සක්මන් භාවනාව හා ප්‍රත්‍යවේක්ෂාව (10 කොටස)


සක්මන් භාවනාව
සක්මන් භාවනාව භාවනාවක් වශයෙන්ද සතිය දියුණු කිරිමටද යොදාගත හැක. භාවනාවක් වශයෙන් ආධුනිකයෙකුට සක්මන් කිරිමට තරමක ඉඩ පාඩු ඇති සක්මන් මළුවක් පැවතිය යුතුය. එසේ ඉඩක් නොමැති විට දී ඔබ ඇවිද යන සෑම විටකම බුද් කියා මෙනෙහි කරමින් පය එසවිමටත් ධෝ කියා පය බිම තැබීමටත් ඔබට හැක. මෙ‍මඟින්ද සතිය දියුණු කරගත හැක.

වාඩි වී භාවනා කර වෙහෙසට පත්වූ විටක සක්මන් භාවනාව කෙටි කාලයක් කර නැවත වාඩි වී භාවනා කිරීම ද පහසුවක් වනු ඇත.

ප්‍රඥාව දියුණු කිරීම
නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා සතිය සමාධිය පමණක් තිබිම ම ප්‍රමාණවත් නොවේ ඒ සඳහා ප්‍රඥාවද පැවතිය යුතුය. ප්‍රඥාව ධර්ම ග්‍රන්ථ ආදිය කියවා, ධර්ම දේශනා ආදියට සවන් දිම තුලින් මුලින් සුථමය වශයෙන් ඇතිකර ගත යුතුය. එසේ ඇතිකර ගත් ප්‍රඥාව භාවනාව තුලින් අත් දැකිමෙන් ඔබගේ අවභෝධයක් බවට පත් කරගත යුතුය.

එබැවින් මෙම ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා පංචස්කන්ධය, නාම-රූප, චතුර්ධාතු, ආයතන, පටිචිච සමුප්පාදය, චතුරාර්‍ය සත්‍යය ආදි ධර්මයන් ගැන පත පොත කියවිමෙන් හා දේශනා ආදියට සවන් දීමෙන් ඔබගේ දැනුම වැඩි දියුණු කර ගැනිම අත්‍යාවශ්‍යම වන්නේය. ඒ සදහා දෛනික කාලයෙන් යමි පහසු වේලාවක් වෙන් කර ගන්න.

බුද්ධ වන්දනාව
ඔබ නිර්වාණය සාක්ෂාත් කිරිමට බලාපොරොත්තු වන යෝගාවචරයෙකු වශයෙන්, ඒ උතුමි සතරක් වු ධර්මය පරෝපදේශ රහිතව තමන්වහන්සේ විසින්ම අවබෝධ කරනු වස්, ගණනින් පවා ප්‍රමාණකල නොහෙන අති දිර්ඝ කාලයක් මුලුල්ලේ, ඔබ වෙනුවෙන් අනනත් වු වෙහෙසට පත්ව, දුක් අනුභව කලාවු, ඒ උතුමි වු බුද්ධ රත්නය දවසට දිනක් හෝ වන්දනා කර ගත යුතුම වන්නේය. බුද්ධ රත්නය, ධමිමරත්නය සංඝ රත්නයෙන් තොර කිනමි සැපතක්ද? කිනමි පිළිසරණක්ද? කිනමි විමුක්තියක්ද? එබැවින් මල්,  පහන්, සුවඳ දුමි ආදි ඔබට පහසුවෙන් සපයාගත හැකි පුජා ද්‍රව්‍යන් හැකි පමණ පූජා කර දිනකට එක් වරක් හෝ බුද්ධ වන්දනාව කිරීම අනිවාර්‍යයෙන් ම ඔබගේ ජීවිතයට එක්කර ගන්න.

ඔබ සොයන නිවනේ මූලය වූ, අමෘත නිර්වානය සත්ත්වයින්ට සපයා දෙන උල්පතක් බදු වන තුන්රුවන අතහැර ඔබට නිවන් ලැබිම කල හැක්කක් නොවනු ඇත.

කුසල් ප්‍රත්‍යවේක්ෂා කිරීම
බුද්ධ වන්දනාව හෝ කිනමි කුසල කර්මයක් කල ද, ඒ සෑම කුසල කර්මයක්ම අනිත්‍යට ගොස් නැතිවි යන ආකාරය දකින්න. ඒ කුසල කර්ම තුලින් ද දුකක් උරුම කර දෙන භවගාමි කර්මයන්ම සිදුවන බව දකින්න. ඒ කුසල කර්මයන්ද තමාට අයත් නොවන්නාවු මගේ නොවන්නාවු හුදු ඇතිවි නැතිවි යන පංචස්කන්ධ ධර්මයන් ම පමණක් වන බව දකින්න උත්සාහ ගන්න. සිදු කල මොහොතේම අනිත්‍යට යන කුසල කර්මයක මගේ කියා ගන්නට ඇත්තේ කිනමි සාරයක්ද?

3 අදහස් හා විමසීමි:

Nadun dharmawickrama said...
This comment has been removed by the author.
Nadun dharmawickrama said...

සක්මන් භාවනාව නිවැරදිව සිදුකරන හැටි…

බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙවෙයි. (ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති) ගමන් කරද්දි ගමන් කරනවා කියල හොඳට සිහිය උපද්දවා ගන්නවා. ඊළඟට වාඩිවෙලා ඉන්දැද්දී වාඩිවෙලා ඉන්නවා කියල දැනගන්නවා. හිටගෙන ඉන්දැද්දි හිටගෙන ඉන්නවා කියල දැනගන්නවා. හාන්සි වෙලා ඉන්දැද්දි හාන්සිවෙලා ඉන්නවා කියල දැනගන්නවා. එතකොට මේ සෑම ඉරියව්වක්ම මනා කොට දැනගන්නවා. මේ මනා කොට දැනගන්න එක එහෙම නම් සක්මනට විතරක් අදාල එකක් නෙවෙයි.

ඊළඟ එක තමයි යම් කිසි විදිහකට වම… දකුණ… කියල සිහිකරගෙන ගියොත්, බාහිර අරමුණක් නම් එන්න නොදී සිහිය පිහිටුවා ගන්න පුළුවන්කමක් නම් තියෙනවා තමයි. ඒ වුණාට අපට අදාළ වෙන්නේ අපේ ශාස්තෘන් වහන්සේ වදාළ දේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා වදාළා මේ කයේ සිහිය පිහිටුවා ගැනීම තමන් ගමන් කරන බව මනාකොට සිහිකරගන්ට ඕනෙ. ගමන් කරන බව මනා කොට සිහිකරගෙන ගමන් කරන්ට ඕනෙ. එතකොට පය ඔසවද්දි, පය ගෙනියද්දි, පය තබද්දි ඔසවනවා… ගෙනියනවා…. තබනවා කියල සිහි කළ යුතු නෑ. තමන් සිහියෙන් ඉන්න ඕනෙ තමන්ගේ ශරීරෙ ඉරියව්ව මේ විදිහට පවත්වනවා කියල. අන්න ඒකයි වැදගත් වෙන්නෙ.

ඉරියව් ශාන්ත භාවයට පත්වෙනවා…

එකතැනකදි පාරාසරිය කියන රහතන් වහන්සේ වදාළා, මේ විදිහට ඉරියව් පවත්වන කොට සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටියාට පස්සේ, ඉරියව් හරි ලස්සනයි කියල සිනිදු තෙල් දහරාවක් වගේ කියල. ඒ කියන්නේ බොහොම ශාන්ත, සංයමයට පත්වෙච්ච කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා. ඒකයි සිනිදු තෙල් දහරාවක් වගේ කියල පෙන්නල තියෙන්නෙ.

අන්න ඒ විදිහට සක්මන් භාවනාවේදීත් (අපි හිතමු ඔන්න එයා දැන් හිටගත්තා) එයා යම්කිසි තැනක් තීරණය කරනවා මම අතනට යන කම් හොඳ සිහියෙන් යනවා. හිටගෙන මුළු ශරීරයටම සිහිය යොමු කරගෙන, පාදය ඔසවන කොට හොඳට සිහියෙන් ඔසවල, හොඳට සිිහියෙන් තබනවා. වම් පාදයත් එහෙම තබනවා, දකුණු පාදයත් එහෙම තබනවා. හැබැයි එයා සිහිකරන්නෙ වම දකුණ කියල නෙවෙයි. ඔසවනවා තබනවා කියල නෙවෙයි. සිහියෙන්. මේකට වචන සිහිකරන්න ඕනෙ නෑ. සිහියෙන් කරන්න පුළුවනි.

Thanuja Jayasundara said...

තෙරුවන් සරණයි!
ඔබ කියනා ආකාරයෙන් මහා සතිපටිඨාන සූත්‍රයේ අන්තර්ගතව තිබේ.
ඔබ එසේ කිරිමේ වරදක් නැහැ. ඔබ එසේම සිදුකරන්න.

සතිපටිඨාන භාවනාවක් වශයෙන් ඔබ ප්‍රකාශ කරනා සිහි නුවන පිහියුවීමම ගමු. එහිදී "එකතැනකදි පාරාසරිය කියන රහතන් වහන්සේ වදාළා, මේ විදිහට ඉරියව් පවත්වන කොට සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටියාට පස්සේ, ඉරියව් හරි ලස්සනයි කියල සිනිදු තෙල් දහරාවක් වගේ කියල. ඒ කියන්නේ බොහොම ශාන්ත, සංයමයට පත්වෙච්ච කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතය තුළ සකස් වෙනවා. ඒකයි සිනිදු තෙල් දහරාවක් වගේ කියල පෙන්නල තියෙන්නෙ."

සිනිදු තෙල් දහරින් එහාට ගොස් මෙ නාම ස්කන්ධයත් රූපස්කන්ධයත් නිවාදමා ඵල සමවත තෙක් සිත ගෙනයන ආකාරය ත්‍රිපිටකයේ කොතැනක හෝ අන්ර්ගතව නැත.

සතිපටිඨාන භාවනාව‍ හෝ වෙන කිනමි භාවනාවාක් හෝ කාලයක් හොදින් කරන, භාවනාව වැඩෙන අයෙකුට කලක දී යමි යමි භාවනාමය අත්දැකිමි ලැද හැක. ඉන් සමහර බාවනාමය අත්දැකිමි පිළිබඳව ත්‍රිපිටකයේ තැනින් තැන විසිරී ඇත. උදාහරන චූල සුඥත සුත්‍රය මහා සුඥත සූත්‍රය වැනි සූත්‍රයන් දැකිවිය හැක. එබදු අයෙකුට තමා ලබා ඇති දත්දැකිම මෙයය යැයි ත්‍රිපිටකයට අනුව තහවුරු කරගත හැක තමුත් එම අත්දැකිමෙන් ඉදිරියට යන ආකාරය ත්‍රිපිටකයේ අන්තර්ගතකර නැත.

තවත් උදාහරණයක් ලෙස ප්‍රථම ධ්‍යානයේ විතක්ක, විචාර, ප්‍රිති, සුඛ ඒකග්ගතා යන ධ්‍යානංග 05 ඇති බව ත්‍රිපිටකයේ ඇත. නමුත් එම ධ්‍යානංගයක් ප්‍රත්‍යක්ශ වශයෙන්ම යමෙක් අත්දකින්නේ කවර ආකාරයකින් ද යන ආකාරය ත්‍රපිටකයේ අන්තර්ගත කර නැත. එනමි භාවනාමය වශයෙන් ඒ ධ්‍යානාංග හදුනාගන්නා ආකාරය ත්‍රිපිටකයේ නැත. තවදුරටත් ගතහොත් විතක්ක නමි ධ්‍යානංගය හදුනාගන්නා ආකාරය ත්‍රිපිටකයේ නැත. විතක්කය උපදින විට එය ශරිරයට දැනෙනා ආකාරය ආදිය ත්‍රිපිටකයේ නැත.

ත්‍රිපිටකය පුරා නිවන ගැන කියා ඇත. නමුත් එම නිවන භාවනාව තුලින් අත්දකිනා ආකාරය ත්‍රිපිටකයේ කොතැනක හෝ නැත.

එබැවින් ත්‍රිපිටකයේ සියල්ල අන්තර්ගත කර නැත. පළමුව එය අවභෝධ කර ගන්න. මෙ සඳහා ත්‍රපිටක ඉතිහාසයත් සංඝායනා ඉතිහාසයත් යන සියල්ල සොයාබැලීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. ත්‍රිපිටකයේ පුර්ණ බුද්ධ දේශනය අන්තර්ගත නැත. සූත්‍ර කිහිපයක් හැරැනු කොට ඇත්තේ භාග්‍යවතුන්වහන්සේ ඒ ධර්ම දේශනයේ දී කල මාතිකාපාඨය පමනි.

බුද්ධ දේශනය ද්විවිධ බව ත්‍රිපිටකයේ ඇත. ඉන් භාග්‍යවතුන් වහන්සේගේ කිසිදු සාමුක්කංසික දේශනාවක් ත්‍රිපිටකයේ අන්තර්ගත කර නැත. එය බුදුවරයානන්වහන්සේ නමකට පමණක් පැවැත්විය හැකි වරකට වචන 1000 ස් ගනනක් පිට කරමින් කරනා දේශනාවයි. මිනිසුන් මාර්ග-ඵල අවභෝධය විශාල ලෙස ලැබුවේ එම දේශනය සවන් දිමෙනි. එම දේශනයන්හි මාතිකා පාඨය පමනක් ත්‍රපිටකයේ ඇත.

යමි යමි ආගමික සංවිධාන ති්‍රරපිටකයේ කොටස් හෙලා දකිති අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ යැයි කියති. පටිසමිභිදාමග්ගය ඉවත් කරති. කදුබොඩ ආදියේ ප්‍රගුණ කරන භාවනා ක්‍රම හෙලා දකිති. ඒ ඔවුන්ගේ ඇති අනුවන බව හා නොමේරූබව නිසා වන දේය.

හැකිනමි කිනම් භාවනාවක් හෝ අත්හදා බලන්න. වඩා පහසු පිළිවලින් නිවන් යෑමැයි බුදුපියානන් දේශනා කලේ.

තෙරුවන් සරණයි!

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...