යෝගාවචරයා හා දින චර්‍යාව (09 කොටස)


යෝගාවචරයෙකුගේ දිනචර්‍යාවට අනිවාර්‍යයෙන්ම එක්කර ගත යුතු දෑ
අතිතයේ සිට අද දක්වා මේ ලෝකයේ වාසය කල මිනිසුන් අනන්තයි අප්‍රමාණයි. මේ අනන්ත වූත් අප්‍රමාණ වුත් මිනිසුන්ගෙන් භාවනා කිරිමි ආදි වශයෙන් පිළිපැද මේ සංසාර දුක්ඛය නිමාකල යුතු යැයි අදහසක් හෝ පහළවන්නේ කීයෙන් කිදෙනාටද? ඔබ අවට සිටින ඔබගේ ඥාතින් හිතමිත්‍රාදින් ක්‍රියාකාරන ආකාරය, සිතන පතන ආකාරය දෙස බැලිමේදී ඔබගේ සිතුවිලි හා ක්‍රියාකාරිත්වයන් ඔවුන්ගේ සිතුවිලි හා අභිලාශයන් හා යමි යමි වෙනස්කමි ඇති බව ඔබට පෙනීයන්ට පුළුවන්. ඔබ අද යෝගාවචරයෙකු වශයෙන් භාවනා කරන්නට සුදානමි වන්නේ ඒ හේතුව නිසයි. එබැවින් ඔබ ඔවුන්ට වඩා තරමක් හෝ ඉදිරියට ගොස් මේ සංසාර දුක්ඛය ඔබේ පමණින් දුටු, එයින් මිදිමට අවශ්‍යය යැයි සිතනා ශ්‍රේෂ්ඨ වු නෙක්ඛමිම සංකල්පනාවෙන් යුතු සුවිශේෂ අයෙක්. ඔබගේ ඒ අභිලාශය සාර්ථක කර ගෙන ඉතා ඉක්මනින් නිර්වාණය අවභෝධ කර ගැනිමට නමි ඔබගේ ජීවිතයට  පහත කරුනු අනිවාර්‍යයයෙන්ම එක් කර ගන්න.

සතිය සමාධිය ප්‍රඥාව
ඔබ භාවනා කිරිම තුලින් අපේක්ෂාකරනුයේ සතිය දියුණු කිරිම හා ඒ තුලින් සමාධිය ලඟා කර ගැනිමයි. සමාධිමත් සිතක් ඇති විට ඒ තුලින් යථා අවභෝධය ඇතිකර ගැනිමෙන් ප්‍රඥාව දියුණුවිම සිදුවේ. සති, සමාධි, ප්‍රඥා සුදුසු සේ දියුනු වු කලක ඔබට නිවන සොයාගත හැකිවනු ඇත.

සතිය දියුණු කිරීම
භාවනා කිරීම තුලින් සතිය දියුණු කිරිමත්, සමාධිය ලඟාකර ගැනිමත් ඒ ලබන්නාවූ සතිය හා සමාධිය උපකාර කර ගනිමින් ප්‍රඥා දැක්මක් ලබා නිවන සාක්ෂාත් කිරිමත් සිදුකර ගත හැක. මෙයින් සතිය ප්‍රධානය. සතිපටිඨාන සූත්‍රයේ සතිය පිහිටවිය යුතු ආකාරයන් බුදු පියාණන්වහන්සේ විස්තර වශයෙන් දේශනා කර ඇත. ඔබට භාවනා කිරිමට ලැබෙන්නාවූ සියළුම කමටහන් මෙම සතිපටිඨාන සූත්‍රයට අන්තර්ගත කල හැක. (දන්කන්දේ ධමිමරතන හිමියන් විසින් සමිපාදිත සතිපටිඨාන සූත්‍රය කියවන්න)

මහණෙනි, යම් කිසිවක් මෙ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවූරුද්දක් හෝ සත්දවසක් මුලුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණිම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමති විය යුතුය. (දීඝ නිකාය මහා සතිපටිඨාන සුතුර)
යොගාවචරයෙකු වශයෙන් ඔබගේ සතිය දියුණු වීමට රුකුලක් ලෙස මේ අංගත් ජීවිතයට එක්කර ගන්න.

පරිකමිම වචනය
පරිකමිම වචනයක් භාවිතා කිරිම භාවනාව තුලදී මෙන්ම භාවනාවක් නොකරන අන් විටකදී වුවද සතිය දියුණු කිරිම සඳහා භාවිතා කල හැක. මනස වෙහෙස වීමකින් තොරව ඔබ විසින් කරනා අන් කටයුතු වල දී, එනමි, ආහාර ගැනීම, නින්ද යන තෙක් ඇදේ වැතිර සිටින විට, ඇමදීම, නිවෙස් ආදිය පිරිසිදු කිරිම, බස්රථයක ගමන් කරනා විට, ඇවිදන් යන විට සාමාණයයෙන් ඔබ කරනුයේ විවිධ සිතුවිලි වල එල්බගෙන සිටිමයි. එසේ නොකොට ඉඩ ලද හැකි සෑම අවස්ථාවක දීම බුද්ධෝ බුද්ධෝ යන්න පරිකමිම වචනයක් ලෙස ඔබට මෙනෙහි කල හැක.

මෙහි දී අර්ථය මෙනෙහි කිරිමකින් තොරව හුදු වචනය පමණක් මෙනෙහි කිරිම කල යුතුය. මෙය ඔබේ ජීවිතයට එක් කර ගැනිම තුලින් ඉතා ඉක්මනින් හා පහසුවෙන් සතිය දියුණු කර ගැනිමට නියත වශයෙන්ම ඔබට හැකි වනවා ඇත.

පුර්ව කෘත්‍ය අවසානයේ භාවනාව ආරමිභ කිරිමට පෙර පරිකමිම වචනයක් ලෙස බුද්ධෝ බුද්ධෝ යන්න හෝ බුද්ධෝ, ධමිමෝ, සංඝෝ සංඝෝ, ධමිමෝ, බුද්ධෝ ලෙස ආරෝහණ අවරෝහණ ලෙස මෙනෙහි කිරිම මිනිත්තු 05 ක් පමණ වැඩි වේගයකින්ද අඩු වේගයකින්ද නොමැතිව රිද්මානු කූලව කිරිම තුලින් විසිරී ඇති සිත පහසුවෙන් එක්තැන් කර පහසුවෙන් භාවනා අරමුණට සිත යොමු කිරිමට ඔබට හැකිවනවා ඇත.

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...