Printfriendly

අට වෙනි කොටස


සීල පාරමිතාව
මහිසරාජ චරිතය.

නැවත යම් කලෙක මම මහ වනයෙහි හැසිරෙන්නාවූ, වැඩුනාවූ ශරීර ඇති, බල ඇත්තාවූ, මහත් ශරීර ඇති, භයානක දැකුම් ඇත්තාවූ මීමෙක් වීම්ද, මේ මහ වනයෙහි ගල් ගුහා සමීපයෙහි, පර්වතයෙන් මුවාවු ස්ථානයෙහිද, වෘක්ෂ මූලයෙහිද, ජලධාරා සමීපයෙහිද කිසියම් කිසියම් මී ගොණුන්ට වාසස්ථාන වේද, තන්හි හැසිරෙන කල්හි, යහපත්වූ ස්ථානයක් දිටිමි. ස්ථානයට එළඹ සිටීමද සයනයද කරමි.

එකල්හි ස්ථානයට ලාමකවූ, ආචාර නැති ලොල්වූ වඳුරෙක් අවුත් මාගේ පිටෙහිද, නලලෙහිද, බැමෙහිද මූත්‍ර කෙරෙයි. වර්චස් කෙරෙයි. එක් දවසකුදු, දෙදවසකුදු, තුන් දිනකුදු, සිව්වෙනි දවසෙහිද, සිව් දිනක්ද, එසේම කෙරෙයි. වඳුරා විසින් මෙසේ පෙළන ලද්දෙම් වෙමි. අසල රුක්ෂයෙහි අධිගෘහිත දෙවතාවෝ පීඩා ලබන මා දැක, "නින්දිතවූ, ලාමකවූ මේ වඳුරා අඟින්ද, කුරයෙන්ද නසව" යි කියා මට මේ වචන කීය. ගස වසන දෙවියා මෙසේ කී කල්හි මම මේ කරණය කීමි. "කිමෙක්ද, කුණපයක්වූ, අනාර්‍යවූ අකුශලයක් කුමන කරුණක් නිසා ඔබ මා ලවා කරවිමට තනන්නේද?"

ඉදින් මම වඳුරාට කිපෙන්නෙම් නම් මා ඒ වඳුරාට වඩා අතිශයින් ලාමකයෙක් වන්නෙමි. මාගේ ශීලය බි‍ඳෙන්නේය. පණ්ඩිතයෝද, මට නින්දා කරන්නාහුය. ගර්හිතවූ ජීවිතයටද වඩා පිරිසිඳු ශීලයෙන් යුක්තව මියයාමම උතුමි. මම ජීවිතය හේතු කොටගෙණද අනුන් පෙළීම නොකරමි, මේ වඳුරා අන් මිගොණුන් ද මා මෙන් යැයි සිතන්නේය. එසේ සිතා සෙසු මී ගොණුන්ටද, මෙසේ කරන්නේය. ඔවුන් මොහුව එතනදීම මරන්නාහුය. ඉන් මට මිදීමට වන්නේය. හීන මධ්යමොත්කෘෂ්ට ජනයන් නිමිත්තකොට පණ්ඩිත තෙම අපහාසය මෙසේ ඉවසන්නේ සිතින් සර්වඥතාඥානය පතමිනුයි.

රුරු රාජ චරිතය.
යම් කලෙක මම මනාව රත්කොට මදින ලද රන්පටක් බඳු පැහැ ඇති, විශුධ ශීලයෙන් හා සන්සුන් සිතින් යුක්තවූ රුරු නම් මෘග (මුව) රාජයෙක් වීම්ද, එකල්හි සුන්දරවූ, ශූන්‍යවූ, මනුෂ රහිතවූ අරණ්‍ය ප්‍රදේශයෙහි සිත් අලවන්නාවූ ගං ඉවුරෙහි විසීමට එළඹියෙමි. ගංගා නම් නදියෙන් ඔබිබෙහි වු අය විසින් ණය නොගෙවීම නිසා හාත්පසින් පෙලන ලද්දාවූ පුරුෂයෙක් ජීවත් වෙම්වා හෝ මියයෙම්වා හෝ කියා ගෙඟහි පැන රාත්‍රියෙහිද, දහවල්ද ගඟ සැඩ පහරින් ගසාගෙන යන්නේ, බැගැපත් හඩින් හඩමින් ගඟ මැද යයි. මම බැගෑපත් හඩින් හඩන්නාවූ ඔහුගේ ශබ්දය අසා ගංතෙර සිට, "නුඹ කවර මනුශ්‍යයෙක් වෙහිද?" විචාළෙමි. එකල්හි මා විසින් විචාරණ ලද්දාවූ හෙතෙමේද, "මම ණය දුන් අය කෙරේ බියපත්වූයෙම්, ත්‍රස්තවූයෙම් ගඟට පැන්නෙමි" යි. පුරුෂයාට කරුණාකොට මාගේ දිවිපුදා රාත්‍රි අන්ධකාරයෙහි ගඟට පැන ඔහු මා පිට ඉඳුවා ගෙණ ආයෙමි.

ඒ මිනිසා පියවි සිවියට පැමිණි කල, "නුඹ අතින් එක් වරයක් ඉල්වමි. මා මෙහි වසන තැන කිසිවෙක්හට නොකියව" යි ඔහුට මම මේ වචනය කීමි. හෙතෙම නුවරට ගොස් ණය ඉල්ලන්නන් හට වස්තුව වෙනුවට මා වසන තැන කීයේය. රජු මා සමීපයට එළඹියේය. යම් පමණවූ සියළු කාරණා මා විසින් රජහට කියන ලද්දේය. රජ මාගේ කීම අසා, "මිත්‍රදෝහිවූ නිහීන ස්වභාව ඇති මොහු මෙතැන්හිම නසන්නෙමි" යි ඕහට දුන්න සන්නාහ කෙළේය.

මම පාපී පුද්ගලයා ආරක්ෂා කරමින්, "එම්බා මහරජ, මෙතෙම සිටීවා. නොමරා මුදා හරින සේක්වා. නුඹවහන්සේට මම කැමැති දෑ කරන්නෙක් වෙමි." "මාගේ ශීල පාරමිතාවම රක්ෂා කෙළෙමි. මාගේ ජීවිතය රක්
ෂා නොකෙළෙමි. එකල්හි බුද්ධ බොධිය කාරණා කොටගෙණ සිල්වත්වීමි" යි වදාළ සේක.

මාතඞ්ග චරිතය.
නැවත අනික් කියමි. යම් කලෙක්හි මම ජටා ඇත්තාවූ, සීල සම්පන්නවූ, මනාකොට සංසිඳුවන ලද සිත් ඇති, නාම වශයෙන් මාතඞ්ග නම්වූ තාපසයෙක් වීම්ි, මමද, තවත් එක් බ්‍රාහ්මණයෙක්ද යන අපි දෙදෙන ගංඉවුරෙහි වෙසෙමු. මම උඩුගඟ වෙසෙමි. බමුණුතෙම යටිගඟ වෙසේ.

ජටිලයෙක් ගංතෙර හැසිරෙන්නේ උඩුගඟ මාගේ අසපුව දුටුයේය. දැක එහි පැමිණ මට අපහාසකර, මාගේ හිස පැලෙනු සඳහා සාප කෙළේය. ඉදින් මම ජටිලයාහට කෝපවන්නෙම් නම් මාගේ සීලය රක්ෂා නොවන්නේය. මම ඔහු බලා හළු කරන්නට තරමි සමර්ථ වන්නෙමි. කිපියාවූ දූෂිත සිත් ඇති තෙම එකල්හි මට යම් මස්තක පාතනයක් සඳහා සාපකෙළේද, ඔහුගේම මස්තකයෙහි පතන භාවයෙන් සිටියේය. ජටිලයා උපාය යොගයෙන් මුදාලීමි. "මාගේ ශීල පාරමිතාවම රක්ෂා කෙළෙමි. මාගේ ජීවිතය රක්ෂා නොකෙළෙමි. එකල්හි බුද්ධ බොධිය කාරණා හේතුකොටගෙණ සිල්වත්වීමි" යි වදාළ සේක.

ධමිමා ධමිම දේවපුත්ත වපුත්ත චරිතය.
නැවත අනික් චර්‍යාවක් කියමි. යම් කලෙක්හි මම මහත් පිරිවර ඇති, මහත් දිව්‍ය සෘධියෙන් යුක්තවූ, සියලු ලෝවැසි ජනයන්ට අනුග්‍රහ කරන්නාවූ, ධර්ම නම්වූ මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් වීම්ද, එකල්හි මහජනයා දශ කුශල කර්ම පථයෙහි සමාදන් කරවමින්, මිත්‍රයන් සහිතව, පිරිවර ජනයා සහිතව ගම් නියම්ගම්වල හැසිරෙමි. ලාමකවූ, තද මසුරුවූ දිව්‍ය පුත්‍රයෙක් දස අකුසල ධර්මයන් ප්‍රකාශ කරමින්, මිත්‍රයන් සහිතව, පිරිවර ජනයා සහිතව, අධර්ම දිව්‍ය පුත්‍රයා ද මේ ජම්බුද්වීපයෙහි පෘථිවිය ආසන්නයෙහි හැසිරෙයි.
ධර්මවාදීවූ මමද අධර්මවාදී ඔහුද, විරුද්ධ ක්‍රියා ඇතිව වාසය කලෙමු. එක්දිනක් රියහිස රියහිස ගටමින් පෙරමග අපි දෙදෙන සම්මුඛ වීමු. ධර්ම දිව්‍ය පුත්‍රයාගේ හා අධර්ම දිව්‍ය පුත්‍රයාගේද මාර්ගයෙන් ඉවත්වීම සඳහා භය ජනකවූ කෝලාහලයෙක් ඇතිවිය. මහත් සංග්‍රාමයෙක් එළඹ සිටියේය.

ඉදින් මම අධර්ම දිව්‍යපුත්‍රයාහට ප්‍රකුපිත වන්නෙම් නම් එකල්හි ශීල සංවරය බිඳන්නේය. මම පිරිවර ජනයා සමග අධර්ම දිව්‍ය පුත්‍රයා දුහුවිලි බවට පත්කිරිමට තරමි සමථෟ වන්නෙමි. නමුත් ශීල සංරක්ෂණය පිණිස සිත සංසිඳුවා මාගේ පරිවාර ජනයා සමග මම මාර්ගයෙන් ඉවත්ව අධර්ම දිව්‍ය පුත්‍රයාහට මාර්ගය දුනිමි. මාගේ මාර්ගයෙන් ඉවත්වීම සමග පෘථිවි තොමෝ අධර්ම දිව්‍ය පුත්‍රයා නසන ලදැයි වදාළ සේක.


සබැඳි
පෙර කොටස කියවන්න    ඉදිරි කොටස කියවන්න      පෙළ කියවන්න



1 අදහස් හා විමසීමි:

Gayathri Wijesekera said...

theruwan saranai Thanuja....

oba mee karana daham sathkaraya obata mee athi uthum chathurarya sathya dharamaya mee jeewithedeema awaboda wee uthum arahath marga pala awabodayen sanasemma labeewa....

mama seelaya koi aakarayatada rakinne kiyana prashnayaka hitiye. seela sanwaraya indriya sanwaraya bawane foundation eka bawa dannawa. mee samajaye wiwida pudgalayan samaga wesena kota nodaneema indriya sanwaraya bidena bawa mata danenawa. weerya peratu karagena hitha damanaya karaganna aakaraya mee lipiya kiyawana wita tikek tika watahenna patan gatta. api hama witama anith ayata choodana karamin kaalaya winasha karannawa. eeth ee thulin thama thamatama ahithak karaganna bawa dakinne nehe. wenath pudgalayek weradi karana bawa dakina thamage sithama weradi bawa nodakinna tharam api apeema sithata mula wela. obage mee lipi pela apata mee daham maga wada bawanawa praguna karaganeemata watina ath welak.
theruwan saranai !!!

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...