භාවනාව හා ආහාරය
ඔබ භාවනා කිරිම
සඳහා බලාපොරාත්තුවෙන් සිටිනා කාලයේ දී ඉස්මුරුත්තාව ඇතිවන තෙක් ආහාර ගෙන සිටියි
නමි, ඔබට භාවනාවක් කල හැකි වන්නේ නැත. භාවනාව සඳහා ශරිරය ඉතාමත් සුව පහසුව පැවතිය
යුතුය. අධික ලෙස ගන්නා ලද ආහාර ඇතිව භාවනා කිරිමට සැරසුන විට දී භාවනා කිරිම
වෙනුවට ඔබට සිදුවන්නේ නින්ද යෑමයි. ඒ ඔබ තුල ථිනමිද්ද නිවරණය ක්‍රියාත්මක වීමයි. ඒ
නිසා භාවනා කිරීමට ආසන්න කාලයේ දී සැහැල්ලු ආහාරයක් ලබා ගෙන සිටිම ඉතා වැදගත
කරුණක්. එසේම පුරුද්දක් වශයෙන් ඔබට නිදි මත පැමිනෙන කාලයක් වේ නමි එම කාලයද භාවනාව සඳහා සුදුසු නොවේ. ආහාර ගැනිමෙන් පසු
බුදිමත නමි ශරිරයේ ක්ලාන්ත ගතියක් සමහර අයට ඇතිවන බැවින් ආහාර ගත් සැනින් භාවනාවේ
නියුතු විමද අපහසු කරුණක් වන්නට පුළුවනි.
පිරිසිදු බව
ඔබ භාවනා
කිරීමට ප්‍රථමයෙන් ඔබගේ ශරිරය පිරිසිදු කරගෙන සිටිම වැදගත් වනු ඇත. භවනාව යනු මනසත්
සමඟ ඉතා සුක්ෂමව කල යුතු වන්නාවු ක්‍රියාවලියක් බැවින් ශරිරය අපිරිසිදුව හා
සුවපහසු බවින් තොරව පැවතීම භාවනාව දිගටම පවත්වාගෙන යෑම සඳහා අපහසුතාවයක් වනු ඇත.
එබැවින් ස්නානය කිරිමට අපහසු අවස්ථාවක දී මුහුණ කට හො සොදා පවිත්‍රවී පිරිසිදු
ඇදුමක් ඇඳ භාවනාව සඳහා තැමිපත් විම වඩාත් සුදුසු වනු ඇත.
ශරිරය අපවිත්‍රව
ඇති අවස්ථාවන් හීදී සිත සමාධිමත් බවට පත් වන්නට වන්නට ශරිරයේ වන්නාවු දුර්ඝන්ධයන්
වැඩි වැඩියෙන් දැනෙන්නට විම නිසාත් විවිධ කැසුමි දැවීමි ආදිය වැඩි වැඩියෙන්
දැනෙන්ට වන නිසාත් අපවිත්‍රව සිට භාවනා කරීමේදී එය පළිබෝධයක් වනවා ඇත. මෙම කරුණු
භාවනා කරගෙන යන අතරවාරයේ ඔබටම අත් දැකිමට හැකිවනවා ඇත.
පංච ශිලා දී ශීලයක් සමාදාන වීම
භාවනා කිරීම
පළමුව සිල් පද ආදිය බීදි ඇත්නමි අවම වශයෙන් තිසරණ සහිත පංචශිලය හෝ සමාදන් විය
යුතුය. අයෙකුට ආජීවක අටිඨමක සීලය වුවද සමාදන් විය හැකිනමි එය ඉතාමත් සුදුසු වනු ඇත.
එසේ සමාදාන වන සීලය තමා සතු වටිනා අභරණයක් සුරකින ආකාරයෙන් නිරන්තරයෙන් ආරකෂා කර
ගැනිමට උත්සාහවන්ත විය යුතුය. භාවනාවෙන් උසස් ප්‍රතිපල ලැබිමට අවම වශයෙන් පංච ශිලය
හෝ රක්ෂාකර ගැනිම අත්‍යාවශ්‍ය වන්නේය.




0 අදහස් හා විමසීමි:
Post a Comment