Printfriendly

සුගතියට යන පහසුම මාර්ගය (හැදින්වීම)


ප්‍රිය මිතුරනේ අද කරුණු කියන්නට යන්නේ සුගතිගාමී වන පහසුම ක්‍රමය ගැනයි. ගොඩ දෙනෙක් විශාල මුදලක් වැය කරලා දාන මාන ආදිය පැවැත්වීම වගේ දේවල් කරලා දෙවි ලොව යෑමට, නැවත මනුස්ස භවයක් ලැබීමට, සැප සමිපත් ලැබීමට, වඩා හොද ජීවිකාවක් ලැබීමට ප්‍රාර්ථනා කරනා විදිය අපි දැකලා තියෙනවා. ඒ දේවල් අනිවාර්‍යයෙන්ම කරන්න ඕන. නමුත් එහෙම කරන අය මේ අද කියන්නට යන කරුණ පිළිබඳව දැනීමක් නැති බවයි අපගේ අදහස. ඒ නිසා පහසුම විදියට සුගතිගාමී වෙන්නේ කොහොමද කියලයි මේ කියන්න සුදානමි වන්නේ.

දැන් අපි හිතමු කාටහරි කොළඹ ඉදලා කටුනායක ගුවන්තොටුපලට යන්න ඕනය කියලා. මේ උවමනාව තියෙන පුද්ගලයාට එහි යන්න ක්‍රම කිහිපයක් තිබෙනවා. පළවෙනි ක්‍රමය කොළඔ ඉදලා කෙලින්ම ගුවන්තොටුපලට සාමාන්‍ය හරි සීඝ්‍රගාමී හරි බස් එකකට නගින එක. ගොඩ ‍දෙනෙක් යන්නේ මේ විදියට තමයි. තව කෙනෙක්ට පුළුවන් පෑලියගොඩෙන් හැරිලා ඔය කිරිබත්ගොඩ පහුකරලා යක්කල පැත්තෙන් ගමිපහ‍ට ඇවිල්ලා හමිපහෙන් ජා-ඇලට ඇවිල්ලා යන්න. තව පුළුවන් මහභාගෙන් හැරිලා රාගම හරහා කඳානට ඇවිල්ලා එතනින් ගුවන් තොටුපළට යන්න. නැතිනමි පුළුවන් අළුතින් හදන අධිවේගී මාර්ගය හරහා කටුනායක යන්න. ඔයවගේ පාරවල් තව ගොඩාක් තියෙනවා. කියන්නට යන කරැණු වලට අදාලව මේ පාරවල් කිහිපයක් පමණයි ගත්තේ.

අපි දන්නවා නිකං හිටියට දිව්‍යලොකයේ යන්න බෑ ඒ සඳහා කල යුතු දේවල් තියෙනවා කුසල් දමි කිරිම ආදිය. එතකොට දැන් අපි හිතුවොත් කටුනායක කියන්නේ දිව්‍යලොකය හරි මනුස්ස ලොකය වගේ සුගතියක්ය කියල සහ යන පාර දිව්‍යලොකයට මිනිස්සු යන්න කරන දේවල් වගේය කියලා.  ගොඩ දෙනෙක් කරන්නේ අර කලින් කිවිව විදියට  සාමාන්‍ය හරි සීඝ්‍රගාමී හරි බස් එකකට නගින එක. මොකද සමාජයේ ගොඩ දෙනෙක් කරන්නේ එහෙමයි ආර්ථිකයට ගැලපෙන විදියට. ජීවත් වෙනවා. ඔන්න හිතුන ගමන් පන්සල් යනවා. මොකක් හරි පිනක් කරනවා. කලාතුරකින් දානයක් දෙනවා. මලක් ජූජා කරනවා වගේ දේවල් කරනවා. එහෙම කරලා දිව්‍ය ලෝකේ  යන (සුගතිගාමී වන) අය ඉන්නවා. අර දැන් ප්‍රයිවෙටි බස් යනවා වගේ. හිමින් හිමින්. හැම තැනම නැවති නැවති. සෙනඟ අයිසේ තෙරපි තෙරපි, දාඩිය දාගෙන, සමහර විට වාහන හැප්පෙනවා.මේ ගමනට ලොකු කාලයක් ගත වෙනවා. ඒ වගේ අපාය ලෝක, ප්‍රේතලොක ආදී සතර අපායන් වලට වැටි වැටී. සසර පුරාම ඇලි ඇලි. ලොකු කාලයක් ගතකරමින්. ඔය ගමන යන්න පුළුවන්. දැන් ඔය කොළඹ හරියේ මාර්ග තදබදයට අහුවුනාම පැයක් විතර ඉන්න වෙනවා වගේ සතර අපා වලට වැටුනාම කල්ප ගනන්, බුද්ධානතර ගනන් සුගති ගාමි නොවී දුක් විදින්න වෙනවා. නමුත් අනිවාර්‍යයෙන්ම කවදා හරි දිව්‍යලෝකෙකට යන්න පුළුවන් අර බස් එකත් ප්‍රමාද වුනාට කටුනායක යනවා වගේ. හැබැයි ගමන පහසු නෑ. දුක්ඛිතයි. ඒ වුනාට ගොඩ දෙනෙක් යන්නේ එහෙම තමයි.

තව සමහර අය ඉන්නවා අර පරංගි කොටිටේ ගියා වගේ වට රවුමි පාරවල් වලින් යන අය. මේ කථාව හරියටම තෙරෙන්නේ ඉලඟට ලියන ලිපිත් කියෙවිවහම. අර පෑලියගොඩ ඉදලා යක්කල ගිහිල්ලා එතනින් ගමිපහ ඇවිල්ලා කටුනායක යන අය වගේ අයත් ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට, නුවන තියෙන මිනිස්සු කියනවා ඔය බොරු දුරක්. ලඟ පාරවල් තියෙනවා ඒවායෙන් යන්න කියලා. ඒත් ඉතිං මොඩකම නිසා, මෘදු බවක්, නම්‍යශිලි බවක් නැති නිසා ඒ මිනිස්සු විවිධාකර මිසදුටු ආගමි ලබිධි අනුගමනය කරමින්. විවිධ වෘත සමාදන් වෙලා සසර ඇදී ඇදී ඇදි, වැඩිපුර සතර අපා දුක් විඳ විද, සුගති ලෝක වලටත් කවද හරි ඉතිං යනවා. නොයා ඉන්නේ නෑ. මොකද මොනතරමි පවි කරන මනුස්සයෙක් වුනත් කවද හරි මොනම පිනක් හරි කරන නිසා. මොනම හරි සුගතියක උපදින්න පුළුවන්.

අර රාගමට ඇවිල්ලා යනවා වගේ සමහර අය මාර්ග තදබදය අඩු නමුත් දුර පාරවල් අනුගමනය කරලත් සුගතිගාමී වෙනවා. ඔය හින්දු අය වගේ ධ්‍යාන වඩලා, භාවනා කරලා එහෙම සුගති ලෝක වල උපදිනවා එහෙම කරන අය අඩුයි. නමුත් එහෙමත් කරන්නට පුළුවන්.

සමහර අය ඉන්නවා පෙර කල කුසල ශක්තින් ඇතිව ඉපදිලා. ධනය තියෙනවා. හොද යානවාහන තියෙනවා. එහෙම අයට පුළුවන් අධිවේගී මාර්ගයන් පාවිචිචි කරන්න. නමුත් ඒක කරන්න හැමෝටම බෑ. මේ ලිපිය සඳහා පාදක කර ගන්නේ අගුත්තර නිකාය, නවක නිපාතයේ සඳහන් වේලාම සූත්‍රයයි. හරියට වේලාම භ්‍රාහ්මණයා දුන් දානයත් අධිවේගි මාර්ගය බාවතා කිරිමට උපමා කරන්නට පුළුවන්.

හැබැයි එක්තරා ඥානවන්ත අයෙක් ඇවිල්ලා කියනවා. ඔය හැම පාරෙන්ම යනවට වඩා බලාපොරොත්තු වෙන ගමනාන්තයට ලේසියෙන්ම යන්න පුළුවන් විදියක් තියෙනවා. හිරවෙන්නේ නෑ. තදබදයක් නෑ. දුක්විදින්න ඕනත් නෑ. සැපයෙන්ම සුඛයෙන්ම, බොහොම ප්‍රීතියෙන්ම යන්න පුළුවන්. කිසිම මිලක් මුදලක් වියදමි වෙන්නේත් නෑ. මමත් ගියා ඔබත් ගිහිල්ලා බලන්න. කියලා දැන් ඔබ තෝර ගන්නේ කුමන මාර්ගයද?

ඒකාන්ත වශයෙන්ම ඔබ ඒ ඥානවන්ත අය කියු මාර්ගය තොරා ගනීවි. හැබැයි ඒක ඉතිං ඔබේ පුද්ගලික රුචිකත්වය මතම රදා පවතින්නක්.

දැන් වේලාම සූත්‍රයේ කරුනු දෙසට හැරෙමු.
පෙර කලෙක  වේළාම නමි බ්‍රාහ්මණයෙක් විය. හෙතෙම මහත් දානයක් දුන්නේය. රිදියෙන් පිරුණු රන්තලි අසූහාර දාහක් දුන්නේය. රනින් පිරුණු රිදීතලි අසූහාර දාහක් දුන්නේය. අමුරන් පිරුණු කස්තලි අසූහාර දාහක් දුන්නේය. ස්වර්ණාලංකාර ඇති, ස්වර්ණද්වජ ඇති, රන් දැලින් ගැවසුනාවූ ඇතුන් අසූ හාර දාහක් දුන්නේය. සිංහ සමි පිරිවරණ ලද, ව්‍යාඝ්‍ර සමින් පිරවරණ ලද, දිවිසමින් අවුරණ ලද, පඩුවන් කමිබිලිවලින් අවුරණ ලද, රුවනින් අලංකාර කරණ ලද, ස්වර්ණධජ ඇති, රන් දැලින් ගැවසී ගත්තාවූ, සුවාසූ දහස් රථ දුන්නේය. දුහුල් සංදර්ශන ඇති, රිදීමය කිරි බදුන් ඇති, සුවාසූ දහසක් දෙනුන් දුන්නේය. පැලඳගත් මිණි කොඩොල් ඇති, සුවාසූ දහසක් කන්‍යාවන් දුන්නේය. කෝඳ පලසින් අතුරණ ලද්දාවූද, මෘදු සුදු එළු ලොමි ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, ඝනපුප් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, කෙහෙල් මුවන්ගේ සමින් කරණ ලද, උතුමිවූ පසතුරුණින් අතුරණ ලද, උඩුවියන් සහිතවූ, දෙපසින් තබන ලද රතු කොටිට ඇති, සුවාසූ දහසක් පර්‍යංකයන් දුන්නේය. සියුමි කොමුය, සියුමි කෝසෙය්යය, සියුමි කමිබිලිය, සියුමි කපුය, යන මොවුන් පිළිබඳ වස්ත්‍ර කෝටිසහස්‍ර යන් දුන්නේය. ආහාරය, පානවර්ගය, ඛාද්‍යය, භොජ්‍යය, ලෙය්‍යය, පෙය්‍යය, යන මොවුන් ගැන කියනුම කවරේ එය ගලා බසින්නාවූ ගඟක් මෙන් දන් දින.

ගෘහපතිය, ඒ කාලයේ ඒ වෙළාම නමි භ්‍රාහ්මණයා මම විය. නමුත් ඒ දෙන ලද දානය විශෝධනය පිණිස, පිරිසිදු කිරීම පිණිස කිසිදු ආර්‍යවු උතුමෙක් නොවින.
ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම දෙන ලද එම දානයට වඩා එක් සොවාන් උතුමෙක් එක් බත් පිඩකින් වළඳවන්නේද, මෙය මුළු දානයටම වඩා අතිශයින් මහත්ඵල වන්නේය.

සොවාන් පුද්ගලයන් සියයක් වළඳවනවාට වඩා, යමෙක් එක් සකදාගාමී පුද්ගලයෙක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය.

මෙසේ සොවාන් 100 ක් සකදාගාමි 100 ක් වලදවනාවාටත් ඩඩා අනාගමි එක් අයෙකුට එක් බත් පිඩක් දන්දීමෙන් ලැබෙන විපාක ශක්තිය මහත්ය.

සොවාන් 100 ක් සකදාගාමි 100 ක් අනාගාමි 100 ක් වලදවනවාටත් වඩා මහත් කුසලයක් එක් අරහත් උතුමෙක් වෙත පුදනු ලබන දෙයකින් ලැබෙයි.

යමෙක් සිය ගණන් රහතුන් වහන්සේලා වළඳවන්නේද, එක් පසේ බුදුන් වහන්සේ නමක් වෙත පුදනු ලබන යමකින් එයිටත් වඩා මහා කුසලයක් වන්නේය.

සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වලඳවනවාටත් වඩා පිනක් එක් සමිමා සමිබුදුන්වහන්සේ කෙනෙකු වෙත යමක් පිදිමෙන් ලැබේ.

මෙයටත් වඩා මහා පිනත් බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වෙත යමෙක් යමක් පිදිමෙන් ලැබෙනු ඇත.

මෙයටත් වඩා මහත් ඵල වන්නේ යමෙක් සතර දිගින් වඩිනා සංඝයා උදෙසා විහාරයක් කරවා පූජා කිරිමෙන්

යමෙක් පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්මයද, සංඝයාද, සරණකොට යන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය.

යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍යය පානයෙන් වැළකීම, යන ශික්‍ෂා පදයන් සමාදන් වන්නේ, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය.

මේ කරුණු අපගේ භාග්‍යවතුන්වහන්සේ විසින්ම ගණන් සහිතව වේළාම සූත්‍රයේ දේශනා කර තිබේ. වේළාම භ්‍රාහ්මණයාට මෙන් හැමොටම මහත් ධන සමිපත් ඇත්තේ නැහැ. එසේ තිබුනත් වේලාම භ්‍රාහ්මණයාගේ දානය මහත් ඵල වීමට ආර්‍ය උතුමෙක් මුන හැසුනේ නැතුවා සේ ආර්‍ය උතුමන් සියළු දේනාටම මුනහැසෙන්නේ ද නැහැ. එයටත් පින් කර තිබිය යුතුයි. මේ සියල්ලටම වඩා මහත් වු කුසලයක් අත්වන්නාවු පහසුම මාර්ගය එසේනමි පන්සිල් පද 05 රැකීම බැවි ඔබට දැන් හැහැදිලි ඇති. පන්සිල් යන්න රැකිය යුතුබවත් එය නිත්‍ය ශිලය බවත් සැම විටම ඇසෙන්නට ලැබුනත්. පන්සිල් ගැන නිවැරදි විහ්‍රයක් ඉදිරිපත් කරන්නේ දේශකයන්ගෙන් බොහෝම අතලොස්සක් පමණයි. ඒබැවින් පන්සිල් පිලිබදව වත් එය රැකිය යුතු ආකාරය පිළිබඳව වත් නිවැරදි වැටහීමක් සමාජය තුල නැහැ. ඒ නිසා ඊලඟ ලිපියෙන් පන්සිල් පිළිබද විහ්‍රහයක් බලාපොරොත්තු වන්න.‍
තෙරුවන් සරණයි!


4 අදහස් හා විමසීමි:

JeewanaSilva said...

mama ada thamai me blog eka dakke.....shaa....koi tharam hoda blog ekakda...mama ape office eke okkotama meka dunna....thawa thawath hodata liyanna...obata bususaranai

piume nisansala said...

පන්සිල් රැකීම මහත් ප්‍රතිඵල ලැෙබ්.. වටින ලිපියක්...

ASITHA said...

හොද වටිනා බ්ලොග් එකක් ඔබට පින්
තව ලියන්න .

Anonymous said...

Very good article. Among number of useless blogs.. A one useful blog. Write more. This is the best way we can use technology for good things.

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...