අදිශ්ඨානය
ඔබ කොප්පයක්
පිඟානක් සොදා ඉවත දමන ඉදුල් ටිකෙන් පවා දානමය කුසලයක් සිදුකර ගත හැකි බව ඔබ නොදන්නවා
විය හැකිය. මේ බව බව බුදු රජාණන්වහන්සේ අංගුත්තර නිකාය තික නිපාතය වච්ඡගොත්ත සුත්‍රයේ දක්වා ඇත. කොප්පය පිගාන සොදා ඉවත දමන
ඉඳුල් පොද පවා බොහෝ සත්ත්වයින්ට දානයක් වේවා ඉන් බොහෝ සත්ත්වයින් සුවයට පත්වේවා
කියා කරුණා මෛත්‍රි සිතුවිලි පෙර දැරිව ඉවත දමන්න. ඒකාන්ත වශයෙන් මේ කුසල කර්මය
හැකි ඉක්මනින් පහසුම පිළිවලින් මට සෝවාන් ඵලය සාක්ෂාත් කිරිමට හේතු වේවා යැයි
පතන්න.
දෛනිකව ඔබ
කරන්නාවු කුසල කර්ම අනන්ත ප්‍රමාණයක් ඇත. භාවනාවද කුසල කර්මයක්. දෙමා පියන්ට ගරුකල
යුතු උතුමන්ට වැඩිහිටියන්ට ගරු කිරිම, ඔවුන් වෙනුවෙන් කටයුතු කිරිමත් කුසල කර්මයන්,
දු දරුවන් වෙනුවෙන් කරනා දෑ ලොභ, දෝශ, මෝහ ආදි අකුසල මුලයන්ගෙන් මිදී කරුණා මෙත්‍රි
සිතුවිලි පෙරදැරිව කරන්නේ නමි ඒවාද කුසල කර්මයන්ම වනු ඇත. ජලයේ පාවි මියෙන්ට යන
කුඹියෙකු ඉන්මුදවා ගැනිම පවා කුසල කර්මයක්. මේ සෑම කුසල කර්මයක්ම කර නිර්වාණයම
අදිශ්ඨාන කිරිම අනිවාර්‍ය අංගයක් ලෙස ජීවිතයට එකතුකර ගත යුතුමයි. ඒ තුලින් නිර්වාණ
මාර්ගයේ ගමන් ගැනීමට අති මහත් ශක්තියක් ඔබට රුස් කර ගැනිමට හැකි වනවා ඇත.
විදර්ශනා මනසිකාරය
දවස තුල ඔබ
අත්දකිනා, ඔබට මෙනෙහි කිරිමට සිදුවන සෑම කරුණක්ම, සෑම සිතුවිල්ක්ම, සෑම වචනයක්
කෙරෙහිම විදර්ශනා මනසිකාරයකින් පසුවන්න. එනමි ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම, අසාර බව, මාගේ නොවන, මට අයත් නොවන බව ඔබට තේරෙන පමනින් දකින්නට උත්සාහවන්ත
වන්න.
මුල් අවස්ථාවේ
අපහසු බවක් දැනුනද කල් යාමත් සමඟ ජිවත් විමේ වඩා පහසුම ක්‍රමය හා ප්‍රිතිමත්ම ක්‍රමය
විදර්ශනා මනසිකාරයෙන් යුතුව ජීවත් වීම බැවි ඔබටම තේරුමි යනවා ඇති.
සෑම මොහොතක්ම නිවනට උපකාර කර ගන්න
මේ මිනිස්
ජීවිතය ඉතාමත් කෙටි වු ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් වෙලි කොයි මොහොතේ නැතිවි යා හැකි
දෙයක් දැයි සිතිය නොහැකි අකාරයේ අස්ථිර දෙයක් බව වටහා ගන්න. ඒ නිසා මේ දුකින් ලත්
දුර්ලභ මිනිස් භවය තුල උතුමි නිර්වානය සාක්ෂාත්කිරිම සඳහා ඉහත කරුණු ඔබේ ජීවිතයට
ඈදා ගැනිම ඉතාමත් වැදගත් වනු ඇත. ඔබ ප්‍රඥාවන්තයෙක් නමි ඔබේ ජිවිතයේ ගෙවි යන සෑම
තත්පරයක්ම කුසලින් පිරි ගිය මොහොතක් කර ගැනිමට ඔබට හැකිවනවා ඇත.
ඒ සෑම කුසලකර්මයක්ම
ප්‍රත්‍යවේක්ෂා කර, නිවන සඳහාම හේතු වේවා යැයි අදිශ්ඨාන කරන්න. මොනම හේතුවක් නිසා
වත් භවය පතන්නට එපා.




2 අදහස් හා විමසීමි:
widarsana manasikaraya pilibandawath prathyawekshawa pilibandawath kiya dunnata bohoma pin !
මේ වටිනා කරුණු අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් පින්
තෙරුවන් සරණයි...!!
Post a Comment