ප්‍රිය මිතුරනේ, මේ සුදානමි වනුයේ මෙම ලිපියේ සිට අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙළ සංශෝධිතව නැවත ඔබ වෙත තිලිණ කිරීමටයි. මෙහි කතෘ අයිතිවාසිකමි ඇත. උපුටා ගැණිම නීතිය යටතේ වරදකි. මෙම ලිපි පෙළ කියවන බුදු දහම පිළිබඳව කිසිදු අවභෝධයක් නැති අයෙකුට වුවද බුද්ධ දර්ශණය පිළිබඳව ඉතාමත් හොඳ අවභෝධයක් ලබාගත හැක. එසේම විදර්ශනා පිළිබඳවත් භාවනා සමිබන්ධවත් තවදුරටත් ඉදිරියේ දී සාකචිඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙහි දී අත්කර ගනු ලබන දැනුම නොමැතිව එයින් නිසි ඵල ලබාගැනීමය නොහැකිවීමට ඉඩ ඇත. එබැව්න් මෙම ලිපි පෙළ උතුමි නිර්වාණය පිණිසම ඔබට හේතු වේවායි ප්‍රාර්ථනා කර සිටිමි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සමිමා සමිබුද්ධස්ස.
බෞද්ධයා යනු කවරෙක්ද යන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් සොයා යෑමේ දී වර්ථමාන
සමාජය තුල බෞද්ධයා මංමුලා වී ඇති බවක් පෙනෙන්නට තිබේ. යමෙක් මවිගෙන් පියාගෙන් ආගම
දායද වූ පමණින් බෞද්ධයෙකු නොවේ. යමෙක් බෞද්ධයෙකු වීමට නමි, ඔහු තුන්රුවන සරණ
යමින්, බෞද්ධ ප්‍රතිපදාව අනුගමනය කරනු වස් ප්‍රතිඥා දෙන ලද, අරිඅට මගේ අංගයන්
ජීවිතයට එක් කරගන්නෙකු විය යුතුය. වත්මන් සමාජය බුද්ධ දර්ශනයේ සාරය වන නිර්වාණ ප්‍රතිපදාව
පසකින් තබා ආමිශමය පූජාවන් හි ගැලී සිටිනු දැකිය හැක. බෞද්ධයන් යැයි කියාගන්නා
පිරිස් අතරින් චතුරාර්‍ය සත්‍ය යනු කවරක්ද යන්න කීමට තබා, තමාගේ සාස්තෘ වන
බුදුරජාණන්වහන්සේ යනු කවරෙක්දැයි නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇත්තේද
ඉතාමත් ස්වල්ප පිරිසකට පමණි. පන්සලකට ගොස් පහනක් දල්වා යමක් පැතීමට හෝ බෝධිපුජා
පැවැත්වීමට ඔවදන් දීමට හෝ ව්‍යපාරයන් දියුණු කර ගන්නා ආකාරය ප්‍රකාශ කිරීමට හෝ සෙත
ශාන්තිය උදාකරගනිමින් ධන සමිපත් උදාකරගන්නා වැඩ පිළිවල කියා දීමට කල්ප අසංඛ්‍ය
ගණනක් පුරා ප්‍රමාණකල නොහැකි වස්තු සමිභාරයන් දන් දී, ඇස් ඉස්, මස්, ලේ, දන්
දෙමින් අතිශය ප්‍රිය වූ අඹු-දරුවන් ආදීන් දන් දෙමින් පාරමී ධර්මයන් පුරමින් පැමිණි
බුදුවරයානන් වහන්ස්ලා ධර්මය දේශනා නොකරති. උන්වහන්සේලා ලොවට දායාද කර දෙන්නා වූ එම
අති විශිෂ්ඨ වූ ධර්මය තුල එම සෙසු ලෞකික අභිවෘද්ධියට පාදක වන දේශනාවන් ද අන්තර්ගත
වුව ද බුදු දහමේ සාරය වන්නේ පළමුව ද, දෙවනුව ද තෙවනුව ද නිර්වාණයයි.
දිසි ඇම තැන අහස - පමණ කල හැකි තුරු රැස
මුනි සඳු පෙර දවස - පමණ නැත යදියනට දුන් ඇස
පරයා පොළව පස් - දුන් යදියනට ඇඟ මස්
ඔහු දනට දුන් ඉස් - වේ යැ මහ මෙර ගිරි සිරට උස්
දිවකුරු මුනි කෙරේ - පටන් බුදුවන අතරේ
දුන් ලෙයට සිරුරේ - මඳය දිය කඳ මේ සිවි සයුරේ.
(බුදු ගුණ අලංකාරය)
ලෞකික දියුණුව සලසා ගැනීමේ වැඩ පිළිවල කියා දීමට බුදුවරයාන් වහන්සේලා මෙබදු
දුක් අනුභව කල යුතුද? එම අප්‍රමාණ වූ පාරමී ශක්තිය තවත් බුද්ධොත්තමයාණන් වහන්සේ නමකට
මිස අන් කිසිදු සත්ත්වයෙකුට නිගමය කල නොහැක. ඒ අපරිමිත පාරමිතාව උන්වහන්සේලා
පුරනුයේ සත්ත්වයින්ට අපරිමිත වූ සුඛය වූ නිර්වාණය පසක්කර දීම පිණිසය.
තමා බෞද්ධයෙක් යැයි ප්‍රකාශ කල හැක්කේ අවම වශයෙන් මෙම නිර්වාණ ප්‍රතිපදාවේ
ගමන් ගනු පිණිස සම්‍යක් දෘෂ්ඨිය ඇතිකර ගැනීම නිසා තුන්රුවන සරණ ගොස් පංචශිල ප්‍රතිපදාව
හෝ සමාදන් වූ අයෙකුට පමණි. අන් සියල්ලෝම තමා බෞද්ධයන් යැයි කියාගත් පමණින්, පන්සල්
ගිය පමණින් බෞද්ධයෝ නොවෙති. ඔවුන් නාම මාත්‍ර බෞද්ධයන්ම වෙති. අබෞද්ධයෝම වෙති. මෙම
ග්‍රන්තය සකස් කරනු ලැබුවේ තමුන් බෞද්ධයන් යැයි කියා ගන්නා සැබවින්ම බෞද්ධයන්
නොවන්හුට හා බුද්ධිය අවදි කරවන, තාර්කික වූ ධර්මයක් සොයා ගවේශනයේ යෙදෙනා අබෞද්ධයන්
අරමුණු කරමිනි. මෙම ග්‍රන්තයේ පුර්ණ අර්ථයත්, අන්තර්ගතයත්, අභිලාශයත් ධමිමපදයේ
ගාථා තුනකික් පහදා දිය හැක.
එක් කලෙක සැවැත් නුවර තුන්රුවන කෙරෙහි පැහැදුන උපාසක උපාසිකාවන් වෙසෙන
පෙදෙසක ලාමක වූ නිවටුන් අදහන පුද්ගලයන් ද වෙසීය. තුන්රුවන කෙරෙහි පැහැදුන
සැදැහැවතුන්ගේ දරුවන් වෙහෙරට ගොස් භික්ෂුන් වහන්සේ දුටු කල්හි දෑත් ඔසවා “සාදු” කියා වැන්දහ.
නිවටුන් අදහන්නන්ගේ දරුවන්ට වෙහෙරට යෑමට පවා ඔවුන්ගේ මවිපියන් තහනම් කොට තිබිණි.
දිනක් වෙහෙර අසල ක්‍රීඩාවේ යෙදී සිටින මෙම ළමයින්ට පිපාසාව ඇතිවූ විටක
සැදැහැවතුන්ගේ දරුවන් වෙහෙරට ගොස් පැන් බී පිපාසාව දුරුකර ගත්හ. නිවටුන්
අදහන්නන්ගේ ළමයින් දෙමා පියන්ගේ තහංචි නිසා වෙහෙර දොර දීමාවේ නතරව බලා සිටින ලදි.
පැන් පී ආපසු පැමිණෙන ළමයින්ට භාග්‍යවතුන්වහන්සේ හමුවූ අතර ඔවුන් අතර අන් ළමයි
පිරිසක් ද සිටින බවත්, ඔවුන්ගේ මා පියන්ගේ තහංචි පිට ඔවුන් වෙහෙරට නොපැමිනෙන බව ද
භාග්‍යවතුන් වහන්සේට පැවසීය. මෙම ළමුන් සියල්ලෝම ධර්මය අවභෝධ කිරීමට තරමින් හේතු
සමිපත් ඇති බැවි දුටු භාග්‍යවතුන් වහන්සේ, එම ළමයින් ද වෙහෙරට කැඳවාගෙන
එනමෙන් පැවසීය.
නිවට දෙමාපියන් තහංචි පනවා තිබුන ද, බුදු වදන ඉවත දැමීමට නොහැකි වූ ඒ ළමයින්
ද වෙහෙරට පැමිණ පැන් බී, භාග්‍යවතුන් වහන්සේ හමුවීය. ඔවුන් කෙරෙහි කරුණාවෙන්, භාග්‍යවතුන්
වහන්සේ පහත ගාථාවන් වදාල සේක.
මිච්ඡාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති දුග්ගතිං.
නිවැරදි දෙය වැරදි සේ දකින, එහෙත් වැරදි දෙය වැරදි වශයෙන් නොදකින මිසදුටු
ගත් සත්ත්ව තෙම ඒ හේතුවෙන්ම දුගතියට පත්වේ.
සම්මාදිට්ඨිසමාදානා, සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
වරද වරද වශයෙන් දකින නිවරද දෙය නිවරද වශයෙන්ම පිළිගන්නා සමිමා දිටිඨියෙන්
යුත් සත්ත්වයින් සුගතිගාමී වේ. (ධමිම පදය
නිරය වග්ගය)
මෙම ගාථාවන්හි අර්ථයට අනුව, නිවැරදි දෙය වන්නේ සමිමා දිටිඨියට අයත් දස
වස්තුක සමිමා දිටිඨිය, චතු සත්‍ය පිළිබඳව වන සමිමා දිටිඨිය හා ඒ පිළිබඳව වූ
දේශනාවනුත්ය. මේ පිළිබඳව වැරදි අදහස් ඇතිව මිචිඡා දිටිඨින් නිවැරදි යැයි කියා,
විපරීත වූ අදහස් සමාදන්ව වෙසෙනා සත්ත්වයින් අපාගත වන බව මින් අදහස් වේ. අටුවාවට
අනුව මෙහි මිචිඡා දිටිඨි යන්නට මෝ මිථයා දෘෂ්ටිය, සිවි වැදෑරුමි කේවල සාශ්වතවාද
දෘෂ්ටි, සිවිවැදෑරුමි අන්තානන්තික දිටිඨි, සිවි වැදෑරුමි අමරාවික්ෂේප දෘෂ්ටි,
දොළොස්වැදෑරුමි සංඥා දිටිඨි ඇතුලු දෙසැට දෘෂ්ඨි ඇතුලත්වන බව දක්වා ඇත. වර්ථමාන
සමාජයේ ද මෙම ධමිම පදයේ නිධාන කථාන්තරයේ මෙන් ධර්මය සාක්ෂාත් කිරීමේ හැකියාව ඇති
පිරිස් විවධ දෘෂ්ඨින්ට යටවී ඇති ආකාරය දැකිය හැක. එබදු පිරිස් වෙත බුද්ධ දර්ශනය
යනු කුමක්ද යන්න චිත්‍රණය කිරීමට මෙම ග්‍රන්තයෙන් උත්සාහ දරනු ලැබීමී.
රජගහනුවර වේළුවන උයනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා සමයක, ආනන්ද තෙරුන් සමඟ
දිනක් පිඩු පිණිස වැඩම කරනා අතර, ඇඟ සැමතැන අසූචි හා මඩ තැවරී ඇති ඊරි පැටියක දුටු
සේක. ආනන්ද තෙරුන් ද ඒ ඊරි පැටියා දුටු සේක. බුදුරදහු ආනන්ද තෙරුන් අමතා මෙසේ කී
සේක.
ආනන්දය අර ඊරි පැටවා දුටු සේක්ද?
ආනන්ද තෙරහු එසේය ස්වාමිනි දුටුවෙමියි කීය.
ඉන් අනතුරුව ඒ ඊරි පැටවා සමිබන්ධයෙන් භාග්‍යවුතුන් වහන්සේ පුරාන නිධානය ගෙන
හැර වදාළ සේක. “ආනන්දය
මෙම ඊරි පැටවා කකුසඳ බුදුන් සමයේ කිකිළියක්ව තිරිසන් අපායේ ඉපිද බත්හුළු අවුලා
කමින් තැන නැන ඇවිදින කල්හි දිනක් භික්ෂුන් වහන්සේලා දන් වලඳන ස්ථානයකට පැමිණ එහි
විදසුන් වඩනා භික්ෂුවකගේ හඩ අසා එහි සතුටු වුවාය. පසු කලෙක ඒ කිකිළිය මියගොස්
භාවනා වඩනා හඩෙහි සතුටුවීමේ කුසලය මත රජ කුලයක කුමරියක්ව උපන්නීය. ඇය නමින් උබිබරී
විය. ඇය සුචරිතයේ ඇලුණි. දිනක් ඇය අසූචි ගොඩක සිටි පණුවන් දැක පිළිකුල උපදවා
බලවත්ව කළකිරිනි. එතැන් සිට සිල් රුක ධ්‍යාන උපදවා මරණින් මතු බඹ ලොව උපනි. එහි
වැස ඉන් චුතව භව ආශාවෙන් යුතුව භවයෙන් භවයට ගොස්, දැන් ඇඟ තැවරුන අසූචි - මඩ ඇතිව
අවුලා කාමින් ඇවිදන සැටි බලව.” කියා භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව දේශනා කල සේක.
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං.
යමිසේ වෘක්ෂ මූලය නිරුපද්‍රිතව දැඩිව පවත්නා තෙක් ගසෙහි අතුපතර කෙතෙක් සිඳ
දැමූවද නැවත නැවත ඒ ගස වැඩෙන්නා සේ තෘශ්ණා නමති අනුශය සහමුලින් නසනා තෙක් මේ සසර
දුක නැවත නැවත හටගන්නේ මය (ධමිමපදය තණ්හා වග්ගය)
මේ ආකාරයෙන්ම භවයෙන් භවයට ඇවිදින්නාවූ සත්ත්වයන්ගේ සංසාරයේ කාල නිර්ණයක්
නැත. එහි අගක් මුලක් පෙනෙන්නට නැත. ව්‍යාධි, ජරා, මරණ සෝක, පරිදේව, දුක්ඛ-දෝමනස්සයන්
ගෙන් පිරී ඇති මේ සසර ගමන අතිශය බියකරුය. අද දින සක්විති රජ වුවත්, මහා බ්‍රහ්මයා
වුවත් සතර අපායට ඇද දමනා අකුසලයන් නසනා තෙක් ඔහු දුකින් මිදුනෙක් නොවේ. යන්තමි හෝ
සසර ගමනේ සැනසුසමි සුසුමක් හෙලීමට අවකාශ ඇත්තේ මාර්ග-ඵල ලත් ආර්‍යයෙකුට පමණි. අන්
සියල්ලොම දුකම අනුභව කරති. ප්‍රඥාවන්ත එබඳු සත්ත්වයින්ට සසර බය නියත වශයෙන්ම
ඇතිවිය යුතුමය. බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා කවරෙකු වුවත් ලබනා උතුමිම සැනසීම
වන්නේ නිර්වාණ අවභෝධයම පමණක් වන බැවි උස්මතු කර දැක්වීමට මෙම ග්‍රන්තය සමිපාදයේ දී
ප්‍රයත්නයක යෙදිනි.
බුද්ධ දේශනය ගැඹුරුය, ප්‍රඥාවටම ගෝචර වේ. සමස්ථ බුද්ධ දේශනාවේ හරය එක් ග්‍රන්තයකට
ගෙන ඒම මාගේ ප්‍රයත්නය විය. එය අති සාර්ථක නොවූවත් මෙම ග්‍රන්තය පරිශිලනය කරන්නාවූ
අබෞද්ධයෙකුට වුව ද බුද්ධ දර්ශනය පිළිබඳව හොඳ දැනුමක් අත්කර දීමට සෑම විටම උත්සුක
වීමි. එබැවින් භාෂාව හැසිරවීමේ දී ලිහිල් ආරක් හා ග්‍රන්තය සමිපාදයේ දී සංවාදාත්මක
ආකෘතියක් අනුගමනය කලෙමි. එය භාෂාව නැසීමට දරන ලද ප්‍රයත්නයක් නොව පහසුවෙන් ධර්ම
කරනු පහදා දීම සඳහා දරන ලද ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. ඒ අනුව මෙම ග්‍රන්තය කියවා
ඔබත් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි. අවිද්‍යා
අන්ධකාරය නැසී ප්‍රඥා ආලෝකය ජනිතවේවා!! සියළු සත්ත්වයෝ සුවපත් වේවා!!!




1 අදහස් හා විමසීමි:
Sadu! Sadu! Sadu!
Post a Comment