තත්ථ
කතමං
දුක්ඛං
අරියසච්චං? ජාතිපි
දුක්ඛා, ජරාපි
දුක්ඛා, මරණම්පි
දුක්ඛං, සොකපරිදෙවදුඃඛදොමනස්සුපායාසාපි
දුක්ඛා, අප්පියෙහි
සම්පයොගො
දුක්ඛො, පියෙහි
විප්පයොගො
දුක්ඛො, යම්පිච්ඡං
න
ලභති
තම්පි
දුක්ඛං; සඞ්ඛිත්තෙන
පඤ්චුපාදානක්ඛන්ධා
දුක්ඛා.
දුඃඛ ආරිය සත්‍ය
යනු කුමක්ද? ඉපදීම, ජරාව, මරණය, සෝකය, හැඩීම, කායික දුක, මානසික දුක, උපායාසය, අප්‍රියයන් හා එක්විම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දෙය
නොලැබීමේ දුක. සැබවින්ම උපදානස්කන්ධ පසම
දුකක් වනවා.
ජාති දුක
තත්ථ
කතමා
ජාති? යා
තෙසං
තෙසං
සත්තානං
තම්හි
තම්හි
සත්තනිකායෙ
ජාති
සඤ්ජාති
ඔක්කන්ති
අභිනිබ්බත්ති
ඛන්ධානං
පාතුභාවො
ආයතනානං
පටිලාභො
– අයං වුච්චති
ජාති.
ඉපදිම නමි කුමක්ද? ඒ ඒ සත්ත්වයින් ඒ ඒ සත්ත්ව නිකාය වල යමි ඉපදීමක්, මනාලෙස ඉපදීමක්, ප්‍රකටව පහල වීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ
පහළවීමක් වේද මෙය ඉපදීමයි.
කලින් පටිචිච සමුප්පාදය පිළිබඳව
උගත් අවස්ථාවේ දී ජාතිය හේතුවෙන් ජරා-මරණ ආදී සකල දුක්ඛයේ පහල වීම සිදුවන බව පහදා
ගනු ලැබුවා. ඒ අනුව එනයින්ම ජාතිය දුකක්ම වන්නේය. මෙයට අමතරව මිනිසෙකු වශයෙන් උපත
ලබන්නාවූ උප්පත්ති මොහොත ද ඒකාන්ත වශයෙන්ම දුකක් වන්නේය. මේ බව විශුද්ධි මාර්ග
සන්නසේ “යඤ්චාපි ගුථ නරකේචිය මාතු ගබිභේ” ආදී වශයෙන් පාඨයක් මඟින් පහදා
දෙනු ලැබෙනවා. එහි සංශේප අථය වන්නේ මෙයයි.
“මේ සත්ත්වයෝ මවිකුස උපදින්නේ
මහනෙල් ආදී පියුමි ගැබක්
තුල නොවෙයි. වැලි ආමාශයට යට, පක්වාසයට
උඩ, උදරපටල හා කොඳු ඇට මැද, ඉතා පටුවූ, ඝණ
අන්ධකාර වූ, පිත් සෙමි, මළ, මුත්‍රා
ආදියෙන් යුතුවූ ඉතා දුඟඳ වාතය හමන්නාවූ, මව ගේ වයස යමි සේද එතරමිම පැරණි වූ, වැසිකිලියක් බදු වූ නිසා ඒ තරමිම පිලිකුල් වූ, කුක්ෂි ප්‍රදේශයේය. (ගර්භාශ ප්‍රදේශයේ) කුනුමස්, කුණුවු අපද්‍රව්‍ය යමි සේ වේද, නිවෙස්වල වැසිකිලි වලවල් යමි සේ වේද, එහි යමි පණුවන් ආදින් උපත ලබයිද, එලෙසින්ම මිනිසුන් උපත ලබයි. මෙසේ උපත ලබනා මිනිසා
(මිනිස් කළලය) දස මස් කාලයක් මුලුල්ලේ මවි
කුස හටගත් තේජෝ ධාතුවෙන් (මවිකුස ඇති උශ්ණත්වයෙන්) වන්ඩුවේ දමා තමිබන බෙහෙතක් සේ පැසෙන්නේය. පිටි පිඩක් සේ උයනු ලබන්නේය. යටිහක්තෙ තබා
හකුලා ගත් අත් දෙකින් සහ, උත්කුටියෙන් හකුලා ගත් දෙපා ඇතිව (ඇණ තබාගත් දෙපා යන්න) අධිකතරවු
දුකක් මාස 10 ක් මුලුල්ලේ විදින්නේය.
මෙසේ මවි කුසේ වාසය කරන
දරුවා, මව පය පැකිලි වැටෙනා විට, යාමිය, හිදීමය, නැගිටීමය, පෙරළිමය යනාදිය කරනා විට,
අධික ලෙස මත්පැන් පානය
කල බේබද්දෙකුගේ අතට හසුවූ දික් වූ ලොමි ඇති එළු පැටවෙකු මෙන්ද, අහිකුණ්ඨකයෙකු අතට
පත් නියි පැටවකු මෙන්ද, ඉදිරිට
ඇදී යාම, ඔබනොඹ ඇදීයාම, යටි අතට හරවා සෙලවීම ආදිය
කරන්නාක් මෙන් තත්වයට පත්වී අධික දුකකට පත් වන්නේය.
මව සිසිල් පැන් පානය කරනා
විට සීත නරකයේ උපන් සත්ත්වයෙකු
මෙන්ද, උනු කැඳ බත් අනුභව කරනා විට, අඟුරු වැස්සකට මැදිවූයෙකු මෙන්ද දරුනු වු දුකක් විදින්නේය. දස මසක් එවන් දුක් විඳි මොහුට
මව වදනා විට දී ගර්භාශ බිත්තියේ ඇකිලීමි හා පෙරළිමි
නිසා, හිස පහළට කැරකරවී පටුවූ යොනි
මාර්ගය තුලට ඇතුළවී ගමන් ගැනීම හා පිටතට
ඇද දැමිමේ දී, යතුරු සිදුරකින් හස්ති
රාජයෙකක් ඇද ගන්නා සේ මහත් වූ දුකක් තැලීම
නිසා හට ගන්නේය.” මේ අනුව සැබවින්ම උපත දුකක් නොවන්නේද?
වියපත්
වීමේ දුක
තත්ථ
කතමා ජරා යා
තෙසං
තෙසං
සත්තානං
තම්හි
තම්හි
සත්තනිකායෙ
ජරා
ජීරණතා
ඛණ්ඩිච්චං
පාලිච්චං
වලිත්තචතා
ආයුනො
සංහානි
ඉන්ද්රියානං
පරිපාකො
– අයං වුච්චති
ජරා.
ජරාව නමි කවරක්ද? සත්ත්වයින් යමි දිරිමට ලක්විමක්, දත්
ආදීන්ගේ යමි කැඩුන බවක්, කෙස් ආදීන්ගේ යමි පැසුන බවක්, ඇඟ රුලිවැටිමක්, ආයුශයේ පිරිහීමක්, ඉන්ද්‍රියන්ගේ පිරිහීමක් වේද මෙය ජරාවයි. වියපත් නොවී සිටිමට කැමැති සත්ත්වයෝ වියපත් වීම නිසා ඒකාන්ත වශයෙන් ලබන්නේ
දුකකි. එබැවින් වියපත් වීම දුකකි.
මරණ දුක
තත්ථ
කතමං මරණං? යා තෙසං
තෙසං
සත්තානං
තම්හා
තම්හා
සත්තනිකායා
චුති
චවනතා
භෙදො
අන්තරධානං
මච්චු
මරණං
කාලකිරියා
ඛන්ධානං
භෙදො
කළෙවරස්ස
නික්ඛෙපො
ජීවිතින්ද්රියස්සුපච්ඡෙදො
– ඉදං වුච්චති
මරණං.
මරණය නමි සත්ත්වයිගේ ඒ ඒ
සත්ත්ව නිකායෙන් යමි චුත වීමක්, චුතවන
ස්වභාවයක්, බිඳීමක්, අතුරුදහන් විමක්, මරණයක් කාල ක්‍රියාවක් මළ
සිරුරු බහා තැබීමක්, ජීවිතින්ද්‍රියාගේ යමි
බිඳීයාමක් වේද එය මරණයයි. සැමදා ජීවත් වීමට කැමති
සත්ත්වයින් මරණයට පත්වීම තුලින් ඔවුන් ඇතිවන්නේ ඒකාන්ත දුකකමය. එබැවින් මරණය
දුකකි.
සෝක දුක
තත්ථ
කතමො
සොකො? ඤාතිබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, භොගබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, රොගබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, සීලබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, දිට්ඨිබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන
බ්යසනෙන
සමන්නාගතස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන
දුඃඛධම්මෙන
ඵුට්ඨස්ස
සොකො
සොචනා
සොචිතත්තං
අන්තොසොකො
අන්තොපරිසොකො
චෙතසො
පරිජ්ඣායනා
දොමනස්සං
සොකසල්ලං
– අයං වුච්චති
සොකො.
ශෝකය නමි ඥාතින්, භෝග, රෝග , ශිලය, දිටිඨි, ආදි කවරකගේ හෝ විනාශයක් නිසා සිතේ ඇතිවන යමි තැවිමක්, ශෝකයක් ශෝක කරන අයුරක්, ශෝක කල
බවක්, චිත්තයාගේ හාත්පස දැවීමක්, දොමිනසක් දුක් හුලක් වේද එය ශෝකයයි. ප්‍රීතියෙන්ම,
දුඛයෙන්ම සිටීමට කැමති සත්ත්වයින්ට එසේ කෙතරමි කැමති වුවද සෝකයන් පැමිණිම
නොවැලැක්විය හැක. එසේ උපදින සෝකය සතුට ප්‍රියවූ සත්ත්වයින්ට ඒකාන්ත වශයෙන් දුකකි.
පරිදේව දුක
තත්ථ
කතමො
පරිදෙවො? ඤාතිබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, භොගබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, රොගබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, සීලබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, දිට්ඨිබ්යසනෙන
වා
ඵුට්ඨස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන
බ්යසනෙන
සමන්නාගතස්ස, අඤ්ඤතරඤ්ඤතරෙන
දුඃඛධම්මෙන
ඵුට්ඨස්ස
ආදෙවො
පරිදෙවො
ආදෙවනා, පරිදෙවනා
ආදෙවිතත්තං
පරිදෙවිතත්තං
වාචා
පලාපො
විප්පලාපො
ලාලප්පො
ලාලප්පනා
ලාලප්පිතත්තං
– අයං වුච්චති
පරිදෙවො.
ඥාතින්, භෝග, රෝග, ශිලය, දිටිඨි, ආදි කවරකගේ හෝ විනාශයක් නිසා හැඩීමි වැලපීමි නමි, ශෝකයන් නිසා ඇතිවන්නාවු යමි හැඩීමි වැලපීමි වේද, විලාප කිමි වේද, දෙඩවිමක් වේද එම හැඩිම හා
වැලපිමයි. හැඩීමි වැලපීමි වලින් තොරව
සිටිම කැමැති සත්ත්වයින්ට හැඩීමට වැලපීම සිදුවිම ඒකාත වශයෙන්ම දුකක් වන බැවින්
පරිදේවය දුකක් වන්නේය.



0 අදහස් හා විමසීමි:
Post a Comment