19 අදහස් හා විමසීමි

නිවැරදි විදියට වෙජිටේරියන් වෙන්නේ කොහොමද?

ප්‍රිය මිතුරනේ, අද කතා කරන්න බලාපොරාත්තු වෙන්නේ ටිකක් පළපුරැදු මාතෘකාවක්. නමුත් වෙනස් විදියට. ඒ තමයි බෞද්ධයාට මස් කෑම කැපද? අකැපද යන කරැණ. මේ පිළිබඳව සාකචිචා කිරිමේදී බොහෝ විට ඒ පිළිබඳව සාකචිඡා කල ලිපිය හෝ ග්‍රන්තය නිමාවට පත්වන්නේ මස් කෑම හෝ නොකෑම ඔබට භාර කරමින්.මේ සුදානමි වන්නේ එබදුම ලිපියක් ලියා දක්වන්න නමි නෙමෙයි. ඒබැවින්, මෙම ලිපියේ අන්තර් ගත කරැණු තුලින් නිවැරදි මාර්ගය නිවැරදි චේතනාවෙන් යුතුව අනුගමනය කිරිමට ඔබට පුළුවන් වනවා ඇති.

මස් කෑම හෝ නොකෑම ගැන බුදු රජානන්වහන්සේ දේශනා කලේ මොනවාද?
මේ පිළිබඳව අවධානය යොමු කිරිමේදී අපි මුලින්ම යොමු විය යුත්තේ ත්‍රිපිටකයේ දිග්සඟියේ මහා සීහනාද සුත්‍රය දෙසටයි. එහි සඳහන් පරිදි, අපගේ සමිමා සමිබුදුරජානන්වහන්සේ බුදුවීම සදහා සිද්ධාර්ථ මහා සෘෂින්ව දුෂ්කර ක්‍රියා කල සමය දෙසටයි. මෙම දුෂ්කර ක්‍රියාවේ ස්වභාවය උන්වහන්සේ විසින්ම මහා සිංහනාද සුත්‍රයේ විස්තර කොට වදාලා ඇත. මේ පිළිබඳව ලිපියක් කලින් සමිපාදනය කර ඇති බැවින් එම කරැණු මෙතනනි කියවිමට ඔබට අවස්තාව ඇත. (බුදුරජානන්වහන්සේගේ සවසක දුෂ්කරක්‍රියාවේ නොදත් තතු)

බුද්ධ කාලින සමාජයේ මෙන්ම අද සමාජයේද, මේ මේ ආහාරය අනුභව කිරිමෙන් මෙසේ ශුද්ධත්වයට පත් වන්නේ යැයි පවසන පුද්ගලයෝ ඇත්තහ. ඔවුන් ඒ පිළිබඳව ආඩමිබර විමද, අන්යන් හෙලා දැක කථා කිරිමද දැකිය හැක. බුදුරජානන්වහන්සේ ආහාරයෙන් යමි ශුද්ධියක් වේද නොවේද යන්න අන් අය කියනවා ඇසීමෙන් නොව උන්වහන්සේ විසින්ම ඒ ඒ ආහාරයන් ඒ ඒ ආකාරයෙන් වෘත සමාදන් වීම මඟින් පරිබෝජනය කොට. එසේ එකී ආහාරය කරණකොට ගෙන ශුද්ධියවෙ යයි කියන්නාවූ ඇතැමි මහණ බමුණන්ටද වඩා උග්‍ර තපස් ඇතිව සිට වුවද ආහාරයෙන් යමි ශුද්ධියක් නොවනා බව උන්වහන්සේ විසින්ම පසක් කර ගත් ආකාරය ඉහත ලිපිය මගින් ඔබට පැහැදිලි වනවා ඇත.

මස්කෑම මඟින් අශුද්ධිය වේ යැයි හෝ මස් කෑම හොද නැතැයි කියන්නෝ අනුභව කරනුයේ ශාකමය කොටස්. ඒසේනමි ඔවුන් සිතනුයේ ශාකමය කොටස් අනුභව කිරිමෙන් යමි යහපතක් ඇති බවයි. බෝසත් මහා සෘෂින්වහන්සේද මෙසේ ශාකමය කොටස් අනුභව කර විශේෂ ශුද්ධියක් නොලත් බව ඔබට වැටහෙනු ඇත. එසේ නමි මස් කෑවාය කියා විශේෂ ශුද්ධියක් හෝ විශේෂ අශුද්ධියක් නොවනා බවත් ඔබට පැහැදිලි වනවා ඇත.

බුදුරජානන්වහන්සේ මාශමය භෝජන සඳහා අනුදැන වදාල අවස්ථාවන් ඇත්ද?
මේ ඊලඟ වැදගත් කරැණයි. මේ කරැණු සලකා බැලිය යුත්තේද ත්‍රිපිටකය ඇසුරෙන්මයි.නමුත් වෙනසකට තියෙන්නේ වෙනදා මෙන් නොව අද කරැණු සාකඡ්චා කිරිමට බලාපොරොත්තු වන්නේ විනය පිටකය ඇසුරෙන්. මේ කරැණු ඇතුලත් වෙන්නේ විනය පිටකයේ භේසජ්ජකන්ධ වග්ගයේයි. එහි ඇතුලත් මස් අනුභවයට සමිබන්ධ කරැණු මෙහි සාරංශ වශයෙන් දක්වා ඇත.

(01)එක්කලක එක්තරා භික්‍ෂුවක් හට අමනුෂ්‍යයෙකු විසින් කරන ලද ලෙඩක් විය. ආචාර්‍ය උපාධ්‍යායවරු ඔහුට උපස්ථාන කලද රෝගය සුව කරන්ට නොහැකි විය. ඒ  අමනුෂ්‍යාවේෂ වූ භික්ෂුව හූරු මස් ලොඹුවට ගොස් අමු මස්ද කෑයේය. අමුලේ ද පානය කෙළේය. එයින් ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සුවවිය.  භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කළාහුය.

අමනුෂ්‍යබාධයෙහි අමු මාංශද, අමු ලේද අනුදනිමි , මාංශ අනුභවය හා ලේ පානය භික්‍ෂූ තෙමේ නොකෙළේය. ඔහුට ආවෙශ වී සිටි අමනුෂ්‍ය තෙමේ කා බී භික්‍ෂුව අතහැර ගියේය. ඒ හේතුවෙන් ඒ මහණ තෙම නිරෝගියෙක් විය.

(02)එක්කලක එක්තරා භික්‍ෂුවකට අධිකව දොස් කිපුණු කයකින් යුතුවිය. භික්ෂුන් මෙය භාග්‍යවතුන්වහන්සේට සැලකර සිටියෝය. විරේචන බෙහෙත් බීම තථාගතයානන්වහන්සේ අනුදැන වදාල සේක. ඕහට පෙරා ගත් කැඳවතුර, පෙරාගත් කැඳ වතුර දුරු මිරිස් ආදිය සමඟ නොයෙදු මුං ඇට තැම්බූ වතුර, අකට යුසය මුං ඇට තම්බා ඇට නැති සේ පෙරා ගත් වතුර, මාංශ රසය එනමි මස් ආහර අනුදැන වදාල සේක.

(03)එසමයෙහි  රජුගේ ඇත්හු මැරෙති මිස්සු දුර්භීක්ෂ කල එම හස්ති මාංශය අනුභව කරති. ඔවුහු පිඩු සිඟා වඩනාවූ භික්‍ෂූන්ට ඇත් මාංශ දෙත්. භික්‍ෂූහු ඇත් මාංශ වළඳත්, ඇතැමි මිනිස්සු කෙසේ නම් භික්‍ෂූහු ඇත් මස් වළඳන්නේද? යැයි දොස් කියත්. ඇතා රජුගේ සේනා අවයවයකි. ඉදින් රජු මෙය දන්නේ නම් උන්වහන්සේලා ගැන සතුටු නොවන්නේයයි , භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කළාහුය. ,මහණෙනි, ඇත් මස නොවැළඳිය යුතුය. යමෙක් වළඳා නම් දුකුලා ඇවැත් වේ.

(04)මෙසේම දුර්භික්ෂ සමයේ අශ්ව මාංශ භික්ෂුන්ට පිඩු පිණිස ලද විට එය වළදයි නමි දුකුලා ඇවත්වන බව බුදුරජානන්වහන්සේ වදාල සේක. එයට හේතුව මුල් ඡේදයේ පරිදිමය.

(05)එකල්හි වනාහි මනුෂ්‍යයෝ දුර්භීක්‍ෂයෙහි බලු මස් අනුභව කරයි.. පිඩු පිණිස හැසිරෙන භික්‍ෂූන්ට ද බඵ මස් දෙත් භික්‍ෂූහු බඵ මස් අනුභව කරත්, කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ බඵ මස් අනුභව කෙරෙත්දැයි , ඇතමෙක් දොස් කියත්. සුනඛයා ගැරහිය යුත්තෙක්ය. පිළිකුල්ය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කළහ. , මහණෙනි, බඵ මස් අනුභව නොකළ යුතුය. යමෙක් අනුභව කෙරේ නම් දුකුලා ඇවැත් වේ.

(06)එකල්හි වනාහි මනුෂ්‍යයෝ දුර්භීක්‍ෂයෙහි සර්ප මස් අනුභව කරයි.. පිඩු පිණිස හැසිරෙන භික්‍ෂූන්ට ද සර්ප මස් දෙත් භික්‍ෂූහු සර්ප මස් අනුභව කරත්, කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ සර්ප මස් අනුභව කෙරෙත්දැයි , ඇතමෙක් දොස් කියත් සුඵස්ස නම් නා රජ තෙමෙ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක සිටි සුඵස්ස නම් නාරජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට , ස්වාමීනි, ශ්‍රද්ධාව නැති නොපැහැදුන නාගයන් ඇත්තාහ. ඔවුහු ස්වල්පයකිනුදු භික්‍ෂූන්ට හිරිහැර කරන්නාහුය. ස්වාමීනි, ආය්‍ර්‍යයෝ සර්ප මාංශ අනුභව නොකරන්නාහු නම් යහපතැයි , කීයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුඵස්ස නාග රාජයාට දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, සතුටු කළහ. ඉක්බිති සුඵස්ස නාගරාජු   භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරැණෙන් භික්ෂුන් ආමන්ත්‍රණය කළසේක. , මහණෙනි, සර්ප මාංශ අනුභව නොකළ යුතුය. යමෙක් අනුභව කෙරෙයි නම් දුකුලා ඇවැත් වේ ,

(07)මෙසේම භාග්‍යවතුන් වහන්සේ සුප්පියා නමි උපාසිකාවක් විශයේ සිදුවු සිද්ධියක් අරඹයා, මනුශ්‍ය මාංශ අනුභව කෙරයි නමි ථුලසි ඇවත් වන බව දක්වා ඇත. එසේම මස් අනුභව කිරිමේ දී මේ කවර මසක් දැයි විමසා එය අනුභව කල යුතු බවට නියම කරන ලදි.


(08)එකල්හි වැද්දෝ සිංහයන් මරා සිංහ මස් අනුභව කරත්. පිඩු පිණිස හැසිරෙන භික්‍ෂූන්ට සිංහ මාංශ දෙත්. භික්‍ෂූහු සිංහ මාංශ වළඳා වනයෙහි වෙසෙත්. සිංහයෝ මාංශ ගගත්‍ධයෙන් භික්‍ෂූන් අඹවත්. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කළාහුය. , මහණෙනි, සිංහ මස් අනුභව නොකළ යුතුය. යමෙක් අනුභව කෙරේනම් දුකුලා ඇවැත් වේ ,

ඉහත ‍ඡේදයේ සිංහ වෙනුවට දිවි, (09)වලස්, (10)කරබානා වලසුන් ලෙස යොදා ඡේද තුනක් සාදාගත යුතුය.

මෙසේ තථාගතයානන්වහන්සේ විසින් කෑ යුතු මාංශ හා නොකෑ යුතු මාංශ දක්වා තිබිමෙන් පැහැදිලි වන්නේ මාංශමය ආහාර ගැනීම සමිබන්ධයෙන් බුදු දහම තුල විරැද්ධත්වයක් නැති බවයි.

දේවිදත් තෙර විසින් දරණ ලද උත්සාහය.
මේ කරැනු සඳහන් වන්නේ චුල්ලවග්ගපාළියේ සංඝභේදක්ඛන්ධකයේය. සමඟි භික්ෂුන් බිඳුවා තම සිතැඟි ඉටුකර ගැනීමට සිතූ දෙවිදත් තෙර පංචවර ආයාචනයක් සකස් කර ගන්නා ලදි. එය සැකවින් මෙසේස.
  1. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට ආරණ්‍යයෙහි ම වාසය කළ යුත්තාහ.                                                                                                 
  2. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට පිඬු සිඟා යැපීමෙන් ම ජීවත් විය යුත්තාහ.                                                                                         
  3. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට මස් මාළු නො වැළඳිය යුත්තාහ.                                                                                           
  4. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට පාංශුකූලික වස්ත‍්‍රයෙන් ම සිවුරු දැරිය යුත්තාහ.                                                                               
  5. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට රුක් මුල් හි වාසස්ථානය කොට සිටිය යුත්තාහ.

මෙම කාරනාවන් කෙරේ පැහැදුන නවක භික්ෂුන් 500 නමක් දෙවිදත් තෙර සමඟ බෙදී ගිය පුවත අපි කවුරැත් දන්නා කරැණක්. මෙම ආයාචනය බුදුරජානන්වහන්සේ වෙත ඉදිරිපත් කල විට උන්වහන්සේ කියා සිටියේ කැමති අයෙකුට මෙම ප්‍රථිපදාවන් අනුගමනය කල හැකි බවත්, අකමැති අයෙකුට එසේ නොකර සිටිය හැකි බවත්ය. එහෙයින් මස් මාංශ අනුභවයද කැමැති අයෙකුට කිරිමටත් අකමැති අයෙකුට නොකර සිටිමටත් තතාගතයානන්වහන්සේ අනුදැන වදාරා ඇත.


බුදු රජානන්වහන්සේ මාංශමය ආහාර වලඳනා ලද්දේද?
මෙයට පිළිතුර නමි ඔවි යන්නය. මහා පරිණිර්වාන සුත්‍රයේ සඳහන් පරිදි චුන්ද විසින් බුදු රජානන්වහන්සේ පිළිගත් අවසන් දානයේදී සූකර මද්දවයෙන් වලඳනා ලදි. සුකර මද්දවය යනු කලින් සඳහන් කල පරිදිම විරේචනය වි ඇති විට සුව පහසුව පිනිස වළදන්නාවු ඌරැ මසින් සකස් කල මෘදු අහරකි. අප තිලොගුරැ සමිමා සමිබුදු  රජානන්වහන්සේ මේ වන විට ලොහිතපක්ඛන්ධිකා නමි අතීසාර රෝගයෙන් පිඩාවිදිමින් සිටි බව අප කවුරැත් දන්නා කරැණක්. ඒ අනුව සුකර මද්දවයෙන් බුදුරජාන්වහන්සේ වැළඳුයේ මේ කරැණ නිසා යැයි සිතිය හැක.

එසේම භේසජ්ජකන්ධ වග්ගයේම තරැණ අමාත්‍යයෙකු විසින් බුදුරජුන් ප්‍රමුඛ තෙලෙස් සියයක් භික්ෂුන්ට මාංශ වැළඳවු බව හා සිංහ නමි සේනා පතියෙකු විසින් මෙසේ මාංශ වැලදවිම අරඹයා බුදුරජානන්වහන්සේ ත්‍රිකොටි පාරිශුද්ධ වු මාංශය අනුදැන වදාල සේක.

ත්‍රිකොටි පාරිශුද්ධ වු මාංශය
මෙහි අදහස නමි තුන් පසකින් පාරිශුද්ධ වු යන්නයි. මහණෙනි, තමන් දැන දැනම තමන් උදෙසා කළ මාංශ අනුභව නොකළ යුතුය. යමෙක් වලඳන්නේ නම් දුකුලා ඇවැත් වේ. මහණෙනි, තමන් විසින් නොදක්නා ලද්දාවූ ද, තමන් නිසා මරණ ලදැයි නොඅසන ලද්දා වූද, සැක නොකරන ලද්දාවූද යන ත්‍රිකෝටි පාරිසුද්ධවූ මත්ස්‍ය මාංශ අනුදනිමි. යනුවෙන් වදාල සේක.

එසේනමි මාංශ අනුභවය අකුසල කර්මයක් වන්නේ කවර අවස්ථාවක දීද?
අංගුත්තර නිකාය තික නිපාතය, තතිය පණ්ණාසකය, කර්මපථ පෙය්‍යාල වර්ගයේ, පානාතිපාතති ධම්ම සූත්‍රයේ පහත පරිදි දැක්වේ.

මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද?

තෙමේත් සතුන් මරන්නේ වෙයිද, අනුන් ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීම අනුමෝදන් වෙයිද,

මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙඵවාක් මෙන් නිරයෙහි උපදියි.

එනමි මස් පිණිස අපි සත්ත්වයෙකු මරා කන්නේ නමි, එය ප්‍රාණ ගාථ අකුසල කර්මයයි. එසේම යමෙකු වෙත ගොස් මෙන්න මේ සතා මට මස් පිනිස මරා දෙන ලෙස ඉල්ලා සිටී නමි ඒ ඉල්ලා සිටි අය ඒ සතා මරානමි, එයද ප්‍රාණ ගාථයටම අයත්, එසේම අයෙක් මේන්න සත්තු ගොඩාක් මරල තියෙනවා මේවා කන්නට පුළුවනි කියලා ඒ ප්‍රාණගාථ අකුසල කර්මය අනුමොදන් වනවා නමි, එයත් ප්‍රාණගාථයටම අයත්. අප බුදු රජානන්වහන්සේ බෝධිසත්ත්ව මුලයේ පාරමිතා පුරණා අව්ධියේ වරක් දියෙන් ගොඩ දැමු මසුන් රැසක් හුස්මගත නොහැකිව දඟලන ආකාරය බලා "අදනමි මාලු ගොඩාක් හසුවී ඇතැ" යි කියා ඒ අකුසල කර්මය අනුමොදනා විම හේතුවෙන්, එය විපාක දීමි වශයෙන් බුද්ධත්වයට පත් වුවද උන්වහන්සේට දරැණු හිසේ ආබාධයක් නිතර වැළදුන බව සඳහන් . ලොවිතුරා බුදුරජානන්වහන්සේලාට කර්මය මෙසේ ඵල දෙන කල අපි වැන්නවුන්ට කෙසේ ඵල නොදෙයිද?

බුදුපියාණන් වහන්සේ මෙසේ ත්‍රිකොටි පාරිශුද්ධ මාශය අනුදැන වදාලා ඇත්තේ මෙම අකුසලකර්මය අනුමෝදනා විමි වැලැක්වීම වශයෙන්
යැයි ඔබට තේරැමි යනවා ඇති.

බුදු රජානන්වහන්සේ මාංශ අනුභවය බෞද්ධයන් විසින් නොකල යුතුයැයි නොවදාලේ ඇයි?
මේ කරැණු විමසිමට යොමුවිය යුත්තේ අබිධර්මය දෙසටයි. තාප්පය යන්න අපි කවුරැත් දන්නා වස්තුවක්. මෙසේ තාප්පය යනුවෙන් හදුන්වන වස්තුව නිවැරදිව විශ්ලේශනය කර බලන්නෙකුට එය සෑදී ඇත්තේ ගඩොල්, සිමෙන්ති, වැලි, හුනු ආදිය එක්තරා ආකාරයකට සකස් විමෙන් බව පැහැදිලි වෙනුවා ඇති. සමිමුතියක් වශයෙන් අපි ඒ ඒ ද්‍රව්‍ය වෙන වෙනම නොසලකා, තාප්පය යැයි එහි හැඩය දෙස බලා ව්‍යවහාර කරනු ලැබෙයි.

මේ වගේම අපි තිරිසනා, මිනිසා, යනුවෙන් හදුන්වන සත්ත්වයින්ද, ඒඒ සත්ත්වයින්ගේ හැඩය අනුව කර ඇති වර්ගිකරණය දෙස නොබලා, විශ්ලේශනය කර බලන විට, මේ සෑම සත්ත්වයෙකුම මුලික වශයෙන් නාම රෑප වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. මෙහි රෑප යන්න මහාභූත රැප 04 න් හා උපාදාන රෑපයන්ගෙන් සකස්වෙලා තියෙනවා. අපි ඒ ඒ සත්ත්වයින්ට නමි ව්‍යවහාර කරන්නේ මේ රෑප දිහා බැලිම තුලින්. ඔවුන්ගේ හැඩය අනුව. ඉහත කී නාම යන්න නැවතත්, ‍වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඥාන වශයෙන් කොටස් 04 කට බෙදා දැක්වෙනවා. කොටින්ම කියනවා නමි පංචස්කන්ධය කියන්නේ මේ නාම රෑපයන් තවත් වි‍ශ්ලේෂනය කලාම ඇති අවස්ථාව.

අරෑප තල වල සත්ත්වයින් හැර මිනිසුන්, දෙවියන්, තිරිසනුන් ආදි මේ සියළු දෙනාම පංචස්කන්ධ ධර්මතාවයන්. පහත ලිපි කියවීම තේරැමි ගැනිම සඳහා බොහොම උපකාරි වේවි.

කියවන්න (ඇයි මිනිස්සුන්ට පණ තියෙන්නේ ගස් වලට පණ නැත්තේ?)

කියවන්න. (බුද්ධ දර්ශනය තුල මදුරැවාට හිමි තැන)

ප්‍රාණ ගාථයේදී සිදුවන්නේ යමි සත්ත්වයෙකුගේ නාමයෙන් රෑපය නිරැද්ධ කරවිම. එක පිට එක හේත්තු කර ඇති දරමිටි දෙකකින් එකක් පෙරළුන විට අනිකත් පෙරළි යන්නාක් මෙන් මෙම නාමට රෑපය නොමැතිවත් රෑපයට නාමය නොමැතිවත් පැවතීමේ හැකියාවක් නෑ. මෙසේ අප මස් යැයි කියමින් ආහාරයට ගනුයේ මෙම සත්ත්වයින්ගේ රෑපස්කන්ධයයි. ඒවන විට එහි නාමස්කන්ධය වෙන අයෙකු විසින් නිරැද්ධ කර අවසන්.ඉහත, ත්‍රිකොටි පාරිශුද්ධ මාශය හා ත්‍රිකොටි පාරිශුද්ධ ශිලය බුදුරජානන්වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේ මේ ප්‍රාණගාථ අකුසලයේ අපිත් හවුල්කරැවෙකු නොවනු සඳහායි. මෙසේ යමි වෙළද සැලකින් ගෙන එනු ලබන ශිතකල කුකුල් මාංශයක් ආහාරයට ගැනීම මේ අනුව ශාක පටකයක් ආහාරයට ගැනිම  ආකාරයෙන්ම සැලකිය හැකිය. වෙනස වන්නේ මෙය සත්ත්ව පටකයක්ය. එසේත් නැත්නමි සතෙකුගේ කොටසක්ය යන සංඥාව අපතුල පැවතිමයි.

එසේම ශරීරයේ නිරෝගි බව පවත්වා ගැණීම සඳහා අවශ්‍ය වන පදාර්ථයන් රැසක් මාශමය ආහාර වල අන්තර්ගතයි. මෙසේ මෙම පදාර්ථයන් ගෙන් සිය අනුගාමිකයන් තොර කර ඔවුන් රෝගින් කිරිමට හා ඔවුන්ගේ ශරිරය දුබල කිරිමට, සියල්ල නිසි පරිදි දැන වදාල තථාගතයානන්වහන්සේ කිසි කලක අනුශාසනා නොකරනු ඇත.

අකරණිය වණිජ්ජා සුත්‍රය හා මස්මාශ අනුභවය.
බුදුරජානන්වහන්සේ විසින් තිසරණ සරණ ගිය බෞද්ධයෙකු විසින් නොකල යුතු වෙළදාමි මොනවාද යන්න දේශනා කර ඇත.(අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ,04 වන පන්නාසකයේ) මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු  වෙළදාමි පසක් වෙත්.කවර පසක්ද යත් ආයුධ වෙළදාමය, සතුන් වෙළදාමය, මස් පිණිස සතුන් වෙළදාමය, මත්ද්‍රව්‍ය වෙළදාමය, විෂ ද්‍රව්‍ය වෙළදාමය යන පසයි. මේ අනුව කිසිම බෞද්ධයෙකුට සතුන් වෙළදාම මස්පිණිස සතුන් වෙළදාම කිරිමට අවකාශ නැති බව කිව යුතුයි. මක්නිසාද යත් එම කරැනෙන් සරණ ශිලය පළුදුවන බැවින්. (මෙම වෙළදාම් කරන්නත් පුළුවන් ඔවුන්ව හදුන්වන්නේ වෙනමම ආකාරයකින් ඒ කරැණු පිණිස මෙම ලිපිය කියවන්න) 
මෙය අනුගමනය කර බෞද්ධයෝ සියළු දේනාම මස් පිණිස සතුන් වෙළදාමි නොකර සිටියත්, අන්‍යයන් සත්ත්ව ඝාථනයන් හා සත්ත්ව වෙළදාම කරනු ඇත. සමහර ආගමි මගින් සත්ත්වයින් ඇත්තේ ඔබගේ පරිභෝජනය සඳහාම යැයි කියා ඇති බැවින් කිසි කලෙකත් ලොව මස් මාංශ නමි අඩුවිමක් නොවේවි.

එසේනමි මෙම පහත විඩියෝ පටත් නරඹන්න.






මේවා බැලිමේදී ඔබට හැගි යන්නේ බෞද්ධයෙකු වශයෙන් මස් කෑම සදාචාරත්මක නොවන බැවි නේද? එසේම වෙන සත්ත්වයෙකුගේ කර්මය ගැන අපට කල හැකි දේ බොහෝ අල්ප බවද ඔබට තේරෙණවා ඇතැයි සිතමි.

එසේනමි අප කල යුත්තේ කුමක්ද?
මස් මාංශ කන උදවිය ඉහත පාරිශුද්ධ විය යුතු යැයි සඳහන් පරිදි මස් අනුභව කල යුතුයි. ඊට අමතරව මස් කන අය මෙන්ම මස් නොකන අය සඳහා ඉහත පානාතිපාතති ධම්ම සූත්‍රයේම අපර කොටස දැක්විම වටියි.

කරුණු තුනකින් යුත් පුද්ගල තෙමේ ගෙන එන ලද්දක් හෙඵවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි. කවර තුනකින්ද?

තෙමේත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ප්‍රාණඝාතයෙන් වැළකීම අනුමෝදන් වෙයිද,

මේ ධර්ම තුනෙන් යුත් පුද්ගල තෙම ගෙන එන ලද්දක් හෙඵවාක් මෙන් ස්වර්යෙහි උපදිය"

එසේනමි මස් ආහාරයක් ඔබට කෑමට සිතෙනා විට, "මෙම ආහාරය මට සැපයිම සඳහා ලොවේ කොතනක හෝ සත්ත්වයෙක් ජිවියෙන් තොරවන්නේය මා මෙන්ම අනිත් මිනිසුන්ද මස් මාංශ කෑමෙන් වැලකී සිටි නමි ලොව කිසිදු සත්ත්වයෙක් මස් පිණිස නොමරනු ඇත. යනුවෙන් සිතා එම ආහාරය ප්‍රතික්ෂේප කර සිටිය හැකිය. මෙය "ප්‍රාණගාථයෙන් වෙන්විම අනුමොදන් විමයි. නිවැරදි විදියට වෙජිටේරියන්  නැත්නමි නිර්මාංශික වෙන්නේ මේ ආකාරයටයි. නැත්නමි එයත් එක් තිර්ථක වෘතයක් පමණක් වේවි.

කෙසේ වුවත් කොලෙස්ට්‍රරොල් ආදි අව සාන්ද්‍ර ලිපෝ ප්‍රෝටින අධික ආහාර අඩුවෙන් පරිභෝජනය නිරෝගි දිවියක් සඳහාද වැදගත් වන බැවින් උපාදාන වහයෙන් මස් මාංශ අනුභවය එනමි අධික තෘශ්ණාවෙන් නිතිපතා මස්මාශ අනුභව නොකිරිම කාටත් හොද යැයි කිව යුතුය.එබැවින් මෙම ලිපියෙන් මස් මාශ නොකන්නන් අධෛර්‍යමත් කරනු නොලැබෙයි. ඔවුන් විසින් අවබෝධයෙන් යුතුව එය කිරීමෙන් ඔවුන්ට මහත් කුසලයක් අත්වනවා ඇත. එසේම මස්මාංශ කන්නන් එවා පරිභෝග කල යුතු නිවැරදි ආකාරය ඉහතින් සඳහන්.එබැවින් මැදුමි පිළිවෙතකට පැමිණිම පිනිස ඔවුන්ව උනන්දු කරවනු ලැබේ.

කෙසේ වුවද මස් මාංශ අනුභවය පෞද්ගලික රැචිකත්වය විනා එයින් ලැබෙනා විශේෂ ශුද්ධියක් හෝ අශුද්ධියක් නැති බැවි නමි ඉතා පැහැදිලි කරැණක්.
Read More...
15 අදහස් හා විමසීමි

භූමි කමිපාවන් සිදුවන ආකාරය බුදු පියාණන් දෙසුයුරැ.

ප්‍රිය මිතුරනේ, මින් පෙර පළවු ලිපි‍ පෙළේ තව එක් කොටසක් ඉතිරිව තිබිය දී අද මේ සුදානමි වන්නේ, වෙනත් සංසිද්ධියක් ගැන සාකචිඡා කරන්නයි. ඒ භූමි කමිපා ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලන්නයි මේ  සුදානම. මේ පිළිබඳව ලිපියක් සකස් කිරිමට සිත්වුයේ භූවිද්‍යා හා පතල් කැනීමි කාර්‍යංශය හා යුනිසේෆ් ආයතනය මඟින් සුනාමි හා භුචලන පිලිබඳව ජනයා දැනුවත් කිරිමට පළ  කල අත්පත්‍රිකාවක් දක්නට ලැබිම හේතුවෙන්.

 භුමිකමිපා හා බුදුදහම අතර සමිබන්ධය කුමක්ද යන්න අයෙකුට එක් වරම සිතා ගැනිමට නොහැකි වනු ඇත. ඒ කරැණු පසකට තබා මුලින්ම පහත කරැණු පිළිබඳව අවධානය යොමු කිරිම  වැදගත් යැයි සිතමි.

ලෝකය ඝොලාකාර යැයි ප්‍රකාශ කල ආදිතම ශාක්ෂි මොනවාද?

බුදු රජුන්ට සමකාලින වු පයිතගරස් විසින් මේ මතර දරා ඇත. මේ ක්‍රි.පු 06 වන සියවසේ දීය.  ඉන්පසු  නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රධානියෙකු හා ගණිතඥයකු වන Āryabhaṭa මේ මතය දරා ඇත.

නමුත් පසුව යමි යමි ආගමික සංවිධාන ලොව ප්‍රබල වීම නිසා හා ඔවුන්ගේ ලියවිලි වල ලොකය තැටියක් ආකාර යැයි එසේත් නැත්නමි පැතලි යැයි සඳහන් වි තිබු නිසා ලොකය ඝොලාකාර යැයි පිළිගැනිමට මිනිසුන් මැලිවිය. කෙසේ වුවද 1492 කොලොමිබස් විසින් ලොකය වටා චාරිකාව නිමා කරන තුරැම මිනිසුන් ලොව ඝෝලා කාර යැයි පිළි ගැනිමට දැක්වුයේ මහත් බියකි. මා මේ කරැණු සඳහන් කලේ ලොකය පිළිබඳ මිනිසාගේ නුතන විද්‍යාත්මක දැනුම දියුණු වුයේ බොහෝමත්ම මෑත යුගයකදී බව පෙන්වා දීම සඳහායි. ඒයත් නුතන විද්‍යාවට පින් සිදුවන්නටය, 

තත්වය මෙසේ තිබිය දී භූ ගර්භ විද්‍යාව ආදි විද්‍යාවන් හා ඒවා මඟින් වර්තමානයේ පිලිගන්නා කරැණු එතරමි පුරාතන නොවන බව ඔබට පැහැදිලි වනවා ඇත.

පහත දැක්වෙන කරැණු භූගර්භ හා සමීක්ෂන  කාර්යංශය මඟින් නිකුත් කල අත්පත්‍රිකාවේ සඳහන් කරැණු වේ.

පෘථිවිය තුළ ව්‍යුහය
පෘථිවි කබොල බිදෙන සුළු භාහිර තටිටුව කි.මී.5-40 පමණ ඝනකමි තටිටුවකි. මෙහි ගොඩබිම-කි.මී 30-40 දක්වා ඝනකම වේ. මුහුදේ කි.මී 5 ක් පමණ ඝනකම වේ.

මැන්ටලය
කබොලට ඇතුලින් ඇති කොටස වේ. මෙය කොටස් දෙකකි. මෙහි ඝනකම කි.මී. 2885 ක් පමණ‍ය. පෘථිවි මදය එනමි ද්‍රව සහිත ඇතුළු කොටස හා ඝන ද්‍රව්‍ය සහිත පිට කොටස වශයෙන්

භුමි කමිපාවක් ඇතිවන්නේ කෙසේද?
භූතල එකට ගැටීමෙන්, ඈත්වීමෙන් හෝ එකක් මත ලිස්සා යාමෙන්.

භූතල යනු මොනවාද? මෙසේ ලිස්සායෑමි ගැටීමි වන්නේ කෙසේද?
ඝන දෘඩ ද්‍රව්‍යන්ගෙන් සෑදුන පෘථිවියේ පිට පොත්ත ශිලා ගෝලය නමි වේ. මෙම ශිලා ගෝලය තල වශයෙන් කොටස් කිහිපයකින් යුක්තය.මෙම තල ඊට යටින් ඇති අර්ධ ද්‍රවමය ස්වභාවයක් සහිත අධෝගොලය මත ඉපිලෙමින් පවතියි. ඉහත කී අර්ධ ද්‍රව මාද්‍යයේ ඇතිවන සංවහන ධාරා මඟින් මෙම තල එකි නෙකට සාපෙක්ෂව චලනය වේ.මෙම චලනය නිසා තල මායිමෙහි ගොඩනැගෙන ආතතිය  (ශක්තිය) ක්ෂනිකව මුදාහැරීම නිසා භූ කමිපන හටගනියි.
erath
 

ඉහත දැක්වුයේ නුතන විද්‍යාව මඟින් භූකමිපන ඇතිවන ආකාරය ප්‍රකාශ කර ඇති ආකාරයයි.දැන් භූ කමිපන ගැන දැනීමක් ඇති නිසා සුදානමි වන්නේ ධර්මය දෙසට යොමු වීමටයි.

දීග්සඟියේ 16 වන මහා පරිණිබිබාන සුත්‍රයේ භූමි කමිපා ඇතිවිමට හේතු වන කරැණු 08 ක් අපගේ තාථාගත සමිමා සමිබුදු රජානන්වහන්සේ විසින් දේශිතයි. දැන් ඒ ගැන සලකා බලමු.

"ආනන්ද මහා භුමිචලනයක් ඇතිවිමට හේතු 08 ක් පවතියි ඒ අට කවරක්ද?

01)ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. ජලය වාතයේ පිහිටා තිබේ.වාතය අවකාශයේ පිහිටා ඇත. මහාවාතය හමා යන අවස්ථා ඇත. මහා වාතය හමා යන විට ජලය කමිපා කරයි. ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි. භූ චලනයක් විමට මේ පළමු වන ‍හේතුවයි.

ඉහත දේශනය කොටසින් කොටස ගෙන මෙහිදි සලකා බැලීම වැදගත් වනු ඇත.

ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. - මේහිදි පොළව යනු ඉහතින් අප විස්තර කර ඇති භූතල හෙවත් පෘථිවි කබොල බව ඔබට පැහැදිලි ඇති. එසේනමි ජලය යනු කුමක්ද? බුදු දහමේ බොහො තැන් වල ආපෝ ධාතුව හැදින් විමට ජලය යන්න යෙදීම දැකිය හැකියි. ඒ ආපෝ ධාතුව ප්‍රකටවම හා පහසුවෙන්ම ප්‍රකාශිත වන මාධ්‍ය ජලය බැවිනි. මෙම ආපෝ ධාතුවට ජලය ත් අයත් වේ, බටර් වැනි මෘදු ඝන ද්‍රවයන් ද අයත් වේ. පැනි වැනි උකු ද්‍රවයන්ද අයත් වේ. තෙල් වැනි ලිහිසි ද්‍රවයන්ද අයත් වේ. තාර වැනි ද්‍රව්‍යද අයත් වෙයි. ඒ අනුව මේ තථාගතයානන්වහන්සේ දේශනා කර ඇත්තේ පොළව එසේත් නැත්නමි මෙම භූ තල ඊට යටින් ඇති අර්ධ ද්‍රවමය සවභාවයක් සහිත අධෝගොලය මත ඉපිලෙමින් පැවතීමයි.

ජලය වාතයේ පිහිටා තිබේ.-මෙයින් කියවෙන්නේ කුමක්ද? වාතය යනු, වායෝ ධාතුවයි මෙයට ජල වාශ්පද අයත්ය, (හුමාලය) වායුඝෝලයේ අන් වායුන්ද අයත්ය. සංවහන ධාරාවන්ද අයත්ය. වායෝ ධාතුව යනු සැලෙන බව චලනය වන බව ලක්ෂනය කර ඇතියකටයි. ඒ අනුව නුතන විද්‍යාවෙන් ප්‍රකාශිත ඉහත කී අර්ධ ද්‍රව මාද්‍යයේ ඇතිවන සංවහන ධාරා මඟින් මෙම තල එකි නෙකට සාපෙක්ෂව චලනය වේ. මෙසේ සංවහන ධාරා පැවතිය හැකි වන්නේ අවකාශ ධාතුව හෙවත් මෙම ද්‍රවමය පදාර්ථය අසංතතික බැවිනි. එනමි මෙම සංවහන ධාරා අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවෙයි. මෙසේ තථාගතයානන්වහන්සේ මෙය විස්තර කරමින් ජලය වාතයේ පිහිටා තිබේ. වාතය අවකාශයේ පිහිටා ඇත. යනුවෙන් දක්වා ඇත.

මහාවාතය හමා යන අවස්ථා ඇත- සංවහන ධාරා මින් එක් වරම ක්ෂනික ශක්තිය මුදා හැරීම මෙසේ මහා වාතය හමායන අවස්ථා ඇත යනුවෙන් දක්වා ඇත.

මෙසේ මෙම ශක්තිය මුදා හැරීම නිසා මෙම අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවන කමිපන හේතුවෙන් භූ තල එකට ගැටෙයි. සමහර විට භූ තල අතරින් මෙම අර්ධ ද්‍රවමය ද්‍රව්‍ය පොළව මතුපිටට ගලා ඒම සිදුවෙයි. ගිනි කදු විධාරණය විම යනුවෙන් හදුන්වන්නේ මෙවැනි තත්වයක්. මේ නිසා පො‍ළෝ පෘෂ්ඨය කමිපනයට ලක්වේ-ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි යනුවෙන් දැක්වුයේ මෙයයි.

මේ තථාගතයානන් වහන්සේ විසින් භූ කමිපනයක් ඇති වන්නේ කෙසේද යන්න, ඉතාමත් නිරවද්‍ය ලෙස දැනට වසර 2600 කට මත්තෙන් මිනිස් ඇස ඉක්මවු සර්වඥතා ඥානයෙන් දේශනා කර ඇති ආකාරයයි.

නුතන විද්‍යාව බුදුරජානන්වහන්සේගේ ප්‍රඥාව හා සසඳන විට තාමත් ප්‍රමාණකල නොහැකි සුලු මටිටමක පැවතියද, එම විද්‍යාවෙන් සඳහන් නූතන කරැණු අපගේ තථාගතායානන් වහන්සේ විසින් දැනට වසර 2600 කට පෙර ද දැන සිටි බව දුටු විට ස්‍රාවකයන් වශයෙන් අපට ඇතිවන්නේ මහත්වු චිත්ත ප්‍රසාදමය කුසල කර්මයක්. මේ ලිපිය සකස් කලේ එම චේතනාවෙන්.

අගුත්තර නිකායේ, තික නිපාතයේ, භරණ්ඩු වග්ගයේ 09 වන සුත්‍රයේ බුදුරජානන්වහන්සේ "මහණෙනි, තථාගතයානන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘතවුයේම බබලයි. වැසුනේ නොම බබලයි"
යැයි දේශනා කලේ එබැවිනි.

එසේ නමි භූ කමිපනයක් ඇතිවන අනිත් කරැණු සත කුමක්ද?

02) ආනන්ද, චිත්ත  වශිතාව ලත් ශ්‍රමණයෙක් හෝ භ්‍රාහ්මණයෙක් හෝ සිටියි. මහත් සෘධි මහත් අනුභාව ඇති දෙවියෙක් හෝ සිටියි. ඔහු පඨවි සංඥාව අඩුවෙන් වඩන ලද්දේය. ආපෝ සංඥාව වැඩියෙන් වඩන ලද්දේය. ඔහු මේ පොළව කමිපා කරවයි. සංකමිපනය කරවයි.  සමිපකමිපනය කරවයි. වෙවිලවයි. මහා භූමි චලනයකට මේ දෙවෙනි හේතුවයි.

03)ආනන්ද, බෝසත් තෙමේ සිහිනුවන ඇතිව මහා නුවන ඇතිව තුසිත දෙවියන් අතරින් චුතව,මවිකුස පිළිසිඳගන්නා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි.මේ තෙවන හේතුවයි.

04)ආනන්ද, මහා බෝසතුන් සිහි ඇතිව මනා නුවනින් යුතුව මවි කුසින් බිහිවන අවස්ථාවේ දී, මේ පොළව කමිපා වෙයි.මේ සිවි වන හේතුවයි.

05)තථාගතයානන් වහන්සේ අනුත්තර සමිමා සමිබෝධිය අවබෝධ කරන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි. මේ පස්වන හේතුවයි.

06)තථාගතයානන් වහන්සේ අනුත්තර ධර්මචක්‍රරය පවත්වන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සවෙනි හේතුවයි.

07) තථාගතයානන්වහන්සේ ආයු සංස්කාරය අතහරින අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සත් වන හේතුවයි

08)ආනන්දය, තථාගතයානන් වහන්සේ අනුපාදිසේස නිර්වාණයෙන් පිරිනිවෙනා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි. මේ අට වන හේතුවයි. 

භූමි කමිපා ඇතිවීමට ආනන්ද හේතු 08 මේවායි.

මෙසේ තථාගතායානන් වහන්සේ  භූකමිපන ඇතිවිමට හේතු 08 දේශනා කර වදාල සේක. මින් පළමු වැන්න නිවැරදි විමටත් අන්වා බොරැ විමටත් හේතු නැති බව පැහැදිලිය. එබැවින් නුවනැත්තෝ විමසත්වා.
බුදුසරණයි!

මෙම ලිපියත් කියවා බලන්න.
Read More...
0 අදහස් හා විමසීමි

ලොව උපත සිදුවුයේ කෙසේද? නුතන මිනිසා ඇතිවු සැටි. 3 කොටස

පෙර සබැඳි ලිපි සඳහා
01 කොටස                     02 කොටස

ප්‍රිය මිතුරනේ, මෙම ලිපියෙන් ලොව විනාස වන තැන සිට ජීවය හටගන්නා ආකාරය ගැන බුදු දහමින් ප්‍රකාශිකය දක්වන බව සඳහන් කලා. මේ සුදානමි වන්නේ ඒ පිළිබඳව සඳහන් කිරිමටයි. ඊට මත්තෙන්, මින් පෙර ලිපි දෙකින් පළමු ලිපියෙන් ලොව ආරමිභය පිළිබඳව අද දිනය වන විට ඇති විද්‍යාත්මක මතයන් හා ආගමික මතයන් පිළිබඳව විස්තරයක් කලා ඔබට මතක ඇති. දෙවන ලිපියෙන් කරැණු දක්වා තිබෙන්නේ ඒම මතයන් වලට මිනිසුන් බැසගන්නේ කවර  හේතුන් නිසාද යන්න බුදුරජානන්වහන්සේ පාඨික සුත්‍රයේ දේශනා කර ඇති ආකාරයට අනුවයි. මෙම ලිපි කියවු ඔබට පහත කරැණු පහසුවෙන් තේරැමි යනවා ඇති.

නුතන විදයාව මඟින් තරයේ පිළිගනු ලබන්නාවු ලොව ජීවය ඇතිවිම පිළිබඳ වාදය වන්නේ ජීවය වෙනත් ස්ථානයකින් අප ලොකයට පැමිණියේය යන්න වේ. මෙම වාදය මගින් විස්තර කරනුයේ අභ්‍යාවකාශයේ කොතනක හෝ සිට පැමිණි ජීවි සෛලයන්/(සෛලමය) සත්ත්වයින් මඟින් වර්ථමාන ජීවින් සකස් වු බවය. එසේ වුවුද සෑම වාදයකටම පක්ෂ පිරිස් හා ප්‍රතිපක්ෂ පිරිස් ඇත.මෙම වාදයටද ප්‍රතිපක්ෂ පිරිස් සිටිති. ඔවුන් කියා සිටින්නේ කුමන ආකාරයකින් හෝ සෛලමය සත්ත්වයින් පෘථිවිය මතට පැමිණියාය යන්න පිළිගත්තද, නුතන මිනිසා එම සෛලයන් විකරණය විමෙන් හෝ විකෘතිවිමෙන් හෝ පරිණාමනය වීමෙන් හෝ ඇතිවු බව පිළිගත නොහැකි බවයි. එයට හේතුව වන්නේ පරිණාමය පිළිබඳව අධ්‍යනයේදී මෙසේ සෛලයක් සංකීර්ණ මිනිසෙකු බවට පත්විමට ගතවන කාලයට වඩා ඉතා කුඩා කාලයක් තුල නුතන මිනිසා බිහිව තිබිමයි. එබැවින් සමිපුර්ණ මිනිසාම වෙනත් ලොවක සිට පෘථිවිය ආක්‍රමණය කලේ යැයි ඔවුන් කරැණු ඉදිරිපත් කරති. කෙසේ වුවද,
නුතනයේ වඩාත්ම පිළිගත් මත දෙක වන්නේ මෙම මත දෙකයි. මේ සදහන් කලේ ජීවයේ උපත පිලිබඳව නූතන විද්‍යාවේ පිළිගන්නා කරැණු පිළිබඳව සරල විස්තරයක්. 

දැන් යොමු වෙන්න සුදානම, මිනිසාගේ ආරමිභය පිළිබඳව බුදු රජානන්වහන්සේ විසින් දේශනා කරන ලද කරැණු වෙතටයි. මේ ගැන සඳහන් වන්නේ දිග් සඟියේ 27 වන අග්ගඤ්ඤ සුත්‍රයෙයි. (කොටස් අඩු කොට සංශේප කර ඇත)

ලොව නැවත සකස් වීම
වාසිටිඨයෙනි, දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ මේ ලොව නැසෙන කාලයක් වෙයි. ලොව නැසෙන කල්හි සත්ත්වයෝ බෙහෙවින් අභස්සර බ්‍රහ්ම ලොව උපදිති. ඔවුහු ප්‍රීතිය ආහාර කර ගනිමින් වාසය කරයි. තම ශරීර ආලොකයෙන් තමාම බැබලෙයි. අහසේ යෙත් සුභස්ථායි වු ඔවුහු දිගුකලක් වෙසෙයි.

වාසිටිඨයෙනි, ඒ කාලයේ අදුර එකම අඳුරැ කඳකි. සඳ හිරැ නොපෙනේ. නැකත් තරැ රෑ දහවල් නොපෙනෙයි.දින සති මාස නොපෙනෙයි. සෘතු අවුරැදු නොපෙනෙයි ස්ත්‍රීන් පුරැෂයෝ නෙපෙනෙත්. සත්ත්වයින් "සත්තු" කියාම ව්‍යවහාර වෙත්. අනතුරැව වාසිටිඨයෙනි, දිගුකලකින් පසුව කිසියමි දිනක ජලය මත්තේ රස පොළව හට ගන්නා ලදි. යමිසේ උණු කල කිරි නිවෙන විට මත්තෙහි යොදය හට ගනිත්ද, එසේ එය පහල විය. එය පැහැපත්විය. සුවඳවත් විය. රසවත්විය. එය මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.

ඉක්බිති එක් කෑදර සතෙක් "පින්වත්නි මේ කිමක්දැයි කියා රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලන ඔහුට ආශ්වාදයක් ඇති විය. ඔහුට තෘශ්ණාවද ඇති විය.

සඳ හිරැ ආදිය පහළ වීම.
වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්තු රස පොළව ගුලිකොට ගන්නට පටන් ගන්නා ලදි. එවිට ඒ සත්ත්වයිනේ ශරිර ආලොකය අතුරැචහන් විය. ශරීරාලොකය අතුරැදහන් වූ විට සඳ හිරැ පහළ විය. සඳ හිරැ පහල වූ විට නැකත් තරැ පහළ විය.රෑ දහවල් ඇති විය. සති මාස ඇති විය. සති මාස ඇතිවු විට සෘතු අවුරැදු ඇතිවිය. වාසිටිඨයෙනි, මෙසේ මේ ලොව නැවත පහළ විය.

සත්ත්ව ශරීර දෘඩ වීම
වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්ත්වයෝ රස පොළව අනුභව කරමින් එයම කමින්,ආහාරයට ගනිමින් දිගු කලක් විසීය. වාසිටිඨයෙනි, යමිතාක් ඒ සත්තු රස පොළව අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ රස පොළව අනුභව කරන ඒ සත්ත්වයින්ගේ සිරැරැ රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද "ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය. මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින් දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය, අතිමානය, ස්වභාව කොට ඇත්තාවු ඒ සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති මානය හේතුවෙන්, රස පොළව අතුරැදහන් විය. රස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින් රැස්ව "අහෝ රසය, අහෝ රසය" යැයි මැසවිලි කීය. දැනුදු මිනිස්සු යමි රසයක් ලද විට "අහෝ රසයි. අහෝ රසයි" කියති. එසේ කියනුයේ පැරණි මුලික වචනය සිහි කරමිනි. එනමුත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.

බිමි හතු පහල වීම
වාසිටිඨයෙනි, අස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින්ට බිමි හතු පහල විය. නයි හතු යමි සේ හට ගනිත්ද ඒ අයුරෙන්ම බිමි හතු පහල විය. එය පැහැපත්ද සුවදවත්ද රසවත්ද විය.මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.

වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්ත්වයෝ බිමිහතු අනුභව කරමින් එයම කමින්,ආහාරයට ගනිමින් දිගු කලක් විසීය. වාසිටිඨයෙනි, යමිතාක් ඒ සත්තු බිමිහතු අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ බිමිහතු අනුභව කරන ඒ සත්ත්වයින්ගේ සිරැරැ රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද "ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය. මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින් දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය, අතිමානය, ස්වභාව කොට ඇත්තාවු ඒ සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති මානය හේතුවෙන්, බිමිහතු අතුරැදහන් විය.

බදාලතා පහලවීම
බිමි හතු අතුරැදහන් වු විට ඒ සත්ත්වයින්ට බදාලතා නමි වැල් වර්ගයක් පහල විය.(කලමිබුකා) විල්පලා යමි සේ පහල වේද, එසේම බදාලතා පහල විය.එය පැහැපත්ද සුවදවත්ද රසවත්ද විය.මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය. ඉක්බිතිව ඒ සත්තු බදාලතා අනුභව කරන්නට පටන් ගත්හ.

වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්ත්වයෝ බදාලතා අනුභව කරමින් එයම කමින්,අාහාරයට ගනිමින් දිගු කලක් විසීය. වාසිටිඨයෙනි,යමිතාක් ඒ සත්තු බදාලතා අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ බදාලතා අනුභව කරන ඒ සත්ත්වයින්ගේ සිරැරැ තව තවත් රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද "ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය.මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින් දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය, අතිමානය, ස්වභාව කොට ඇත්තාවු ඒ සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති මානය හේතුවෙන්, බදාලතා අතුරැදහන් විය. රස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින් රැස්ව අපට තිබුණ බදාලතා නැතිවිය කියා මැසවිලි කීය. දැනුදු මිනිස්සු යමි දුකක් ඇතිවු විට "අපට තිබු බදාලතාව නැතිවිය යැයි" කියති. එසේ කියනුයේ පැරණි මුලික වචනය සිහි කරමිනි. එනමුත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.

සයංජාත හැල් පහලවීම
වාසිටිඨයෙනි, බදාලතා අතුරැදහන් වූ විට ඒ සතුන්ට ඉබේ වැවුන, කුරැටු නැති, දහයියා නැති සුදු සුවඳවත් සහල් ඇටම ඵලදරන හැල් වී පහල විය. ඔවුන් ඉන් සවස අහරට යමි පමණක් ගනීද, පසුදා උදය වන විට එය ඒපමණට නැවත වැඩී පැසෙයි. උදේ ආහාරයට ඔවුන් ඉන් යමි පමණක්  ගනීද, සවස් වන විට එය නැවත වැඩී පැසෙයි. එහි අඩුවීමක් නමි නොපෙනෙයි. වාසිටිඨයෙනි, මෙසේ මේ සතුන් ඉබේ වැවුන හැල් අනුභව කරමින්, එය කමින්, එය ආහාරයට ගනිමින්, දිගුකලක් සිටියහ.

ලිඟු පහල වීම.
යමිතාක් වාසිටිඨයෙනි, ඒ සත්තු ඉබේ වැඩෙන හැල් අනුභව කරමින්, කමින්, අහරට ගනිමින් දිගු කලක් වාසයකරනා විට, එතෙක් ඒ සතුන්ගේ සිරැරැ බෙහෙවින් රළු විය. පැහැය විවර්ණවීමිද විය. අයෙකුට ස්ත්‍රී ලිංගයන්ද, අයෙකුට පුරැෂ ලිංගයන්ද පහල විය. ඔවුන් හැහැනුන් පිරිමින් නමි විය. ගැහැණියද බොහෝ වෙලා පිරිමියා දෙස බලා සිටී, පිරිමියාද බොහෝ වෙලා ගැහැණිය දෙස බලා සිටින්නට විය. බොහෝ වෙලා එකි නෙකා දෙස බලා සිටිනා ඔවුන්ට රාගය ඇතිවිය. සිරැරේ දාහය ඇතිවිය. ඔවුහු දාහය නිසා සංසර්ගයේ යෙදුනාහ.අනතුරැව වාසිටිටයෙනි, ඒ සත්තු ඔවුන් අතරින් සංස‍ර්ගයේ යෙදෙනවුන් දැක, පස් විසිකරත්, ඇතමෙක් අළු විසිකරත්, වසලිය නැහිය (මැරිය) කෙසේ නමි සතෙක් තවත් සතෙක්ට මෙබන්දක් කරයිද? යි කියත්. දැනුදු ඇතැමි ජනපදයක කුමරියක් විවාහ කර දෙන විට, අයෙක් පස් දමත්, අයෙක් අළු දමත්, අයෙක් ගොම දමා ගසත්, ඒ පැරණි මුලික වචනම සිහි කර එසේ කරතත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.

"වාසිටිඨයෙනි, එකල අධර්මය යැයි සමිමත දෙය මෙකල ධර්මය යැයි සමිමතය. වාසිටිඨයෛනි, එකල යමි සත්ත්වයෙක් මෙවුන්දමෙහි යෙදෙත් නමි, ඔවුහු මසක් දෙකක් යනතුරැ ගමකට නියමි ගමකට ඇතුළු වන්නට අවසර නොලබත්,

වාසෙටිඨයෙනි, එකල සත්තු බොහෝ වේලාවක් අසද්ධර්මයෙහි (එකල අසද්ධර්මය වු ලිංගික සංසර්ගයේ යෙදිම) යෙදෙන්නට විය. ඒ අසද්ධර්මය වසං කිරිමට ගෙවල් තනන්ට පටන් ගත්හ.

වාසිටිඨයෙනි, ඉක්බිති එක් කමිමැලි සතෙකුට මෙසේ සිතිනි. "සවස ආහාර සඳහා සවසටත්, උදේ ආහාර සඳහා ෑදේටත් හැල් ගෙන එමින් මම මෙසේ කුමට වෙහෙසෙමිද? එක වරම උදේ සවස ආහාරයට සෑහෙන්න හැල් ධාන්‍ය ගෙනාවේය. 

ඉක්බිති අනෙක් සතෙක්  ඒ අය වෙත ගොස් "යහව එන්න හැල් ගෙන ඒමට යුමුයි" කීය.මට අවශ්‍ය නැත මම උදේ සවස දෙකටම අවශ්‍ය හැල් ගෙන ලද්දෙමියි ඔහු කීය. වාසිටිඨයෙනි එවිට ඒ සත්ත්වයා අනිකා අනුගමනය කර උදේ සවස දෙකටම ප්‍රමාණවත් පරිදි හැල් එකවර ගෙන එන ලදි.එවිට තවත් සතෙක් ඕ වෙත පැමිණ එන්න මිත්‍රය හැල් ගෙන එන්නට යුයි කීය. එවිට ඒ සත්තවයා අවශ්‍ය නෑ මිතුර මම දින දෙකකට ප්‍රමාණවත් හැල් ගෙන එන ලද්දෙමියි කීය. "එයත් හොදයි මිතුර " යැයි කියමින් අනිකා දින 04 කට ප්‍රමාණවත් පරිදි හැල් ගෙන එන ලදි. ඔහු අනුගමනය කල අනිකෙක් දින 08 කට ප්‍රමාණවත් පරිදි හැල් ගෙන එන ලදි.මෙසේ ඒ සත්ත්වයින් හැල් ධාන්‍ය රැස්කර අනුභව කරන්නට වන් කල්හි එහි දහයියාද කුඩුද ඇතිවිය. තවත් කලකට පසු හැල් කැපූ තැන නැවත කරල් හට නොගන්නා ලදි. තැන තැන පදුරැ ලෙස පැල හටගති.

හැල් බෙදීම

වාසිටිඨයෙනි ඉක්බිති ඒ සත්ත්වයෝ රැස්ව මෙසේ කථිකා කලහ. "පින්වත්නි සතුන් අතර පහත් ගති පහල විය. අපි පෙර ප්‍රීතිය බුදිමින් ශරීරාලොකය ඇතිව අහසේ යමින් දිගු කලක් විසීමු. දිගු කලකට පසු ඒ අපට රස පොළව දියෙහි මතුවිය. ඒ අපි රස පොළව ගුලි කොට කන්නට පටන් ගතිමු. එවිට අපේ ශරීරාලොකය අතුරැදහන් විය. එය අතුරැදහන් වු විට සඳ හිරැ පහල විය. සඳ හිරැ පහල වු විට නැකත් තරැ පහළ විය. නැකත් තරැ පහල වු විට රෑ දහවල් පහල විය. සති මාස ඇති විය සෘතු අවුරැදු ඇතිවිය. අපි ඒ රස පො‍ළව අනුභව කරමින් දිගු කලක් වාසය කලෙමු.ඒ අපට පහත් ගති පහළ  වු නිසා රස පොළව අතුරැදහන් විය. එවිට බිමි හතු පහල විය. එය වර්ණවත් විය රසවත් විය සුවඳවත් විය. අපි ඒ බිමි හතු අනුභවයට පටන් ගන්නා ලදිමු. එවිට බිමි හතු අතුරැදහන් විය. එවිට බදාලතා පහල විය.අපි බදාලතා බුදුමින් දිගු කලක් විසීමු. ඒ අපට පහත් ගති පහල වීමෙන් බදා ලතා අතුරැදහන් විය. එවිට කුඩු නැති, දහයියා නැති, සුවදවත් ඉබේ වැවෙන හැල් පහල විය. මිනිසුන්ගේ පහත් ගති ඇතිවිම නිසා සහලේ කුඩු ඇතිවිය, දහයියා ඇතිවිය. කැපුවිට නැවත නොවැඩින. අඩුවු බව දිස් විය. හැල් පුදුරැ පදුරැ සේ වෙන් විය.අපි හැල් බෙදාගතහොත් යෙහෙකි. සිමා නියම කර ගමු. ඉක්බිති වාටිටිඨයෙන්,ඒ සත්තු හැල් බෙදාගත්හ සීමා තැබුහ.

පහත් ගති උග්‍ර වීම
වාසිටිඨයෙනි, මෙසේ කලකදී එක් කෑදර සතෙක් තම කොටස ඉතිරි කර නුදුන් අනික් කොටසක් ගෙන අනුභව කලේය. "අනිත් අය සොරා අල්ලා ගෙන, "යහළුව තම කොටස ඉතිරිකර ගෙන නුදුන් අනික් කොටසක් ගෙන අනුභව කල තෝ පහත්  වැඩක් කලෙහිය. යහළුව නැවත මෙබන්දක් නොකරව යැයි කීය".

වාසිටිඨයෙනි ඔහු හොදයි යහළුව කියා ඔවුන්ට උත්තර දුන්නේය.නමුත් දෙවනිවද ඒ සත්ත්වයා තමාගේ කොටස ඉතිරි කර අන් කොටසක් සොරෙන් ගෙන අනුභව කරන්නට විය. දෙවන වරද අනිත් සත්ත්වයින් පෙර සේම කි කල යහපතැයි ගිවිසගන්නා ලදි.

නමුත් ඕ තෙවනුවද සොරකම් කරන ලදි. එවිට අන්ත් සත්ත්වයින් ඕ අල්වාගෙන. යහළුව නුඔ නොදුන් දේ ගැනීමෙන් පහත් ක්‍රියාවක් කරන්නෙහිය. නැවත මෙබන්දක් නොකරවයි ඇතමෙක් ඔහුට අතින් ගැසීය. ඇතමෙක් කැට කැබිලිති වලින් ගැසීය. ඇතමෙක් දඩු මුගුරින් ගැසීය. වාසිටිඨයෙනි, එතැන් පටන් නුදුන් දේ ගැනිම හෙටත් සොරකම ඇතිවිය.ගැරහුම ඇතිවිය බොරැ කීම ඇති විය. පහර දීම් ඇතිවිය.

මහාසමිමිත රජ
වාසිටිඨයෙනි, ඉක්බිති ඒ සත්තු රැස්ව මෙසේ කථිකා කලහ. පින්වත්නි, සත්ත්යින් වෙත පහත් ගති පහල විය. නුදුන් දේ ගැණිම ඇති විය. ගැරහුම ඇතිවිය. බොරැකීම ඇතිවිය. දඩුවම ඇතිවිය. අපි ගැරහිය යුත්තාට සුදුසු සේ ගරහන, නින්දා කල යුත්තාට සුදුසු සේ නින්දා කරන, නෙරපිය යුත්තා සුදුසු සේ නෙරපන, එක් තැනැත්තෙකු සමිමත කර ගිනිමු. එසේ කිරිම වෙනුවෙන් අපි ඔහුට හැල් කොටසක් බැගින් දෙමුයි, කථිකා කලහ. ඔවුහු ඔවුන් අතරෙහි, රෑමත්,දැකුමිකළු, ප්‍රසන්න, තෙදවත් සත්ත්වයෙකු වෙත ගොස් මෙසේ කිය. පින්වත එන්න, ගැරහිය යුත්තාට සුදුසු සේ ගරහන්න, නින්දා කල යුත්තාට සුදුසු සේ නින්දා කරන්න. නෙරපිය යුත්තා සුදුසු සේ නෙරපන්න. අපි ඔබට හැල් කොටසක් දෙමුයි කිය.

"හොදයි යහළුවෙනියි" ඒ සත්ත්වයා ඔවුනට පිළිතුරැ දී නින්දා කල යුත්තාට සුදුසු සේ නින්දා කලෙය. ගැරහිය යුත්තාට සුදුසු සේ හැරහීය. නෙරපිය යුත්තා සුදුසු සේ නෙරපීය. ඔවුහු හැල් කොටසක් ඔහුට දිනි. වාසිටිඨයෙන්, මෙසේ මහාජන සමිමිතය ඇතිවුයෙන් "මහාසමිමතෝ, මහා සමිමතෝ යන පළමු වචනය පහල විය"

ක්ෂත්‍රියන් ඇතිවිම.

කෙත්වල අධිපතියා යන තේරැම යටතේ "ක්ෂත්‍රිය ක්ෂත්‍රිය" යන දෙවන වදන පහල විය. ධර්මයෙන් අනුන් පැහැපත් කරතියි යන අර්ථයෙන් "රජ රජ" යන තෙවන වචනය පහල විය.මෙසේ ක්ෂත්‍රිය පිරිසට පැරණි මුලික කරැනෙන් (සංඥා නාම) නාමයන් ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

බ්‍රාහ්මණ පිරිස ඇතිවීම.
වාසිටිඨයෙනි ඒ සතුන් අතරම ඇතමෙක්ම මෙසේ සිතිනි. සතුන් අතර පහත් ගති පහල විය.නුදුන් දේ ගැනීම දිස්වේ,බොරැ කීම දිස්වේ, දඩුවමි දිස්වේ, ගැරහීම දිස්වේ. අපි මෙම පහත් අකුසල් බැහැර කරමු නමි මැනවැයි සිතා ඔවුන් එම අකුසල් බැහැර කරන ලදි. පහත් අකුසල් ධර්ම දුරැ කරන්නොය යන අර්ථයෙන් "භ්‍රාහ්මණ බ්‍රාහ්මණ" යැයි මුල් වදන ඇතිවිය. ඔවුන් වන පෙත් වල පන්සල් වඩා ධ්‍යාන වඩත්, නොඋයන, ධාන්‍ය නොකොටන, නොතමිබන ඔවුහු සවස් වරැවේ සවස කෑම සඳහාද, දහවල් වරැවේ දහවල් කෑම සඳහාද ආහාර සොයමින් ගමි නියමිගමිරාජධානි වලට යත්. ඔවුහු ආහාර ලැබ, නැවත වනපෙත් වල පන්සල් වල ධ්‍යාන වඩත්. මිනිසුන් මොවුන් දැක මෙය "ධ්‍යානයක ධ්‍යානයක" යනුවෙන් දෙවන වදන ඇතිවිය. ඒ සතුන් අතරම ඇතමෙක් පන්සල් වල ධ්‍යාන වඩනු නොහැකිව, ගමි නියමි ගමි අසලට අවුත් ග්‍රන්ථ කරමින් සිටිත්. මිනිසුන් මොවුන් දැක මෙසේ කියත්. දැන් මොවුන් ධ්‍යාන නොකරත්, ධ්‍යාන නොකරත් මෙසේ "අධ්‍යායක" නමි තෙවන වදන ඇතිවිය.

එකල පහත් යැයි සමිමත දෙයක් වී නමි අද එය ශ්‍රේෂ්ඨ යැයි සමිමතය.වාසිටිඨයෙන්, මෙසේ පුරාණ මුලික වචන වලින් මේ භාහ්මණ පිරිස ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

වෛශ්‍ය පිරිස ඇතිවීම.

වාසිටිඨයෙනි එම සතුන්ගෙන්ම ඇතැමි සතෙක් මෙවුන්දමිහි යෙදෙමින්ම විවිධ කර්මාන්ත කලහ. මෙවුන්දමිහි යෙදෙමින් විවිධ කර්මාන්ත කෙරෙතියි යන අර්ථයෙන් ,"වෛශ්‍ය වෛශ්‍ය" යන වචනය ඇතිවිය. වාසිටිඨයෙන්, මෙසේ පුරාණ මුලික වචන වලින් මේ වෛශ්‍ය පිරිස ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

ශුද්‍ර පිරිස ඇතිවිම.
වාසිටිඨයෙනි ඒ සතුන්ගෙන්ම ඇතැමි පිරිසක් රෞද්‍ර හැසිරීමි ඇත්තෝ වූහ. රැදුරැ හැසිරිමි ඇත්තොය. නපුරැ ආචාර ධර්ම, නපුරැ ආචාර ධර්ම යැයි කියා "ක්ෂුද්‍ර ක්ෂුද්‍ර" යැයි මුලික වචනය ඇතිවිය. වාසිටිඨයෙන්, මෙසේ පුරාණ මුලික වචන වලින් මේ ක්ෂුද්‍ර පිරිස ඇතිවිය. එය ඇතිවුයේ ඒ සතුන්ටමය. අන්‍යන්ට නොවේ.සමාන වුවන්ටමය. එබදු නොවුවන්ට නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය.

ශ්‍රමණ පිරිස ඇතිවීම
අනතුරැව වාසිටිඨයෙනි ක්ෂත්‍රියයා ද තම ධර්මයට ගරහමින් (රජකමි හැර දා) ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය.
බ්‍රාහ්මණයා ද තම ධර්මයට ගරහමින්  ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය. වෛශයයා ද තම ධර්මයට ගරහමින්  ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය. ක්ෂුද්‍රයා ද තම ධර්මයට ගරහමින්  ගිහිගෙයින් නික්ම මහණ වෙමුයි අනගාරිකව පැවිදි වන කාලයක් විය. මේ සිවි පිරිසෙන් ශ්‍රමණ පිරිස ඇතිවිම විය.ඒත් මුලදි කි  ජනයාමය(සතුන්මය). අන්‍යන් නොවේ.සමාන වුවන්මය. එබදු නොවුවන් නෙවේ. ධර්මයෙන්මය අධර්මයෙන් නොව්. වාසිටිඨයෙනි මෙළොවත් පරළොවත් මේ ජනයාට ධර්මයම ශ්‍රේෂ්ඨය. 

මේ දක්වන ලද්දේ සත්ත්වයන් හා ශිෂ්ඨාචාරය ඇතිවිම පිළිබඳව බුදු දහමින් විස්තර කර ඇතියයි. මෙය මෙසේ සංශිප්ත වුවුද එය වසර 100 කින් 1000 කින් වුවුක් සේ නොසැලකිය යුතුය. බොහෝ කාලයක් වු සිදුවිම ලඝු කොට තථාගතයානන්වහන්සේ මෙසේ දේශනා කර ඇත.

මෙසේ මෙම ප්‍රවෘත්තිය තථාගතයානන් වහන්සේ දේශනා කලේ සත්ත්වයාගේ උපත සිදුවුයේ මෙසේය යැයි කීමට නොවේ. අග්ගඤ්ඤ සුත්‍රයේ මුල් කොටසේ සඳහන් පරිදි බ්‍රාහ්මණයන් අතරින් පැවදිවු වාසිටිඨ හා බාරද්වාජ නමි සාමණේරයන් වහන්සේ දෙනමට ඔවුන් ගේ බමුණු පිරිස, මහබඹුගේ මුඛයෙන් උපන් අප උසස් කුලය හැර දමා බමුණු  පුත්‍රයින් වූ නුඹලා බඹුගේ පයින් උපන් අපවිත්‍ර දීන මුඩු මහණුන්ගේ හීන කුලයට රිංගාගත්තේය යැයි කියමින් බැණවදිනා බැවි තථාගතයානන්වහන්සේට ඔවුන් දෙනම සැලකර සිටි විට , මෙම බ්‍රාහ්මණ ඇතුළු සිවි පිරිස ඇතිවු සැටි දැක්විම සඳහායි. 

මෙම බ්‍රහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර යන සිවි පිරිස ඒනමින් හැදිනුවුයේ නැතත් මොවුන් අදද එසේම විද්‍යාමානය.  තථාගතයානන්වහන්සේගේ ශ්‍රමණ පිරිස මේ මුල් සිවි පිරිසෙන් සමන්විතය.  මිනිසුන් වශයෙන් අපි සියල්ලෝම වෙනසක් නැති බැවි ඔබට දැන් පැහැදිලි වනු ඇත. අපි මුලික සත්ත්වයින්ගෙන් උපන් රෑප කාය උරැමකරගත්තෝම වෙමු.  මේ පිළිබඳව විද්‍යාත්මක විවරණයක් ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
Read More...
12 අදහස් හා විමසීමි

ලොව උපත සිදුවුයේ කෙසේද? මවල නමි වෙන්න බෑ 2 කොටස

-පෙර ලිපියට-

මිතුරනේ, මින් පෙර ලිපියෙන් ලොව උපත පිළිබඳව නූතන විද්‍යාත්මක මත මෙන්ම ඒවායේ අඩු ලුහුඩුකමි, විවේචනයන් පිළිබඳව සාකඡ්චා කරන්නට යෙදුනා ඔබට මතක ඇති. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ලොව ආරමිභය පිළිබඳව බුදු දහමේ කවරක් සඳහන් වන්නේද යන්න සලකා බැලිමටයි.
මේ ගැනත් සිතන්න
එම කරැණු ඉදිරිපත් කිරිමට මත්තෙන් අනිවාර්‍යයෙන්ම ප්‍රකාශ කල යුතු වැදගත්ම කරැණු කිහිපයක් තිබෙනවා. එනමි, මෙම බිලොගයේ ලිපි ඉදිරිපත් කිරිමේ දී ඒවා ඉදිරිපත් කරණු ලැබුවේ බොහොමත්ම ක්‍රමානුකූලව සිතා බලායි. ඒ මුල් ලිපි කියවා ඇති අයෙකු අග ලිපියකට පැමිණ "මෙසේ කියන්නේ කෙසේද" යනාදි ගැටළු මතු නොකිරීම සඳහායි. එබැවින් සෑම ලිපියකින්ම එම කරැණු අවධාරණය කිරිමට නොහැකි බැවින් . පහත ලිපි කිහිපයද කියවා බලන මෙන් ඔබට ඇරයුමි කරමින්, අද මාතෘකාවට යොමු විමටයි මේ සුදානම.
භාර්ගව පරිබ්‍රාජක හා සංවාදයක්
ලොකයේ උපත යන්න පිළිබඳව බුදුපියානන්වහන්සේ විසින් කුමක් දේ‍ශනාකොට ඇත්ද යන්න බොහොම වැදගත් කරැණක්. වරක් අපගේ බුදුපියානන්වහන්සේ මල්ලරට අනුපිය නමි නියමිගමෙහි වාසය කරන කාලයේ පෙරවරැවේ පිඩුපිණිස  හැසිරිමට කල්තිබු බැවින් භාර්ගව නමි පරිබ්‍රාජක ආරමයට වැඩම කල සේක. එහිදි භාර්ගව බුදුපියානන්වහන්සේ අතර ඇතිවු සංවාදයකදී 

භාග්‍යවතුන්වහන්ස, කලකට පෙර ලිඡ්චවී රජපුත්‍ර සුනක්ඛත්ත මා කරා පැමිණ "මම දැන් භාග්‍යවතුන්වහන්සේ අතහැර වෙන්ව වාසය කරමි" කීය. එය ඇත්තක්ද ස්වාමිනී යැයි ඇසීය. එවිට සුනක්ඛත්ත හා භාග්‍යවතුන් වහන්සේ අතර ඇතිවු සංවාදයක් බුදු රජානන්වහන්සේ භාර්ගව හට වදාල සේක (අවශ්‍ය කොටස පමණක් දක්වා ඇත)

භාර්ගවය, සුනක්ඛත්ත මා කරා පැමිණ " භාග්‍යවතුන්වහන්සේ මට ලෝකොත්පත්ති කථාව නොවදාරන නිසා මම ඔබවහන්සේ හැරයමියි මට පැවසීය"

එවිට භාග්‍යවතුන්වහන්සේ " සුනක්ඛත්තය මා ලඟ වාසය කරතොත් මම නුඹට ලොකෝත්පත්ති කථාව වාදාරමියි කියා මම කිවේද? එසේ නැතහොත් ලොකෝත්පත්ති කතාව වදාරන්නේ නමි මම භාග්‍යවතුන් වහන්සේ ලඟ සිටිමි යැයි නුඹ මට කීවේද?

එවිට නැත ස්වාමිනි යැයි සුනක්ඛත්ත පිළිතුරැ දින.

සුනක්ඛත්තය එවැන්නක් මා තට කිවේත් නැත. තා මට කීවෙත් නැත.ලොකෝත්පත්ති කතාව වදාලත් නොවදාළත් මා විසින් දේශනා කරන ලද ධර්මය පිළිපැදීමෙන් සත්ත්වයා නිසැකවම සසර දුකෙන් නිදහස් වේ.එසේ නමි ලොකොත්පත්ති කතාව දැක්වීමෙන් සත්ත්වයාට අත්වන ප්‍රයෝජනය කිමක්ද? එසේ තිබියදී "ලොකොත්පත්ති කතාව නොවැදෑරිම නිසා මම භාග්‍යවතුන්වහන්සේ හැර යමියි කිම කෙතරමි නමි අඤාන කියමනක් දැයි? භාග්‍යවතුන් වහන්සේ සුනක්ඛත්තට වදාල සේක.
මේ සිදුවිම ඇතුලත් වන්නේ දීඝ නිකායේ (24 වන පාඨික සුත්‍රයේයි)

බුදු දහමේ ලොකොත්පත්ති කථාවට ප්‍රමුඛ තැනක් නොදෙන්නේ ඇයි?
 
මෙයින් වැටහෙන වැදගත්ම කරැණ වන්නේ භාග්‍යවතුන් වහන්සේ ලෝකොත්පත්ති ප්‍රමුඛ කොට නොවදාලේ අන් කරැණක් නිසා නොව ඉන් සත්ත්වයාට වන්නාවු සෙතක් නොමැති බැවිනි. එසේම සසර දුකෙන් නිදහස් විමට අවශ්‍ය සෑම සියළු කරැණක්ම  මනා කොට උන්වහන්සේ දේශිතයි. ඒ බැවින් බුදුපියාණන්වහන්සේ දේ‍ශිත ධර්මරත්නය ස්වාක්ඛාතයි. අන් ධර්මයන් මෙන් යමෙකුගේ ආඥාවවක් හෝ බලකිරිමක් මත බුද්ධ දර්ශනය පදනමි නොවෙයි. එය අනුන් කියනු ඇසිමෙන් නොව  තමන් විසින්ම මාර්ගය පිරිමෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි බැවින් සන්දිටිඨිකයි. සතර මාර්ගයන් ඇතිකර ගැනිමට තරම් ධර්මානුප්‍රතිපදාව පිරිමෙන් සිත දියුණු කරගත් තැනැත්තන්ට එසැනින්ම ඵල දෙන ධර්මයක් වන බැවින් අකාලිකයි. එසේම කලකට බොරැ වි කලකට සත්‍යක් වන්නක් නොව සෑම කාලයටම වලංගු හා නිවැරදි වන බැවින් හා තාක්ෂනය විද්‍යාව සමඟ වඩ වඩා පැහැදිලි වන බැවින්ද අකාලිකයි. එසේම අන් ධර්මයන් මෙන් විශ්වාසය මත පදනම් විමෙන් තොරව එන්න ප්‍රථිපත්තිය පුරා ඔබම අත්දකින් කියා ඔනෑම අයෙකුට බියකින් සැකයකින් තොරව කිව හැකි බැවින් ධර්මය එහිපස්සිකයි. කෙතරමි අපහසුතාවයන් මතවුවද අතනොහැර දරා සිටිමටම සුදුසු ධර්මයක් වන බැවින් ඕපනායිකයි. වැදගත්ම කරැණ බුද්ධ දර්ශනයේ කියවෙන පරම සැනසීම බුදු රජානන්වහන්සේගෙන් හෝ අන් අයෙකුගෙන් ලැබෙන්නක් නොව, තමා විසින්ම බුදුරජානන්වහන්සේ විසින් පෙන්වන මාර්ගය අනුගමනය කිරීමෙන් මෙලොවදීම අත්දැකිය හැකි ධර්මයක් විමයි. එහි බලකිරිමි නැත. නුවනැත්තන් හට නිරතුරැව විවෘත මෙම ධර්මය ගැන බුදුපියානන්වහන්සේම දේශනා කලේ මේ ආකාරයෙන් ස්වාක්කාතෝ භගවතා ධම්මෝ යන පාඨයේ අර්ථය වන්නේ මෙයයි. එබැවින් ලොකොත්පත්ති කතාවෙන් ඇති වැඩක් නැති බව ඔබටත් දැන් පැහැදිලි වනු ඇත.

මිනිසුන් සිතා ඵලක් නැති දේ.
මිනිසුන් දෙවියන්ගේ පිහිට සොයනුයේ මිනිසුන්ට හැම දේම කරගත නොහැකි බැවිනි. මිනිසුන්ට හැම දේම නොවැටහෙන බැවිනි. එය සිසුවා ගුරැවරයාගේ උපකාරය මත උගන ගන්නා සේය. ගුරැවරයා උගත් සියළු දේ සිසුවාද දන්නේ නමි ඔහු ගුරැවරයෙකු මිස සිසුවෙක් නොවනු ඇත. මේ සමඟම තවත් වැදගත් කරැණක් සඳහන් කලයුතුයි. මේ කරැනු සඳහන් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ 8 වන අපණ්ණක වර්ගයේ 28 වන අචින්තෙය්‍ය සූත්‍රයේයි. එහි සදහන් පරිදි

"මහණෙනි, යමි දෙයක් සිතන තැනැත්තා උන්මාදයට ද දුකට පත්වන්නේද, ඔහුට සිතාගත නොහැකි වන්නේද,  නොසිතිය යුතුද වු කරැනු සතරක් වෙත්. කවර සතරක්ද යත්.

මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි,   ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි,  කර්ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, ලෝක විශය නොසිතිය හැකිය. නොසිතිය යුතුය.මහණෙනි, මේ සතර නොසිතිය යුතුය.  මෙහි නොසිතිය හැකිය යනු සිතන්නට බැරිය යන්න නොවේ සිතා නිවැරදි නිගමනයකට සාමාණ්‍ය ජනයාට පැමිණිය නොහැකි බැවිනි. නොසිතිය යුතුය කිවේ සත්ත්වයින් දුකට, පිඩාවට හෝ උන්මත්තක භාවයට පත්වන බැවිනි. කැමැති පුද්ගලයන්ට සිතිමට එයින් භාධාවක් නැත.

එය අවිශයයි යන්නට හේතුව මුලින්ම ඇතිවුයේ කිකිළියද බිත්තරයද යන්නට පිළිතුරක් සොයන්නට යෑම මෙනි. කිකිළිය ද බිත්තරයද මුලින් ඇතිවුයේ යන්ට පි‍ළිතුරක් කෙ‍දිනක හෝ සොයන්නට බැරිවිට, ඒ දෙකින් එකක් යමෙක් මවන්නට ඇතැය සිතා සිත සනසාගන්නා මෙන්, ඇතමෙක් මැවුමිවාදය පනවන ලදි. එහෙත් එම මැවුමිකරැ ඇතිවුයේ කෙසේදැයි යමෙක් සිතා බැලිය යුතුයි. යමක් ඇති නමි, එහි මුලක් හෙවත් හට ගැන්මකුත් තිබිය යුතු යැයි යන  න්‍යාය මත සිතා ලොකයේ මුල සොයන්නට ගොස් ඔවුන් නොයෙක් මිත්‍යා මත ඇති කර ගැනිම මෙයට හේතුවයි.

ලොකෝත්පත්ති වංශ කථාව
මෙම ලොකෝත්පත්ති වංශ කථාව  බුදුපියානන්වහන්සේ දිඝ නිකායේ පාඨික සුත්‍රයේ වදාලා ඇත ‍(සංශෝධන සහිතව දක්වා ඇත)
භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම අසවල් අසවල් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ඒවා නොගනිමි.

"භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා (දෙවියන්) විසින් ලොව මවන ලද්දේය, බ්‍රහ්මයා විසින් ලොව මවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්ය පරපුරෙන් එන ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරයි. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. "ආයුෂ්මත්නි, මෙසේ ලොව මැවිම පිළිබඳව පිළිගැනිමට හේතු කවරේද?  ඔවුන්ට උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැකි  ඔවුන් මාගෙන්ම අසත්.

මැවිම පිළිබඳ ආචාර්‍ය වාදය ඇතිවු සැටි.
 "ඇවැත්නි මෙබදු කාලයක් වන්නේමය. බොහෝදීර්ඝ කාලයක් ඇවෑමෙන් පසු යම් කිසි කලෙක මේ ලෝකය විනාශ වන්නේය. ලෝකය විනාශ වන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නාහුය. ඔව්හු සිතින් උපදින්නාවූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහුව ඉතා දීර්ඝ කාලයක් වාසය කරත්. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය, ලෝකය හැදෙන කල්හි ශුන්‍යවූ බ්‍රහ්ම විමානයක් පහළ වන්නේය. එකල  එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බඹ විමනෙහි ඔපපාතිකව උපදින්නේය. හෙතෙම එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් එසේ  සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැති ගැන්මක් උපදින්නේය. "ඒකාන්තයෙන් තවත් සත්වයෝද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි" මෙබදු සිතක් වන්නේය. එසේ ඇති කල්හී තවත් සත්වයෝද ආයුෂ ක්‍ෂය වීමෙන් හෝ පින ක්‍ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හුද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත්සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්. (සිතින් උපන් ප්‍රීතිය ආහාර කර ගැනිම යන්නට දල අදහසක් සඳහා මෙසේ ‍තේරැමි ගත හැක. විශාල සතුටක් ඇතිවු විට ආහාර පාන ගැනිමට හෝ අවශ්‍ය නොවන කුසගිනි නොදැනෙන අවස්ථා ඔබ අත්දැක ඇතිවා විය යුතුයි)

එහි මුලින් උපන් සත්වයාට මෙබදු  සිතෙක් උපදියි. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩ පවත්වන්නාවූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඩිය හැකිවූ ඒකාන්තයෙන් තමන් වශයෙහි පවත්නාවූ ඊශ්වරවූ ලෝකය උපදවු ලොව මවන්නාවූ ශ්‍රේෂ්ඨවූ සත්වයන්ගේ පියා මම වෙමි. මා විසින් මෙ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද?  මට පෙරදවස්හි මෙබදු  සිතෙක්වීය, ඒකාන්තයෙන් තවත් සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි මා සිතිය. ඒ අනුව මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්ත්වයෝත් මේ ආත්මභාවය ලදහ. යනුවෙන් වැරදි දෘශ්ටියක් ගන්නේය.

පසුව උපන් සත්ත්වයින් මෙසේ සිතන්නට වන්නේය. මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා  වන්නේය. සියල්ල මැඩ පවත්වන්නේය. කිසිවෙකු විසින් මැඩිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘවූද ශ්‍රේෂ්ඨවූද තමන් විසින් ජයගත්  සියලු සත්වයින්ගේ පියා වන්නේය. මේ පින්වත් බ්‍රහ්මයා විසින් අපිව මවන ලදි. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන් මෙම බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි උපන්නේ පසුවය.

ඇවැත්නි, එහි යම්  සත්වයෙක් පළමුව උපන්නේද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක්ද වන්නේය.  ඉතා වර්ණවත් වූවෙක්ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේද වන්නේය. යම් සත්ව කෙනෙක් පසුව උපන්නාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වලවර්ණයෝද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ. 

මෙ‍සේ කාලයාගේ ඇවෑමෙන් ඹබ ලොවින් චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක්  ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම බාවය දකිනා ඔහුට එහි සියළු යසෝමහිමයෙන් බැබලෙමින් එහි තවමත් සිටිනා මුලින් සිටි සත්ත්වයා හෙවත් මහා බ්‍රහ්මයා පෙනෙයි. එටිට
"මොහු නිසැකවම ලොව නිර්මාතෘවරයාය. මහා බ්‍රහ්මයාය. මැවුමිකරැය, ඊශ්වරයාය යන දෘශ්ඨිය ගන්නා මෙම තැනැත්තා මෙම මතය මිනිසුන් අතර ප්‍රකාශයට පත්කරයි. ලොව මැවිම පිළිබඳ ආචාර්‍යවාදය ඇතිවුයේ මෙසේය.

ක්‍රිඩා ප්‍රදූෂක දෙවියන්
 

භාර්ගවය ක්‍රිඩා ප්‍රදූෂක දෙවියන් මුල්කොට ගත් දේව නිර්මාණය පිළිබඳ ආචාර්‍ය වාදයක්ද ඇත. එය පිලිගන්නා ඇතැමි මහණ බමුණෙකු කරා යන මම එයට හේතු ඔවුන්ගේන් විචාරමි. එය නොදන්නා ඔවුහු එය මාගෙන්ම විමසති. ඔවුන්ට එය මම මෙසේ හෙලිකරමි. ක්‍රීඩා ප්‍රදූෂක නමි දේව කොටිඨාශයක් ඇත. ඔවුන් ඉතා අධික කාලයක් මෛතුන්‍ය සේවනය ඇතුළු අනෙක් කායික වාචසික ක්‍රිඩාවල නියැලී සිටියි.  බොහෝ වේලාවක් ක්‍රිඩාවේ නියැලීම නිසා ඔවුන්ට ආහාර ගැනිමි ආදියද අමතක වේ. මොවුන් අතර සිමාන්තිකව ක්‍රිඩාවේ නියැලෙන දෙවිවරැන්ද සිටිති. මෙසේ සිමාන්තිකව ක්‍රිඩාවේ නියැලිම නිසා ආහාර නොගැනිම මත දෙවිලොවින් චුතව ඔවුන් මිනිස් ලොව උපදියි.

මෙසේ චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම භාවය දකිනා ඔහුට එහි සියළු යශෝ මහිමයෙන් තවමත් වැජබෙන ක්‍රිඩා ප්‍රදුෂක නොවු දෙවියන් දැක "ඔවුහු සදාකාලිකය අන්‍යයෝ අනිත්‍යය" යන වැරදි දෘශ්ටිය ගෙන එය මිනිසුන්ට ප්‍රකාශ කරයි.

මනෝ ප්‍රදූෂක දෙවියන්
භාර්ගවය මනෝ ප්‍රදූෂක දෙවියන් මුල්කොට ගත් දේව නිර්මාණය පිළිබඳ ආචාර්‍ය වාදයක්ද ඇත. එය පිලිගන්නා ඇතැමි මහණ බමුණෙකු කරා යන මම එයට හේතු ඔවුන්ගේන් විචාරමි. එය නොදන්නා ඔවුහු එය මාගෙන්ම විමසති. ඔවුන්ට එය මම මෙසේ හෙලිකරමි. මනෝ ප්‍රදූෂක නමි දේව කොටිඨාශයක් ඇත. ඔවුන් ඉතා අධික කාලයක් ඔවුනොවුන්ගේ යස ඉසුරැ දෙස බලා සිට සිත දුෂ්‍ය කර ගනිති.මෙසේ සිත දුෂ්‍ය කර නොගන්නා දෙවි වරැන්ද ඔවුන් අතර ඇත. මෙසේ අදික ලෙස ඊර්ශ්‍යා ආදිය නිසා මනස දුෂ්‍ය විමෙන් ගත සිත ක්ලාන්තව.  ඇතමෙක් දෙවිලොවින් චුතව ඔවුන් මිනිස් ලොව උපදියි.

මෙසේ චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම භාවය දකිනා ඔහුට එහි සියළු යශෝ මහිමයෙන් තවමත් වැජබෙන මනෝ ප්‍රදුෂක නොවු දෙවියන් දැක "ඔවුහු සදාකාලිකය අන්‍යයෝ අනිත්‍යය" යන වැරදි දෘශ්ටිය ගෙන එය මිනිසුන්ට ප්‍රකාශ කරයි.

ලොව හේතු රහිතව ඉබේ හට ගත්තේ යැයි පවසන ආචාර්‍ය වාදය
භාර්ගවය ලොව හේතු රහිතව ඉබේ හට ගත්තේ යැයි පවසන ආචාර්‍ය වාදයක්ද ඇත. එය පිලිගන්නා ඇතැමි මහණ බමුණෙකු කරා යන මම එයට හේතු ඔවුන්ගෙන් විචාරමි. එය නොදන්නා ඔවුහු එය මාගෙන්ම විමසති. ඔවුන්ට එය මම මෙසේ හෙලිකරමි. අසංඥසත්ත්ව නමි සත්ත්වයින් සිටිනා හැඟීමෙන් තොර දෙවි ලොවක් ඇත.සංඥා ඇතිවු සැනින් ඒ දෙවිවරැ එම දෙවි ලොවින් චුත වෙති.

මෙසේ චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. නමුත් ඔහුට දැකිය හැක්කේ සංඥාව උපන් මොහොත පමණි. එබැවින් ඔහු තමා ඉබේ පහල වු සත්ත්වයෙක්ය යන දෘශ්ඨිය ගෙන ආත්මය ඉබේ පහල වන්නකැයි මිනිසුන්ට ප්‍රකාශ කරයි.

මේ දේශනය අවසානයේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ පැහැදුන භාර්ගව පරිභ්‍රාජක බුද්ධ ශ්‍රාවකයෙකු විමට අවසර ඉල්ලා සිටින ලදි.

නමුත් එහිදී තථාගතයානන්වහන්සේ වදාළා සිටියේ භාර්ගවය, අන්‍ය තිර්ථායතනයක ආචාර්‍යවරයෙකු වු තොපට බුද්ධ ශාවකයෙකු විම දුෂ්කරය. මා කෙරේ තොපගේ පැහැදිම පමණක් ප්‍රමාණවත් වන්නේය යන්න වේ.

බුද්ධ දර්ශනය තුල බලකිරිමී නෑ
බුදු රජානන්වහන්සේ ධර්මය ප්‍රකාශ කලේ ශ්‍රාවකයන් වැඩිකර ගැනිමට නොව සත්ත්වයින්ට නිවැරදි මඟ දැක්විමටය. අදද බෞද්ධ දර්ශනය තුල ශ්‍රාවකයන් වැඩි කර ගැනිමට කිසිදු උත්සාහයක් නැත. බෞද්ධ ප්‍රතිපදාව ධර්මය නොව එය බෞද්ධ දර්ශනය වන්නේ එබැවිනි. එය නුවනැතියන් සඳහාම පමණි. ඒ කීවේ අමතර කතාවක්.

වෘත්තයක ආරමිභයක් කියන්න බෑ
මෙසේ ලොව උපත පිළිබඳ වාද උපන් ආකාරය බුදුපියානන්වහන්සේ විස්තර කර ඇත. බුදු රජානන්වහන්සේ  "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබිබා කොටි න පංඤ්ඤායති" යනුවෙන් මහණෙනි සංසාරය නොදක්නා ලද අග ඇතියකි. එහි පෙර කොන නොපෙනේ යනුවෙන් වදාල සේක. උන්වහන්සේ එසේ වදාලේ එහි කෙලවර නොපෙනෙන නිසා නොව එහි පටන් ගැන්මක් නැති බැවිනි. එනමි හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා ‍නැවත ‍හේතුන්ද ඇති විමෙන් ලොකය හා සංසාරය නොසිදි පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව තථාගතයානන් වහන්සේ දේශිතයි. මේ ලොකයේ පුරාණ බව අනමතග්ග සංයුක්තයේ ඇති සුත්‍රයන්ගෙන් දක්වා ඇත.

  1. කියවන්න.
  2. කියවන්න

අනාදිමත්කාලයක සිට බ්‍රමණය වන්නාවු වෘත්තාකාර පථයක මුල මෙතන යැයි අයෙකුට කිමට නොහැක්කා මෙන් මේ සංසාර චක්‍රරයේ මුල සෙව්ම වෙනුවට තථාගතයානන්වහන්සේ දේශනා කරන ලද්දේ එම වෘත්තාකාර පථය බිද දමනා ආකාරයයි. සංසාරයෙන් මිදිම එයයි.
ඊලඟ ලිපියෙන් ලොව විනාස වන තැන සිට ජීවය හටගන්නා ආකාරය ගැන බුදු දහමින් ප්‍රකාශිකය බලාපොරොත්තු වන්න.
Read More...
20 අදහස් හා විමසීමි

ලොකයේ උපත සිදුවුයේ කෙසේද? කවුරැ හරි මවල නමි වෙන්න බෑ

මිතුරනේ, කලින් ලිපියෙන් සඳහන් කරන්නට යෙදුන පරිදිම අද මෙම ලිපියෙන් කරැණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ, ලෝකයේ ආරමි‍භය පිළිබඳවයි. ලොව උපත හා ලොක විනාශය පිළිබඳව මින් පෙර ලිපියකිහිපයකින්ද මෙම බිලොගයේ සාකඡ්චාකර ඇති මුත්, ලොව උපත පිළිබඳව විස්තරාත්මක විමසුමක් කර නොමැති බැවින් මෙම ලිපිය සැකසිම සුදුසු යැයි මා සිත්විය. ඒ අනුව අද මේ සැරසෙන්නේ ඒ පිළිබඳව විමසීමක් කිරිමටයි. මුල් ලිපි පහතින් කියවන්න.
  1. 2012 විනාශය
  2. ලෝක විනාශය සිදුවන හැටි
  3. ලොව මිනිසුන් ඇතිවු හැටි
  4. බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලෝකය 1 කොටස
  5. සන්සාරයේ ආයු කාලය
  6. මිනිසුන්ගේ පරමායුෂ අවුරැදු 10 ක් වන සමය


ලොකයේ උපත කෙසේ සිදු වීද, ජීවින් කෙසේ ඇතිවීද  යන්න අද මෙන්ම පුරාතන අතිතයේ අනාදිමත් කාලයක සිට මිනිසාට වු ගැටළුවකි. ලැමාර්වාදය, ඩාවින්ගේ පරිනාමවාදය ආදිය ඉදිරිපත් වු යුගයේ මහත් ආන්දෝලනාත්මක වාදයන් බවට පත්වුයේ, මිනිසා විද්‍යාව තුලින් එම දර්ශනයන් විසින් නව චින්තනයකට යොමු කල බැවිනි. එනමි මැවිම යන සංකල්පයෙන් ඔබිබට සිතීමක් කල නොහැකිව සිටි මිනිසාගේ බුද්ධි විකාශය හා තාර්කික චින්තනය එයින් ගොඩ නැගින. පසුව ඩාවින් වාදයත්, නව ඩාවින් වාදයත්, ලැමාර්ක් වාදයත් යන මේ සියල්ල තාක්ෂනික දියුණුවත් සමඟ නුතන විද්‍යාව බැහැර කර ඇත. වදුරෙක් ගෙන් මිනිසා පරිනාමය විම සමිබන්ධ රෑප සටහන කෞතුකාගාරයට පමණක් සිමා වුයේ විද්‍යාවට පින් සිදුවන්නටය.
තාක්ෂණික ලොකයක ජීවත් වන බොහෝ බුද්ධිමත් මිනිසුන් වර්තමානයේ යමක් පිළිගනුයේ එය විද්‍යාව හා සසදා බලා තර්ක කිරිම තුලිනි. ඒ නිසා පුරාවෘතයන් හා කථාන්දර අපද කියු පමණින් පිලිගත යුතු නැත. නුවනින් විමසා තර්ක කර පිළිගත යුත්තක් පමණක් පිළිගැණිමයි නිවැරදි චින්තනය විය යුත්තේ. බෞද්ධයාගේ චින්තනයේ කළාව එයයි. බුදු රජානන්වහන්සේ එය උන්වහන්සේ විසින්ම සිවි මහෝපදේශයන්ගේ දේශිතයි. ඒ නිසා බුද්දිමත් පාඨකයන්ට පුළුල් විමසුමක් කිරිමෙන් නිවැරදි මතයකට එලබිමට මෙම ලිපියෙන් ආරාධනා කරනු ලැබේ.

ඒ සඳහන් කලේ හැදින්විමක්. ලොව උපත පිළිබඳව බුදු දහම දෙසට හැරෙන්නට මත්තෙන් ලොව උපත පිළිබඳව මේතාක් ඇති විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන මත පිළිබඳව කෙටි විමසුමක් කර සිටිම අවබෝධය සඳහා වැදගත් වනු ඇති බැවින් පහතින් ඒ පි‍ළිබඳව කෙටි විමසුමක් කර ඇත. දීර්ඝ සටහනක් තැබිම අපහසු වන්නේ මේ සෑම වාදයක්ම එක්තරා කාලයක් මිනිසුන් පිළිගත් හා පිටු සිය දහස් ගණනින් විස්තර සැපයු වාදයන් බැවිනි. නමුත් මෙම වාදයන්ගේ  මුලිකම ලක්ෂණය වනුයේ පහත සියල්ලම නුතන විදයාව මඟින් නිර්ධය ලෙස ප්‍රතික්ෂේප කර තිබිවයි. පහතින්ම දක්වා ඇති විඩියෝව වඩාත් අවබෝධය සඳහා උපකාරි වනු ඇත. එමතර කියවීමි විකිපීඩියාවෙන් ඈදා ඇත.

බිග් බෑන්ග්
(Big Bang)
විශ්වය ඒකත්වයෙන් පැවති අවධියක දී පෘතුවිය උපත ලද ආකාරය මෙමගින් ව්ස්තර කරනු ලබයි. නූතන සොයාගැනීමි වලට අනුරෑපව වසර 13,73 ± 0,12 දසලක්ෂ දහසකට පමණ පෙර නුතන විශ්වයේ ආරමිභය සිදුවූ අතර එකල්හි එහි උශ්නත්වය ඉතා ඉහල අගයක විය. එතැන් පටන් අද දක්වාම මෙම විශ්වය ප්‍රසාරණයට බදුන් වෙමින් හා සිසිලනයට බදුන් වෙමින් පවත්යි.
බිග් බෑන්ග් කල්පිතයට අනුව, මුල් කාලිනව විශ්වයේ පදාර්ථයන් කුඩා පරිමාවක් තුල සාද්‍රනයවී (ඒකරාශිව) පැවතින. නමුත් බිග් බෑන්ග් පිපිරීමෙන් අනතුරැව මෙම පදාර්ථයන් විශ්වය පුරා විසිරි ගිය අතර, නූතන
මන්දාකිණි සකස් වුයේ එම මුලික පදාර්ථයේ කොටස් වලිනි. මුල්කාලිනව මෙම කල්පිතය හදුන්වනු ලැබුයේ "the dynamic evolution model" යනුවෙනි. නමුත් විදයාඥ Fred Hoyle විසින් සිය දේශන සඳහා "the dynamic evolution model"යන්න වෙනුවට Big Bang යන යෙදුම යොදා ගැනිමත් සමඟ එම නාමය සිඝ්‍ර ලෙස ව්‍යාප්ත විය.

එසේ වුවද මෙම පදාර්ථයන්ගේ පැමිණිම හා විසිරිම සමිබන්ධයෙන් ප්‍රමාණවත් විස්තරයක් කිරීමට අපොහොසත් විම මත මෙම බිග් බෑන්ග් පිපුරැමි සංකල්පය විවේචනයට බදුන් වෙමින් පවතියි.

Steady State theory or Infinite Universe theory
මෙම කල්පිතය මඟින් පැහැදිලි කරණු ලබන්නේ විශ්වය අඛණ්ඩ හටගැන්මකින් යුක්ත වන බවයි. Fred Hoyle, Thomas Gold, Hermann Bondi සහ තවත් විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම කල්පිතය 1948 වසරේ Big Bang කල්පිතයට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරණ ලදි.

මෙම කල්පිතයට අනුව විශ්වයේ ක්‍රමික ප්‍රසාරණය හේතුවෙන් නවින පදාර්ථයන් නිරන්තරයෙන් හටගනු ලබයි. මෙසේ හටගැනිමි සිදුවනුයේ මණ්දාකිණි අතරයි. මෙසේ සදාතනික වු විශ්වයක පදාර්ථය ස්ථායිව පැවැත්මක් ඇති බව මෙම කල්පිතයෙන් විස්තර කලද, අවශේෂ විකිරණයන් සොයාගැනීමත් සමඟම මෙම කල්පිතය පසුගිය සියවසේ 60  වන දශකයේදීම අභාවයට යන ලදි.

වර්ථමානයේ මේය විශ්වයේ උපත පිළිබඳ සාකචිඡාවේදී කල්පිතයක් වශයෙන් සදහන් කිරිමට පවා විද්‍යාඥයෝ මැලි වෙති.

ජෛව රසායනික පරිනාමය (Biochemical evolution)
මෙම වාදයට අනුව, නුතන විද්‍යාත්මක පරික්ෂණයන්ට අනුව ග්‍රහ පද්ධතින් වායුන්, දුවිලි, ලෝහ, ඔක්සයිඩ හා හයිඩ්‍රජන්, ඇමෝනිය, වතුර හා මිතෙන් වලින් නිර්මිතයි.

මුල්කාලිනව ඇතිවු විදුලි කෙටිමි හේතුවෙන් මෙම වායුන් ඔක්සයිඩ බවට පත්වු බවත්,හිරැ එලිය ඇතිවිමත් සමඟ  ඒවා තවදුරටත් ක්‍රියාත්මක වු බවත්. ජල චක්‍රරය ඇතිවිම නිසා වර්ශාව ඇතිවු බවත්,ඒ  වර්ශාවත් සමඟ එකී වායුමය ඔක්සයිඩ ප්‍රතික්‍රියා කොට සාගරයට පතිත වු බවත්, සුපයක් බදුවු ආදිකල්පිත අයන යන්ගෙන් ගහන සයුරේ මුල්ම ප්‍රෝටින් අනුව ජනිත වු බවත්, එයින් ජීවයේ පදනම වු ඩී.එන්.ඒ හා ආර්.එන්.ඒ. ජනිත වු බවත් සඳහන්.එයින් සත්ත්වයින් ජනනය වු බවත් මෙම කල්පිතයෙන් විස්තරයි.
වැඩිදුර කියවීමි

ස්වයං සිද්ධි ජනන වාදය. (Spontaneous generation theory)
මෙම වාදය මගින් කියවෙනුයේ සියල්ල ඉබේ හට ගන්නා බවයි. මෙය ඇරිස්ටෝටල් විසින් ප්‍රචලිත මතයක් විය. කුණුගොඩවල් වලින් මියන් ඉබේ හට ගන්නා බවත්, කුණු මස් වලින් පනුවන් හට ගන්නා බවත්, ලොව සියල්ල මෙසේ ස්වයංසිද්ධව හටගන්නා බව මෙමගින් ප්‍රකාශිතයි. මෙය කියාපෑමට හේතුව වුයේ මැවිමට විකල්පයක් වශයෙනි.
වැඩිදුර කියවීමට

දෙවියන්වහන්සේගේ මැවිම හෙවත් උත්පත්ති කතාව (Book of Genesis)

 
මේ පිළිබඳ විස්තර ඇතුලත් වන්නේ යුදෙවි වරැන්ගේ හා ක්‍රිස්තියානීන්ගේ ආගමට අදාල බයිබලයේ  උත්පත්ති කතාවට ඇතුලත් පළමු පරිඡ්චේද 2 තුලයි. බයිබලයට අනුව මේ ලොව දින 06 ක් ඇතුලත දෙවියන්වහන්සේ මවා නිර්මාණය කර නිම කරන ලදි. දෙවියන්වහන්සේ විවේකීව ගත කල  ඉරිදා දිනයද ඇතුළුව දින 07 ක් ලෙස මෙය සඳහන්

බයිබලයට අනුව දෙවියන් වහන්සේ පළමු දිනයේ අහස හා පොළව මවන ලද අතර, ලොව අන්ධකාරයෙන් වැසී පැවතින.පොළව ජලයෙන් වැසි පැවතින දෙවන දිනයේ ආලොකය මවා අදුර ආලොකයෙන් වෙන් කල අතර තෙවන දිනයේ ගොඩබිම ජලයෙන් වෙන් කරන ලදි. එසේම ගස්වැල්, තුරැ ලතා ආදිය නිර්මාණය කරණ ලදි. සිවි වන දිනයේ ඉර හඳ මැවිම සිදු කල අතර, සුර්‍යයා දිනයේ ලකුණද, සඳ රාත්‍රි‍යේ ලකුණද විය. ඒ අනුව සිවි වන දිනයේ රාත්‍රිය දවාලෙන් වෙන් කරන ලදි.පස්වන දිනයේ දෙවියන් වසින් උරගුන් හා පක්ෂීන් මවන ලද අතර එයින් අහස හා ගොඩබිම පිරි යන ලදි.  හය වන දිනයේ දී දෙවියන් මිනිසා මැවු අතර සියළු සත්වයන්ගේ පාලකයා වශයෙන් මිනිසා පත්කරන ලදි. සත්වන දිනයේ දෙවියන් සිය මැවිල්ල සමිපුර්ණ කල විවේකීව එහි සිරි විදි බව සඳහන්. මෙසේ
දෙවියන් වහන්සේ මුලින්ම, පුරැෂයා පසින් දෙවියන්ගේ ස්වරෑපයට අනුව  මැවිම කල අතර, ජීවන හුස්ම පිඔ ඔහුට ජිවය ලබා දෙන ලදි. මිනිසා තනිව සිටිම යෝග්‍ය නොවන බැවින් පුරැෂයාගෙන් ගත් ඉල ඇටයකින් ස්ත්‍රිය මැවු බව තවදුරටත් සඳහන්.

මේ දක්වනු ලැබුයේ බයිබලයේ සඳහන් ලොව උප්පත්ති කතාව  හෙවත්
Genesis සැකවෙනි.

ග්‍රීක මිත්‍යා

ග්‍රීක විශ්වාසයන්ට අනුව මුලින්ම සියල්ල අවුල් ජාලයක්ව පැවතින. අනතුරැව ආකාශය තුලින් පොළව විද්‍යාමාන විය. අනතුරැව ආදරය හා අවකාශය ඇතිවිය, අනතුරැව අදුර හා ආලොකය, ජනිත විය. පසුව පොලවට අධිපති දෙවියන් විසින් අහස හා මුහුදට උපත දානය කරන ලදි. ඔවුන් විසින් titans නමි පුරාන දෙවියාට උත්පත්තිය දානය කරන ලදි.ඔහුගෙන් දේව පරපුරද, සියුස් දෙවියාගෙන් මිනිසා ද උපත ලැබිය.
වැඩිදුර කියවීමි

 
මෙසපොටේමියානුවන්ගේ මිත්‍යාව

Tiamat නැමති දෙවඟන  Abzu සමඟ සමිබන්ධයෙන් ලොව උපත ලද බව දක්වා ඇත. මේ පිලිබඳව පුලුල් ලෙස විශ්ලේෂණයෙන් පෙනි යන්නේ දේව නමි වලින් හදුන් වනු ලබන්නේ දෙවියන් නොව මුල ධාතුන් බවය. මෙයින් ජලය හා පස නිරැපනය වන බව සඳහන්.

චින මිත්‍යාව

ලොව උපත පිළිබඳ චින මිත්‍යාව Yin සහ Yang යන සලකුණු මත පදනමිව ඇත.Yin යනු අන්ධකාරය වන අතර  Yang යනු ආලොකය වේ. ලොව ඇරමුම් දී  Yin සහ Yang ලොව දිශා අටෙහි ව්‍යාප්ත විය. ඔවුන්ගේ ලොව ස්තිරවිමත් සමඟ Yang ගේ ස්ප්‍රින්තුව ආලොකය මගින් අහස පාලනය කරන්නට වු අතර Yin ගේ ස්ප්‍රීන්තුව මගින් පොළව පාලනය කරන්නට විය. මෙම මිත්‍යාව ක්‍රි.පු 2 වන සියවස තෙක් ඈතට දිව යන්නක්.


තවත් චින මිත්‍යාවක්
මුල්කාලයේ ලොව අහස හා පොළව කිකිළි බිත්තරයක් තුල වු ද්‍රව්‍ය සේ මිශ්‍රව පැවතිනි. මෙම බිත්තරයක් බදු වු ලොව තුල වු  අවුල් ජාලයේ උපත ලද දෙවියෙකු විසින් අහස පොළවෙන් වෙන් කර සියල්ල ක්‍රමවත් කරන ලදි. මෙය තවත් මිත්‍යාවකි.

මුස්ලිමිවරැන්ගේ මතය.

මුස්ලිමි වරැන්ගේ ලොව උපත සමිබන්ධ මතය බයිබලයෙන් බොහෝ දුරට වෙනස් නොවෙතත් අල්ලා දෙවිදුන් විසින් බයිබලයේ සඳහන් ඉරිදා දිනය වෙනුවට සිකුරාදා දිනයේ විවේකිව ගත කල බව සඳහන් වෙයි. තවත් සුළු විබේධනයන් කිහිපයක් ඇත. නැතහොත් උත්පත්ති කථාවට සමානය.

හින්දුන්ගේ ම්ත්‍යාව

 බ්‍රාහ්මණ, ක්ෂුද්‍ර, වෛශ්‍ය, ක්ෂත්‍රිය යන මිනිස් කුලයන් මහ බබුගෙන් උපත ලද බව, සහ සියලු සත්ත්වයන් හා විශ්වය මහා බ්‍රහ්මයා විසින් මවන ලද බව.

ඉහතින් දක්වා ඇත්තේ ලොව ඇතිවිම පිලිබඳව අතිතයේ හා වර්ථමානයේ වන්නාවු මතයන් වේ. මෙයින් අතිත මතයන් සියල්ලක්ම පාහේ බැහැරවි ඇති අතර, බිග් බැන් පිපිරිමේ එක්තරා ප්‍රමාණයක් හැර අන් ප්‍රමාණයද, අන් සියළුම මතයන්ද, නුතන විද්‍යාව විසින් නිර්ධය ලෙස විවේචනය කොට බැහැර කර ඇත.

එසේ නමි ලොව උපත හා ජීවයේ උපත පිළිබඳව නූතන විද්‍යාවෙන් පිළිගන්නා ප්‍රබලතම මතය කුමක්ද? යන්න සලකා බැලිම වැදගත් වනු ඇත.

ඒ පිලිබඳව කිමට මත්තෙන් මෙම විඩියෝ දර්ශනය නරඹන මෙන් ඔබට ආරාධනා කරනු ලැබේ. මෙම වාදයන් පිළිබඳ විස්තරත් ඒවායේ බිදවැටිම සමිබන්ධයෙනුත් වඩා විස්තරාත්මකව ඔබට උගත හැකි වනු අතර, නුතනයේ පිලිගත් වැදගත්ම වාදය පිළිබඳ ඔබට මෙයින් දැන ගත හැකිවනු ඇත.





එම වාදය ගැනත් බුදු දහමින් ප්‍රකාශිත ලොව ඇරඹුම ගැනත් විස්තර 02 කොටසින් බලාපොරොත්තු වන්න.
Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...