"අනිච්චෙ නිච්චසඤ්ඤිනො, දුක්ඛෙ ච සුඛසඤ්ඤිනො
අනත්තනි ච අත්තාති අසුභෙ සුභසඤ්ඤිනොත,
මිච්ඡාදිට්ඨිහතා සත්තා, ඛිත්තචිත්තා විසඤ්ඤිනො.
අනිත්‍ය දෙයෙහි
නිත්‍ය යැයි සංඥා ඇති, දුක් වූ දෙය සුඛ යැයි කියා සංඥා ඇති, අනාත්ම වූ දෙය ආත්ම
යැයි කියා සංඥා ඇති, අශුභ වූ දෙය ශුභ යැයි සංඥා ඇති, මිත්‍යා දෘෂ්ධියෙන් මඩිනා ලද
බියට පැමිණි විපරීත සංඥා ඇති සත්ත්වයින් වේද,
‘‘තෙ යොගයුත්තා මාරස්ස, අයොගක්ඛෙමිනො ජනා,
සත්තා ගච්ඡන්ති සංසාරං, ජාතිමරණගාමිනො.
ඒ සත්ත්වයෝ
ක්ෂෙම වූ නිවනට නොපැමිනෙති. මාරයා හා යෙදී වාසය කරති. එම සත්ත්වයෝ සසර සැරි සරති. ඔවුන් ජාති මරණයට
පැමිණෙනුයේ එබැවිනි.
‘‘යදා ච බුද්ධා ලොකස්මිං, උප්පජ්ජන්ති පභඞ්කරා,
තෙ ඉමං ධම්මං පකාසෙන්ති, දුක්ඛූපසමගාමිනං.
යමි කලෙක ප්‍රඥාලෝකය
ඇති කරන්නා වූ බුද්ධෝත්‍තමයෝ ලොව උපදිත් ද, ඒ උත්තමයෝ දුක්ඛසත්‍ය සංඛ්‍යාත
නිර්වාණයට යන මාර්ගය ප්‍රකාශ කරති.
‘‘තෙසං සුත්වාන සප්පඤ්ඤා, සචිත්තං පච්චලද්ධු තෙ,
අනිච්චං අනිච්චතො දක්ඛුං, දුක්ඛමද්දක්ඛු දුක්ඛතො.
ප්‍රඥාවන්ත වූ
ජනයා බුදුවරයානන්ගේ ඒ දහම අසා සිතීමේ හැකියාව ලබා, අනිත්‍යය අනිත්‍ය ලෙසම දුකති.
දුක දුකක් ලෙසම දකිති.
‘‘අනත්තනි අනත්තාති, අසුභං අසුභතද්දසුං,
සම්මාදිට්ඨිසමාදානා, සබ්බං දුක්ඛං උපච්චගු’’න්ති.
අනාත්මය
අනාත්මය ලෙසම දකිති. අශුභ වූ දෙය අශුභ ලෙහම දකිති. මෙසේ සමාදන් වූ සම්‍යක්
දෘෂ්ධියෙන් යුතු වූ ඔවුහු සියළු දුක්ඛයන් ඉක්මවා යති. (පටිසමිභිදා මග්ග පාලිය)
නමෝ තස්ස භගවතො අරහතෝ සමිමා සමිබුද්ධස්ස!
ප්‍රිය
මිතුරනේ, මේ ලියා දැක්වීමට සූදානමි වන්නේ මම බිලොගයේ අතිශයම වැදගත් වන්නා වූ ලිපි
පෙළක් යැයි කිවහොත් එය ඉතාමත් නිවැරදි වනු ඇත. සමිබුද්ධ සාසනය විරාජමානව පවතින්නා
වූ මෙබදු යුගයක පුන්‍යවත්කයෙක් ලෙස මෙළොව උපන් ඔබ ඒ සාසනයෙන් නෙලා ගත යුතු උපරිම
ඵලය වන්නේ නිර්වාණයයි. දාන මාන කිරිමි, ආමිස පුජා ආදිය බුද්ධ සාසනයන් නැති කවර කලක
දී වුවද කල හැක. එසේ වුවත් නිර්වාණය සාක්ෂාත් කල හැකි වන්නේ ශ්‍රී සමිබුද්ධ
සාසනයක් ස්ථාපිතව පවතින්නා වූ මෙබදු යුගයක දී පමණි.
නිර්වාණය
සාක්ෂාත් නොකරන්නා වූ භවයෙන් භවයට දුව යන්නා වූ සොහොන් බිමි තර කරන්නා වූ පෘතග්ජනයාට
අනනත වූ කාල නිර්ණයක් නැත්තා වූ, ඉදිරි අනාගතයේ දී විදින්නට සිදුවන දුක්ඛයේ
නිමාවක්ද නැත. තිරිසන්ව, ප්‍රේතා දී දුක්ඛිත සත්ත්ව කොටිඨාශයන්ව, නිරයේ නිරිසතුන්ව
ඉපිද එසේම අසුර නිකාය ආදී දුක්ඛිත උප්පති භවයන් ලැබ ඒක් එක් පුද්ගලයෙකුට ම
විදින්නට සිදුවන දුකඛය හා සසඳා බැලිමේ දී මේ ලත් මිනිස් භවයේ අන් කිසිවක් නොකොට
නිර්වාණය සාක්ෂාත් කිරිමටම වැය කලද එය ඉතා අගනේය.
එසේ වුවත්
ඒකාන්ත වශයන්ම දුක්ඛ සහගත වූ දුකක්ම ගෙන දෙන්නා වූ දුක්ඛිත දේ කෙරෙහි මිනිසුන්ගේ
සිතුවිලි විපරීත වී විපර්‍යාස වී ඇත. දුක් සහගත දේ මිනිසුන් එම නිසා දකිනුයේ දුකක්
ගෙන දෙන්නක් ලෙස නොව සැපක් ඇති කර දෙන්නක් ලෙසය. මෙසේ දුක් සහගත දේ ගැන ප්‍රඥාවෙන්
මද මිනිසුන් විපරීත සංඥාවන් ඇතිකර ගනිති. විපරීත සිතුවිලි ඇතිකර ගනිති. විපරීත
දෘෂ්ඨින් දැකිමි ඇතිකර ගනිති. ඒවා ඇති සැටියෙන් නිවැරදි ලෙස නොදකිති. ඒවා කෙරෙ
සමිමා දිටිඨිය ඇති කර නොගනිති.
අනිත්‍ය වූ දේ
ගැනත් දුෂ්ප්‍රාඥ වූ සත්ත්වයො විපරීත වූ සංඥා ඇති කර ගනිති. ඒවා නිත්‍යයැයි ගනිති.
විපරීත සිතුවිලි ඇතිකර ගනිති. විපරීත වූ දැකිමි ඇතිකර ගනිති.
අනාත්ම වූ දෑ
කෙරෙහිත් සත්ත්වයො විපරීත සංඥා ඇතිකර ගනිති. විරීත සිතුවිලි ඇතිකර ගනිති. විපරීත
වූ දැකිමි ඇතිකර ගනිති.
අසුභ වූ
පිළිකුල් සහගත වූ දෑ කෙරෙහිත් සත්ත්වයො විපරීත සංඥා ඇතිකර ගනිති. විපරීත වූ
සිතුවිල ඇතිකර ගනිති. විපරීත වූ දැකිමි ඇතිකර ගනිති. මේ විපරීත. සංඥාවන්,
විපරීත සිතුවිලි, විපරීත දැකිමි ඇති සත්ත්වයින් ඒ විපරීත තත්ව නිසාම භවයෙන් භවයට
යති. දුකින් දුකටම පත් වෙති. සංසාරයෙන් නොමිදෙති. අංසංඛ්‍ය ගනන් ගණනින් ප්‍රමාණ කල
නොහැකි කාලයක් මුලුල්ලේ ලොවිතුරා බුදුවරයාණන්වහන්සේලා සමතිස් පාරමි ධර්මයන් රැස්කර
සත්ත්වයින්ට චතුරාර්‍ය සත්‍යය දේශනා කරනුයෙ ඔවුන් තුල වන්නා වූ මෙම විපරීත තත්වයන්
දුරුකොට සමිමා දිටිඨිය ඇති කිරීම පිණිසයි.
ඒ ධර්මය අසා
සමිමා දිටිඨිය ඇති කර ගන්නෝ ඒ අනිත්‍ය වූත්, දුක්ඛ වූත්, අනාත්ම වූත්, අශුභ වූත්
දෑ ඒ ආකාරයෙන්ම දැන විපරීත තත්වයන්
දුරුකොට පරම ශාන්තවූත් ප්‍රනීත වූත් ක්ෂේම වූත් නිර්වණය ස්පර්ශ කරති. අන් සත්ත්වයෝ
දුකම අනුභව කරමින් භවයෙන් භවයට යති.
එක් සමිමාසමිබුදු
උතුමෙක් නොව ලක්ෂයක් බුදු වරයානන් වහන්සේලා දිකට ලක්ෂ වරක් එතුමන් වහන්සේලා ගේ
සාමුක්ඛංසික දේශනයෙන් ධර්මය දේශනා කලද, නිවන් යන්නට අකමැති සත්ත්වයින් නිවන් යන්නේ
නැත. නිවන් යෑමට සැනසීමක් දැකිමට අවශ්‍ය වන්නේ දුක තරමකට හෝ දන්නා දුක තරමකට හො
හදුනනා අයෙකුට පමණි. තමා පිඩාවට පත්වී ඇති බව තමා දුකට දොමිනසට පත්ව ඇති බව තෙරුමි
යන්නාවූ ප්‍රඥයන්ට පමනි. ප්‍රිය වූත් සාත වූත් සිත් ඇද බැද තබන්නා වූත් ආශ්වාද ජනක
වූත් සෑම සියළු දෙයක් තුලින්ම දුකක් ගෙන දෙන බව තරමටක හෝ තේරුමි ගත හැකි
නුවනැතියන්ට පමණි. එබදු නුවනැතියා මේ පංචස්කන්ධ ලෝකය තුල ඇති සියළු ධර්මයන්
හාරාවුස්සමින් නිත්‍ය වූත්, සුඛ වුත්, ආත්මිය වූත්, සුභ වූත් දෑ සොයනු ලබනවා.
සැබවින්ම එසේ සොන්නාවූ ඔහුට මේ සංස්කාරයන් තුල නිත්‍ය වුත්, සුඛ වුත් ආත්මිය වූත්,
සුභ වූත් එකදු මාත්‍රයකදු නැති බවට විදර්ශනාව පහල වෙනවා. විදර්ශනා භාවනාව වන්නේ මේ
විපල්ලාස සංඥාවන් ඉවත් කරමින් මේ සංස්කාරයන්ගේ වන්නා වූ යථා ස්වරූපය සොයා ගැනීමයි.
සැබවින්ම දුකක් වු දේ ඔහු දුකක් වශයෙන්ම දැක ගන්නවා, අනිත්‍ය වු දේ ඔහු අනිත්‍ය
වහයෙන්ම දැක ගන්නාවා, අතාන්ම වු දේ ඔහු අනාත්ම වශයෙන්ම දැක ගන්නවා. අශුභ වු දේ ඔහු
අසුභ වශයෙන්ම දැක ගන්නවා. එබදු ඔහු තුල සම්‍යක් දාෂ්ඨිය ඇති වනවා. එයින් දිටිඨි
විප්ලාසය නැතිවනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනා ඔහු තුල ඇති චිත්ත විපල්ලාසයන් නැතිවී
යනවා. ඔහු තුල ඒ ඒ දෑ ගැන තිබු වැරදි සංඥාවන් නැතිවී යනවා. එබදු නුවනිතියෙකු තුල මේ දුකින් මිදීමේ අවශ්‍යතාවය
ඇතිවනවා. සැබෑ සුඛය දැකිමේ අවශතාවය ඇති වනවා. එබදු නුවනැතියන්ට, ප්‍රඥාවන්තයන්ටයි
බුදුවරයාණන්වහන්සේලා සතර මාර්ගය, සතර ඵලය නිර්වාණය යන නවලෝකොත්තර ධර්මය දේශනා
කරනුයේ. ඒ අනුව පිළිපැද විදසුන් භාවනා වඩා ධමිමානු ධමිම ප්‍රතිපදාව පිලිපදින්නා වූ
ඔහු බුද්ධ සාසනයේ සාර ඵලය නෙලා ගනු ලබනවා. එවන් ඔහුට ආලෝකය උපදිනවා. නුවනැස
උපදිනවා.
භාග්‍යවතුන් වහන්සේලා
භවගාමී සසර රැදී සිටිමට කැමැත්තෙන් පසුවන්නා වූ, අන් සත්ත්වයින් කෙරේ අනුකමිපාවෙන්
ද ඔවුන් සුවපත් වනු පිනිස දේශනා කල ධර්මයන්ද බොහො ඇත. ඒ ඔවුන් ද කෙදිනක හෝ නිවනම
ස්පර්ශ කෙරේය යන අභිලාශයෙනි. නිවන් යෑමට
කැමැත්තෝ නිවනම සොයත්වා. ඔවුන් වෙනුවෙන් මාර්ගය විවරව ඇත.
කෙසේ වෙතත්
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සංඛ්‍යාත ධර්ම දෙශනා ඇසීමට මිනිසුන්ගේ එපමණ කැමැත්තක් නැත.
එබැවින් මෙම ලිපි පෙල සකස් කිරීමේ දී උපාය කෞෂල්‍යය ලෙස භාවිතා කරනුයේ මිනිසු
ජීවිතයේ පරම ආශ්වාදය වන “ආදරය” හා එයට ආනුශංග වන්නා වූ පරිචයයි. සැබවින්ම මෙම ලිපි පෙළ
ලියා දක්වනුයේ නිර්වාණය අපෙක්ෂා කරන්නා වූ මේ සංස්කාරයන්ගේ නිස්සරණය දැකිමට කැමැති
වන්නා වූ ප්‍රඥායෙක් වේ නමි ඔහුව ම අරමුණු කරමිනි. එබදු පිරිස ඇත්තේ බොහෝ ටික
දෙනෙකි. රැපියලක් දෙකක් අතහැර දැමිමට ලෝභ වන පිරිස්ම බොහෝ වන කල සංසාරය අතහැර දැමිමට
කැමති වන්නා වූ පිරිස ඉතාමත් අල්පය. කුමන දුකක් හෝ විදිමින් කෙතරමි දැවුනද, කෙතරමි
සා පිපාසාවෙන තැවුනද, ඒ දුකම විදිමින් හෝ භවයෙන් භවයට යෑමටම කැමති පිරිස්ම වැඩිය.
එසේ වුවත් එබදු පුද්ගලයින් ද තමා එසේ වුව ද සෑම දෙනාම එසේ නොවන බව තෙරුමි ගත
යුතුය. ඒ තරුමි ගැණිමට ද යමිතාක් නුවනක් ඇවැසිය. කුමක් වුවද එක් අයෙකු හෝ ඔහු තුල උපන් විපල්ලාස
වූ විකෘති වූ සංඥාවන්, විත්තයන් හා දාෂ්ඨින් මර්ධනය කිරිමට මේ ලිපි පෙළ උපකාරි කර
ගනී නමි එය මාගේ එකම පැතුමයි. ඔබ නිවන් කැමති වූවා හෝ නොවුවා හෝ මේ ලිපි පෙළ
කියවත්වා. මෙහි ඇති කරුණු ඔබ තුල කෙදිනක හෝ නිර්වාණ ඉපදවීමට හේතුවක් වනු ඇත. බොහෝ
සත්ත්වයින්ට නිර්වාණය පිණිසම මෙහි අන්තර්ගත කරුණු උපකාරී වේවා!! සකල ලෝක
සත්ත්වයින්ගේම ප්‍රඥා ඇස විවර වේවා! විපරීත වූ සංඥාවන් දුරු වේවා! පරම සැනසීම වූ
සියළු ධ්‍යාන සුඛ පැරයූ නිර්වාණයම සාක්ෂාත් කෙරෙත්වා!




12 අදහස් හා විමසීමි:
තනුජ ඔබට ගොඩක් පින්.... ඔබගෙ උත්සාහය සඵල වෙවා !
තෙරුවන් සරණයි !
මචන් තනුජ.. මේ කාලෙ හැදෙන කෙල්ලන්ට ඕන අමුතුම ස්ටයිල් වල කොල්ලො... අපි මේව කරල නිකව් රහත් වෙලා වගේ ඉන්නකොට උන් එකෙක් වත් අපිව යාලුවෙක් විදියටවත් ආශ්‍රය කරන්න් ඒවිද...සියලු දේ අනිත්‍යයි කිය කිය ඉන්න එකෙක් ආශ්‍රය කරන්න කැමති වෙන කෙල්ල කවුද.. උන් හිතයි බන් අපි පොන්නයෝ කියල....එහෙම තැතුව පුලුවන්නං මෙලොව අවුලක් නැතුව සාමාන්‍ය විදියට ගෙවල පරලොවත් ගොඩ දාගන්න පුලුවන් ක්‍රමයක් බුදු හාමුදුරුවො දේශනා කරල නැද්ද??
avidyava nisa snskara hatagani........ eyai obata diahaki ekama pilithura
obata awasya den hedena jathiye kellekda ? nethnam yahapath wiwaha jeewithayak sathutin gatha karanna puluwan jeewithaya gena awabodhayak thiyena kellekda ? 7 awurudu wayasedee sowan woo wisakawata daruwan 20 k woo bawa sandahan wenawa.wiwahayata pera oba hondata jeewithaya awabodha kara gaththoth elowath melowath dekama goda !
මචන්ලා මම මේක කිවුවෙ උඔලත් එක්ක වත් තනුජ එක්ක වත් වලි දාගන්න නෙවෙයි... මටත් මේක තියෙන ලොකු ප්‍රශ්නයක්... දැන් හිතන්න අපි භාවනා කරල අඩුමගානෙ සකදාගාමී වත් උනා කියල... ඒත් අපි විදර්ශනාව වඩන්නේ සියල්ල අනිත්‍යයි කියල නේ... එහෙම කෙනෙක් කොහොමද ගිහි ගෙදරක ඉන්නේ.. සියල්ල අනිත්‍ය නං මේ හැම දෙයක්ම එහෙම තමයි කෙල්ලෙක් දැක්කත් මතක් වෙන්නෙ අනිත්‍ය ඕක ගැන උන්ට කිවුවම මේ මොකෙක්ද මේ කියල යන්න යයි... අනික මාර්ගඵල ලබන කොට පඨිඝය කාම රාග නැති වෙනවා කියලනවා... එහෙම නං කාම රාග කියන්නෙ ඇලීම එහෙම බැලුවොත් අපි ඉන්නෙ හැම දෙයකටම ඇලිල... පොතක් පතක් කියවන්නෙත් ෆිල්ම් එකක් බලන්නෙත් සල්ලි හොයන්නෙත් යාලුවො ආශ්‍රය කරන්නෙත්.... මේ හැම දෙයක් ම කාම රාග.... මට මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් උඔට දෙන්න පුලුවන්නං තනුජ.. ලොකු දෙයක්...
Eththenma obata honda pilithurak thanuja thamayi diya yuthu. Tharuna wayasedi mema gamana yanna harima pahasuyi. Mata hithena widiyata ochchara dura hithanna epa. den gatha karana mohotha gena [ mema mohothe pawathina sathutath dukath dekama wenas wiya heki bawa ] dakimin danimin jeewath wenna. Muladee puhunu wiya yuthu eyayi mama dakina widiyata.Anithya kiyanne eyata.Elenne nethuwa hema deyakma pariharanaya karanna.Oyata daham manga kiya deemath dahamata yomu kireemath thanujage ayithiyak.
සිංහලෙන් දෙවෙනුව කමෙන්ට් කල මිතුරාට,, මා කියන දෙය චුට්ටක් හොදින් හිතන්න බලන්න නැත්නම් එච්චර හිතන්න එපා..
මම ඔබගෙ පළමු කමෙන්ට් එක දැක්කා නමුත් කමෙන්ට් නොකලෙ කිරිමට තරම් හෙතුවක් එතන නොමැති නිසා..
තනුජ මෙම පොස්ට් එක එකතු කිරිමෙදීම සඳහන් කර තිබෙනව මෙය කා සඳහාද වන බව, තනුජ එසෙ සඳහන් කිරිමිට හෙතුව මට හැඟෙන විදියට අප සියල්ලන්ම ධර්මය අතින් එකම මට්ටමෙ නෙමෙයි ඉන්නෙ එක නිසා වෙන්න ඕන.. තනුජ මෙතුවක් කලකට පොස්ට් ඉදිරිපත් කෙලෙ බුදු පියාණන් ගැන, උතුම් ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන ශ්‍රද්ධාව වඩවන අරමුණ ඇතිව, එතුල ධර්මය අවැසි පුද්ගලයෙකු සිටී නම් ඔහු ධර්මය සොයා යනවා, එක අනිවාර්යෙන්ම වන දෙයක්...
මිතුර ඔබගෙ පලමු අදහස ගැන කියන්න තියෙන්නෙ හැමොම එකම රැල්ලකට ගහගෙන යනවා. ඔබගෙ හිතටත් ඒ අය එක්ක ඉන්න ආසයි, එ ගොඩට එකතු වෙන්න අසායි, ඔබ වැරදියට තෙරුම් අරගෙන තියෙන්නෙ ධර්මය ගැන. "සියලු දෙ අනිත්‍ය යි " කිය කිය ඉන්නෙ නැ.තනුජ මෙම බොලොගය තුලදි එසෙ කියල තියෙන්නෙ තාමත් මෙය තෙරුම් නොගතත්(අවබෝධය නෙමෙයි) කෙනෙක් ඉන්නවනම් ඔහුට එය තෙරුම් කරවන්න. එතුල පුද්ගලයා ධර්මය සොයා ගනී කියන චෙතනාවෙන්. මිත්‍රයා ශ්‍රි ධර්මය තියෙන්නෙ දුක නැති කර ගන්න මිසක් වෙන දෙයකට නෙමයි. (මෙහි දුක යනු වෙනම විස්තර කලයුතු දෙයකි)....
////////////////////////////////////////////////
මිතුර ඔබගෙ දෙවන කමෙන්ටුවෙනුත් පලවන්නෙ පලමු අදහසමයි.. ඔබගෙ ධර්ම කෙරෙහි පවතින සැකය දුරුවෙන්න කියල ප්‍රර්ථනා කරනවා!! හිතන්න ගිහි ගෙයතුලදි විදර්ශනාව වඩිම තුලින් අවබෝධය එනවා අපි මෙ අදරය කියල කරන්නෙ මොකක්ද? , මෙහි තියෙන යථාර්තය කුමක්ද ? එතුලින් ගිහි ජීවිත්ය තුලදී ප්‍රශ්ණයක් පැමිණි විට අවබෝධය තුලි දුකෙ වෙලි ඉන්න එකෙන් බෙරෙන්න පුලුවන්.. සතුට ලැබෙන කොට එහි ඇත්තටම තියෙන්නෙ සතුට ද? කියල හිතන්න පුලුවන් . මෙතුලින් යථා ස්වභාවය දකින්න පුලුවන්.. ගිහි ගෙය තුල රැඳි සිටිමට එය බාදාවක් නැ. ඔබ ධර්මය අත් නොවිද ධර්මය මෙහෙම දෙයක් කියල හිතාගෙන ඉන්නවා. මෙ සදහා මට හිතෙන උදාහරණයක් දෙන්න පුලුවන් උනත් එක සුදුසු දෙයක් හැටියට දකින්නෙ නැ.. ඔබට තීරණය කරන්න පුලුවන් කුමක් ද කරන්නෙ කියල.
/////////////////////////////////////////////
අපිව කුඩා කල පටන් පුරුදු කරලා තියෙන්නෙ තර්කයට, අපෙ මනස කුඩා කල පටන් හුරුකරලා තියෙන්නෙ තර්කයට එකම තමයි හෙතුව.. නමුත් ධර්මය තුල තර්ක වල තෙරුමක් නැ කියලා තෙරුම් ගන්න එකත් ලොකු දෙයක්..
මිත්‍රයා ඔබට පුලුවන්.. ධර්මය සොයා යන්න.. මෙම බොලොගය තුල මිට පෙර පොස්ට් කියවන්න.. ඔබ මහා මංගල සුත්‍රය තෙරුම සමග බලන්න.. වටිනාම සුත්‍රයක්...
තනුජ ඔබගෙ මී ලඟ ලිපි පෙල බලාපොරොත්තුවෙමි..
තනුජ ඔබට ගොඩක් පින්.... ඔබගෙ උත්සාහය සඵල වෙවා !
තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි!
මාර්ග ඵල ලාභිවන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන අනුපිළිවලිනි. භාවනා කර සකදාගාමී විමට පෙර සෝවාන් විය යුතුය. ලොකයේ ධර්ම 03 ක් ඇත. කළු, සුදු හා අළු වශයෙනි (අං.නි) සමහර මිනිසුන් තුල කළු ධර්ම වැඩිය, සමහරු තුල සුදු ධර්ම වැඩිය, සමහරු අළුයි. කලු වර්ණයෙන් උපමාකරන ක්ලේෂ ධර්ම වැඩි අකුසලයට බර මිනිස්සුන්ට ධර්මය කියා වැඩක් නැත. උප්පත්තියෙන්ම අන්ධ වුන මිනිස්සුන්ට ලොකයේ වටිනාම මැණික තමාට ලැබුනත් එහි ඇති අගයක් නැත. කෙනෙක්ට විස්තර කරලා කියන්න පුළුවන් නමුත් තෙරුමි ගන්න තරමි ශක්තියක් ඔවුන් තුල නෑ. මොකද උපතින්ම අන්ධ නිසා. ඒ වාගේ ගැඹුරු ධර්ම කරුණක් අවම වශයෙන් හො තෙරුම් ගැනිමට එබදු පිරිස්වලට හැකියාවක් නැත. එබැවින් ඔවුන්ට ධර්මය කීමෙන්ද වැඩක් නැත. සුදු ධර්මයන් හා අළු ධර්මයන්ගෙන් යුතු මිනිසුන්ට ධර්මය කිව යුතුය. ඔවුන්ට ඒවා අවභෝධ කල හැක.
කෙසේ වෙතත් පිළිතුරක් දීමට සිත් වූවා. එබැවින් කියමි.
ඔබට අවශ්‍ය අමුතුම ස්ටටිල් එකේ අයෙක් විමට භාධාවක් නැත. ඒ සඳහා මාර්ගය ධර්මය තුල සෙවීමෙන් ඵලක් නැත. පෞර්ෂ වර්ධන පන්තියකට, නායක්ත්ව පුහුසු වැඩමුළුවකට හෝ ධනාත්මක චිනතන පන්තියකට හෝ නැටුමි පන්තියකට යෑම ප්‍රයෝජනවත් විය හැක. ධර්මය තුලින් අමුතු ස්ටයිල් නැති කිරිමට මිස, ඒවා වර්ධනය කිරිමට කියා නොදෙයි. ඔබට අවශ්‍ය දෙය මුලින්ම ඔබම සොයා බලන්න. මෙම ධර්මය දේශනා කර ඇත්තේ නිර්වාණයට මිස භවය වැඩීමට නොවේ. භවයට ඇලුමි කරන අයෙකුට එය වටහා ගත නොහැක. භවයෙන් මිදීමට කැමති පිරිස් ඇත. මෙම ධර්මය දේශනා කර ඇත්තේ ඔවුන්ටය. භවයෙන් භවයට යන පිරිස් වලටද බුදු රජාණන්වහන්සේ ධර්මය දේශනා කර ඇත. මෙහි ඒවා සාකචිචා කර මිඩංගු කිරිමට කාලයක් නැත. එබැවින් ඒවා ලියන්නේ නැත.
ඔබ දිනකට කී වරක් වැසිකිලි යනවාද මුත්‍රා පහ කරන්වාද? ඔඔ වැසිකිලි ගියා කියා හෝ මෙපමණ වරක් මුත්‍ර පිටකලා කියා ඔබ හැම විටම එය කියව කියවා සිටිනවාද? ඒ ආකාරයෙන්ම ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සංස්කාරයන් දුටුවා කියා ඔබ ඒවා හැමොටම කියව කියවා ඉන්නට අවශය නැත. කැමතිනමි කිවිවාට වරදක්ද නැත. ඒතකොට ඔබ මම දිනකට මෙපමණ වාරක් වැසිකිලි ගියා යනාදි වශයෙන් කිවිවා හා සමාණය.
භාවනා කරන පිරිස් තමා භාවනා කරන බව තමාගේ අතිශය හිතවතුන්ටද නොපැවසීම සාමාන්‍ය තත්වයයි. මක්නිසාද යත් ඔවුන්ට එයින් අවැසි දෙයක් නැති බැවිනි. කැපී පෙනෙන්නට තතන පිරිස් නමි එසේ කියවන ආකාරය දැක ඇත. තමාගේ පුද්ගලික තොරතුරු වෙන අයෙකුට කීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ඔබ කියනා ආකාරයෙන් හැම දෙයින්ම රාග උපදින්නේ නැත. නමුත් සෑම ක්‍රියාවක්ම සංස්කාරයක්. ඒ සංස්කාරය තුලින් නැවතත් ඉදිරි භවය ඇදීමක් සිදුවනවා. මෙ සියල්ල කියනුයේ භවයේ රුදීසිටිමට අවැසි අයට නොවේ. භවයෙන් මිදීමට අවැසි පිරිස් වෙතය. මින් මතුවනත් මෙහි සාකචිචා කලහොත් සාකචිචා කරනුයේ ද භවයෙන් මිදීමේ පිළිවත මිසක් භවයේ රුදීමේ පිලිවත නොවේ.
එබැවින් භවයේ රුදෙන පිරිස් කැමති පරිදි සිත් සෙ වසත්වා! භවයෙන් මිදිමට කැමති අයෙක් වේ නමි ඔවුන්ට මෙය උපකාරී වනු ඇත.
මෙත් සිතිනි.
තෙරුවන් සරණයි!
lowa boho minisun asarana wee eththe daham igena gannata manga penwannata kenekun nethi bewini. jeewitha kalayak thula mada gohoruwaka lega sitiyada eyin goda ennata awasya wuwada nisi upades dennata kenek nethi kamin asarana wee etha.budu piyanan wahanse tharamata maha karunawak dakwannata noheki wuwada dukata pathwa sitina asaranayan kerehi apamana karunawak, owunge nodenuwath kamata anukampawak awasya wee etha.
හනේ මන්ද.... ඔයාල හැමෝම අසරණ මාව අල්ලගෙනම කෙලවන්නෙ නැත්ව මට ඔය මහප්‍රාණ නැතුව සරලව තේරුං ගන්න දෙයක කියන්න බලන්න...මමත් කැමතියි දුක් ඇතිවෙන තැනදි දුක් නොවී ඉන්න...ඒත් ඔයාල පොඩ්ඩක් හිතන්න ඇදුම් ඇඳගෙන ඉන්න මිනිස්සු ඉන්න තැනකට හෙලුවෙන් ගියොත් උන් අපිට හූ කිය කිය හිනා වෙනවා... අපි ඔය ඇදුං අඳින්නෙ නැති අප්‍රිකානු ගෝත්‍ර කණ්ඩායම් අතරට ගියොත් ඇඳුම් ඇදපු අපි දිහා උන් පුදුමෙන් බලනවා... ඒක තමයි ඇත්ත... ඒ වගේ තමයි.. මේ කාලයේ රාග පිරුණු ලෝකේ රහත් වෙලා වගේ ඉන්න ගියොත් සමාජෙන් කොන් වෙලා තමයි ඉන්න වෙන්නෙ... එහෙම නැතුව සාමාන්‍ය මිනිස්සු අතරේ අසාමාන්‍ය නොවී දුක් නැති කරන්න පුලුවන් මාර්ග නැද්ද??
mata oba gena dukayi. oba darmaya soyanna wehesena nisa. eheth balanna oba pawichchi karana wachana.thunaja kiyanne apata dharmaya kiya dena guruwarayek. enisa ohu wayasa awurudu 7/8 ka daruwek wunath gawurawayen katha karanna. sishta wachana bhawitha karanna. office eke yaluwo ekka katha karana wachana meweni wisishta dharmayak sakachcha karana blog ekaka yodanna epa. dharmaya soyanna hungak wehesenna awasyayi. den ithin ithama nihandawa bohoma mahansiyen office eke yaluwanta kiyanne nethuwa mema blog eke siyaluma karunu ekin eka hondata mulumanin igena ganna. obe siyaluma prasna walata pilithuru ehi thiyenawa.mewa obata kawuru hari kiya diya yuthu nisayi mama liwwe. oba nodanithath dharmayen jeewath wena ayata samajaye wisala gawurawayak thiyenawa.me blog eke thiyena siyalla igena gaththama oba honda dharmadarayek wewi !
ඔබගේ මනසේ ඇති දෙය අන් අයට ප්‍රකාශ කිරීමට අවශ්‍ය තාවයක් නැත.
ලෝකය පිලිබඳ ඔබගේ දැනුම් තේරුම් බව ඔබගේ සතුට සඳහා යොදා ගනු මිස ප්‍රකාශ කිරීමට යාම අන්ධයාට කිරි වල පාට කියා පෑමට යමක් වැනිය.
ලෝකයේ සෑම සියලුදෙනාම කිසියම් දිනයකදී ( සංසාරයේ ) ධර්මාවබෝදය ලබති. වෙනසකට ඇත්තේ කවදාද යන්නය.
ලොව තේරුම් ගැනීම හා මෝඩ ලෙස සමාජයේ හැසිරීම යනු දෙකක් මිස එකක් නොවේ.
මෙය වඩා තේරුම් ගැනීමට උදාහරණ කීපයක් ගෙනහැර දක්වන්නම්.
මම විවාහකයෙකි. මට දරුවෙකුද සිටි. මගේ අනිත්‍ය මෙනෙහි කිරීම බාල ගනයේ එකක් යැයි ඔබට හැඟෙනු ඇත. එයයි ලොවේ මනුස්ස ස්වභාවය.
නමුත් එය එසේ නොවන බව ඔබ මෙය තමා තුලින්ම දකින තුරු වටහා නොගනී. අප ගෞතම බුදු රජාණන් වහන්සේ දෙසනා කල අයුරින්ම ධර්මය වටහා ගන්නේ ඉතා සුළු පිරිසකි.
අන් අයද කෙදිනක හෝ එතනට එති.
ලොව සුපිරි යැයි සම්මත ඇමෙරිකාව වැනි රට වල මිනිසුන් දුක යනු කුමක්ද වත් නොදැන සිටිය යුතුයි සිතෙන තරමට ඔවුන්ට සම්පත් තිබේ. නමුත් සතුටින් සිටිනුයේ ඉතා අල්ප පිරිසකි.
මෙයින් පැහැදිලි වනුයේ මුදල් හෝ නැටුම් ගැයුම් හෝ සංගීත සාදා හෝ ඔබගේ ඉස්තිර සැනසුම නොවන බවයි.
මෙය කියවා ඔබ කුමක් වටහා ගත්තද එයද ධර්මතාවය බව වටහා ගැනීමට මට හැකි බැවින් කිසිවක් පිළිතුරු වසයෙන් බලා පොරුත්තු නොවෙමු.
ඔබ යහ මග වටහා ගනිවායි පතමි.
තෙරුවන් සරණයි.
Post a Comment