Printfriendly

එකොලොස්වන කොටස



අධිෂ්ඨාන පාරමිතාව
තේමීය පණ්ඩිත චරිතය.
නැවත අනෙක් චර්‍යාවක් කියමි. යමි කලෙක මම කසී රජ හට පුත්‍ර වීද එකල්හි මට නමින් තේමීය යයිද "මුගපක්ඛ" යයිද කියති. එකල්හි ‍සොලොස් දහසක් ස්ත්‍රීන්ට පුත්‍රයෙක් නොවිය. බොහෝ කලකින් එකම මම උපන්නෙමි. දුකසේ ලත්, ජාතිසමිපන්න වු, රූප ශෝභාවෙන් යුත් ප්‍රිය පුත්‍ර වූ මා, මාගේ පියා සේසත් නගා සිරියහන්හි තබා පෝෂණය කරයි.
එකල්හි උතුමි සිරියහනේ නිදා පිබි දී මම යමි සේසතක් කරනකොටගෙන නිරයට ගියෙමිද ඒ සේසත දුටුවෙමි. ඒ සේසත දැකිමත් සමගම බිය ගෙන දෙන තැතිගැන්මක් උපන්නේය. මම කෙදිනක මේ රජකමින් මිදෙන්නෙමිදැයි විමසිමට පැමිණියෙමි. පෙර අත්භාවයක සහ ලේ ඥාති වූ මාගේ මවි වු දේවතා දුවක් දුකට පත් මා දැක තුන් කරුණක මා යෙදුවාය.

පණ්ඩිත බව ප්‍රකට නොකරව, සියළු සත්ත්වයින්ට බාලයෙක් බව හඟවව. සියළු ජනයෝ අවඥා කෙරේවා. මෙසේ කල කල්හි ඔබට වැඩක් වන්නේය. මෙසේ කි කල්හි මම ඇයට මෙසේ කිවෙමි. දේවතාවියෙනි ඔබ යමි වදනක් කිවේද ඔබේ ඒ වචනය මම කරමි. මෑනියෙනි ඔබ මට වැඩ කැමැත්තෙහිය. දේවතවිය හිත කැමැත්තෙහිය. මම ඇයගේ බස් අසා සාගරයේ ගිලෙන්නෙකුට ගොබිමක් ලැබුනා සේ සතුටුවුයෙමි. සංවේගයට පැමිණි සිත් ඇත්තේ අංග තුනක් අධිශ්ඨාන කලෙමි. ගොළු වීම, බිහිරි වීම, පිළුවී ඇවිදීමෙන් වැලකීම. මේ අංග 03 අධිශ්ඨානකොට සොලොස් වසරක් වාසය කලෙමි.

ඉන්පසු මාගේ අත්පාද දිවන කණද පරීක්ෂා කොට අඩුවක් නොමැති බව දැන. කාලකණ්ණියේදැ'යි මට නින්දා කලහ. අනතුරුව ජනපදවාසින්ද සේනාපුරෝහිත ආදින්ද එක්සිත්ව මා බැහැර කිරිමට කැමති වූහ. ඒ මම ඔවුන්ගේ අදහස අසා සතුටු වුයෙමි. සංවෙගයට පැමිණි සිත් ඇති වීමි. යමි කරුණක් සඳහා තපස පුරුදු කරන ලදද ඒ මාගේ අදහස සමෘධ විය.

මා නහවා විලවුන් ගල්වා රජ ඔටුනු හිස පලදවා සේසතින් අභිෂේක කරවා නුවර ප්‍රදක්ෂිනාකරවුහ. සත් දිනක් මෙසේ සේසත් දරා හිරුමඩල උදාවු කල්හි, රියදුරුතෙම රියකින් මා බැහැරට ගෙන ගොස් මහ වනයට පැමිණියේය. අසුන් යෙදු රිය එක් පසක නවතා අතින් මුදාලු රියදුරු තෙම මම වලලන්නට පොළවෙහි වලක් කණියි. විවිධවු ආකාරයෙන් තර්ජනය කරනු ලබන්නේ සම්‍යක් සමිබෝධියම කරණුකොට සිතූ අධිශ්ඨාන සංඛයාත අධිශ්ඨානය ව්‍රතය නොබින්දෙමි. මම මවිපිය දෙදෙන අප්‍රිය නොවෙයි. මාගේ ජීවිතයද මට අප්‍රිය නොවෙයි. සර්වඥතා ඥානයම මට ප්‍රිය වෙයි. එහයින් ව්‍රතයම අධිශ්ඨාන කලෙමි. මේ ත්‍රිවිධ අංගයෙන් අධිශ්ඨාන කොට සොලොස් වසක් වාසය කලෙමි. අධිශ්ඨානයෙන් මාහා සමාණයෙක් නැත. මේ මාගේ අධිශ්ඨාන පරමිතාවයි.

අධිශ්ඨාන පාරමිතාව නිමි.

සත්‍ය පාරමිතාව
කපි රාජ චරිතය
යමි කලෙක මම වදුරෙක්ව උපන්නෙමිද, එකල්හි නදී තිරයේ පිහිටි ගල් ගුහාවක වාසය කලෙමි. කිඹුලෙකු විසින් පීඩාකරන ලද්දේ ඔබිනොබ යාමට නොහැකි වීමි.

මම යමි ස්ථානයක සිට මෙතරින් එතෙරට පනිම්ද ඒ පිහිටි ගලෙහි සතුරු වු වධක වූ රුදුරු පෙනුම ඇති කිඹුලෙක් හුන්නේය.හෙතෙම මට එවයි ිවේය. මම ඔහුට එමියි කිවෙමි. ඔහුගේ හිස පාගාගෙන එතෙර ඉවුරෙහි පිහිටියෙමි. ඔහුට බොරු නොකියන ලදි. මම කී පරිදිම කලෙමි. සත්‍යයෙන් මාහා සමාණයෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාවයි.

සත්‍ය තාපස චරිතය
තවද අනෙක් චරිතයක් කියමි. කලෙක මම සත්‍ය නමි තාපස විමි ද එකල්හි මම සත්‍යයනේ ලොකය පාලනය කලෙමි. මම ජනයා සමගි කලෙමි.

වටිට පොතක චරියාව.
නැවත අනික් චරියාවක් කියමි. යමි කලෙක මම මගධ රට නොවැඩුන පියාපත් ඇති තරුණ මාංශපේෂියක් වු වටු පැටවෙක්ව කැදැල්ලේ විසිමිද, මව තුඩින් ආගාර ගෙනවිත් මා පෝෂණය කරයි. ඇගේ පහසින් දිවි ගෙවමි. මට කායික බලයක් නැත. වසරක් පාසා ග්‍රීෂ්ම කාලයෙහි ලැවි ගිනි ඇවිලෙයි. "පාචක" නමිවු ගින්න අප කරා පැමිනෙයි. මහ ගිනි දැල් ඇති ගින්න "ධම ධම" යන හඩ නගමින් පිළිවලින් දවමින් මා කරා පැමැණියේය. මාගේ මවිපියෝ දෙදෙන වේගයෙන් එන ගින්නට බියෙන් තැතිගෙන මා හැර දමා තමන් නිදහස් වුහ.

මම පාද හා පියාපත් දිහහැරීමි. එහෙත් මට කායික බලයක් නැත. එකල්හි යා නොහැකි වු මම මෙසේ සිතුවෙමි.මා බියපත වු විට. තැති ගත්විට. වෙවුලනවිට යමි කෙනෙක් වෙත දිව යන ලදද ඒ දෙමාපියන් දෙදෙන මා හැර යන ලදි මා අද කුමක් කල යුතුද?ලොකයෙහි ශිල ගුණය ඇත. සත්‍යද පිරිසිදු බවද දයාවද ඇත. ඒ සත්‍යයෙන් උතුමි වු සත්‍යක්‍රියාව කරන්නෙමි.

මම අතිතයෙහි සිටි බුදුවරයන් සිහිකොට, ධර්ම බලය ආවර්ජනා කොට, සත්‍ය බලය අරමුණු කොට, සත්‍යක්‍රියා කලෙමි. මට පියාඹනු නොහැකි පියාපත් ඇත. පියනගනු නොහැකි පාද ඇත. මවිපිය දෙනෙද නික්ම ගියහ ගින්න නවතුව.

මා සත්‍යක්‍රියාකල කල්හිම ඇවිලගත් මහ ගින්න ජලයට පැමිණියාක් මෙන් කිරිය සොළසක් පමණ දුර හැරපිය. සත්‍යයෙන් මා හා සම කෙනෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාවයි.

මතස්‍යරාජ චරිතය
නැවත අන් චර්යාවක කියමි. යමි කලෙක මම මහ විලෙක මතස්‍ය රාජයෙක්ව උපන්නෙමිද එකල්හි ග්‍රීෂ්ම කාලයෙහි සුර්්‍ය රශ්මියෙන් විලෙහි දිය සිදී ගියේය. එකල්හි කවුඩෝද, ගිජුලිහිණියෝද, කොක්කුද, කැබරුස්සොද, උකුස්සොද දිවා රෑ දෙකෙහි මඩ මත්තෙහි සිට මසුන් කති. ඒ විලෙහි ඥාතින් සමඟ පීඩිත වු මම මෙසේ සිතීමි. කවර උපායකින් ඥාතීන් දුකින් මුදාලමිදොයි කියාය. ධර්මයෙන් තොරනොවු අර්ථය හෙවත් සත්‍ය සලකා ඥාතීන්ට පිහිට විය යුතු අයුරු මම දුටිමි. සත්‍යක්‍රියාවෙහි පිහිටා ඥාතීන්ගේ ඒ මහා විනාශය මුදාහලෙමි. සද්ධර්මය සිහිකොට පරමාර්ථ සත්‍ය සිතමින් ලොකයෙහි හැමකල්හිම පවත්නාවු යමි ධර්මතාවයක් වේ නමි එය මෙනෙහි කරමින් සත්‍යක්‍රියා කලෙමි.

යමි තැනැක පටන් සිය ආත්මභාවය සිහිකෙරෙමිද යමැතැනක පටන් නුවනැති බවට පත්වුයෙමිද දැන දැන එක ප්‍රාණියෙකුදු හිංසා කරනු ලැබු බවක් නෙදනිමි. මෙම සත්‍ය වචනය හේතුකොටගෙන මේඝය වැසි වසීවා.මේඝය විදුලි නගා වැසි වස්සව. කපුටුවාගේ මතස්‍යනිධානය නසව. කඩුඩන් ශෝකයේ රඳවව. මතස්‍යයන් ශෝකයෙන් මුදාලව. උතුමිවු සත්‍යක්‍රියාව කල කල්හි මේඝය ගර්ජනා කොට වල ගොඩ පුරවමින් සැණෙකින් වැස්සේය. මෙබදු උතුමි සත්‍යක්‍රියාවකට උතුමි විර්‍ය කොට සත්‍යක්‍රියා බලය ඇසුරුකොට මහවැසි වැස්වුයෙමි. සත්‍යයෙන් මාහා සමවුවෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාවයි.

කණ්හදිපායන චරිතය.
නැවත අනෙක් චර්‍යාවක් කියමි. යමිකලෙක මම කණ්හදීපායන නමි සෘෂිවරයෙක් විද පනස්වසරකට අධික වු කාලයක් මුළුල්ලෙහි නොකමැත්තෙන්ම බඹසර හැසිරුනෙමි. ඒ මාගේ බඹසර නොඇළුන සිත කිසිවෙකුදු නොදනියි. මම මාගේ සිතෙහි අනභිරතියක් ඇති බව කිසිවෙකුට නොකිවෙමි. මාගේ යහළු වු සබ්‍රහ්මචාරි වු, මණ්ඩව්‍ය නමිවු මාහා සෘසි තෙමේ පුර්ව කර්මයකින් යුක්තවුයේ හුල හිඳවනු ලැබීය.

මම ඔහුට උපස්ථානකොට නිරෝගි බවට පැමිණිවිමි. ඔහුගෙන් විමසා යමි ආශ්‍රමයක් මට වීද ඒ මාගේ ආස්‍රමය වෙත පැමිණියෙමි. මාගේ යහළු වු භ්‍රාහ්මණ තෙමේ භාර්‍යාව හා ප්‍රත්‍රයාද රුගෙන තුන්දෙන එක්ව ආගන්තුකව මා වෙත පැමිණියාහු.ඔවුන් සමඟ සතුටු වෙමින් සිය අසපුවෙහි හුන්නෙමි. දරුතෙම න්දුවක් ගසන්නේ සර්පයෙකු කොප කලේය.අනතුරුව ඒ කුමාර තෙම පන්දුව ගිය මග සොයනුයේ. අතින් සර්පයාගේ හිස ස්පර්ශ කලේය. ඔහුගේ ස්පර්ශයෙන් කිපුන විෂ බල ඇසුරු කල සර්පතෙමේ අධික කොපයෙන් කිපුනේ එකිනෙහිම දරුවා දෂ්ඨ කලේය

සර්පයා විසින් දෂ්ඨ කල කෙණෙහිම දරුවා බිම පතිත විය. එයින් මම දුකට පැමිණියෙමි. ඒ දුක මට පැමිණියක් මෙන් විය. මම ශෝක නැමති හුලින් විදිනා ලද දුකට පැමිණි ඔවුන් අස්වසා ඵළමුකොට ශ්‍රේෂිඨ වු ඉතා උතුමි වු සත්‍යක්‍රියාව කලෙමි. මම ප්‍රසන්නවු පින් කැමතිව සත්දවසක් මුලුල්ලෙහිම බඹසර හැසිරුනෙමි. එයින් පසු මාගේ මේ පනස්වසරකට අධික වු කාලයක් බඹසර හැසිරිමක් විද මම නොකැමතිවම බඹසර හැසිරෙමි. මේ සත්‍යයෙන් සුවපත් වේවා" යඤ්ඤදත්ත තෙම නැසුන විෂ ඇතිවව ජීවත් වේවා"

මා විසින් සත්‍යක්‍රියාව කල කල්හි විෂ වේගයෙන් කමිපිතව පිබිඳ නැගි සිටියේය. කුමාර තෙම නිරා්ගි විය. සත්‍යක්‍රියාවෙන් මාහා සම වුයෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාවයි.

සුතසොම චරිතය.
නැවත අනෙක් චර්‍යාවක් කියමි. යමි කලෙක මම සුතසොම නමි රජ වුයෙමිද, පොරිසාදයා විසින් අල්ලාගනු ලද්දේ බ්‍රාහ්මණය කෙරෙහි කල පොරොන්දුව සිහිකලෙමි. එක්සියයක් ක්ෂත්‍රිය රජවරුන්ගේ අතුල්තල අවුනා ඔවුන් මලානික කොට යාගය පිණිස මාද පැමිණවිය.පොරිසාද තෙම මාගෙන් මෙසෙ විචාලේය. ඉදින් මා වෙතින් මිදිමට කැමැත්තෙහිද? ඉදින නැවත මා වෙත පැමිණෙන්නෙහි නමි ඔබේ කැමැත්ත පරිදි කරන්නෙමියි කිය.

උදෑසනම මාගේ පැමිනිම පිණිස ඔහුට පොරොන්දු දී සිත්කළු වු නුවරට පැමිණි කල්හි රාජ්‍ය මවිපියන්ට පාවාදුනෙමි.පෙර බුදුවරයානන්වහන්ස්ලා විසින් සේවනය කරනලද සද්ධර්මය සිහිකොට බ්‍රාහ්මණයන්ට ධනය දී පොරිසාදයා වෙත පැමිණියමි. එහිදි පොරිසාදතෙම මා නසන්නේදෝ නොනසන්නේදායි කියා සැකයක් මා වෙත නැත. සත්‍යවචනය රකින්නේ දිවිපුදා පොරිසාදයා වෙත පැමිණියෙමි. සත්‍ය වචනයෙන්මාහා සමාණයෙක් නැත. මේ මාගේ සත්‍ය පාරමිතාවයි.


සබැඳි
පෙර කොටස කියවන්න       ඉදිරි කොටස කියවන්න     පෙළ කියවන්න

0 අදහස් හා විමසීමි:

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...