අවුරුදු 01, 02, 03, ගෙවිලා ගියා ඔය එක එක වයසෙදී ඔබ එක එක විදිය, තරුණ විදියෙ දී ඔබේ ශරිරය වෙනස්ම විදියක්, මැදි වියේ දී තව විදියක්, වියපත් වුනාම තව විදියක්, මරණයට පත් වුනාම තවත් විදියක්, එතනින් එහාට මල මිනිය දිර දිරා යද්දි තවත් විදියක්. අන්තිමට ඉතුරු වන ඇටකටු ටික වෙනමම විදියක්. ඉතිං ඔය රෑපස්කන්ධය කියන දෙයි හැටියයි ඔය කිවිවේ. ඒක, එක විදියට පවතින්නේ නෑ. ඔය කිවිවෙ රූපස්කන්ධය අවුරුදු ගණනින් වෙනස් වීමක්. එතකොට මහතට හිටපු කෙනෙක් මේ ලිපියේ විදියට කටයුතු කරලා කෙටිටු වුනානමි සති ගානකින්, ඒ සති ගණනිකින් රෑපස්කන්ධයේ වෙස් වීමක්. උදේට සුදුවට හිටපු කෙනා. හවස ඔය ගොල්ෆේස් එකේ වගේ පැය ගනක් ඇවිදලා ආවහම කළු වෙලා නමි රෑපස්කන්ධය ඒ පැය ගණනින් වෙනස් වීමක්. ශරිරයේ සෛල ගත්තොත් මේ තත්පරයේ සෛල ලක්ෂ ගණනක් මිය යනවා. නමුත් ඔබට එය පෙනේනේ නෑ. එතකොට මේ රූපස්කන්ධය තත්පර ගණනික්නුත් වෙනස් වෙනවා ඒක කලින් විස්තර කරලා තියෙනවා මේ ලිපිය කියවන්න. එතකොට අපි මෙතනදි තෙරුමි ගත යුතු දේ මේ රූපස්කන්ධය තුල එක මොහොතක් වත් අල්ලලා තබා ගත හැකි නිරුද්ධ වී නොයන යලි ඇති නොවන පිරිදි සමිපුර්ණයෙන්ම නැති වී නොයන කිසිම දෙයක් නැති බවයි.

වේදනා ස්කන්ධය
ඔබ ජීවිතයේ විදින ලද සුඛම වූ වේදනාව ගැන සිතුවොත්. අතීතයේ එක්තරා දිනයක ඒ වෙදනාව ඇතිවි නැතිවී ගොස අවසානයි. ඔබට යමි ආකාරයකින් ඒ වෙදනාව නැවතත් විදින්නට පුළුවන් වෙයි. නමුත් අර කලින් ඇතිවුන වේදනාව නැවත කිසි දිනක ලැබිය නොහැකි ආකාරයෙන්ම නිරුද්ධ වි ගොස් අවසානයි. ඒය තවදුරටත් ඇති දෙයක් නෙමෙයි. ඔබ නැවත විදින වේදනාව කලින් ව්දනාවට සමාණයි කියලා ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් ඒක අළුතෙන්ම උපන් වේදනාවක් මිස අර කලින් වේදනාව නෙමෙයි. එතකොට මේ මොහොතේ ඔබ යමි සැප, දුක්හෝ අදුක්ඛම සුඛ වේදනවක් විදිනවා නමි එයත් මේ මොහොතේම නැතිවී යනවා. ආයේ කිසි දිනයක ලබන්න බැරි විදියට. දැන් ගීතයක් ගත්තොත් ඒ ගීතය නැවත නැවත කෙනෙක්ට අහන්නට පුළුවන්. නමුත් ඒ ගිතය අසනා විට, එහි පදයෙන් පදය, අකුරෙන් අකුර, සංගීත ස්වරයෙන් ස්වරය නිරුද්ධ වී යනවා. (නිරුද්ධ වී යනවා කියන්නේ ආයේ ඇතිනොවන පරිදි නැත්තටම නැතවී යනවා කියන අදහස. මේක අනිත්‍යයෙන් වෙනස්, අනිත්‍ය තුලින් නිරෝධය අත්දකින්නට පුළුවන්.) එය වලක්වන්නට අපට හැකි කමක් නැහැ. එතකොට වේදනා සකන්ධය තුලත් එක මොහොතක් හෝ නවතා තැබිය හැකි හෝ ස්ව වශයෙන් තමන්ට ඕන පරිදි පැවැත්විය හැකි කිසි දෙයක් නැහැ.

සංඥා ස්කන්ධය
සංඥා සකන්ධය වුනත් එහෙමයි. හැම සංඥාවක්ම තත්පරයක කාලයක් හෝ නොපැවති නිරුද්ධ වී යනවා. දැන් අපි කනට ඇසෙන ගීතයක් වගේ ශබිධයක් ගත්තොත් ඒ ගීතයේ ඔබ හදුනා ගන්නේ සංඥා ස්කන්ධය නිසා එහි ඇති හැම අකුරක්ම, හැම ස්වරයක්ම සංඥාවල්. ගීතය ඔබ අසනවා කියන්නේ එක්තරා ආකාරයකට ඒ සංඥාවන්ගේ නිරෝධය ඔබ අත්දකිමින් සිටිමක්. එතකොට එක ස්වරයකින් පසු තවත් ස්වරයක හඩක් උපදින්නේ නැත්නමි ගීතයක් පවතින්නට බැරි බැවි ඔබට තේරෙනවා ඇති. ඒ අනුව සංඥා ස්කනධයේ කිසිවක් අපට ස්ව වශයෙන් පැවැත්වීමට හෝ තවත්වා තබා ගන්නට හැකි කමක් නැහැ.

සංස්කාර ස්කන්ධය
ඊලඟට සංස්කාර ස්කන්ධය. මේතන දී අපි අතීතයේ කරපු සියළු ක්‍රියා අතිතයට මුසුවී අවසානයි, අතිතයේ කරන ලද විවිධ ක්‍රියාකාරකමි, අතීතයේ සිතන ලද විවිද සිතුවිලි, අතිතයේ කියන ලද වචන ආදිය අයේ කවදාවත් එය ඒ අයුරෙන්ම ලබන්නට හැකි කමක් නැහැ. දැන් මේ වර්ථමානයේ වචන සියල්ලම මේ මොහොතේම නැති වෙවි නැති වෙවි යනවා. එතකොට අපි කියනවා ඒක අතිතයට මුසු වුනා කියලා. මේ විදියට ඔබට තෙරෙන්නට මේ කාලත්‍රය තුල එකදු දෙයක් හෝ නොවෙනස්ව, නිරුද්ධ නොවී, අපට අවශ්‍ය පරිදි පැවැත්විමට හැකියාවක් නැතිය කියන කාරනව.

විඤ්ඤාණ ස්කන්ධය
ඊලඟ එක විඤ්ඤාණ ස්කන්ධය, මෙයත් එහෙමමයි. එතකොට අතිතයේ ඇතිවු දැනිමි සියල්ල අතීතයට මුසුවී අවසානයි, වර්ථමානයේ ඇතිවන දැනීම මොහොතක් හෝ නෙපවතී අතිතයටම මුසු වනවා. එතකොට මේ තුලත් නිස්චිත දෙයක්, පවතින දෙයක්, සදාතනික දෙයක්, ආත්මවත් දෙයක්, ස්ව වශයන් පැවැත්විය හැකි දෙයක්, මම කියලා ගන්නට පුළුවන් දෙයක්, මගේ කියලා ගන්නට පුළුවන් දෙයක් කොහිද තියෙන්නේ? ඒ ඒ සක්න්ධ ඇතිවෙලා ඒ ඒ සක්න්ධ මගින් කරන වැඩ කොටස කරලා ඒ ඒ ස්කන්ධම නැති වෙලා යනවා.

එතකොට මේ කිවිවේ මේ පංචස්න්ධයම ඇතිවෙලා මේ පංචස්කන්ධයම නැතිවෙලා යනවා කියන දෙයයි. එක මොහොතක් වත් පැවැත්විය හැකි එකමධර්මතාවයක වත් මේ පංචස්කන්ධය තුල ඇත්තේ නැහැ කියන කථාවයි.

දැන් ඔබ කල්පනා කරන්න. ඔබ කියන්නෙත් ඒ වගේම පංචස්න්ධ ධර්මතාවයක්. ඔබ තුලත් එක මොහොතක් හෝ පැවැත්විය හැකි එකදු දෙයක් හෝ නැති කොට, ඔබ තුල සදාතනිකව පවතින පවිකාර කමක් පැවැතිය හැකිද යන කරුණ? එතකොට ඔබට තේරුමි යන්නට ඕන පවිකාරයා කියන්නේන් අපේ සිතේ ඇතිවි නැතිවි යන සංඥා ස්කන්ධයේ පැවැත්මක් පමණක් බව. මේ පංචස්කන්ධයම ඇති වෙව් නැතිවෙව් යමින් මොහොතක් වත් නොපවතින මේ බඹයක් පමණ ශරිරය තුල, කාලයක් පවතින පවිකාරයෙක් සිටින්නට හැකිද යන කරුණ ඔබම දැන් සිතා බලන්නට ඕන.

අංගුලිමාල රහතුන්වහන්සේ
දැන් ඔබට මේ කියපුවා තේරුනානමි පැහැදිලි වන්නට ඕන පවිකාරයක් කියා අයෙක් සිටිය නොහැකි බව.

එතකොට දැන් සූදානමි වන්නේ කථාවක් තුලින් මේ කරුණ පැහැදිලි කර ගනනටයි. මෙය ඇතුලත් වන්නේ මජ්ජිම නිකායේ අංගුලිමාල සූත්‍රයෙයි.

අංගුලිමාල කථාව අපි කවුරුත් දන්නා නිසා මෙහි එය සඳහන් කරන්නට යන්නේ නැහැ. අංගුලිමාල රහතුන් වහන්සේ අරහත් ඵලයට පෙර, 1000 ගණනක් මිනිසුන් ගාථනය කලා. පසේනදි කොසොල් රජු යුද්ධයට මෙන් සේනාවක් සුදානමි කර අංගුලිමාල සොරා අල්ලාගැනිමට යාමට සූදානමි වන අවස්ථාවේ. අපගෙ මහා කාරුනිකයානන්වහන්සේ දඩුමුගුරු නොමැතිව කරුණාවෙන්ම අංගුලිමාලයන්ව ධමනය කරනු ලුබුවා. පසුව උන්වහන්සේ රහත් ඵලයෙන් නිවි සැනසුනා. අංගුලිමාල රහතුන් වහන්සේව බුදුරජුන් ධමනය කිරීමට පෙර 1000 ස් ගනනින් මිනිසුන් ගාථනය කලා. උන්වහන්සේගේ ගිහි කාලය හා සසදා බලද්දි ඔබ, ඔබට පවිකාරයා කියා කියාගන්නා පාපකර්ම එතරමි විශාල නොවන්නට පුළුවන්. උන්වහන්සේට පුළුවන් වුවා නමි මහා පුණ්‍යවන්තයෙක් වීමට, අසූමහා ස්‍රාවකයන් වහන්සේ අතරින් අයෙක් වීමට, උන්වහන්සේට වඩා අඩුවෙන් පවිකමි කල ඔබට පුන්‍යවන්තයෙන් වීම පහසුවෙන්ම කල හැක්කක්.

ඔබත් ඔබේ ජීවිතයේ බොහෝ පාපකර්ම අකුසල කර්ම කරන්නට ඇති. නමුත් මිනිසත් බව ලැබූ ඔබට තවමත් අවස්ථාවක් තිබෙවා. අංගුලිමාල සොරාට අරහත් ඵලය සාක්ෂාත් කරන්නට පුළුවන් වුනේ ස්ථිරව සිටිනා පවිකාරයෙකු මේ පංචස්කන්ධ ලොකය තුල නොමැති වීම නිසයි. නමුත් අංගුලිමාල රහතුන්වහන්සේ පිණ්ඩපාතය හැසිරී වඩිනා බොහො දින වල වෙහෙරට පැමිණියේ ලේ පෙරාගෙන ගල්මුල් පහර ලබමිනුයි. ඒකාත්ත වශයෙන් බුදු රජුන් හටත් අකුසල කර්මඵල දෙන විට, සූමහා ස්‍රාවකයන් අතරින් අයෙක් වූ අංගුලිමාල රහතුන්වහන්සේට අකුසල කර්ම ඵල දෙන විට, ඔබ කරන ලද පවිකමි වේනමි ඒවායේ විපාකත් නොබෝ කලකින්ම ඔබට අත්දකින්නට වනවා ඇති. එය වෙනමම කථාවක්. පවි කරන්නා පවි කිරීමෙන්ම සුද්ධිය ලබනවා කියා ඔබගේ බුද්ධිමටිටම කුමක් වුවත් ඔබ විශ්වාස කරන්නේ යැයි නොසිතමු.

මේ ලිපිය අවසන් කරන්නේ මජ්ජිම නිකායේ, රාජ වග්ගයේ, අංගුලිමාල සූත්‍රයේ කොටසක් සටහන් තබමින්,

අථ ඛො ආයස්‌මා අඞ්‌ගුලිමාලො පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන අඤ්‌ඤෙනපි ලෙඩ්‌ඩු ඛිත්‌තො ආයස්‌මතො අඞ්‌ගුලිමාලස්‌ස කායෙ නිපතති, අඤ්‌ඤෙනපි දණ්‌ඩො ඛිත්‌තො ආයස්‌මතො අඞ්‌ගුලිමාලස්‌ස කායෙ නිපතති, අඤ්‌ඤෙනපි සක්‌ඛරා ඛිත්‌තා ආයස්‌මතො අඞ්‌ගුලිමාලස්‌ස කායෙ නිපතති. අථ ඛො ආයස්‌මා අඞ්‌ගුලිමාලො භින්‌නෙන සීසෙන, ලොහිතෙන ගළන්‌තෙන, භින්‌නෙන පත්‌තෙන, විප්‌ඵාලිතාය සඞ්‌ඝාටියා යෙන භගවා තෙනුපසඞ්‌කමි. අද්‌දසා ඛො භගවා ආයස්‌මන්‌තං අඞ්‌ගුලිමාලං දූරතොව ආගච්‌ඡන්‌තංග දිස්‌වාන ආයස්‌මන්‌තං අඞ්‌ගුලිමාලං එතදවොච අධිවාසෙහි ත්‌වංල බ්‍රාහ්‌මණල අධිවාසෙහි ත්‌වං, බ්‍රාහ්‌මණ, යස්‌ස ඛො ත්‌වංල බ්‍රාහ්‌මණල කම්‌මස්‌ස විපාකෙන බහූනි වස්‌සානි බහූනි වස්‌සසතානි බහූනි වස්‌සසහස්‌සානි නිරයෙ පච්‌චෙය්‍යාසි තස්‌ස ත්‌වංල බ්‍රාහ්‌මණල කම්‌මස්‌ස විපාකං දිට්‌ඨෙව ධම්‌මෙ පටිසංවෙදෙසී’’ති. අථ ඛො ආයස්‌මා අඞ්‌ගුලිමාලො රහොගතො පටිසල්‌ලීනො විමුත්‌තිසුඛං පටිසංවෙදි තායං වෙලායං ඉමං උදානං උදානෙසි ,

සිංහල භාවය,
ඉක්බිති ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ පෙරවරු වෙලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඩු පිණිස පැමිණියේ, එකල්හි වනාහි, අන් දිසාවකට ගසන ලද ගලක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන් දිසාවකට ගසන ලද්දාවූ දණ්ඩක්ද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. අන් දිසාවකට ගසන ලද්දාවූ කැට කැබිලිතිද ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන්ගේ ශරීරයෙහි වැටෙන්නේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ බිඳුනාවූ හිසින් යුක්ත, ගලන්නාවූ ලේ ඇතිව, බිඳුනාවූ පාත්‍රයෙන් යුක්තව, විසිර ගියාවූ සඟල සිවුරෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය.
භාග්‍යවතුන් වහන්සේ දුරදීම එන්නාවූ ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන් දුටහ. දැක ආයුෂ්මත් අංගුලිමාල ස්ථවිරයන්ට, 'බ්‍රාහ්මණයඉවසව, බ්‍රාහ්මණය, ඉවසව. යම් කර්මයක්හුගේ විපාකයෙන් බොහෝ අවුරුදු, බොහෝ සිය ගනන් අවුරුදු, සිය දහස් ගනන් අවුරුදු, නරකයෙහි පැසෙන්නෙහිද, බ්‍රාහ්මණයඒ කර්යාගේ විපාකය මේ ආත්මයෙහිම විඳින්නෙහිය" යි වදාළහ. ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ අංගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහසිගතවූයේ, සිත එකග කිරීමට පැමිණියේ, නිවන් සුව විඳින්නේ ඒ වෙලාවෙහි මෙ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය.

‘‘යො පුබ්‌බෙව පමජ්‌ජිත්‌වා, පච්‌ඡා සො නප්‌පමජ්‌ජති. සොමං ලොකං පභාසෙති, අබ්‌භා මුත්‌තොව චන්‌දිමා.
‘‘යස්‌ස පාපං කතං කම්‌මංල කුසලෙන පිධීයති සොමං ලොකං පභාසෙතිල අබ්‌භා මුත්‌තොව චන්‌දිමා.
‘‘යො හවෙ දහරො භික්‌ඛුල යුඤ්‌ජති බුද්‌ධසාසනෙ සොමං ලොකං පභාසෙති, අබ්‌භා මුත්‌තොව චන්‌දිමා.
‘‘දිසා හි මෙ ධම්‌මකථං සුණන්‌තු, දිසා හි මෙ යුඤ්‌ජන්‌තු බුද්‌ධසාසනෙ දිසා හි මෙ තෙ මනුජා භජන්‌තු,
යෙ ධම්‌මමෙවාදපයන්‌ති සන්‌තො. ‘‘දිසා හි මෙ ඛන්‌තිවාදානං, අවිරොධප්‌පසංසීනං සුණන්‌තු ධම්‌මං කාලෙන, තඤ්‌ච අනුවිධීයන්‌තු.
‘‘න හි ජාතු සො මමං හිංසෙ, අඤ්‌ඤං වා පන කිඤ්‌චි නං පප්‌පුය්‍ය පරමං සන්‌තිං, රක්‌ඛෙය්‍ය තසථාවරෙ.
‘‘උදකඤ්‌හි නයන්‌ති නෙත්‌තිකා, උසුකාරා නමයන්‌ති තෙජනංත දාරුං නමයන්‌ති තච්‌ඡකා, අත්‌තානං දමයන්‌ති පණ්‌ඩිතා.
‘‘දණ්‌ඩෙනෙකෙ දමයන්‌ති, අඞ්‌කුසෙහි කසාහි ච අදණ්‌ඩෙන අසත්‌ථෙන, අහං දන්‌තොම්‌හි තාදිනා.
‘‘අහිංසකොති මෙ නාමං, හිංසකස්‌ස පුරෙ සතො අජ්‌ජාහං සච්‌චනාමොම්‌හිල න නං හිංසාමි කිඤ්‌චි නං
‘‘චොරො අහං පුරෙ ආසිං, අඞ්‌ගුලිමාලොති විස්‌සුතො වුය්‌හමානො මහොඝෙන, බුද්‌ධං සරණමාගමං.
‘‘ලොහිතපාණි පුරෙ ආසිං, අඞ්‌ගුලිමාලොති විස්‌සුතො සරණගමනං පස්‌ස, භවනෙත්‌ති සමූහතා.
‘‘තාදිසං කම්‌මං කත්‌වාන, බහුං දුග්‌ගතිගාමිනං ඵුට්‌ඨො කම්‌මවිපාකෙන, අණණො භුඤ්‌ජාමි භොජනං.
‘‘පමාදමනුයුඤ්‌ජන්‌ති, බාලා දුම්‌මෙධිනො ජනා අප්‌පමාදඤ්‌ච මෙධාවී, ධනං සෙට්‌ඨංව රක්‌ඛති.
‘‘මා පමාදමනුයුඤ්‌ජෙථ, මා කාමරති සන්‌ථවංත අප්‌පමත්‌තො හි ඣායන්‌තො, පප්‌පොති විපුලං සුඛං.

සිංහල භාවය.
යමෙක් වනාහි පළමුව ප්‍රමාදව හෙතෙම පසුව ප්‍රමාද නොවෙද, ඒ පුද්ගල තෙම වළාකුලෙන් මිදිනාවූ සඳ මෙන් මෙ ලෝකය බබුඵවයි.

යමකු විසින් කරණ ලද්දාවූ අකුසල කර්මය කසල කර්මයෙන් වැසෙනු ලැබෙද, ඒ පුද්ගල තෙම වළාකුලෙන් මිදුනාවූ චන්‍ද්‍රයා මෙන් මෙ ලෝකය බබලයි.

යම් අයෙක් සර්වඥ ශාසනයෙහි වීර්‍යයෙන් යුක්තව වාසය කෙරෙද, හෙතෙම වළාකුලෙන් මිදුනාවූ චන්ද්‍රයා මෙන් මෙ ලෝකය බබලයි.

මාගේ සතුරෝ වනාහි ධර්මයෙන් යුක්තව කථාව අසත්වා. මාගේ සතුරෝ වනාහි සර්වඥ ශාසනයෙහි වීර්‍යයෙන් යුක්ත වෙත්වා. සත්පුරුෂවූ යම මිනිස් කෙනෙක් ධර්මයේ යුක්ත වුයේ ද, මාගේ සතුරෝ වනාහි එබඳු සත්‍වයන් භජනය කෙරෙත්වා.

මාගේ සතුරෝ වනාහි ඉවසීම ප්‍රකාශ කරන්නාවූ මෛත්‍රියට ප්‍රශංසා කරන්නවුන්ගේ ධර්මය සුදුසු කාලයෙහි අසත්වා. ඒ ධර්මයට අනුව කටයුතු කෙරෙත්වා.

හෙතෙම ඒකාන්තයෙන් මට හිංසා නෙකෙරන්නෙක් වේවා. අන් කිසිවෙකුටත් හිංසා නොකෙරෙවා: උතුම් නිවණට පැමිණ කෙලෙස් සහිත සන්‍වයන් හා කෙලෙස් රහිතවූ සන්‍වයන්ද රක්නේය.

දිය ගෙනෙන්නෝ වනාහි ජලය පමුණුවත්. හී වඩුවෝ ඊ දඩු නමා ඇද හරිත්. වඩුවෝ දැව දඩු සැප ඇද හරිත්. නුවණැත්තෝ තමා දමනය කරත්.
සමහර කෙනෙක් දණ්ඩෙන්ද, හෙණ්ඩුවෙන්ද, කස සැමිටියෙන්ද දමනය කරත්. තාදී ගුණයෙන් යුක්තවූ සර්වඥයන් වහන්සේ දණ්ඩක් නැතිව, ආයුධයක් නැතිව මම දමනය කරණ ලද්දේ වෙමි.

පෙර සන්‍ව හිංසා කරන්නාවූ මට අහිංසක යයි නමක් වූයේය. අද මම අහිංසකය යන සත්‍යවූ නම ඇත්තේ වෙමි. කිසිවකුටත් හිංසා නොකරමි. පෙර මම අංගුලිමාල යයි ප්‍රසිද්ධවූ සොරෙක් වූයෙමි. කාමාදී මහ වතුරෙන් ගසාගෙන යනු ලබන්නේ බුදුන් සරණ කොට ගියෙමි.

පෙර අංගුලිමාල යයි ප්‍රසිද්ධවූ ලේ තැවරුණු අත් ඇත්තෙක් වීමි. ඔහුගේ: සරණයාම බලව. ඔහු විසින් භව ආශාව නැති කරන ලදී.

දුගතිවලට පමුණුවන්නාවූ බොහෝ එබඳු අකුසල කර්ම කොට මාර්ග කුසල විපාකයට පැමිණෙන ලද්දේ නය නැත්තෙක්ව ආහාර වළඳමි.

අඥානවූ බාලජනයෝ ප්‍රමාදයෙහි යෙදී වාසය කරත්. නුවණැත්තේ උතුම් ධනයක් මෙන් අප්‍රමාදය රක්‍ෂා කරයි.

ප්‍රමාදයෙහි නොයෙදෙව. පස්කම සැපයෙහි ඇල්මට නොපැමිණෙව. අප්‍රමාදව නුවණින් බලන තැනැත්තේ වනාහි මහත්වූ සැපයට පැමිණේ.

අප කල යුතු දේ
ප්‍රිය මිතුරනේ අංගුලිමාල රහතුන් වහන්සේ ජීවිතාදර්ශයෙන් අපට දේශනා කරනුයේ කුමක්ද? ඔබ කෙතෙකුත් මේ ජිවිතයේ පව් කරන්නට ඇති. ඔබට සමහර විට ඒ පාප කර්ම කරන්නට වුයේ වෙනත් අය නිසා වෙන්නටත් ඇති. එසේත් නැත්නමි වෙනත් අය ඔබව ඒ  මානසික පිඩාවක් වු පාපකර්මයක් වෙත ඇද දැමුවා වන්නටත් ඇති. එසේ වුවත් මේ ලිපියේ මුල් කොටස අවධානයෙන් කියවිවා නමි තේරුමි ගත්තා නමි, ඔබට දැන් තේරුමි යන්නට, දැනුමි මාත්‍රයක් හෝ ඇතිවන්නට ඕන මේ පංචස්කන්ධ ලොකය තුල එක මොහොතක් හෝ පැවැත්විය හැකි එකදු දෙයක් හෝ නොමැති බව. 

එය අංගුලිමාල රහතුන් වහන්සේ උදානයේ දේශනා කල පරිදි භාවනාව තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරිමෙන් තමාගේම අවභෝධයක් බවට පත් කර ගන්නට ඕන. ඒ අවභෝධය ඇතිනමි ඔබට අතිතයත්, අනාගතයත්, මේ වර්තමාන මොහොතත් යන කාලත්‍රයම හිස් දෙයක් සේ පෙනෙවි. මේ පංචස්කන්ධ ධර්මයම සිතින් අතහැරී යාවි. ඒ ශුන්‍යතාවයත් ඉක්මවා යන විටක දී  ඔබට කරනා ලද අකුසල කර්මයන් කුසල කර්මයෙන් වසා දැමිමට හැකිවනවා ඇති. සියළු ධ්‍යාන සුඛ පැරයු නිර්වාණයට ඔබේ සිත පත් කීරිමට හැකිවනවා ඇති. එබදු දිනක දී ඔබටත් අංගුලිමාල රහතුන්වහන්සේ මෙන්ම අතිතය දෙස බලා වර්ථමානය හා සසඳා උදමි අනන්ට පුළුවන් වනවා ඇති. ඒසේම වේවා!
නිර්වාණයම සාක්ෂාත් වේවා!!
තෙරුවන් සරණයි.
දෙවන කොටස බලාපොරොත්තු වන්න.
Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...