සාදු සාදු! ඉතාමත් තර්කානුකූලයි. මේ සාකචිඡාව තුල දී මතුවූ මට අපැහැදිලි වූ වෙනත් කරුණු 03ක් පිළිබඳව දැන ගැනීමට මා කැමැත්තෙන් පසු වනවා. ඒනමි, කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාව යනු මොනවාද යන කාරණාවයි.
එසේනමි කාම තණ්හා, භව තණ්හා
හා විභව තණ්හා යන කරුණු තුනත් පහදාගෙන සිටිමු. කාම තණ්හා
යනුවෙන් හදුන්වනු ලබන්නේ කලින් සඳහන් කල ප්‍රියවුත් මධුර වුත් රූප, ශබිද, ගණ්ධ
ආදිය විදින්ට, ලබන්නට ඇතිවන්නාවු ඇලිම නැත්නම් තෘෂ්ණාවයි.
භව තණ්හාව යනු මේ ප්‍රිය මධුර
භාවයන් විදිම සඳහා කලයුතු කුසල-අකුසල
කර්මයන් සිදුකිරිම සඳහා ඇති ඇල්ම. නැතහොත්
තෘෂ්ණාවයි. වෙතන් ආකාරයකින් රූප විචාරය
ධමිම විචාරය කෙරෙහිත්, රූප විතක්කය, ධමිම විතක්කය කෙරෙහිත් ඇති තෘෂ්ණාවයි.
විභව තණ්හාව යනු මේ ප්‍රිය මධුර
භාවයන් යුතු යැයි සිතා සිටින නමුත් සැබවින්ම දුකක්ම ගෙන දෙන සංස්කාරයන් කිසි දිනක
අත නොහැර මේ භවය අවසන් වුවත් ඉදිරියේ දී වෙනත් මොනම හෝ ආත්ම භවයක ඉපිද, ඒ ප්‍රිය බව මධුර බව විඳිම සඳහාම ඇති කැමැත්තයි. පටිචිච සමුප්පාදයේ සංඛාර නිසා විඥානය උපදින බැවි සඳහන් කල ස්ථානයේ දී
පහදාගනු ලැබූයේ මේ කරුණයි.
මේ ආකාරයෙන් මෙම පඤ්චස්කන්ධය
මගින් දුකක් ගෙන දෙන බව තේරුමි නොගන්නා තෙක් මෙම ප්‍රිය භාවයට මධුර භාවයට ඇලීම සිදුවනවා. එය කෙරෙහි තෘෂ්ණාව උපදිනවා. ඒ ප්‍රිය භාවයට මධුර භාවයට ඇලෙනා ඔහු කටයුතු කරන්නේද එම ප්‍රිය භාවය, මධුර
භාවයම ගෙන දෙන ධර්මයන්ම නැවත නැවත සේවිම පිණිසය. ඒ තුලින් නැවත් ඔහුට පංචස්කන්ධ ධර්මයන්ම ඇතිකර දෙන අතර, මෙසේ ඇතිවන්නා වූ
ප්‍රිය ජනක වූත් අප්‍රිය වූත් රූප, වේදනා, සංඥා, සංඛාර විඥාන ආදී පංචස්කන්ධ
ධර්ම මගින් නැවතත් දුක්ඛයන්ම ඇතිකර දෙනු ලබනවා. මෙය වෙනත් ආකාරයකින්
ප්‍රකාශ කලහොත්, මෙහි දී සිදුවන ක්‍රියාවලිය
වන්නේ, දුඃඛ සමුදයාර්ථ සත්‍ය මඟින් නැවතත් දුඃඛ සත්‍ය ඇතිකර දීමයි. ඒ දුඃඛ සත්‍ය
නිසා නැවතත් දුඃඛ සමුද්‍යාර්‍ය සත්‍ය ඇතිවීම සිදුවනවා. දුක ඇතිවිමේ හේතුව තෘෂ්ණාව යැයි ප්‍රකාශ කරන්නේ මෙබැවිනි.
මෙකී කරුණ වඩාත් පැහැදිලි
වීම පිණිස උදාහරණයක් මඟින් ද පහදාගමු. ඒ අනුව බාහිර ස්ථානක තිබෙනා සුන්දර රූපයක්
උදාහරණයට ගතහොත්, මෙම රූපයේ ඡායාච ඇස මත පතිත
වූ විට ඒ පිළිබඳව දැනීමක් ඇතිවීම සිදුවනවා. මෙය විඥාන ස්කන්ධයේ ඇතිවීමයි. මෙසේ දැනීමක්
ඇතිවූවිට ඒ දැනීමේ ස්වභාවය අනුව සුඛ වේදනා, මධ්‍යස්ථ වේදනා, දුඃඛ වේදනා වශයෙන් ඇතිවන වේදනා, වේදනා ස්කන්ධයේ ඇතිවීමයි. ඒ රූපය සුන්දරයි, කැතයි, සුදුයි, කළුයි, ආදි වශයෙන් සංඥා ස්කන්ධයේ
පැවැත්මත් මේ අරමුණු තුලින්ම ජනිත වීම සිදුවනවා. මේ අරමුණ මඟ හැර යෑමට අවශ්‍ය වනවා. එයට මේ මේ දෑ කිරීමට අවශ්‍ය වනවා ආදි වශයෙන් සිත තුලින්
විවිධ සංස්කාර ගලායෑමක් ද ඒ සමඟම සිදුවනවා. එනමි සංඛාර
ස්කන්ධයේ පැවැත්මක්ද මෙහි පවතිනවා.
මේ ආකාරයෙන්ම ඇසේ රූපයක්
ගැටුන විටක දී ඒ දර්ශනය වූ භාහිර අරමුණ නමිවූ රූපයටත් ඇලීම සිදුවනවා, එසේම ඒ රූපය දක්නට හේතු වුන ඇස යන රූපයටත් ඇලීම සිදුවනවා. ඒ රූපය පිළිබඳ ඇතිවුන සංඥාවටත් ඇලෙනවා. ඒ රූපයෙන්
ගෙන දුන් වේදනාවටත් ඇලෙනවා. ඒ දැනීම ඇතිකල
විඥානයටත් ඇලෙනවා. ඒ රූපය නිසා ඇතිවුන සංස්කාර
ස්කන්ධයටත් ඇලෙනවා. මේ ආකාරයෙන්ම මුළු පඤ්චස්කන්ධය තුලම ඇලිමක් ඇතිවෙනවා. මේ
ඇලිම පටිචිච සමුප්පාදයේ දී තෘෂ්ණාව ලෙස
සඳහන් කරනු ලැබුවා. මෙසේ අභ්‍යන්තරව තමාගේ පඤ්චස්කන්ධයටත්
ඇලෙනවා. බාහිර පංචස්කන්ධ ධර්මයන්ටත් ඇලෙනවා. ඒසේ ඇතිවූ
තෘශ්ණාවටත් නැවතත් ඇලීම සිදුවනවා. ඒ
පංචස්කන්ධ ධර්ම ඇතිකර දුන් අරමුණු වලටත් ඇලෙන්නාසේම ඒ අරමුණු සේවීම කෙරෙහිත්, ඒ අරමුණු කෙරෙහි සිතීම කෙරෙහිත් ඇලීම සිදුවනවා. මේ
ආකාරයෙන් ඇලීම සිදුවනවිට දී මේ පංචස්කන්ධ ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් බවට
පත් වීම සිදුවනවා.
මේ ආකාරයෙන් සත්ත්වයින් පඤ්චස්කන්ධය
කෙරෙහි ඇලීම සිදුවන්නේ එම පංචසකන්ධ ධර්මයන්හි ප්‍රිය උපදවන සුළු ස්වභාවයක් ඇති
බැවිනි. ප්‍රිය උපදවන ධර්මයන්ගේ යථා
ස්වරූපය වන්නේ “දුක” ඇතිකර දීම යන බව ඔබ දන්නා බැවින්, මෙම පංච උපාදානස්කන්ධයම තුලින් ඇතිකර
දෙන්නේ ද දුකක්ම බව ඔබට දැන් තෙරුමි යන්නට අවශ්‍ය වනවා.
එම කරුණු
මට පැහැදිලියි. ඒ අනුව
තෘෂ්ණාව නැති කලහොත් දුක නැතිකිරීමට හැකි වෙයිද?
ඔබ නිවැරදියි. දුක නැතිකල හැක්කේ අවිද්‍යාව හා තෘෂ්ණාව නිරුද්ධ කිරිම තුලිනි. තෘශ්ණාව නිරුද්ධ කිරීමට විද්‍යාව තුලින් පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වරූපය
පිළිබඳව අවභෝධයක් ලැබිය යුතු වීම සිදුවනවා. මෙම
අවභෝධයත් සමඟ තෘෂ්ණාව නිරුද්ධවිම තුලින්
පංචස්කන්ධ ධර්ම පංච උපාදානස්කන්ධ ධර්ම බවට පත්විම නවතින අතර ඒවා උපන් කර්මයන් ගෙවියන තුරු පැවතී නිරුද්ධව යෑම සිදුවනවා. එවිට ඒ පංචස්කන්ධ ධර්ම පංචඋපාදානස්කන්ධ බවට පත්වි නැවත එයින් පංචස්කන්ධ ධර්ම
ඇතිවිමේ ක්‍රියාවලිය නොහොත් සමුදය සත්‍ය මගින් දුඃඛ සත්‍ය ඇතිකර දීමේ ක්‍රිටාවලිය
අවසන් වීම සිදුවනවා. දුකේ අවසානය සිදුවන්නේ
මෙලෙසිනි.
අතිශය පුදුම
සහගතයි. ඒ කරුණ පිළිබඳ මට දැන්
දැනුමක් පවතිනවා. නමුත් ඒ
දැනුම තිබූ පමණින් තෘෂ්ණාව නැතහොත් දුඃඛ සමුදය සත්‍ය ඇතිවිම නැවැත්වීම අනාත්ම
ස්වරූපයෙන් යුත් මට කලහැකි දෙයක් නොවේ. දුක නැතිකරනා යමි ආකාරයක් වේ නමි එය මට පහදා දෙන මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා.
ඉතාම නිවැරදි ප්‍රශ්නය ඔබ
මෙතැනදි විමසා සිටියා. එසේ අවිද්‍යාව හා තෘශ්ණාව
නැතිකර දමනා ආකාරය පිළිබඳව විස්තර වන්නේ දුඃඛනිරෝධ ගාමිණි පටිපදා අරිය සත්‍ය තුලයි. එහි අර්ථය වන්නේ දුක නැතිකිරිමේ ප්‍රථිපදාව ඇතුලත් ආර්‍ය සත්‍ය යන්නයි. දැන් ඒ දුක නැතිකිරිමෙ ප්‍රතිපදාව නැතහොත් දුඃඛසමුදයාර්‍ය සත්‍ය මගින් දුඃඛ
සත්‍ය ඇතිකර දීම වලක්වාලන ප්‍රථිපදාව පිළිබඳව දැන ගනිමු. පටිසමිභිදා මග්ගයේ එය විස්තර කරනුයේ;
මාගේ නාම
කාය පෝෂණය
කල අතිඋත්තම
දන්කන්දේ ධමිමරතන හිමියන්ටත්, උඩුගම
ථේරිකා තෙරණින්වහන්සේටත්,
මාගේ රූප
කාය පෝෂණය
කල රංජනි
ජයසුන්දර අපගේ
මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර
අපගේ පියාණන්ටත්,මේ
ගත පුජාවක්
වේවd! ඔවුන් නිදුක්
නීරෝගී වේවා!! චිර ජීවනය
වේවා!!
සියළුම හිමිකමි
අවිරිණි
නීතිඥ තනූජ
කේ. ජයසුන්දර විසිනි
උපුටාගැණිම මත
ශ්‍රී ලංකාවේ
තත්කාලීන ක්රියාත්මක
නීතිය යටතේ
වගකීමට යටත්
වනු ලැබේ.
නිර්වාණය සාක්ෂාත්
කිරීමට අවැසි
අයෙක් වේ
නමි, තාමත් එයට
කාලයයි. ඒ සඳහා
සාර්ථකව මඟ පෙන්විය
හැකි ස්ථාන
ලංකාව තුලත්
ඇත. කල යුත්තේ
එබදු ස්ථානයක්
හා සමිබන්ධ
වී ගුරුවරයෙකු
ඇසුරේ කමටහන්
ලබා භවනාවේ
නියතු වීමයි. ඒ
සඳහා සුදුසුම ස්ථාන
ඇත.



0 අදහස් හා විමසීමි:
Post a Comment