සත්ත්වයින්ගේ උපත
සිදුවන ආකාරය පිළිබඳව දැන ගැන්මට
බොහෝ දෙනා කැමැත්තක් දක්වන බැවි සැබෑවක්. ඒ අනුව මේ අවස්ථාවේ සොයා බැලීමට අදහස්
කරනුයේ මෙම ජිවිතයේ මුල්ම සංස්කාරය ඇතිවූයේ
කොහේද යන කරුණයි.
මුල්ම සංස්කාරය ඇතිවුන තැන සොයා
යෑමේ දී එයින් අවභෝධ වන්නේ සත්ත්වයා උපත ලබන ආකාරයයි.
උපන් සැනින්ම කෑ ගසමින් හඩනා
දරුවන් ඔබ දැක ඇති නමි, මෙම හැඩිම තුල කාය සංස්කාරත්, වචී
සංස්කාරත්,
චිත්ත සංස්කාරත් යන සංස්කාරයන් තුනම පවතිනවා. නමුත්
මුල්ම සංස්කාරය ඇතිවූයේ එම මවිකුසින් උපන් මොහොතේ දී නොවන බැවි මවිකුස තුල සිටිනා
දරුවන්ගේ අතපය සෙලවීම ආදී චලනයන් පැවතීම මත ඔබට අවභෝධ විය යුතුය. මේ පිළිබඳව පැහැදිලි දැනුමක් ඇතිකර ගැනීමට විද්‍යාත්මකව
දරුවෙකුගේ පිළිසිඳගැනිමක් සිදුවන ආකාරය පිළිබඳව සලකා බලමු.
ඒ
පිළිබඳව මා දැනුවත්. මව
සහ පියා අතර ඇතිවන ශාරිරීක එක්විමේ දී පියාගේ ශුක්‍ර සෛලයක් මවගේ පැලෝපිය නාලයේ උඩ කොටසේ දී ඩිමිබ සෛලයක්
සමඟ සමිබන්ධ වීමත් සමඟ සෑදෙන යුක්තානුව නමින් හදුන්වන සෛලය මාස 9 ½ ක කාලයක් තුලදී දරුවෙක් බවට පත්වනවා.
ඔවි ඔබ නිවැරදියි. නුතන
විද්‍යාවට අනුකූලව ම දරුවෙකුගේ
පිළිසිඳගැනිම සිදුවන ආකාරයත් ඒ කළලය විකසනය වන ආකාරයත් ඉතාමත් නිවැරදි ලෙස දැනට වසර 2600 කට
පෙර බුදුරජාණන්වහන්සේ සංයුක්ත
නිකායේ යක්ඛ සංයුක්තයේ, ඉන්ද්‍රික වග්ගයේ සුත්‍රයක දේශනා කර තිබෙන බව අසනා ඔබ විශ්මයට පත්විය හැක. ඒ
පිළිබඳව මෙහි විස්තරයක් ඉදිරිපත් නොකලත්
නුතන කළල විද්‍යාව ඒ අයුරෙන්ම
එහි බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා.
අප අතර ඇතිවූ සංවාදයේ මුල්
කොටසේ දී රූපකාය හා නාම කාය වශයෙන් දෙකොටසක් පවතින බව ඔබ තේරුමි ගනු ලැබුවා.
එහි දී
මෙම රූපකාය ක්‍රියාත්මක වන්නේ නාමකායේ පැවැත්ම මත යන්න පරිගණකයක් උදාහරණයට
ගනිමින් සවිස්තරව පහදා ගනු ලැබුවා. ඒ දැනුමත් ඇතිව, මවගේ ඩිමිබ සෛලයත්, පියාගේ
ශුක්‍රාණු සෛලයත් වෙන්
වෙන්ව ගතහොත් ඒවා නාම ස්කන්ධයක් නැති පඨවි, ආපෝ, තොජෝ, වයෝ
ධාතූන් ගෙන් සුංයුක්ත රූපස්කන්ධයන් පමණක් වන බව ඔබට ප්‍රත්‍යක්ෂ බව මාගේ අදහසි. ඒ
අනුව මවගේ ඩිමිබ සෛලයත්, පියාගේ ශුක්‍රාණු සෛලයත් යමි මොහොතක එකිනෙක හා සමිබන්ධ වීම
තුලින් හටගන්නාවූ යුක්තානුව යන තනි සෙලය කලක දී අංග
සමිපුර්ණ දරුවෙකු බවට පත්වනවා. මේ දරුවාගේ ශරිරය නිර්මාණය
වූයේ පියාගේ හා මවගේ ධාතු කොටස් එක්විම
තුලිනි.
ඒ අනුව රූප කාය නිර්මාණය විම
ඇරඹුනේ යුක්තානුව නමි අවස්ථාවේ දී බව ඔබට දැන් පැහැදිලි විය යුතුය. නමුත්
මෙහි දී නාම කාය ඇතිවූයේ කොතනදී ද යන ප්‍රශ්නය ඇතිවිය යුතු වනවා.
එම පැනයට පිළිතුරු සපයා
ගැනිමට මින් පෙර භවයේ ඔබගේ මරණ මොහොත
වෙත ගමන් ගමු.
ඔබ බොහෝ
වියපත් වී, එක්තැන් වී අතපය පවා සෙලවීමට නොහැකිව ඔත්පල වී, අංශභාගය
වැනි තත්වයකට පත් වී මරණාසන්නව සිටින්නේ යැයි සිතමු. මේ
අවස්ථාවේ ඔබේ ශාරිරීක තත්වය මත ඔබ කය මෙහෙයවා කරන්නා වූ සියළු ක්‍රියා නැවතී
ඇත්නමි ඔබේ කාය සංස්කාර සියල්ල නැවතී ඇතැයි උපකල්පනය කල හැක. එසේම ඔබට කථා කිරීමේ
හැකියාවක් ද නැත්තේ නමි එම අවස්ථාවේදී ඔබේ වචී සංස්කාර ද සියල්ල ද නැවතී ඇතැයි
සිතිය හැක.
නමුත් මේ මොහොතේ පවා ඔබේ සිත වේගයෙන් ක්‍රියාත්මක වන අතර, ඔබේ
ශරිරයට නොදැනුන ද ඔබේ සිතට වේදනාවන් දැනෙනවා. සංඥාවන් ඇති වනවා. දැනීම් ඇති වනවා. එසේම සිතෙන් සිතුවිලි ගලායෑම සිදුවනවා. මේ ආකාරයෙන්ම
ඔබේ නාම ස්කන්ධ සතරම ඉතා හොදින් ක්‍රියාත්මක වීම
සිදුවනවා.
එම ස්කන්ධ හතරෙහි ක්‍රියාකාරීත්වය යමි අවස්ථාවක දී යලි මේ භවයේ දී ඇති නොවන පරිදි නැවතුන වික දී ඔබ මිය ගොස් නැතහොත් මරණයට පත්වූයේ
යැයි ව්‍යවහාර කරනු ලබනවා.
දැන් ඔබ මිය ගොස් නැති, නමුත් මරණයට පත්වීමට අත්‍යාසන්න
අවස්ථාවට අවධානය යොමු කලහොත් කලින් සඳහන් කල ආකාරයෙන්ම මේ අවස්ථාවේ දීත් නාම
ස්කන්ධ සතරම හොදින් ක්‍රියාතමක වන
බැවින්
මේ මොහොතේ දී ද ඔබට වේදනාවන්, බිය, ශෝකය
ආදිය දැනීමත්, බොහෝ ආශාවන් ආදී සිතුවිලිත් ඉපදීමත් සිදුවනු ඇත. මේ
අතර ඇතිවන්නාවූ දුක් සහගතවූ වේදනාවන් හා බිය
ආදී අප්‍රිය සහගත මනෝ භාවයන්ට කිසිවිටක
ප්‍රිය බවක් නොදක්වන්නේ ඒවායෙන් ඔබට දුකක් ගෙන දෙන බැවිනි. එසේ
වුවද මේ මොහොතේ අකමැත්තෙන් වුව ද ඔබට, විසංඥව ඇදක්
මත සයනය කර,
මළ-මුත්‍රා
ආදිය ඒ තැනහිම පිටකරමින් ඉතා දුක්ඛිත තත්වයකට පත්වීමට සිදුවී ඇති නිසා, මේ මොහොතේ හෝ මෙම අවාසානාවන්ත තත්වයෙන් මිදීමට හැකි නමි ඔබ එයට අතීශය
කැමැත්තතෙන් පසුවනවා. ඒ අනුව මේ මොහොත් අපිරිසිදුව ඇදක සයනය කර තිබෙන මේ ශරිරයේ ඇස, කණ, නාසය, දිව, මනස
උපයෝගී කර ගනිමින් ඔබ ජීවිත කාලයක් පුරාවට විවිධ වූ සුඛයන් ආශ්වාදය කරනු ලැබුවා. මේ මොහොතේද, ඉදිරියටත් එම ආශ්වාදය ලැබීමේ අතීශය කැමැත්තකින් ඔබ
පසුවනවා. ගෙවීගිය අතීතයේ කල ක්‍රියාවන්, සංස්කාරයන්
තවදුරටත් පැවැත්වීමට කැමැත්තෙන් පසු වනවා. අප්‍රිය සහගත දුඃඛ දායක අරමුණු ප්‍රතික්ශේෂප කිරිමට කැමැත්තෙන් පසු වනවා. ප්‍රිය
අරමුණුම ලැබිමේ කැමැත්තෙන් පසු වනවා. මෙසේ කෙතරමි කැමැත්තෙන් පසු වුවද මේ
මරණ මොහොතේ ඒ කිසිවක් කල නොහැකි අයුරෙන් ඔබ අසරණ වෙලා. මේ ආකාරයෙන්ම
මෙම ජීවිතය තවදුරටත් මොන ආකාරයකට හෝ පවත්වන්න තිබෙන කැමැත්ත ආශාව ඔබෙන් ගිලිහී ගොස් නැති අතර, ඒ
කැමැත්ත-ආශාව
ඒ අයුරෙන්ම පවතින විටක දී, ඒ ඔබ කැමති, ආශා කරන අරමුණු, ලැබිය නොහැකි තැනට ඔබ අකමැත්තෙන්ම මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය හා
අනාතම තාවය හේතුවෙන්ම පැමිණිලා. මරණ
මොහොත පිළිබඳව ප්‍රකාශ කලාවූ මේ කරුණු හා ඔබ එකඟ වනවාද?
මට
එය පිළිගත හැකි කරුණක්. මේ මොහොතේ
මරණයට පත්විමට යන මිනිසා පවා කැමති වන්නේ තව මොහොතක් හෝ ජීවත්වීමටයි. මරණයට
පත්වුව ද කමක් නැතැයි කියා සිතනා මිනිසා පවා කැමැතිවනුයේ දිව්‍යලෝකයක හෝ වෙන කිනමි ස්ථානයක හෝ සැපවත්ව ජිවත් වීමටයි. කවුරු
වුවත් කැමති වන්නේ කුමන ආකාරයකින් හෝ තවදුරටත් එක මොහොතක් හෝ ජිවත් වීමටයි.
ඔවි ඔබ නිවැරදියි. උතුමි
අරහත් ඵලය ලත් උතුමන් වහන්සේලා හැර අන් සෑම අයෙක් පිළිබඳවම එම ප්‍රකාශය සත්‍යක්. ඒ
අනුව ඔබ විසින්ම අවභෝධ කරගත් පරිදි මරණ මොහොතේ
තවදුරටත් මොනම විදියකට හෝ මොනම ආත්ම භාවයක් ලබා හෝ ජිවත් වීමට කැමති සත්ත්වයා
ජීවත්වීම යැයි ජීවිත කාලයක් තුල කරනු ලැබූයේ; ඇසින්
සැප ගෙන දෙන-දුක්
ගෙන දෙන රූප දැකීම, කණින් සැප ගෙන දෙන-දුක් ගෙන දෙන ශබිද ඇසීම, නාසයෙනුත්
ඒ ආකාරයෙන්ම සුඛ දායක වුත් දුඃඛදායක වුත් ගඳ සුවඳ විඳීම. ශරිරයෙන්
ස්පර්ශ ලැබීම, සිතින් සිතීම යන ක්‍රියාවන් සඳහා අවශ්‍ය වන අරමුණු රුස්කිරීම,
පැවැත්වීම හා ඒවා ලැබීම සඳහා ක්‍රියාත්මක වීමයි.
ඒ අනුව මෙතෙක් කියනා ලද කරුණු
මත අයෙක් ජිවත් වීමට කැමැත්තෙන් සිටීම යනුවෙන් අදහස් වන්නේ ඔහු සුඛ දායක හෝ දුඃඛ
දායක විඥාන උපදවාගැනීමට කැමැත්තෙන් පසුවීම යන කරුණයි. ඒ
අනුව ඔබ මරණ මොහොකේ ද ක්‍රියා කරනුයේ මෙම සුඛදායක වුත් දුඃඛදායක වූත් විඥාන උපදවාගැනීම පිණිසමයි. වෙනත්
ආකාරයකින් ප්‍රකාශ කලහොත් ඔබේ ශරිරය විසංඥව ඇති මේ අවස්ථාවේ දී පවා නාමස්කන්ධ සතර
උපකාරී කරගනිමින් ඔබ නව සංස්කාරයන් ජනිත කරනු ලබනවා. ඒ අනුව රූප, ශබිද, ගන්ධ, රස, ස්පර්ශ, ධමිම
යන අරමුණු පාදක කර ගනිමින් ඔබට සැප දුක් පිළිබඳව සිතුවිලි ඇතිවීම සිදුවනවා. උදාහරණයක් ගතහොත් ඔබගේ ශරිරය නොසෙල්විය හැකි
වුවත් මේ මොහොතේ ගඳ- සුවද පිළිබඳ දැනීමි ඇතිවන්නේ නමි ඒ ගද සුවද යන අරමුණ
නිසා ඔබ සිතේ කර්ම සංඛාර ඇතිවිම සිදුවනවා. මේ ආකාරයෙන්
මේ මොහොතේ ඇතිවන ගඳ-සුවද පාදක කරගනිමින් මෙන්ම අතිතයේ ඔබ අත් විඳි ගඳ-සුවඳ අල්ලා
ගනිමින් ද, අනාගතය අල්ලාගැනීම තුලින් ද විවිධාකාර සිතුවිලි ඇතිවීම සිදුවනවා. මෙසේ මෙම සංඛාර ඇතිවෙමින් නැතිවෙමින් පවතින
අවස්ථාවක ඔබේ මේ ශරිරය ඇසුරේ
පැවති අවසන් සිත යමි අරමුණක් අරමුණු කරගනිමින්ම ඇතිවී නැතිවී යෑම සිදුවනවා. මේ
සිත ඇතිවී නැතිවී ගියද සිත් පරමිපරාව එයින්ම සිඳී අවසන් නොවේ. එයට හේතුව වන්නේ, ඔබ සැප සහගත විඥාන ඇතිකර ගැනීමට අතිශය
කැමැත්තෙන් පසුවූ බැවින් හා මේ
කැමැත්ත නැතහොත් තෘශ්ණාවෙන් යුතු වූ ඔබ තවදුරටත් මොනම ආකාරයකින් හෝ මෙම විඥානයන් නැතහොත් දැනීමි ඇතිකර ගැනීමට, පවත්වා ගතයුතුය
යන අභිලාශයෙන් පසුවීමයි. එසේම අනාත්ම වූ මෙම කර්ම සංස්කාර ඇතිවී ම ඔබට වැලැකවිය
හැකි වන්නේ ද නැත. ඒ අනුව
ඒ දැනීමි නැතහොත් විඥානයන් ඇතිකර ගැනිමට
අවශ්‍ය අන්තිම කර්ම සංස්කාරය නැතහොත් ක්‍රියාවත් ඔබ සිතින්ම කරනු ලබනවා. මින්
පෙර අපගේ සාකචිඡාවෙන් ක්‍රියාව හා ප්‍රතිඵලයයි
අතර සමිබන්ධතාවය පහදාගත් අයුරු ඔබේ මතකයේ
ඇත්නමි මේ අවස්ථාවේ දී එසේ උපන් ක්‍රියාවේ ප්‍රථිපලයක්
වශයෙන් අලුතින් විඥාන පහල වීම සිදුවිය යුතුය. නමුත් ඔබ කැමති වුන ආකාරයෙන්
නව විඥානයන් මෙම ශරිරය තුල තවදුරටත් පහල වීමට ඉඩක්
නැති බැවින් මේ ශරිරය ඇසුරේ පැවති අවසන් සිත නිරුද්ධ වි යෑමත් සමඟම ඔබ කැමතිවූ
ආකාරයෙන් විඥාන උපදාවාගැනීමට සුදුසු
ස්ථානයක විපාක වශයෙන් නව විඥානයක් පහලවීම සිදුවනවා. මෙසේ අභිනව භවයේ මුල්ම සංඛාරය ජනිත වන අතර, මේ ආකාරයෙන්
සංඛාර ඇතිවිට විඥාන ඇතිවීම සිදුවනවා.
මාගේ
නාම
කාය
පෝෂණය
කල
අතිඋත්තම
දන්කන්දේ
ධමිමරතන හිමියන්ටත්, උඩුගම
ථේරිකා
තෙරණින්වහන්සේටත්,
මාගේ
රූප
කාය
පෝෂණය
කල
රංජනි
ජයසුන්දර
අපගේ
මෑණියන්ටත් ජේ.එමි. ජයසුන්දර අපගේ පියාණන්ටත්,මේ ගත පුජාවක් වේවd! ඔවුන් නිදුක් නීරෝගී වේවා!! චිර ජීවනය වේවා!!
සියළුම හිමිකමි අවිරිණි
නීතිඥ තනූජ කේ. ජයසුන්දර
විසිනි
උපුටාගැණිම මත ශ්රී ලංකාවේ තත්කාලීන ක්රියාත්මක නීතිය යටතේ වගකීමට යටත් වනු ලැබේ.


2 අදහස් හා විමසීමි:
හොද ලිපියක්. බොහොම පිං. දිගටම ලියන්න. අපෙන් සුභපැතුම්.
පලමුව ඔබට තෙරුවන් සරණයි!!!!,අන්තර්ජාලය තුල හමුවූ අනන්ත බ්ලොග් අතරේ තනි පුද්ගලයෙකු පවත්වාගෙන යන ඉතාම වටිනාම බ්ලොගය මෙයයි මට දැනට හමු වූ,,,එයින්ම මෙහි වටිනාකම තේරුම් ගන්න,,දිගින් දිගටම මෙය කරගෙන යන්න ඔබට බොහෝ පින් ..
Post a Comment