භාවනාව සඳහා පුර්ව කෘත්‍යය (21 කොටස)


භාවනාව සඳහා සූදානමි වීම
කලින් සඳහන් කල කරුණු පිළිබඳව අවභෝධයක් ඇති ඔබ දැන් සූදානමි වන්නේ භාවනාවේ නියතු වීම සඳහායි. ඒ සඳහා පහත පරිදි කටයුතු කිරීම ඉතාමත් සුදුසු වනවා.

සිල් සමාදන් විය යුතු ආකාරය
වරක් සමාදාන වු සිල් පද විටින් විට යමි යමි අවස්ථා වල දී දැනුවත්ව හො නොදැනුවත්ව බීදියාමට හැකිය. එසේ සිල් බිදි ගිය විටක දී  ඒ පිළිබඳව දුක්වන්නට නොයා යුතුය. නැවතත් තිසරණ සහිත ශිලය සමාදන් වී එය පෙරටත් වඩා හොදින් ආරක්ෂා කර ගැනිමට උත්සුක විය යුතුය.

පංසිල් පද පහ හෝ රක්ෂාකර ගැනිමට නොහැකි අය, තමන්ට පන්සිල් රක්ෂාකර ගන්නට හෝ නොහැකියි කියා භාවනා කිරිම අතහැර නොදැමිය යුතුයි. එවන් අයෙක් වේ නමි තමාගේ අදිශ්ඨාන ශක්තිය වැඩිදියුණු කර ගත යුතුය. යමි නිශ්චිත කාලයක් අධිශ්ඨාන කර එම කාලය තුල ඉතාමත් සතියෙන් යුතුව තමාගේ ශිලය ආරක්ෂා කර ගැනිම ඔවුන් කල යුතුය. මෙසේ තමා අධිශ්ඨාන කරනා කාලය ටිකින් ටික වැඩි කරමින්  ශිලය ආරක්ෂා කිරිමට පුරුදු විමෙන් අයෙකුට සිල් පද බිඳගන්නවාට වඩා සිලය ආරක්ෂා කර ගැනිම වඩාත් පහසු බව අත්දකින්නට පුළුවන් වනවා ඇත. එසේ කල හැක්කේ හිත ශක්තිමත් පුද්ගලන්ටය. ඔබට ඇත්තේ දුර්වල සිතක් නමි එය ශක්තිමත් කර ගැනිමට උත්සුක වන්න.

පුර්ව කෘත්‍යය හා එහි අවශ්‍යතාවය
ඔබ භාවනා කිරීමේ ඒකායන අභිලාශය නිර්වාණය සාක්ෂාත් කිරිමයි. නිර්වාණය සාක්ශාත් කිරිමේ බලාපොරොත්තුවෙන් භාවනාවේ නියුතු වන්නාවු ඔබ භාවනාවට පෙර නිර්වාණය සාක්ෂාත් කර ගැනිමට පහසු විම පිණිස කරනු ලබන්නවු මුලික ක්‍රියාවලිය  පුර්ව කෘත්‍ය කිරිමයි.

පංච ශිලය හෝ අවම වශයෙන් සමාදන් වූ ඔබ
01) මේ අනාදිමත් කාලයක් මැරි මැරී මැරි මැරී ඉපිද එන්නාවු සංසාරයේ යමි බුදු වරයානන්වහන්සේ කෙනෙකු වෙත හෝ, පසේ බුදුවරයාණන්වහන්සේ කෙනෙකු වෙත හෝ සෝවාන්. සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගස්ථ ඵලස්ත අශ්ඨ ආර්‍ය පුද්ගල සංඝරත්නය වෙත හෝ සිත, කය, වචනය යන තිදොරෙන් කරනා ලද අයහපත් ක්‍රියාවන් පැවතිමට පුළුවන. ඒවා ආර්‍ය උපවාද කර්ම යනුවෙන් හදුන්වනු ලැබෙයි.

යමෙක් මෙබදු ආර්‍ය උපවාද කර්මයකට හසුවි ඇති විට එය අපාය ගාමි අකුසල කර්මයක් වනවා පමණක් නොව මාර්ග-ඵල ලැබිය හැකි පිනැතියන්ට පවා මාර්ග-ඵල සාක්ෂාත් කිරිමට නොහැකි වන ආකාරයේ කර්මාවරණයක් වන්නේය. සමාජය තුලත් ඔබ නොදැනුවත්ව කොතකුත් මාර්ග-ඵල ලාභී පිරිස් සිටිනා බැවින් ඔබෙන්ද ආර්‍ය උපවාද කර්ම හෝ තුන්රුවන කෙරේ නොපැහැදීමි අපහැදිමි ඇතිවී තිබෙන්නට ඉඩ ඇත. එබැවින් පළමුව පසඟ පිහිටුවා වැඳ අතිශය සමාකර ගැනිමේ අවශතාවයකින් යුතුව අනාදිමත් කලයක සිට මේ සංසාරයේ බුදු, පසේබුදු, මහරහත්, උතුමන් වහන්සේලාත් අශ්ඨ ආර්‍ය පුද්ගල සංඝ රත්නයත්, තුන්රුවන කෙරෙහිත්, අවම වශයෙන් ධ්‍යාන ලාභි උතුමෙක් වෙත හෝ මාගේ සිත, කය, වචනය යන තිදොරින්, දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ යමි වරදක් සිදුවි ඇතිනමි අසරණවු මට ඒ උතුමන් වහන්සේලාගෙන් පළමු වරත් සමාව ලැබේවා! දෙවන වරත් සමාව ලැබේවා!! තෙවන වරටත් සමාව ලැබේවා!!! අනන්ත  අප්‍රමාණ වාරයක් මට සමාවන සේක්වා!! කියා තුන්රුවන සමාකර ගත යුතුය.

සැලකිය යුතු කරුණක්
මෙසේ කියා සමාකර ගත හැක්කේ මේ වන විට වැඩ නොසිටිනා ආර්‍ය උතුමන් වෙත ඔබගෙන් සිදුවන ලද උපවාද කර්මයන් සඳහා පමණි. මෙසේ සමාකර ගත් පමණින් ඒ කර්මයන් ඉවත් වනවා ඇත. නමුත් ජීවමානව වැඩ සිටිනා යමි ආර්‍ය උතුමෙකු වෙත ඔබේ සිත කය, වචනය යන තිදොරෙන් යමි උපවාදයක් වි ඇතිවිට ඒ උතුමානන්වෙත ගොස් තමාගෙන් සිදුවු වරද ප්‍රකාශ කර සමාකර ගැනිමෙන් පමණක් එම කර්මයන් ගෙවි යනවා ඇත.

ඔබ නොසිතන සුළු වදනක් නැතහොත් සිතුවිල්ලක් ඔබට ආර්‍ය උපවාද කර්මයක් විය හැක. එබැවින් මෙම කරුණු ගැන වඩාත් සැලකිලිමත් වන්න.

2)ඔබගේ ජීවිතය භාග්‍යවත් බුදු පියාණන්වහන්සේට හෝ ඔබගේ කල්‍යාන මිත්‍ර වූ කමිමටිඨානාචාරිවරයාට පූජා කරන්න, බුදු පියාණන්වහන්සේට ජීවිතය පූජා කරනා විට උන්වහන්සේගේ දෙපා මුල  මලක් පුජා කරන්නාක් මෙන් එය පුජා කරන්න. උන්වහන්සේ හැර, උන්වහන්සේ දේශනා කල ධර්ම රත්නය හැර, අශ්ඨ ආර්‍ය පුද්ගල සංඝ රත්නය හැර ඔබ මේ සංසාරයෙන් ගලවා ගැනිමට හැකි අන් කිසි දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක්, ශ්‍රමණයෙක් නැති බව මෙනෙහි කරන්න. බුද්ධ රත්නය, සංඝ රත්නය හැර එවිට ඔබගේ ජිවිතය පුජාකිරිමට සුදුසු වන වෙනත් උතුමෙක් වේද?

සැලකිය යුතුයි
භාවනා කාලය තුල දී ඔබට මෙතාක් ජීවිතයේ අත් නොදුටු විරූ අත්දැකිමි රාශියක් අත්දකින්නට පුළුවන් වනවා ඇත. හැම භාවනා වාරයක්ම අළුත්ම අත්දැකිමි සමූහයකින් යුතු වූවක්. මේ අත්දැකිමි අතරින් සහමහරක් අතිශය ප්‍රීති සහගත අත්දැකීමි වන්නට පුළුවන. සමහරක් බියකරු මෙන්ම පිළිකුල් සහගත අත්දැකිමි වන්නට ද පුළුවන. කුමන අත්දැකිමක් හමුවේ වුවද සිත විසිරි යන අවස්ථාවක දී හැකිලි යන අවස්ථාවක දී ඔබගේ ජිවිතය බුදු රජුන්ට පුජා කර ඇති නිසා තවදුරටත් ඔබ වෙත එහි අයිතියක් නැති බව සිහිකරන්න. පන්සලකට ගොස් බුදුන්ට පුජා කල දෙයක් අපි නැවත නිවෙස් කරා යන විට ගෙනියන්නේ නෑ නේද? එමෙන්ම කුමන ආකාරයේ අත්දැකිමක් ඔබ ලැබුවද තමාගේ ජිවිතය බුදුන්ට පුජා කර ඇති බැවින් උන්වහන්සේ සිදුවන දෙයක් බලාගනු ඇතැයි සිතා එම අත්දැකිමද තමාට අයත් නොවන බැවි සලකා සිතින් අත් හැර දමන්න. එය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වනවා ඇත.

03) මාගේ භාවනාව තුලින් හැකි ඉක්මනින් පහසුම පිළිවෙලින් මාර්ග-ඵල අවභෝධය මට ලැබේවා. ඒ සඳහා බාධාවන යමි පළිබොධ කර ධර්මයන් වේ නමි ඒ සියල්ල නැත්තටම නැති වී මේ භාවනා වාරයේම මට නිවන සාක්ෂාත් වේවා කියා අදිශ්ඨාන කරන්න.

සැලකිය යුතුයි.
මෙම භාවනාවාරයේම ඔබට නිවන ලැබෙන්නැති වන්නට පුළුවන. නමුත් එම අදිශ්ඨානය තුලින් ඔබ ඇතිකර ගන්නා ශකිතිය ඔබගේ භාවනාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මහත් උපකාරයක් වනවා ඇත.

මේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කල ඔබ භාවනා කිරිමට සුදානමි. දැන් චතුර් ආරකෂක භාවනාව ආරමිභ කරන්න.

2 අදහස් හා විමසීමි:

බුද්ධි said...

මිතුරු කසුන්,
කමිමටිඨානාචාරීවරයෙකු නොමැතිව භාවනා කරන්න බැරිද? මෙම ලිපි මාලාවෙන් අපිට තනිවම භාවනාව ඉදිරියට කරගැනීමට හැකිවෙනවාද?
තෙරුවන් සරණයි!!!

Thanuja Kasun Jayasundara said...

තෙරුවන් සරණයි බුද්ධි වෙත,
මෙම ලිපි මාලාවේ අග චතුර් ආරක්ෂක භාවනාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත.එයින් ප්‍රගතියක් ලත් අයෙකුට කමිමටිඨානාචාර්‍ය වරයෙකු හමුවේ අනිවාර්‍යයෙන් භාවනාව වැඩිම සුදුසු වනවා.
තෙරුවන් සරණයි!

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...