Printfriendly

සිවි වන කොටස


සිවිවන කොටස
පාරමිතා ප්‍රකරණ කථා
දාන පාරමිතාව
සාරාසංඛ්‍ය මහා කල්ප ලක්ෂයක්ද, පමණවූ මෙ කාලය තුල සමතිසක්වූ පාරමී ධර්මයන්ට ඇතුළත්වූ දාන ශීලාදී යම් ප්‍රතිපත්තියක් වෙද, සියල්ල මහා බෝධිය සිද්ධ කරන්නේය෴ පසුගිය කල්පයන්හි පුරුදු කරණ ලද දානාදී ප්‍රතිපත්තීන් හැර මෙ මහා භද්‍ර කල්පයෙහි පුරුදු කරණ ලද්ද කියන්නෙමි෴ මෙ මාගේ කීම අසවි෴

අකිත්ති චරිතය෴
යමි කලෙක්හි මම අකිත්ති නමි තවුස්ව ඉපිද ජනයාගෙන් වෙන්ව මහත්වූ කර වනයට වැද වාසය කෙළෙමිද, එකල්හි මාගේ ශීල පාරමිතානුභාවය කරණකොටගෙන රත්වූ පාණ්ඩුකමිබල ශෛලාසනය ඇත්තාවූ සක් දෙවි රජ තෙම බමුණු වෙසක් දරමින් මා කරා භික්ෂාව පිණිස ආවෙය෴ මාගේ දොර සිටියාවූ සක් දෙවි රජ දැක මහ වනයෙන් ගෙන ආවාවූ, තෙල් නැත්තාවූද, ලුණු නැත්තාවූද, කර පත්‍ර භාජනය සමගම ප්‍රදානය කෙළෙමි෴ ඒ ආවාවූ සක් දෙවි රජහට මම කර පත්‍ර දී බදුන යටිකුරුකොට නැවත අහර සෙවීම දුරුකොට පන්සලට පැමිණියෙමි෴

ඔහු දෙවෙනි දිනද, තුන්වෙනි දිනද මා වෙත එළඹියේය෴ මම නොසැලුනු සිත් ඇතිව, නොලැගුනාවූ සිත් ඇතිව එපරිද්දෙන්ම දුනිමි෴ දානය හේතුකොටගෙණ මාගේ සිරුරෙහි විරූප බවෙක් නොවීය෴ තුන්වන දවස මුලුල්ලෙහි ප්‍රීති සැපයෙන්ද, අභිරතියෙන්ද ඉක්මවීමි෴ ඉදින් උතුමිවූ දක්ෂිනාර්හයෙක් ලබමිද, මසක් වුව, දෙමසක් වුව නොපසුබට සිත් ඇතිව උතුමිවු දන් දෙන්නෙමි෴ ඒ ශක්‍රදේවෙන්ද්‍රයාට දන්දෙමින් කීර්තියක් හෝ දිව්‍ය මනුශ්‍ය ලෝකයන්හි ලාභයක් නොපැතුයෙමි෴ සර්වඥ භාවය පිණිස පුණ්‍ය කර්මයන් කෙළෙමි෴

සංඛ චරිතය෴
නැවත යම් කලෙක්හි මම සංඛ නම්වූ බමුණෙක් වූයෙම්ද, එකල්හි මහමුහුදින් එතරවනු කැමතිව තාමලිත්ති නම් පටුනට එළඹියෙමි෴ ඒ පටුණු ගමෙදී කාන්තාරයෙහි වූ දීර්ඝ මාර්ගයකට පිළිපන්නාවූ, කර්කශ භූමියෙහි "ස්වයම්භූ" නමිවූ, පසේබුදුවරයෙක් අභිමුඛ මාර්ගයෙහි දුටුවෙමි෴ මම අභිමුඛ මාර්ගයෙහිදී පසේබුදුරජහු දැක මේ කාරණය සිතුවෙමි෴ පිං කැමැත්තාවූ සත්ත්වයාහට මෙ පිං කෙතක් පැමිණියේය෴ යමිසේ ගොවිකමි කරන්නාවූ පුරුෂයෙක් තෙම මහත් ශස්‍ය සමිපත්ති සාධකවූ කෙතක් දැක එහි බීජයන් නොවපුරා නමි, ගොවිතෙම ධාන්‍යයෙන් ප්‍රයෝජන නැත්තෙක් වෙද, එපරිද්දෙන්ම පිං කැමැත්තාවූ මම අතිශයින් උතුමිවූ පිං කෙතක් දැක ඉදින් එහි පූජා සත්කාර නොකෙරෙමිද, මම පිණින් ප්‍රයෝජන නැත්තෙක් වන්නෙමි෴
යම්සේ රාජමුද්‍රිකා ධුරය කැමැත්තාවූ අමාත්‍යයෙක්, රජුහුගේ අන්තඃපුර ජනයා කෙරෙහිත් අන්තඃපුර ජනයාට ධනධාන්‍ය නොදේද, මුජ්මුද්‍රිකා ධුරයෙන් පිරිහෙයි෴ එපරිද්දෙන්ම මම පිං කැමැත්තෙමි විපුල දන් දිය යුත්තෙක් දැක, පුණ්‍ය ඵලයෙන් පිරිහෙන්නෙමි෴ මම මෙසේ සිතා වහන් සගලෙන් බැස, පසේ බුදුරජහුගේ පා වැද, කුඩය හා වහන් සඟල පූජා කෙළෙමි෴ පසේබුදුරජුන්ට වඩා මම සිය කොටසකින්ම සියුමැලි වීමි෴ එතකුදු වුවත් මම දාන පාරමිතාව සමිපූර්ණ කරමින් මෙසේ පසේ බුදුරජහට පුද කෙළෙමි෴

කුරු රාජධර්ම චරිතය෴
නැවත යම් කලෙක්හි මම ඉදුපත් නම්වූ නගරවරයෙහි දශ කුශල කර්ම පථයෙන් යුක්තවූ ධනඤ්ජය නම්වූ රජෙක් වීම්, කළිගුරට එක් ප්‍රදේශයකින් මා කරා බමුණෝ අට දෙනෙක් එළඹියාහුය෴ පැමිණ ශබ්ද කටයුතුවූ මඞගල්‍ය සම්මතවූ අභිවෘධියට කාරණයයි කියන්නාවු හස්තිරාජයා මගෙන් ඉල්වූ෴ කාලිංග ජනපදය තෙම වැසි නැත්තේය෴ දුර්ලභ භික්ෂා ඇත්තේය෴ මහත්වූ සාදුක් ඇත්තේය෴ උතුම්වූ, නීල වර්ණවූ අංජන ශබිදයෙන් කැදවිය යුතුවූ මගුලැත්රජ දුන මැනවැයි මෙසේ ඉල්වූහ෴

"යාචක ජනයා පැමිණි කල්හි ප්‍රතික්ෂේප කිරීම මට නුසුදුසුය෴ මාගේ සමාදානය නොබිදේවා෴" මහත්වූ මෙ මගුලැතු දෙන්නෙමියි කියා෴ හස්තිරාජයා සොඩින් ගෙණ රත්රන් කෙණ්ඩියෙන් පැන් වත්කොට බමුණන්ට හස්තිරාජයා දිනිමි෴ රජහු විසින් හස්තිරාජයා ප්‍රදානය කළ කල්හි ඇමතියෝ, නුඹ වහන්සේගේ උතුම්වූ ශබ්ද කටයුතුවූ මඞගල්‍ය ගුණයෙන් යුක්තවූ, ප්‍රදානවූ යුද්ධයෙන් ජයගන්නාසුඵවූ හස්තිරාජයා කවර හෙයකින් යදින්ට දුන්නෙහිද? හස්තිරාජයා ප්‍රදානය කළ කල්හි නුඹ වහන්සේගේ රාජ්‍යයය කුමක් කරන්නේද? "මාගේ සකල රාජ්‍යද, සිරුරද දෙන්නෙමි෴ මට සර්වඥතාඥානය ප්‍රියය෴ එහෙයින් මම හස්තිරාජයා දිනිමියි෴" කියා දන් දුනිමි෴

මහසුදර්ශන නිමිරාජ චරිතය෴
මම කුසාවතී නම් රාජධානියෙහි යම් කලෙක්හි මහත් බල ඇති මහාසුදර්ශන නම්වූ සක්විති රජෙක් වූයෙම්ද, නගරයෙහි මම දවසකට තුන් වරක් ඝොෂාකරවූයෙමි෴ කවරෙක් කුමක් කැමැත්තේද, පතාද, කවරෙක්හට කවර ධනයක් මාගෙන් අවශ්‍යද, කවරෙක් සාදුක් ඇත්තේද, කවරෙක් පිපාසිතද, කවරෙක් මල්, දිගම්බර වස්ත්‍රයෙන් ප්‍රයෝජන ඇත්තාවූ, කවරෙක් විවිධ වර්ණවූ වස්ත්‍රයන් පොරෝනේ වේද, කවරෙක් මාර්ගයෙහිදී සැත් (කුඩ) ගනීද, කවරෙක් මොළොක්වූ යහපත්වූ වහන් ගනීදැයි මෙසේ සවසද, උදෑසනද තැන ඝෝෂා කරවීමි෴ එසේ ඒ ඒ නැත දන් දිණිමි෴
මා දන් දෙනු ලැබුයේ ස්ථාන දශයක්හිද නොවෙයි෴ ස්ථාන සියයක්හිදි නොවෙයි෴ සිය ගණන් ස්ථානයන්හි යදින් උදෙසා වස්තුව පිළියෙළ කරණ ලද්දේය෴ ඉදින් දහවල්හි හෝ, ඉදින් රාත්‍රියෙහි හෝ, යාචක ජන තෙම පැමිණේද, වස්තුව කැමති පමණ ලැබ පිරුණු අත් ඇතිව ගියේය෴ ජීවිතාන්තය දක්වා මෙබඳුවූ මහ දන් දිනිමි෴ මම මට අප්‍රියවූ වස්තුවක් දුන්නෙම් නොවෙමි෴ මා සමීපයෙහි වස්තු රුස්කිරීමක් නැත්තේ නොවෙයි෴

යම්සේ රෝගයෙන් පීඩිත පුරුෂයෙක් තෙම ව්‍යාධියෙන් මිදීම පිණිස ධනයෙන් වෛද්‍යයා සතුටුකොට ව්‍යාධියෙන් වෙසෙසින් මිදේද, එපරිද්දෙන්ම මම දානය නිරවශේෂයෙන් සම්පුර්ණ කරනු පිණිස යාචක ජනයාට කිසිත් ලෞකික සම්පත්තියක් ප්‍රාර්ථනා නොකරමින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිසම මහ දන් දිනිමි෴

සබැඳි
පෙර කොටස කියවන්න     ඉදිරි කොටස කියවන්න      පෙළ කියවන්න


2 අදහස් හා විමසීමි:

Meth Dasun said...

saadu...!!! saadu...!!! saadu...!!! danaparamithawa pireemata mea dhara danya heathu weawaaaaaaaaaaaaaaaaa...............!!!!!!!!

MindSpring said...

සාධූ සාධූ සාධූ !!!

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...