ප්‍රිය මිතුරනේ අද මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ, භාග්‍යවතුන් වහන්ස් දේශනා කරන ලද සුත්‍රයන් කිහිපයක අන්තර් ගත කරැණු දක්වමින්, වර්ථමානයේ බෞද්ධයන් පත්වි ඇති මුලාව පසක් කර දීමෙ අදහසින්.
මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභය.
කවර සයෙක්ද යත්? (01) තථාගතවූ, අර්හත්වූ සමිමා සමිබුදුන්ගේ පහළවීම ලොව දුර්ලභය. (02) තථාගතයන් අවබෝධකළ ධර්ම විනයය දෙසන්නාවූ තැනැත්තේ ලොව දුර්ලභය. (03) ආර්ය භූමියෙහි නැවත ඉපදීම ලොව දුර්ලභය. (04) ඉන්ද්‍රියයන්ගේ අවිකලභාවය ලොව දුර්ලභය. (05)ජඩ නොවීම ද, කෙළතොළු හා ගොළු නොවීමද ලොව දුර්ලභය. (06) පින් දහමට කැමැත්තෝ ලොව දුර්ලභය. මහණෙනි, මේ සයක පහළවීම ලොව දුර්ලභය.
(අංගුත්තර නිකාය, ආනිසංස වග්ගය, දුල්ලභපාතුභාව සූත්‍රය)
මෙම ලිපිය සඳහා පාදක කර ගනු ලබන්නේ මෙම සුත්‍රයයි ඒ අනුව එහි සඳහන් කරැණෙන් කරැණට අවධානය යොමු කිරිමටයි මේ සුදානමි වන්නේ.
තථාගතවූ, අර්හත්වූ සමිමා සමිබුදුන්ගේ පහළවීම ලොව දුර්ලභය.
ප්‍රිය මිතුරනේ, භාග්‍යවත් සමිමාසමිබුදු වරයානන්වහන්සේ නමකගේ පහළවිම සැබවින්ම දුර්ලභ කරැණක්ම වන්නේ. මේ බද්‍ර කල්පය බුදුවරයානන්වහන්සේලා සාර කල්පයක් බව අපි දන්නා කරැණක් කාශ්‍යප, කකුසඳ, කෝනාගමණ, ගෞතම සහ මතු කල්පයෙහි උපදින්නාවු මෛත්‍රිය යන බුදුවරයානන් වහන්සේලාගෙන් මේ බද්‍ර කල්පය සුපෝෂිතය. මේ කල්පයේ මාගේ භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ වු ගෞතම බුදුපියාණන් වහන්සේ ධමිසක් පවත්වා වසර 2600 ක කාලයක් දැන් ඉක්ම ගොස් ඇත. ඒ අනුව අදටත් නිවන සාක්ෂාත් කල හැකි ආකාරයෙන් සද්ධර්මය මෙලොව වැඩ සිටියි. එබැවින් නිවන් සොයන්නන් හට සුඛසේ අදද නිවන් අවබෝධ කල හැක.
නමුත් වර්ථමානයේ, කරැණු කාරනා නිසි සේ තේරැමි ගැණිමට නොහැකි වු ගිහි පැවිදි බොහෝ පිරිස් නිවන සොයන්නන්ට මේ කාලයේ මාර්ගයන්-ඵලයන් අවභෝධ කිරිමට නොහැකි බැවි සඳහන් කරමින් ඔවුන් නිවන් මඟින් පිටතට ඇද දමනු දකින්නට ලැබෙයි. එසේ ඔවුන් නිවන් මගින් ඇද දමන්නාවු මාර පාර්ශවික බල වේගයන් යොදා ගනු ලබන්නාවු ජනප්‍රියතම උපක්‍රමය වන්නේ මෙමත්‍රි බෝධි සත්ත්වයින් ඊලඟ කල්පයේ උපදිනවාය, ඊලඟ කල්පයේ උපදින මෛත්‍රි බොධිසත්ත්වයින් බුදුවි පවත්වනු ලබන සාමුක්කංසික ධර්ම දේශනය (බුදුවරැන්ට පමණක් පැවැත්විය හැකි, සත්ත්වයින් සිටිනා අසුනේම මාර්ගඵලයන් අවබෝධයට සමත් වන ස්වරැපයේ ධර්ම දේශනය/කියවන්න බුදුරජානන්වහන්සේගේ ද්වි විධ වු දේශනා විලාශය) අසා නිවන් දකින්න කියා, නිවන් සොයනා සත්ත්වයින් අධෛරයට පත් කර, බොරැවෙන් ඔවුන්ගේ සිත සනසවා, නිවන් මගින් ඔවුන්ව ඉවතට ඇද දැමිම.
සැබවින්ම මෛත්‍රි බෝධි සත්ත්වයින් බුදු වු විට පවත්වන ධර්ම දේශනය අසා නිවන් දකින්නට පුළුවන් වේවිද?
මුලින්ම මේ පිළිබඳව කරැණු සලකා බැලිමේ දී සැලකිය යුතු කරණ වන්නේ මෛත්‍රි බෝධි සත්ත්වයින් ලොව පහල වන්නේ කවදාද යන්නයි. මාගේ ගෞතම බුදු පියාණන් වහන්සේ දේශිත සද්ධර්මය මේ ලොවින් තුරන් වි, (ඒ සඳහා තව වසර දෙදහස් ගණනක් ඇත) අන් දිව්‍ය භ්‍රහ්ම ලෝක ආදියෙන්ද තුරන් වි (ඒ සඳහා තව වසර කෝටි ප්‍රකෝටි ගණනක් ඇත) ගිය කල සිදුවන මේ බද්‍ර කල්පය අර්ධ වශයෙන් නැසි යාමෙන් පසු උපදින්නාවු නව කල්පයේ දීය. (කියවන්න කල්ප විනාශය සිදුවන ආකාරය) මෙමත්‍රි බෝධිසත්ත්ව උත්පත්තිය සිදුවෙයි.
එසේනමි මෛත්‍රි බෝධි සත්ත්වයින් ලොව පහල වන තෙක් තව කොපමණ කාලයක් බලාසිටිය යුතුද?
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ආනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යමි තැනක් හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැද එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවු ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියේය. "ස්වාමිනි කල්පය වනාහි කෙතරමි දීර්ඝවේද?"
මහණෙනි, කල්පය වනාහී දීර්ඝය. එය මෙතෙක් අවුරුදු කියා හෝ, මෙතෙක් අවුරුදු සියයක්ය කියා හෝ, මෙතෙක් අවුරුදු දහසක්ය කියා හෝ මෙතෙක් අවුරුදු ලක්‍ෂයක්ය හෝ කියා හෝ ගණන් කිරිමට පහසු නොවේ. "ස්වාමිනි, උපමාවක් දේශනා කිරිමට හැක්කේද?.
"මහණ, හැකියයි" භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. "මහණ යමි සේ වනාහි දිගින් යොදුනක් ඇති පළලින් යොදුනක් (හැත්ප්ම 16) ඇති පලුදු රහිත වු සිදුරු රහිත වු ඒක ඝනක වු මහා ගල් පර්වතයක් වේද ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සීයකට සියකට වරක් කසි සලුවකින් පිරිමදි මහණ මේ ආකාරයෙන් ඒ කාලයක් ගතවිමේ දී ඒ මහා ගල් පර්වතය ගෙවි කෙළවරවි යන්නේය. නමුත් කල්පය කෙළවර නොවන්නේය.
(සංයුක්ත නිකාය, අනමතග්ග සයුක්තය)
ප්‍රිය මිතුරනේ මෛත්‍රි බෝධි සත්ත්වයින් ලොව පහල විමටත් මෙපමණ කලක් ඇත. ඔබට මෛත්‍රි බෝධි සත්ත්වයින් හමුවේ නිවන් අවභෝධ කල හැකිද නොහැකිද යන්නට හා එයට කෙතරමි සමිභාවිතාවක් තිබේද යන්නට සරලම උදාහරණයක් කිව හැකියි.
ඔබ දැන් සිතනවා මම තව අවුරැදු 100 කින් මේ දේ කරනවා කියලා. දැන් ඔබේ වයස අනුව බලන විට අවුරැදු 100 කින් ඔබට ඒ සිතන දේ කරන්නට බැරි බැවි ඔබට පහසුවෙන්ම තේරැමි යන්නට ඕන. දැන් හිතනවා අවුරැදු 50 කින් ඒ දේ කරනවා කියලා. දැන් ඔබේ වයස කුමක් වුනත් කාටද කියන්න පුළුවන් ඔබ අවුරැදු 50 ක් ජිවත් වෙයිද නැද්ද? මොන මොන දේවල් ඔබට කරන්නට පුළුවන් වෙයිද නැද්ද කියලා? දැන් අපි හිතමු සතියකින් මේ දේ කරන්න හිතනවා කියලා ඇත්තටම නුවනින් කල්පනා කරන කෙනෙක්ට තේරෙනවා මේ ජිවිත කාලය තුල අපි සතියකින් කරන්නට හිතපු දේවල් කරන්න බැරිව ගිය අවස්ථා කොයි තරමි නමි තියෙනවාද කියලා. මේ වගේම හෙට කරනවා කියලා හිතපුවා, තව ටිකකින් කරනවා කියලා හිතපුවා කොයි තරමිනමි කරන්නට බැරිව ගිහින් ඇතිද මේ ජිවිත කාලයේ. එහෙම නමි කල්පයකින් කරන්න හිතන දෙයක් සිදු විටම ඇති සමිභාවිතාවත් කල්පයකින්ම පංගුවක් පමණ බැවි ඔබට දැන් තේරැමි යන්නට ඕන.
ඉතිං ඔබත් නිවන් යන්නට හිතන්නේ තව කල්පයකින්ද?
මෛත්‍රි බුදුන් දැක ඔබට නිවන් පෙන්වන්නට සිතන අය ඔබ මොනතරමි නමි මුලාවකට ඇද දමා ඇත්දැයි මදක් සිතන්න.
අනිත් කරැණ. ඔබට මෛත්‍රි බුදුන් දැක නිවන් පෙන්විමට සිතන පුද්ගලයා පැවිද්දෙක් නමි, ඒ පුද්ගලයා ලබා ඇති පැවිදි බව ලැබුයේ මාගේ භාග්‍යවත් ගෞතමු බුදු පියානන්වහන්සේ නිසාමය, එබ ඒ පුද්ගලයාට දානයක් දෙන්නේ නමි, සිවි පසයෙන් සංග්‍රහ කරන්නේ නමි, ඒ තැනැත්තේට එය ලැබෙන්නේත්, ඔබ ඒ දානය දෙන්නෙත් මාගේ භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ නිසාමය, එසේම යමි ධර්මයක් ඔහු දේශනා කරන්නේ නමි ඒ කරන්නේ මාගේ භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමි ධර්මයන් පුරා ඇස්, ඉස්, මස්, ලේ දන් දි ප්‍රාණය හා සමාණ දු දරැවන් දන් දී, මහ පොළව පරායන දාන වස්තූන් දන් දී, මහ සාගරය පරායන ලේ දන් දි තම ස්විය ඤානයෙන් ප්‍රත්‍යක්ශ වශයෙන් අවභෝධ කල ධර්මයයි. මේවා උපමා නොව භාග්‍යවතුන් වහන්සේම දේශිත කරැණුයි. එසේනමි ඒ ධර්මයම දෙශනා කොට, ඒ ධර්මය මතම සිට, ඒ ධර්මය නිසාම ලැබෙන ලාභ සත්කාර බුක්ති විදගෙන මාගේ භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාල චිවරයම පොරවා ගෙන, මෙකල මාර්ග-ඵල අවභෝධ කල නොහැක්කේ යැයි යමෙක් පවසනවා නමි, මෛත්‍රි බුදුන් දැක නිවන් දකින්න කියා ඔබට පතනවා නමි, එසේ ඔබට ආශින්සනය කරනවා නමි; පළමු කරැණ ඔහු මුහුදින් වතුර බි ගඟට ආවඩනා, කෙලෙහි ගුණ නොදන්න අයෙකි. දෙවෙනි කරැණ තමුනුත් නසා අනුනුත් නසනා අනුවනයෙකි අක්ඤානයෙකි. තෙවන කරැණ මාරපාර්ශවික බල වේගයකි. එබැවින් ඔබ නිවන සොයනා බෞද්ධයෙක් නමි මේ කරැණ විනිවිද දැකිය යුතුමයි.
ඊලග කාරනාව, මෛත්‍රි බෝධි සත්ත්වයින් බුදු වෙලත් නෑ තාම, උන්වහන්සේ බුදු වුනාට පස්සේ නිවන් යන්න හිතාන ඉන්න අය, එහෙම හිතං පින් කරලා පින් කරලා මළයි කියලා දැන් හිතමු. (මෙහි පුනරැප්පතිතිය සිදුවන ආකාරය කියවන්න) කවුද දන්නේ ආයෙමත් නිවන අවභෝධ කරන්නට පුළුන් සුගතියක ඉපදෙයි කියලා. භාග්‍යවත් මාගේ සමිමා සමිබුදු රජානන්වහන්සේම දේශනා කරනවා නිය පොත්ත අගට පස් ටිකක් ගෙන, මහණෙනි මේ පස් ටිකද මේ මුළු පෘතුවි තිබෙන පස්ද වැඩි කියලා. එවිට භික්ෂුන්වහන්සේලා පිලිතුරැ දෙනවා” ස්වාමනි භාග්‍යවතුන් වහන්සේ මේ පෘතුවියේ කෙතරමි නමි පස් තිබෙනවාද ඔබවහන්සේගේ නිය අග ඇති පස් ස්වල්පය පෘතුවියේ පස් හා සංසන්දනය කරන්නටත් බැරි තරමි කුඩායි කියලා. එවිට භාග්‍යවතුන්වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ සුගති ලොක වල ඉපදිලා ඉන්න සත්ත්වයෝ මහ පොළවේ පස් වගේ නමි, මේ නිය පිටට අරන් පෙන්නන පස් ටික වගේ ස්වල්ප ප්‍රමාණයක් තමයි, ඔවුන්ගෙන් නැවතත් සුගති භුමිවලම මරනෙන් පස්සේ උපදින්නේ. ඒවගේම මේ පොළවේ පස් වගේ ප්‍රමාණයක් නැවත උපදින්නේ දුගතිවලයි කියලා.
ඉතිං ඔබ කොහොමද දන්නේ බුදු පියාණනවහන්සේ දේශනා කලා වගේම ඔබ සුගතියකම උපදියි කියලා? සත්ත්වයින්ගෙන් වැඩි හරියක් උපදින්නේ දුගති වලමයි. යන්නෙත් දුතියෙන් දුගතියටමයි. මේ කරැණ තේරැමි ගත යුතුයි. මෙවැනි දුගතියක ඉපදුනොත් මෙතේ බුදුන් දහම් දෙසනා විට වුවත් නිවනක් නමි දකින්නට බැහැ.
මෙතේ බුදුන් හමුවුනොත්
දැන් මෙතේ බුදුන් හමු වුවාමයි කියා හිතමු. දැන් මෙතේ බුදුන් හමුවි බණත් අහනවාය කියා හිතමු. මෙහෙම අහනකොටත් හැමොටම නිවන් යන්නට බැහැ. මාගේ ගෞතම බුදු පියාණනවහන්සේ කොසොල් මහ රජුට, මල්ලිකාට දේවියට කෙතෙරමි ධර්මය දේශනා කලත් ඔවුන් මාර්ග-ඵල අවභෝධයට සමත් වුනේ නෑ. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය කියලා වෙනමම සංයුක්තයක්ම තියෙනවා. කොසොල් රජුටම දේශනා කරපු ධර්මය.අජාසන් ත රජුට ධර්මය දේශනා කලා, ඔහුට සොවාන් විමට තරමි පිනක් තිබුණා. නමුත් පියාමරා ගිහි පරාජිකාපත්තියට පත්වි සිටි නිසා ඔහුට සොවාන් වත් විමට හැකිවුනේ නෑ. කවුද දන්නේ අපිට මේ වගේ මොන මොන දේවල් වෙයිද කියලා.
නමුත් බාහිය දාරැචියට බුදුපියානනවහන්සේ දේශනා කලේ කුඩා ධර්ම පාඨයක් පමණයි. ඒයත් පිණ්ඩපාතය සඳහා මාගේ ගෞතම බුදුපියාණනවහන්සේ චාරිකාවේ යෙදෙනා විට දාරැචියගේ බලවත් ඉල්ලිම මත. ඒ කුඩා ලඝු, ධර්මය ඔහුට අරහත් ඵලයෙන් නිවි සැනසෙන්නට හේතු වුනා. එහෙම වුනේ ඇයි. මිට පෙර කාශ්‍යප බුද්ධ සාසනය ඇති විට, මාගේ මේ ශරිරය වෙලි මා මිය ගියත් නිවන සාක්ෂාත් කර මිස මින් මා නොනැගිටිමියි කියා, විශාල පර්වතයක් මතට නැගි එයට නැගිමට උපයෝගි කර ගත් ඉණිමග පෙරලා දමා භාවනාවේ නියතු වු නිසා. එදා කාශ්‍යප බුද්ධ සාසනයේ ඔහුට නිවන් සාක්ෂාත් කරන්නට බැරිවුනා. ඔහු මිය ගියා. නමුත් ඒ උත්තමයානන්වහන්සේ මාගෙ ගෞතම බුදුපියානන්වහන්සේගේ සසුනේ කුඩා ධර්ම පාඨයකින්ම නිවන සාක්ෂාත් කලා. උන්වහන්සේ මෙන්න මෙහෙම අනාගතේ ගෞතම කියලා බුදුන් නමක් පහල වෙනවාය. උන්වහන්සේගේ සාසනයේ මම නිවන් දකින්නට ඕනැය කියා හිත හිතා, පත පතා හිටියා නමි කිසි දිනකත් නිවනක් නමි දකින්නට තබා සුගතියකවත් උපදින්නට නොහැකි වනවා ඇති. මේ කරැණු දබිබ ථේර අපදානයේ අන්තර්ගත වනවා එහි කොටසක් පමණක් මෙහි පහතින් දක්වනු ලබනවා.
මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහිවූ, මහත් යසස් ඇති, කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ, නමින් කාශ්‍යප නමිවූ බුදුරජතෙමේ ලොව පහළවිය. ශ්‍රාවකයන් සහිතවූ හෙතෙම මිත්‍ථ්‍යාතීත්‍ථෟකයන් මැඩ, සසුන බබුළුඵවා, හික්මවියයුතු ජනයන් හික්මවා පිරිනිවන් පෑහ. ශිෂ්‍යයන් සහිත වූ බුදුරජුන් පිරිනිවි කල්හි, සසුන පිරිහෙන කල්හි, කලකිරුණාවූ දෙවිවරු විසිරවූ කෙස් ඇත්තාහු, කදුලු පිරි මුහුණු ඇත්තාහු හැඩූහ. කෙසේදයත් “දහම ඇස නිවීයන්නේය. මනා ව්‍රත ඇති ශ්‍රාවකයන් නොදකින්නෙමු. සදහමි නොඅසන්නෙමු. අහෝ අපගේ පින් මද බවය කියායි.”
එකල්හි මේ නිශ්චලවූ සියඵ පෘථිවි තොමෝ වෙවිඵමි සහිතව කමිපාවූවාය. සයුරද සෝක සහිතව මෙන් අනුකමිපා කටයුතු සේ නාද පැවැත්වීය. සිවිදිගෙහි වූ, අමානුෂීකවූ භෙරිහු ශබ්ද පැවැත්වූහ. හාත්පස භයජනකවූ හෙණ පතිතවූහ. අහසින් උල්කාවෝ පතිතවූහ. ධූමකේතූ හුද පෙණුනාහුය. මෘග ආදී වූ ගොඩ උපදින සියඵ සත්ත්‍වයෝ අනුකමිපා කටයුතු සේ නාද පැවැත්වූහ.
ශාසන විනාශය පවසන දරුණු උත්පාත භූත විකාරයන් දැක කලකිරුණාවූ භික්‍ෂූන් සත් නමක්වූ අපි එකල්හි මෙසේ සිතීමු. “සසුනෙන් තොරවූ අපගේ ජීවිතයෙන් කමි නැත. අපි මහා වනයට පිවිස බුදුසසුනෙහි යෙදෙමුය” කියායි. එකල්හි අරණෙහි උස්වූ පර්වතයක් දිටිමු. හිණිමගෙකින් එම පර්වතයට නැගී හිණිමග බිම හෙළීමු. එකල්හි එම පිරිස අතුරෙන් සංඝ ස්ථවිර තෙමේ අපට මෙසේ අවවාද කෙළේය. “බුද්ධෝත්පාදය අතිශයින් දුර්ලභය. ශ්‍රධා තොමෝද අතිශයින් දුර්ලභ වන්නීය. සසුනද ශේෂව ඇත්තේ ස්වල්පයකි. මෙම උතුම් මොහොත ඉක්මවූවෝ අනන්තවූ දුක් සයුරෙහි වැටෙත්. එ හෙයින් සර්වඥ මතය (බුදුසසුන) පවත්නා කල්හිම නිවන අවභෝධ කිරිම කළයුතුයි.”
ඒ ඔවා දුන්: ස්ථවිරතෙමේ රහත්විය. උන්වහන්සේ අනුව ගිය දෙවැන්නා අනාගාමී විය. ධර්මයෙහි යෙදුනු සෙසු සිල්වතුන්වූ අපි ඉන් චුතව දෙවි ලොව ගියෙමු. “අනාගාමීවූ තැනැත්තේ හුදකලාව ශුද්ධාවාසයෙහි දී තරණය කළ සසර ඇත්තේ රහත්ව එහදී පිරිනිවන් පෑයේ විය. මමද, පුක්කුසාතී රජ ද, එසේම සහියද, බාහියද, කුමාර කස්සපදැයි මෙසේ අපි ඒ ඒ තන්හි උත්පත්ති වශයෙන් ගියාහු, ගෞතම බුදුරජුන් විසින් අනුකමිපා කරන ලද්දාවූ සසර බැමින් මිදිනෝ වෙමු.
මේ ආකාරයට මෛත්‍රි බුද්ධ සාසනයේ නිවන් යන්නට පතන්නන්ද, ඉහත අපදානයේ පරිදි ජිවිත පරිත්‍යාගයෙන් භාවනා කොට සසුන් ප්‍රතිපත්තිය පුරාම එය ලබයි. නැතිව මෛත්‍රි බුදුන් දැක නිවන් යන්න මන්ත්‍රයක් සේ මැතුරැවද එය කල හැක්කක් නමි නොවනු ඇත.
ඒ වගේම මිනිසුන් අතරත් කෙලතොලු වුවන්, ඒ කියන්නේ මිනිස් ලොව විශේෂ අවශ්‍යතා ඇතිව උපත ලබන පුද්ගලයන් ආදියයි. කන් නෑසෙන, ඇස් නොපෙනෙන, කන් ඇස් මොනා ඇහුනත් ධර්මයක් අවභෝධ කරන්නට නුවනක් නැතිව, ඒකියන්නේ පින් දහමි කරන්නට අකමැතිව, දැන් වැඩි පිරිසක් බෞද්ධයොත් එහෙමයි. මෙහෙම වෙන්නේ උප්පත්ති කර්මය මතයි. වෙනත් විදියකින් කිවිවොත් ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් නොලැබුවහොත් ඔවුන්ට ධර්මය අවභෝධ කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. මාගේ භාග්‍යවත් බුදු පියාණන්වහන්සේගේ සමයේ කෙතරමි බමුණන් හිටියාද ඔවුන් බුදු පියාණණවහන්සේ දකින්නටත් ඇති. ඔවුන්ට බුදු පියාණන්වහන්සේ ධර්මය දේශනා කරන්නටත් ඇති නමුත් නිවන් ගියේ නෑ. මොකද? මිසදුටු ගෙනයි හිටියේ. නැත්නමි නිවන් අවභෝධයට තරමි ශක්තියක් නෑ. එතකොට එක් මෙමත්‍රි බුදුවරයෙක් නෙමෙයි 1000 ක් ධර්මය දේශනා කලත් ඒවැනි අයට නිවන් යන්නට බැහැ.
කර්මය පිලිබඳව අවභෝධ කර ගැනිමට මේ දේශනාවට සවන් දෙන්න.
දේශකයාණන් වහන්සේ අති පුජ්‍ය දංකන්දේ ධමිමරතන ස්වාමින් වහන්සේ.
දැන් ඔබ ප්‍රඤ්ඤාවන්තයෙක් නමි තේරැමි යන්නට ඕන මෛත්‍රි බෝධි සත්ත්වයෝ බුදු වුනාම නිවන් යන්න ඉන්න අයගෙන් කාටද නිවන් යන්න පුළුවන් කියලා. සමහර විට කණ කැස්බෑවා විය සිදුරෙන් ඉර දකින එක කොටි වාරයක් විතර වෙන්න පුළුවන් නමුත් මෛත්‍රි බුදුන් හමුවේ නිවන් යන්න වෙන එක නමි බොහොම අභව්‍ය ඒ වගේම සමිභාවිතාව ඉතාමත් අඩු කරැණක් බැවි ඔබට වැටහෙන්නට ඕන.
එසේනමි මේ කරැණු අතර කලින් කී දුල්ලභපාතුභාව සූත්‍රයේ සදහන් කරැණු අතරින් සඳහන් කිරිමට නොහැකි වුයේ, තථාගතයන් අවබෝධකළ ධර්ම විනය දෙසන්නාවූ තැනැත්තේ ලොව දුර්ලභය. කියන කරැණ පමණයි. ඒ අනුව අදද නිවැරදි ලෙස මාර්ග-ඵල අවභෝධයට උපකාර කල හැකි උපකාර විය හැකි භික්ෂුන් වහන්සේලා, ගිහි උතුමන් වැඩ සිටියි. මොවුන් හමුවේ භාවනාවක නියතු වී නිවන් මග සොය ගැනිමයි. ඒ සඳහා සුදුසු ස්ථාන බොහොමයක් ඇත. නිවන් සොයනා. කලින් කි ආකාරයේ කුසල් කිරිමට කැමති බෞද්ධයෙකුගේ අභිලාශය විය යුත්තේ. එතකොට මේ භවයේ නිවන සාක්සාත් කිරිමට නොහැකි වුවත් බාහිය දාරැචියට මෙන් මෛත්‍රි බුද්ධ සාසනයේ හෝ වෙනත් බුදු සසුනක් තුල හෝ සංස්කාරයන්ගෙන් මිදි නිවන සාක්ෂාත් කිරිමට එය ඔබට ඒකාන්ත වශයෙන්ම හේතුවක් වනවා ඇති.
තෙරැවන් සරණයි!!





24 අදහස් හා විමසීමි:
කැලණි පන්සලේ දීත් බෝධිසත්ය පිළිමයක් පෙන්නලා වයසක ආච්චි කෙනෙක් මිනිපිරියකට කිව්වා, "ඔන්න දුවේ අපිට ඉන්නෙ මේ බුදුහාමුදුරුවෝ තමා" කියලා. මට එවෙලෙ හිතුනා මේ මොන මුලාවකද ඉන්නෙ කියලා......
මේ ලිපිය කියවන්න ලැබෙන්නෙත්, ඒක හිතට ගන්න හැකි වෙන්නෙත් පෙර කළ කුසල් තියෙන අයටම විතරක් වෙයි.
samahara minssu ammagen kiri bila hedila loku vunam kiri bivvada kiyalat mataka nehe hoda velavata budu hamuduruvo kivve gedara budun amma kiyala e minissu lamaivanam pansalata yavanava budda darmaya igena ganna kiyannenam mage lamayata hodata buddagama ugannanava kiyala ane buduni me mona papayakda
බොහොම පිං.. ඔබ තුමාට. වටිනා කාලය වෑය කරල නිර්මල බුදු දහම වෙනුවෙන් කර්න මේ පුන්‍ය කර්මය ගොඩක් අගය කරනව.
මලයා මම කතෝලික ආගමේ ගෙනෙක් මලයා මේ කරන වැඩේ ගොඩක් ප්‍රයොජ්නවත් සහ අර්තවත් බුද්ධාගම ඉහල නැව්මට ඉතින් මම මේ ට්ක කියන ගමන් පොඩ් ආරාධනයකුත් කරනවා ඒ මේ මලයා කරන හොද වැඩේ තවත් මේ ව්දිහේ හොද දෙයකට ලබා දෙන්න කැමතිනම් එන්න (සිතුව්ලි පවුර) මේකත් හොද වැඩක් කැමතිනම් මලයා එන්න.
මට මතක් උනා මේ පාඨය "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති..."
කල්ප විනාශයේදී පිළිවලින් නිරයන්, ඊළඟට ප්රෙතලෝක, පසුව මනුෂ්‍ය ලෝක, කාමාවචර දිව්‍යලෝක, අවසානයේ සමහර රූපවචර බ්‍රහ්මලෝක විනාශ වෙනවා, පස්සේ මෙමලෝක නැවත සෑදෙන්නේ ප්‍රති අනුපිලිවලින් දීර්ඝ කාලයක් ගථවූ පසුවයි කියල මම (මතක විදියට දීඝ නිකායේ බ්‍රහ්මජාල) සුත්‍රයක කියෙව්වා. එතකොට ඒ නිරයන්, මනුෂ්‍යලෝක ආදියේ සිටින සත්වයන් සියලුදෙනා ඒවා විනශවූ කල්හි විනාශ නොවූ බ්‍රහ්මලෝක වල උපදිනවද?
බුදුන් දැක නිවන් දකින්නට නොව තමන්ගේ උත්සාහයෙන් නිවන් දකින්නට සිතා ගත්තොත් යහපති.
ඔබ සදහන් කරන විදියට මේ බද්‍ර කල්පයේ බුදුවරු පස් නමක් පහල වෙනවා. එතකොට අට විසි බුදුද සංකල්පය කුමක්ද ?මේ තාක් කල් පහල උනේ බුදුරජාණන් වහන්සේලා විසිඅට නමක් පමණද? එතකොට බුදුවරු සත් නමකට වන්දනා කරන සත් බුදු සංකල්පය කුමක්ද ?
ඔබට ගොඩක් පින්.
ප්‍රිය මිතුර
මම සඳහන් කරන ආකාරයට පස් නමක් පහළ වෙනවා නෙමෙයි. බුදු රජානන්වහන්සේයි ඒ පිළිබඳව දේශනා කර තිබෙන්නේ. අටවිසි බුදුවරැන් ගනන් ගනු ලබන්නේ අපේ ගෞතම බුදු පියානන්වහන්සේ සුමේද තාපසව නියත විවරනය ලද තැන සිට සාරසංඛ්‍ය කල්ප ලක්ෂයේ බුදුවරැන් ගණනයි. ඔය අට විසි බුද්ධ වන්දනාව පටන් ගන්නේ දිපංකරෝ මහං විරෝ යනාදි වශයෙන්. එතකොට අපේ ගෞතම බුදුපියානන්වහන්සේ මුලින්ම නියත විවරණය ලැබුවේ දිපංකර බුද්ධ මුලයේ.
http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/5Khuddaka-Nikaya/14Buddhavamsa/26-Budda-pakinnaka-katha-s.html
මෙම යොමුවෙන් බුදුවරැන්ගේ ප්‍රකිර්ණක කාණ්ඩය කියවා ගන්න.
මේ ලොවේ පැරණි බව අනමතග්ග සංයුක්තයේ දක්වා ඇත.
http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/3Samyutta-Nikaya/Samyutta2/14-Anamatagga-Samyutta/01-Tinakatthavaggo-s.html
කල්පය හා ලොවේ පැනි බව ඉහත සබැදියේ ඇති දේශනා මගන් තේරැමි ගත හැක. අපගේ සමිමා සමිබුදු රජානන්වහන්සේ පවසන ආකාරයට, මේ ලොව ඉකුත්ව ගිය කල්පයනුත් ගණනින් ප්‍රමාණ කරන්නට බැහැ අය අසංඛෙයියයි අප්‍රමේයයි. ඒ වගේම පහල වු බුදුවරයානන්වහන්සේලාත් ගණනින් ප්‍රකාශ කරන්නට බැහැ අසංඛෙයියයි අප්‍රමෙයියයි.
සත් බදු නෙමෙයි. ඉතිං ඔය බුදුවරයානන්වහන්සේලාගෙන් 1 අයෙක්, දෙදෛනෙක් වුනත් අරන් ඕන නමි වන්දනා කරන්න පුළුවන්නේ.
වැද වැද ඉදලා මිනිස්සු නිවන් යන්නේ නෑ.
ප්‍රිය මිතුර,
මිනිස්සුන්ට නිවන් මග කියා දෙන්නට දන්නේ නැති අය. ඔය අසංඛෙයිය ගණන බුදුවරයානන් වහන්සේලට වදිනවා. අරඥානයයි මේ ඥානයයි කිය කියා ඒ ඥාන වලට වඳිනවා. වැදින කේ වැරැද්දක් නෑ. පින් ලැබෙනවා. ඒත් සසර දිග් ගැස්සෙනවා විනා, බුදු දහමේ පරමාර්ථය ඉශ්ඨ වෙන්නේ නෑ.
තෙරැවන් සරණයි!
Dear Dhamma Friend,
I read your article, I am also always try to understand what my load Buddha said and try to practice dhamma as much as possible.
May triple gem bless you!
කාශ්‍යප, කකුසඳ, කෝනාගමණ බුදුවරු පහල උනේ මේ මහ පොලොවේමද.(අපි ජීවත් වෙන පෘතුවියේමද)
ow Budhdhi,
meka kiyawannath, meka kiyawala awadi wennath
pera kala kusal thiyenda one.
thanuja,
anek aya awadi karanda mahansi gannawa wagema niwan awabodhayatath oba mahansi wenawayai sithami.
lipiye salasuma anargai....!!
ඒ බුදුවරැන් වහන්සේලාත් පහල වුනේ මේ පෘතුවිතලයේම තමයි.
තෙරැවන් සරණයි!!
කතරට පිණි බිඳක්වන මේ පිංවත් සටහන දකින්නට ලැබීමත් වාසනාවකැයි සිතමි.දහම රකිනවා යැයි කියන පිරිස දහම විකුණන අවධියක ඔබ මේ කරන ධාර්මික සේවය වචනයෙන් කිව නොහැකි තරම් වටිනා කටයුත්තකි , මේ කියවන හැමගේ සිත් පහන් වි සැනසෙන විට දැනෙන සතුට , ඔබ වෙත පිනක් වනු ඇත. ඔබේ මේ සත්කාර්යය අතිශ්‍යයින් අගය කරමි.
එලෙස මේ සටහනට එන්නට මට දිසාව පෙන්වූ “බුද්ධි“ ඔබටත් බොහොම පිං.
grate for all our lives
මේ අගනා ධර්ම සත්කාරය වෙනුවෙන් ඔබතුමාට බොහොම පින්.
"තණ්හංකරෝ මහා වීරෝ - මේධංකරෝ මහායසෝ සරණංකරො ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ..."
ලෙසයි බුද්ධ වන්දනාව පටන් ගන්නේ.
ඒ අනුව දීපංකර බුදුරදුන්ටත් පෙර බුදුරජාණන් වහන්සේලා දෙනමක් ගැනත් ගෞතම බුදුරදුන් දේශනා කර තිබෙනවා.
Oya hari..ata wisi budu rajun wanne...
1 Taṇhaṅkara[1]
2 Medhaṅkara[2]
3 Saraṇaṅkara[3]
4 Dīpankara[4]
5 Koṇḍañña[5]
6 Maṅgala[6]
7 Sumana[7]
8 Revata[8]
9 Sobhita[9]
10 Anomadassi[10]
11 Paduma[11]
12 Nārada[12]
13 Padumuttara[13]
14 Sumedha[14]
15 Sujāta[15]
16 Piyadassi[16]
17 Atthadassi[17]
18 Dhammadassī[18]
19 Siddharttha[19]
20 Tissa[20]
21 Phussa[21]
22 Vipassī[22]
23 Sikhī[23]
24 Vessabhū[24]
25 Kakusandha[25]
26 Koṇāgamana[26]
27 Kassapa[27]
28 Gautama[28]
29 Maitreya[29]
(29) thamai ape anagatha budu rajun...obalata theruwan saranai...
ප්‍රිය මිතුර එම තණ්හංකරෝ මහා විරෝ ආදී පබැදුම ත්‍රිපිටක දේශනවාක් නොවෙයි. තන්හංකර මේදංකර ආදි 28 බුදුන්ට අමතරව පුරාණ ගෞතම, පුරාණ කොණ්ඩඤ්ඤ ආදි තවත් බොහෝ නමි ඇති බුදුරජානන්වහන්සේලා ගැන විස්තර ත්‍රිපිටකයේ සූත්‍ර පුරා විසිරි තිබෙනවා. ඔබට ඒ බුදු රජුන් වහන්සේලාගේ නමුත් එකතු කරගෙන අවශ්‍ය නමි බුදු වරැන් 100 කට විතර වදින ගථාවක් වුනත් සකස් කර ගන්න පුළුවන්.
පහත දක්වන කොටස් කියවන්න බුදුවරැන්ගේ ප්‍රකීර්ණක කාණ්ඩය සහ බුද්ධවංස පාලිය.
http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/5Khuddaka-Nikaya/14Buddhavamsa/26-Budda-pakinnaka-katha-s.html
පහතින්ම ඇති බුද්ධ වංශය කොටස කියවන්න.
http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/5Khuddaka-Nikaya/index.html
ප්‍රිය මිතුර මේ දින වල බිලොගය ලිවිම හෝ පිළිතුරැ සැපයිමක් සිදු කරන්නේ නෑ. බලවත් කරැණක් මත. එසේ වුවත් ඔබ ගැටුලුවක සිටිනා බව දුටු නිසා ලියා දැක්විමට සිත් වුවා.
තෙරැවන් සරණයි!!
metta site eke sinhala kiyawanna baa ne, mata unicode akuru kiyawanna puluwan
සහොදරයා නිකන් හිතන්න බුදුවරයෙක් පහල වෙන්න අවුරුදු කල්ප ලක්ෂ ගනනක් පෙරුම් පුරන්න ඔන නේද. මේ කියන කල්පය කියන එක අවුරුදු වලින් මනින්නත් බෑ නේද. නමුත් අපේ පෘතුවිය ඇරබෙන්නේ මීට අවුරුදු බිලියන 4කට කලින් නේද. මෙම කාලය තුල විවිද ජීවීන් පෘතුවි තලය මත පහල වුනා. ඩයිනෝසරයන් ජීවත් වූනේ මීට අවුරුදු මිලියන 500 ක විතර කාලයකදී නේද. අද සිටින මානවයන් ඇරබෙන්නේ අදින් අවුරුදු 20,000 කට විතර කලින් නේද. ඉන්පු අද දක්වා කාලය තුලදී පෘතුවියේ පහල වුනේ ගෞතම බුදුරජානන් වහන්සේ පමනයි නේද, ඊට කලින් බුදුවරු පහල වුනේ අපේ පෘතුවියේනම් වෙන්න බෑ නේද. මම හිතන්නේ අප සෞරයක් ග්‍රහමන්ඩලයටත් කලින් තිබුනු සෞරයක් ග්‍රහ මන්ඩලයක වෙන්න ඔන නේද. නැතින්ම වෙනත් ග්‍රහලෝකයක, ටිකක් හිතලා බලන්න. මම වැරදි වෙන්න පුලුවන්. මට මේක ලොකු ප්‍රශ්නයක්. අහන්න වෙනකෙනෙක් නෑ සහෝදරයා. මේකට සරල උත්තරයක් දෙන්න එපා. බුදු දහමෙන්ම කරුනු පහදලා දෙන්න. තෙරුවන් සරනයි.
Wikeds...!Ahala thiyenawa..Ockoma loka Vinasa Unama Siyallo Bragma Loka Wala Ipedenawada Kiyala...Ne..Me kiyanne Ape Universe Eka Vinasa Wenawa..Thawath Ae eage Universes Thiyenawa..Aweagwth Manusa loka,Diviya Loka.. Thiyenawa..Sasare Ipadena Aka Manasata Dura Ne.. Bayawennna Apa..
@9Dimuthu
ඔබ නොමග යන සෙයක් හැගෙනවා. පෘතජ්ජන විද්දයඥඥයන්ගෙ ඉගැන්වීම් සමග ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ නොකරන්න.
"ලෝක විනාසය" සහ "කල්ප විනාසය" යනු එකම දෙයක් නොවන බවයි මම අසා ඇත්තේ.
ඔබ ඒ දෙකෙහි වෙනස තේරුම්ගතහොත් ඔබේ ගැටලු වලට පිලිතුරු හමුවනු ඇත
Tarka vitarka walin palak naha.Babayak pamana u me shariirayat, eya tula ati bala wegayat gana vidasun wadanna.Evita niwanata yana maga heli wei. vidarshana nimitta pahala karaganna ! pare maga salakunu mehemai.siila visuddi-ditti visuddi-kanka vitarana visuddi-magga magg ghana darshana visuddi-pratipada ghana darshana visuddi enam 1 udayawya ghanaya 2 banga ghanaya 3 baya ghanaya 4 vadiinawa ghanaya 5 nibbida ghanaya 6munchitu kammata ghanaya 7 patisanka ghanaya 8 sanskara upeksha ghanaya METANIN PASU OBA SAMA DENA WADINNE LOKOTTARA U ARYA MARGAYATAI (1) SOWAN (2)SAKADAGAMI (3)ANAGAMI (4)ARAHAT MINPASU EE MARGAYANGE PALA SAMA WATATA WADII NIWANE SANASIIMA ADAMA SAKSHAT KARAGENA WASANNATA OBATA HAKIWANU ATI. Bawananu yogiyek.
MAMA KIYA KENEKUTH NATHINAM,AATHMAYAKUTH NATHINAM BAVAYEN BAVAYATA YANNE KELESADA
ප්‍රිය මිතුර,
ඒ සඳහා පිළිතුර ආත්මයක් ද නොමැතිව, මමය මාගේය කියා ගන්නට දෙයක්ද නැති කොට භවෙන් භවයට යන ආකාරය මේ දින වල පල කරනා අබෞද්ධයෙකුට කියු බුදු දහම කියන ලිපි පෙලේ සඳහන් එය මුල සිට කියවන්න.
තෙරුවන් සරණයි!
Post a Comment