බුද්ධානුස්සතිය
බුද්ධ
රාජොත්තමයානන් වහන්සේලාගේ ගුණ අසීමිතය, අනන්තය අප්‍රමාණය. ලොවිතුරා බුදුවරයානන්
වහන්සේ නමක් තම සමිපුර්ණ බුද්ධ ජීවිතය කාලය පුරාම බුදුවරයෙකු සතු ගුණ සමුදාය ම
පමණක් අන් කිසි ධර්මයක් දේශනා නොකොට දේශනා කරමින් ම සිටියද උන්වහන්සේගේ බුද්ධ
ජීවිතය ගෙවි නිමවනවා මිස තවත් කිමට අනනත අප්‍රමාණ ගුණයන් ඉතිරිවන්නේය. භාග්‍යවතුන්
වහන්සේගේ ඒ අසීමිත ගුණ අතරින් ඔබේ ප්‍රඥාවට ගොචර වන ඔබට පෙනි යන තරමින් එම ගුණයන්
දැන සිටීම ඔබගේ භාවනාව සඳහා ප්‍රමාණවත් වනවා ඇත. කාලයත් සමඟ ඔබ ලබන්නාවූ අධ්‍යාත්මික
දියුණුවත් සමඟ වැඩි වැඩි යෙන් බුදු ගුණ ඔබට ම අත්දකින්නට පුළුවන් වනවා ඇත.
භාවනා ක්‍රම
බුද්ධානුස්සති
භාවනාව වැඩිය හැකි ක්‍රම බොහෝ ගණනක් ඇත. ඔබ බුදු රජාණන්වහන්සේගේ ගුණ දන්නා පමණ
වැඩි වෙත්ම බුද්ධානුස්සති භාවනාව වැඩිමද ඔබට පහසු වනවා ඇත. එබැවින් පොත් පත් ආදිය
පරිශිලනය කර බුදු රජාණන්වහන්සේ ගුණ පිළිබඳවත් උන්වහන්සේ පිළිබඳවත් පළමුව දැනුමක්
ඇතිකර ගත යුතුය. (දන්කන්දේ ධමිමරතන හිමියන් විසින් සමිපාදිත අරහන් ගුණය, බුදුගුණ
භාවනාව, රේරුකාණේ චන්දිවිමල හිමියන් විසින් සමිපාදිත සූවිසි මහා ගුණය ආදී ග්‍රන්තයන්
පරිශිලනය කිරිම මේ සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. )
1. එක් දිනකට එක්
බුදු ගුණයක් පමණක් ගෙන ඒ බුදු ගුණය ප්‍රකටව පෙනි යන අයුරෙන් භාවනා කිරීම
මෙහි දී එක්
බුදු ගුණයක් ගෙන එම බුදු ගුණය පිළිබඳව ඔබ දන්නා තරමි කරුණු මෙනෙහි කිරීම කල හැක.
2. සෝ
භගවා
ඉතිපි
- අරහං,
සෝ භගවා ඉතිපි - සම්මාසම්බුද්ධෝ,
සෝ භගවා ඉතිපි - විජ්ජාචරණසම්පන්නෝ,
සෝ භගවා ඉතිපි - සුගතෝ,
සෝ භගවා ඉතිපි- ලෝකවිදු,
සෝ භගවා ඉතිපි - අනුත්තරෝ පුරිසදම්මසාරථී,
සෝ භගවා ඉතිපි - සත්ථා දේවමනුස්සානං,
සෝ භගවා ඉතිපි - සම්මාසම්බුද්ධෝ,
සෝ භගවා ඉතිපි - විජ්ජාචරණසම්පන්නෝ,
සෝ භගවා ඉතිපි - සුගතෝ,
සෝ භගවා ඉතිපි- ලෝකවිදු,
සෝ භගවා ඉතිපි - අනුත්තරෝ පුරිසදම්මසාරථී,
සෝ භගවා ඉතිපි - සත්ථා දේවමනුස්සානං,
සෝ භගවා
ඉතිපි
- බුද්ධෝ,
සෝ භගවා
ඉතිපි - භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් වන සේක. සමිමා
සමිබුද්ධ වන සේක යනාදි සිංහලෙන් හෝ ඉහත පරිදි පාළි වාක්‍ය කණ්ඩය යොදාගනිමින්
සිතින් භාවනා කිරීම.
3.සංශිප්ත බුදු ගුණ පාඨයක් භාවිතා කිරීම
භාග්යවත් බුදුරජාණන් වහන්සේ සියලූ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද, සියලූ කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, සංසාර චක්‍රයේ අර සිඳලූ හෙයින් ද, සියලූ ආමිස-ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු හෙයින් ද,
රහසින්වත් පව්
නො
කළ
හෙයින්
ද,
අරහං
නම්
වන
සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම තමන් වහන්සේගේ ම විශිෂ්ට ඥනයෙන් දත යුතු සියලූ ධර්මයන් මනා කොට අවබෝධ කළ හෙයින් ද, පිරිසිඳ දත යුතු ධර්මයන් මනා කොට පිරිසිඳ අවබෝධ කළ හෙයින් ද, දුරු කළ යුතු ධර්මයන් මනා කොට දුරු කළ හෙයින් ද, සාක්ෂාත් කළ යුතු ධර්මයන් මනා කොට සාක්ෂාත් කළ හෙයින් ද,
වැඩිය යුතු
ධර්මයන්
මනා
කොට
වැඩූ
හෙයින්
ද, සම්මාසම්බුද්ධ
නම්
වන
සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ ත්රිවිද්යාවන්ගෙන්,
අෂ්ට විද්යාවන්ගෙන්
සමන්විත
හෙයින්
ද,
පසළොස්
චරණ
ධර්මයන්ගෙන්
සමන්විත
හෙයින්
ද, විජ්ජාචරණසම්පන්න
නම්
වන
සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ සුන්දර වචන ඇති හෙයින් ද, දැක්මට
ප්‍රිය උපදවන අතිශය කුසලයෙන් උපන් දෙතිස් මහා පුරුෂ ලක්ෂනයෙන් සාර රූප-කාය ඇති හෙයින් ද, දාන
ශිලාදීයෙන් සුන්දරවූ ගමන්
ඇතිව,
සුන්දර
වූ
ඒ
අමා
නිවන්
පුරයට
වැඩි
හෙයින්
ද,
සුගත
නම්
වන
සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ සියලූ සත්ත්ව ලෝකයන් පිළිබඳ වත්, සියලූ අවකාශ ලෝකයන් පිළිබඳ වත්, සියලූ සංස්කාර ලෝකයන් පිළිබඳ වත් නිරවශේෂ
වශයෙන් දැන වදාල හෙයින් ලෝකවිදු
නම්
වන
සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු කෙනෙකුට දමනය කළ නො හැකි දමනයට ඉතා
අපහසු වූ තිරිසන් සතුන්
ද, මනුෂ්‍ය, දිව්‍යාදීන්ද මානාධික වූ බ්‍රහ්මාදීන්ද දඩු
මුගුරු නොගෙන, අවිහිංසාවෙන්, ශාන්තියෙන්ම දමනය කල හෙයින් අනුත්තරෝ පුරිසදම්මසාරථි නම් වන සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ සියලූ දෙව්මිනිසුන්ට මෙලොව දියුණුව
පිණිසත්, සියලූ
දෙව්මිනිසුන්ට
පරලොව
සියුණුව පිණිසත්, අමෘතවූ නිර්වාණය පිණිසත් දේශනා කරනා
හෙයින් දෙවි මිනිස් සියල්ලන්ගේ සාස්තෘන්වරයා වන හෙයින්, සත්ථා දේවමනුස්සාන නම් වන සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගරුපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම දුක්ඛ
සත්යය
අවබෝධ
කළ
හෙයින්
ද, දුක්ඛසමුදය
සත්යය
අවබෝධ
කළ
හෙයින්
ද,
දුක්ඛනිරෝධ
සත්යය
අවබෝධ
කළ
හෙයින්
ද, දුක්ඛනිරෝධගාමිනීපටිපදා ආර්යසත්යය අවභෝධ කල
හෙයින් ද බුද්ධ නම්
වන
සේක.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ යශසින් ද, මහත්
වූ පුණ්‍ය සමිභාරයෙන් සමන්විත
වූ
හෙයින්
ද
මහත් වූ රතිජනක වූ සෘධින්ගෙන් සමින්විත වූ හෙයින් ද, අසම
සම ප්‍රඥාවෙන් සමන්විත
වූ
හෙයින්
ද,
රාග, ද්වේශ, මොහ ආදිය නසාලූ මහා භාග්‍යවන්ත බවින් අග්‍ර
වූ බැවින් ද, භගවා
නම්
වන
සේක.
4. බුද්ධානුස්සති
භාවනාව වැඩීමේ දී බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටළුවක් වන්නේ බුදු ගුණ පාඨයන් මතක තබා
ගැනීමට නොහැකි වීමයි. සැබවින්ම බුදු ගුණ භාවනාව සඳහා ඉහත පරිදි බුදු ගුණ පාඨයන්
මතක තබා ගැනීම අවශ්‍ය වන්නේ නැත. ඔබ දන්නා එක් ගුණයක් වේනමි ඒ මහා ගුණය බුදු රජුන්
තුල ඇතිවුයේ කෙසේද යන්න මෙනෙහි කරන්න. බුද්ධ චරිතය හා සමිබන්ධ ඒ ඒ ගුණයන්ට අදාල
සිදුවිමි මෙනෙහි කරන්න. ඒ ඒ අවස්ථාවන් වලදී උන්වහන්සේගේ ඒ මහා ගුණයන් ප්‍රකාශ වූ
ආකාරය මෙනෙහි කරන්න. උදාහරණයක් ලෙස බුදුරජාණන්වහන්සේගේ අනුත්තර පුරිස
ධමිමසාරථිගුණය ප්‍රකට වන පරිදි මහා ජයමංගල ගාථා නිර්මාණය කර ඇත. බුදු ගුණ පාඨ
නොදන්නවා වුවත් ජයමංගල ගාථාවන්ගෙන් විස්තර වන මාර පරාජය, නාලාගිරි දමනය, සචිචික
ධමනය, බක බ්‍රහ්ම ධමනය, අංගුලිමාල ධමනය වැනි කථා පුවත් දන්නා අයෙකුට උන්වහන්සේ ඒ
අවස්ථාවන්හිදී ක්‍රියාකල ආකාරය මෙනෙහි කිරිම ම බුද්ධානුස්සති භාවනාවක් වනවා ඇත.
ඔබ භාවනාව සඳහා
අසුන්ගත් එක් භාවනා වාරයකදී වැය කිරිමට නිගමනය කරන්නාවු යමි කාලයක් වේද ඒ කාලයට
අනුරුපව ඔබගේ භාවනා ක්‍රමය සකස් කර ගන්න. එක් දිනකදී භාවිතා කල භාවනාවට වඩා වෙනස්
භාවනාවක් වෙනත් දිනයකදී භාවනාව සඳහා යොදා බලන්න. හැකි හෑම අයුරින්ම බුදු ගුණ
මෙනෙහි කරන්න. එම ගුණයන් උන්වහන්සේ තුල ඇතිවිමට හේතුවූ උතුමි ගුණංග බෝධි සතත්ව
මූලයේ සිටම සිහි කරන්න. භාවනාව වන්නේ එයයි. ඉහත දක්වන ලද්දේ බුදු ගුණ භාවනාව සඳහා
ඔබට අත්වැලකි. බුදු ගුණ භාවනා ක්‍රම සිය ගණනක් ඇත.
බිලොග් පටුනේ බුදු රජානන්වහන්සේ යන මැය යටතේ ඇති ලිපිත්, බුද්ධ චරිතයත් කියවා ගන්න.



1 අදහස් හා විමසීමි:
very good. I myself practising BuduGuna mediation.
May triple gem bless you
-Sam-
Post a Comment