ඒ අනුව ඔබ ප්‍රකාශ කර සිටින්නේ සම්‍මා දීටිඨිය යන
මාර්ග අංගයේ චතුරාර්‍ය සත්‍ය පිළිබඳ දැනීමට අමතර වශයෙන් තවත් කොටසක් අන්තර්ගතව
පවතින බවද?
සත්‍යවශයෙන්ම එය වෙනම ම කොටසක් වශයෙන් අර්ථ
දැක්විම නිවරුදි නොවේ. එයට හේතුව වන්නේ මෙම කරුණු
10 ත් චතුරාර්‍ය සත්‍ය දේශනාව තුලටම
අන්තර්ගත කල හැකි වීමයි. එසේ වුවත් ඔබට සමිමා දිටිඨිය
නුවනින් ඇතිකර ගැනිමට මේ දසවස්තුක සමිමා දිටිඨියත් අත්‍යාවශ්‍ය වනවා. සත්‍ය වශයෙන්ම මෙම දස කරුණ සමාජයක පැවැත්මට පවා
ඉතා වැදගත් වන්නාවු ධර්ම කොටිඨාශයක් වශයෙන් දැක්විය හැකිය. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නමි මිනිසුන් තුල
ලැජ්ජාව-භය යන ලෝක පාලන ධර්මයන් ඇතිකරන්නා වූ ධර්මයන් වශයෙන් ද දක්වීමට හැකියාවක්
ඇත. මේ පිළිබඳව සකවිඡා කිරීමේ දී
මේ කී කරුණු වඩා ප්‍රත්‍යක්ෂ ලෙස ඔබට අවභොධ වනු ඇත.
මේ දසවස්තුක
සම්‍යක් දෘෂ්ඨිය අංගුත්තර නිකායේ
කරජකායවර්ගයේ සූත්‍ර ගණනාවකමත් තවත් ත්‍රිපිටක පුරා
විවිධ ස්ථාන රාශියකත් බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා. එම දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය වන්නේ;
අත්‌ථි දින්‌නං,
අත්‌ථි යිට්‌ඨං, අත්‌ථි හුතං, අත්‌ථි
සුකටදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකො, අත්‌ථි අයං ලොකො, අත්‌ථි පරො
ලොකො, අත්‌ථි මාතා,
අත්‌ථි පිතා, අත්‌ථි සත්‌තා ඔපපාතිකා, අත්‌ථි ලොකෙ සමණබ්‍රාහ්‌මණා
සම්‌මග්‌ගතා සම්‌මාපටිපන්‌නා යෙ ඉමඤ්‌ච ලොකං පරඤ්‌ච ලොකං සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා
පවෙදෙන්‌තීති. යන දස කරුණයි. මේ එක් එක් කරුණක්
ගෙන සලකා බලමු.
1.
අත්‌ථි දින්‌නං - දුන් දෙයෙහි විපාක ඇත.
2.
අත්‌ථි යිට්‌ඨං-
පුදන ලද්දේ විපාක ඇත.
3.
අත්‌ථි හුතං-
හෝම නමි වන මහා පුජාවන්ගේ විපාක ඇත.
4. අත්‌ථි සුකටදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකො-
යහපත්කොට කරණ ලද නපුරුකොට කරණ ලද,
කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත.
5. අත්‌ථි අයං ලොකො-
මෙලොව ඇත.
6. අත්‌ථි පරො ලොකො
- යාමට පරලොවක් ඇත.
7.
අත්‌ථි මාතා -
මවට කරණු ලබන්නෙහි විපාක ඇත.
8. අත්‌ථි පිතා -
පියාට කරනු ලබන්නෙහි විපාක ඇත.
9. අත්‌ථි සත්‌තා ඕපපාතිකා-
කර්ම විපාකත්වයට පත්වීමි වශයෙන් සියළු අග පසඟ
සමිපර්ණව පහලවීමි වශයෙන් උපත ලබන දේව කොටිඨාශ, භ්‍රහ්ම කොටිඨාශ, ප්‍රේතයන්, නේරයික සත්ත්වයින් ආදී ඕපපාතිකව උපදින සත්ත්වයින් ඇත.
10.අත්‌ථි ලොකෙ සමණබ්‍රාහ්‌මණා
සම්‌මග්‌ගතා සම්‌මාපටිපන්‌නා යෙ ඉමඤ්‌ච ලොකං පරඤ්‌ච ලොකං සයං අභිඤ්‌ඤා
සච්‌ඡිකත්‌වා පවෙදෙන්‌තීති-
යමෙක් මෙලොවද, පරලොවද, තමාගේම
විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, ලෝකයෙහි එබදු
යහපත් මාර්ගයට ගියාවූ යහපත් මාර්ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්
ඇත.
ඒ අනුව පටිචිච සමුප්පාදයේ අවිද්‍යාව පිළිබඳ සලකා බැලූ
අවස්ථාවේ දී, දෘෂ්ටින් පිළිබඳව ද සාකවිඡා කරනු ලැබුවා. අවම වශයෙන් මෙබදු සම්‍යක් දෘෂ්ටියක් හෝ නැති තැනැත්තන් මෙම දෘෂ්ටි ජාලාවට
ඒකාන්ත වශයෙන්ම හසුවීම සිදුවනවා පමණක් නොව, ඒ තුලින්
නියත වශයෙන්ම අපාගාමි විම සිදුවනව බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනු ලබනවා.
මෙම දසවස්තුක
සම්‍යක් දෘෂ්ඨිය පිළිබඳව පිළිබඳ ගැඹුරු අර්ථ කථනයක් මෙහි දී ඉදිරිපත් කිරිමට
බලාපොරොතතු නොවූවත් ඔබගේ තර්කණයට ප්‍රමාණවත් වන පරිදි මෙම කරුණු පහදා දුනහොත් ඔබ මේ
කරුණු ඔබගේ ජිවිතයට එකතු කර ගැනිමට සුදානමිද?
සත්‍ය වශයෙන්ම මගේ දැනුමේ අවම සිමාව තුල, මේ කරුණු ජීවිතයට එකතු කර ගැනිම
සුදුසු වන්නේ යැයි කියා මට හැඟි යනවා නමි, එම ධර්මයන් මගේ ජිවිතයට එකතු කර ගැනීමට, ඒ සම්‍යක් දෘෂ්ටිය ඇතිකර ගැනීමට මා මොහොතකට හෝ පැකිලෙන්නේ නැත.
සාදු!! සාදු!!! එසේනමි ඒ, එක් එක් කරුණක් ඉතාම සරල හා සාන්දිටිඨික මටිටමින් සලකා බලමු.



0 අදහස් හා විමසීමි:
Post a Comment