නාමස්කන්ධය අරමුණු හා ෂඩායතන (08 කොටස)

එසේනමි වේදනා දී ස්කන්ධ සතර පිළිබඳ අවධානය යොමු කර සිටිමු. පළමුව වේදනා ස්කන්ධය සලකා බැලූවහොත්, සාමාන්‍ය ව්‍යවහාරයේ ඔබ වේදනා වශයෙන් හදුන්වන්නේ මොනවාද?

මට ඇතිවන සතුට, දුක, සතුටක් ද නොසතුටක් ද නැති බව වැනි මානසික තත්වයන් හා කායිකව දැනෙන දුක්, රිදීමි, තැලීමි, හිරි වැටිමි, කිති කැවීමි ආදිය වේදනා වශයෙන් සැලකීමට හැකි බව මාගේ නිගමනයයි.

මෙම පැනයට ඔබ ලබා දුන් පිළිතුරු මා කායික හෝ මානසික වශයෙන් ඇති වන, සැප සහගත වේදනා, දුඃඛ සහගත වේදනා හා සැපක් නොවන්නාවූත් දුකක් නොවන්නාවු මැදහත් වේදනා වශයෙන් පොදු වර්ගීකරණයකට ලක් කල හොත් එය නිවැරදි දැයි බලන්න. ඒ අනුව ඔබට වේදනා ඇති වන්නේ කෙසේද යන කරුණ  මෙහි දී සලකලා බැලීය යුතු වනවා. මේ කියූ පරිදි ඔබට අත්විඳීමට සිදුවන වේදනා ඇති වීමට හේතු වන්නේ කිනමි කරුණක් ද යන්න ඔබෙන් ඇසුව හොත් ඔබට එක වරම පිළිතුරක් නැති විය හැක. එසේනමි ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශ කලහොත් ඔබ එකඟ වන්නේ දැයි බලන්න.

ඔබට දෑසක් තිබෙන අතර එයින් ඔබ රූප දකිනවා. එසේම ඔබගේ දෙකණ් ආධාර කර ගනිමින් ඔබ යමි යමි ශබිද හා නාදයන් අසනවා. එසේම ඔබේ නාසය මඟින් ඔබ ගඳ-සුවඳ විඳිම සිදුවනවා. ඔබේ දිව ආධාරයෙන්  රස දැන ගැනීම සිදුවනවා. මේ ආකාරයෙන්ම උශ්ණත්වය, සිසිලස, රිදීම, වැනි ස්පර්ශයන් දැන ගැනීමට ඔබට ශරීරයක් පවතිනවා. මෙසේ මෙම ශරීරාංගයන් ගෙන් ඇතිකර දෙන්නා වූ සන්වේදන ආධාරයෙන්  විවිධ දෑ පිළිබඳ විවිධ සැප සහගත වූත් දුක්ගෙන දෙන්නාවූත්, මැදිහත් වූත් සිතුවිලි ඇතිකර ගැනීමට ඔබට මනසක් තිබෙනවා. මේ ආකාරයෙන්ම ඔබට බාහිර ලෝකයේ ඇති හෝ බාහිර ලෝකයේ නැති හෝ ඔබේ ශරිරය තුල ඇති හෝ ඔබේ ශරිරයෙන් පිටස්තර වූ හෝ යමිකිසි කරුණක් සමිබන්ධව දැනීමක් ඇතිකර ගැනීමට ඇති සන්නිවේදන මධ්‍යාස්ථාන වශයෙන් මෙම ඇස්, කන්, නාසය, දිව, ශරීරය, මනස යන කොටස් 06 හදුන්වා දීමට හැක. මෙම සන්නිවේදන මධ්‍යාස්ථාන යන්න බුදු දහම විස්තර කරනු ලබන්නේ ආයතන යන වදන භාවිතයෙන්. ඒ අනුව මෙකී සන්නිවේදන මධ්‍යස්ථාන 06 හැදින්වීම සඳහා ෂඩායතනය යන වදන භාවිතා කරනු ලබනවා. ඒ අනුව මෙම ආයතන 06 පැවතුන ද එම අයතනයන්ට ක්‍රියාත්මක වී ඔබට සන්වේදනයක් ලබා දීමට හැකිවනුයේ ඒවායේ ක්‍රියා කාරීත්වය ඇතිකරවීමට සමත් බාහිර උත්තේජනයක් පැවතුනහොත් පමණි. මෙම භාහිරෙන් ඇති වන උත්තේජනය  බුදු දහමින් හදුන්වාදෙනු ලබන්නේ අරමුණ යන වදන භාවිතා කරමින්. ඔබ ප්‍රකාශ කල සැප, දුක්, මැදහත් ආදී වේදනාවන් ජනිත වනුයේ මෙම ආයතන හා අරමුණු ගැටීම හේතුවෙනි.

බැලූ බැල්මට තරමක් ගැඹුරු කරුණක් බව පෙනී යන බැවින් මෙහි දී ඔබ සඳහන් කරන්නට යෙදුන ෂඩායතනයන් හා අරමුණු සමිබන්ධවත් ඒවායේ ක්‍රියාකාරීත්වය සමිබන්ධවත් මෙයට වඩා පුළුල් අවභෝධයක් ලබා දීමට හැකි නමි, මා එය ඉතා අගය කර සිටිනවා. 
එසේනමි ආයතන හා අරමුණු පිළිබඳව වැඩිදුරටත් සලකා බලමු. ඔබගේ ඇස ඇති පමණින්ම ඔබට රූප දැකීමේ හැකියාවක් පවතිනවාද? මිනිසෙකුගෙන් ගලවා ගන්නා ලද ඇසක් ඔබ ඉදිරියේ ඇති නමි එම ඇසත් ඔබගේ ශරිරයේ ඇති ඇසත් අතර වෙනසක් නැති බැවි ඔබට මහා භූත රූප පිළිබඳව කලින් ඇතිකරගත් දැණුම මත අවභෝධ විය යුතුය. එසේ නමි මෙම ඇස යනුවෙන් හදුන්වන රූප කොටසින්, වෙනත් රූපයක් දැක හදුනා ගැනීම සඳහා උපකාරී වන වෙනත් යමි  ව්‍යුහයක් ඇස හා සමිබන්ධව පැවතිය යුතු වනවා. මෙසේ ඇසින් රූප දැක එය හදුනා ගැනීමට උපකාරී වන එම කොටස චක්ඛුප්‍රාසාදය වශයෙන් හදුන්වනු ලබන අතර මෙම ඇසත් චක්ඛු ප්‍රාසාදයත් යන දෙක එක්ව ගත් විට චක්ඛායතනය වශයෙන් හදුන්වනු ලබනවා. මෙය වෙනත් අයුරකින් ඇස හා ඇසින් රූප පිළිබඳව දැනීම ඇතිකර දෙන කොටස වශයෙනුත් හැදින්වීමට හැක. මේ ආකාරයෙන්ම කණත්, සෝථප්‍රාසාදයත් එක්ව ගත්විට සෝථායතනය වශයෙන්ද, නාසයත්, ඝාණාප්‍රාසාදයත් එක්ව ගත්විට ගාණායතනය වශයෙන්ද, දිවත් ජිවිහාප්‍රාසාදයත් එක්ව ගත්විට ජිවිහායතනය වශයෙන්ද, කයත්, කායප්‍රාසාදයත් ‍ එක්වගත් විට කායායතනය වශයෙන්ද, මනසත්, විඤ්ඤාණයත් එක්ව ගත්විට මනායතනය වශයෙන්ද හදුන්වනු ලබනවා.

මෙසේ චක්ඛායතනය ඇති විට එයින් රූප පිළිබඳව දැනීමක් ඇතිකර දීම සිදුවනු නමුත්  ඇසින් ශබිද ඇසීමේ හැකියාවක් නැත. මේ නිසා ඇස ක්‍රියාත්මක වී දැනීමක් ඇතිකර දීමට හැකිවනුයේ රූප ඇති අවස්ථාවක දී පමණි. එයට හේතුව වන්නේ චක්ඛායතනයේ අරමුණ රූපය වීමයි. මේ ආකාරයෙන්ම සෝතායතනය ගත් විට එයට අරමුණ වන්නේ ශබිදයයි. අපිට කණේ උපකාරයෙන් රූප බැලීමට හෝ ගඳ සුවඳ දැන ගැනීමේ හැකියාවක් නැත. මේ අනුව සෝතායතනයේ අරමුණ වන්නේ ශබිධයයි. මෙසේම ඝාණායතනයයේ අරමුණ ලෙස ගන්ධය ද, ජිවිහායතනයේ අරමුණ ලෙස රසය ද,  කායායතනයේ  අරමුණ ලෙස ස්පර්ශය නැතහොත් ඵොටිඨබිබය ද, මනායතනයේ  අරමුණ ලෙස සිතුවිලි නැතහොත් ධමිම ද යන මේවා අරමුණු වශයෙන් හදුන්වනු ලබනවා. මේවන විට ආයතන හා ඒවායේ අරමුණු පිළිබඳව දැනීමක් ඇති හෙයින් මෙම ආයතන හා අරමුණු එක්ව ක්‍රියාත්මක වන ආකාරය සලකා බලමු.

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...