බුදු දහමේ ඇති විශේෂත්වය
ගැඹුරු ප්‍රශ්ණයක් වුවත් එයට
ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලබාදිය හැක. මේ
ලෝකයේ ආගමි දර්ශන බොහොමයක් ඇති බවට පැවසූ
කරුණ සත්‍යක්. මෙම අන්‍ය ආගමි හා දර්ශන ආදිය පිළිබඳව බුද්ධ භාෂිතය අන්තර්ගත වන ත්‍රිපිටකය
පුරා විසිරුණු පැහැදිලිකිරීමි රාශියක් ද අන්තර්ගතව පවතිනවා.
දීඝ නිකාය බ්‍රහ්මජාල සූත්‍රය, පාඨික
සූත්‍රය, දීඝ නිකාය සාමඤ්ඤඵල සූත්‍රය වැනි සූත්‍රයන්හි මේ පිළිබඳව බොහෝ පැහැදිළිකිරීමි
අන්තර්ගත වනවා. මාගේ අදහස වන්නේ, මේ
අවස්ථාවේ එම ධර්ම කරුණු ඔබට ඉදිරිපත් කලත් ද, එම ධර්ම කරුණු වටහා ගැනීම ඔබට
අපහසුවනු ඇති බවයි.
එබැවින් බුදු දහමේ ඇති
විශේෂත්වය පිළිබඳව සරලව ප්‍රකශ කලහොත්,
බුද්ධ දර්ශනය යනු
“දුක” කුමක්දැයි යන්න පහදා දෙන, “දුක ඇතිවිමේ හේතුව” කුමක්දැයි පහදා දෙන,
“දුක
නැතිවීම” යනු කුමක්දැයි පහදා
දෙන
සහ “දුක
නැති කිරීමේ මාර්ගය” කුමක්ද කියා පහදා දෙන දර්ශනයක් වශයෙන් හදුන්වා දිය හැක. මෙම
පැහැදිලිකිරීම තවත් පටු අර්ථයෙන් ප්‍රකාශකරනා
විට, බුදු දහම යනු සමිමුතියෙන්
පරමාර්ථය වෙන්කර, සමිමුතියත්, පරමාර්ථයත්
ඉක්මවා යන ආකාරය පහදා දෙන ධර්මයක් වශයෙන්
ප්‍රකාශ කිරීමට ද හැක.
ඔබ සඳහන් කල ආකාරයට
බුදු දහම යනු, දුක
නැතිකරන මාර්ගය ඉතාමත් විස්තරාත්මකව පහදා දෙන දර්ශනයක් නමි,
සත්‍යවශයෙන්ම මාගේ අවශ්‍යතාවය වන්නේ ද එම සුන්දර වූ මාර්ගය
පිළිබඳව දැන ගැනීමයි. අප කාගේත්
අවශ්‍යතාවය වන්නේ, දුක්-වේදනා,
දැවීමි-තැවීමි ආදියෙන් තොරව සාර්ථක දිවියක් ගතකිරීමයි.
මෙහිදි ඔබ සඳහන් කල සමිමුතිය සහ පරමාර්ථය යන්නෙන් කුමක් අදහස් වන්නේද
යන්න මා නොදන්නා බැවින්, ඒ පිළිබඳව පහදා දෙන් මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා.
සමිමුතිය හා පරමාර්ථය
අපගේ සාකවිඡාවට ආරමිභයක් වශයෙන් මා ඔබට ප්‍රකාශකරන්නා වූ උදාහරණය ෙත්රුමි ගැනීමට
හැකියාවක් ඇත්නමි, එයින්
ඔබට ඉතාමත් පහසුවෙන් සමිමුතිය හා පරමාර්ථය පිළිබඳව අවභෝධයක් ලබා ගැනීමට හැකි වනු
ඇත.
එසේනමි ඔබ සිටිනා ස්ථානයේ ලී මේසයක් ඇතැයි සිතමු. ඔබ
කුඩා කල සිටම මෙවැනි ස්වභාවයෙන් යුතු යමක් හැදින්වීමට භාවිතා කලේ “මේසය” යන
වදනයි. ඔබේ දෙමාපියන් ඔබට කියා දුන්
ආකාරයට, ලීයෙන් හෝ වෙනත් කුමන හෝ ද්‍රව්‍යකින් සෑදුන
තටිටුවකට කකුල් සතරක් සමිබන්ධ
වී ඇති වස්තුවකට සරලව “මේසය” යැයි ව්‍යවහාර කරනු ලබන අතර,
එසේ කුඩාකල සිට ඇතිවූ දැනුම මත, එවැනි
හැඩතලයකින් යුතු යමක් ඔබ මේසයක් වශයෙන් හඳුනා ගනු ලබනවා.
සත්‍යවශයෙන්ම මේසය යනු
කුමක්ද? මෙහි ලී තටිටුටක් තිබෙනවා.
එසේම එයට සමිබන්ධ වූ කකුල් නැතිනමි පාද සතරක් ද තිබෙනවා.
මෙම
ලී තටිටුව නිමවා තිබෙන්නේ ලෑලි කිහිපයක් එකට කලමිප කරීමෙන් විය හැක.
දැන් ඔබ සූදානමි වන්නේ, සමිමුතිය හා පරමාර්ථය පිළිබඳව අවභෝධයක් ලබා ගැනීමටයි.
ඒ අනුව ඔබ මේ මේසයේ පාද සතර
ගලවා පසකින් ගොඩගැසුවා යැයි සිතමු. මේ ආකාරයට
මේසයේ ලී තටිටුවත්, ලී
කැබලි වලට ගලවා පසකින් ගොඩගැසුවහොත්, එහි
දැන් ඇත්තේ කුමක්ද? එහි තවදුරටත් මේසයක් කියා
දෙයක් නැති බවත් ඒ වෙනුවට එහි තිබෙන්නේ ලී
ගොඩක් පමණක් වන බවත් ඔබට පැහැදිලි විය යුතුය. දැන්
මෙම ලී ගොඩ දෙස බලන්නාවූ කිසිවෙක් එයට මේසයක් යැයි නොපවසනු ඇත. නමුත්
මේ ලී ගොඩ වුයේත් කලින් මේසය යනුවෙන් හැදින්වූ දෙයම වන අතර යමි නිස්චිත හැඩතලයකට
අනුව සකස් කල විට නැවත මේසය වන්නේ ද මෙකී ලී ගොඩමය.
වැඩිමනත් අවභෝධය පිණිස මෙම ලී ගොඩ යතුගෑම වැනි ක්‍රමයකින් ලී කුඩු
බවට පත් කර ගොඩගසන ලද අවස්ථාවක් සලකා බලමු. ඒ
ආකාරයට ලී කුඩු බුවට පත්වූයේ කලින් මේසයක්ව තිබූ ලී කැබලිමය. මෙසේ ලී කුඩු බවට
පත්වූ පසු කිසිවෙක් ඒවා
තවදුරටත් ලී කැබලි යනුවෙන් හදුනා නොගනියි. එතැන් සිට ඒවා
හදුන්වනුයේ ලී කුඩු වශයෙනි. තවදුරටත් කිසිවෙක් කවර හේතුවක් නිසා හෝ මෙම ලී කුඩු වලට මේසය යැයි ව්‍යවහාර කිරීම
සිදුනොවන බව ඔබට පැහැදිලි විය යුතුය. මින් නොනැවතී
මෙම ලී කුඩු සමූහය යන්ත්‍රානුසාරයෙන් හෝ වෙනත් කුමන අකාරයකින් හෝ
ඇඹරීමට ලක්කර පිටි ස්වභාවයයෙන් යුත් ලී
පිටි ලබාගත්තා යැයි සිතමු. හාල් පිටි,
තිරිඟු පිටි වැනි ආකාරයට මෙම ලී කුඩුත් සියුමිව අඹරාගැනීමට හැකි වූයේ නමි, ලී
පිටි කියා ඒහි ද කිසිඳු වෙනසක් තිබීමට නොහැක. එවිට කලින් මේසයක්ව තිබූ දෙය දැන් පත්වී ඇති අවස්ථාව
හදුන්වනු ලබන්නේ “පිටි” යන වදන භාවිතා කරමිනි. මේ
අවස්ථාවේ දී මෙම පිටි ගොඩ දෙස බලනා කිසිවෙක් එය ලී කුඩු ලෙස හඳුනාගැනීම හෝ හෝ,
ලී කැබලි ලෙස හඳුනා ගැනීම හෝ මේසය ලෙස හඳුනාගැනීම සිදු නොවන්නක් බව ඔබ
වටහාගතයුතු කරුණක් වන්නේය. නමුත් මේ අවස්ථාවේ දී පිටි
ගොඩක් බවට පත් වී තිබෙන්නේ මින්පෙර අවස්ථාවේ මේසයක් වශයෙන් පැවති වස්තුව ම නොවේද?
මේසය යන්න අවස්ථා කිහිපයකදී
ලී ගොඩක්, ලී කුඩු ගොඩක් හා පිටි ගොඩක් බවට පත්වූ ආකාරය ඔබ දුටුවා. මේ සෑම
අවස්ථාවකට ම පත්වූයේ කලින් “මේසය” යැයි සඳහන් කරන්නට යෙදුන වස්තුව මය. තර්කානුකූලව
සිතනාවිට, මෙසේ ඔබ ඉදිරියේ ඇති සියුමිව කුඩුකරගත් ද්‍රව්‍යට මේසය කියා ව්‍යවහාර
කිරීමත්, පිටිගොඩ කියා ව්‍යවහාර
කිරීමත් අතරින් වඩා නිවැරදි වන්නේ කුමක්ද? ඒ
අනුව මේසය යන්න නිර්මාණය වී ඇත්තේ
කුඩා ලී පිටි අංශු විශාල ප්‍රමාණයක් එකට එක්වීමි වශයෙන් යැයි, ඔබට බුද්ධිමත්
නිගමනයකට එලඹිය හැක. නමුත් සමිමුතියක් වශයෙන් හඳුනා ගැනීමට, භාවිතාවේ පහසුවට සහ සාකවිඡාකිරිමේ
පහසුවට ලී පිටි යමි ආකාරයකට සකස් වු
විට එහි හැඩය, ස්වභාවය සහ
හැඩතලය මත එයට “මේසය” කියා ව්‍යවහාර කරනු ලැබේ. එසේ
වුවත් සත්‍යවශයෙන්ම එහි ඇත්තේ ලී පිටි බව ඔබ දැන් හදුනාගනු ලැබුවා.
මේ උදාහරණයේ ආකාරයට මේසය යන්න බෙදා දැක්වීමට හැකි පරම බෙදා දැක්වීම නැතිනමි, අවසාන
බෙදා දැක්වීම මේ ලී පිටි යන දෙය නමි, මේසයේ
පරමාර්ථය වන්නේ ද “ලී පිටි”
යන්නයි. ඒ අනුව මේසය යන්න සමිමුති ධර්මය
වශයෙනුත් එහි පරම බෙදා දැක්විම ලී පිටි
නමි, ඒ ලී පිටි පරමාර්ථ ධර්මය වශයෙනුත්
හඳුන්වනු ලබනවා. ඔබ
බුද්ධිමත් අයෙක් නමි, යමිතාක්
වන්නාවූ මේස සියල්ලමත්, අන්
සජීවී වුත් අජීවී වූත් සෑම සියළු වස්තුවක්මත් කලින් සඳහන් කල ආකාරයට, පිටි ගොඩවල් බවට පත් කිරීමට
හැකියාවක් පවතින අවභෝධ විය යුතු වනවා.
මේතාක් ප්‍රකාශ කල කරුණු මත
ඔබට සමිමුතිය හා පරමාර්ථය පිළිබඳ සරල අවභෝධයක්
ඇතිවිය යුතු අතර, අන් ආගමි දර්ශන සියල්ලම කථිකා කරනුයේ සමිමුතියේ පිහිටා සමිමුතියම ලඟා කර ගන්නා ආකාරය පිළිබඳවය.
නමුත් බුද්ධ දර්ශනය ඔබට පෙන්වා දෙනුයේ සමිමුතියේ පිහිටා,
එහි ඇති පරමාර්ථය දැක, ඒ
පරමාර්ථයත් ඉක්මවා යන ආකාරයයි. මේ කරුණ
මේ මොහොතේ ඔබට අවභෝධ නොවූවත්, අපගේ සාකවිඡාවේ අවසාන භාගයේ
දී මෙකී කරුණ ඔබට ප්‍රත්‍යක්ෂ ලෙසම අවභෝධ වනු ඇත.
ඔබ ප්‍රකාශ කල
උදාහරණය මත සමිමුතිය හා පරමාර්ථය යනු කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට යමි අදහසක් මා
සතුව පවතිනවා. නමුත්
බුදු දහම සමිමුතිය හා පරමාර්ථය පහදා දෙන්නේ කුමක් සඳහාද?



1 අදහස් හා විමසීමි:
බුදු දහම සමිමුතිය හා පරමාර්ථය පහදා දෙන්නෙ මිනිසා සමිමුතිය හා බැදීම නිසා සමිමුතිය අල්ලා ගැනීම නිසා සසරෙ නැවත නැවත දුකට පත්වන නිසයි . අනන්ත කල්ප ගණනාවක් පුරා බියකරු සසරෙ අැවිදිමින් දුකට පත් වන සත්වයා සසරින් ගලවා ගත හැකි වන්නෙ පරමාර්ථ වශයෙන් අල්වා ගන්නට දෙයක් නැති බව මෙලෙසින් බෙද බෙදා බලන විට හරියටම වැටහෙන නිසයි .
ඒහෙත් ඒය ඒතරමි පහසු නැත . මගෙම සුරතල් කුඩා පුතු කෙලෙසින් නමි පිටි බවට ,වතුර බවට, උණුසුමක්, සුළගක් පමනක් වන ලෙසින් මම කෙලෙස බෙදන්නද ? කෙලෙස දකින්නද? ඒහෙත් බියකරු සසරින් මිදෙන්න නමි මම මෙය කළ යුතුමයි . මෙලෙසින් දැකිය යුතුමයි . අනන්ත සසරෙ පුතු ,පුතු වශයෙන්ම දකින්නට සිත පුරුදු කර අැති නිසාත්, සිත පුරුදු වී අැති නිසාත් සිතට පුරුදුත් නැහැ පුතු පිටි ගොඩක්, සුළගක්, වායුවක්, උණුසුමක් පමණක් ලෙසින් දකින්නට .
ඒහෙත් මෙලෙස දකිමින් පුතු බිරිද හා අන් සියලු සෙනෙහෙවන්තයින් සමග ජීවත් වන්න පුරුදු වුවහොත් අපට සැමදාම සතුටින් ජීවත් විය හැකි වනු අැත .
බුදු දහම අපට සමිමුතිය සහ පරමාර්ථය පහදා දෙන්නෙ මෙලෙසින් අැත්ත අැති සැටියෙන් දැකීමෙන් සතුටින් හැමදාම ජීවත් වන්නට හැකි වන නිසයි .
Post a Comment