Printfriendly

4 අදහස් හා විමසීමි

දන්නා පුජාවක නොදන්නා අනුසස් (බෝධි පූජාව)


ප්‍රිය මිතුරනේ මින් පෙර ලිපියෙන් සත්‍ය වශයෙන්ම බෞද්ධයන් විසින්  කරනු ලබන බෝධි පුජාව යනු කුමක්ද යන්න පිළිබඳව සලකා බැලුවා ඔබට මතක ඇති. ඒ අනුව නියම බොධි පුජාව යන්න භාග්‍යවතුන්වහන්සේ අරමුණු කරමින් කරනු ලබන්නක් විනා නිකමිම නිකං ගසකට වැඳීමක් නොවන බව ඔබට දැන් පැහැදිලි ඇති.

භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේව නියෝජනය 

කිරිම සඳහා බෝධි රැක්ෂය සුදුසු වන්නේ ඇයි?

මේ පිළිබඳවත් යමි දැනුමක් තිබිම වැදගතු වනු ඇතැයි සිතමු. අපි නොයෙක් ස්ථාන වල තුන්රැවන් සිහිකොට වන්දනාමාන කටයුතු වල නිරත වන බව ඔබ දන්නවා. දැන් අපි බුදු පිලිම වහන්සේ නමක් උදාහරණයට ගමු. අපි දැන් මේ පිළිමවහන්සේ දෙස බලලා ජීවමානව වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ සිතින් දැකිමටයි උත්සාහ කරන්නේ. ඒයයි නිවැරදි ක්‍රමය වැදුමි පිදුමි කල යුත්තේ ඒ ආකාරයෙනුයි.

නමුත් ‍යමි බුද්ධ ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම සිතෙන්නේ කුමක්ද යන්න පිලිබඳව සිතෙන් විමසා සිටින්න. එක්කෝ මේ පිළිමවහන්සේ ළස්සනයි කියලා හිතෙයි. ‍එක්කෝ මේක ලොකුයි කියලා හිතෙයි. එක්කෝ මේක පොඩියි කියලා හිතෙයි. එක්කෝ මේක මහායානිකයි කියලා හිතෙයි. එක්කෝ මේකේ කන් දෙක දිග වැඩියි කියලා හිතෙයි. එක්කෝ මේකේ මේ මේ තැන් වල ඇද තියනවා කියලා හිතෙයි. එක්කෝ මෙක මේ මේ තැන් වලින් කැඩිලා කියලා හිතෙයි. එක්කෝ මේක හරියට හදලා නෑ කියලා හිතෙයි. නැත්නමි මේක ප්ලාස්ටික්ද, කළු ගල්ද? සිමෙන්ති ද? හුණුද? පැරිස් බදාමද කියලා තටිටු කරලා බලන්න හිතෙයි. නැත්නමි මේක වටිනවා කියලා හිතෙයි. නැත්නමි වටින්නේ නෑ කියලා හිතෙයි. යමි ප්‍රථිමාවක් දුටු විට ඔබට මුලින්ම නැගී එන සිතුවිල්ල මේ වගෙ එකක් නේද?

ඇත්තවශයෙන්ම මේ සිතුවිලි සියල්ලම ක්ලේෂ ධර්මයන්. ලෝභය, ද්වේශය, මෝහය පදනමි කර ගනිමින් ඇතිවන අකුසල යන් තමයි මේ සිතේ මුලින්ම ජනිත වන්නෙ. චෛත්‍යක් දැක්ත් එහෙමයි, ලොකුයි පොඩියි, සුදුයි, පරණයි ආදි වශයෙන් තමයි සිතෙන්නේ, ආරාම මෙ හැම වස්තුවක් තුලින්ම සාමාණ්‍ය පුද්ගලයෙකුට ජනිත කර දෙනුයේ අකුසල සිතුවිලි සමූහයක්. ප්‍රඤ්ඤාව තුලින් ඒවා යටපත් කර ගනිමින් තමයි ඒ වැදුමි පිදුමි ආදිය එතකොට ඥාන සමිප්‍රයුක්ත කුසලයක් උපදවනවා නමි කරන්නට වෙන්නේ. මේ දේ හැමොටම කරන්න පහසු වන්නේ නෑ.

නමුත් බෝධියක් දුටු විට ඔබට ඇතිවන සිතුවිලි මාලාව දෙස දැන් සිතා බලන්න. ඔබටම වෙනස වැටහේවි. බොහොම මධ්‍යස්ථ උපෙක්ෂා සහගත සිතුවිලි සමූහයක් ඔබේ සිතේ ජනිත වන බැවි ඔබට දැන් මේ ළිපිය කියවමින් වුවත් අත් දකින්නට පුළුවන් වේවි. එයට හේතුව රැක්ෂයක් යන්න මිනිසුන්ට මධ්‍යස්ථ අරමුණක් විමයි. කවුරැත් සාමාණ්‍යයෙන් ගසක් දිහා බලාගෙන මේක අර කලින් පිළිමයක් දෙස බලාගෙන ඇතිකරගත් ආකාරයෙන් සිතුවිලි ඇතිකර ගන්නේ නෑ. ඒකයි සාමාණ්‍ය තත්වය. එතකොට බෝධින්වහන්සේ අසලට යන විටම සිත උපෙක්ෂාසහගතයි. නිවිලා. කුසලයක් කිරිමට සුදුසු සිතේ තැමිපත් බව ඇතිවෙලා. දැන් ඔබට තේරැමි ගන්නට පුළුවන් වෙන්නට ඒන. ඇයි සියලු කෙලෙසුන්ගෙන් මිදුන බුදුපියාණන්වහන්සේ උන්වහන්සේ දිවමන් කල මෙන්ම පරිනිර්වාණයට පත්වු කලද බෝධිය පුජනීයයි කියා දේශනා කලේ යන කරැණ.

දැන් බෝධි පූජාවේ ආනිසංශ සලකා බලමු. මේ කරැණු ඉදිරිපත් කරණුයේ අපදාන පාළිය, ථේර අපදානයේ සඳහන් කරැණු සංශේප ලෙස දක්වමිනුයි.

බෝධියට පවන් සැලීමේ ආනිසංශ

සුමනවිජනිය ථෙරාපදානය
විපස්සී බුදුරජුන්ගේ උතුමි බොධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම ඒ උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිදඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ.   සියඵ භවයෝ නසන ලදහ.   ඇතෙකු මෙන් බැදීම සිඳආශ්‍රව රහිතව වෙසෙමි.
(අපදාන පාළිය. ථෙරාපදානය.  නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)

බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ

එක සංඛිය ථෙරාපදානය.
විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය.   මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමිඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි.   බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.

ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි.   මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය.  මාගේ සිරුර අප්‍රාණිකව වැටිනි.  මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූපමුදිතවූ සැටදහසක් තූර්‍ය වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්.  බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූසතුරු රජුන් ජයගන්නා සුඵවූවිශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.

යලි එහි සප්තාංගීක තූර්‍යයෝ හැම කල්හි මා පිරිවරත්.   ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්‍යවූ හෝමනුෂ්‍යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොටඅතිශයින් ක්ෂේමවූශිවවූඅමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්දඒ හේතුවෙන් දුගතියක් නොදනිමි.  බුධ පූජාවෙහි මේ විපාකයයි.

ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.  
(අපදාන පාළිය. ථෙරාපදානය.  එක වීහාරීය වග්ග.)

බෝ මළුව ඇමදීමේ ආනිසංශ

සකිංසමිමජ්ජක ථෙරාපදානය.
විපස්සී බුදුරජුන්ගේ උතුමිවූ පාටලී බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි. එකෙණෙහි මම මුස්න ගෙන බෝ මඵව හැමැද්දෙමි.   හැමදඒ පළොල් බෝධියට වැන්දෙමි. 

මම එහි සිත පහදවා හිසෙහි ඇඟිලි බැඳ ඒ බෝධියට වඳිමින් ගෞරවයෙන් නැමුනේ ඉවත්ව ගියෙමි. මම උතුම බෝධිය ගැන සිතමින් අඩිපාරකින් යමි.  එහිදී මහත් බල ඇති ඝෝර ස්වරූප ඇති පිඹුරෙක් මා පෙළීය.  මරණාසන්නයෙහි මා විසින් කරණ ලද බෝධි පූජා කර්මය විපාකයෙන් මා සතටු කරවීය.   පිඹුරා මාගේ ශරීරය ගිලී.   මම දෙවි ලොව සිත් අලවා වසමි.  මාගේ සිත හැම කල්හි නිශ්චලය.  ශෝකයෙන් ඇතිවන පීඩා කිසිවක් ගැන නොදනිමි.  එසේම මාගේ චිත්ත සන්තාපයක්ද නොදනිමි. කුෂ්ටයගණ්ඩයකැසිලියඅපස්මාරයසම ගැලවී යන කුෂ්ටය, දදයකැසුමිය යන මෙ රෝගයන් මට නැත.   මෙ හැමදීමෙ විපාකයයි. ශෝකයදවැළපීම ද මාගේ සිතෙහි නැත.  ශාන්ත වූ තැති නොගත් ඍජුවූ සිත ඇත්තේ වෙමිමෙය හැමදීමෙ විපාකයයි. සමාධීන්හි ඇලුනෙමි.   සිත ප්‍රකට පැහැදිලි  වේ.   යමි යමි සමාධියක් කැමැත්තේ නමිඒ ඒ සමාධිය මට සමෘධ වේ. නොඇලිය යුතු දෙයෙහි නොඇලෙමි.    මුලා නොවෙමි.   මෙය හැමදීමෙහි විපාකයයි.

මින් එක් අනූවන කපෙහි යමි කර්යක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි.   හැමදීමෙහි  විපාකයයි.
ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.  
(අපදාන පාළිය. ථෙරාපදානය.  සකිංසමි මජ්ජක වග්ග)

බෝධියට මල් පිදීමේ අනුසස්

තිපුප්ඵිය ථෙරාපදානය.
මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි.   විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි.  පිදීමි  යමි කර්මයක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. 

මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි.   ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.
මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙදඒ හේතුවෙන් දුගතියක් නොදනිමි.   බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.

මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝදඅෂ්ට විමොක්‍ෂයෝදෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී.   බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.   මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාළිය.  ථෙරාපදානය.  සුධාපිණ්ඩිය වග්ග.)

බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්

ගන්‍ධාදකිය ථෙරාපදානය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි  නමි මහබෝ පූජාවක් විය.   විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය.  හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.
එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි.   මම එකෙණෙහි  දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.

සර්වඥ තෙම ආශ්චර්‍යයකි.   ධර්මය ආශ්චර්‍යයකි.   අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි.   මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි.  ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය.   හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්.   මට ශෝකයත් නැත.   පරිළාහයන් තැවීමක් නොදකිමි.   පුණ්‍ය කර්මයාගේ මෙ විපාකයයි. 

දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.
(අපදාන පාළිය.  ථෙරාපදානය.  වීජනි වග්ග.)

බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.

ධජදායක ථෙරාපදානය.
මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේසතටු සිතින්ම ධජයක් නැගීමි.

බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි.   ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි.

දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය සමිපත් අනුභව කරන්නේය.   නොයෙක් සිය ගණන්  වාරයක්හි රටෙහි රජ වන්නේය.   නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය. 

කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේඋපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය ඇත්තේ වෙමි.  සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
(අපදාන පාළිය.  ථෙරාපදානය. )

බෝධි රෝපණයේ ආනිසංශ

අසනබෝධිය ථෙරාපදානය.
උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි.   පහන් සිත් ඇත්තේසොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.

ලෝක ජ්‍යෙෂ්ඨවූතාදී ගණ ඇතිතිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේසතටු සිතින් උන්වහන්සේගේ  බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්‍ෂයයි.   එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්‍යවූලොමු දැහැ ගන්වන්නාවූපිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්‍රකාශ කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූඅග්‍ර පුද්ගලවූඒ තිස්ස සර්වඥ තෙමෙ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදදබුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි.  ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.

හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේය.   සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේතුෂිත දෙව් ලොවින් චුතවදිව්‍ය මනුෂ්‍ය සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇතිඋපශාන්තවූඋපධි රහිතවූහෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.

විවෙකයෙහි යෙදුනේඋපශාන්තවූඋපධි රහිතවූ  මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳආශ්‍රව රහිතව වෙසෙමි.
මින් දෙඅනූවන කපෙහි වූඑකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි.   ඒ හේතවෙන් දුගතියක් නොදනිමි.   බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.
(අපදාන පාළිය.  ථෙරාපදානය.)

ප්‍රිය මිතුරනේ අපදාන පාළියේ තවත් බෝධි පුජා ආනිසංශ දැක්වෙන අපදාන දක්වා ඇතත් මෙහිදී දක්වා ඇත්තේ වර්ථමානයේ ජනප්‍රිය වූ පූජාවන් හා සමිබන්ධ වූ ආනිසංශ දැන්වෙන අපදානයි. කෙසේ වෙතත් මෙහිදී ඉහත අපදානයන්ගේ ඒ ඒ කතාවේ වර්ණ කර ඇති කොටස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමටයි මේ සූදානමි වනුයේ.


01)සුමනවිජනිය ථෙරාපදානය "විපස්සී බුදුරජුන්ගේ උතුමි බොධි වෘක්‍ෂය"
02) එක සංඛිය ථෙරාපදානය  "යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි,  ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි"
03) සකිංසමිමජ්ජක ථෙරාපදානය. "විපස්සී බුදුරජුන්ගේ උතුමිවූ පාටලී බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි"
04)තිපුප්ඵිය ථෙරාපදානය. "ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ"
05)ගෙන්‍ධාදකිය ථෙරාපදානය."සර්වඥ තෙම ආශ්චර්‍යයකි.   ධර්මය ආශ්චර්‍යයකි.   අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි"
06)ධජදායක ථෙරාපදානය  "ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන්"
07)අසනබෝධිය ථෙරාපදානය. "ලෝක ජ්‍යෙෂ්ඨවූතාදී ගණ ඇතිතිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේසතටු සිතින් උන්වහන්සේගේ"

එක් එක් අපදානයෙන් උපුටන ලද මේ කොටස් දෙස බලනා විට ඔබට හැඟී යන්නේ කුමක්ද? ආශ්‍රවයන්ගෙන් මිදුනාවු මේ රහතුන්වහන්සෙලා ඒ උත්තම වූ පුන්‍ය කර්මය කිරීමෙ දී මෙනෙහි කර අත්තේ අන් කිසිවක් නොව බුදු ගුණමය, දහමි ගුණමය, සඟුන් ගුණමය. මගේ මේ අපලය දුරැවේවා, මේ දුක නැති වේවා!, මේ මේ දේ මට ලැබේවා කියා ලොභ සිත් උන්වහන්සේලා තුල නොවීය, මට මේ කරදර ඇතිවී තිබෙනවා. මේ මේ දුක් ඇතිවී තිබෙනවා! මේව වලට මම පොඩිඩක් වත් කැමති නෑ. මේ වා ඒකාන්ත වශයෙන් නැතිවෙන්න ඕන. මට කිසිම දුකක් වේදනාවක් වෙන්න හොද නෑ ආදී වශයෙන් දුක්ඛ වේදනාවට ද්වේශ කරමින් ‍සුඛ වේදනාවට පලාභ කරමින් දොශ සිත්ද උන්වහන්සේලා තුල නොවීය. මේ බෝධිය මහා බල සමිපන්නයි. මේකේ දෙවිවරැ එහෙමත් ඇති. මේකට වැඳ වැඳ ගිය ගොඩ දෙනෙක්ට මේක මේක ලැබිලා තියෙනවා ආදී වශයෙන් හටගත්තාවු මොහ සිතුවිලිද උන්වහන්සේලා තුල නොවීය. ‍‍මෙබදු මහත් ආශ්චර්‍යමත් පුන්‍ය ශක්තියක් ඇති කුසලයක් සිදුකිරීමට උන්වහන්සේලා තුල එක් දෙයක් තිබිණි. ඒ තමයි තුන්රැවණ කෙරෙහි වන්නාවු පැහැදීම. ඒ පැහැදීම තුලින්මයි මේ ලැබුවා වූ සැප සමිපත් ලැබුවේ. ඒ පැහැදීම තුලිමයි ඒ පුජාවන් සිදුකලේ, ඒ පැහැදීම තුලින්මයි ඒ සංස්කාර රැස් කලේ, ඒ පැහැදීම තුලින් මයි සියළු දුකින් මිදුනාවු පරම ශාන්ත වූ, සියළු සුඛයන් පැරයූ, උතුමි වූ නිවනින් නිවී සැනසුනේ.මෙවන් ආශ්චර්‍යක් සිදු කලේ ‍බෝරැකක් නෙමයි ඒකාන්ත වශයෙන් තුන්රැවන කෙරෙහි ඇතිකර ගත්තාවූ පැහැදීමයි, ශ්‍රද්ධාවයි. මේ කරැණ වැටහෙන්නට ඇති යන්නයි අපගේ අදහස.

සාරංශය.
01)බෝගසකට කුසල් ලබා දීමේ හෝ පැමිණි දුක් දුරැ කිරීමේ ශක්තියක් නැත.

02)කුසල් හට ගන්නෙත් අකුසල හට ගන්නේත ස්වකීය චිත්ත චෛතසික පරමිපරාව තුල විනා බෝගස තුල නොවේ.

03)බෝධි පුජෘවකින් යමි ආශ්චර්‍යමත් ඵලයක් යමෙක් ලැබුවා නමි එසේ ලබන්නේ නමි එය තුන්රැවන නිසාම සිදු වන්නකි.

04)බෞද්ධයන් බෝධියට පූජා කරනුයේ "ගසක් වදිමි" යන අර්ථයෙන් නොව. ඒ තුලින් කාටත් කුසල් කිරීමට පහසු වන ශාන්ත වු අරමුණක් ජනිත කර ගැනීමට පහසු බැවිනි.

05)බෝධි පුජා කිරීමේ දී මට මේ මේ දේ ලැබේවා! ආදී වශයෙන් ලොභයෙන්ද, පැමිණි විපතට ද්වේශයෙන්ද, ගසකින් මේ මේ දේ ලැබේය යන මොහයෙන්ද යුතුව යම් ක්‍රියාවක් කරන්නේ නමි අකුසල මූල මුල් වී කරන්නාවු ඒ ක්‍රියාවන් කුසල් නොව අකුසල්ය. යමිසේ කුසල් ජනිත වුවද ඒවා ප්‍රබල වූ ත්‍රිහේතුක කුසල් නොව ද්විහේතුක හෝ අහේතුක කුසල්ය.

06)එබැවින් බෝධි පුජා පමණක් නොව කුමන කුසලයක් කලද ඒවා අලෝභ, අදෝශ, අමෝහ යන කුසල මූලයන් හැකි පමණ ඇතිවන සේ කල යුතුය.

ඊලඟ ලිපියෙන් බෝධි පුජා කරන්නට ගොස් අකුසල් රැස් කර ගන්නා ආකාරය හා මිත්‍යාවන්.

ඔබ සැමට නිවනින් නිවී සැනසීමට මේ කුසලයන් හේතු වාසනා වේවා!!
තෙරැවන් සරණයි! 
Read More...
5 අදහස් හා විමසීමි

බෝධි පුජාව ද ගස් ගල් වැද වැද යෑමද?


මිතුරනේ, ‍අද මෙම ලිපියෙන් කරැණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නේ කා අතරත් ප්‍රචලිත නමුත් මිත්‍යාවන් ගෙන් වැසී ගිය මහත් වූ පුන්‍ය කර්මයක් පිළිබඳවයි. ඒ අනුව මෙම ලිපිය කොටස් 03 කින් ඉදිරිපත් කිරිමටයි බලාපොරොත්තු වන්නේ.

"බෝධි පූජා" මෙම වචනය කණ වැකෙත්ම අපට නැගී එන චිත්ත රෑපය වන්නේ කළගෙඩි රැසක් ගෙන ඇසතු ගසක් වටේ කැරකෙමින් එයට පැන් වත්කරන තැනැත්තන්, මෙයාගේ මේ අපලය දුරැ  වේවා!! සෙනසුරැ අපලය දුරැවේවා!! යනාදි වශයෙන් සටහන් කොඩි එල්ලන ලද ඇසතු ගසක් නේද? වර්ථමානයේ බොහෝ දෙනා බෝධි පුජාව යන්න භාවිතා කරන්නේ ග්‍රහයන්ගෙන් ඇතිවන්නාවු අපලයන් දුරැ කර ගැනීමට භාවිතා කරන්නාවු ශාන්තිකර්මයක් වශයෙන් වීම මෙයට හේතුවයි.  බෝධි පුජා වශයෙන් වර්ථමානයේ කරන්නාවු බොහෝ වත් පිළිවෙත් තුලින් ඒ පුද්ගලයන් වෙත කුසල් අත්පත් කර දෙනවාට වඩා සිදුවන්නේ සංසාර දුක්ඛයට පමුණුවන්නාවු අකුසල් රැස් කර දීමයි. එය එසේ වන්නේ කෙසේද යන්න සහ. හණමිටි සමිප්‍රදායෙන් මිදී නිවැරදි දේ නිවැරදි අයුරෙන් දැකීමට මෙම කරැණු ඔබට හේතු වාසනා වේවා!!

ඇසතු රැක්ෂය පූජනීය වන්නේ ඇයි?

වර්ථමානයේ බෝධිය වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ "ඇසතු" යනුවෙන් හදුන්වනු ලබන ශාකයයි. අපගේ භාග්‍යවත් ගෞතම සමිමා සමිබුදු රජානන්වහන්සේගේ මහාබෝධිය නැත්නමි බුද්ධත්වය ඉටුකර දීමට උපකාරී වු ඒ රැක්ෂය ඒම හේතුව නිසා බෝධි රැක්ෂය වශයෙන් ප්‍රචලිත වුවා යැයි කිව හැකියි.  මහා පදාන අට්ඨ කතා, කාළුදායි ථෙරගාථා අට්ඨ කතා, බුද්ධ වංශ අට්ඨ කතා යන අටුවාවන්හි සදහන් පරිදි සිදුහත් මහා සෘෂින්වහන්සේගේ උපත සිදුවූ දිනයෙහි දී ගයා ශිර්ෂයේ පිහිටි සියළු බුදුවරයානන්වහන්සේලාට බුදු බව පසක් කර දෙන්නාවු අචල වූ ජය භුමියේ අපගේ භාග්‍යවතුන්වහන්සේට බුදුබව සඳහා උපකාරි වන්නාවු බෝධි රැක්ෂය පැනනැගුන බව සඳහන් වෙනවා. මෙම රැක්ෂය මෙකල තුන් ලොව පහල වන්නාවු උත්තරීතර තැනැන් වහන්සේගේ බුද්ධත්වයට උපකාරි වන්නාවු රැක්ෂය බැවින්, මෙකල ඇති  සියලුම රැක්ෂයන් අතරින් උත්තරීතරම රැක්ෂය වන්නේ මෙයයි. නමුත් බෞද්ධයන් ඇසතු ගස පුදනුයේ මෙකල ඇති රැක්ෂ අතරින් උත්තරීතරම රැක්ෂය යන අර්ථයෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු සතියක් මුලුල්ලේ බුද්ධත්වය සඳහා තමාට උපකාරි වූ රැක්ෂය දෙස ඇසි පිය නොහෙලා බලා සිටිම තුලින් නේත්‍ර පූජාවක් කරනු ලැබුවා. මෙය සාමාණ්‍ය පුද්ගලයෙකුට කල හැකි පුජාවක් නොවෙයි. අනිමිස ලොචන පූජාව යනුවෙන් හදුන්වනු ලබන්නේ මෙයයි. ඉන්දියාවේ ආනන්ද බෝධින්වහන්සේ, ශ්‍රී ලංකාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ඒ ගයා ශිර්ශයේ පිහිටි මහා බෝධියෙන් හටගත් බෝධින් වහන්සේලායි. එයින් ආනන්ද බෝධින් වහන්සේ විනාශමුඛයට පත්වු අතර ංයශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකා ද්විපයේ අනුරාධපුරයේ තවමත් විරාජමානව වැඩ සිටිනවා. තවද ජය ශ්‍රෟ මහා බෝධියෙන් හටගත් අංකුරයන් ගෙන් හටගත් බෝධින් වහන්සේලා ලංකාව පුරා වි්‍යාප්තව තිබෙනවා. මේ පිළිබඳ පුර්ණ විස්තරයක් සංහල බෝධි වංශය කියවීම තුලින් කෙනෙකුට දැන ගැන්මට පුළුවන්. මේ සාමාණයයෙන් ඇසතු ගස සමිබන්ධයෙන් බෞද්ධයෙකු තුල ඇති හැඟිමයි.


බෝධි පුජාවේ ආරමිභය

බෝධිපුජාවේ ආරමිභය පිලිබඳව කරැණු අන්තර්ගත වන්නේ ත්‍රිපිටකය තුලයි.
එම නිධානය ඔබට පහලින් කියවා ගත හැකිවනු ඇති.

සුගතයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක්. අනද තෙරුන් විසින් කරන ලද මහත් වූ බෝධි පූජාවක් අරභයා මේ ජාතකය වදාළ සේක (මෙහි පහතින් නිදාන කථාව පමණක් දක්වා ඇත.)

භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම ජනපද චාරිකාවෙහි යෙදුන දිනක බොහෝ උපාසක උපාසිකාවෝ පුද පූජා ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රමට ආවාහු. බුදුන් නොදැක ශෝකීව ඒ පුද පූජා පිදිය යුතු අන් තැනක් නැත්තෙන් විහාරය සමීපයෙහි රැස් කොට තබා ගියහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ බුදුන් වහන්නේ පිටත වැඩි විට උන් වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජා වස්තුවක් ඉල්ලා ගන්ට සිතූහ.
නැවත භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔවුහු රැස්ව පූජා වස්තුවක් ඉල්ලීමෙහි ආනන්ද තෙරුන් මෙහෙයූහ. ඒ තෙරණුවෝ ගොස් පූජා වස්තු කවරේදැයි විචාරා බුදුන් වෙනුවට පූජා වස්තුවක් ඉල්ලූහ. ආනන්ද ශාරීරික උද්දේසික පාරිභෝගික යයි පූජ්‍ය වස්තු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසු වන්නේය. උද්දේසික පූජාව නම් ධර්මයට බුද්ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්ධත්වයේ පිටදුන් බෝධි වෘක්ෂයට ද කරන සත්කාරයයි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා ඊට සත්කාර කරතොත් ඒ මට කළ සත්කාර හා සමයයි වදාළ සේක.
කොසොල් රජ ආදී හට අනද තෙරණුවෝ මෙපවත් දන්වා ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා ජයසිරි මහා බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්ට මුගලන් තෙරුන් අයදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එකෙනෙහි සෘධියෙන් ගොස් උරුවේලායෙහි ජයශ්‍රී මහා බෝ සමීපයට වැද එහි නටුයෙන් ගැලවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම අවුත් ඒ අනද තෙරුන්ට දුන්හ. කොසොල් රජතුමා එය රන් කරඬුවකින් ගෙන වළ තෙවරක් පැද කුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුහු ඝන රන් තලියක සුවඳ කළල් පුරවා තලිය පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූහ. 
මෙය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කරමින් වැඩුන හෙයින්ද ආනන්ද බෝධි නම්වි. දිනක් අනද තෙරුන්ගේ අයදනින් භාග්‍යවතුන් වහන්සේ ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුඛයෙන් වැඩහුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයෙක් විය.

දම්සභා මණ්ඩපයෙහි රැස්වූ භික්ෂුන් අතර ආනන්ද ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ ජීවත්ව සිටියදීම බෝධි පූජාවක් කළේ යැයි කතාවක් උපන් කල්හි එහි වැඩි බුදු රජාණන් වහන්සේ මහණෙනි පෙරත් ආනන්ද ස්ථවිරයෝ පිරිවර සහිතව සතර මහාද්වීපයෙහි මනුෂ්‍යයන් ගෙන්වා ගද දුන් මල් පහන් ගෙන බෝ මැඩ බෝධි පූජාවක් කරවූවෝ වේදැයි ඉකුත් වත වදාළ සේක.
(ඛුද්දක නිකාය, තෙරසක නිපාතය (13) කාලිංග බෝධි ජාතකය.)


මේ අනුව බෞද්ධයන්ගේ බෝධි පුජාවේ නියම අර්ථය වනුයේ රැක්ෂයක් පිදීම නොවන බව ඔබට දැන් පැහැදිලි ඇති. සියල්ල දැන වදාලාවු භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ හිදිනා විට දී මෙන්ම පිරිණිවන් පෑ කලද උන්වහන්සේ  වෙනුවෙන් යමි වන්දනාවක් හෝ පුජාවන් හෝ කරන්නෙකුට මහත් ඵල මහානිසංසක වු පුජාවක් කිරිමට හේතු වන්නාවු පුජා වස්තුවක් සපයා දීම බුදු පියානන් වහන්සේ මේ අනුව අප වෙනුවෙන් අනුකමිපාවෙන් අනුදැන වදාරා ඇත. එසේ බෝධියට කරන්නාවු යමි වන්දනාවක් හෝ පුජාවක් වේ නමි එය බුදුපියාණන්වහන්සේට කරන්නාවු වන්දනාවක් හා පුජාවක්ම වන්නේය. එය එසේ විමටත් කරැණු කිහිපයක් පිළි පැදිය යුතුයි. එම කරැණු මොනවාද යන්නත් මෙම ඉහත නිධාන කතාව තුලින්ම පැහැදිලියි.


නියම බෝධි පුජාව කුමක්ද?

බුදු පියාණන්වහන්සේ කිසි විටකත් රැක්ෂයක් වන්දනා කිරිමේ අර්ථයෙන් බෝධි පුජාවක් නොපනවනු ඇත. ඒකී කරැණ ඔබට පහත ධමිම පද ගාථාවන් ගෙන් තේරැමි යනවා ඇති.
  
බහුං වෙ සරණං යන්‌ති, පබ්‌බතානි වනානි ච;
ආරාමරුක්‌ඛචෙත්‍යානි, මනුස්‌සා භයතජ්‌ජිතා.
නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත්‌තමං;
නෙතං සරණමාගම්‌ම, සබ්‌බදුක්‌ඛා පමුච්‌චති.
යො ච බුද්‌ධඤ්‌ච ධම්‌මඤ්‌ච, සඞ්‌ඝඤ්‌ච සරණං ගතො;
චත්‌තාරි අරියසච්‌චානි, සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති.
දුක්‌ඛං දුක්‌ඛසමුප්‌පාදං, දුක්‌ඛස්‌ස ච අතික්‌කමං;
අරියං චට්‌ඨඞ්‌ගිකං මග්‌ගං, දුක්‌ඛූපසමගාමිනං.
එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්‌තමං;
එතං සරණමාගම්‌ම, සබ්‌බදුක්‌ඛා පමුච්‌චති.

මෙහි පළමු ගාථාවේ තේරැම වන්නේ බියෙන් තැතිගත් මිනිසුන් පර්වත, වනයන්, ආරාම මෙන්ම රැක් චෛත්‍ය යන මේවා බොහෝ සෙයින් සරණ යති යන්නයි.

මෙහි ඊලඟ ගාථාවෙන් දැක්වෙන පරිදි මේ කියන ලදි ගස් පර්වත ආදි සරණ යෑමි උතුමි නොවෙති නිර්භය නොවෙති මේ සරණයන්ට පැමිණ සියළු සසර දුකෙන් නො‍මිදෙයි.

තුන්වන ගාථාවේ පරිදි යමෙක් බුදුන්ද ධර්මයද සංඝයාද සරණ ගියේ නමි හෙතෙම සරත ආර්‍ය සත්‍යයන් විදර්ශනා නුවනින් දකින බැවි සඳහන්.

තවද දුක්ඛ සත්‍යයද දුක්ඛ සමුදය සත්‍යයද දුක්ඛ නිරෝධ සත්‍යයද දුක් සංසිංදුවීමට හේතුවන අරිඅට මග හෙවත් දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා සත්‍යයද ඔහු විදර්ශනා නුවනින් දකියි.

එම නිසා මේ තිසරණය නිර්භයය. උතුමිය එබැවින් මේ තිසරණයට පැමිණිමෙන් සියලු සසර දුකෙන් මිදෙයි. මෙම ගාථාවන් 05 හේ අර්ථය වන්නේ මෙයයි.
වැඩිදුර කියවන්න.


මෙම කරැණු අන්තර්ගත වන්නේ ධමිමපදයේ බුද්ධ වර්ගයේයි. මෙහි සදහන් වන පරිදි ආරාම, විහාර, රැක්ෂයන්, සරණ යෑමෙන් බියෙන් නොමිදෙන බවත් තෙරැවන් සරණ යෑමෙන් සසර බියෙන් මෙන්ම සියලු බියෙන් මිදෙනා බවත් ඔබට පැහැදිලි වනවා ඇති.  

මේ අනුව කලින් කියන ලද පරිදි දැන් සූදානමි වන්නේ බෞද්ධයා කරන්නාවු බෝධි පුජාව ගසක් පිදීමෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පහදා දීමටයි.

බෝධි පුජාව ගසකට කරන වන්දනාවකින් වෙනස් 

වන්නේ කෙසේද?

කලින් කාලිංග බෝධි ජාතකයේ නිධාන කථාව පරිදි බුදු පියානන් වහන්සේ වන්දනා කිරිමට පැමිණි පිරිසට වන්දනා කිරිමට බුදු පියාණන්වහන්සේ නොමැති විම මතයි ආනන්ද බෝධිය රෝපනය කිරිම උන්වහන්සේ අනුදැන වදාලේ. ඒ අනුව යමෙක් අද බෝධි පුජාවක් කරනවා නමි අද ඔහුගේ පරමාර්ථය විය යුත්තේද බුදු පියානන්වහන්සේ වන්දනා කිරිමම විය යුතුයි. එසේ නොමැතිව ගසක් පුදා කරනු ලබන පුජාවක් බුදු පියාණන්වහන්සේ විසින් දේශනා කර නැති බව බෞද්ධයන් සියළු දේනාම අවභෝධ කරගත යුතු කරැණක්.


වන්දනා කිරිම හෝ පුජා කිරිමේ දී සිදුවන ක්‍රියා දාමය 

කුමක්ද?

අපි ඇසින් රෑප දකිනවා, කණින් ශබිධ අසනවා, නාසයෙන් ඝද සුවද අරමුණු ලබා ගන්නවා. දිවෙන් රස විදිනවා. ශරිරයෙන් ස්පර්ශ ලබා ගන්නවා, මනසින් විවිධ අමුණු සිතනවා. මේ ෂඩායතනය උපයෝගි කරගෙන අරමුණු ලබාගන්නවා. මේ ලබා ගන්නා අරමුණු අනුව කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කරනවා. මේ සිදුකරන කාය, වචී, මනෝ සංස්කාරයන් තමයි කුසල කර්මහෝ අකුසල කර්ම කියන්නේ. සංස්කාර කියන්නේ ක්‍රියාවන්ට. මෙම සංස්කාරයන් කුසල කර්මයන් වන විට පුන්‍යාභි සංස්කාර වශයෙන් හදුන්වනවා. අකුසල කර්මයන් වන විට හදුන්වන්නේ අපුන්‍යාභිසංඛාර වශයෙනුයි.

පංචස්කන්ධ ක්‍රියා දාමය

ශරිරයේ අභ්‍යන්තර ආයතන 06 මහින් භාහිර ඇති රැප,  ශබිධ, ගණ්ධ, රස ස්පර්ශ, ධමිම කියන භාහිර අරමුණු ලබාගෙන, පංචස්කන්ධ ධර්මයන් රැස් කිරිමයි මෙහිදි සිදුවන්නේ. එතකොට ‍යමි බෞද්ධයෙක් බෝධි පුජවන් පවත්වනවා නමි, ඔහුට මේ සංස්කාරයන් ජනිත කර ගැනිමට බාහිර අරමුණු පැවතිය යුතුයි. යමෙක්ට අග්‍රතම කුසලයක් කිරිමට අවශ්‍ය නමි ඔහු කල යුත්තේ තුන්රැවනේ ගුණ සිහිකර ඒ කුසලය කිරිමයි. මෙහිදී බෝධි රැක්ෂය භාග්‍යවතුන් වහන්සේ සිහිකර දෙන්නාවු අරමුණයි. බෝධියක් දෙස බලන්නෙකුට භාග්‍යවතුන් වහන්සේ බෝධි මුලයේ සිට එකලාවම මාර සංග්‍රාමයේ යෙදුනු ආකාරය සිහි වන්නක්. බුද්ධත්වවට පත්වු ඒ උතුමි මොහොත සිහි වන්නක්. අනිමිස ලොචන පුජාව පැවත්විම සිහිවන්නක්. මේ අයුරෙන් බලනා විට ධර්මය පිළිබද පෘතූල දැනුමක් නැති බෞද්ධයෙකුට වුවත් බෝධි රැක්ෂය බුද්ධානුස්සති භාවනාව කර දෙන්නාවු අරමුණක්.

බොධි රැක්ෂයක් අසලට යන විට ඔබ දැනෙන්නාවු නිසල තාවය, ශාන්ත භාවය, සතුට, සිතල අන් කිසිවක් නොව බෝධි රැක්ෂය මගින් ඒ මතු කර දෙන්නවු බුද්ධානුස්සතික වු සිතුවිලි මාලාව බව සිත දෙස හොදින් විපරමි කර බලන්නෙකුට තේරැමි ගත හැකි වන්නට පුළුවන්.

ඒ අනුව ඉහත ගාථාවන්ගේ සදහන් පරිදි බෝධි වන්දනාවක් හෝ පුජාවක් කරන්නේ නමි එය බුදු ගුණ, දහමි ගුණ සගුන් ගුණ මෙනෙහි කරමින් තුන්රැවනට කරන්නාවු වන්දනාවක් විය යුතු අතර එසේ නොවන්නක් නිකමිම නිකං ගසකට වැදිමක් පමණක් වනු ඇත. එය උතුමි සරණ යෑමක් නොවන්නා සේම එයින් පැමිණි උපද්‍රව දුරැවිමක්ද සිදු නොවේ. නිකං වනචාරින් ගස් ගල් පර්වත වදින්නාක් මෙන් ඇසතු ගස් වදිනා බෞද්ධයන් ඒ පිළිබඳව, තමුන්ගේ මොඩ කම පිළිබදව ලැජ්ජා විය යුතුය.

මේ කරැණ තවත් හොදින් පැහැදිලි කර ගන්නට පුළුවන් ඉහත ගාථා 04 හි නිධාන කතාව දැන සිටිමෙන්.
පසේනදි කොසොල් රජුගේ පිය රජ තුමාට අනුසාසනා කල අග්ගිදත්ත බමුණා වියපත් කල තපසට වනි. ඔහු යහපත් අයෙක් බැවින් ඔහු හා දහස් ගණනක් පිරිසද තපස සඳහා නික්මිණි. මොහු පිරිස සමඟ තපස් ආරාමයේ වාසය කරනා විට ඔවුන් අතිරින් අයෙකුට හෝ කෙලෙස් සිතක් හට ගත්තේ නමි ගොටුවකට වැලි ගෙනවිත් ගොඩ ගැසිමේ චාරිත්‍රයක් ඇතිකර ගන්නා ලදි. කාලයක් ගත වීමෙන් එහි මහා වැලි කන්දක් ඇති විය. මේ වැලි ගොඩේ විශාල නාගයෙක් තම වාසස්ථානයපිහිටුවා ගන්නා ලදි. බොහෝ මෝඩ ජනයා ඒ නාග රාජයා මහා තෙදැතියෙකි බලැතියෙකි කියා වදිනනට පුදන්නට විය. අග්ගිදත්ත බුමුණාත් බියෙන් තැතිගත් මිනිසුන්ට එයින් මිදිමට පර්වන වන ආරාම ආදිය සරණ යෑමට උපදෙස් දෙමින් වසයි. ඔවුන් සියලු දෙනාට අරහත් ඵලයේ පිහිටිමට පාරමිතා ශක්තිය ඇති බැවි දුටු බුදු පියාණන්වහන්සේ ඔවුන් අරභයා මෙම ගාථාවන් දේශනා කල අතර එය ඔවුන්ට සාර්ථක විය.

වර්ථමානයේ බෞද්ධයෝ

වර්ථමානයේ බෞද්ධයොත් මෙසේය. අර පිලිමේ රැස් විහිදෙනවා කිවිවොත් එයට වදින්නට යති. අර චෛත්‍යයෙන් එලියක් එනවා කිවිවොත් ඒකත් වදින්නට යති. අර ගහේ දෙයියෝ ඉන්වා කිවිවොත් ඒ ගසට පහනක් දල්වති. මේ චෛත්‍යයේ වටිනා වස්තු නිධන් කර ඇතැයි එයටද වදිති. මේක සර්ව ආමි එකමුතුව ඇතිකිරීමේ චෛත්‍යකි කියා එයටත් වදිති. මෙම ලිපිය ඔබ කියවූවා නමි ඔබගේ මොඩ කම ඔබටම තේරැමි යා යුතුය.

පරමාර්ථ වශයෙන්

මේ ගස්, වැල් වනාන්තර, චෛත්‍ය, ප්‍රථිමා විහාර ආදී සෑම දෙයක්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන් නිර්මිතයි. ඒවායේ විශේෂිත පූජනීය බවක් හෝ අන් කිසිවක් හෝ නැති බව ඔබ තේරැමි ගත යුතුයි. පිහිඹියා ගසකට බෞද්ධයන් කිසිවෙක් වදින්නේ නෑ. නමුත් බෝගසකට නැත්නමි ඇසතු ගසකට බෞද්ධයන් වදිනවා. යුරෝපා ජාතිකයන් බෝ ගස් වලට වදින්නේ නෑ. ඔවුන් වෙන මොකක් හරි ගසකට වදිනවා වෙන්ට පුලුවන්. යමක ඇති පුජනීයත්වය යන්න අපේ සිත තුල ඇති සිතුවිලි මාත්‍රයක් විනා එම අරමුණ තුල ඇති කිසිවක් නෑ. භාග්‍යවතුන් වහන්සේ භාහිර ආයතන අභ්‍යන්තර ආයතන ආදී සියල ශුණ්‍ය බව දක්වා වදාරා ඇත්තේ ‍මෙයයි. තරමක් ගැඹුරැ කරැණක් තේරැමි ගන්නා අයෙකුට තේරැමි ගැණිමටයි ලියා තැබුවේ. බෝධි රැක්ෂය ගත්විට එහි තත්වයද එසේමයි. පිහිඹියා ගසක් දුටු විට ඇති නොවන ගෞරවයක්, ශ්‍රද්ධාවක් බෞද්ධයන්ට ඇසතු රැක්ෂය දුටු නිසා ඇතිවෙනවා. ඒ ඇසතු රැකේ ඇති දෙයක් නිසා නොව භාග්‍යවතුන් වහන්සේගේ ජිවිතය හා සමිබන්ධ සිදුවිමි වලට ඇසතු රැක්ෂය සමිබන්ධ විම නිසා  එම අරමුණ නෙතේ ගැටිමෙන් ඇතිවන මනෝ විඤ්ඤානයන් නිසා ඇතිවන්නක් ඇතිවන්නක් බව පැහැදිලිව තේරැමි ගත යුතුයි.

අනිත් කරැණ මේසේ භාග්‍යවතුන්වහන්සේම උන්වහන්සේ දිවමන් කල මෙන්ම පිරිනිවිගිය කලද උන්වහන්සේට පිට දුන් බෝධිය උන්වහන්සේගේ පාරිභෝගික චෛත්‍යක් වන බව වදාලා ඇති බැවින්ද ආනන්ද බෝදිය එනයින්ම පුජනීයයි. නමුත් සෑම තැනම ආන්න්ද බෝධියේ ශාකා නැත ජය ශ්‍රී බෝධියේ ශාකා ද නැත. එම බෝධිවහන්සේලා හැර අන් බෝධින්වහන්සේලා උද්දේසික චෛත්‍යයන් පමණක් වනු ඇත. එවැනි බෝධියක් වන්දනා කල නයින්ම පින් සිදුවිම සිදු වන්නේ නැත. එබදු විටක  වන්දනා කර කුසල් රැස් කර ගැනිමට නමි බුදු රජානනවහන්සේ සිහිකර දෙන්නාවු අරමුණක් ලෙස එය බාවිතා කරනු විනා අන් අයුරකින් එය කල නොහැකි වනු ඇත.

සාරංශය

  • බෞද්ධයන් වනචාරීන්, ආදි වාසීන් මෙන් ගස්, ගල් පර්වත, විහාර චෛත්‍යය සරණ යන්නේ නැත. එසේම ඒවායේ වාසය කරන්නාවු රැක් දෙවියන්, විමාන දෙවියන්, විමාන ප්‍රේතයන් ආදිය සරණ යෑම කරන්නේද නැත.
  • ඔවුන්ගේ එකම සරණ යෑම වනුයේ තුන්රැවණ සරණ යෑමයි. එම තුන්රැවන පහසුවෙන් සරණ යෑම සඳහා ගස්, ගල් පර්වත, බුදු පිළිම, චෛත්‍ය, මෙන්ම වැලිගොඩක්, ගොම ගොඩක් පවා අයෙකුට භාවිතා කරන්නට පුළුවන්.
  • බුදුපියාණන්වහන්සේ ආනන්ද බෝධිය රෝපනය කිරිමෙන් බලාපොරොත්තු වූයේ බෞද්ධයන්ට බුද්ධ වන්දනාව සඳහා කෙලෙස් නුපදින්නාවු, සිත සැනසීමට පත් වන්නාවු ශාන්ත වු පුජා අරමුණක් සපයා දීමයි. එසේම එය බුද්ධ නියමයයි.
  • මෙහිදී යමි අරමුණක් තුලින් තුන්රැවන පහසුවෙන් සිහි කර දේ නමි එම අරමුණ තුලින් තෙරැවන් සරණ යෑමෙන් සාර්ථක ප්‍රථිපල අත්කර ගන්නට පුළුවන්.
  • ගයා ශිර්ශයේ ජය ශ්‍රි මහා බෝධිය ඇති ස්ථානයට සාමාණ්‍ය මිනිසුන්ට ඇතුලු විය නොහැකියි. එය බුදු පියාණන්වහන්සේ පරිභෝග කල නිසා පාරිභෝගික චෛත්‍යක් වන්නේය. ආනන්ද බෝධියද බුදු පියාණන්වහන්සේ සමවත් සුවයෙන් පරිභෝග කල නිසා පාරිභෝගික චෛත්‍යක් වන්නේය. එසේ පරිභෝග කල අන් බෝධියක් වේ නමි එයද පාරිභෝගික චෛත්‍යක් වන්නේය.  එසේ නොවන අන් සෑම බෝධියක්ම උද්දේශික චෛත්‍ය ගණයෙහිලා ගණන්ගත යුතුය. ඒවායෙන් මහත් කුසලයක් අත් කර ගැණිමට නමි තුන්රැවන අරමුණු කර වන්දනා මාන කල යුතුම වන්නේය.  


ඊලඟ ලිපියෙන් බෝධි පුජාවේ අනුසස්.   
Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...