Printfriendly

දොලොස් වන කොටස


මෛත්‍රී පාරමිතාව
සුවණ්ණ සාම චර්‍යාව
යමි කලෙක මම මහ වනයේ ශක්‍රයා විසින් මෙහෙයන ලදුව උපදවන ලද සාමකුමාර වුයෙමිද එකල මහවනයෙහි සිංහ ව්‍යාග්‍රාදින්ද මෙත් සිත් ඇති බවට පැමිණවිමි. සිහයන්, වියාඝ්‍රයින්, දිවියන්, වලසුන්, මිහිවුන් මුවන් හා හුරන් විසින්ද පිරිවරනු ලදුව වනයෙහි වාසය කලෙමි. කිසිම සත්ත්වයෙක් මා තැතිනොගන්වයි. මම කිසිවෙකුටද බිය නොවෙමි. එකල් මෛත්‍රි බලයෙන් රක්නා ලදුයෙමි මහා වනයේ සිත් අලවා වාසය කලෙමි.

ඒකරාජ චර්‍යාව
නැවත අනිත් චර්‍යාවක් කියමි. යමි කලෙක මම ඒක රාජ යැයි ප්‍රසිද්ධ වුයෙමිද, එකල්හි උතුමි වු ශිලය අදිශ්ඨාන කොට, මහා පෘථිවිය පාලනය කලෙමි. දශකුශල කර්මපථයන් නිරවශේෂයෙන් අප්‍රමාදිව වසන කල්හි, දබිබසේන නමි රජ මාගේ රාජ්‍යට පැමිණ මාගේ පුරය පැහැර ගන්නට විය.බලසෙනග සහිතවු රටැසියන්ද නියමිගමි වැසියන්ද, රජු යටතේ සිටින්වුන් යන සියල්ල අත්පත්කරගෙන මා වලක දමාපීය.මාගේ අමාත්‍ය මණ්ඩලයද සමෘධියෙන් පිරුණු රාජ්‍යද අන්තඃපුරයද පැහැරගන්නා ලද නමුත් මම ඔහු ප්‍රිය පුත්‍රයෙකු සේ දුටුයෙමි. මෛත්‍රියෙන් මාහා සම වුයෙක් නැත.මේ මාගේ මෛත්‍රි පාරමිතාවයි.
මෛත්‍රී පාරමිතාව නිමි.


උපේක්ෂා පාරමිතාව
 මහාලොමහංස චර්‍යාව
මම මිනි ඇටයක් කොටිටය ලෙස තබාගෙන සොහෙනෙහි ශයනය කලෙමි. එකල ගැමිදරුවෝ මා වෙත අවුත් විවිධ වු විප්‍රකාර දක්වත්. ඔවුන් අතුරින් ඇතමෙක් සතුටු වුවාහු සංවේගයට පැමිණි සිත් ඇතිව සුගන්ධයෙන්ද, මලින්ද විවිධ වු භෝජනදපඩුරු ද පිලිගන්වත්. යමෙක් මට දුක එලවත් ද යමෙක් මට සැපය දෙන්නේ ද ඒ සියල්ලන්නට සමවුයෙමි වෙමි. දයාවක් හෝ කොපයක් හෝ නොවිය.සැපදුක් දෙකෙහිද යශස් අයස් දෙකෙහිද, මැදහත් වුයෙමි. සියළු තැන්හිම සමසිත් ඇතිතේ වුයෙමි. මේ මාගේ උපේක්සා පාරමිතාවයි.

උපෙක්ෂා පාරමිතාව නිමි.

උද්දානය.


මම යුද්ධඤ්ජය කුමරවද සොමනස්ස කුමාරවද, අයෝඝර රාජකුමාරවද, මහාකඤ්චන කුමාරවද, සෝණ පණ්ඩිතවද, තේමිය පණ්ඩිතවද, කපිරාජවද, සචිච නමි තාපසවද උපන්නෙමි. වටිටපොතකවද, මතස්‍යරාජවද, කණ්හදිපායන නමි සෘසිවද, නැවත සුතසොම රජවද, සාමකුමාරවද, ඒකරාජවද, උපන්නෙමි. උපේක්ෂා පාරමි සමයේ, ලොමහංස නමි වීමි. මෙසේ බුදු රජානන්වහන්සේ විසින් වදාරණ ලදි.

මෙසේ බොහෝ  දුක්ද බොහෝ ප්‍රකාර වු සමිපත්ද භවයෙන් භවයේ අනුභව කොට, උතුමි සමිබෝදියට පැමිනියෙමි. දියයුතු දන් දී නිරවශේෂයෙන් සිල් පුරා නෛෂ්ක්‍රම්‍යයෙහි පරතෙරට පැමිණ උතුමි සමිබෝදියට පැමිනියෙමි.පණ්ඩිතයන් වෙතින් නැවත නැවත විමසා උතුමි වු විර්‍ය කෙට ක්ෂාන්තියෙහි කෙලවරට පැමිණ උතුමි වු සමිබෝදියට පැමිණියෙමි.දැඩිවු අධිශඨානයන් කොට, සත්‍ය වචනය ආරක්ෂ කොට, මෛත්‍රියෙන් පරතෙරට පැමිණ උතුමි වු සමිබෝධියට පැමිණියෙමි.

ලාභ අලාභ අයශ සමිමාන අවමාන යන සියළු තැන්හි සමාණ සිත් ඇතියෙක් වී උතුමි සමිබෝදියට පැමිණියෙමි.කුසිත බව භය වශයෙන් දැක. විරයාරමිභය නිර්භය වශයෙන් දැක. විර්‍ය ඇත්තෝ වවි. මේ බුදුවරුන්ගේ අනුසාශනයයි.

විවාදය භය වශයෙන්ද, අවිවාදය නිර්භය වශයෙන්ද, දැක, සමගි වවි. මෘදු සිත් ඇත්තෝ වවි. මේ බුදුවරුන්ගේ නුශාසනයයි.

ප්‍රමාදය භය වශයෙන්ද, අප්‍රමාදය නිර්භය වශයෙන්ද, දැක ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වඩවි. මේ බුදුවරයානන්වහන්සේලාගේ දේශනයයි.මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ පුර්ව චරිතයන් මනාව ප්‍රකාශ කර වදාරන සේක් බුද්ධාපදානීය වු ධර්ම පර්‍යායක් දේශනා කර වදාළ සේක.
චරියා පිටක පෙළ නිමි
සාදු!! සාදු!! සාදු!!

පාරමිතා ප්‍රකාරණ කථා නිමි.

සබැඳි
පෙර කොටස කියවන්න    ඉදිරි කොටස කියවන්න     පෙළ කියවන්න

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...