ශාස්වත වාද හා උචිඡේද වාද (20 කොටස)

ශාස්වත වාද සතර
යමි අයෙක් ධ්‍යාන භාවනා වඩා පුබිබේ නිවාසානුස්සති ඥානය උපදවා අතීත ආත්මභාව සිය දහස් ගණන් දැකිය හැකි වූ ඥානයක් ලබයි. ඔහු පෙර ආත්මභාවයෙන් මේ ආත්ම භාවයට රූපයක් හෝ වෙන යමි ධර්මයක් පැමිනෙන්නේ යැයි කියා නොමඟ යයි. එවන් ඔහු එසේ පැමිනෙන ධර්මය ආත්ම වශයෙනුත් ලෝකය වශයෙනුත් සිතනවා. එසේම ඒ සිතුවිල්ල මත පිහිටා ආත්මයත් ලෝකයත් සදාකාලිකව පවතියි යැයි යන මිත්‍යා දෘෂ්ටිය  ප්‍රකාශ කරනවා.

තවත් අයෙක් කලින් ආකාරයෙන්ම ධ්‍යාන වඩා අවම කල්පයක්ද උපරිම කල්ප 10 ක්ද අතිත ආත්මභාවයන් දැක ඉහත දෘෂ්ටියම ප්‍රකාශ කරනවා.

තවත් අයෙක් ඉහත පරිදිම ධ්‍යාන ලබා අවම කල්ප 10 ක්ද උපරිම කල්ප 40 ක්ද දැක ඉහත දෘෂ්ටියම ප්‍රකාශ කරනවා.

තවත් අයෙක් ඒ බදු ඥානයක් හෝ නොමැතිව තර්ක කිරිමෙන් හා විමංසනය කිරිමෙන් ම පමණක් ඉහත මතයම ප්‍රකාශ කරනවා

ඒ අනුව කලින් කියු කරුණ ඔබට අවභෝධ වුවා නමි. ඔවුන් ප්‍රකාශ කරනුයේ, සදාකාලික පවතින්නා වූ ආත්මයක් සිටිමින් තමාම සියල්ල කරමින් තමාම විපාක විදිමින් සදාකාලිකව පවතින්නේය යන්නයි.

උචිඡේද දෘෂ්ටිය මඟින් ප්‍රකාශ කරනුයේ අයෙක් කරයි, වෙනත් අයෙක් විපාක විදියි යන කරුණයි. මේ ආකාරයෙන් ගත් විට කල තැනැත්තා මරණයෙන් සිඳී යයි. තව අයෙක් විපාක විදියි. කියා ඔවුන් උචිඡේද දෘෂ්ටියට පත් වීම සිදුවනවා. දැන් ඒ උචිචේඡ දෘෂ්ටි 07 ත් සලකා බලමු

උචිඡේද වාද සත
මේ ආත්මය මරණින් පසු නැතිවි යයි. පුනර්භවයක් නැත. කියා අයෙක් ප්‍රකාශ කරනවා. එය පළමුවන වාදයයි.

මේ ආත්මභාවය දෙවි ලොව ගොස් කබලිංකාර ආහාර වලඳමින් සිට, වෙනත් දිව්‍ය ආත්ම භාවයක් ලබා එහි සිට මරණයට පත්ව එයින්ම නිමාවට පත්වේ යැයි යන්න දෙවැනි වාදයයි.

ඉහත ආකාරයෙන්ම දිව්‍ය ආත්ම භාවයක් ලැබුව ද එයින් නිමාවට පත් නොවි නැවත සියළුම ඉන්ද්‍රියන් සහිත මනොමය ආත්මයක්ව සිට එයින් බිඳි නිමාවට පත්වීම සිදුවනවා යන්න 03 වෙනි වාදයයි.

ඒ අනුව 04, 05, 06, 07 වාද වලින් පිළිවලින් කියා සිටින්නේ මේ ආත්මය මෙයින් සිදී ආකාසානාඤ්වායතනයට පැමිණ, විඤ්ඤානඤ්වායතනයට පැමිණ, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ එයින් බිඳි අවසන් වන බවයි.

ඔබ අනිත් ධර්මයන් පිළිබඳව ද අධ්‍යනයකොට ඇති බව පැවසු නිසා, අදත් මෙම සියළු වාද ප්‍රකාශ කරනා ධර්මයන් ඇති බව දතයුතු වනවා.

  මින් පෙර සලකා බැලූ අචේලකාශ්‍යප සුත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනාකර ඇත්තේ උන්වහන්සේ උචිඡේද දෘෂ්ටියත් නොගෙන ශාස්වත දෘෂ්ටියත් නොගෙන මධ්‍යයෙන් ධර්මය දේශනා කරන බවයි. ඒ අනුව බුද්ධ දේශනය අනිත් දෘෂ්‍ටීන්ට නොවැටෙන බවක් එහි දේශනා කර නොතිබීම මට ගැටළු සහගත තත්වයක්ව පවතිනවා.

ඉතාමත් හොඳ ප්‍රශ්නයක්මෙහි දී අප සලකා බලන්නට යෙදුනේ මෙම වාදයන් පිළිබඳව බුදු රජාණන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන එක සුත්‍ර දේශනාවක් පමණි. අනිත් දෘෂ්ටීන්ටත් නොවැටෙන බව ප්‍රකාශිතවම සඳහන් කරමින් දේශිත සුත්‍රයන් විශාල ප්‍රමාණයක් ත්‍රිපිටකයේ අන්තර්ගතව පවතිනවා. කලින් කියු බ්‍රහ්ම ජාල සුත්‍රය ද එබදු එක් සූත්‍රයක් ලෙස දැක්වීමට හැක.

මේ වන විට මතෘකාවෙන් බොහෝ දුර පැමිණි නිසා අවිද්‍යාව නිසා සංස්කාර හටගනියි. යන්න පිළිබඳව දැන ගැනිමට මා කැමැත්තෙන් පසු වනවා.

සත්‍ය වශයෙන්ම  මෙතෙක් මාතෘකාවෙන් දුර පැමිණියේම නැති තරමි. ඔබට කලින් පහදා දුන් ධර්ම කරුණු මෙතැන් සිට ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන්නා වූ ධර්ම කාරණා පැහැදිලි ලෙස අවබෝධ වීම සඳහා අතිශය වැදගත් වනවා.  ඒ අනුව "අවිද්‍යාව නිසා සංස්කාර වේ" යන්න සලකා බැලීමේ දී පටිචිච සමුප්පාද අංග 12 පිළිබඳව දැන ගනිමින් ම මේ කරුණු පහදා ගනිමු. ඔබ බුදු දහමට ආදුනිකයෙකු හෙයින් ඉතාමත් විස්තරාත්මක නොවන පරිදිත්, සරලව නමුත් ප්‍රමාණවත් ආකාරයෙන්  මේ පටිචිච සමුප්පාද අංග 12 ත්, ඒ ඒක් එක් අංගයක්  අනිකට හේතුවක් වන ආකාරයත් මෙහි දී පහදා ගනිමු. මේ සඳහා උපකාර කර ගන්නේ සංයුක්ත නිකායේ, අභිසමය සංයුක්තයේ, බුද්ධ වග්ගයේ, විභංග සුත්‍රයයි.

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...