මෛත්‍රී භාවනාව (25 කොටස)

මෛත්‍රි භාවනාව වැඩිමේ දී පහත පරිදි කටයුතු කරන්න.
  1. ද්වේශයෙන්, වෛරයෙන් පිඩීත සිතක් තුල මෛත්‍රීය රෝපණය නොවේ. මේ සසර ගත සත්ත්වයා දුක් විදිනා ආකාරය දකින්න. රාගය නිසා, ද්වේශය නිසා, මොහය නිසා, අවිද්‍යාව නිසා මිනිසුන් කෙතරමි නමි දුකට පත්වී ඇත්ද? සමාජීමය අපවාද, චොදනා, වංචාවන්ට හසු වීමි, නින්දා අපහාස ලැබීම, ලාභයන්, අලාභයන්, සැප, දුක, කිර්තිය මෙන්ම අපහාසයන් ඉදිරියේත්, මිනිස්සු නොසන්සුන් වන ආකාරය දකින්න. ඉපදීම නිසා, රෝගී බවට පත්වීම නිසා, මරණයට පත්වීම නිසා,  ප්‍රියයන් ගෙන් වෙන්විම නිසා, අප්‍රියයන් හා එක්විමට සිදු වීම නිසා, කැමති දෑ නොලැබී යාම නිසා මේ ආදී සෑම දෙයක් නිසාම ඔබ දන්නා හදුනන ඔබේ හිත මිත්‍රාදීන්, ඥාතීන්, අසල් වැසියන්, සකල ලෝක වාසින්ම කායික දුක්ඛයට, මානසික දුක්ඛයට, සෝක විමට, විලාප තැබිමි, අධික දුක්ඛය නිසා හටගන්නා වෙහෙසට පත්වීම, ආදිය තුලින් සැපයෙන් පහවී දුක් වේදනා විදිනා ආකාරය ඔබේ සිතින් දකින්නට උත්සාහ කරන්න. ඒකාන්ත වශයෙන්ම මේ ලෝක සත්ත්වයින් දුකට පත් වෙලා නේද? ඔවුන් තුල කිසිදු සුවපත් බවක් සැනසිමක්, කායික මානසික සතුටක් නෑ නේද? ඔබ මේ බව දකිනවා නමි ඔබේ සිතින්ම අනේ මේ ලෝක සත්ත්වයින් සියල්ලොම සුවපත් වේවා සුවපත් වේවා කියා නිරායාසයෙන්ම කියවෙනු ඇත. ඔබට එසේ නොදැනේ නමි එය දකින්නට උත්සාහ කරන්න. මෛත්‍රිය වැඩිය හැක්කේ එවිටයි.
     
  2. දෙවනුව ඔබ දෙසම බල්න්න. සැබවින්ම ඔබත් සුවපත් බවින් යුතු නැතැන්තෙක්ද? පිළිතුර ඔබ සතුයි. එසේ නමි පළමුව ඔබ ඔබටම මෛත්‍රිය පතාගත යුතුය.
  3. මෛත්‍රිය වැඩිමේ දී ඉහතින් ඇතිකර ගත් අවභෝධය සමඟ නිරව්‍යාජ අපෙක්ෂාවෙන්. ලෝක සතත්වයින් සුවපත් කිරිමේ ඒකායන අභිලාශයෙන් සුවපත් වේවා! සුවපත් වේවා!! යන වදන පමණක් භාවිතා කරමින් ලොක සත්ත්වයාට සෙත් පතන්න.
  4. ඉන් පසු උතුරු දිශාවේ, වාසය කරන දිග් වූ සිරුරු ඇත්තා වූත්, මහත් වූ ශරිර ඇත්තාවූත්, කුඩා වූත්, ඇසට පෙනෙන්නාවුත්, අසට නොපෙනෙන්නාවූත්, දුර සිටින්නාවූත්, ලඟ සිටින්නා වූත්, ක්ලේශයන් නොනැසුවා වූත්, ක්ලේශයන් නැසුවා වූත්, කුසල කර්මයෙන් උපන්නා වූත්, අකුසල කර්මයෙන් උපන්නා වූත්, උපදින්නා වූත්, නූපදින්නා වූත් (රහතුන් වහන්සේ) සෑම සියළු සත්ත්වයෙකුටම මෛත්‍රිය වඩන්න.
  5. රහතුන් වහන්සේ පවා පිරිනිවන්පානා තුරු මේ ශරිරය පරිහරණය කිරිමේ දී ඇතිවන රෝග පීඩා, කායික විඩාවන්, වේදනාවන්, මැසි මදුරු දෂ්ඨ කිරිමි, කුස ගිනි වීමි, මළ මුත්‍රා පිටකිරිමට සිදුවිමි ආදිය නිසා කායික සුවපත් භාවයෙන් තොර බව දකින්න. රහතුන් වහන්සේද එබදු තත්වයකට මුහුණ දෙන කල අන් සත්ත්වයින් ගේ සුවයෙන් පහවූ බව ගැන කවර කථාද?
  6. මේ ආකාරයට උතුර, නැගෙනහිර, දකුණ, බටහිර, උඩ, යට යන දිශා 06 හිත් අනු දිශා 04 හිත් සෑම සත්ත්වයෙකුටම සෙත් පතන්න.  
  7. මෙසේ නොමැතිව ඔබ වඩා ප්‍රිය කරන්නාවූ ගරු කල යුතු, සමිභාවනීය, ආර්‍යයවූ එක් පුද්ගලයෙකු අරමුණු කොට ඔබට මෛත්‍රිය පැතිරවිම වුවද කල හැක. (මෛත්‍රී භාවනාව සමිබන්ධ වැඩි දුර දැගැනිමට දන්කන්දේ ධමිමරතන හිමියන්ගේ මෙත් සිතින නිවන් දකිමු පොත පරිශිලනය කරන්න)

  8.  මෙම ලිපියත් කියවා බලන්න.

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...