දුන් දෙයි විපාක ඇත. (දුක නැති කිරීමේ මඟ iii කොටස) 38

අත්‌ථි දින්‌නං - දුන් දෙයෙහි යහපත් විපාක ඇත.
දීමේ විපාක ඇත යන්න පහදාගැනීමේ දී ඔබේ අවශතාවයට වැඩිමනත් වන වෙන අයෙකුට දිය හැකි ආහාරයක්, ඇදුමක්, මුදලක් හෝ ඕනෑම දෙයක් ඇති නමි, ඔබ මේ දෙය අවශ්‍යතාවය ඇති හෝ නැති කුමන හෝ තැනැත්තෙකුට ලබා  දුනනේ යැයි සිතමු. එවන් අවස්ථාවක ඒ දෙය ලැබු පුද්ගලයාගෙන් අවම වශයෙන්  පෙරලා සිනහවකින් හෝ ඔබට සංග්‍රහයක් ලැබෙනවා නේද?

ඒ අනුව ඉහතින් අප සාකචිඡා කරනු ලැබුවේ ඔබ විසින් දානය යන කර්මය කල විට එහි විපාකය වශයෙන් ඔබට පෙරලා ලද හැකි විපාකයේ අවමය පිළිබඳවයි.  නමුත් දානයකින් ලැබෙන්නා වූ ආනිසංශය මෙතැකැයි ප්‍රමාණ කල හැක්කක් නොවේ. අපගේ භාග්‍යවත් සමිමා සමිබුදුරජාණන් වහන්සේ මජ්ජිම නිකාය දක්ඛින විභංග සුත්‍රයේ මෙම දානයන් හා එම දානයන්ගේ ආනිසශයන් විස්තරාත්මකය දක්වා තිබෙන අතර, එසේ යමි අයෙකුට පුද්ගලිකව දියහැකි දාන 14 ක් පිළිබඳව බුදු රජාණන්වහන්සේ පෙන්වා දෙනු ලබයි.

පුද්ගලික දාන 14
පුද්ගලික දාන  දහහතරක් ඇත.  
  1. යමෙක්, අර්හත් සම්යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දානය දේදමේ පළමුවන පුද්ගලික දානයයි.
  2. පසේ බුදුන් කෙරෙහි දානය දේද, මේ දෙවන පුද්ගලික දානයයි.
  3. තථාගත ශ්රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි දානය දේද, මේ තුන්වන පුද්ගලික දානයයි.
  4. අර්හත් ඵලය ප්රත්යක් කිරීම පිණිස පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සතරවන පුද්ගලික දානයයි.
  5. අනාගාමි පුද්ගලයකුට දානය දේද, මේ පස්වන පුද්ගලික දානයයි.
  6. අනාගාමි ඵලය ප්රත්යක් කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ සවන පුද්ගලික දානයයි.
  7. සකෘදාගාමි පුද්ගලයකුට දානය දේද, මේ සත්වන පුද්ගලික දානයයි. 
  8. සකෘදාගාමි ඵලය ප්රත්යක් කිරීමට පිළිපන්නහු කෙරෙහි දානය දේද, මේ අටවන පුද්ගලික දානයයි.
  9. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි දානය දේද, මේ නවවන පුද්ගලික දානයයි.
  10. සෝවාන් ඵලය ප්රත්යක් කිරීමට පිළිපන්නකු කෙරෙහි දානය දේද, මේ දසවන පුද්ගලික දානයයි.
  11. සස්නෙන් බැහැරවූ කාමයන්හි පහවූ රාග ඇත්තකු කෙරෙහි දානය දේද, මේ එකොළොස්වන පුද්ගලික දානයයි.
  12. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානය දේද, මේ දොළොස්වන පුද්ගලික දානයයි.
  13. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දේද, මේ දහතුන්වන පුද්ගලික දානයයි.
  14. තිරිසන් සත්වයෙකු කෙරෙහි දානය දේද, මේ දහහතරවන පුද්ගලික දානයයි.
මෙසේ දෙනු ලබන්නා වූ ද‍ානයන්ගේ විපාකයන්ද භාග්‍යවතුන් වහන්සේ  විස්තර කර තිබේ. ඒ අනුව මෙම දාන අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානයක් පෙරලා කැමැති විය යුත්තේය. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානයදී, දහසක් අනුසස් ඇත්තාවූ දානයක් පෙරලා කැමැති විය යුත්තේය. පෘථග්ජන සීලවන්තයකු කෙරෙහි දානයදී ලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානයක් පෙරලා කැමැති විය යුත්තේය. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානයදී කෝටිලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානයක් පෙරලා කැමැති විය යුත්තේය. සෝවාන් ඵලය ප්රත්යක්ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානයදී සංඛ්යාවක් නැත්තාවූ, ප්රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානයක් තමාවෙත පෙරලා  කැමැති විය යුත්තේය. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේ සකෘදාගාමි ඵලය ප්රත්යක් කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද? අනාගාමි ඵලය ප්රත්යක් කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද? අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද? අර්හත් ඵලය ප්රත්යක් කිරීමට පිළිපන්නහු කෙරෙහි කියනුම කවරේද? තථාගත ශ්‍රාවක රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද? පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද? අර්හත් සම්යක් සමිබුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි දුන් දනෙහි අනුසස්  කියනුම කවරේද?

මෙසේම භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකාය තික නිපාතය වච්ඡගොත්ත සුත්රයේ දේශනා කරන ආකාරයෙන්ම දානයේ තරම කුමක් විය හැකිද යන්න අවභෝධ කරගත හැක. වඡ්චය මම මෙසේ කියමි. අසූචියේ හෝ මඩවළෙක හෝ ගම් දොර ගවර වළෙක හෝ යම් යමි සත්ත්වයෝ වෙත්ද, සත්ත්වයෝ මෙයින් ජීවත් වෙත්වායි සිතා, සැළි සේදූ වතුරක් හෝ මළ සේදූ වතුරක් හෝ දමත් ද, වච්ඡය, මම එය හේතුකොට ගෙනද පින් සිදුවන බව කියමි. මනුෂ්යවූවෙකුට දුන් කල්හි පින් සිදුවීම ගැන කියනු කිම?” මේ කරුණු ස්වල්පය ඔබට කියා සිටියේ දානය යන්නෙහි කෙතරමි නමි විපාකයක් ඇත්ද යන්න පහදා දීම පිණිසයි.

1 අදහස් හා විමසීමි:

Anonymous said...

"ඒ අනුව මෙම දාන අතුරෙන් තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානයක් පෙරලා කැමැති විය යුත්තේය. "
කරුණාකර මෙහි තේරුම පහදා දෙන්න..

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...