ආනන්දය,
චෛත්‍යයයට සුදුසුවූ පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්, අර්හත් සම්‍යක් සම්බුඞවූ තථාගත තෙම, පසේබුදු රජතෙම, සර්වඥ ශ්‍රාවක තෙම, සක්විතිරජ තෙම චෛත්‍යයයට සුදුසු වන්නෝය.
"ආනන්දය,
කවර නම් කරුණක් නිසා අර්හත් සම්‍යක් සම්බුඞවූ තථාගතයානන් චෛත්‍යයයට සුදුසු වන්නේදැයි යතහොත් "මේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුඞ සර්වඥයන් වහන්සේගේ චෛත්‍යයයයි" කියා, ආනන්දය,
බොහෝ ජනයෝ සිත්පහදවත්. ඔව්හු ඒ චෛත්‍යය කෙරෙහි සිත් පහදවාගෙන ශරීර විනාශවී මරණින් මත්තෙහි සැපයෙන් යුත් ස්වර්ග ලෝකයෙහි උපදනාහුය.
"ආනන්දය,
පසේ බුදුරජතෙම හා තථාගත ශ්‍රාවකතෙම චක්‍රවර්ති රජතෙම චෛත්‍යයයට සුදුසු වන්නේත් එසේමය.
එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම විහාරයට ඇතුල්වී දොර අගුල් කණුවෙහි එල්ලීගෙන "මම ඒකාන්තයෙන් කටයුතු සහිතවූ ශෛක්ෂ පුද්ගලයෙක් වීමි. මට අවවාද කරන්නාවූ මාගේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පාන්නෝයි" කියමින් හඩ හඩා උන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් කැඳවා "ආනන්දයන් කැඳවාගෙන එවයි" කීවෝය. ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම පැමිණ, භාග්‍යවතුන් වහන්සේට හොදින් වැඳ එක්පැත්තක උන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවෝය.
"ආනන්දය,
නොහඩව, ශෝක නොකරව. ආනන්දය,
සියලුම ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව තොරවන බව අන් බවකට පැමිණෙන බව මා විසින් පළමු කොටම කියන ලද්දේ නොවේද, ආනන්දය ඒ කාරණය දැන් මෙතැන්හි කොයින් ලැබේද? යම් දෙයක් හටගත්තේද, පහළ වූයේද, ප්‍රත්‍යයන් එක්ව කරණ ලද්දේද,
විනාශවන ස්වභාව ඇත්තේද, එය තථාගත ශරීරය වුවත් විනාශ නොවේවායි සිතුවත් ඒසේවීමට හේතුවක් කරුණක් නැත්තේය.
"ආනන්දය, ඔබ විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ඉදිරිපිටය නොඉදිරිපිටය කියා වෙනසක් නැතිව හිතවත්වම සතුටින්ම මෛත්‍රියෙන් යුක්තව අප්‍රමාණවූ කායික කටයුතු වලින්ද,
වචනයෙන්ද, අප්‍රමාණවූ මනෝකර්මවලින්ද, තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලදි. ආනන්දය, ඔබ කරන ලද බොහෝ පින් ඇත්තාහුය. උත්සාහ කරව වහා රහත්බවට පැමිණෙන්නෙහියයි" කීවෝය.
එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ට අඞගා මෙසේ කීවෝය. "ඉකුත්ව ගියාවූ දීර්වූ අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහුද, ඒ භාග්යවතුන් වහන්සේලාගේ උපස්ථායකයෝද මට ආනන්දයන් මෙනි. මහණෙනි මතු වන්නාවූ දීර්වූ අනාගත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් උපදින්නාහු වෙත්ද, ඒ භාග්යවතුන් වහන්සේලාගේ උපස්ථායකයෝද මට ආනන්දයන් මෙනි. ආනන්ද පණ්ඩිතය, ප්‍රඥාවන්තය. තථාගතයන් වහන්සේ දැක්වීමට භික්ෂූන්ගේ පැමිණීමට, භික්ෂුණීහුගේ පැමිණීමට, උපාසකයගේ පැමිණීමට, උපාසිකාවන්ගේ පැමිණීමට, රජදරුවන්ගේද රාජ මහාමාත්‍යාදීන්ගේ පැමිණීමට, තීර්ථකයන්ගේ පැමිණීමට මේ කල් වන්නේයයි කියා දන්නේය."
ආනන්ද ථෙර කෙරෙහි වූ ආශ්චර්‍ය අද්භූත කරුණු සතර
ආනන්දයන් කෙරෙහි ආශ්චර්‍ය අද්භූත කරුණු සතරක් ඇත්තේය. කවර සතරක්ද යත්? ඉදින් භික්ෂු පිරිස භික්ෂුණී පිරිස උපාසක පිරිස උපාසිකා පිරිසද ආනන්දයන් දක්නා පිණිස පැමිණෙයිද, ඒ භික්ෂු පිරිස ආනන්දයන් දැකීමෙන් සතුටූවන්නීය. ඉදින් ඒ භික්ෂු පිරිසෙහි ආනන්ද කථා කරයිද කථාවෙන්ද ඒ පිරිස සතුටුවන්නීය."
"චක්‍රවර්ති රජ කෙරෙහි මේ පුදුම කරුණු සතර ඇත්තාහුය. ක්ෂත්‍රිය පිරිසද, බ්‍රාහ්මණ පිරිසද, ගෘහපති පිරිසද, ශ්‍රමණ පිරිසද සක්විති රජුන් දැකීම පිණිස පැමිණෙද,
සක්විති රජුන් දැකීමෙන් ඒ පිරිස සතුටුවන්නීය. ඒ පිරිසෙහි සක්විති රජ කථාකරයිද කථාවෙන්ද ඒ පිරිස සතුටුවන්නීය. ඒ පිරිසට කථාව අසා ඇතිවීමක් නැති කල්හිම සක්විති රජ නිශ්ශබ්ද වන්නේය."
මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවේය. "ස්වාමිනි,
භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ විසම නගරයක්වූ ශාඛා නගරයක්වූ මේ කුසිනාරානුවරදී පිරිනිවන්පෑම නොකරත්වා. ස්වාමින් වහන්ස, මෙයින් අන්යවූ මහා නුවරවල් ඇත්තාහුය. ඒ කවරක්ද? චම්පා නුවරය, රජගහ නුවරය, සැවැත් නුවරය, සාකෙත නම් නුවරය, කොසඹෑ නම් නුවරය, බරණැස් නුවරය. මේ නුවරවල් අතුරෙන් යම්කිසි නුවරක්හිදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑම කරත්වා. ඒ නගරයන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදිණාවූ මහත් ධන ඇති බොහෝවූ ක්ෂත්‍රියෝද, බොහෝවූ බ්‍රාහ්මණයෝද, බොහෝවූ ගෘහපතීහුද ඇත්තාහ. ඔවුහු තථාගතයන් වහන්සේගේ ශරීරයට පූජා කරන්නාහුයයි" දැනුම් දුන්නේය.
"මේ
නුවර කුඩා නුවරෙක, විසම නුවරෙක, ශාඛා නුවරෙකැයි", ආනන්ද එසේ නොකියව.
ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නුවරයයි, මෙසේ නොකියව. ආනන්දය, පෙර එක් කාලයක අහිෂේක ලැබුවාවූ, කෂත්‍රීය වංශයෙහි උපන්නාවූ,
ආයුධ නොගෙන සතුරන්
ජයගත්තාවූ
ජනපදයන්හි
ස්ථිර
බවට
පැමිණියාවූ, මහා සුදර්ශන නමි රජෙක් විය. ඔහුට මේ කුසිනාරා නුවර කුසාවතී නමින් රාජධානි වීය. ඒ නගරය වනාහි නැගෙනහිරින්ද, බටහිරින්ද, දිගින් දොළොස් යොදුන් විය. උතුරු දිගින්ද දකණු දිගින්ද පළලින් සත් යොදුන් විය. ආනන්දය, කුසාවතී රාජධානිය සියලු සමිපත්තියෙන් සමෘද්ධ විය. සියල්ලෙන් සමිපුර්ණ විය. බොහෝ ජනයා ඇත්තී විය. මනුෂ්යයන්ගෙන් ගැවසී ගත්තීවිය. කෑමිබීමි ආදියෙන්ද ඉතා සුලභ විය. ආනන්දය, යමිසේ දෙවියන්ගේ ආළකමන්දා නමි රාජධානිය සියලු සමිපත්තියෙන් සමෘද්ධද සමිපූර්ණද එමෙන්ම කුසාවතී රාජධානිය සියලු සමිපත්තියෙන් සමෘද්ධ විය. සමිපූර්ණද විය.
ආනන්දය, මහාසුදර්ශන රජ රත්න හතකින්ද සෘද්ධි සතරකින්ද සමන්විත වූයේය. ආනන්දය, ඒ පුණුපෝය දිනයෙහි ස්නානය කොට අටසිල් සමාදන්ව උඩුමහල් තලයට පැමිණ සිටි සුදර්ශන මහා රජුට දැති දහසයකින් යුක්තවූ නිමි වළලු සහිත වුනැබ මඩුලු බොස් ගෙඩිය සහිතවූ සියලු ආකාරයෙන් සමිපූර්ණවූ දිව්යය චක්‍ර රත්නය පහළ වූයේය. ඒ දැක මහා සුදර්ශන රජුට මෙවැනි අදහසක් ඇතිවිය. දිව්යමයවූ චක්‍ර රත්නයක් පහළවූ බැවින් ඔහු සක්විති රජ වෙමිදෝයි යනුවෙනි.
ආනන්දය, ඉක්බිති මහා සුදර්ශන රජ උන් ආසනයෙන් නැගිට සලුවක් ඒකාන්ශ කොට පොරවා වමි අතින් රන් කෙන්ඩිය ගෙන -පින්වත් චක්‍රරත්නය, මාගේ අණසක පවත්වාවා පින්වත් චක්‍රරත්නය සතර මහත් දිවයින ජයගෙන දේවායි කියමින් දකුණු අතින් පැන් ඉස්සේය. ආනන්දය, එවිට ඒ චක්‍ර රත්නය මහා සුදර්ශන රජ සහ සිවුරිග සෙනග කැටුවම පෙරදිගට ගමන්ගති. ආනන්දය, යමි පෙදෙසක චක්‍ර රත්නය පිහිටියේද එහි සුදර්ශන රජ සිවුරඟ සෙනග සමග වාසයට පැමිණියේය.
ආනන්දය, නැගෙනහිර දිසාවෙහි යමි විරුද්ධ රජ කෙනෙක් වූවාහුද ඔවූහු මහා සුදර්ශන රජු වෙතට පැමිණ මෙසේ දැන්වූහ. “මහ
රජ්ජුරුවන් වහන්ස, එනු මැනව. ඔබගේ ගමන ඉතා යහපත් වෙමය. මේ මහද්වීපය
ඔබ සන්තකය,
අපට
අනුශාසනා
කළ
මැනවයි යනුවෙනි.” මහාසුදර්ශන රජ ඔවුන්ට මෙසේ අනුශාසනා කළහ. සතුන් නොමැරිය යුතුය. නොදුන් දෙය සොර සිතින් නොගත යුතුය. සොරකමි නොකල යුතුය කාමයන්හි වරදවා නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. සුරා පානය නොකල යුතුය. තොප අනුහව කල අයබදුම අනුහව කරවි යැයි ඒ ඒ රජවරුන්ටම ඒ ඒ රටවල් පාවා දෙයි. ආනන්දය, නැගෙනහිර දිශාවෙහි යමි විරුද්ධ රජ කෙනෙක් ඇද්ද ඔවූහු මහා සුදර්ශන රජුට අනුව පැවැත්තාහුය.යටත්වූහ.
ආනන්දය. ඉක්බිති ඒ චක්‍ර රත්නය පෙරදිග සමුද්‍රයට බැසගෙන එයින් නැගී මහා සුදර්ශන රජ සහ සිවුරඟ සෙනග කැටුවම දකුණු දිශාවට පෙරදිග ගමන විය. බස්නාහිර
ගිය
ගමනද
උතුරට
ගිය
ගමනද
එසේම
විය.
ආනන්දය, ඉක්බිති ඒ චක්‍ර රත්නය මුහුද කෙළවර කොට ඇති මුඵ පොළව ජය ගෙන කුසාවතී රාජධානියට ආපසු ඇවිත් මහා සුදර්ශන රජුගේ ඇතුඵ නුවර වාසල් දොර නඩු ශාලාව ඉදිරියෙහි, රජුගේ ඇතුඵ නුවර අන්තංපුරය
වැඩියක් හොබවමින්
රථ
අලවන්ගුවෙ ඇතුළත් කරන ලද්දක් මෙන් සිටියේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු ආනුහාව ඇති චක්‍රරත්නය පහළ වූයේය.
ආනන්දය, නැවතද සර්වාන්ගයම සූදුවූ ස්ථාන හතකින් පොළව ස්පර්ශ කරන්නාවූ, සෘද්ධි ඇත්තාවූ අහසින් යන්නාවූ, උපොසථ නමි හස්ති රාජ රත්නයක් පහළවූයේය. ඒ දැක මහාසුදර්ශන රජුගේ සිත පැහැදුනේය. පින්වත්නි, ඒකාන්තයෙන් හස්තියානය ඉදින් හික්මීමට පැමිණෙනමි ඉතා යහපතැයි කියායි, ආනන්දය එවිට ඒ හස්ති රත්නය ඉතා බොහෝ කලක් යහපත්ව දමනය කරන ලද උතුමි අජානීය හස්ති රාජයෙක් යමිසේද එමෙන්ම දමනයට පැමිණ ඉතා හොදින් හික්මුනේය.
ආනන්දය, පෙරවූ දෙයක් කියමි. ඒ මහා සුදර්ශන රජ හස්ති රත්නය විමසන්නේ උදේ කාලයෙහි හස්ති යානාවට නැගී මුහුද කෙළවර කොට ඇති මුඵ පොළවට අනුශාසනා කොට කුසාවතී රාජධානියට ආපසු ඇවිත් උදේ ආහාරය නිමවූයේය. ආනන්දය, මහාසුදර්ශන රජහට මෙබදු හස්ති රත්නයක් පහළ වූයේය.
නැවතද ආනන්දය, මහාසුදර්ශන රජහට, මුඵ ශරීරිය සූදුවූ කාක ශීර්ෂ වූ කවුඩෙකුගේ හිසට සමාන හිසක් ඇති දකුණට කැරකුන කෙශ කලාපයක් ඇති සෘද්ධිමත්වූ අහසින් යන්නාවූ වලාහක අශ්වරාජවූ අශ්ව රත්නයක් පහළ වූයේය. ආනන්දය, පෙරවූ දෙයක් කියමි. මහා සුදර්ශන රජ ඒ අශ්ව රත්නය විමසනුයේ උදය කාලයෙහි අසු පිටට නැගී සමුද්‍රය කෙළවර කොට ඇති මුඵ පොළවෙහි ඇවිද කුසාවති රාජධානියට ආපසු ඇවිත් පෙරවරු ආහාරය නිමවූයේය. ආනන්දය, මහා
සුදර්ශන රජහට
මෙබදු
අශ්ව
රත්නයක්
පහළ
වූයේය.
තවද අනිකක් නමි, ආනන්දය, ඒ මහා සුදර්ශන රජහට මාණික්‍ය රත්නයක් පහළ වූයේය. ඒ මාණික්‍ය රත්නයේ ආලෝකය හාත්පසින් යොදුනක් තැන පැතිර සිටියේය. ආනන්දය, පෙරවූ දෙයක් නමි මහා සුදර්ශන රජ ඒ මිණි රුවන විමසනුයේ සිවිරිඟ සේනාව සරසා ඒ මාණික්‍ය රත්නය කොඩියෙහි අගට නංවා ඇස් අදුරු කරන තද කළුවර රාත්‍රියෙහි නුවර
සැරිසරයි, ආනන්දය,
ඒ
කුසාවති
නගරය
අවට
ගමි
වාසීහු
මාණික්යයේ
ආලෝකයෙන්
දවාලයයි
සිතා
කර්මාන්ත
ආරමිහ
කළහ. මහාසුදර්ශන
රජහට
මෙබදු
මාණික්‍ය
රත්නයක්
පහළ
වූයේය.
නැවතද අනිකක් නමි, ආනන්දය, මහා සුදර්ශන රජහට ස්ත්‍රී රත්නයක්
පහළවූයේය. ඕ තොමෝ මනා රූ ඇත්තීය. දැකුමිකට යුත්තීය. උතුමිවූ වර්ණ සෞන්දර්යයයෙන් යුක්ත වූවාය. ඉතා උස්ද නොවීය. ඉතා මිටිද නොවිය. ඉතා කෙටිටුද නොවීය. ඉතා මහත්ද නොවීය. ඉතා කළුද, ඉතා සුදුද නොවීය, මිනිස්
වරණය ඉක්මුණාවූ
දිව්යය
වර්ණයට
නොපැමිණියාවූ දෙවඟනක් සමාන ස්ත්‍රීක්
වූවාය. ආනන්දය, ඒ ස්ත්‍රීරත්නයාගේ
මෙබඳුවූ
ශරීර
ස්පර්ශයක්
වෙයි.
ඉඹුල්
පුඵන්
වල
හෝ
කපු
පුඵන්
වල
යමිබක්ඳු ස්පර්ශයක් ඇද්ද, එබඳු ස්පර්ශයක් ඇත්තීය, ආනන්දය, ශීත කාලයේ ඒ ස්ත්‍රීරත්නයගේ
ශරීරය
උනුසුමි
වෙයි,
උණුසුමි
කාලයේදී
සීතවෙයි. ආනන්දය, ඒ ස්ත්‍රීරත්නයගේ
ශරීරයෙන්
සඳුන්
සුවඳ
විහිදෙයි,
කටින්
මහනෙල්
මල්
සුවඳ
විහිදෙයි,
ආනන්දය,
ඒ
ස්ත්‍රීරත්නය වනාහි මහා සුදර්ශන රජුට පළමු කොටම නැගිටින්නියක් වූවාය. පසුව සැතපෙන්නීය, දාසියක් මෙන් හැසිරෙන්නීය, ප්‍රියමනාපව
හැසිරෙන්නීය, ප්‍රිය වචන කියන්නීය, ආනන්දය, ඒ ස්ත්‍රීරත්නය
වනාහි
මහා
සුදර්ශන
රජු
ඉක්මවා
සිතින්වත්
නොහැසිරෙන්නීය. ශරීරයෙන් කියනුම කවරෙද ආනන්දය මහා සුදර්ශන රජුට මෙබක්ඳුවූ ස්ත්‍රීරත්නයක්
පහළ
වූයේය.
නැවතද අනිකක් නමි, මහා සුදර්ශන රජහට ගෘහපති රත්නයක් පහළ වූයේය. ඒ ගෘහපති රත්නයට කුශල විපාකයෙන් දිවැස් පහළ විය. ඒ ගෘහපති රත්නය මහා සුදර්ශන රජු වෙත පැමිණ මෙසේ කීවෙය. දේවයන් වහන්ස, උත්සහ නොකල මැනව, මම ඔබ වහන්සේගේ ධනයෙන් වුවමනා කටයුතු කරන්නෙමියි
ධනයෙන් පැවරීය.
නැවතද අනිකක් නමි ආනන්දය, මහා සුදර්ශන රජුට පරිනායක රත්නයක් පහළ වූයේය. ඔහු පණ්ඩිත
වූයේය. කීමෙහි, බිණිමෙහි දක්ෂ වූයේය. ඥාණවන්ත වූයේය. මහා සුදර්ශන රජු වෙතට පැමිණ විය යුත්තන් පැමිණ වීමටද, නොපැමිණවියයුත්තන් නොපැමිණවීමටද, සමර්ථ වූයේය. ඔහු මහා සුදර්ශන රජු වෙත පැමිණ, දේවයන් වහන්ස ඔබ වහන්සේ වෙහෙස නොවනු මැනව. මම අනුශාසනා කරන්නෙමි, කීය.
ආනන්දය, මහා
සුදර්ශන
රජුට
මෙබඳු
පරිනායක
රත්නයක්
පහළ
වූයේය. ආනන්දය, මහා සුදර්ශන රජු මේ සත් ආකාර රත්නයෙන් යුක්ත වූයේය.
ආනන්දය, නැවතද අනිකක් නමි, මහා සුදර්ශන රජ සතර සෘද්ධියකින් යුක්ත වූයේය. මහා සුදර්ශන රජ අන්‍ය මනුෂ්යයන්ට වඩා අතිශයින් මනාවූ රූප ශෝහා ඇති දැකීමට ප්‍රියවූ
සතුට
ගෙන
දෙන්නාවූ
උතුමි
වර්ණ
සමිපත්තියෙන්
යුක්ත
විය.
සෙසු මනුෂ්යයන්ට වඩා බොහෝ කල් ජීවත් වන්නෙක් විය. අන්‍ය මනුෂ්යයන්ට වඩා ආබාධ අඩු කෙනෙක් විය. තවද, ආනන්දය, සක් දෙවි මහා සුදර්ශන රජුගේ සිතිවිල්ල තමාගේ සිතින් දැන විස්වකර්ම දිව්‍ය පුත්‍රයාට
කථා
කර
මහා
සුදර්ශන
රජුට
විසීමට
“ධමිම” නමි ප්‍රසාදයක්
මවවයි,
කීය. විස්වකර්ම
දිව්‍ය
පුත්‍ර තෙමේ “ධර්ම” නමිවූ
ප්‍රාසාදයක් මැවූයේය.
ආනන්දය, ඊට පසුව මහා සුදර්ශන රජහට මෙබදු අදහසක් ඇතිවිය. එනමි යමි හෙයකින් මම දැන් මහත් සෘද්ධි ඇත්තේ මහත් ආනුහාව ඇත්තේ වෙමිද, මාගේ මේ සමිපත්තිය කිනමි කුසලකර්මයක්හුගේ
ඵලයක්ද, කවර
කර්මයෙක්හුගේ
විපාකයෙක්ද කියායි. ඉක්බිති රජහට මෙබඳු අදහසක් ඇතිවිය, මාගේ මේ සමිපත්තිය ත්‍රිවිධ
කුශල
කර්මයාගේ
ඵලය
වෙයි. ත්‍රිවිධ කර්මයන්ගේ විපාකය වෙයි. ඒ කවරෙද යත්, දානයේද, උපෝසථ සීලයේද, කය හා වචනය සංවර කිරීමේද, යන ත්‍රිවිධ
කුසල
කර්මයේ
ඵල
විපාකය
යනුයි,
තවද ආනන්දය, ඒ මහා සුදර්ශන රජ තෙම කූටාගාරයෙහි
දොරටුව
ළිඟ
සිට
ප්‍රීති වාක්යයක් කීයේය. කාම සිතිවිලි සිටුව, ක්‍රෝධ සිතිවිලි සිටුව. කාම සිතිවිලි ක්‍රෝධ සිතිවිලි මෙපමණකින් සිටීවා, හින්සා සිතිවලි මෙපමණකින් සිටීවා, මෙපමණකින් සිටීවා කියායී.
තවද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම කුටාගාරයෙහි රනින් කළ ආසනයෙහි හුන්නේ කාම තෘෂ්ණාවෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම, ප්‍රථම
ධ්යානය
උපදවා
විසුයේය. දෙවැනි
ධ්යානය
උපදවා
වාසය
කළේය. තුන්වැනි
ධ්යානය
උපදවා
විසුයේය. සතරවැනි
ධ්‍යානය
උපදවා
විසුයේය.
නැවතද ආනන්දය, මහා සුදර්ශන රජ තෙම සෑම තන්හි සියලුම ප්‍රාණින්
සහිතවූ
සියලුම
ලෝකය
විශාලවූ
මහත්
බවට
ගියාවූ
අප්‍රමාණ වෛර නැති හින්සා රහිතවූ මෛත්‍රී සිතින් පතුරුවා විසුයේය. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් උපෙක්ෂා සහගත සිතින් පතුරුවා විසුයේය.
එකල්හි ආනන්දය, සුහද්‍ර දේවිය සිවිරිග සෙනගද අන්තක්පුර ස්ත්‍රීන්ද
සමඟ
ධර්මප්‍රසාදයට එළඹ ධර්ම ප්‍රසාදයට
නැගී
මහාබියූහ
කූටාගාරයට පැමිණ දොරබාව අල්වා ගෙන සිටියාය. ඉක්බිති මහා සුදර්ශන රජ තෙම ශබිදය ඇසී කිමෙක්ද මේ මහත් සේනාවක්හුගේ ශබිදයක් මෙනැයි සිතා මහාබියූහ කූටාගාරයෙන්, නික්මුණෙ, දොරබාව අල්වා ගෙන සිටි සුහද්‍ර දේවිය දුටුවෙය. දැක, සුහද්‍ර දේවියට මෙසේ කීවෙය. දේවිය, මෙතැන්හිම සිටුව, කූටාගාරයට
ඇතුල්
නොවෙවයි
කීයේය.
ආනන්දය අනතුරුව, සුහද්‍රා දේවියට මෙබඳු අදහසක් ඇතිවිය. මහා සුදර්ශන රජහුගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර
වර්ණය
පිරිසිදුය. විශේෂයෙන් බබලන්නේය. මහා සුදර්ශන රජ තෙම කාලක්‍රියා නොකෙරෙවා. දේවි තොමෝ කඳුළු පිසදමා, මහා සුදර්ශන රජහට මෙසේ කීවාය. දේවයන් වහන්ස, ප්‍රියවූ මනාපවූ
සියල්ලන්ගේ
නානා
හාවයවන්නේය. වෙන්වන්නාවූ ස්වහාවය ඇත්තේය. අන්‍ය ගතියකට යන ස්වහාවය ඇත්තේය. දේවයන් වහන්ස, නුඹ වහන්සේ ආසාවක් නැතුවම කාලක්‍රියා කල මැනව. ආසාව ඇත්තහුගේ කාලක්‍රියාව දුක්වන්නේය. නින්දා වන්නේය.
එවිට මහා සුදර්ශන රජ තෙම නොබෝවෙලාවකින්ම කාලක්‍රියා කළේය. ආනන්දය, කාලක්‍රියා කලාවූ මහා සුදර්ශන රජ තෙම මනා ගති ඇති හෙයින් සුගති නමිවූ බ්‍රහ්මලෝකයෙහි
උපන්නේය. ආනන්දය, මම ඒ කාලයේදී මහා සුදර්ශන රජවීමීයි වදාළ සේක. ආනන්දය, ඒ අසූහාරදහසක් නගර අතුරින් යමි කුසාවතී රාජ ධානියෙක් වීද එසමයෙහි ඒ එකම කුසාවතී නුවර වාසයකෙළෙමි.
ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්යතාව බලව, සියලුම ඒ සංස්කාර ධර්මයෝ ඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ. මෙසේ සංස්කාරයෝ අනිත්‍ය වන්නාහුය අස්තිර වන්නාහුමය. ආනන්දය, සංස්කාරයෝ මෙසේ අස්වැසීමක් නැත්තාහුමය. යමි මේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරෙන්ට නොඇලෙන්ට මිදෙන්ට සුදුසු වන්නේමය.
ආනන්දය, මම වනාහි මේ ප්‍රදේශයෙහි
හය
වාරයක්ම
ශරිර
ශරීරය
හැරීම කළ
බව
දනිමි. ඒ
වනාහි
ධාර්මිකවූ
ධර්මරාජන්වූ
චක්‍රවාළය
කෙළවර
කොට
ඇති
සතර
මහාද්වීපය
ජයගත්තාවූ
ජනපදයන්හි
ස්තිරහාවයට
පැමිණියාවූ
සප්තවිධ
රත්නයෙන්
යුක්තවූ
සක්විති
රජ
කාලයන්හිමය. මේ සත්වෙනි ශරිර හැර දැමීම වන්නේය.
ආනන්දය, දෙවියන්
සහිතවූ
මරුන්
සහිතවූ
බ්‍රහ්මයන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ ලෝකයෙහි යමි තැනෙක්හි තථාගත තෙම අටවැනි වර ශරිර හැරදැමීමක් කරන්නේද එබඳුවූ ප්‍රදේශයක්
මම
නොදක්නෙමියි
වදාළසේක. භාග්යවතුන්
වහන්සේ
මේ
සුත්‍රය
මෙසේ
වදාරා
එයින්
මත්තෙහි
සුගත
නමිවූ
ශාස්තෲන්වහන්සේ
මෙසේද
වදාළ
සේක.
ඉපිද නැසෙන සුලුවූ සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්යයහ. ඉපිද නැතිවෙත්, ඔවුන්ගේ සංසිඳීම සැපවන්නේය යනුවෙනි. (දීඝ නිකාය මහා සුදස්සන සූත්‍රය)
ආනන්දය,
තෙපි යෙව, ගොස් කුසිනාරා නුවරට පැමිණ, කුසිනාරා නම් නුවර වාසය කරන්නාවූ මල්ල රජ දරුවන්ට මෙසේ කියව. "වාසෙට්ඨ ගෝත්‍රයෙහිවූ මල්ල දරුවෙනි,
අද රාත්‍රියෙහි අන්තිම යාමයෙහි තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේය. වහාම පිටත්වව්. අපගේ ගමෙහි අප තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම වූයේය. අන්තිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැකීම අපි නොලද්දෙමුයයි කියා පසුව පසුතැවිලි නොවව් කියාය".
එකල කුසිනාරා වැසි මල්ල රජදරුවෝ යම්කිසි කාර්යයක් සඳහා රුස්වීම්
ශාලාවෙහි රුස්ව උන්නාහුය. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා නුවර වැසි මල්ල රජදරුවන්ගේ රුස්වීම් ශාලාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ කී ලෙස දැන්නුවේය.
ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ මේ වචනය අසා මල්ල රාජපුත්‍රයෝද, මල්ල රජුන්ගේ ලේලිවරුද, මල්ල රජුන්ගේ භාර්යාවෝද හටගත් දුක් ඇතිව දුකින් යුක්තව සිතේ හටගත් බලවත් දුකින් යුක්තව "භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පාන්නෝය" යයි සමහර කෙනෙක් කෙස් විසුරුවා හඩත්, හිස අත් බැඳගෙන අඩත්, මැදින් කැඩුනාක් මෙන් ඇදවැටෙත්,
පෙරළෙත්, විශේෂයෙන් පෙරළෙත්. ඔවුහු සිතේ දුකින් යුක්තව මල්ල රජදරුවන්ගේ උපවර්තන නම්වූ සල්වනයට පැමිණියාහුය.
එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා වැසි මල් රජදරුවන් එක එක කුල (පවුල්) පිළිවෙලින් වෙන වෙනම සිටුවා "ස්වාමීන් වහන්ස, මේනම් මල්ල රජතෙම පුත්‍ර, භාර්යා,
පිරිවර, අමකයාදීන් සමඟ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද දෙක හිස තබා වඳින්නේයයි" කියා භාග්‍යවතුන් වහන්සේට වැන්දවූයේය. එවිට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මේ ක්‍රමයෙන් ප්‍රථම යාමයෙහිම කුසිනාරා වැසි මල්ල රජදරුවන් භාග්‍යවතුන් වහන්සේට වැන්දවූයේය.



0 අදහස් හා විමසීමි:
Post a Comment