අට වන අංගය තණ්හාව
‘‘කතමා ච, භික්ඛවෙ, තණ්හා? ඡයිමෙ, භික්ඛවෙ, තණ්හාකායා –
රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. අයං වුච්චති, භික්ඛවෙ, තණ්හා.
මහණෙනි මේ තණ්හාව යනු කුමක්ද? මහණෙනි තණ්හාව කාණ්ඩ 06 කි රූප තණ්හා, සද්ද්
තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඵොටිඨබිබ
තණ්හා හා ධමිම තණ්හා යන මේවා තණ්හා සයයි.
මේ ආකාරයෙන්ම ඇසින් රූප දුටු විට, කණින්
ශබිද ඇසූ විට, නාසයට ගඳ සුවඳ දැනුන විට, දිවට රස දැනුන විට, ශරිරයට
විවිධ ස්පර්ශයන් දැනුන විට හා මනසට විවිධාකාර සිතුවිලි දැනුන අවස්ථා වල දී; ඒවායින් ගෙන
දෙන්නේ සතුටක්, සොමිනසක්, සුඛයක් නමි, ඒවාට
සත්ත්වයින් බොහෝ ප්‍රිය වනවා. මෙම
ඇලිම ප්‍රිය කිරිම තෘෂ්ණාව යනුවෙන් හදුන්වනු
ලබනවා. අකමැති වේදනාවන් ඇතිවූ විට ඒ වේදනා සමඟ ගැටීම, වෛර කිරීමත් සිදුවන අතර මෙම ගැටිම, වෛර
කිරිම ඇතිවන්නෙත් සුඛයට, සතුටට
ඇති ඇලිම නැතහොත් තෘෂ්ණාව හේතුවෙන්. මේ ආකාරයෙන්ම
රූප දක්නට තෘශ්ණා ඇති වනවා, ශබිද
ඇසීමට තෘශ්ණා ඇති වනවා. ගඳ
සුවඳ, රස, සපර්ශ, සිතුවිලි
ලැබීම පිණිසත් තෘෂ්ණාවන් ඇතිවීම සිදුවනවා. මේ
තෘෂ්ණාවන් ඇතිවූයේ ෂඩායතනය අරමුණු හා ස්පර්ශ විම
තුලින් ඇතිකර දුන් වේදනාව ප්‍රත්‍යයෙනි. මේ
වේදනාව නැතහොත් තෘෂ්ණාවක් ඇති නොවන බැවින් වේදනව නිසා තෘෂ්ණාව ඇතිවීම සිදුවන බව ප්‍රකාශ
කරනු ලබනවා.
නව වන අංගය උපාදාන
‘‘කතමඤ්ච, භික්ඛවෙ, උපාදානං? චත්තාරිමානි, භික්ඛවෙ, උපාදානානි
– කාමුපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං. ඉදං වුච්චති, භික්ඛවෙ, උපාදානං.
මහණෙනි උපාදානය කුමක්ද? උපාදාන 04 කි. කාම උපාදාන, භව උපාදාන, දිටිඨි උපාදාන, අවිජ්ජා උපාදාන යන මේවා උපාදාන 04 යි.
මේ ආකාරයෙන් සත්ත්වයි රූප, ශබිද, ගන්ධ, රස, ස්පර්ශ, ධමිම යන අරමුණු වලට තෘෂ්ණාව ඇතිකර ගන්නා සේම, ඒ අරමුණු ලබාගන්නා ඇස, කණ, නාසය, දිව, ශරිරය, මනසටත් තෘෂ්ණාව ඇතිකර ගනුලබනවා. ඒ අරමුණු හා ආයතන ගැටීමෙන් වන වේදනාවටත් තෘෂ්ණාව ඇතිකර ගැනීම සිදුවනවා. ඒ වේදනාව නිසා උපන් තෘශ්ණාවටත් නැවත තෘශ්ණාව ඇතිකර
ගැනීම සිදුවනවා. මේ ආකාරයෙන් තෘශ්ණා ජාලාවකින් සත්ත්වයෝ වෙලි යනවා. මේ තෘශ්ණාවෙන් මෙහෙයවන සත්ත්වයින් නැවත නැවත ප්‍රියවූ
ඉෂ්ඨ වූ අරමුණුත් ඒතුලින් ඇතිකර දෙන සුඛ වේදනාවනුත් ලබන්නට උත්සාහ කරමින්
විවිධාකාර ක්‍රියාවන් සිදුකරනවා. එවිට මෙම ක්‍රියාකාරකමි
කෙරෙහිත් තෘශ්ණාව ඇතිවනවා. මේ තුලින් කාම උපාදාන, භව උපාදාන, දිටිඨි උපාදාන, අවිජ්ජා උපාදාන ඇති වනවා. උපාදාන යන්නෙන් දැඩිව ඇලිම, නැතහොත් දැඩිව ග්‍රහණය කර ගැනීම යන අර්ථය ප්‍රකාශ වනවා.
ඒ අනුව කාමුපාදාන යනු මේ රූප, ශබිද ආදියත්, ඒවා ඇතිකර දෙන භාහිර හා ආධ්‍යාත්මික වස්තුනුත්, ඒ තුලින් ඇතිවන වේදනාවනුත්, ආදී පංචසකන්ධ ධර්මයන් තුලින් ඇතිකර දෙනු ලබන්නා
වූ ප්‍රිය වූ මධුර වූ බව නැවත නැවත ලැබිමට ඇති
කැමැත්ත දැඩිව අල්ලා ග්‍රහණය කර ගැනීමයි.
භව උපාදාන යනු ඒ කාම උපාදානයන් ලැබිමට අවශ්‍ය කරන
විවාහ වීම, රුකිරක්ෂා කිරිම, පින් දහමි කිරිම, කුසල කර්ම කිරිම, අකුසල කර්ම කිරිම, බණ භාවනා කිරිම ආදි කාය, වචී, මනෝමය වශයෙන් වන්නා වූ සංස්කාරයන්ගේ පැවැත්ම දැඩිව අල්ලා ග්‍රහණය කර ගැනිමයි.
මේ ආකාරයෙන්ම භව උපාදාන ඇතිවිට ඒ සඳහා මිනිසුන්
පවිකමි කිරීම, පින්කමි කිරීම. සැප ලැබීමට යැයි වැරදි දෘෂ්ටින්ට පත්වී ආත්මය තවන පෙළන කටයුතු කිරීම, දෙවියන් යැසීම, ගස්ගල් වැඳීම, නැතක් තරු වැඳීම ආදී ක්‍රියාවන් තුලින් දෘෂ්ටි ජාලාවට හසු වී ගසාගෙන යෑම සිදුවනවා. මේ ආකාරයෙන්ම මේ මේ දෑ කිරිමේන් මේ මේ සැප සමිපත්
උදාවීම සිදුවන්නේ යැයි කියා වැරදි දෘෂ්ටින්ට එල්බගෙන එය දැඩිව ග්‍රහණය කර ගැනිම
දිටිඨි උපාදන යැයි කියනු ලබනවා.
දිටිඨි උපාදනය ඇති මිනිසුන් එබදු දෑ කරනුයේ දුක
යනු කුමක්ද, දුක ඇතිවීමේ හේතුව කුමක්ද, සැබැ සැපත කුමක්ද එය ලබන්නේ කෙසේද යන විද්‍යාව
ඔවුන් තුල නැති නිසයි. ඔවුන් මේකී සියළුම දෑ කරනුයේ
අවිද්‍යාව තුල පිහිටමින් බැවින්, එසේ ඇති කරගන්නා අවිද්‍යාව ඉතා යහපත් යැයි දැඩිව ග්‍රහණය කරගැනිම
අවිජ්ජා උපාදාන යනුවෙන් හදුන්වනු ලබනවා.
මේ ආකාරයෙන් මේ දැඩිව ගැණිම් සතර ඇතිවුයේ තෘෂ්ණාව
ජනිත වූ බැවිනි. තෘෂ්ණාව ජනිත නොවුනා නමි මේ
උපාදානයන් ඇති නොවන බැවින්, තෘෂ්ණාව නිසා උපාදානයන් ඇතිවන බව ප්‍රකාශ කරනවා.
මාගේ නාම
කාය පෝෂණය
කල අතිඋත්තම
දන්කන්දේ ධමිමරතන හිමියන්ටත්, උඩුගම
ථේරිකා තෙරණින්වහන්සේටත්,
මාගේ රූප
කාය පෝෂණය
කල රංජනි
ජයසුන්දර අපගේ
මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර
අපගේ පියාණන්ටත්,මේ
ගත පුජාවක්
වේවd! ඔවුන් නිදුක්
නීරෝගී වේවා!! චිර ජීවනය
වේවා!!
සියළුම හිමිකමි
අවිරිණි
නීතිඥ තනූජ
කේ. ජයසුන්දර විසිනි
උපුටාගැණිම මත
ශ්‍රී ලංකාවේ
තත්කාලීන ක්රියාත්මක
නීතිය යටතේ
වගකීමට යටත්
වනු ලැබේ.
නිර්වාණය සාක්ෂාත්
කිරීමට අවැසි
අයෙක් වේ
නමි, තාමත් එයට
කාලයයි. ඒ සඳහා
සාර්ථකව මඟ පෙන්විය
හැකි ස්ථාන
ලංකාව තුලත්
ඇත. කල යුත්තේ
එබදු ස්ථානයක්
හා සමිබන්ධ
වී ගුරුවරයෙකු
ඇසුරේ කමටහන්
ලබා භවනාවේ
නියතු වීමයි. ඒ
සඳහා සුදුසුම ස්ථාන
ඇත.



0 අදහස් හා විමසීමි:
Post a Comment