භාවනා අත්දැකීමි ලැබීම හා එහි දී මනස පිහිටු වීම
කලක් හොඳින්
භාවනාව කරගෙන යන විටදී ඔබට භාවනාවෙන් අත්දැකිමි ලැබිය හැකි වනු ඇත. භාවනා ඇත්දැකිමි
සැබවින්ම සිත කුල්මත්කරවන සුළු හා මහත් ආශ්වාදජනක අත්දැකිමි වන බැවින් ලත්
අත්දැකිමක් නැවත නැවත ලැබිමට ඔබට අතිශය කැමැත්තක් ඇතිවන්නට පුළුවන. භාවනාව තුල
සංස්කාරයන්ගේ ස්වභාවය වන්නේ. ඔබ විසින් ලබන ලද ඒ අත්දැකිම නැවත ලබන්නට ඇති ඔබේ
කාමචිඡන්දය නැත්තටම නැති නොවන තාක් ඔබට ඒ අත්දැකිම නැවත කිසි දිනක ලැබිමට නොහැකි
වී යාමයි.
එසේ භාවනා
අත්දැකිමක් නැවත ලබන්නට ඇති කැමැත්ත භාවනාව තුලින්ම මතුකර දුන් කාමචිඡන්ද නිවණය බව
ඔබ විසින් පළමුව හදුනාගත යුතුයි. ඉන්පසු ඒ අත්දැකිම ලැබිමට ඇති කැමැත්ත සිතින්
සමිපුර්ණයෙන් අතහැර දැමිය යුතුයි. එවන් විටක දී එම අත්දැකිම හෝ ඊට වඩා ප්‍රතීත
අත්දැකීමක් ඔබට අත්විදින්නට පුළුවන් වනවා ඇත.
ප්‍රධාන භාවනාව
චතුර් ආරක්ෂක
භාවනාව සුදුසු පරිදි ප්‍රගුණ වී ඇති බවට කමිමටිඨානාචාරි වරයා සෑහිමට පත්වූ විටක ඔබට
ප්‍රධාන භාවනාවක් නියම කරනු ඇත. ඉන්පසු චතුර් ආරක්ෂක භාවනාවන් කෙටියෙන් වැඩිය යුතු
අතර, ප්‍රධාන භාවනාවට මූලිකත්වය දෙමින් එය ඉතා හොඳින් ප්‍රගුණ කල යුතුය.
ඔබට ප්‍රධාන
භාවනාවක් තොරා දෙන අවස්ථාවේ දී මේ කරුණු සිහි තබා ගන්න. ඔබ මින් පෙර වඩා හොදින් ප්‍රගුණ
කරන ලද භාවනාවන් තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳව කමිමටිඨානාචාරි වරයා දැනුවත් කරන්න.
නමුත් එම භාවනාව ප්‍රධාන භාවනාව ලෙස ඔබට ලබා දෙන ලෙස ඉල්ලා නොසිටින්න.
ඔබට වඩාත්
සුදුසු භාවනාව නිර්ණය කිරිමට කමිමටිඨානාචාරි වරයාට හැකියාව ඇත. නමුත් ඒ හැකියාව ඔබට
නැත. ඔබගේ ඉල්ලිම භාවනා මාර්ගයෙන් ඔබව ගවි ගණනක් ඈතට ඇද දමන ඉල්ලිමක් වන්නට ද ඉඩ
ඇත.
චතුර් ආරක්ෂක
භාවනාවන් ගෙන් ඔබ ලද අත්දැකිමි කමිමටිඨානාචාරී වරයාට සියල්ල ඒ අයුරෙන්ම විස්තර
කරන්න. ඔබගේ සටහන් පොත කමටහන් ගන්නට යන විට රුගෙන යන්න අමතරක කරන්න එපා.
ඔබට ලබා දෙන ලද
කමටහන ඔබට සුදුසුම කමටහනයි. එය කෙරේ ආදර ගෞරව ඇතිව වඩන්න. බහුලී කරණය කරන්න. ඒ
තුලින් ඔබ සාර්ථක ප්‍රතිඵල නොලබන්නේ නමි ඔබට වෙනත් කමටහනක් නියතවශයෙන්ම ලැබෙනු ඇත.
පුණ්‍යානුමොදනා කිරීම
ඔබ සාර්ථක
භාවනා වාරයක් අවසන් කරනු ලැබුවා. අනමතග්ග වූ මේ සංසාර ගමන නිමා කිරිමට උත්සාහ
කරන්නාවූ ඔබට මේ භාවනා ආසනයේ වාඩි වු මොහොතේ සිට භාවනා වාරය අවසන් කල මොහොත දක්වා මේ
සංසාරය තුල උපකාර කල අනන්තවත් සත්ත්වයින් සිටිනු ඇත. ඔබගේ කල්‍යාන මිත්‍රයන්,
කමිමටිඨානාචාරින් වහන්සේ, ගුරුවරුන්, දෙමාපියන් ආදීන් නොසිටින්නට ඔවුන්ගේ කරුණාව, අනුකමිපාව
නොලබන්නට ඔබට මේ කටයුත්ත සාර්ථක කර ගත නොහැකි වනවා ඇත. ලොව මිනිසෙකු වශයෙන් උපන්
ඔබ මේ ලොව මිනිසෙකු වශයෙන් කල හැකි ඵලදායීම මෙන්ම අමිල වූ කාර්‍යය කිරිමට උත්සුක
වුවා. ඒ තුලින් ඔබ රුස්කල කුසලය කාටනමි ප්‍රමාණ කල හැකිද? ඒ කුසල ශක්තිය දෙවියන්
ඇතුලු ඔබට උපකාර කල සියලු දෙනා සමඟ බෙදා ගැනිමට අමතක කරන්නට එපා. දෙවියන්ටත් සෑම
සත්ත්වයන්ටමත් පුන්‍යානුමොදනා කර, ආශිර්වාද කොට ඔබේ භාවනා වාරය අවසන් කරන්න.
මෙම ග්‍රන්තයේ
අන්තර් ගත කරුණු ඔබට හැකි ඉක්මනින් පහසුම ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් කර
ගැනිම සඳහා උපකාරයක්ම වේවා!! හේතුවක්ම වේවා!! ඔබ සැමට උතුමි වූ නිර්වාණයම සාක්ෂාත්
වේවා!! තෙරුවන් සරණයි!
පසු වදන බලාපොරොත්තු වන්න.




2 අදහස් හා විමසීමි:
මිතුර තනූජ,
පංච නීවරන ධර්ම ගැන තිබෙන යොමුවක් ලබා දිය හැකිද ?? පංච නීවරයක උපදිනුයෙ සිතත්, අරමුණකුත් එකට එකතුවිමෙන් එහා බැඳි සිතක් පහල වීමෙන්, තාමාගෙ සිහියට පරිබාහිරව ද? එවිට එහිදි පහල ඕනනැම(සතියට පරිබාහිරව) සිතක් මෙම පංචනීවරන ධර්මයන්ට යටත් ද මිතුර ? වැරැද්ක් ඇතොත් නිවැරදි කර ඔබගෙ දෙනුමෙන් තවටිකක් විස්තර කරන්න..
ලබා ගන්නා වු පිනක් ඔබටත් ලැබෙවා !!!!
තෙරුවන් සරණයි !
භාවනා අත්පොත කීප වරක් කියෙව්වා,... මේ මම ඒ අනුව භාවනාව වඩන දෙවන සතියයි.
ඔබට තෙරුවන් සරණයි. ඔබ පතන නිර්වාණය ඉතා ඉක්මනින් ම පහසුම මඟින් ඔබට සාක්ශාත් වේවා.
Post a Comment