නාම-රූපය හා සළායතනය (25 කොටස)

 හතර වන අංගය නාම-රූපය
‘‘කතමඤ් , භික්ඛවෙ, නාමරූපං? වෙදනා, සඤ්ඤා, චෙතනා, ඵස්සො, මනසිකාරො ඉදං වුච්චති නාමං. චත්තාරො මහාභූතා, චතුන්නඤ් මහාභූතානං උපාදායරූපං. ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ් නාමං, ඉදඤ් රූපං. ඉදං වුච්චති, භික්ඛවෙ, නාමරූපං

මහණෙනි නාමරූපය කුමක්ද? වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර යන මේ නාමය හා මහා භූත රූප හතරත් සතර මහා භූතයන්ගේ උපාදාය රූපත් යන මෙය රූපයයි. මෙය නාම රූපය වෙයි.

මේසේ පෙර භවයෙන් ජනිත වූ අවසන් විඥානය නව භවයක කර්මයට අනුරූප වන රූප ස්කන්ධයක් හා සමිබන්ධව පහලවීම සිදුවූ විටක දී නාමය හා රූපය ඇති වනවා. මවගේ හා පියාගේ සෛල එකතු වී යුක්තානුව නිර්මාණය වීම තුලින් රූපස්කන්ධයේ පහලවීම සිදුවන බව ඔබ දන්නා බැවින්,  මෙසේ සත්ත්වයෙක් මියයන අවස්ථාවේ දී, ඔහු අවසන් වශයෙන් රුස්කරන ලද සංස්කාරයන්ට අනුරූපව මේ යුක්තානුව නමි රූපස්කන්ධය අල්ලාගෙන විඥානය පහල විම සිදුවනවා. මේ විඥානය වැඩිමෙන් වේදනා, සංඥා, (චේතනා, ඵස්ස) විඥාන, (මනසිකාර) සංඛාර වශයෙන් නාමස්කන්ධ සතරත්, යුක්තානුව වැඩිමෙන් රූපස්කන්ධයත් පහල වීම සිදුවනවා. මේ ආකාරයෙන් විඥානය නිසා නාම රූපයන්ගේ ඇතිවිම සිදුවනු ඇත.

පස්වන අංගය සළායතනය

‘‘කතමඤ්, භික්ඛවෙ, සළායතනං? චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං ඉදං වුච්චති, භික්ඛවෙ, සළායතනං.


මහණෙනි සළායතන කුමක්ද? වක්ඛායතනය, සෝත ආයතනය, ඝාන ආයතනය, ජිවිහා ආයතනය, කායායතනය, මනායතනය මේ සළායතනයයි.

මේ ආකාරයෙන් නාමයත්-රූපයත් ඇතිවුයේ විඥානය ඇතිවූ බැවිනි. මෙම විඥානය නොසිඳි පැවතුනේ සංස්කාර පැවති බැවිනි. පෙර භවයේ යමි පුද්ගලයෙක්, කුසල් දමි නමි යහපත් සංස්කාර බොහොමයක් සමිපාදනය කලේ වී නමි ඔහුගේ ඒ කුසල සංස්කාර මේ නව භවයටත් ශේෂව පවතින බව, ඉහතින් අප විසින් ඇතිකරගත් නව භවයක උපත සිදුවීම පිළිබඳ දැනුම තුලින් ඔබට අවභෝධ විය යුතු වනවා. පෙර භවයේ යමි පුද්ගලයෙක් රුස්කල සංස්කාරත්, ඉන්පෙර භවයේ රුස්කල සංස්කාරත්, අනාදිමත් කාලයක් පුරා සසරේ රුස්කල සංස්කාරත් හේතුවෙන් මෙම සත්ත්වයාට මේ භවයේ අභිනව විඥානය පහල වීම සිදුවූවා. අකුසල සංස්කාර සමිබන්ධයෙන් තත්වය වුව ද එසේමය. සංතතියක් ලෙස මේවා ද නොසිදි පවතින නමුත්, අතොරක් නැතිව පවතින්නා වූ විඥානමය සමිබන්ධය නිසා ඇති උරුමයක් මිස අතිත භවයෙන් මේ භවයට යමි ආත්මයක පැමිණිමක් හෝ, අතිත භවයේ රූපස්කන්ධය බහා තැබීම, කය බිඳියාම, රූපස්කන්ධයේ මරණය සිදු වුවත් නාමස්කන්ධයේ විඥානමය සමිබන්ධය ඇති බැවින් උචිඡේද වාදයේ සඳහන් පරිදි භවයකින් පසු එය උචිඡේදවී සිඳී යාමක් සිදුනොවන බව ඔබට දැන් පැහැදිලි විය යුතුය. 

එසේම අතීත භවයේ සංස්කාරයන් නිසා ජනිත වූ වර්ථමාන භවයේ සංස්කාරයන්, අළුතින්ම ඇතිවන සංස්කාර ධර්මයන් මිස, ඒවා අතිත භවයෙන් පැමිණි දෑ නොවන බවත් හුදු පරමිපරා සමිබන්ධතාවයක් ඇති නවමු ධර්මයන් වන බවත් ඔබට පැහැදිලි වියයුතුය. ඒ අනුව අතීත‍ය, අනාගතය, වර්ථමානය යන කාලත්‍රය පුරාම පවතින ශාස්වත වූ ආත්මීය වූ ධර්මයක් ද නැති බව මේ කරුණු මත ඔබට පැහැදිලි විය යුතු වනවා. ඒ අනුව ඔබ තේරුමි ගත යුතු වන වැදගත්ම කරුණ වන්නේ උචිඡෙද දෘෂ්ටියට හා ශාස්වත දෘෂ්ඨියට නොවැටි මධ්‍යයෙන් කරන ලද මේ දේශනාවයි.

මෙසේ උපන් විඥානය පෙර භවයේ පැවති විඥාන උපදවා ගැනිමට සුදුසු වු කැමැත්තට අනුරූපව රූපස්කන්ධය හා එක්ව චක්ඛායතනය ඇතිවීම සිදුවනවා. ඒ ශබිදය ඇසිමට තිබු කැමැත්තට සුදුසු වන අයුරෙන් සෝතායතනය ඇතිවීම සිදුවනවා, ගඳ සුවද දැනිමට තිබුනු කැමැත්තට අනුරූප වන පරිදි ඝානායතනය ඇති වනවා. රසයන් ලැබිමට තිබු කැමැත්ත අනුව ජිවිහායතනය ඇති වනවා. ස්පර්ශය දැනිමට තිබුන කැමැත්තට අනුව කායායතනය ඇතිවීම සිදු වනවා. සිතුවිලි වලට අනුරූපව මනායතනය ජනිත වීම සිදුවනවා.

ලෝකයේ මිනිස්සුන්ට විවිධාකාර සිතුමි පැතුමි ඇත්තේ ද, සත්ත්වයින් විවිධාකාර රූප ලක්ෂණයන්ගෙන් යුක්ත වන්නේ ද, මෙසේ අතිත විඥානයත් කර්මයත් නිසා බව ඔබට දැන් පැහැදිලි විය යුතුවනවා. මේ අනුව නාම-රූපය ඇති විට ඇස, කණ, නාසය, දිව, ශරිරය, මනස යන ෂඩායතනයන් ඇතිවිමත්, වර්ධනය වීමත් සිදුවනවා. 

ඉතාමත් ගැඹුරෙන් තේරුමිගත යුතු කොටසක් වුවත් මාගේ අදහස එය අවභෝධ වූවා යන්නයි. 

පටිචිච සමුප්පාද ධර්මය බුද්ධ දර්ශනය තුල ගැඹුරුම ධර්ම කොටසක් ලෙස හදුන්වාදීමට හැකි බැවින් මෙය ඉතාමත් නිවැරදි ලෙස ඔබට අවභෝධ නොවීම පිළිබඳව කනගාටු නොවිය යුතුය. එසේම එය ඔබේ ප්‍රත්‍යක්ෂ අවභෝධයක් බවට පත්කර ගැනීමට සඳහා ආර්‍යෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරිම කල යුතුවනවා. එතෙක් ඔබ මනස තුල මෙම කරුණු සමිබන්ධව නුවනින් විමස විමසා බැලිම අතිශය වැදගත් වනු ඇත. ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥා මටිටමි අනුව ඒ ඒ පුද්ගලයාට පටිචිච සමුප්පාදය ඒ ඒ ආකාරයෙන් අවභෝධ වීම සිදු වනවා. ධර්මයක් වශයෙන් බුද්ධෝත්තමයානන් වහන්සේලා ලොව පහල වන්නේ මේ පටිච්ච සමුප්පාදය ඇතුලත් කොට චතුරාර්‍ය සත්‍ය ධර්මය දේශනා කිරිමටයි. උන්වහන්සේලා බුදධත්වයට පත්වන්නේ මේ පටිචිච සමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රථිලෝම වශයෙන් මෙනෙහි කිරිම තුලින්. අද ද නිවන් අවභෝධ කරන්නෝ නිවන සාක්ෂාත් කරනුයේ මෙම පටිචිච සමුප්පාද ධර්මයන් ඒ ඒ මටිටමෙන් අවභෝධ කිරිම තුලිනි. 

පටිචිච සමුප්පාදය ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙදිනක හෝ මා අත්දකිනා තුරු මේ ජිවිතයේ මා අසනා ලද විශ්ෂ්ඨම තර්කණය ලෙස  එය මාගේ සිතේ ධාරණය කර ගන්නමි.
 

 මාගේ නාම කාය පෝෂණය කල අතිඋත්තම දන්කන්දේ ධමිමරතන හිමියන්ටත්, උඩුගම ථේරිකා තෙරණින්වහන්සේටත්,

මාගේ රූප කාය පෝෂණය කල රංජනි ජයසුන්දර අපගේ මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර අපගේ පියාණන්ටත්,මේ ගත පුජාවක් වේවd! ඔවුන් නිදුක් නීරෝගී වේවා!! චිර ජීවනය වේවා!!
  සියළුම හිමිකමි අවිරිණි
නීතිඥ තනූජ කේ. ජයසුන්දර විසිනි
උපුටාගැණිම මත ශ්‍රී ලංකාවේ තත්කාලීන ක්රියාත්මක නීතිය යටතේ වගකීමට යටත් වනු ලැබේ.

     නිර්වාණය සාක්ෂාත් කිරීමට අවැසි අයෙක් වේ නමි, තාමත් එයට කාලයයි. ඒ සඳහා සාර්ථකව මඟ පෙන්විය හැකි ස්ථාන ලංකාව තුලත් ඇත. කල යුත්තේ එබදු ස්ථානයක් හා සමිබන්ධ වී ගුරුවරයෙකු ඇසුරේ කමටහන් ලබා භවනාවේ නියතු වීමයි. ඒ සඳහා සුදුසුම ස්ථාන ඇත.



4 අදහස් හා විමසීමි:

Anonymous said...

Dear Friend Thanuja,

I am reading your dhamma articles in this blog for about two months. They are very interesting & helpful in understanding the truth of the world. Your endeavour to explain the Lord Buddha's dhamma in simple language is commendable & a great meritorious act.

Please can you tell me a suitable place where I can get meditation instructions regularly around Colombo & Gampaha. It is very helpful if you give me more information.

I wish you realization of Dhamma in this very life!

Sisira

Thanuja Kasun Jayasundara said...

සිසිර,
jmthanuja@gmail.com ඊ-ලිපිනය ඔස්සේ විමසන්න. භාවනා කිරිම සඳහා ඔබ ඉතාමත් සුදුසු ස්ථානයක් කරා යොමුකල හැක.

තෙරුවන් සරණයි!

MindSpring said...

අවසර,

ප්‍රිය සිසිර,
මාස දෙකකට පසු, අවසානයේ ඔබ සැරිසැරූයේ මැණික් ඉල්ලමක් සහිත ඉඩමක බව ඔබත් හඳුනා ගෙන ඇති සෙයකි.

වෙහෙස මහන්සි නොබලා අද අදම මහ පොළොව කනින්න.
ඉල්ලම පාදාගන්න.
මැණික් ගොඩගෙන නිසිපරිදි ඔප කරගන්න.

( ඔබ මෙන්ම මමද මේ ඉල්ලම හඳුනාගෙන වැඩි කලක් නැහැ. මේ සුළු කාළයට මා උදාකරගත් ලාභයන් ගැන ඇති සතුට නිසාම මෙසේ ඔබව අමතන්න සිතුනා )

තෙරුවන් සරණයි!!!
ඔබ සැමට උතුම් නිවනම වේවා!!!

Anonymous said...

බොහොමත්ම ස්තුතියි. ඔබට නිවන් සම්පත්තිය පතමි.

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...