කායික දුක
තත්ථ
කතමං දුක්ඛං? යං
කායිකං
අසාතං
කායිකං
දුක්ඛං
කායසම්ඵස්සජං
අසාතං
දුක්ඛං
වෙදයිතං, කායසම්ඵස්සජා
අසාතා
දුක්ඛා
වෙදනා
– ඉදං වුච්චති
දුක්ඛං.
කායික දුක නමි ශරිරයට දැනෙනා
සැප සහගත නොවු දුඃඛ වේදනාවයි. නිරන්තරයෙන්ම
සැප සහිත කායික වෙදනාවන්ම සොයන්නාවූ සත්ත්වයන්ට අත්විඳීමට සිදුවන දුක් වූ කායික
වේදනා ඒකාන්ත වශයෙන්ම දුකක් වන බැවින්, කායික වේදනාවන් දුකක් වන්නේය.
මානසික දුක
තත්ථ
කතමං
දොමනස්සං? යං
චෙතසිකං
අසාතං
චෙතසිකං
දුක්ඛං, චෙතොසම්ඵස්සජං
අසාතං
වෙදයිතං, චෙතොසම්ඵස්සජා
අසාතා
දුක්ඛා
වෙදනා
– ඉදං වුච්චති
දොමනස්සං.
මානසික දුක
නමි මනසෙහි හටගත් යමි දුක්සහගත වේදනාවයි. ප්‍රිය
වූත් මධුර වූත්, සොමිනස් සිතුවිලි කැමැත්තෙන්ම පසුවන සත්ත්වයින්ට අරමුණු වන මානසික
තැවුල් ඒකාන්ත වහයෙන්ම දුකක් වන බැවින් දෝමනස්සයන් දුකක් වන්නේය.
උපායාස දුක
තත්ථ
කතමො
උපායාසො? ඤාතිබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, භොගබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, රොගබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, සීලබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, දිට්ඨිබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන
බ්යසනෙන
සමන්නාගතස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන
දුඃඛධම්මෙන ඵුට්ඨස්ස
ආයාසො
උපායාසො ආයාසනා උපායාසනා
ආයාසිතත්තං
උපායාසිතත්තං
– අයං වුච්චති
උපායාසො.
උපායාසය දුක යනු යමි ඥාතින්, භෝග, රෝග, ශිලය, දිටිඨි, ආදි කවරකගේ හෝ විනාශයක් සිදුවු පසු එයින් පීඩාවට පත්වුවන්ට හටගන්නා වු ඉතා
අධික වු වෙහෙසයි. කායික හා මානසික වශයෙන්
සුවපත්ව සිටීමට කැමති සත්ත්වයින්ට අත්විදිමට සිදුවන කායික මානසික වේදනාවන් නිසා
ඇතිවන්නාවූ අධිකතර වෙහෙස දුකක්ම වනබැවින්, උපායාසය දුකක් වන්නේය.
අප්‍රිය
සමිපයෝග දුක
තත්ථ
කතමො
අප්පියෙහි
සම්පයොගො
දුක්ඛො? ඉධ
යස්ස
තෙ හොන්ති
අනිට්ඨා
අකන්තා
අමනාපා
රූපා
සද්දා
ගන්ධා
රසා
ඵොට්ඨබ්බා, යෙ
වා
පනස්ස
තෙ
හොන්ති
අනත්ථකාමා
අහිතකාමා
අඵාසුකාමා
අයොගක්ඛෙමකාමා, යා
තෙහි
සද්ධිං
සඞ්ගති
සමාගමො
සමොධානං
මිස්සීභාවො
– අයං වුච්චති
අප්පියෙහි
සම්පයොගො
දුක්ඛො.
අප්‍රිය
සමිපයෝග දුක යනු තමා අකමැති වන්නා වූ අමනාප වන්නා වූ රූප, ශබිද, ඝන්ධ, රස, ස්පර්ශ
ආදියත්, තවද තමාට යමි අවැඩ කැමති වූ, අහිත කැමති වූ තමාගේ සුවපත් බව අකමැති වූ,
අයෝග්‍යක්ෂේමය කැමති වූ යමි පුද්ගලයන් හා එක්විමට සිදුවිම නිසා සිදුවන දුඃඛදායක
අපහසුතාවයි. ප්‍රියයන්ම ප්‍රියවන්නාවූ
සත්ත්වයන්ට අප්‍රියයන් හා එක්වීමට සිදුවීම ඒකාන්ත වශයෙන් දුකක් වන බැවින් අප්‍රිය
සමිපයෝගය දුකක් වන්නෙය.
ප්‍රිය
විප්පයෝග දුක
තත්ථ
කතමො
පියෙහි
විප්පයොගො
දුක්ඛො? ඉධ
යස්ස
තෙ
හොන්ති
ඉට්‌ඨා
කන්තා
මනාපා
රූපා
සද්දා
ගන්ධා
රසා
ඵොට්ඨබ්බා, යෙ
වා
පනස්ස
තෙ
හොන්ති
අත්ථකාමා
හිතකාමා
ඵාසුකාමා
යොගක්ඛෙමකාමා
මාතා
වා
පිතා
වා
භාතා
වා
භගිනී
වා
මිත්තා
වා
අමච්චා
වා
ඤාතී
වා
සාලොහිතා
වා, යා
තෙහි
සද්ධිං
අසඞ්ගති
අසමාගමො
අසමොධානං
අමිස්සීභාවො
– අයං වුච්චති
පියෙහි
විප්පයොගො
දුක්ඛො.
ප්‍රිය විපප්යෝග දුක යනු තමා
කැමැති වන්නා වූ මනාප වන්නා වූ රූප, ශබිද, ඝන්ධ, රස, ස්පර්ශ ආදියත්, මව, පියා,
බෑනා මිත්‍රයෝ, යහළුවෝ, සහලේ ඥාතීන්, තමාගේ වැඩ කැමති, සිත කැමති, සුව කැමති යමි
කෙනෙක් වෙත්ද ඔවුන් සමඟ යමි එක් නොවීමක්, අමිශ්‍රභාවයක්, අසමාගමයක් වේද ඒ නිසා
හටගන්නාවු දුකයි. අප්‍රියයන් ගෙන් වෙන්ව
විසීමට කැමති සත්ත්වයින්ට අප්‍රියයන් හා එක්වවීමට සිදුවීම ඒකාත් දුකක් වන බැවින්
අප්‍රිය සමිපයෝගය දුකක්ම වන්නේය.
කැමති දෑ
නොලැබීයාමේ දුක
තත්ථ
කතමං
යම්පිච්ඡං
න
ලභති
තම්පි
දුක්ඛං? ජාතිධම්මානං
සත්තානං
එවං
ඉච්ඡා
උප්පජ්ජති
– ‘‘අහො
වත
මයං
න
ජාතිධම්මා
අස්සාම, න
ච
වත
නො
ජාති
ආගච්ඡෙය්යා’’ති. න ඛො
පනෙතං
ඉච්ඡාය
පත්තබ්බං
– ඉදම්පි
යම්පිච්ඡං
න
ලභති
තම්පි
දුක්ඛං. ජරාධම්මානං
සත්තානං…පෙ.… බ්යාධිධම්මානං
සත්තානං…
මරණධම්මානං
සත්තානං…
සොකපරිදෙවදුඃඛදොමනස්සුපායාසධම්මානං
සත්තානං
එවං
ඉච්ඡා
උප්පජ්ජති
– ‘‘අහො වත මයං
න
සොකපරිදෙවදුඃඛදොමනස්සුපායාසධම්මා
අස්සාම, න
ච
වත
නො
සොකපරිදෙවදුඃඛදොමනස්සුපායාසා
ආගච්ඡෙය්යුන්ති. න ඛො
පනෙතං
ඉච්ඡාය
පත්තබ්බං
– ඉදම්පි
යම්පිච්ඡං
න
ලභති
තම්පි
දුක්ඛං.
කැමති දෑ නොලැබියාමෙ දුක යනු
ජාතිය, ජරාව, වියාධිය, මරණය, සොකය, පරිදේවය, දුඃඛ
දෝමනස්ස, උපායාස ස්වභාව කොට ඇති සත්ත්වයින්ට එසේ නොවේවා, මෙසේ වේවා කියා තමන් සිත
තුල ඇතිවන ප්‍රාර්ථනා ඉෂ්ඨ නොවිම කැමති දෑ නොලැබියාමෙ දුඃඛයයි. තමා රිසිවන දෑ ඒ අයුරෙන්ම ලැබීමට
කැමති වන සත්ත්වයින්ට එසේ තමා රිසිවන දෑ නොලැබී යාම ඒකාත්ත දුකක් වන බැවින් කැමති
දෑ නොලැබීයාම දුකක්ම වන්නේය.
තත්ථ
කතමෙ සඞ්ඛිත්තෙන
පඤ්චුපාදානක්ඛන්ධා
දුක්ඛා? සෙය්යථිදං
රූපූපාදානක්ඛන්ධො වෙදනුපාදානක්ඛන්ධො
සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො
– ඉමෙ වුච්චන්ති
සඞ්ඛිත්තෙන
පඤ්චුපාදානක්ඛන්ධා
දුක්ඛා. ඉදං වුච්චති
දුක්ඛං
අරියසච්චං.
මෙම පාඨයේ අර්ථය වනුයේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පංච උපාදානස්කන්ධයම
දුකක් වන බවයි. මෙහි කලින් සඳහන් කල ජාති,
ජරා- මරණ ආදිය දුකක් වන ආකාරය සරලව තේරුමි ගත හැකි නිසාත්. ඒ සමිබන්ධව ඔබට දැනටමත් ප්‍රමාණවත් දැණුමක් ඇති නිසාත්, පංච උපාදානස්කන්ධය
පිළිබඳවත් එය දුකක් වන ආකාරය පිළිබඳවත් සාකවිඡා කිරීම සුදුසු වනු ඇත. වියපත් වන්නාවු සත්ත්වයෝ වියපත් නොවී සිටින්නට කැමතියි. රෝගයන්ට පත්වන සත්ත්වයෝ නීරෝගීවම සිටින්නට කැමතියි. මරණයට පත්වන සත්ත්වයෝ නොමැරී සිටින්නට ම කැමතියි. ප්‍රියයන් හා ප්‍රිය අරමුණු සමඟම සිටින්නට කැමති සත්ත්වයෝ ප්‍රියයන්ගෙන්
වෙන්නොවීමට කැමතියි. අප්‍රියයන්ට හා අප්‍රිය
අරමුණු කෙරෙහි අකමැති සත්ත්වයෝ අප්‍රියයන්
හා එක් නොවී සිටින්නට ම කැමැතියි. බොහෝ දෙයට කැමති වන සත්ත්වයෝ ඒ කැමති දෑ ඒ
අයුරෙන්ම ලබන්නට කැමතියි. මෙසේ ඉශ්ඨවුත් මනාප වන්නාවු වූත්
ධර්මයන් නිසා දුක් ඇතිවන ආකාරය කලින් දුඃඛ ලක්ෂණයේ දී පහදා ගනු ලැබුවා. එසේ ප්‍රිය වූත් මධුරවූත් දෑ කෙරේ සත්ත්වයින් කෙතරමි කැමති වුවත් ඒ කැමති
වන දෑ ඒ අයුරෙන්ම ලබන්නට බැරිවන්නේ ඒ ධර්මයන් හි ඇති අනිත්‍ය බව හා අනාත්ම බව නිසා
බවත් වැඩිදුරටත් පහදා ගනු ලැබුවා. ඒඅනුව බලන විට මේ පංචස්කනධ ධර්මයන්ගේ පැවැත්ම ම දුකේ පැවැත්ම බව ඔබට දැන්
තෙරුමි යන්නට අවශ්‍ය වනවා. මේ සෑම ධර්මතාවයක් තුලන්ම
ඇතිකර දෙන්නේ දුකක්ම පමණක් බැවි ඔබට දැන් ප්‍රඥා ඇසින් බලනා විට පෙනී යන්නට අවශ්‍ය
වනවා.
මේ ලොකත්‍රයේ යමිතාක් ඉශ්ඨ
වුත් අනිශ්ඨ වුත් අරමුණු ඇත්ද ඒවාත්, මේ පංචස්කන්ධ
ධර්මයන් සියල්ලත් මහා දුක් ගොඩවල් බව ඔබට දැන් යමි තරමකට හෝ වැටහෙන්නට අවශ්‍ය වනවා. එසේනමි සත්‍ය වශයෙන්ම සංස්ඛාරයන්ගේ ඇති සත්‍ය ස්වභාවය දුකඛතාවයම වන බව ඔබට
පැහැදිලි විය යුතුවනවා. දුඃඛ සත්‍ය යනුවෙන්
හදුන්වන්නේ මෙයයි.
එම කරුණ ත්‍රිලක්ෂණයේ
දී මා ඇතිකරගත් දුඃඛ ලක්ෂණය පිළිබඳව වූ දැනුම මත පහසුවෙන් වටහා ගැනීමට හැකි වූවා. සත්‍යවශයෙන්ම සැපක් කියා සිතා සිටිනා මේ කිසිදු දෙයක සත්‍යවශයෙන්ම ඇති
සැපයක් නැති බවත්. කවර දෙයක්
තුලින් වුවත් නියත වශයෙන්ම ඇතිකර දෙන්නේ දුකක්ම පමණක් වන බවත් දැන් මා ප්‍රත්‍යක්ෂ
ලෙසම දන්නා කරුණක්. ඒ දැණුම
අතිශය පුදුමාකාරයි. නමුත් පංච උපාදානස්කන්ධය
පිළිබඳවත් එය දුකක් වන ආකාරය පිළිබඳවත් නිරවුල් අවභෝධයක් මා සතු නොවන බව මට හැඟී
යනවා.
මේ තාක් එය සාකච්ඡා නොකලේ පංච
උපාදානස්කන්ධය පිළිබඳව දුඃඛ සමුදයාර්‍ය සත්‍යයේ දී විස්තර වන බැවිනි. එසේ නමි දුඃඛ සමුදයාර්‍ය සත්‍ය පිළිබඳව පහදා
ගනිමු.



0 අදහස් හා විමසීමි:
Post a Comment