ඔබ මෙහිදී
විස්තර කරනනට යෙදුන ධර්ම කාරණාවන්හි ගැඹුරු බැවි හැඟී යන නමුත් මාගේ නිගමනය වන්නේ මෙම ධර්ම කරුණුවල ද පටිචිච සමුප්පාදය හා සමිබන්ධතාවයක්
ඇති බවයි.
ඔබට මුල් අවස්ථාවේ චතුරාර්‍ය
සත්‍ය පිළිබඳව ප්‍රකාශ නොකොට පටිචිච සමුප්පාදය ප්‍රකාශ කර සිටියේ ඔබට මෙම කරුණු
පහසුවෙන් අවභෝධ වීම පිණිසයි. ඒ අනුව සත්‍ය
වශයෙන්ම මේ ප්‍රකාශ කරන ලද දුඃඛ සමුදයාර්‍ය සත්‍ය පිළිබඳව ඔබට දැනටමත් ප්‍රමාණවත් දැනුමක්
පවතිනව බැවි පැවසුවහොත් ඔබ විමතියට පත්විය හැක. පඤ්චස්කන්ධය
පිළිබඳව කලින් ඇතිකරගත් දැනුම යලි ආවර්ජනය කරගනිමින්ම එසේ වන්නේ කෙසේදැයි බලමු. එසේම මෙම කරුණු ප්‍රකාශ කිරීමේ දී එවා වඩාත් හොදින් අවබෝධ විමට නමි එහි
සත්‍ය අසත්‍යතාවය ඔබේ සිතින්ම විමසා සිටින්නට අවශ්‍ය වනවා.
දැනටමත් ඔබ දන්නා පරිදි සත්ත්වයින්
බාහිර ලොකයේ ඇති අරමුණු පිළිබඳව සංවේදනයන් ලබාගන්නේ ඇස, කණ, නාසය, දිව, සහ ශරිරය යන පංච ඉන්ද්‍රියන්
මාර්ගයෙන්. මිනිසුන් ඒවා කෙරෙහි ඇලෙන්නේ,
තෘෂ්ණාව ඇතිකර ගන්නේ, මෙහි කලින් සඳහන් කල ප්‍රිය
භාවය හා මධුර භාවය යන්න ලෝකයේ ධර්මයන් කෙරේ ක්‍රියාත්මක විම නිසයි. ඒ අනුව මේ ප්‍රිය
භාවය හා මධුර භාවය යන්න කෙරෙහි මිනිසුන් ඇලෙන්නේය යන්න ප්‍රථමයෙන් ප්‍රකාශ කල
කරුනේ අර්ථයයි. ඉන්පසු සොයා බැලිය යුත්තේ, මෙම ප්‍රිය
භාවය, මධුර භාවය පවතින්නේ කුමක් කෙරෙහිද යන කාරුණයි. ඒ අනුව ඇස ආදි පංච ඉන්ද්‍රියන් කෙරේත් මනස කෙරෙහිත් මේ ප්‍රිය භාවය හා මධුර
භාවය පවතින බැවින් ඒවා කෙරේ තෘෂ්ණාව නැතහොත්
ඇලීමක් උපදින බව දෙවනුව ප්‍රකාශ කිරීමට යෙදුනා.
තෙවනුව මේ ඇස, කණ ආදි පංච ඉන්ද්‍රියන්ටත් මනසටත් ඒවාට අරමුණු වන රූප, ශබිද, ඝන්ධ, රස, ස්පර්ශ, ධමිම යන බාහිර අරමුණු කෙරෙහිත් තෘෂ්ණාව උපදින බැවින් ඒවාට සත්ත්වයෝ ඇලෙනව
බව දැනගනු ලැබුවා. ඒ අනුව මෙසේ සඳහන් කල තමගේ
ශරිරයේ ඇති ඇස කණ නාසය, ආදී පංචඉන්ද්‍රියත්, බාහිර තිබෙන රූප, ශබිද, ඝන්ධ ආදියත් මින් පෙර පඤ්චස්කන්ධය පිළිබඳව සාකචිඡා
කිරිමේ දී වර්ගිකරණයකට ලක් කල අයුරු ඔබේ
මතකයේ තිබිය යුතුය.
රූප, ශබිද,
ඝන්ධ ආදී වශයෙන් වන බාහිර අරමුණුත්, ඒ අරමුණු ලබාගන්නා ශරිරයේ ඇති ඇස, කණ, නාසය ආදී අධ්‍යාත්මික රූපත් පංචස්කන්ධයේ
රූපස්කන්ධය යන්න විස්තර කිරිමෙදී, රූපස්කන්ධය වශයෙන් මා වටහාගනු ලැබුවා. ඒ අනුව මනසත් එයට හේතුවන සිතුවිලි යන ධමිමත් යන්න අයත් වන්නේ නාමස්කන්ධයට යන්න
මාගේ වැටහීමයි.
ඔබ නිවැරදියි. ඒවා අයත් වන්නේ නාමස්කන්ධයටයි. මේ ආකාරයෙන්
අධ්‍යාත්මිකවූත් බාහිර වූත් ප්‍රිය හා මධුර භාවය ඇති කරන්නා වූ රූපයන් කෙරේ
නාමස්කන්ධයෙන් ඇතිකර ගන්නා වූ ඇලීම නිසා තෘශ්ණාව ඇතිවනු ලබනවා. මෙලෙසින් රූපස්කන්ධයේ ඇති ප්‍රිය භාවය මධුර භාවය පිළිබඳ තෘෂ්ණාව ඇතිවිම
නිසා එම රූපස්කන්ධය රූපෝපාදානස්කන්ධයක් බවට පත්වනවා.
ඉන්පසු ප්‍රකාශකලේ චක්ඛු විඥානය, සෝත විඥානය ආදිය කෙරෙහිත් තෘෂ්ණාව ජනිතවන බවයි. චක්ඛු විඥානය, සෝත විඥානය ආදිය පිළිබඳ
කලින් ඔබ ඇතිකර ගත් දැනුමක් මේ වන විට ඔබ සතුව පවතිනවා. ඒ අනුව මෙහි දී අදහස් වන්නේ ඇස, කණ, නාසය
ආදියෙන් යුත් ෂඩායතනය රූප, ශබිද ආදී අරමුණු වල ගැටිමෙන්
ඇතිවන දැනිම හෙවත් විඥානයයි. මෙය
පංචසකන්ධය පිළිබඳව සාකවිඡාවේදි පහදා ගනු ලැබුවේ විඥාන ස්කන්ධය වශයෙන්. එෙස්ම මේ ඇසත් රූපත් ඇතිවිට සිදුවන ගැටිම පටිචිච සමුප්පාද සාකවිඡාවේ දී
ඵස්සය නැතහොත් ස්පර්ශය වශයෙන් හදුනා ගනු ලැබුවා. මෙම විඥාන ස්කන්ධය ඇතිවිමට හේතුවූ රූප කෙරෙහි තෘෂ්ණාව උපදින බව කලින්
සාකවිඡා කරනු ලැබුවා. එමෙන්ම ඒ රූපයන් හා නාමයන්
ගැටිමෙහිත් යමි ප්‍රිය බවක් හා මධුර බවක් පවතිනවා. එයටත් සත්ත්වයින් ඇලීම සිදුවනවා. ඒ ගැටිම
තුලන් උපන් විඥානයටත් සත්ත්වයින් ඇලීම-බැදීම සිදුවනවා. මෙසේ මෙම ස්පර්ශයටත් ඒ තුලින් උපන් විඥාන ස්කන්ධයටත් සත්ත්වයෝ ඇලීම නිසා, විඥාන
ස්කන්ධය විඥාන උපාදානස්කන්ධයක් බවට පත්වීම සිදුවනවා.
ඉන්පසු ප්‍රකාශ කරනු ලැබුවේ මෙම
ගැටිම තුලින් උපන් වේදනාව කෙරෙහිත් සත්ත්වයින්ගේ ඇලීමක් සිදුවන බවයි. මේය පඤ්චස්කන්ධය
පිළිබඳ සාකචිඡාවේ දී ඇස ගැටිමෙන් ඇතිවන වේදනව, කණ
ගැටිමෙන් ඇතිවන වේදනාව ආදී වශයෙන් හදුනා ගත් අයුරු ඔබට මතක ඇති. මෙසේ ෂඩායතනය අරමුණු හා ගැටිම නිසා ඇතිවන වේදනා ස්කන්ධය කෙරෙහිත් තෘෂ්ණාව ඉපදීම
සිදුවීමෙන් මේ ආකාරයෙන්ම වේදනා ස්කන්ධය වේදනා උපාදානාස්කන්ධයක් බවට පත්වීම
සිදුවනවා.
ඉන්පසු සඳහන් කරන්නට යෙදුනේ
චක්ඛු සංඥාව ආදී සංඥා කෙරෙත් තෘෂ්ණාව ඇතිවීම සිදුවන්නේය යන කරුණයි. මෙම සංඥාව යන්න පඤ්චස්කන්ධය පිළිබඳව සාකචිඡාවේ දී චක්ඛායතනය ආදි ෂඩායතන නිසා ඇතිවන හඳුනාගැනිමි
වශයෙන් හදුනාගනු ලැබුවා. ඒ අනුව මෙම සංඥා කෙරෙහිත් සත්ත්වයින්ට තෘෂ්ණාව ඇතිවීම
සිදුවනවා. මෙසේ දංඥාව කෙරේ තෂණාව උපන්
පසු එම සංඥා ස්කන්ධයත් සංඥා උපාදානස්කන්ධයක් බවට පත්වීම සිදුවනවා.
මෙසේම චක්ඛු සංචේතනාව ආදි
චේතනාව කෙරෙහිත් සත්ත්වයින්ගේ ඇලෙන බවක් පවතිනවා. චේතනාවම කර්මය වන බවත්, මෙම කර්ම
යන්න ක්‍රියා නැතහොත් කය, සිත, වදන මෙහෙයවිමෙන් කරනා සංඛාර ස්කන්ධයේ පැවැත්ම යන කරුණත් ඔබ පඤ්චස්කන්ධය
පිළිබඳව සාකචිඡාවේ දීත් පටිචිච සමුප්පාදයෙ දීත් දැනුවත් වූවා. ඒ අනුව සත්ත්වයින්ට මේ සංස්කාර කෙරෙහිත් තෘෂ්ණාව උපදිනවා. මෙසේ සංඛාර ස්කන්ධයත් සංස්කාර උපාදානස්කන්ධයක් බවට පත් වනවා.
මේ ආකාරයෙන්ම පවතින්නාවු පඤ්චස්කන්ධය
කෙරෙහිම තෘෂ්ණාව ඇතිවිම නිසා, ඒ පඤ්චස්කන්ධය
පංචඋපාදානස්කන්ධයක් බවට පත්වීම සිදුවනවා. ඒ අනුව මේ
පංච උපාදානස්කන්ධය පවතින්නේ ද උපදින්නේ ද පඤ්චස්කන්ධය තුලමය.
ඊලඟ කරුණ වශයෙන් සඳහන්
කරන්නට යෙදුනේ මෙසේ උපන් උපාදානයන් පිළිබඳ නැවතත් තෘෂ්ණාව උපදින බවයි. එනමි රූප තණ්හාව කෙරෙහිත් ධමිම තණ්හාව කෙරෙහිත් තෘෂ්ණාව උපදින බවට ප්‍රකාශ
කරනු ලබුයේ එයයි.
එසේම රූප හා ධමිම විචාරය කෙරෙහිත්, රූප හා ධමිම විතර්කය කෙරෙහිත් තෘෂ්ණාව උපදිනවා. මේයින් අදහස් වන්නේ මෙම පංච උපාදානස්කන්ධය මඟින් මෙහෙයවනු ලබන්නාට රූපයන්
හා ධමිමයන් සෙවිම කෙරෙහිත්, ඒ පිළිබඳව සිතිම කෙරෙහිත්
තෘෂ්ණාව ඇති වනවා යන කරුණයි.
ඒ අනුව මෙම පඤ්චස්කන්ධය
පුරාම ප්‍රිය උපදවන්නා වූ මධුර බව පවතින නමුත් මේ ප්‍රිය
බවත් මධුර බවත් නිසා දුකක් ඇතිවන බව ඔබ මේ සාකචිඡාවේ මුල් අවස්ථාවේ තෙරුමි ගනු
ලැබුවා. මෙසේ පංචඋපාදානස්කන්ධයක් බවට පත්වුයේ
ද මේ ප්‍රිය බවත් මධුර බවත් ඇති පඤ්චස්කන්ධයමයි. මේ පංචඋපාදානස්කන්ධය තුලත් ප්‍රිය බව හා මධුර බව ඇති නිසා ඒ තුලින්
ඇතිවන්නෙ ද දුකක්මය. දුක්ඛාර්‍යසත්‍ය සාකවිඡාවේදි
මේ පංච උපාදානස්කන්ධයම කෙටියෙන් දුකක් වශයෙන් ප්‍රකාශ කලේ කවර කරුණක් නිසාද යන්න ඔබට
දැන් අවභෝධ වීමට අවශ්‍ය වනවා.
සාදු සාදු! ඉතාමත් තර්කානුකූලයි. මේ සාකචිඡාව තුල දී මතුවූ මට අපැහැදිලි වූ වෙනත් කරුණු 03ක් පිළිබඳව දැන ගැනීමට මා කැමැත්තෙන් පසු වනවා. ඒනමි, කාම තණ්හාව, භව තණ්හාව හා විභව තණ්හාව යනු මොනවාද යන කාරණාවයි.
මාගේ නාම
කාය පෝෂණය
කල අතිඋත්තම
දන්කන්දේ ධමිමරතන හිමියන්ටත්, උඩුගම
ථේරිකා තෙරණින්වහන්සේටත්,
මාගේ රූප
කාය පෝෂණය
කල රංජනි
ජයසුන්දර අපගේ
මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර
අපගේ පියාණන්ටත්,මේ
ගත පුජාවක්
වේවd! ඔවුන් නිදුක්
නීරෝගී වේවා!! චිර ජීවනය
වේවා!!
සියළුම හිමිකමි
අවිරිණි
නීතිඥ තනූජ
කේ. ජයසුන්දර විසිනි
උපුටාගැණිම මත
ශ්‍රී ලංකාවේ
තත්කාලීන ක්රියාත්මක
නීතිය යටතේ
වගකීමට යටත්
වනු ලැබේ.
නිර්වාණය සාක්ෂාත්
කිරීමට අවැසි
අයෙක් වේ
නමි, තාමත් එයට
කාලයයි. ඒ සඳහා
සාර්ථකව මඟ පෙන්විය
හැකි ස්ථාන
ලංකාව තුලත්
ඇත. කල යුත්තේ
එබදු ස්ථානයක්
හා සමිබන්ධ
වී ගුරුවරයෙකු
ඇසුරේ කමටහන්
ලබා භවනාවේ
නියතු වීමයි. ඒ
සඳහා සුදුසුම ස්ථාන
ඇත.



0 අදහස් හා විමසීමි:
Post a Comment