ප්‍රඥාවක් නැති අය කියවන්න එපා.


ප්‍රිය මිතුරනේ, ආදරය සුන්දරයි තවත් විටක අසුන්දරයි. මිනිස් සමාජය තුල ආදරය යන වදන තරමි සංවාදයට ලක්වූ, විවාදයට ලක්වූ, කවි, ගී, ගද්‍ය ආදියට පාදක වූ තවත් වදන් ඇත්තේ නමි ඇත්තේ ස්වල්පයක්ම පමණි. මේ සූදානමි වන්නේ ඒ ආදරය ඇති සැටියෙන් දැකීමටයි. සැබවින්ම මේ සූදානමි වන්නේ පටිසමිභිදා මග්ගපාලියේ සඳහන් වන චත්තාලිස්සාකර මහා විදර්ශනා භාවනාව ආදරය පාදක කර ගනිමින් ඔබට පහදා දීමටයි. මෙය විදර්ශනා භාවනාවකි. විදර්ශනාව යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පඤ්චස්කන්ධ ධර්මයන්ගේ වන යථා ස්වරූපය නැතහොත් සැබෑ ස්වරූපය ඒ ආකරයෙන්ම දැකීමයි. මේ ලිපි පෙල ඒ සඳහා ඔබට අත්වැලක් වනු ඇත. මෙහි දී මේ සඳහා මාතිකා කර ගන්නේ ආදරය යන සංඥා ධර්මය වුවත්, එදිනෙදා ජීවිතයේ ඇති; ඔබ කරන, ඔබ අත් දකින, ඔබට මුහුණ දීමට සිදුවන සෑම කරුණක් පිළිබඳවම විදර්ශනාමය ඥානයක් ඇතිවන ආකාරයෙන් හා අවභොධයක් ලැබිය හැකි වන අයුරෙන් මෙම ලිපි පෙල සමිපාදනය කිරීමට සිත් වූවා.

එසේම අතිශය වැදගත් වන්නාවූ අනෙක් කාරණාව වන්නේ මෙයයි; ආදර සබඳතාවයම උදාහරණයට ගතහොත් ‍මෙම සංස්කාරයන්ගේ යථා ස්වරූපය නිසා ආදරයන් බිඳ වැටෙනවා, විරහා වේදනාවන් ඇතිවනවා, සමහරෙක් ජීවිත නැති කර ගැනීම පවා සිදුවනවා, ජීවිතය කඩා කප්පල් කර ගන්නවා, ජීවිතය හැර දමනවා, පිස්සන්, මානසික රෝගීන්, බේබද්දන් බවට පත්වනවා. යමි අකුසල කර්ම විපාකයක් ඔබ වෙත එළඹ සිටි විට එම අකුසල කර්ම විපාක වශයෙන්, ආදරය අහිමි වූ විට ඇතිවන දුක යමි අකුසල කර්ම විපාකයක විපාකය වශයෙන් විදිනට වූවා නමි, ප්‍රඥාවන්ත නොවූ නිසා අනුවනයා ඒ තුලින් තව තවත් අකුසල කර්මයන්ම රුස් කර ගනු ලබනවා. දුක යනු ද අකුසල කර්මයකි. මෙම ලිපි පෙලේ අන් අභිමතාර්ථය වනුයේ කෙතරමි දරුණු මානසික පීඩාකාරී තත්වයකට වුවද සාර්ථකව මුහුණ දීමට ඔබට ඇවසි වන්නාවූ පන්නරය ලබා දීමයි. ඒ අනුව මෙම ලිපි පෙල ඔබට දෙළොව යහපත සඳහා මෙන්ම නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස ද හේතු වනු ඇත. බුදු රජාණන්වහන්සේ මේ සමිබන්ධව දෙශනා කර ඇත්තේ කුමක්ද?

මෙම පැණයට පිළිතුර පහදා දෙනුයේ ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාළියේ දිටිඨිගත සූත්‍රය ඇසුරෙනි. බුදු පියාණන්වහන්සේ ඒ සුත්‍රයේ මෙසේ දේශනා කරනා සෙක.

මහණෙනි, දෘෂ්ඨි දෙකකින් (සාශ්වත දෘෂ්ටිය හා උචිඡේද දෘෂ්ටිය) යුතු ඇතැමි දෙවි මිනිසුන් භවයේ ඇලෙති, සමහරු ඉක්ම දුවති, නුවණැතියෝ ඇති සැටියෙන් දකිති.

මහණෙනි එකෙක් භවයේ ඇලෙන්නේ කෙසේද? මහණෙනි යමි භවයේ ඇලුන දෙවි මිනිසුන් වේ නමි, භවයේ නිරතවූවෝ වේ නමි ඔවුන් භවයෙන් සතුටු වන්නො වෙති. ඔවුන්ට භව නිරෝධය පිණිස ධර්මය දේශනා කරන විට සිත එහි බැස නොගනියි. (එම භව නිරෝධ ධර්මයට කැමති නොවෙයි.) නොපහදියි. එහි නොසිටියි. නොපිහිටයි. මහණෙනි මොහු භවයේ ඇලෙති.

මහණෙනි තවකෙක් ඉක්මවා දුවන්නේ කෙසේද? ඔහු ජරාව, ව්‍යාධිය, මරණය, දුක්ඛ, දෝමනස්ස, අප්‍රිය සමිපයෝග, ප්‍රිය විප්පයෝග ආදී භව දුක්ඛයන් හටගත් විට එයින් පීඩාවට පත්ව, ජීවිතය විනාශ කර ගැනීමට කැමති වෙයි.  යමි හෙයකින් මේ ආත්මයේ ලද මේ ශරිරය  නැසේද බි‍ඳේද එය ශාන්තය ප්‍රනීතය කියා අයෙක් භවය ඉක්මවා දුවයති.

නුවනැත්තෝ එය ඇතිසැටියෙන් දකින්නේ කෙසේද? යමෙක් පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධය  වශයෙන් දකියි. දැක පඤ්චස්කන්ධයේ නොඇලීම පිණිස, කලකිරීම පිණිස, නැතිකිරීම පිණිස පිළිපදියි. මෙසේ නුවනැත්තො ඇත්ත ඇති සැටියෙන් දකිති.

එම සූත්‍රයේ සාරය වන්නේ මෙයයි. මෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වභාවය වන්නේ යමෙක් කැමති වුවත් අකමැති වුවත් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ , දොමනස්ස, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සමිපයෝග, කැමති දෑ නොලැබී යෑම ආදී දුක් කදු ඇතිකර දීමයි. මෙසේ දුක් ඇති කර දෙන්නාවූ භවය සමහරෙක් දුකක් වශයෙන් නොදකිති. කෙතෙක් පහදා දුන්නද ඔවුන්ට එය දුකක් වශයෙන් දැකීමට තරමි ප්‍රඥාවක් නැත. පාරමී ශක්තිය පිරී නැත. සම්‍යක් දෘෂ්ටියක් ඇතිකර ගැනීමට ප්‍රඥ‍ා ම‍ාත්‍රයක් හෝ නැත. ඔවුන් භවයටම ඇලෙති, භවයටම ඇලුමි කරති, භවයම අනුභව කරති, භවයම ආශ්වාද කරමින්, මනුශ්‍ය, තිරිසන්, ප්‍රේත, අසුර, නේරයික, දිව්‍ය, භ්‍රහ්ම ආදී භවයෙන් භවයටම යමින් ඒ භව දුක්ඛය කෙතෙක් වුවත් එය සැපක්ම යැයි සිතමින් භවයේම ඇලෙති.

දිනක් රජගහනුවර වේළුවන උයනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා සමයක, ආනන්ද තෙරුන් සමඟ  පිඩු පිණිස වැඩම කරනා මඟ, ඇඟ සැමතැන අසූචි හා මඩ තැවරී ඇති ඊරි පැටියක දුටු සේක. ආනන්ද තෙරුන් ද ඊරි පැටියා දුටු සේක. බුදුරදහු ආනන්ද තෙරුන් අමතා මෙසේ කී සේක.

ආනන්දය අර ඊරි පැටවා දුටු සේක්ද?
ආනන්ද තෙරහු එසේය ස්වාමිනි දුටුවෙමියි කීය.

ඉන් අනතුරුව ඒ ඊරි පැටවා සමිබන්ධයෙන් භාග්‍යවුතුන් වහන්සේ පුරාන නිධානය ගෙන හැර වදාළ සේක. ආනන්දය මෙම ඊරි පැටවා කකුසඳ බුදුන් සමයේ කිකිළියක්ව තිරිසන් අපායේ ඉපිද බත්හුළු අවුලා කමින් තැන නැන ඇවිදින කල්හි දිනක් භික්ෂුන් වහන්සේලා දන් වලඳන ස්ථානයකට පැමිණ එහි විදසුන් වඩනා භික්ෂුවකගේ හඩ අසා එහි සතුටු වුවාය. පසු කලෙක ඒ කිකිළිය මියගොස් භාවනා වඩනා හඩෙහි සතුටුවීමේ කුසලය මත රජ කුලයක කුමරියක්ව උපන්නීය. ඇය නමින් උබිබරී විය. ඇය සුචරිතයේ ඇලුණි. දිනක් ඇය අසූචි ගොඩක සිටි පණුවන් දැක පිළිකුල උපදවා බලවත්ව කළකිරිනි. එතැන් සිට සිල් රුක ධ්‍යාන උපදවා මරණින් මතු බඹ ලොව උපනි. එහි වැස ඉන් චුතව භව ආශාවෙන් යුතුව භවයෙන් භවයට ගොස්, දැන් ඇඟ තැවරුන අසූචි - මඩ ඇතිව අවුලා කාමින් ඇවිදන සැටි බලව. කියා භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාව දේශනා කල සේක.

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ, ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති;
එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං.

‍යමිසේ වෘක්ෂ මූලය නිරුපද්‍රිතව දැඩිව පවත්නා තෙක් ගසෙහි අතුපතර කෙතෙක් සිඳ දැමූවද නැවත නැවත ඒ ගස වැඩෙන්නා සේ තෘශ්ණා නමති අනුශය සහමුලින් නසනා තෙක් මේ සසර දුක නැවත නැවත හටගන්නේ මය (ධමිමපදය තණ්හා වග්ගය)

මේ ආකාරයෙන්ම භවයෙන් භවයට ඇවිදින්නාවූ සත්ත්වයන්ගේ සංසාරයේ කාල නිර්ණයක් නැත. එහි අගක් මුලක් පෙනෙන්නට නැත. ව්‍යාධි, ජරා, මරණ සෝක, පරිදේව, දුක්ඛ-දෝමනස්සයන් ගෙන් පිරී ඇති ‍මේ සසර ගමන අතිශය බියකරුය. අද දින සක්විති රජ වුවත්, මහා බ්‍රහ්මයා වුවත් සතර අපායට ඇද දමනා අකුසලයන් නසනා තෙක් ඔහු දුකින් මිදුනෙක් නොවේ. යනත්මි හෝ සසර ගමනේ සැනසුසමි සුසුමක් හෙලීමට අවකාශ ඇත්තේ සෝවාන් වූ ආර්‍යයෙකුට පමණි. අන් සියල්ලෝම දුකම අනුභව කරති. ප්‍රඥාවන්ත එබඳු සත්ත්වයින්ට සසර බය නියත වශයෙන්ම ඇතිවිය යුතුමය.

සමහර සත්ත්වයින්ට සසර දුක වැටහෙන නමුත් ඔවුන්ට ප්‍රඥාවක් නැත. ඔවුන් භවය ඉක්මවා දුවති. ප්‍රශ්න ගැ‍ටළු ඇතිවූ විට සම්‍යක් දෘෂ්ඨියක් නැති ඔවුන් සිය දිවි නසා ගනිති. දුක ඉන් නිමා වේ යැයි උවිඡේද දිටිඨියට යටවී අපාගත වෙති. භවයම අනුභව කරති. නමුත් ආදරය අහිමි වීම හෝ කවර දුක්ඛයක දී වුවද ඇත්ත ඇති සැටියෙන් දකින්නා ඒ දුකින්ද මිදෙති. අමතරව සසර දුකෙන්ද මිදෙති. විදර්ශනාව වන්නෙ එයයි. ජීවතයේ ඇත්ත ඇති සැටියෙන් දැකිමයි. විදර්ශනාව අන් තැනක ඇති, අමුතුවෙන් සොයා වැඩිය යුතු භාවනාවක් නොවෙ. බඹමයක් පමණ වන මේ ඔබ ශරිරය තුල සියළු සංස්කාරයන්ගේ පැවැත්මත්, උත්පාදයත්, නිරෝධයත්, නිස්සරණයත් ඇත. එබැවින් විදර්ශනා මනසිකාරයකින් යුතු යමි අයෙක් වේ නමි මෙළොව අතිශය ප්‍රිතිමත් ජීවිත ගත කරන්නෝ ඔවුන්ය. අන් සියල්ලොම දුකටම පත් වෙති. භවය ඉක්මවා දුවති, නැතහොත් භවයේ ඇලෙති. මෙම ලිපි පෙල සමිපාදනය වන්නේ භවය ඉක්මවා දුවන්නට සූදානමින් සිටින්නන්ට හා භවයේ නිස්රණය කැමැත්තෙන් ඇත්ත ඇති සැටියෙන් දක්නට කැමැත්ත ඇති පිරිස වෙතය.  

මතු ලිපියෙන් අසුන්දර ආදරයේ සුන්දර අනිත්‍යතාවය දකිනා ආකාරය බලාපොරොත්තු වන්න.
නිර්වණයම වේවා!

7 අදහස් හා විමසීමි:

Anonymous said...

harima saralayi. bohoma sthuthiyi.me kusal balayen siyalu lawkika lokoththara prarthana ishta siddha wewa !

Pasan Wijesinghe said...

nice..

Pathum Herath said...

ඇලීමෙන් තොරව ආදරය කල නොහැකිද? සෝවාන් ආදී මාර්ග ඵල වලට පත් වූ අය තුල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති වන ආදරය එවැනි ඇලීමෙන් තොර ආදරයක් නොවන්නේ ද?

Sagara said...

ඉතා අගනා ලිපි පෙළක්.ඔබගෙ ව්‍යායාමය සඵල වේවා.නිර්වාණයම සාක්ෂාත් කෙරෙත්වා !

Anonymous said...

භවය කියල අදහස් කරනේ කුමක්ද, කියල පැහැදිලි කරොත් ලිපිය තේරුම් ගන්න ලේසියි.
ඔබට ගොඩක් පින් සිද්ද වෙනවා මේ ධර්ම දානයට.
අනුර

Gayathri Wijesekera said...

ඉතාම වටිනා ලිපියක්...බොහොම පිං...

මොහාන් said...

සුභ පතනවා! දිගටම ලියන්න.............

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...