පළමුවන අංගය අවිද්‍යාව
‘‘කතමා ච,
භික්ඛවෙ, අවිජ්ජා? යං
ඛො, භික්ඛවෙ, දුක්ඛෙ
අඤ්ඤාණං, දුඃඛසමුදයෙ
අඤ්ඤාණං, දුඃඛනිරොධෙ
අඤ්ඤාණං, දුඃඛනිරොධගාමිනියා
පටිපදාය
අඤ්ඤාණං. අයං වුච්චති, භික්ඛවෙ, අවිජ්ජා.
බුදු රජාණන්වහන්සේ අවිද්‍යාව
විස්තර කරනා ඉහත පාඨයේ අර්ථය වන්නේ, මහණෙනි අවිද්‍යාව කුමක්ද? මහණෙනි දුක
පිළිබඳ නොදැනීම, දුක හට ගැන්ම පිළිබඳ නොදැනිම, දුඃඛ නිරෝධය නොදැනීම සහ දුඃඛ නිරෝධගාමිනි පටිපදාව නොදැනිම යන යමක් තිබේද? මෙය අවිද්‍යාවයි.
අවිද්‍යාව යනු මෙම චතුරාර්‍ය
සත්‍ය පිළිබඳව නොදැනීමයි. ඒ අනුව විද්‍යාව වන්නේ මේ ආර්‍යය සත්‍ය පිළිබඳව දැනගැනීමයි. දැනීම යන දෙයට මෙහි දී ගැඹුරු අර්ථයක් පවතිනවා. වචන මාත්‍රය පමණක් දැන ගැනීම යනු සංඥා ස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් බව ඔබ දන්නා
කරුණක්. දැන ගැනිම යනු ප්‍රත්‍යක්ෂ
වශයෙන් ඒ චතුරාර්‍ය සත්‍ය තමාගේම අවභෝධයක් බවට පත් විමටයි. ඒ පිළිබඳව පසුව සාකචිඡා කරමු.
මාගේ අදහස
වන්නේ මේ අවස්ථාවේ චතුරාර්‍ය සත්‍ය පිළිබඳ සාකචිඡා නොකලහොත් ඉදිරියේ දී ඔබ
ඉදිරිපත් කරනා කරුණු වටහා ගැනීමට අපහසු විය හැකිබවයි.
සත්‍යවශයෙන්ම චතුරාර්‍ය සත්‍ය
පිළිබඳව පටිචිච සමුප්පාදය අවසානයේ
සාකවිඡා කිරිම වඩාත් සුදුසු වනවා. එසේ වුවත් ඉදිරි කරුණු අවභෝධ කරගැනීමේ දී ඔබට අපහසුතාවයක් ඇතිවේ
යැයි සිතෙන්නේ නමි, ඒ
ඇතිවන අපහසුතාවය මඟහරවා ගැනිමට මේතාක් වටහාගත් කරුණු වැඩිමනත් ලෙස ප්‍රමාණවත් වනු
ඇත.
බුදු රජාණන්වහන්සේ ප්‍රකාශ කල පරිදි අවිද්‍යාව යනු දුක පිළිබඳව නොදැනුවත් කම.
දුක ඇතිවන්නේ කුමක් නිසාද යන කාරණාව පිළිබඳව
නොදැනුවත් කම. දුක නැති කිරිමේ මාර්ගයක්
තිබෙන බවට වූ නොදැනුවත් කම හා
දුකේ නැතිවිම තුලින් ලබන සැබැ සැපතක් ඇති බවට වන නොදැනුවත්කමයි. සත්‍යවශයෙන්ම
ඔබට දුකක් ගෙන දෙන්නාවූ යමක්,
ඔබ දුකක් ආකාරයෙන්ම දක්නට සුදානමින්ද? යනුවෙන් මා ඔබෙන් ප්‍රශ්ණ කලහොත් ඔබගේ පිළිතුර විය
යුත්තේ කුමක්ද? ඒ අනුව මෙහි දී මෙම සංවාදය ආරමිභයේ දී සෑම ප්‍රිය දෙයකින්ම දුකක් ඇතිකර දෙන බවට ඇතිකර ගත් දැනුම නැවතත් ආවර්ජනය කර ගැනිම
ඉතාමත් වැදගත් වනවා. මෙහි අවිද්‍යාව ඇතිකර දෙනුයේ
ද මෙම ප්‍රිය භාවයමයි. දුක් සහිත දෙයක් වේනමි එහි දුඃඛසහගත
ස්වභාවය ආවරණය කර එය සැපක් වශයෙන් දක්නට
සැලැස්වීම අවිද්‍යාවේ ස්වරූපයයි. මේ ආකාරයෙන්
යමෙක්, සංස්කාරයන් තුල ඇති දුක නොදක්නා තෙක් ඔහු ඒ දුක ඇතිවීමට හේතුව සෙවීමට උත්සුක වන්නේ ද නැත.
එසේ දුක ඇතිවිමට හේතුව සෙවීමට උත්සුක නොවන තෙක්,
දුක නැතිකිරිමේ මාර්ගයක් ඔහුට හමුවන්නේ ද නැත.
දුක නැතිකිරිමේ මාර්ගය නොදන්නා
තැනැත්තාගේ දුකින් මිදිමක් ද කිසි දිනකත් සිදුවන්නක් නොවේ.
ඒ අනුව අවිද්‍යාව
මඟින් සිදුකරනුයේ දුකින් මිදිමේ මාර්ගය වසා දැමිමයි. අවිද්‍යාවෙන් මුලාවී සිටින අඥාන මිනිසා දුක ඇතිකර දෙන දේ දකිනුයේ සැබවින්ම
දුකක් ඇතිකර දෙන්නා වූ දෑ
ලෙස නොව ඉතාමත් ප්‍රිය, අගේවත් දෑ ආකාරයෙන්ය.
ඒ අනුව එම මිනිසා සැබවින්ම දුකක් ඇති කර දෙන්නා වූ ධර්මයන්ගෙන් මිදී සැබෑ
සුවය සෙවිම වෙනුවට සිදුකරනුයේ දුකක්ම ගෙන දෙන්නා වූ, සැබැ
සුවයක් නොවන්නා වූ දෑම රුස් කිරිමයි.
කලින් සාකවිඡා කල උදාහරණයම සලකා
බලමු. බුදුරජාණන්වහන්සේ දේශනා කල “සෑම
ප්‍රිය දෑකින්ම දුකක් ගෙන දෙන්නේය” යන කරුණ කොසොල්
රජතුමාට අවභෝධ නොවූයේ ඔහු අවිද්‍යාවෙන් මුලාවී සිටි බැවිනි.
ඒ අනුව කාසි-කෝසල දෙරට ඔහුට ඉතා ප්‍රියවූවකි.
ඔහුට
එයින් අතීශය සතුටක් සොමිනසක් ලබාදුන්න ද
මෙම සතුට සොමිනස ඔහුට සිතූ පමණින්ම
ලැබීමේ හැකියාවක් පවතිනවාද?
එම සතුට සොමිනස ලැබීම සඳහා
ඔහු, ඒ දෙරටේ කැරලි
මැඩ පැවත්වීමට අවශ්‍ය වනවා. සතුරු ආක්‍රමණ නැවැත්වීමට
අවශ්‍ය වනවා. ජීවිතය පවා පරදුවට තබා සතුරන්
හා යුද වැදීමට අවශ්‍ය වනවා.
රට වැසියන්ගේ ඕනෑ එපාකමි බැලීමට
අවශ්‍ය වනවා. අමාත්‍ය මණ්ඩලයට අවැසි කාරණා
ඉටුකරනු වස් උපදෙස් දීමට අවශ්‍ය වනවා. කාසි-කෝසල
දෙරටින් ලැබෙන්නා වූ සුඛාස්වාදය විඳීම පිණිස තවත් බොහෝ කාර්‍යයන් ඔහුට කිරීමට සිදුවනවා. කය
වෙහෙසා වැඩ කිරීමටත් සිදුවනවා, වදන
මෙහෙයවා වැඩ කිරීමටත් සිදු වනවා. සිතින්
සිතමින් කාර්‍ය කිරීමටත් සිදු වනවා. කාසි-කෝසල
දෙරටින් ලැබෙන්නාවු ආශ්වාදය ලැබිමට ඔහු දාසයෙක් මෙන් බොහෝ දුක් විදින්නට අවශ්‍ය වනවා. නමුත්
සත්‍ය වශයෙන්ම ඔහු ඒ විඳිනා දුක පිළිබඳව නිවැරදි දැක්මක් පැවතියා නමි එබදු
පුද්ගලයා අවම වශයෙන් මැදුමි පිළිවතකට හෝ පිවිසිම
නියත වශයෙන්ම සිදුවිය යුත්තක්.
මේ අකාරයට කුමන දෑ කරමින්
කාසි-කෝසල දෙරට රක්ෂා කලත් කුමන
මොහොතක දී හෝ, එය අහිමි වීමට හෝ,
සතුරු ආක්‍රමණයකින් හෝ, වෙනත් ව්යසනයකින්
නැතිවී යෑමට හෝ හැකියාවක් ඇත. එසේත්
නැතහොත් රජතුමාගේ රජකම අහිමිවීමෙන් හෝ මරණයෙන්
හෝ මේ ප්‍රියවූ දෑ අතහැර දරමීමෙන් අත්විදින්නට සිදුවන්නාවූ ප්‍රිය විප්පයෝග දුඃඛයට ඔහු ඒකාන්ත වශයෙන්ම පත්වනවා.
තබාගැනිමත්, ලබාගැනිමත්,
පවත්වාගෙන යාමත්, අතහැර දැමිමට සිදුවීමත් යන
මේ සියල්ල තුලින්මත්, සෑම
ප්‍රිය භාවය උපවන්නාවූ වස්තුවක් තුලින්මත් ඒකාන්ත වශයෙන් ඇතිකර දෙන්නේ දුකක්.
මේ ආකාරයෙන්ම අවිද්‍යාවෙන් වැසුන මිනිස්සුන්ට සැබැ දුක නොපෙනෙන බැවින්
ඒවා පවත්වා ගැනීමට, වැඩි දියනු කිරීමට,
නැවත නැවත ලබන්නට, ඒවා නැතිවී යෑම වලකාලන්නට
ඔවුන් කයින්,
වචනයෙන්, සිතින් ක්‍රියා කරනවා.
ඒ තුලින් සංස්කාර රුස්කිරිම සිදුකරනවා. මේ ආකාරයෙන්
අවිද්‍යාව සංස්කාර සඳහා හේතු වනවා.



1 අදහස් හා විමසීමි:
අනේක වාරයක් පින්! ඒ සියලු පින් උතුම් නිවන පිණිසම වේවා!!!
පිරිත් පිලිබඳව ඇති දැනීම ඉතාම අල්පයි. ඉදිරියේදී පිරිත් පිළිබඳව ලිපි පෙලක් ඉතිරිපත් කරනවානම් ඉතා අගයමි.
Post a Comment