My Love හා අසාර බව.


ප්‍රිය මිතුරනේ, කලෙකින් ලිපියක් ලිවීම සඳහා අවකාශ උදාවූවා. ඒ අනුව තරමක වෙනස් ආකාරයේ ලිපියක් සමිපාදනය කලයුතු යැයි සිත් වූවා. මෙම ලිපිය ක්‍රියාකාරකමක් සහිත ලිපියක් බැවින් ලිපියේ අපර කොටස කියවීමට මත්තෙන් ඔබ මෙම වීඩියෝ පටයේ ඇති ගීතයට සවන් දීම අනිවාර්‍යවනවා. එසේ ගීතය රසවිද අවසානයේ මෙම ලිපිය කියවන මෙන්ද, ලිපිය කියවා අවසානයේ නැවත වරක් ගීතය රස විඳින මෙන් ද ඔබගෙන් ඉලලා සිටිනවා. ලිපිය කියවා අවසානයේ ගීතය රස විදීමේ දී ඔබගේ අත්දැකීම පළමුවර ගීතය රසවිදීමේ දී ඔබගේ අත්දැකිම හා සසඳා බලන්න. ක්‍රියාකාරකම වන්නේ මෙයයි.

ක්‍රියාකාරකම සාර්ථක වීම සඳහා අවශ්‍යතා.
  1. ලිපිය කියවීමට පෙර ගීතය ඇසීම.
  2. ගීතය එක් වරක් පමණක් ඇසීම.
  3. එම අසන වාරයේ දී ගීතය රසවිඳිමින් ඇසීම.
  4. ඉන් පසු ලිපිය කියවා තේරුමි ගැනීම.
  5. ඒ අවභොධයත් සමඟ ගීතය නැවත වරක් ඇසීම.
  6. පෙර හා පසු තත්වයන් සංසන්දනය කිරීම.
  7. එසේම ගීතයක් රසවිදිය හැකි අයෙක් වීම.



ලොව මිහිරිතම නාදයක් ඇති සංගීත භාණ්ඩයකින් වැයෙනා වූ මිහිරිතම වූ ගීතයක් ඔබ මේ මොහොතේ රස විඳිනු ලැබුවා. සුන්දර ගීතයක්! සැබවින්ම ඔබ සංගීතයට ප්‍රිය වන්නෙක් නමි නැවත වරක් එම ගීතයට සවන් දීම් ඇල්ම කැමැත්ත ඔබ තුල ඇතිවා විය යුතුයි. ඒ ඇල්ම කැමත්ත ආදිය ඇතිවම මෙම ලිපියේ පහතින් දක්වන්නාවූ කරුනු අවභොධ කරගත යුතු වනවා.

මෙම ගීතයට ඔබ ප්‍රිය වන්නේ නමි, මෙම ගීතය ඇසීමේ දී සිදුවන පරමාර්ථමය ක්‍රියාවලිය පහදා ගැනීමටයි දැන් සූදානමි වනුයේ.

මෙම ගීත කණ්ඩය ඔබට ඇසෙන්නේ කෙසේද? හාප් නමි මෙම සංගීත භාණ්ඩයේ තත් පෙළනා විට උපදින්නාවූ මිහිරි නාදය ඔබේ කනේ ශබිධ සංවේදී ස්ථායේ ස්පර්ශ වූ විට ඔබට එම නාදය ඇසෙනා බව ප්‍රකාශ කල හැකියි.

එය තවදුරටත් පහදාගමු.  සංගීත භාණ්ඩයේ ස්වරයට අදාල තත පෙළිමට ලක් කල විට එම ස්වරයට අදාල ශබිධය කනේ ශබිධය හඳුනා ගන්නා ස්ථානය වන සෝතප්‍රාසාදයේ ගැ‍ටීමත් සමඟ ශබිධය පිළිබඳ දැනිම නැතහොත විඥානයක් ඉපදීම සිදුවනවා. මෙම විඥානයේ ස්වභාවය වන්නේ උපන් සැනින් නැතිවී යෑමයි. එය අනිත්‍යට නොයන්නේ  නමි නැතහොත් නැතිවී නොයන්නේ නමි ස්වරයට අදාල දැනිම ම නොනැසී ඒ ආකාරයෙන්ම දිගින් දිගටම පැවතිය යුතුවනවා. නමුත් එය එසේ නොව ඉන් පසු ස්වරයට අදාල තන්තුව පෙළුවා නමි එයට අදාලව නව දැනිමක් ඉපදීම සිදුවනවා. එවිට ස්වරය ඔබට ඇසුන බව කියනු ලබනවා. එහි ස්වභාවය වන්නේත් උපන් සැනින් නිරුද්ධ වී යෑමයි. මේ ආකරයට ඒ ශබිධය උපදිනා උපදිනා ආකාරයට ශබිධය පිළිබඳ දැනීමි ඉපීම ද සිදුවනවා. නැතහොත් සෝත විඥානයන්ගේ ඉපදීම සිදුවනවා. එසේ උපදින්නාවූ විඥාන උපන් සැනින්ම අනිත්‍යට යෑමත් සිදුවනවා. කිසිවෙකුටත් එය වැලැක්වීමට හැකියාවක් ඇත්තේ නැහැ.

මේ ආකාරයට සෝත විඥානය ස්වයට අදාලව උපන්විට එය ස්වරයයි කියා හඳුනා ගැනිමක් ඇතිවනවා. එම හදුනාගැනීම සංඥා ස්කන්ධයේ ඇතිවිමයි. ඉන්පසු ඒ සැනින්ම එයත් අනිත්‍යට යන අතර ඊලඟ ක්ෂණයේ  උපදින ස්වරය පිළිබඳ නව සංඥාවක් ඉපදීම සිදුවනවා. යමි විටක දී මේ ස්වරය පිළිබඳ හදුනා ගැනීම පමණක්ම පැවතියා නමි ඔබට ගීතයේ ඉදිරියක් ඇසීමට නොහැකි විය යුතුයි. ස්වරයට අදාල සංඥාව වෙනත් සංඥාවක් ඉපදීමට අවස්ථාව දෙමින් උපන් සැනින් නිරුද්ධව යනවා.

මෙම සංගීත ස්වරයන් අතර යමි යමි ස්වරයන් කණට බොහෝ ප්‍රිය ස්වභාවයකින් යුතු බව ඔබ අත්විදින්නට ඇති. එසේම  තවත් ස්වරයන් කණට එතමි ප්‍රිය නොවීමට ද ඉඩ ඇත. එසේම තවත් ස්වරයන් අප්‍රිය වීමට ද හැක. මෙසේ ඒ ඒ ස්වරයන් පිළිබඳව විඥාන ඇතිවිමත් සමග එම එක් එක් ස්වරයේ ප්‍රිය අප්‍රිය භාවය පිළිබඳව රස විදීමක්ද ඇතිවනවා. මෙම රසවිදීම ප්‍රියයි නමි ඔබට සුඛ වේදනාවක් ඇතිවනවා. අප්‍රියයි නමි ඇතිවන්නේ දුක්ඛ වේදනාවක්, ප්‍රිය බවක් හෝ විශේෂිත අප්‍රිය බවක් හෝ නැතිනමි එහිදී ඇතිවනුයේ මැදහත් වේදනාවක්. මෙසේ ඇතිවන වේදනාවත් ස්වරයක් ස්වරයක් පාසා උපදිමින් ඒ මොහොතෙම නැති වී යනවා. මෙම ප්‍රිය අප්‍රිය භාවය පිලිබඳ වේදනාවන් නැති නොවී ඒ අයුරෙන්ම පැවතියා නමි ඔබට ගීත‍ය රසවිදිමට නොහැකි වන අතර පුර්ණ කාලය තුලම එකම වේදනාවක් දැනෙමින් පැවතිය යුතු වනවා.

ඒ අනුව මෙම ස්වර ඇතිවිමත් සමග “මෙය ඉතා හොඳයි, මෙය අප්‍රියයි. මෙහි ශබිධය වැඩියි, මෙහි ශබිධය අඩුයි. මෙය මේ ආකාරයට වූවානමි හොදයි, මෙය මේ ආකාරයට වූ නිසා නුසුදුසුයි. මෙම ගීතය කලින් අසන ලද අවස්ථාවඒ, මෙම ගීතය හා සමිබන්ධිත ඔබගේ මතකයන්” ආදි වශයෙන් සිතින් සිතුවිලි ගලා යෑමක් සිදුවනවා. මේ ආකාරයට අළුත් අළුත් සිතුවිලි ඉපදීමට හැකියාවක් ඇතිවන්නේ මේ එක් එක් සිතුවිල්ලක් උපන් සැනින් අනිත්‍යට යෑම මතයි. ඒ අනුව සංඛාර ස්කන්ධය ද මොහොතක් හෝ නොනැවති අනිත්‍යට යෑම සිදුවනවා.

ඔබ ගීතය අසනවා යැයි සැබවින්ම කරනුයේ කුමක්ද? එකම ගීතය තුල ඔබට මිහිරි වූ සංගීත ඛන්ඩ, අමිහිරි වූ සංගීත ඛණ්ඩ, මිහිරි ස්වර, අමිහිරි ස්වර ආදිය පවතිනවා. ඔබ සිතූ පමනින් යමි ගීතයක ආශ්වාදය ලැබීමට හැකියාවක් ඇත්තේද නැත. ඒ සඳහා ඔබ එම ගීතය ඇසෙන තැනකට ගොස් ඔබේ කණට ඒ ගීතය ඇසෙන්නට සැලැස්විය යුතු වනවා. මෙසේ සැලැස්සූ විට ඒ ගීතයේ විවිධ සංගීත ඛණ්ඩ ආදිය වාදනය වීම සිදුවනවා. ඒවාට අනුරූපව විවිධ ප්‍රිය අප්‍රිය රසයන් නැතහොත වේදනාවන් ඉපිදෙමින් නැතිවෙමින් යනවා. මේ ක්‍රියාදාමය සිදුවූ පසු ගීතය ඇසුවා කියා ඔබ එයින් පිටවී යනවා. නැතහොත් නැවතත් ඒ ගිතය අසනු ලබනවා. ගීතය අසන පුර්ණ කාලය තුල සමිපුර්ණ ගීතය හෝ, ගීතයේ ස්වර ඛණ්ඩ හෝ, ස්වර හෝ, ශබිධය හෝ ඔබේ කණ හෝ ඔබට ඇවැසි පරිදි පැවැත්විය හැකි වූවාද? ගීතයේ ශබිධය වැඩි නමි ඔබට කල හැකි එකම දෙය වනුයේ ඔබගේ ශබිධ විකාශකයේ ශබිධය අඩුකිරිම පමණි. ඔබේ කණෙන් ඇසෙන ශබිධය ඔබට ඇවැසි පරිදි අඩුවැඩි කිරීමට ඔබට හැකියාවක් ඇත්තේ ද නැත. මේ අනුව ගීතයත් ඔබේ කණත් ඇතිවෙව් නැතිවෙවි යන රසාස්වාදයත්, සංඥාවන්, සිතුවිලි ආදි මේ කිසිවක් ඔබට පාලනය කල හැකිද? මෙසේ තමාට කැමති පරිදි ස්ව වශයෙන් පැවැත්විය නොහැකි බව නැතහොත් අනාත්මය වන්නේ මෙයයි.

මෙම අනාත්මතාවය ඇත්තේ මෙම ධර්මයන්ගේ ඇති අනිත්‍යතාවය නිසයි. අන් අතට අනිත්‍යතාවය නොවූවා නමි ගීතයක් කියා දෙයක් ඔබට ඇසීමටද නොහැකි වනු ඇත. මෙසේ අනිත්‍ය වූ අනාත්ම වූ ගීතය අවසන් වූ විට සැබවින්ම එහි අනිත්‍යතාව හා අනාත්මතාව සියුමි ලෙස ඔබ නොදුටුව ද තවදුටත් නැවත් ගීතය නොඅසා පිටවී යන්නේ නමි එහි ඇත්තේ මෙම අනිත්‍යතාව හා අනාත්ම තාව පිළිබඳව නුනුවනින් නැතිනමි මොඩ කමින් ඇතිකරගත් උපේක්ෂාවක්. ඔබ ගීතය නැවත වරක් අසනවා නමි. එයට හේතුව වන්නේ මෙම අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයන්ගේ සාරය අනිත්‍ය බව හෙයින් ඒ තුලින් ඇතිකර දෙන්නාවූ දුක නැතහොත් ප්‍රිය වූ ගීතය ඇසීම නැතිවී යාම තුලින් ඇතිවූ දුක නැතිකර ගැනීම සඳහා නැවතත් ගීතය ඇසීමයි. මේ අනුව මේ සංස්කාර ධර්මයන්ගේ උපරිමය සාරය වන්නේ මෙම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයයි. මෙය ඔබ ලඟමයි. මෙම ත්‍රිලක්ෂනය ඉක්මවා යන්නා පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරනු ඇති.

මෙම අවබෝධය ඇතිව ඔබ නැවත වරක් වේදනා, සංඥා ආදි පංචසකන්ධ ධර්මයන් ඇතිවෙමින් නැතිවෙමින් යන අයුරු දකිමින් මෙම ගීතය රසවින්දේ නමි, බලන්න කෝ එම සුන්දර ගීතයේ රසයක්? හිස් වූ නිස්සාර වූ ඇති වී නැති වී යන ස්වර ගොඩක් මිස...............

මෙම ලිපිය සැමදෙනාටම අවභෝධ වේ යැයි අපේක්ෂා නොකරමි. මෙහි අර්ථය උද්දීපිතව ලැබීමට නමි ත්‍රිලක්ෂණය, පංචස්කන්ධය, ආයතන, හා අරමුණු සමිබන්ධව ඔබ සතුව දැනුමක් තිබිය යුතුම වනවා. මෙම බිලොගයේ ඒ පිළිබඳව මින් පෙර ලිපි ඔස්සේ සාකචිඡා කර ඇති බැවින්. නැවතත් ඒ සමිබන්ධව මෙහි පැහැදිලි කිරීමි කර නැතත්, සරල බසින් කෙටියෙන් ලිවීමට උත්සුක වුවා!

ඔබට පහසුම ප්‍රතිපදාවෙන්  නිවනම වේවා!!
තෙරුවන් සරණයි!

4 අදහස් හා විමසීමි:

මධුරංග said...

සාදු සාදු සදු !

Darshana said...

බොහොම පින් ඔබට

Gayathri Wijesekera said...

ඉතාම වටිනා අත්දැකීමක්....
බොහොම පිං ඹබට ...

Prabodini said...

දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් බ්ලොග් එකක්. ඔබට පින්.. :)

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...