‘‘කතමඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණං? ඡයිමෙ, භික්ඛවෙ, විඤ්ඤාණකායා
– චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. ඉදං වුච්චති, භික්ඛවෙ, විඤ්ඤාණං.
මහණෙනි විඥානය කුමක්ද? මහණෙනි විඥානය කොටස් 06 කි. චක්ඛු විඥානය, සෝත විඥානය, ඝාන විඥානය, ජිවිහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය යන මෙයට විඥානය
යැයි කියනවා.
බුදු රජාණන් වහන්සේ විඥානය
පිළිබඳ දේශනා කල පරිදි සංස්කාරයන් නැතහොත් ක්‍රියාවන් නිසා, ඇසින් දැනිමි උපදිනවා ඒවා චක්ඛු විඥාන යනුවෙන් හදුන් වනවා. මේ ආකාරයෙන්ම කණ ආදියෙන් උපදින විඥානයන්ට පිළිවලින් සෝත, ඝාන, ජිවිහා, කාය, මනෝ විඥාන වශයෙන් ප්‍රකාශ කරනු
ලබනවා.
ඒ අනුව යමෙක් යහපත් චේතනාවක් ඇතිව විඥාන උපදවා
ගැනීමට උත්සුක වීමි වශයෙන් කරන්නාවූ ක්‍රියාවන්ගෙන් ඔහුට කුසල කර්ම ජනිත වන අතර අයහපත් චේතනාවක් ඇතිව රූප, ශබිද ආදි දැනිමි නැතහොත් විඥාන ලැබීමට උත්සුක වන
විට දී අකුසල කර්ම ජනිත වීමත් සිදුවනවා. මෙසේ මිනිසෙක් ජිවිත කාලයක් පුරා කරන්නාවූ කෑම බීම, ඇවිදිම, නෑම සාකවිඡාවන්, කථා-බහ කිරිම ආදි සෑම ක්‍රියාවකින්ම කුසල කර්මත් අකුසල
කර්මත් ජනිතවන අතර මේ ආකාරයෙන් රුස්වන කුසල කර්ම හා අකුසල කර්ම වල සත්ත්වයින්
භවයෙන් භවයට ගෙන යෑමේ ශක්තියක් පවතිනවා. මේවා පොදුවේ කර්ම වශයෙන් හදුන්වනු ලැබෙනවා.
මින්
පෙර ඔබ ප්‍රකාශ කලා වූ ධර්ම කාරණාවන්හි අපැහැදිලි බවක් නැති වුවත්. කර්මය නිසා
සත්ත්වයින් භවයෙන් භවයට යන්නේය යන කරුන ඔබ පහදා දෙන්නේ කෙසේද? එය ඔබ පැවසූ පමණින් පිළිගැන්මට
නුසුදුවන බව මාගේ මතයයි.
මේ පිළිබඳව පහදා දීමට බුදු
දහමේ විස්තර කරනා කර්මය පිළිබඳව පුළුල් නොවන්නා වූ සරල හැදින්විමක් කලහොත්.
කර්මය යනු සිත, කය,
වදන මෙහෙයවා කරනා ක්‍රියාවන් වන බව ඔබ වටහාගනු ලැබුවා. සත්ත්වයින් මෙම කර්මයන් සිදුකරනු
ලබන්නේ චේතනාවක් ඇතිවය. කලින්
අවස්ථාවක අපගේ සාකචිඡාව අතරතුර චේතනාව යන වදන භාවිතා
කලේ මෙම අර්ථය ඇතිවයි. බුදු
රජාණන්වහන්සේ දේශනා කර සිටි
පරිදි කර්මය වන්නේ මෙම චේතනාවමය. මේ
බව බුදු රජාණන්වහන්සේ අංගුත්තර නිකාය නිබිබේධික සූත්‍රයේ “චේතනාහං භික්ඛවේ කම්මං
වදාමි චේතයිත්වා කම්මං
කරෝති කායේන වාචාය
මනසා” යනුවෙන් දේශනා
කොට ඇත. එහි අර්ථය වන්නේ “මහණෙනි මම චේතනාවම කර්මය යැයි කියමි. චේතනාව මුල්කොට කය, වචනය, මනසින්
කර්මයන් කරනු ලැබේ” යන්නයි.
යෙමක් යමි
ක්‍රියාවක් කරනුයේ යමි කිරිමේ අවශ්‍යතාවයක් මත
බැවින් මෙම කිරිමේ අවශ්‍යතාවය
චේතනාව යැයි සරලව ප්‍රකාශ කල හැක. ඒ
අවශ්‍යතාවය මත යමි ක්‍රියාවක් කලවිට එයින් යමි ප්‍රතිඵලයක් උපදිනවා. ඒ ප්‍රතිඵලය නිසා නැවතත් ක්‍රියාවක් සිදුවිය
හැක. නැතහොත්, එය නැතිවි යෑමටත් හැකියාවක් ඇත. මේ ප්‍රතිඵලය යන්නට මෙතැන් සිට භාවිතා
කරනුයේ විපාකය යන වදනයි. ඒ
අනුව ක්‍රියාවක් තිබෙන අතර එය නිසා හටගන්නා විපාකයක් පවතිනවා. ඒ විපාකය නිසා නැවත ක්‍රියාවන් ඇතිවීමට හැකියාවක්
ඇති අතර, ඒ ක්‍රියා නිසා නැවතත් විපාක ඇතිවීම සිදුවනවා. මේ ආකාරයෙන්ම කර්මයන් නිසා විපාකත් විපාක නිසා කර්මයනුත් ඇතිවීම සිදුවනවා. මෙම වෘතයන්ගේ ක්‍රියාකාරිත්වය නවතා දැමීමට
හැකි වන්නේ පටිච්ච සමුප්පාද ධර්ම බිඳ දැමිම
තුලින් වන අතර එසේ පටිචිච සමුප්පාද ධර්ම බිඳ දැමීමට හැකි වන්නේ අවිද්‍යාව
නැතිකිරිම තුලිනි.
මෙය වඩාත් පැහැදිලි වීම සඳහා උදාහරණයක් සලකා බලමු.
ඔබ බොහෝ සතුටින්, සිටිනා
අවස්ථාවක දී එක්තරා පුද්ගලයෙක් ඔබ කරා පැමිණ ඔබට වේගයෙන් බැණවැදීමට පටන් ගත්තේ යැයි සිතමු. කලින් එක් කර ගත් දැනුම මෙහි දී භාවිතා
කලහොත්, එම තැනැත්තා ඔබට බැණ වැදීම යනුවෙන් අදහස්
කරන්නෙ ඒ තැනැත්තා ගේ සිත, කය, වදන මෙහෙයවීම තුලින් සංස්කාර ජනිත කිරීමකි. නැතහොත් වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ
නමි ක්‍රියාවන් සිදුකිරිමකි. නැතහොත් කර්මයන් සිදුකිරිමක් යැයි ප්‍රකාශ
කලද ඔබ එකඟ වනු ඇත. එවිට
එම තැනැත්තාගේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් වශයෙන්, ඔබට අවැසි නමි එයට අවධානය යොමු නොකර සිටීමට හැකියාවක් ඇත. එසේ
නැතහොත් ඔබත් කෝප වී එම පුද්ගලයාට පෙරළා බැණ වදින්නට නැතහොත් පහර දීමට ද හැකියාවක් ඇත. මේ
ආකාරයෙන් ඔබ එම පුද්ගලයාට පහර දුන්නේ නමි, මෙසේ
ඔහුට පහර කෑමක් ලබන්නට සිදුවූයේ ඔහු විසින් එම අවස්ථාවේ කරන ලද ක්‍රියාවේ නැතහොත්
ඉන් පෙර අවස්ථාවක දී කල කර්මයක ප්‍රතිඵලයන් වශයෙන් යැයි සැලකිය හැක. මේ
ආකාරයෙන් එම පහර ලැබිමට සිදුවිම
විපාකයකය වශෙයන් සැලකුවහොත්, ඉන්
පසුව ඒ පුද්ගලයා ඔබට නැවතත්
පෙරළා පහර දුන්නා නමි, ඔබ බැණ
වැදුන තැනැත්තාට පහර දීමි වශයෙන් සිදුකල කර්මයේ විපාකය බවට එය පත් වනවා. මෙහිදී
පහර දීමි පමණක් නොව වදන
මෙහෙයවා කරනා වචී සංස්කාර, නැතහොත් ක්‍රියාවන් ද සිදුවනු ඇත. එසේම ද්වේශය, වෛරය වැනි දෑ ඇතිවිම තුලින් චිත්ත
සංස්කාර ජනිතවීම ද සිදුවනු ඇත. මේ ආකාරයෙන්ම
ඔබ වෙතට පැමිණි කර්මය නිසා අළුත් ක්‍රියාවන් රුසක් සිදුවනු ඇත. මෙසේ අයෙක් ඔබ වෙතට පැමිණ බැණවැදීම
සිදුවුයේ ඉන් පෙර අවස්ථාවක දී සිදුවූ
සිදුවීමක් මත විය හැක. ඒ
සිදුවිමට තුඩු දුන්නේ ඊටත් පෙර
සිදුවු සිදුවිමක් වීමට හැක. එයට
හේතුව එයටත් ඉහත දී සිදුවූ සිදුවීමක් වීමට ද හැකියාවක් ඇත. මේ ආකාරයෙන් මේ ජීවිතයේ ඔබට අත්විදින්නට සිදුවන සිදුවීමක හේතුන් ඔබගේ උත්පත්ති මොහොත
දක්වාම ආපස්සට බලමින් යෑමට හැකියාව
පවතින බව ඔබට පැහැදිලි විය යුතුය. ඔබ ජීවිත කාලයක් පුරාම පැමිණියේ මෙවැනි
කාය, වචී, චිත්ත සංස්කාරයන් අතිවිශාල සංඛාවක් රුස්
කරමින් නොවේද? ඒ
අනුව මේ භවයේ දී ඔබට ජනිත වූ මුල්ම සංස්කාරය ඇතිවූයේ කෙසේදැයි සලකා බලමු. මෙහි දී බුදු දහම ආත්මය ප්‍රතික්ෂේප
කරනා අනාත්ම වාදී දර්ශනයක් බවට ඔබ අවභෝධ
කරගත් ධර්ම කරුණුත් මතකයේ රඳවාගනිමින්ම
සත්ත්වයින් උපත ලබන්නේ කෙසේද යන කරුණ පිළිබඳව යමි දැනුමක් ඇතිකර ගත යුතුය.
සත්‍යවශයෙන්ම
මා බුදු දහමට අනුව
සත්ත්වයින්ගේ උපත සිදුවන ආකාරය පහදා දෙන්නේ කෙසේද යන කරුණ දැන ගැනීමට අතිශය
කැමැත්තෙන් පසු වනවා. ඒ
අනුව මේ අවස්ථාවේ සාකචිඡා කිරීමට බලාපොරොත්තු වනුයේ සත්ත්වයින් උපත ලබන ආකාරය පිළිබඳවද? නැතහොත් මුල්ම සංස්කාරය ඇතිවූ ආකාරයද?


0 අදහස් හා විමසීමි:
Post a Comment