Printfriendly

7 අදහස් හා විමසීමි

අසිරිමත් බුදු තෙමඟුල (මහා පරිණිර්වානය)

මහණෙනි, පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියාව මහජනයාට සිත් තැවුල්වේ. කවර දෙදෙනෙක්හුගේද යත්, තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සමිබුද්ධයන් වහන්සේගේද, සක්විති රජහුගේද වෙත්.  
 (අංගුත්තර නිකාය, දුකනිපාතය, දෙවන පන්නාසකය,කාලකිරිය සූත්‍රය.)

මේ පණිවිඩය සැමට නොවෙයි.
ප්‍රිය මිතුරනේ ධර්මය නමි ආලොක හුල ශේෂකොට තබා භාග්‍යවතුන් වහන්සේ නමි ප්‍රඥා ප්‍රදිපය නිවි ගොස් දැන් වසර 2555 ක් ගතවි හමාරය, මෙය සැමරිමට කාලයක් නොවන්නේය, සංවේගය උපදවිමටම කාලය වන්නේය. අනියත බව හා විපරිණාමය ලක්ෂනය කොට ඇති මේ ලොවේ විපරිත නොවි වෙනස් නොවි පවතින්නාව ධර්මයක්ද ලැබිය නොහැකි වන්නේය. ධර්මයේ අභාවය ආරමිභ වුයේ අද ඊයේ නොවේ, භාග්‍යවත් බුදුපියානන්වහන්සේ පිරිණිවි බැවි දැන ගත් කල්හි සුභද්‍ර නමි මහා කාශ්‍යප මහරහතුන්වහන්සේගේ පිරිසෙහි වු වියපත් කල පැවදි වු භික්ෂුවක් විසින් කල ප්‍රකාශයෙන්ම ඒ බැවි පැහැදිලි වේ. එසේ වුවත් සංඝ රත්නය විසින් දරනා ලද අප්‍රමාණ වු ප්‍රයත්නයන්ගේ ප්‍රථිපලයක් වශයෙන් අද ද නිර්මළ වු බුදු දහමින් ධර්මාවභෝධයට උපකාරි වන්නාවු තරමි ධර්ම රත්නය වැඩ සිටියි. නුවනැති ධර්මය උගත් අයෙක් වෙත් නමි ඔහුට ඉදිරියේ පැමිනෙන්නාවු මහා සාෂනික  විකාතිවිමක හා ධර්මයේ යටපත් විමක ලකුණු අදද දැකිය හැකි වුනු ඇත. එබැවින් ප්‍රිය මිතුරනේ මෙය පමා විමට කාලය නොවෙයි. හිස ගිනි ගත් අයෙකු යමි සේ ඒ ගින්න නිවාද එමෙන් නිවන් මග සෙවිමට කාලය මෙයයි. නමුත් මේ පණිවිඩය සැමට නොවෙයි. සසර වසන සත්ත්වයෝ සසරෙහිම වසත්වා!! නිවන් සොයන්නවුන් හට මෙය ප්‍රමාදයට කාලය නොවෙයි. 

පෙර ලිපි ද්විත්වයෙන් භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියත් සමිබෝදියට පත්විමත් ගෙන බැලුවා ඔබට මතක ඇති. මෙම ලිපියෙන් දකිනාවු ධර්මය වන්නේ භාග්‍යවතානන්වහන්සේගේ මහා පරිණිර්වාණයයි. ත්‍රිපිටකයේ යමිතාක් සුත්‍ර ඇත්ද, ශ්‍රද්ධාව සඳහා යමි සුත්‍රයක් සොයන්නෙකුට මහ පරිණිර්වාණ සුත්‍රය හැර අන් සුතුරක් නමි නැත්තේමය. ඔබ බෞද්ධයෙක් නමි, භාග්‍යවතුන්වහන්සේ ගැන යමි තරමක හෝ ගෞරවයක්. බුහුමානයක් ඇත්නමි, මහා පරිණිර්වාණ සුත්‍රය කියවා බලන්න. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස පිරිනිවන් නොපානු මැනව, තවත් කලක් වැඩ සිටිනු මැනවැයි ඔබේ සිතින් නැග එන්නාවු ඒ සිතුවිල්ල ඔබට මුලු සුත්‍රය පුරාම අත් දැකිමට හැකිවනු ඇත. ශ්‍රද්ධාවෙන් නැගෙන්නාවු කදුලු බිදුවක් එබේ නෙතෙන් නොගලන්නේ නමි එය විය නොහැක්කක් යැයි සිතමු. ඔබම කියවා අත් දකින්න. ඉතා දිර්ඝ වු මහා පරිණ්බිබාණ සුත්‍රය සමිපුර්ණයෙන් මෙහි දැක්විම කල නොහැක්කක්. එබැවින් කොටසක් පමණක් මෙහි දක්වා ඇත. සමිපුර්ණ සුත්‍රය මෙතනින් කියවන්න. 

භාග්‍යවතුන් වහන්ස්ගේ අවසන් ශ්‍රි වදන 
මහණෙනි, දැන් ඔබලාට කියමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී කළයුතු දේ සමිපාදනය කරව”. මේ තථාගතයන්ගේ අන්තිම බුද්ධ වචනයයි
 
 එවිට ලොකාග්‍රවු භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගී දෙවෙනි ධ්‍යානයට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යානයට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝය.

එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන වහන්සේගෙන් මෙසේ ඇසුවේය. ස්වාමීනි, අනුරුද්ධ තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝද.

ඇවැත් ආනන්දය, භාග්‍යවතුන් වහන්සේ තව පිරිනිවන් නොපෑවෝය. සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියට සමවැදුණෝයයි කීවේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තියෙන් නැගී නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුණෝය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගී විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගී ආකාසානඤ්චායතන සමාපත්තියට සමවැදුණෝය. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී දෙවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී පළමුවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. පළමුවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී දෙවෙනි ධ්‍යානයට සමවැදුණෝය. දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී තුන්වෙනි ධ්‍යානයට සමවැදුණෝය. තුන්වෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදුණෝය. හතරවෙනි ධ්‍යාන සමාපත්තියෙන් නැගී ඒ හතරවැනි ධ්‍යාන සමාපත්තියෙන් නැගීම හා සමගම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑසේක.

සහමිපති බ්‍රහ්ම රාජයා කමිපා වෙයි
භාග්‍යවතුන් වහනසේ පිරිනිවන්පෑ කල ඒ පිරිනිවන්පෑම හා සමගම ලොම් ඩැහැගන්වන ඉතා භයානකවූ මහා භූමිකම්පාවක් වූයේය. අහස ගුගුරන්නට විය. භාග්‍යවතුන් වහනසේ පිරිනිවන්පෑ කල ඒ පිරිනිවන්පෑම හා සමග සහම්පතී නම් මහා බ්‍රහ්මයා මේ ගාථාව කීයේය.

සත්ව ලෝකයෙහි සියලු සත්වයෝම යමි පරිද්දෙකින් ජීවිතේන්ද්‍රිය (ජීවිතය පැවැත්මට උපකාරවන ප්‍රධාන ඉන්ද්‍රිය ශරීරය ඉවත් කිරීම කරන්නාහු වෙත්ද, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි කිසිවෙකුට සමකළ නොහැකිවූ, ශාස්තෲවූ, තථාගතවූ, දසවිධ ඥාන බලයෙන් යුක්තවූ සම්‍යක් සමිබුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ පිරිනිවන් පෑවාහුයයි කීයේය.

සක් දෙවි රජු කමිපා වෙයි
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ශක්‍ර දිව්‍ය රාජතෙම මේ ගාථාව කීයේය.

සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍ය වන්නාහුය. ඉපිද නැසීම ස්වභාවකොට ඇත්තාහුය. ඉපිද නිරුද්ධ වන්නාහුය. ඔවුනගේ සංසිදීමයයි කියන ලද නිර්වාණයම සැපයයි.

අනුරැද්ධ මහා රහතුන් වහන්සේ නුවනින් ඉවසයි
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථා කීවේය.

ස්ථිර සිත් ඇති කමිපා නොවන්නාවූ ස්වාමිදරුවූ බුදුරජානන් වහන්සේගේ ආශ්වාස ප්‍රාශ්වාසය නොපවත්නේය. තණ්හාව නැතිකළාවූ ඒ මුනින්ද්‍රෝත්තමවූ බුදුරජානන් වහන්සේ ශාන්තියයි කියන ලද නිර්වාණය අරභයා කාලක්‍රියා කළෝය.

මනාකොට ප්‍රබෝධවූ චිත්තයෙන් (හොඳ සිහියෙන්) මරණාන්ත වේදනාව ඉවසීම කළෝය. පහනක් නිවීගියාක් මෙන් පිරිනිවන් පෑවෝය.

ආනන්ද තෙර කමිපා වෙයි
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි ඒ පිරිනිවන් පෑම හා සමගම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිර තෙම මේ ගාථාව කීවේය.

සියලු ආකාරයෙන් උතුමිවූ සම්‍යක් සමිබුද්ධයන් වහන්සේ පිරිනිවන්පෑ කල මහත්වූ ලොමු දැහැගැනීමක් වූයේය. එකල මෙසේ මහත්වූ භයානකවූ පෘථිවි චලනයක් වුයේයයි කීවේය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල එතැනට රැස්වූ භික්‍ෂු සංඝයා අතුරෙහි පහනොකළ රාගය ඇත්තාවූ යමි ඒ පෘථග්ජන භික්‍ෂු කෙනෙක් වූවාහුද, ඒ භික්‍ෂූහූ ඉතා ඉක්මනින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. සුගතයන් වහන්සේ වහා පිරිනිවන් පෑවෝය. පසැස් ඇත්තාවූ බුදුරජානන් වහන්සේ ඉතා ඉක්මනින්ම පිරිනිවන් පෑවෝයයි කියමින් සමහර භික්‍ෂූහු හිස අත් බැඳගෙන මහා ශෝකීව හඩන්නට විය. මැදින් කැඩුනාක් මෙන් ඇද වැටෙන්නට විය, පෙරළි පෙරළි හඩන්නට විය. රාගයෙන් දුරුවූ, යමි රහත් අනාගාමී භික්‍ෂු කෙනෙක් වූවාහුද, ඒ රහත් අනාගාමී භික්‍ෂූහූ සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. ඒය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිද එසේමය කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නට විය.

එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීවේය.
ඇවැත්නි, හැඞීමෙන් පළක් නොවේ. එහෙයින් ශෝක නොකරන්න, විලාප නොකියන්න, නොහඞන්න, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන්නට සිදුවන බව, වෙනස් වන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඉපදීම ආදිය ස්වභාව කොට ඇත්තාවූ යමි  පලුදුවන වන බි‍ඳෙන ධර්මයක් ඇත්ද, ඒ පලුදුවන ධර්මය විනාශ නොවිමට  හේතු නැත්තේය.

ස්වාමීවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, දෙවියෝ කුමක් සිතන්නාහුදැයි කියා ඇසුවෝය.

ආනන්දය, ආකාශයෙහි පෘථිවි සංඥා ඇත්තාවූ දෙවියෝද, පොළොවෙහි පොළොව යන හැගීම ඇත්තාවූ දෙවියෝද, “වහා තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑහ. සුගතයන් වහන්සේ පිරිනිවියහ යයි හිස අත් බැඳගෙන හඞත්, ඇදවැටෙත්, පෙරළෙත්

ආනන්දය, රාගයෙන් දුරුවූ යම් අනාගාමී රහත් දෙවි කෙනෙක් වූවාහුද, ඔවුහු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැනින් කොයින් ලබමෝදැයි කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

එවිට ආයුෂ්මවූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේද ධර්මයෙන් යුතු කථාවෙන් ඒ රාත්‍රියාගේ ඉතිරි කොටස ගත කළාහූය. එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවේය.

මල්ල රජදරැවන් වෙත පණිවිඩයක්
ඇවැත්වූ ආනන්ද, තොපි යව, ගොස් කුසිනාරා නමි නුවරට පැමිණ කුසිනාරා වැසි මල්ල රජදරුවන්ට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ බව කියවආනන්ද ස්ථවිරතෙම පෙරවරු කාලයෙහි හොඳින් හැඳ පොරවා පා සිවුරු ගෙන කුසිනාරා නුවරට පැමිණුනේය. එකල කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ඒ පරිනිර්වාණය කරුණු කොටගෙනම රැස්වීමි ශාලාවෙහි රැස්ව උන්නාහුය.

එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ රැස්වීම් ශාලාවට පැමිණ, “වාසෙටිඨ ගොත්‍ර යෙහිවූ මල්ල රජදරුවෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෝය. යමි ගමනකට කල් දනුවයි කීවේය. මේ වචනය අසා මල්ල රජුන් හා මල්ල රාජපුත්‍ර යෝද මල්ල රජුන්ගේ ලේලියන් හා මල්ල රාජුන්ගේ භාර්යාවෝද හටගත් දුක් ඇතිව දුකෙන් යුක්තව සිතෙහි හටගත් දුකෙන් පීඩිතව භාග්‍යවතුන් වහන්සේ ඉතා වහාම පිරිනිවන් පෑවෝයයි කියා හිස අත් බැඳගෙන හඞත්, බිම ඇදවැටත්, පෙරළෙත්. යමිපමණ රාගයෙන් දුරුවූ මල්ල රජදරුවෝ වූවාහුද, ඔවුහු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහුය, මෙතැනින් එය කොයින් ලබමෝදැයි කියා සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.

ශ්‍රි දේහයට අවසන් ගෞරව
එවිට කුසිනාරාවැසි මල්ල රජදරුවෝ සුවඳ මල්ද සියලුම තූර්යය භාන්ඩයන්ද, දෙක බැගින්වූ වස්ත්‍ර පන්සියයක්ද ගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය යමි තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරිරයට නෘත්‍යයෙන්ද, ගීතයෙන්ද, වාදිතයෙන්ද, මලින්ද, ගඳින්ද සත්කාර ගරුකාර වන්දනාමානාදී වශයෙන් පූජා කෙරෙමින් උඩුවියන් බඳිමින් මණ්ඩප පිළියෙල කරමින් ඒ දවස් හෙවත් ඒ පිරිනිවන් පෑ පළමු දවස ගතකළාහුය.

මෙසේ කුසිනාරා මල්ල රජදරුවෝ භාග්‍යවතුන වහන්සේගේ ශ්‍රී ශරිරය නෘත්‍යයෙන්ද, ගීතයෙන්ද, වාදිතයෙන්ද, මලින්ද, ගක්‍ෂින්ද සත්කාර කරමින් ගරුකරමින් බුහුමන් කරමින් පූජා කරමින් දවස් හයක් ගත කළාහුය.

එවිට සත්වෙනි දවසෙහි කුසිනාරා මල්ල රජදරුවෝ නුවරට දකුණු දිග් භාගයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරමිහයි සිතුවාහුය. එසමයෙහි මැදි වයස් ඇති ශක්තිමත් මල්ල රජදරුවන් අටදෙනෙක් සුවඳ පැනින් ඉස් සෝදා නාහාගෙන අලුත්වූ වස්ත්‍රයන් ඇඳගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය උසුලමිහයි කියා උත්සාහ කොටත් උසුලන්ට නොහැකි වූවාහය. එවිට කුසිනාරා වැසි මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ගෙන් ඊට හේත? කවරෝදැයි ඇසුවෝය. මල්ල රජදරුවෙනි, තොපගේ අදහස අනිකක් වන්නේය. දෙවියන්ගේ අදහස අනෙකක. දෙවියන්ගේ අදහස නමි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දිව්‍යමය නැටුමිවලින්ද, ගී කීමිවලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර කරමින්, සිතින් බුහුමන් කරමින්, පූජාකරමින් නුවරට උතුරු දිග් භාගයෙන්ම උතුරු දිග් භාගයට වඩා ගෙන ගොස් උතුරු වාහල් දොරින් නගරය ඇතුළට ඇතුල් කොට නුවර මැදින් නුවර මැදට පමුණුවා නැගෙනහිර වාහල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසින්වූ මල්ල රජදරුවන්ගේ මකුටබන්ධන නමිවූ ප්‍රධාන මංගලශාලාව යමි තැනෙක්හිද, මේ ස්ථානයෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරමිහයි කියාය.

ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යමි පරිද්දෙකින් වන්නේද, එපරිද්දෙන්ම වේවායි කියා සැළ කළාහුය.

එසමයෙහි කුසිනාරා නුවර යමිතාක් ගෘහසන්ධි, වැසිකිළි කාණු, කුණු කසළ ඇති තැන් වෙත්ද, ඒ සෑම තැනම දණක් පමණ  මදාරා මලින් අතුරණ ලද්දේ වූයේය. එවිට දෙවියෝද, කුසිනාරා වැසි මල්ල රජදරුවෝද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දෙවියන්ට අයිතිවූද, මනුෂ්‍යයන්ට අයිතිවූද, නැටුමිවලින්ද, ගී කීමිවලින්ද, වාදනවලින්ද, මල්වලින්ද, සුවඳවලින්ද සත්කාර ගරුකාර කරමින්, සිතින් බුහුමන් කරමින්, පූජාකරමින් නුවරට උතුරු දිග් භාගයෙන් උතුරු දිග් භාගයට වැඩමවා ගෙන ගොස් උතුරු වාහල් දොරින් නුවරට ඇතුල් කරවා නුවර මැදින් නුවර මැදට වැඩමවා ගෙන ගොස් නැගෙනහිර වාහල් දොරින් පිටතට නික්මවා නුවරට නැගෙනහිර දෙසින්වූ මල්ල රජදරුවන්ගේ මකුටබන්ධන නමිවූ මංගලශාලාව යමි තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය එතැන්හි තැබුවාහුය.
‍ශ්‍රි දේහය කෙරේ පිළිපැදිම
එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය. ස්වාමීවූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි කෙසේනමි පිළිපදින්නමෝදැයි විචාළහ.

මල්ල රජදරුවෙනි, චක්‍රවර්ති මහාරජහුගේ ශ්‍රී ශරීරයෙහි යමි ආකාරයකින් පිලිපදින්නාහුද ඒ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහිද පිළිපැදිය යුත්තේයයයි කීහ.

ආනන්ද ස්ථවිරයන් කිවි ආකාර කුසිනාරා වැසි මල්ල රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අඵත්වූ කසී වස්ත්‍රයෙන් වෙඵවාහුය. මනාකොට නගා පාදන ලද කපු පුඵනෙන් වෙඵවාහුය. අඵත්වූ කසී වස්ත්‍රයෙන් වෙඵවාහුය. මේ ක්‍රමයෙන්ම ශරීරය වෙළා රනින් කළ රන් දෙණක තැන්පත් කොට එබඳුවූ අනිකුත් රන්දෙණකින් වසා සියඵ සුවඳ දරින් දරසෑයක් කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඒ දරසෑයට නැගුවාහුය.

මහා කාෂ්‍යප මහරහතුන් වහන්සේගේ සමිප්‍රාප්තිය
ඒ කාලයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ භික්‍ෂූන්වූ මහත් භික්‍ෂු සංයා හා සමග පාවා නමි නුවර සිට කුසිනාරා නුවර අතර දීර්ඝ මාර්ගයට පැමිණියේ වෙයි. ඒ කලයෙහි එක්තරා ආජීවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවරින් පාවා නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේය. ආයුෂ්මත්වූ මහා කාශ්‍යපතෙරුන් වහන්සේ එන්නාවූ ඒ ආජීවකයා දුරදීම දැක්කේය. දැක ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ දන්නෙහිදැයි ඇසුවේය. එසේය, ඇවැත්නි, දනිමි. ශ්‍රමණ භවත් ගෞතමතෙම පිරිනිවන්පා අදට සත් දවසක් වූයේය. එතැනින් මා විසින් මේ මදාරා මල් ගන්නා ලද්දේය යි කීයේය.

ඒ වදන් ඇසු එහි රාගය පහනොකළාවූ භික්‍ෂූහු හිස අත් බැඳගෙන හඩත්. මැදින් කැඩුනාක් මෙන් ඇද වැටෙත්, පෙරළෙත්, එහා මෙහා පෙරළෙත්. භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පරිනිවි සේක කියාය. ආශාව දුරුකළාවූ අනාගාමී රහත් භික්‍ෂූහුද, “සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. ඒ මෙතැන්හි කොයින් ලබමෝදැයි කියා සිහි නුවණින් යුක්තව ඉවහන්නාහුය.

ඒ කාලයෙහි සුභද්‍ර නමි බුඩඪ පබිබජිතයෙක් (මහලුවූ පසු මහණවූවෙක්) ඒ භික්‍ෂු පිරිසෙහි උන්නේය. සුභද්‍රතෙම ඒ භික්‍ෂූන්ට මෙසේ කීය. ඇවැත්නි, තොප හැඞීමෙන් කමි නැත, ශෝක නොකරවි. විලාප නොකියවි. ඒ මහා ශ්‍රමණයාකෙරෙන් අපි හොඳින් මිදිනෝ වෙමු. තොපට මේ දෙය කැපවන්නේය.මේ දෙය තොපට කැපනොවන්නේයයි අපි පීඩා ලබමින් සිටියෙමු. දැන් අපි යමක් කැමති වෙමුද, ඒ දෙය කරමිහ. යමක් නොකැමති වෙමුද, ඒ දෙය නොකරමිහ යනුවෙනි.
එවිට ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීවෝය. තොප හැඞීමෙන් කමි නැත. තොපි ශෝක නොකරවි, විලාප නොකියවි, නොහඞවි, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු ප්‍රිය මනාප වස්තුවෙන් වෙන්වන බව, අන්‍ය තත්වයකට පැමිණෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවෙද? ඇවැත්නි, හටගත්තාවූද පහළවූද ප්‍රත්‍යයෙන් උපදනාවූද විනාශවන ස්වභාව ඇති සියල්ල ඒකාන්තයෙන් විනාශ නොවේවායි යන මෙ කාරණය සිදුනොවන්නේයයි කීවේය.

එසමයෙහි වනාහි මැදිවියෙහිවූ ශක්තිමත් මල්ල රජදරුවන් සතර දෙනෙක් ඉස්සෝදා නහාගෙන අලුත් වස්ත්‍රයන් හැඳගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ මෘතදේහය තබා කරනලද දරසෑය ගිනි දල්වමිහයි කියා උත්සාහ කොට ගිනි දල්වා ගත නුහුනුවාහුය. එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගෙන් ඊට හේතු කවරෙද, ඊට කරුණු කවරෙදැයි කියා විචාළාහුය. රජුනි දෙවියන්ගේ අදහස අන් පරිද්දෙකි

ආයුෂ්මත්වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්‍ෂු සංයා හා සමග පාවා නමි නුවර සිට කුසිනාරා නමි නුවරට යෙමියි සිතා දීර්ඝ මාරගයට පළිපන්නේ වෙයි. ආයුෂ්මත්වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් යමිතාක් සිරසින් නොවඳින්නාහුද, ඒතාක් කල් භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය ගිනි නොදැල්වෙවායි කියා දෙවියන්ගේ අදහස වන්නේයයි කිවෝය.

ආදාහනය
ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යමිසේද, එසේම වේ වායි කීවාහුය.
ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ මහාකාෂ්‍යප ස්ථවිරයන් වහන්සේ පැමිණ, සිවුර ඒකාන්ශ කොට පොරවා ගෙන නමස් කාර කොට තුන් වරක් දර සෑයවට ප්‍රදක්‍ෂිණා කොට ඇවිද සිරිපතුල් පිහිටි පැත්තෙන්,විවෘත කොට ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවල වැන්දහ. ඒ පන්සියයක් පමණ වූ භික්‍ෂු සංඝයාද එසේම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් දෙක වැන්දාහුය. සිරි පතුල් වැන්ද කල්හි භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය තෙමේම හාත්පසින් ගිනිදැල්වී ගියේය.

මෙසේ දැවෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයාගේ කොටස් වල අඵද නොපෙනෙයි, දැලිද නොපෙනෙයි, ශාරීරික ධාතු පමණක් ඉතිරිවූවාහුය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය වූ කල්හි ආකාශයෙන් ජල ධාරාවක් පහළ වී ගිනි නිවුවාය. පිරිවරා සිටි සල් ගස් වලින්ද ජල ධාරා ගලා අවුත් දර සෑයෙහි ගිනි නිවුවාහුය. කුසිනාරා වාසී මල්ල රජ දරුවෝ සියලු සුවඳ පැනින් භාග්‍යවතුන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවුවාහුය.

මහා ධාතු පුජාව
ඉක්බිත්තෙන් කුසිනාරා වැසි මල්ල රජ දරුවෝ ශාරීරික ධාතුන් සන්ථාගාර ශාලාවෙහි තැන්පත් කොට කඩු ගත් අත් ඇති යෝධ පුරුෂයන් ලවා හාත්පසින්ම වටකොට ආරක්‍ෂා පිහිටුවා දුනු කෙළවරින් දුනු කෙළවර පහරමින් සිටියාවූ දුනුගත් ධනුර්ධයන්ගේ දුනු පවුරකින් වටකොට සත්දවසක් මුඵල්ලෙහි නැටුමි ගී කීමි වාදන කිරීමි ආදියෙන්ද මලින් හා සුවඳ වලින්ද සත්කාර කළාහුය, ගරු කළාහුය, වන්දනා කළාහුය, පූජා කළාහුය.

ප්‍රිය මිතුරනේ මෙසේ යමිසේ මෙම ලිපි ත්‍රිත්වය කියවා අවසන් වන්නේද, එසේම මේ ජිවිතයත් උත්පත්තිය, ජරාව, මරණයම ස්වභාව කොට පවතින්නේ. මේ ත්‍රිත්වය තුල අනිත්‍ය, දුක්ඛයථ අනාත්මය හැර අන්කිසිවක් ලැබිය නොහැක්කේමය. ප්‍රිය මිතුරනේ, දැන් ඔබලාට කියමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී කළයුතු දේ සමිපාදනය කරව”. මේ තථාගතයන්ගේ අන්තිම බුද්ධ වචනයයි


තෙරැවන් සරණයි!!
Read More...
1 අදහස් හා විමසීමි

අසිරිමත් බුදු තෙමඟුල (සමිබෝධියට පත්විම)

මහණෙනි, පුද්ගලයෝ දෙදෙනෙක් ලොකයෙහි උපදියිද, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්. කවර දෙදෙනෙක්ද යත්, අර්හත්වූ, සම්‍යක් සමිබුධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද යන දෙදෙන වෙත්.
(අංගුත්තර නිකාය, දුකනිපාතය, දෙවන පන්නාසකය, චෙ පුග්ගල සූත්‍රය.)

මහණෙනි, පුද්ගලයෝ දෙදෙනෙක් ලොව උපදියිද, ආශ්චර්‍ය මනුෂ්‍යයෝව උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. තථාගතවූ, අර්හත්වූ, සම්‍යක් සමිබුධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්.
(අංගුත්තර නිකාය, දුකනිපාතය, දෙවන පන්නාසකය, අචිඡිරිය මනුස්ස සූත්‍රය.)

ප්‍රිය මිතුරනේ, මින් පෙර ලිපියෙන් බොසත් මහා සෘෂින් වහන්සේගේ උත්පත්තියේ ඇති අසිරිමත් බැවි ත්‍රිපිටකය ඇසුරෙන් විමසා බැලුවා ඔබට මතක ඇති. අද මේ  සුදානමි වන්නේ අප තිලොක නායක බුදුපියාණන් වහන්සේගේ සමිමා සමිබුද්ධත්වය පිළිබඳව දැනුමක් ඇතිකර ගැනිමටයි. අවිද්‍යාවෙන් මුලාවි, භවය නමි කතර පුරා වල්මත්වි දිව යන්නාවු විනෙති ජනයාට, ප්‍රඥා ඇස පාදදෙන්නාවු බුදුවරයානන් වහන්සේලාගේ උත්පත්තිය දුර්ලභ වන්නේය, ආශ්චර්‍යමත් වන්නේය. මින් වසර 2600 කට (කලියුග වර්ශයෙන් 2513 කට පෙර) පෙර ගයා ශිර්ෂයේ නේරංජා නදි තීරයේ අපරාජිත පර්‍යකයෙන් වැඩ සිට, හිරැ අස්ථාන ගතවිමටත් පෙර සටනට පැමිණි දස බිමිබරක් මාරදස්නාව පරදවා වෙසක් පුර පොහෝ දින බෝසත් මහා සෘෂින්වහන්සේ සමිමා සමිබුද්ධත්වයට පත්විය.

සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් ඇස්, ඉස්, මස් ලේ දන් දිමෙන් මා මෙන්ම තවත් බොහෝ සත්ත්වයින්ද සසරෙන් එතෙර කොට මාද සසර තරණය කරමිය යන පරම උදාරතර වු චෙතනාවෙන් උන්වහන්සේ නිමි නැති සසරේ අනන්ත අප්‍රමාණ දුක්ඛයන් ඉසුලුයේය, ප්‍රාණය සමාණ අඹු දරැවන් දන් දුනයේ, ප්‍රිය මිතුර ඒ එබත් මාත් වෙනුවෙන්මය,  අපගේ භවය නමි රෝගය නැසිමේ දහමි ඔසුව සෙවිම පිණිසය. සිද්ධාර්ථ මහා සෘෂින්වහන්සේගේ සමිමා සමිබුද්ධත්වයෙන් ඇරඹි ඒ සදහමි ගඟ වසර 2600 පිරෙනාවු  අදද  සත්ත්වයින්ගේ සෝ සුසුමි නිවාලමින් නොවියලි නොසිදි ගලා බසියි.

භාග්‍යවත් බුදුපියාණන්වහන්සේ‍ සමිමා සමිබෝධියට පත්වි වසර 2600 ක් පිරෙන්නාවු මේ මොහොතේ මෙනෙහි කල යුතු තව කරැණක්ද වන්නේය. යමි යමි ආගමි වල සාස්තෘවරැන් මේ මේ පරිත්‍යාගය කලාය. මේ මේ ආකාරයෙන් ජිවිතය පුදකලාය. එයින් අපිට විමුක්තිය උදාකල දුන්නාය යනාදි වශයෙන් විශ්වාසයන් ඇදහිමි වුවත්. එවා සම භාග්‍යවතුන් වහන්සේ බෝසත් මුලයේ කරනා ලද පාරමිතාවන් පටලවා නොගත යුතුයි. කිසිවෙක් දුක් විදුම තුලින් තවෙකුට විමුක්තියක් උද නොවෙයි. ඔබ ප්‍රිය කරන්නාවු අයෙක් දුකෙන් පෙලෙන්නෙය කියා ඔබ තුවාලයක් කර ගැනිමෙන් ඔහුගේ රෝගය හෝ දුක්ඛය නමි නිමා නොවේ. ඒ වෙනුවට ඔබත් වේදනාවට පත්විම පමණයි සිදුවනුයේ. බෝසත් මහා සෘෂින් වහන්සේ දානාදී පරමිතාවන් පිරෑයේ එයින් බුදුබව කර දෙන බැවිනි. බුදුවරයෙකුට ඇවැසි වන්නාවු අශ්චර්‍යමත් වුත් ලො‍ව  අග්‍ර උතුමානන් විමට ඇවැසි වන්නාවු ගුනාංගයන් ඇති කර ගැනිමට උන්වහන්සේට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දානාදි පාරමිතාවන් ජිවිත පරිත්‍යාගයෙන් පුරා පන්නරය ලැබිමට සිදුවිය. උන්වහන්සේ බුද්ධත්වයට පත්විම තුලින් අප සසරින් මුදවනු ලැබිය. උන්වහන්සේ බුද්ධත්වයට පත්වුයේ පාරමිතාවන් තුලිනි. පාරමිතාවන් නොපිරෑයේ නමි බුද්ධත්වයක්ද නැත. එබැවින් අප සසරින් මිදෙනුයේ උන්වහන්සේ පුරනා ලද පාරමිතා බලයෙන් කරදුන් බුද්ධත්වය නිසා බැවින්, උතන්වහන්සේ පාරමිතා පුරනා ලද්දේ අප වෙනුවෙන්ය. අයෙක් භාග්‍යවත් බුදුපියානන් වහන්සේ අප වෙනුවෙන් පාරමිතා පුරනු ලැබුවේය කියා ඒ පරිත්‍යාගයන් සිහිකරන්නේ නමි ඔහුගේ අවබෝධය ඉහත පරිදි විය යුතුය. ඉහත කරැණු අවදානයෙන් වරක් දෙවරක් කියවිමෙන් පහසුවෙන් තෙරැමි ගන්නට හැකිවනවා ඇති.

මෙම ලිපියේ පහත කොටස් හා ගැලපී ලිපිය සමිපුර්ණ වනුයේ මෙමපහතින් දක්වන ලිපි පිළිවලින් කියවා අවසන පහත කොටස කියවු විටය. නැවත ලියා දැක්විමට වන අපහසුව තකා එම ලිපි වල සබැඳි පහත දක්වා ඇත.


ශාක්‍ය කුලය වැඩි දියුණු කරණගෞතම බුදුරජවූ මම ප්‍රධාන වීර්‍යය කොට සමිබෝධියට පැමිණියෙමි.

බඹහු විසින් අයදනා ලද්දේදමිසක් පැවැත්වූයෙමි.  අටළොස් කෝටියක් දෙනෙකුන්ට පළමුවන ධර්මය අවබෝධය වීය.

ඉන් පසුද දෙවි මිනිසුන්ගේ රැස්වීමේ දී දහමි දෙසන කල්හි ගණනින් නොකිය හැකි දෙනෙකුට දෙවන ධර්මාවබෝධය වීය.

මෙහිදීම මම මේ කාලයෙහිදී මාගේ පුතුට අවවාද කෙළෙමිදඒ කාලයෙහි ගණනින් නොකිය හැකි  දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වීය.

මට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රැස්වීමක් වි.   දෙදහස් පන්සියයක් පමණ භික්‍ෂූන්ගේ රැස්විමක් වි.

බික් සගන මැද බුදු සිරින් බබලනරාගාදී කිලුටු නැති මම සියලු කැමැති දේ දෙන මිනිරුවනක් සේ පතන ලද ලොවී ලොවිතුරු සියල්ල දෙමි.

සිවි මග පල කැමතිවනභව ආසාව දුරුකරනු කැමැත්තවුන්ට අනුකමිපාකොට සිවුසස් දෙසුවෙමි.

දසදහස් දෙනාටවිසිදහස් දෙනාට වරින්වර ධර්මාවබෝධය වීය.   එකෙකුට දෙන්නෙකුට වූ ධර්මාවබෝධය ගණන් නොකළ හැකි හෙවත් අසංඛ්‍යයකි.

මේ කාලයෙහි ශාක්‍ය වංශයට ශ්‍රේෂ්ඨවූ මාගේ සස්න පැතිරුනේය.   බොහෝ දෙනා අතර පළවිය.   දියුණුය.   සියලු අයුරින් පිරුණේය.   මග ඵල නමැති මල් පිපි ගියේය.   ඉතා පිරිසිදුය.

ආසාව නැතිරාගාදිය පහකළසන්හුන් සිත් ඇත්තාවූඑකග සිත් ඇතිනොයෙක් සිය ගණන් බොහෝ භික්‍ෂූහු මා හැම කල්හි පිරිවරත්.

මේ කාලයෙහි සෙඛවූ රහත් බවට නොපැමිණි යමි භික්‍ෂු කෙනෙක් මිනිස් බව හරිත්දඒ භික්‍ෂූහු නුවණැත්තවුන් විසින් නින්දා කරණ ලද්දාහුය.

සසර හැසිරෙන්නාවූ සියල්ලෝදදහමිහි ඇලුනු ජනයෝදඅරි අටගි මගට පසසන මනා සිහි ඇති සත්ත්‍වයෝදඅනාගතයෙහි සිවුසස් අවබෝධ කරත්.

මාගේ උපන් නුවර  කිඹුල්වත් නමි.   පියතෙම සුදොවුන් නමි රජය.   වැදු මවි තොමෝ මායාදේවී යයි කියනු ලැබෙ.

මම බුදුවන්ට පෙර එකුන්තිස් අවුරුද්දක් ගිහිගෙයි වාසය කෙළෙමි.   රමිම යසුරමිම යසුභ ය යන උතුමි තුන් පහයක් මට වූහ.

මනාව අලංකාර කළ පිරිවර අගනෝ සතළිස් දහසකි.   බිරින්ද භද්දකචිචානා (යශොදරා) නමි වූවාය.   පුත්තෙම රාහුල නමි වීය.

මම සතර පෙරනිමිති දැක අස් යානයෙන් මහභිනික්මන් කෙළෙමි.   අවුරුදු සයක් මුලුල්ලේ ඉතා අපහසු ප්‍රධාන වීර්‍යය කෙළෙමි.

බරණැස ඉසිපතනාරාමයේදී මා විසින් දමිසක් පවත්වන ලදී.   මම සියලු සතුන්ට පිහිටවූ ගෞතම සමිබුදු වෙමි.

කෝලිත,  “උපතිස්ස ද යන දෙදෙන අග්‍ර ශ්‍රාවකයෝ වෙති.   මාගේ අතවැසි උපස්ථායක තෙම ආනන්‍ද නමි වේ.
ඛෙමා,  “උප්පලවණ්ණා ද යන භික්‍ෂුණීහු දෙදෙන අග්‍ර ශ්‍රාවිකාවෝ වෙති.   චිත්ත,  “හත්‍ථාලක ද යන උපාසකයෝ දෙදෙන අග්‍ර උපස්ථායකයෝ වෙති.

නන්‍දමාතා,  “උත්තරා ද යන උපාසිකාවෝ දෙදෙන අග්‍ර උපස්ථායිකාවෝ වෙති. මම ඇසතු රුක් මුලදී උතුමි සමිබෝධියට (බුදුබවට) පැමිණියෙමි.

හැම කල්හි මාගේ සිරුරෙහි බඹයක් පමණ තැන් පැතිරෙන ප්‍රභාව ආලෝකය සොළොස් රියනක් උස්වූවාය.   මෙකල ආයුෂය මදවූයේ සියක් අවුරුද්දක් පවත්නේය.

මම ඒතාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතර කරමි.  පසුවට ඇතිවන ජනයාගේ අවබෝධය පිණිස දහමි නමැති එළිය හුල තබා මමද නොබෝ දිනකින්ම ශ්‍රාවක සමූහය සමග දර ගෙවි යාමෙන් ගින්න මෙන් මෙහිදීම පිරිනිවන් පාන්නෙමි.

ඒ අසම තේජස්දමේ දසබලදදෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමි ගුණයෙන් යුත් සිරුරද යන සියල්ල සවණක් රැසින් යුත් හිරු මෙන් දස දිගුන් හොබවා අතුරුදන් වන්නේය.   සියලු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?   වෙත් මැයි.
(ඛුද්දක නිකාය, බුද්ධවංශ පාලි, ගෞතම බුදුරජුන්ගේ වංශය.)


සමිබුද්ධත්වයේ සිට පන්සාලිස් වසරක් මුලුල්ලේ තිලොඅග බුදුපියාණන්වහන්සේ විසින් සසරෙන් එතෙර කල සත්ත්වයිගේ ගණන ගණනින් නොගිනිය හැකිය. ප්‍රිය මිතුරනේ 2600 වන සමිබුද්ධත්ව ජයන්තියේ දි අප විසින් සමරණුයේ ලොවට ප්‍රඤ්ඤාවේ ආලොකය ජනිතවු ඒ දිනයයි. විනෙති දනා වෙත නෙත් උපන් ඒ දිනයයි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ බුදුපියාණන්වහන්සේ විසින් ඔබත් මාත් සසරින් මුදවිම පිණිස කලඅප්‍රම්‍යෙ වු පරිත්‍යාගයන්  ඔබට හෝ මට හෝ ජනිත කල මාපියන් හෝ කර නැත. එවන් උතුමෙකු සිහිනොකොට සැමරිය හැකි වෙසක් මංගලයයක් තිබිය හැකිද? ධර්මය දකින්නා මා දකියි යනුවෙන් බුදු පියාණන්වහන්සේ විසින්ම දේශනා කර ඇත. බුදුපියාණන්වහන්සේ දැන් ඔබ ඉදිරියේ වැඩ සිටිය් නමි ඔබ උන්වහන්සේට වන්දනා නොකර සිටියිද? උන්වහන්සේට පුජා නොකර සිටියි ද? එසේනමි උන්වහන්සෙට කරන්නාවු උතුමිම වන්දනාව වන්නේත් පුජාව වන්නේත් ධර්මය දැක, ධර්මය දරා, ධමිමානුධමිම ප්‍රතිපදාවෙන් විමුක්තිය උදාකර ගැනිමයි. බුදුරජුන්ට කරන්නාවු යම්පමණක හෝ කෘතගුණ සැලකිම වන්නේද එයයි.


පරම ශාන්තිය වු නිර්වාණය පහසුම ප්‍රතිපදාවෙන් ලැබිමට ඔබ සැමට මේ කුසලය පාරමිතාවක්ම වේවා!!
Read More...
2 අදහස් හා විමසීමි

ආශ්චර්‍යමත් බුදු තෙමඟුල (01 කොටස) සිද්ධාර්ථ මහා සෘෂින් වහන්සේගේ උප්පත්තිය


එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කටිඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේද, මෙම මාර්ගයේම ගමන් කරමින් සිටියේය. ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි දහසක් අර ඇති, නිමි වළලු සහිත, නාභිය සහිත, සියලු ආකාරයෙන් පිරුණාවූ චක්‍රයන් දැක්කේය. දැක, "පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍යයි, පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයි. ඒකාන්තයෙන් මේ මිනිස් වූවෙකුගේ පා නොවන්නේය. යනුවෙන් සිතමින් ගමන් කරන්නට විය."

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව, පලක් බැඳ, ශරීරය ඍජුව තබා, සිහිය ඉදිරියෙහි පිහිටුවා, එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි වැඩ සිටි සේක. ඉක්බිති, ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේගේ පිය සටහන් අනුව ගමන් කරනා කල,  එක්තරා වෘක්‍ෂ මූලයක වැඩ සිටි ප්‍රසාද ජනකවූ, පැහැදිය යුතු ශාන්ත ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, උතුමිවූ අරහත් මාර්ග නමි දමථයටත්, මාර්ග සමාධි නමි සමථයටත් පැමිණි භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දාන්තවූ, රක්නා ලද සන්සුන් ඉදුරන් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැක, භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට

එසේනමි ඔබ වහන්සේ කවරෙක්ද?
"පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ? යි ඇසීය. බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි."

පින්වතුන් වහන්සේ ගාන්‍න්ධර්වයෙක් නොවන්නේද? බ්‍රාහ්මණය, මම ගාන්ධර්යෙක්ද නොවන්නෙමි."

"පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද?  බ්‍රහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි."

"පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද? බ්‍රාහ්ණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි."
පින්වතුන් වහන්සේ දෙවියෙක්ද නොවන්නේ නමි, ගාන්ධර්වයෙක්ද නොවන්නේනමි, යක්ෂයෙක්ද නොවන්නේ නමි, මනුෂ්‍යයෙක්ද නොවන්නේනමි ඔබ වහන්සේ කවරෙක්ද?

බමුණ යමි ආශ්‍රවයන් ප්‍රහීන නොකරන ලදහෙයින් දිව්‍යත්වයට පත්වේද, ගාන්ධර්වත්වයට පත්වේද, යක්ෂත්වයට පත්වේද, මනුෂ්‍යත්වයට පත්වේද
මම එම ආශ්‍රවයන්ගේ සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. ‍

"බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හටගෙන, ජලයෙහි වැඩී, ජලයෙන් උඩට නැඟ. යමිසේ ජලය හා නොගැටී සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහිම උපන්නේය, ලෝකයෙහි වැඩුණේය, ලෝකය හා නොගැටී, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්ධයයි දැනගනුව"



යමි ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට එම ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුමි ඇත්තාහ. යහපත්වූ උපුලක් යමිසේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්ධ වෙමි."
(අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, පළමු පන්නාසකය, චක්ක වර්ගය ද්‍රෝණ (බ්‍රාහ්මණ) සූත්‍රය.)

ප්‍රිය මිතුරනේ මෙම ලිපිය සටහනු තබනුයේ තිලොඅග බුදුපියානන්වහන්සේගේ 2600 වන සමිබුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ අසිරිමත් බුදු තෙමගුල පිළිබඳව යමි දැනුමක් අත්කර දිමේ අදහසින්. 2600 වන සමිබුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ හෝ තිලෝඅග බුදුපියානන්වහන්සේ සිය ශ්‍රී මුඛයෙන්ම දේශනා කර වදාල වෙසක් දිනයේ ඇති ආශ්චර්‍යමත්බව, වෙසක් දිනයේ ඇති වැදගත් බව පිළිබඳව කිසිවෙකු කථා නොකිරිම අභාග්‍යක් සේ සිතූ බැවින් මෙම ලිපිය සමිපාදනය කිරිමට යෙදුනෙමු.

මොකක්ද මේ වෙසක් දිනය කියන්නේ? 


ප්‍රිය මිතුරනේ වෙසක් දිනය යනු අප භාග්‍යවතුන්වහනසේගේ උත්පත්තිය, සමිමාසමිබෝධියට පත්විම හා මහා පරිණිර්වාණය යන තෙමඟුල සිදුවු වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සිහිකරමින් බෞද්ධයන් විසින් පවත්වනු ලබන්නාවු, පරම පුජිත වු ස්මරණය කිරිමයි. මෙය පොඩි දරැවන් පවා දන්නා කරැණක්. නමුත් සත්‍ය වශයෙන් වෙසක් දිනයේ සමරන මෙම බුදු තෙමගුල පිළිබඳව ත්‍රිපිටකයේ අන්තර්ගත කරැණු වර්ථමානයේ නොඇසෙන තරමි. වාණිජකරනයට ලක්වු සමාජයක් තුල වාණිජමයවු වෙසක් මංගලයයක් සමරනු වෙනුවට, අනන්ත අප්‍රමාණ කුසල සමිභාරයක් රැස් කර ගැනිමට හේතු පාදක වන පුණ්‍ය පුර්ණ වු වෙසක් සැමරැමක් සඳහා මෙම ලිපි ත්‍රිත්වයේ ඇති කරැණු ඔබට වැදගත් වනු ඇතැයි සිතමි. මිනිසුන් කුසල් දමි සමිපාදනය කරන්නේ නමි සමිබුද්ධත්ව ජයන්ති හැමදා සැමරැවද එය වැඩදායක වනු ඇත. බුදු තෙමගුල හෝ සිහි නොකර සමරන වෙසක් මංගල්‍යයක් වැඩදායක නොවනු ඇත. සසර බැමි මිදිමට හේතු නොවනු ඇත."2600 සමිබුද්ධත්ව ජයන්තියට පිලිවෙතින් පෙළගැසෙමු" යන්නෙහි අර්ථය වන්නේ නිර්වාණ ගාමි ප්‍රථිපදාව පිළිපදිමු යන්නයි" වෙනත් අර්ථයකින් කිවහොත් මේ සමිබුද්ධත්ව ජයන්ති සමයේම නිර්වාණය පසක් කරමු යන්නයි. ඒ සඳහා ඔබ සැමට හේතු භාග්‍ය වේවා!!  ඒ අනුව මේ සුදානමි වනුයේ මුලින්ම සිදුහත් කුමාරොත්පත්තිය පිළිබඳව සටහන් තැබිමටයි.

අසිරිමත් සිදුහත් කුමාරොත්පත්තිය.
 

ඉහත ද්‍රෝණ සුත්‍රය ආරමිභයේ සඳහන් කරන්නට යෙදුනේ, ත්‍රිලොක රාජිත අප භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ යනු තවත් එක් මනුශ්‍යයෙක් නොවන බව ඔබට පසක් කර දිමටයි. එහි සඳහන් කරැණු ආර්‍යපරයේශන සුත්‍රය ඇසුරෙන්ද මෙම වෙබි අඩවියේ ලිපියකින් මින් පෙර සාකඡ්චා කර ඇති බැවින් ඒ පිළිබඳ වැඩි යමක් මේ මොහොතේ සඳහන් නොකරමු. සිදුහත් කුමාරොත්පත්තිය පිලිබඳව හරි හැටි කරැණු කාරනා නොදන්නා බොහෝ දෙනා විවිධාකාර මත අදහස් ඉදිරිපත් කරනා බැවි ඔබ දන්නවා ඇති. ඒ කුකුසත් සිතේ රදවාගෙනම දැන් බුද්ධ භාෂිතය සලකා බලමු.

ආශ්චර්‍ය ධර්ම සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජෙතවන නම්වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි සවස් වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය.

"ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍධි ඇතිබව, මහත් ආනුභාව ඇතිබව ආශ්චර්‍යජනකය, පුදුමය, අතීතයෙහි සිට පිරිනිවියාවූ, සිදිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් වහන්සේලා, තථාගතයන් වහන්සේ දැනගත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නමි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද,  ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබදු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලේශයන්ගෙන් මිදුණෝ වූහයිද, කියායි.

"මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂූන්ට, "ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍යද වෙත්. ආශ්චර්‍ය ධමෟයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන් යුක්තද වෙත්ය" යි කීහ.

ඒ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව නොනිමියේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටියේ, උපස්ථාන ශාලාව යමි තැනකද, එහි පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළ සේක. "මහණෙනි, මෙහි දැන් කිනමි කථාවකින් යුක්ත වූවාහුද? තොපගේ කවර නමි කථාවක් නොනිමියේදැ" යි ඇසූහ.


භික්ෂු‍හු සිදුවු සියල්ල ඒ සැටියෙන් භාග්‍යවතුන් වහන්සේට පැවසීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් ඇමතූසේක."

"එසේනමි ආනන්‍දය, නුඹට මෙහිදී තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍යය අද්භූත ධර්මයෝ තවතවත් වැටහෙත්වා" යි කියා භාග්‍යවතුන්වහන්සේ තථාගතයානන්වහන්සේගේ අත්භූත වුත් ආශ්චර්‍යවූත් ධර්මයන් දේශනා කරන්නට විය.

  • "ආනන්‍දය, බොධිසත්‍ව තෙමේ සිහි නුවණින්ම තුසිත දෙවියන් කෙරෙහිඋපන්නේය.'                                                                                                                                                                    
  • බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය"

  • "ආනන්‍දය, සිහි නුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය."
     
  • බෝසත් තෙමේ යමි කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද, එකල දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි.                                                                                         
  • යම් තැනක මෙසේ මහත් ඍධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මෙ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු අඳුරු ඇති,  යම්  ලෝකන්තරික නිරයක් වෙද, එහිද අප්‍රමාණවූ උළාර ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්ත්‍වයෝ උපන්නාහුද, ඔවුහුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි ඉපද සිටින තවත් සත්ත්‍වයෝ ඇතැයි හැදින ගනිත්.                                                                                                                                                                           
  • මෙ දසදහසක් ලෝක ධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පා වෙයි. වෙවුලා යයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා පහළවෙයි."                                        
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙමේ මවි කුසට බැස ගත්තේ වෙද, එකල ඒ බෝසතුනුත්, බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්‍ෂාව පිණිස සිවුදිග එළඹ සිටිති."                                                     
  • ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවි කුසට බැස ගත්තේද, එතැන් පටන් බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය"                  
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැස ගත්තේද, එතැන් පටන් බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාග සිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක.                                                                                                            
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැස ගත්තේ වෙද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ, සමන්විතවූ, ඔ තොමෝ සතුටු වෙයි.                         
  • ආනන්‍දය, යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වෙද, එතැන් පටන් බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව, කුස තුල සිටින නොපිරිහුනු ඉන්‍ද්‍රිය ඇති සියලු අඞග ප්‍රත්‍යඞගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්‍දය, යහපත්වූ, ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය මාණික්‍යය යමි සේද, එය නිල් පාට හෝ කහ පාට හෝ ලේ පාට හෝ සුදු පාට හෝ පඩුපාට හෝ නූලකින් අවුනන ලද්දේ නමි එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත්, ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියමි කරණ ලද වෙරඵ මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඩුවන් හෝ නූලක් අවුනන ලද්දේයයි යමි සේ දක්නේද, ආනන්‍දය, එපරිද්දෙන්ම යමි කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වෙද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුල සිටින, සියලු අග පසගින් යුත්, නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී."                                                                                  
  • ආනන්‍දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කඵරිය කොට තුසිත දිව්‍ය ලෝකයෙහි උපදී"                            
  • ආනන්‍දය, අන් ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් දරුගැබ කුසින් උසුලා යමිසේ වදත්ද, බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය යනුයි."                                                                    
  • ආනන්‍දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිද හෝ නිදා හෝ වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි."                                                                                                                        
  • ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවි කුසින් නික්මෙද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති.                          
  • ආනන්දය යමි කලෙක බොසත් තෙම මවි කුසින් නික්මෙද, බෝසත් තෙමෙ බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙන, "දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේය" යි මව ඉදිරියෙහි තබත් යනුයි."                                         
  • ආනන්දය, යමි කලෙක බෝසත් තෙම මවු කුසින් නික්මෙද, එකල ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය. එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළ යුත්තක් කෙරෙද, එබදු උදක ධාරා දෙකකි.                                          
  • ආනන්‍දය, උපන් කෙණෙහි බෝසත් තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත කරන කල්හි උතුරු දිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. "ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රේෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මෙ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත"  යන වචනය කියන්නේය"                                                                                    
  • ආනන්‍දය, යමි කලෙක බෝසත් තෙම මවුකුසින් නික්මෙද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති.  යමි  ලෝකාන්තරික නිරයක් වෙද,  මහත් ආනුභාව ඇති,  සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද, අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යමි සත්ත්‍වයෝ උපන්නාහුද, ඔවුහුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අණ්‍ය සත්ත්‍වයෝත් ඇතැයි හැනගනිත්. මෙ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කමිපා වෙයි. අතිශයින් කමිපා වෙයි. වෙවුලායයි. මහත්වූ එලියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි"                                                                       
  • ආනන්දය තවද තථාගතයන් වහන්සේට දැනුවත්වම වෙදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැන්වත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්‍දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරව."
(මජ්ජිම නිකාය අචිචිරියභුත සුත්‍රය)

විවරණය

මේ පිළිබඳව අපගේ කරැණු ඉදිරිපත් කිරිමකට වඩා රේරැකානේ වන්දවිමල හිමියන්ගේ ධර්ම විනිශ්චය නමි ග්‍රන්තය උපුටා දැක්විම සුදුසු වනු ඇතැයි සිතමු. පින්තූරය මත එබිමෙන් විශාල කරගත හැක.



සිදුහත් බොසතානන්වහන්සේ උපන්විටම කථා කිරිම  සිදුවිය හැක්කක්ද?

මෙයට හොදම පිළිතුරක් ගරැ බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමියන් විසින් සමිපාදිත ශාක්‍ය මුනින්ද්‍රාවදානයේ සදහන්ව තිබි සොයාගැණිමට හැකිවිය.

Lloyd's Weekly Newspaper, for March, 1875, contained an account of the following phenomenon: "At Saar-Louis, France, a child was born. The mother had just been confined, the midwife was holding forth garrulously 'on the blessed little creature,' and the friends were congratulating the father on his luck, when somebody asked what time it was. Judge of the surprise of all, on hearing the new-born babe reply distinctly 'Two o'clock!' But this was nothing to what followed. The company were looking on the infant, with speechless wonder and dismay, when it opened its eyes, and said: 'I have been sent into the world to tell you that 1875 will be a good year, but that 1876 will be a year of blood.' Having uttered this prophecy it turned on its side and expired, aged half-an-hour."

මෙම කොටස උපුටා ගන්නා ලද්දේ Isis Unveiled නමි ග්‍රන්තයේ 438, 439 වැනි පිටු වලිනි. එහි සඳහන් වන ආකාරයට 1875 දී එංගලන්තයේ Lloyd's Weekly පුවත්පතේ පලවු පුවතකට අනුව, ප්‍රංශයේ Saar-Louis නමි ග්‍රාමයේ දරැවකු උපදින ලදි. මිතුරන් රැස්ව දරැවාගේ පියාට ප්‍රිතිය පල කරමින් සිටි අතර එක් අයෙක් දැන් වෙලාව කීයදැයි විමසා සිටින ලදි. එහිදි එකෙණෙහිම උපන් දරැවා ඉතා පැහැදිලි වචනයෙන් දැන් වෙලාව දෙක යැයි පවසන ලදි.සියල්ලොම විට විශ්මිතව බලා සිටින ලදි. එවිට ඒ දරැවා කියා සිටියේ 1875 වර්ශය සුභයි 1876 වර්ශයේ දී ලේ වැගිරිමි ඇති වෙයි. මෙය දැන්විමට ලොවට පැමියේමියි කියාය. 


වැඩිදුර විස්තර මෙම යොමුවෙන් ප්‍රිය මිතුරවේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමි පිරෑ බොධිසත්ත්වයානන්වහන්සේ සාමාණ්‍ය මිනිසෙකු හා සසඳා බැලිම කල හැක්කක් නොවේ. එය එසේ කල නොහැකි බව ඉහතින් සඳහන් කරන්නට යෙදුන අචිඡරියබිභූත සුත්‍රය මඟින් ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමු.

එසේම උන්වහන්සේ නෙළුමි මල් මත ඇවිදිම සිදුවිද නොවිද යන්න විසදා ඇත්තේ මෙසේය. අළුත උපන් දරැවන් නෙළුමි මල් අතුරා ඊපිට තබාගෙන යෑම ඉන්දියාවේ සමහර පළාත් වල අදද දක්නට ලැබෙන සිරිතකි. එදා බෝසතානන් උපන් බිම නෙළුමි අතුරා තිබිම විය හැක්කකි.


ප්‍රිය මිතුරනේ ඉහත ද්‍රෝන සුත්‍රය කියවුවා නමි, බුදු පියානන්වහන්සේ විසින්ම දේශිත අචිඡරියබිභූත සුත්‍රය කියවුවා නමි, ඔබට පිළිතුරැ ලබෙන්නට ඇතැයි සිතමු. සැබවින්ම වෙසක් පොහො දිනය ආශ්චර්යමත් දිනයක් වනුයේ, මෙම අසිරිමත් වු සිදුවිමි සිදුවු බැවිනි. අප අද දින වෙසක් මහෝත්සවය සැමරිමේ අරමුණ විය යුත්තේ ඒ ආශ්චර්‍යමත් බොසත් මහා සෘෂින් වහන්සේගේ අසිරිමත් බැවි සැමරිම පිණිස විය යුතුය.ඔබ සැමට පහසුම ප්‍රතිපදාවෙන් පරම ශාන්ත වු නිර්වාණයම පසක් වන අසිරිමත් වෙසක් මංගල්‍යක් වේවා!!


මෙම ලිපිත් කියවා බලන්න
  1. වෙසක් කූඩුව යන්න කුමක් විය යුතුද?
  2. නෙළුමක් සේ
  3. බුදු රජානන්වහන්සේ



ඊලඟ ලිපියෙන් සමිමා සමිබුද්ධත්වය හා වෙසක් පොහොය දිනය.
Read More...
10 අදහස් හා විමසීමි

කුසල් කිරිමේ කලාව 02 කොටස

මොකද්ද ඒ ගැටළුව?
මෙම ලිපි පෙළ ගෙන එනු ලැබුයේ දන්නා පුජාවක නොදන්නා අනුසස් යන මැය යටතේයි. මෙහිදි ඉදිරිපත් කල කථා වස්තු බොහෝමයක ඒ අදාල කථා වස්තු නායකයා ලද සැප සමිපත් ලදුයේ බුදු පියාණන්වහන්සේට වන්දනා කිරිම තුලින් හෝ පුජා කිරිම තුලින්. මේ වන විට බුදුපියානන්වහන්සේ පරිනිර්වාණය වි බොහොකලක් ගතවී හමාරයි. එසේ නමි අද දින බුදු පියානන්වහන්සේ උදෙසා කරනු ලබන පුද පුජා වලින් එදා ලද ආනිසංශයම, ඵලයම ලැබිය නොහැකිද යන ගැටළුවට පිළිතුරැ සැපයිමක් වශයෙන් ප්‍රවේශයක් ලබා ගැනිමටයි ඉහත ලිපියේ කරැණු ස්වල්පය දක්වනු ලැබුයේ. දැන් ඒ සඳහා පිළිතුර සොයාගමු. මෙම නගන ලද ගැටළුවට පිළිතුර සොයාගන්නට යන්නේ වෙනස් අයුරකින්. මෙම ලිපි පෙලේම පහන් පුජාව යටතේ මුදිත නමි මිතුරෙකු නගන ලද ගැටළුවලට පිළිතුරැ සැපයිමි වශයෙන් අප විසින් ලියු ප්‍රතිචාරයන් උපුටා දක්වමින් මෙම කරැණු පහදා දිමටයි මේ සුදානමි වනුයේ.(අමතර කරැණු එක් කර ඇත)

ගැටළුව - 01
ප්‍රිය මිතුර , නොදන්නා බොහෝ කරුණු ඔබේ ලිපියෙන් දැනගත්තා.පහත සදහන් ගැටලු කීපයට පිළිතුරු දෙන මෙන් ඉල්ලා සිටිමි.

1. කර්මඵල විස්වාසයෙන් පහන් පුජාව කරනවා යන්නේන් අදහස්    කරන්නේ කුමක්ද?.

2. පහන් පුජාව කිරීමේදී අපේ චේතනාව කෙසේ සකසා ගත යුතුද?.

3. ඔබේ ලිපිය කියවීමෙන් පසුව මේ 2600 වෙසක් මංගල්‍යයේදී අපේ ගමේ පන්සලේ 2600ක පහන් පුජාවක් කිරීමට සිතුනා. එය අනුහස් ලැබෙන පරිදි කරන අකාරය කාරුණිකව පහදා දෙන්න.

පිළිතුරැ
ප්‍රිය මිතුර, කර්ම ඵලය අදහමින් පහන් පුජාව කිරිම යනු, කර්මය හා එහි විපාක ඇති බව විශ්වාස කිරිම නමි සම්‍යක් දෘශ්ඨියයි. මේ ලොව අක්‍රිය දෘශ්ඨිය ආදි දෘශ්ඨින් ගතතෝ බොහොමයි. ඔවුන් සිතනුයේ කරනා හොද නොහොද ක්‍රියාවන්ගෙන් උපදිනා විපාක නැති බවයි. එනමි කර්ම ඵලයක් නැති බවයි. (මෙම ලිපිය කියවන්න)  යමි කුසල කර්මයක් කිරිමේ දී, එයින් යමි යහපත් කර්මයක් වන බව තරයේ විශ්වාස කරමින්, එකි කුසල කර්මය කර එය දෙස බලා යමි යහපත් ප්‍රාර්ථනයක් කල යුතුයි.ලොව ඇති උසස්ම ප්‍රාර්ථනය නිර්වානය ලැබේවාය යන පැතුමයි. 
මරණයටත් වඩා නපුරැ පැතුම
සමහරෙක් කුසලකර්මයක් කර ඉන් පතනුයේ, මට මෙන්න මේ ධන ධාන්‍ය ලැබේවා, මට මෙන්න මේ වස්තුව අත්වේවා ආදියයි. මේවා සසර තුල සත්ත්වයා දුකට පමුනුවන්නාවු ප්‍රාර්ථනාවන්. ඔබ සතුරෙක් යැයි සලකන අයෙක් සිටි නමි, ඔහුට ඔබ විසින් පැතිය හැකි උපරිම නපුර "මොහු මරනයට පත්වේවා යැයි පැතිම යැයි" ඔබ සිතනු ඇත. මරණයත් නපුරක් නමි තමයි. නමුත් ඔබ ඔබගේ සතුරාට අනන්ත අප්‍රමාණ ධන ධාන්‍ය ලැබේවා යැයි පැතුවහොත්, සිය දහස් ගනන් දැසි දස්සෝ පැතුවහොත්, අන්තඃපුරයක් බිරින්දෑවරැ පැතුවහොත් කෙනෙක් සිතයි ෂා!! නියමයිනෙ කියලා. නමුත් මදක් සිතන්න, ධන ධාන්‍ය බහුල මිනිසා ඒව රැකිමට, ඒවා වැඩිමට මොනතරමි නමි දුකක් විදින්නට වුවමනාද? දැසි දස්සෝ, සේවකයෝ පාලනයට මොනතරමි වෙහෙසක් දරන්නට ඕනද? ඒක් බිරිදක් සමඟ ඇතිවන ගැටුමි ආදිය දෙස බැලිමේදී අන්තඃප්පුරයක් ගැන කවර කථාද? කන්නට, බොන්නට, අදින්නට, ලොවට පෙනෙන්නට වස්තු කාමය නිසා සත්ත්වයින් මොනතරම් නමි දුකක් විදිනවාද යන්න ඔබම තේරැමි ගන්න සාමාන්‍ය ව්‍යවහාරයේ ඕකට කියන්නේ "සල්ලි විතරයි හිතේ සැනසිමක් නෑ කියලා" කටින් පිටවෙන මේ වදන් වලින් කියවෙන්නේ කාමයන් තුලින් කරනා දැවිම, තැවිම, පිඩාව බැවි සමහර විට ඔබම නොදන්නවා ඇති. ඒ නිසා කාමයන් සතුරන්ට හෝ පැතිම සුදුසු වන්නේ නෑ. මරණය පැතිම ඊට වඩා යහපත්.

නිවන
නිර්වානය යන්න ලොව ඇති ඉතා අපහසුවෙන්ම සොයා ගත යුතු, පරම සුඛයක්,  අපි සතුට ගෙන දෙන දේ නැතහොත් සැප යැයි සිතන දේවල් ලැබිම සඳහා කෙතෙරමි නමි මුදලක් අපි වැය කල යුතුද? කෙතරමි නමි වෙහෙසක් නමි දැරිය යුතුද? එසේනමි නිර්වාණය නමි අමිල වු පරම අගනා වු වස්තුව ලැබිමද ලෙහෙසියෙන් කල හැක්කක් නොවේ. යමෙක් නිවන පතයි නමි, අන් සෑම වස්තුවක්ම ඔහු කරා නිරායාසයෙන්ම පැමිණෙනු ඇත. නිවන් යෑමට දන් දිය යුතුය, පින් කල යුතුය, බණ භාවනා ද කල යුතුය. දිලිදුව සිට, අල්ප සාක්‍යව සිට මේ දේවල් කිරිමට අපහසුය. කිරිමට නොහැකිය. එබැවින් යමෙක් නිවන් පතනා විට, නිවන් මඟ තුලින්ම ඒ සඳහා අවැසි කරැණු කාරනා වාතාවරනය ඉටුවන බැවින්, ඔහුගේ දිවිය සුවදායක එකක් වනු ඇත. එබැවින් කර්ම ඵලය අදහමින් කුසල් කිරිම යනු, කුසලක කිරිමේ දීද, "මෙයින් මට ඒකාන්ත වශයෙන් ලැබෙන්නාවු ඉශ්ඨ විපාකයක් වන්නේය" යනුවෙන් ඇතිකර ගන්නා ලද අවබොධය ඇතිව කුසල් කිරිමයි. එසේම එම ඉශ්ඨ විපාකය තුලින් මට නිවනම වේවා යැයි පාර්ථනය කිරිමයි.

ඒදා වැන්දත් අද වැන්දත් එකයි!!

ප්‍රිය මිතුර චේතනාවම කර්මය යනුවෙන් භාග්‍යවතුන්වහන්සේ දේශනා කර ඇත. කර්මයන් නොහොත් ක්‍රියාවන් කිරිමට මුලික වනුයේ චේතනා චෛතසිකධර්මයයි. බුදු රජානන්වහන්සේ යනුද සංස්කාර ධර්මයන් සමුහයක්, ඔබ යනුද සංස්කාර ධර්ම සුමුහයක් එනමි රෑප, වේදනා, සංඥා, සංඛාකාර, විඥ්ඤාන කියන මේ සංස්කාර සමුහයන්ට තමයි, අපි බුදු පියානන්වහන්සේ කියන්නේත්, ඔබ කියන්නේත්,මම කියන්නේත්
බුදු පියාණන් වහන්සේ ජිවමානව වැඩ සිටිම යනු බුද්ධ යනුවෙන් හදුන්වන, දෙතිස්මහ පුරිස ලකුනෙන් යුතු රෑපය හා වේදනා ආදි නාමස්කන්ධ හතරේ පැවතිමයි. බුදු රජානන්වහන්සේගේ සංස්කාරයන් හා ඔබේ සංස්කාරයන් අතර සමිබන්ධතාවයක් නැත. ජිවමානව වැඩ සිටින බුදු රජානන්වහන්සේට ඔබ වන්දනා කල හොත් එහිදි ඔබ කරනුයේ, ඔබේ රෑපස්කන්ධය වැදිමට සුදුසු අයුරෙන් නවා, වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාන නමි නාමස්කන්ධ 04 මුලික කරගනිමින් ඒවා සුදුසු අයුරෙන් හසුරැවමින් වන්දනා කිරිමයි. එහිදි ජීවමාන බුදුපියානන්වහන්සේ ඔබ ඉදිරියේ සිටිනා බවට සංඥාව හා විඥ්ඥානය ඔබට ඇත. මේවා පහලවිමට  ජිවමාන බුදුපියාණනවහන්සේගේ රෑපස්ඛන්ධය මුලිකයි. 
බුදු රජානන්වහන්සේ ජිවමානව වැඩ සිටියද, නැතුවද වන්දනා කිරිමේ දී හෝ පහනක් පුජා කිරිමේදී ඔබ කරනුයේ එකම ක්‍රියාවයි, වැදගත් වනුයේ සංඤ්ඤාව ප්‍රබල කර සුදුසු පරිදි සකස් කර ගැනිමයි. ඒ සඳහා බුදුපියානන්වහන්සේගේ ගුණ හැකි තරමි සිහි කර ජිවමාන බුදුපියානන්වහන්සේ දෙනෙත් ඉදිරියේ වැඩ සිටින ආකාරයෙන්ම සිතා උන්වහන්සේ වන්දනා කල විට හා උන්වහන්සේට පහන් පුජා කල විට, ජිවමාන බුදු  රජානන්වහන්සේට කල පුජාවක් මෙන් එය මහත් ඵල මහානිසංස කුසල කර්මයක් කර ගත හැකි වනු ඇත.

සාරංශය
සැම පහනක්ම බුදු පියානන්වහන්සේගේ අපරිමිත ගුණ සිහිකරමින්ම දල්වන්න, සෑම පහන්ක්ම දල්වා ඒ කුසල කර්මයෙන් නිවනම පතන්න.(චේතනාව සකස් කිරිම) පහන් පින්කම අවසානයේ   "ඉහත කතාවන් සිහිකොට, පහනක් දෙකක් දැල්වු අයට මෙතරමි මහා දිව්‍ය සමිපත් පහල වුවා. මා විසින් මෙපමන පහන් ප්‍රමාණයක් බුදු පියාණන් වහන්සේට පුජා කලා, මෙහි කුසලය අනන්තයි අප්‍රමානයි යැයි සිතන්න. (කර්ම ඵලය ඇදහිම) එම කුසලයෙන් පරම ශාන්තිය වු නිවන පහසුම ප්‍රතිපදාවෙන් පතන්න  (අනුහස් ලැබෙන පරිදි පහන් පුදන ආකාරය) මෙයම තමයි පෙර, මැද සහ අපර චේතනාවන් මනා ලෙස සකසා කුසල් කිරිම යනුවෙන් හදුන්වනු ලබන්නේත්. 

ගැටළුව -02
ප්‍රිය මිතුර ඔබේ පිළිතුර ලැබෙන තෙක් බොහෝ අපේක්ෂාවෙන් යුතුව බලාසිටියෙමි. නමුත් තවත් ගැටලු කීපයක් නිරාකරණය කරගෙනීම පිණිස පවතී.
1.පහන් පුජාවෙන් පිනක් සිදුවෙන බැවින් එම පින ලබාගැනිමේ චේතනාවෙන් මෙමෙ පුජාව කරනවද ? තැතිනම් කරන්නාවූ එම ක්‍රියාව නිසා පිනක් හටගන්නවද.

2.බුදුරදුන් ඉදිරියේ පහන් දැල්වීම පුජාවක් වන්නේ කෙසේද ?.
(කව්රුන් හෝ අදුරේ සිටීමේදී ඔහුට ආලෝකය ලබාදීම හොද ක්‍රියාවක් බවත් එම ක්‍රියාවට පිනක් සිදුවන බව දනිමි,  නමුත් එවැනි දෙයක් මෙතැනදී අරමුණු කරන්නේ නැ නේද.)

3.බුදු ගුණ මනසිකාරය මගින් බොහෝ පින් සිදුවන බව දනිමි. පහනක් දල්වා මේ පහන් ආලෝකය බුදුරදුන්ට  පුජාවක් ම වේවායි ප්‍රර්ථනා කිරීම තුලින් කුසලයක් සිදුවන ආකාරය පහදා දෙන්න. බුදුරදුන් කෙරෙහි අප හිතෙහි ඇතිවන අප්‍රමාන ශ්‍රද්ධාව නිසා මේ ආලෝකය උපහාර පිණිස වේවායි පහන් දැල්වීමේ අර්ථය කියාදෙන්න.

පිළිතුර

ප්‍රිය මිතුර, ඔබ කුසල් දමි කරනුයේ හෝ අකුසල් දමි කරනුයේ තෘශ්ණාව මුලික කර ගනිමින්. ඔබ විතරක් නොවෙයි අරහත් ඵලය ලබන තෙක් කවුරැත් එහෙමයි. මේ ජිවිතය (භවය) රදා පවතින සාධක වනුයේ අවිද්‍යාව, තෘශ්ණාව කර්ම යන කරැණුයි. සත්ත්වයා නොසිදී භවයේ සැරිසරන ආකාරය දක්වන පටිච්චසමුප්පාදය දේශනය අවිද්‍යා, තෘශ්ණා, කර්ම පාදක කර ගනිමින්ම බුදුපියාණන්වහන්සේ දේශනා කලේ මේ කරැණ නිසා. ඒ අනුව, අවිජ්ජා පචිචවා සංකාරා නොහොත් අවිද්‍යාව නිසා සංස්කාර හටගනි
යනුවෙන් කියවෙනුයේ, සංස්කාර නමි කුසලාකුසල ක්‍රියා වෙනත් විදියකින් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර එහෙමත් නැත්නමි සරලව කාය සංඛාර, වචී සංකාර හා මනෝ සංඛාර හටගනුයේ අවිද්‍යාව නිසා.

මෙසේ සංඛාරයන් (ක්‍රියාවන් කිරිමට) චේතනා චෛතසිකය මුලික වු සමප්‍රයුක්ත චෛතසික පෙලක් උපකාරි වේනවා. නමුත් ක්‍රියාවන් සිදුකිරිමට මුලික වනුයේ චෙතනා චෛතසිකය බැවිනුයි  චේතනා චෛතසිකයම කර්මය වන බැවි බුදුපියානන්වහන්සේ වදාලේ. මේ අනුව, අවිදයාව, සංස්කාර, චේතනාව හා කර්මය අතර සමිබන්ධතාවය තරමක් හෝ ඔබට දැන් පැහැදිලි ඇති. (වැඩි විස්තර සඳහා රේරැකානේ හිමියන්ගේ පටිච්චසමුප්පාද විස්තරය හා අභිධර්මයේ මුලික කරැණු යන පොත් වල අදාල මාතෘකා සුදුසුයි)

 

යහපත් චේතනාවෙන් කරන්නාවු දෙයින් යහපත් ප්‍රථිපලයක් ජනනය කරණ අතරම, අයහපත් චේතනාවෙන් කරන්නාවු දෙයින් උපදින්නේ අයහපත් ප්‍රථිපලයක්, මේ යහපත් ප්‍රථිපලයට පින් යැයි කියනා අතර අයහපත් ප්‍රථිපලයන්ට කියන්නේ අකුසල් කියලයි පොදුවේ මේ දෙකටම කියන්නේ කර්මය කියලයි. අවිද්‍යාව යනු වැරදි අවබෝධයයි. වැරදි අවබෝධය ඇති වන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් ගැනයි. මෙසේ ඇතිවන වැරදි අවබෝධය නිසා, අනිත්‍යය, දුක්ඛය අනාත්මයම සාරය කොට ඇති මේ පංචස්කන්ධය අපිට පෙනෙනුයේ නිත්‍ය, සුඛ හා ආත්ම වශයෙන් අවිද්‍යාව කියනුයේ ආන්න ඒ වැරදි අවබෝධයට. අපි පහන් දල්වනුයේ "මම මේ පහන දල්වනවා මෙයින් මට මෙන්න මේක ලැබෙන්න කියල හිතලා" නමුත් ඇත්තටම බැලුවහම පහන දල්වන කෙනෙක් නෑ, නමුත් පහන දල්වලා, පින්පවි කරන පතන කෙනෙක් නෑ නමුත් පින් පවි රැස්වෙලා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂනය තුලින්
පෙන්වා දෙන්නේ ඔය කියපු යථා ස්වරෑපය. මෙම ත්‍රිලක්ෂන දර්ශනය සමිපුර්ණ වන්නේ අරහත් ඵලයෙන්.

අයෙක් සොවාන් වනවා යැයි කියනුයේ ඔහුගේ අවිද්‍යාව මුල් වරට දුරැවි, ඒතුලින් ත්‍රිලක්ෂනය මුල් වරට ප්‍රත්‍යක්ෂ ලෙස දැකිමයි.දැන් කෙනෙක්ට හිතෙයි, පින් පවි මුකුත් නොකර ඉන්න පුළුවන්නේ කියල. එහෙම ඉන්නනමි විදියක් නැ. යහපත් කර්මයේ විශාල වැදගත් කමක් තියෙනවා.ඇත්තටම අපි මේ අනුභව කරන්නේ අපේ අතිත කර්මය. අපේ අතිතයේ කල පින්පවි වල විපාකයන් තමයි අපි මේ විදින්නේ. සොවාන් වු පුද්ගලයාත් තමාගේ කර්මය විදිනවා, අරහත් උතුමාත් තමාගේ කර්මය විදිනවා, පසේ බුදුවරයාත්, බුදුවරයානන්වහන්සේත් තමාගේ කර්මය විදිනවා. ඒ නිසා ජිවිතය පැවැත්මට යහපත් කර්මයන්ගේ විශාල වැදගත් කමක් තියෙනවා. නිවැරදි විදියට විග්‍රහ කලොත් ඔබ පහනක් දල්වනුයේ අවිද්‍යාවෙන්,එසේම තෘශ්නාවෙන් ඉදින් මේ අවිද්‍යාව වුවත් තාශ්ණාව වුවත් එතුලින් යහපත් ප්‍රථිපලයක් උදාකර ගැනිමටයි පහන දල්වා නිවන පතනුයේ. නිර්වානය පතනුයේද තෘශ්නාව තුලින් නමුත් නිවනට පැමිණෙනුයේ තෘශ්නාව හා අවිද්‍යාව නැසිමෙන්. මෙය විසෙන් විස නැසිමක් හා සමානයි.

ඔබ ක්‍රියාවක් කරනවා යැයි ඔබ සිතන්නේ අවිද්‍යාව නිසා. මෙහි කරන අයෙක් නැත නමුත් ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව නිසා රැස්වන කුසලාකුසල කර්මයන් තියෙනවා. නමුත් කුසලාකුසල රැස්කරන්නෙක් නැත. පංචස්කන්ධ ධර්ම රැසක හටගැන්ම, පැවැත්ම, නිරැද්ධවිම හැර මෙහි ඇති අන් දෙයක් නමි නැහැ.


බුදුරජානන්වහන්සේ ඉදිරියේ පහනක් දැල්විම තුලින් වඩාත් උත්කෘශඨ ප්‍රතිඵලයක් ලබා ගැනිමට,  සත්වයන්ගේ අවිද්‍යාව නමි අදුර දුරැ කල බුදුපියානන්වහන්සේට මේ ප්‍රදිපය පුදමි යැයි සිතා, අදුරේ සිටින දිවමන් බුදුපියානන්වහන්සේට ආලොකය ලබා දෙන්නේය යන සිතුවිල්ල ඇතිකරගෙන පහන දල්වන්න. ගැබුරැ කරැණු ස්වල්පයක් පැවසුවේ. ඒ අනුව සිතන්න පිලිතුරැ ලැබේවි.
සරලව ඕනැම හොද දෙයක් කුසලයක්. ප්‍රේත වස්තුවේ අංකුර දිව්‍යපුත්‍රයාගේ කතාව කියවන්න. ඔහුට මහත්වු සෘධි ජනිත වුයේ අයෙකුට කුසල්කරනා ස්ථානයක් අත දිගුකර පෙන්විමෙන්. ඒ වැඩි අවබෝධයට බණ කථාවක්. 


මෙම ලිපි දෙකේ කරැණු ඉදිරියේ පැමිනෙන්නාවු 2600 වැනි සමිබුද්ධත්ව ජයන්තිය අරඹයා ඔබ විසින් කරන්නවු යහ ක්‍රියාවන් සියල්ලක්ම මහත්ඵල දායක වන අයුරෙන් කර ගැනිමට හේතුවේවායි පතමි!!
සියල්ලන් හට පහසුම ප්‍රථිපදාවෙන් නිර්වාණයම වේවා!!
බුදුසරණයි!!
Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...