ස්පර්ෂය හා වේදනාව (26 කොටස)

 හය වන අංගය ස්පර්ෂය
‘‘කතමො , භික්ඛවෙ, ඵස්සො? ඡයිමෙ, භික්ඛවෙ,       ඵස්සකායා චක්ඛුසම්ඵස්සො, සොතසම්ඵස්සො, ඝානසම්ඵස්සො, ජිව්හාසම්ඵස්සො, කායසම්ඵස්සො,  මනොසම්ඵස්සො. අයං වුච්චති, භික්ඛවෙ, ඵස්සො.

මහණෙනි සපර්ශය කුමක්ද? මහණෙනි ස්පර්ශය කාණ්ඩ හයකි. ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්ප්ර්ශය, කයේ ස්ප්ර්ශය හා මනසේ ස්පර්ශය යන මේ ස්පර්ශයයි.

දැන් ස්පර්ශය නැතහොත් ඵස්සය පිළිබඳව සලකා බලමු. ඇස් ඇතිවිට  කිසිවෙකුටත් රූප නොදැක සිටීමට හැකියාවක් නැති බව අප ආනාත්ම ලක්ෂණය පිළිබඳව සාකචිඡා කල අවස්ථාවේ දී අවභෝධ කර ගනු ලැබුවා. ඒ අනුව ඇසක් ඇතිවිට ඇස රූපාදි අරමුණ වල ගැටිම නොවැලැක්විය හැකි කරුණක්. කණ ශබිදයන්ගේ ගැටිම ද මෙසේ නොවැලැක්විය හැක.  කැමති වුවත් අකමැති වුවත් මෙම ආයතන 06 ඒවාට අමුණු වන අරමුණුත් සමඟ සිදුවන ගැටීම ස්පර්ශය ලෙස හදුන්වන අතර, මෙම ස්පර්ශය සිදුවනුයේ ෂඩායතනය ප්‍රත්‍යයෙන් වන බැවින් ෂඩායතනය ස්පර්ශයට හේතුවන බව කියනු ලැබෙනවා.

හත් වන අංගය වේදනාව 

‘‘කතමා , භික්ඛවෙ, වෙදනා? ඡයිමෙ, භික්ඛවෙ, වෙදනාකායා චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. අයං වුච්චති, භික්ඛවෙ, වෙදනා.


මහණෙනි වේදනාව යනු කුමක්ද? ඇස (රූපය හා) ගැටිමෙන් වන වේදනාව, කණ ගැටිමෙන් වන වේදනාව, නාසය ගැටිමෙන් වන වේදනාව, දිව ගැටිමෙන් වන වේදනාව, කය ගැටිමෙන් වෙන වේදනාව, මනස ගැටිමෙන් වන වේදනව යන මේවා,  වේදනාවයි.

මේ ආකාරයෙන්ම ඇස  කැමති වුනත් අකමැති වුනත් රූපයක් ඇස හා ගැටුන විට එයින් සැප දායක වූ හෝ දුඃඛදායක වූ හෝ මැදත් සහගතවූ වේදනාවන් ඇතිවීම සිදුවනවා. මේ වේදනාව පිළිබඳව මින් පෙර අප සාකවිඡා කල පරිදි, එය ද අපට අවශ්‍ය වන ආකාරයෙන් පැවැත්වීමට නොහැකි අන්‍ය වූ ධර්මයක්. යමෙකුට සුඛ වේදනා ලැබීමට අවශ්‍යවන්නේ නමි  ඇස ගෙන ගොස් සුඛ වේදනා උපදවන අරමුණු සමග ගැටෙන්නට සලැස්වීම මෙන්ම දුක් සහගත වේදනාවන් ඇතිකර දෙන අරමුණු මඟහැර සිටීමටත් අවශ්‍ය වනවා. මේ සැම දෙයක්ම සිතූ පමණින්මද නොකල හැකිය. ඒ වෙනුවෙන් කය, සිත, වදන මෙහෙයවා විවිධ ක්‍රියාකාරකමි කිරීමට සිදුවනවා. ඒ සියල් තුලින්ද ඇතිකර දෙනුයේ දුඃඛයන්මය. මෙසේ  කැමති වුවත් අකමැති වුවත් වේදනාවන් ඇතිවන්නේ ස්පර්ශය නැතහොත් ගැටිම ප්‍රත්‍යයෙන් වන බැවින් ‍ෙවිදනාව ස්පර්ශය නිසා ඇතිවන බව කියනු ලැබෙනවා.
 



 මාගේ නාම කාය පෝෂණය කල අතිඋත්තම දන්කන්දේ ධමිමරතන හිමියන්ටත්, උඩුගම ථේරිකා තෙරණින්වහන්සේටත්,

මාගේ රූප කාය පෝෂණය කල රංජනි ජයසුන්දර අපගේ මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර අපගේ පියාණන්ටත්,මේ ගත පුජාවක් වේවd! ඔවුන් නිදුක් නීරෝගී වේවා!! චිර ජීවනය වේවා!!
  සියළුම හිමිකමි අවිරිණි
නීතිඥ තනූජ කේ. ජයසුන්දර විසිනි
උපුටාගැණිම මත ශ්‍රී ලංකාවේ තත්කාලීන ක්රියාත්මක නීතිය යටතේ වගකීමට යටත් වනු ලැබේ.

     නිර්වාණය සාක්ෂාත් කිරීමට අවැසි අයෙක් වේ නමි, තාමත් එයට කාලයයි. ඒ සඳහා සාර්ථකව මඟ පෙන්විය හැකි ස්ථාන ලංකාව තුලත් ඇත. කල යුත්තේ එබදු ස්ථානයක් හා සමිබන්ධ වී ගුරුවරයෙකු ඇසුරේ කමටහන් ලබා භවනාවේ නියතු වීමයි. ඒ සඳහා සුදුසුම ස්ථාන ඇත.



0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...