Printfriendly

කුසල් කිරිමේ කලාව 01 කොටස

ප්‍රිය මිතුරනේ, මින් පෙර ලිපි කිහිපයෙන් සලාබැලිමට යෙදුනේ පින්කමි පිලිබඳවයි. මේ සුදානමි වන්නේ එම පින්කමි සිදු කිරිමේ දී කෙසේ නමි පිළිපැදිය යුතුද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනිමටයි. එලබෙන්නාවු 2600 වන සමිබුද්ධත්ව ජයන්තියේ දී වඩාත් ඵලදායි ලෙස පින්කමි සිදුකිරිමට මෙම කරැණු ස්වල්පය ඔබට වැදගත් වේවි. දිර්ඝ විම මත ලිපිය කොටස් දෙකකික් ඉදිරිපත් කරනා අතර, දෙවන ලිපියේ කරැණු පළමු ලිපියෙන් ලබනා දැනුමත් සමඟ ගලපා තේරැමි ගතයුතුය.

බුද්ධ රශ්මියට වසරයි!

ඊට මත්තෙන් මේම වෙබි අඩවිය පිළිබඳවත් යමි සටහනක් තැබිමට දැන් සුදුසු කාලය එලඹ ඇතැයි සිතමු. මෙම වෙබි අඩවියේ තේමාව ලෙස "සබිබ දානං ජිනාති ධම්ම දානෝ" යනුවෙන් සදහන් තබා ඇතත්,  සැබවින්ම මෙහි නිවැරදි තේමාව ශ්‍රද්දාවෙන්  ප්‍රඥාවට යන්නයැයි කිවහොත නිවැරදි වනු ඇත. මෙම අඩවිය හොදින් නිරීක්ෂනය කරන්නෙකුට තොරා බේරා ඉදිරිපත්  කරණු ලබන සුත්‍ර දේශනා දෙස විමසිලි මත් ලෙස බලන්නෙකුට ඉතාමත් පැහැදිලි ලෙස එකී කරැණ ඒත්තු යනවා ඇති. සැබවින්ම මෙහි සාකඡ්චා කර ඇති ධර්ම කරැණු පවා පුද්ගලයා තුල ශ්‍රද්ධාව වර්ධනයට උපකාරී වන්නාවු ධර්ම කොටස් බව සුපරික්ෂාකාරී වන්නෙකුට පෙනී යනු ඇත.  මෙහි සෑම ලිපියක්ම සකස් කර ඇත්තේ කියවිමට රැචි මැයක් තුලින් නොදැනුවත්වම කියවන්නා තුල නිවන් මඟ පිරිමට අවශ්‍ය මහා බලයක් හා ශක්තිමත් ඉන්ද්‍රිය ධර්මයක් ගොඩ නැගෙනා අයුරෙන්. ඒ තමයි ශ්‍රද්ධාව.

මෙහි ලිපි කියවිමෙන් පෙර කී දෙයිහි ඇති සත්‍යතාව ඔබම අත්දකින්න. උපුටාගැනිමි ඇතිවිට, උපුටාගන්නා ලද ස්ථානයන් හැකි පමණ සඳහන් කිරිමට යෙදුනෙමු. මේ අතර රේරැකනේ චන්දිවිමල හිමියන්ගේ පොත්පන්තිය ප්‍රමුඛයි. විශුද්ධිමාර්ගය, ප්‍රේතවස්තුව, විමානවස්තුව, බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව, බෞද්ධ සන්ස්කෘතික මධ්‍යස්ථානයේ සුත්‍රපිටකය, අටුවා පොත් වහන්සේලා සේම බහුලව භාවිතා කර ඇති මෙත්තානෙටිහි ත්‍රිපිටකයත් මෙහිදි සඳහන් නොකරම බැරිය. මිට අමතරව පොත් වශයෙන් තවත් බොහෝ පොත් පත් හා අප ගුරැ උත්තමයාණන් වහන්සේ වන සර්ව පුජිත, කරැණා නිධානයක් බදුවු  දංකන්දේ ධමිමරත්න ස්වාමින්වහන්සේගේ දේශනයන්ගෙන් උකහාගන්නා ලද කරැණුද ශ්‍රද්ධාව සමිබන්ධයෙන් සුදුසු පමණට දක්වා ඇත. 

පිදුම
මෙයින් රැස්වන සකල කුසල ශක්තිය දංකන්දේ ධමිමරත්න ස්වාමින්වහන්සේගේ අයහපත් සෞඛය තත්වය දුරැවී නිදුක් නිරෝගී බැවි වහ වහා ලැබිමට හේතුවක්ම වේවා!! මාගේ ගුරැ මෑනිවරැන් වන කරැණා සාගර පරායන උඩුගම ථේරිකා තෙරණියට හා අත්තනායක මෑනියන්ට ඔවුන්ගේ ශාසනික සේවාව වඩ වඩාත් ‍දියුණුව සිදුකිරිමට හා නිදුක් නිරෝගි බැවි ලැබිමට මෙහි රැස්වන කුසල ශක්තිය හේතුවක්ම වේවා!! එසේම මෙහි ඩොමේනයට දායකත්වය ලබා දුන් ජයනාථ හෙටිටිආරචිගේ මහතාට හා මා වැඩු මවි පියන්ට හා ඔබ සැමටත් මෙහි රැස්වන සකල කුසල ශක්තිය වහ වහා නිර්වාණාවබෝධයට හේතුවක්ම වේවා!! යැයි පතමින් මාතෘකාව වෙත යොමුවිමටයි සුදානම.

මුලින්ම දත යුතු කරැණු
මේ සඳහා මුලින්ම දැනගතු යුතු කරැණු කිහිපයක් තිබෙනවා. කුමන පුජාවක් වුවත් මහත් ඵල මහානි සංශක වන අයුරෙන් සිදු කිරිමට ඒ කරැණු ඔබට උපකාරි වෙයි. ඒ සඳහා පින්කරන ඔබ ගැනත් මම ගැනත් මුලින්ම දැනගෙන සිටිම වැදගත්. කවුද මේ ඔබ? එසේත් නැත්නමි කවුද මේ මම කියන්නේ?

කවුද මේ මම කියන්නේ?

"මම" කවුද මේ මම කියන්නේ? මම කෑම කමි. මම පාඩමි කරමි. යනාදි වශයෙන් කුඩා කල සිංහල පාඩමි ඉගෙනගත්තා ඔබට මතක ඇති. මදකට සෙල්ලමි කරනා කුඩා දරැවෙක් සිහියට නගාගන්න. ඒ දරැවා තුල මගේ සෙල්ලමි බඩුය යන හැගිම ඇති බව ඔබ බොහෝ විට අත්දැකිමෙන් දන්නවා ඇති. මේ "මම" වයසින් වැඩෙන විට, මගේ යන සංකල්පය බොහෝ පුළුල් වෙනවා. මගේ දෙමාපියෝ, මගේ නිවස, මගේ අධ්‍යාපනය, මගේ වාහනය, මගේ ලොකය, මගේ ජිවිතය යනාදි වශයෙන් මගේ දේවල් වැඩි කර ගන්නට අප උත්සාහ දරන ආකාරය මදකට සිහිකර ගැනිමට ඔබට අපහසුවක් නොවනු ඇත. පසුව මගේ වාහනය කැඩුනා, මගේ මව පියා මිය පරළොව ගියා, මගේ ලොව විනාශ වුනා, මගේ අධ්‍යාපනය අඩාල වුනා යනාදි වශයෙන් දුක්වීමි ඇති වන ආකාරයත්, තවත් අවස්ථාවන් හිදි මගේ යැයි කියන්නාවු ඒ දේවල් වලින් සතුට, විනොදය, තෘප්තිය ආදිය ඇති කරනා අකාරයත් මදකට දැකිම මෙම ලිපියට ප්‍රවිශ්ඨයක් වශයෙන් බොහොම වැදගත් වෙයි. මේ කිවිවේ මම ගැන අපි දන්නා දෙයි.

වැදගත්ම දේ වන්නේ එය නොවෙයි මේ පිළිබඳව අත්දැකිමක් ලබන්න නමි ඔබට යමි දුකක් ඇතිවි එය වෙනත් අයෙකුට කියු අවස්ථාවක් සිහිකර ගන්නට සිදු වෙනවා. බොහෝ විට එබදු අවස්ථාවක ඔබට ලැබුණු පිළිතුර"ගනන් ගන්න එපා ජීවිතේ හැටි එහෙම තමයි දුකයි සැපයි දෙකම තියෙනවා" බොහෝ දුරට මෙම කියමනට සමාණ ඇති. එයත් සිහියේ තබාගෙන ඉදිරියට යමු. 

අහල පහල මලගෙයක්

දැන් සුදානමි වන්නේ අපේ අහල පහල, නැතහොත් අපේ ඥාතියෙකුගේ සිදුවු මරනයක් සිහියට නගා ගැනිමටයි. ඔබ කෙදිනක හෝ මරණයක්, මලමිනියක් දැක නැතුවාය යන්න විය නොහැක්කක් යැයි සිතමි. ඉදින් ඒ මෘතශරිරය දෙස මදවෙලාවක් බලා සිට ඔබ ආචාර කල අවස්ථාවක් සිහිකර ගන්නට ඔබට දැන් පුළුවන ඇති. මේ පෙටිටයක් තුල බහා ඇති මල මිනිය දැනට දිනකට හෝ දෙකකට මත්තෙන්, මං වගේම කතා කලා. මං වගේම ඇවිද්දා, මං වගේම සැපදුක් වින්දා මං වගේම මගේ යැයි ඔහු සිතු දේවල් සමඟ වාසය කලා. නමුත්, අද මේ තැනැත්තා කතා කරන්නෙත් නෑ. ඇවිදින්නෙත් නෑ සිනාසෙන්නෙත් නෑ. අඩුම තරමේ චලනය වෙන්නෙවත් නෑ. මිනිස්සු හැමෝම මේකට මරණය යැයි කියන නිසා අපිත් මේ පුද්ගලයා මැරිලාය යැයි කියලා අපේ අවසන් ගෞරවය පුද දෙන්නයි මේ පැමින සිටින්නේ.

නිවැරදිම ගැටළුව
දැන් මෙතන තියෙන ගැටළුව වන්නේ එක නෙමෙයි. ඇයි මැරැනාහම මේ මනුස්සයාට කලින් මෙන් කතා කරන්න, ඇවිදින්න, හිනාවෙන්න ආදි ක්‍රියා කරනනට බැරි? ඒක තමයි නිවැරදිම ගැටළුව.

සරලම පිළිතුර.
එහෙනමි ඒ නිවැරදිම ගැටළුවට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමයි මේ දැන් මළමිනියක් කියලා කියන දෙයි, මින් පෙර ඇවිදිමට කතා කිරිමට ආදි ක්‍රියා කිරිමට හේතු වූ යමි අන් දෙයක් තවදුරටත් නොපැවතීම. යන්න.

මම?
මේ අන් දෙය ලොව පිළිබඳව නිසි අව‍බෝධයක් නැති වූ මිත්‍යාදෘෂ්ඨිකයන් "ආත්ම" යනුවෙන් පනවන ලදි. ආත්ම යනු සැමදා නොවෙනස්ව පවතින දෙයක් වන අතර, බුදු දහම අනාත්ම ලක්ෂනය ගෙන පෙන්වන දර්ශනයක්. ඉදින් සත්‍යය වන්නේද එයයි. දැන් අපිට සරළව තේරැමි ගන්න පුළුවන් මේ මේතරමි කල් මම කිය කයා හිටපු "මම" තනියම මමෙක් නොවෙයි  දෙකක් කියලා. ඇයි දැන් අපි ඉහතින් තේරැමි ගත්තේ පෙටිටියේ තිබුණ මළ මිනියයි ඉවත්වෙලා ගිය යමිකිසි දෙයකුයි කියන දෙකට තමයි මේ "මම " කියන්නේ. එතකොට මම කියන්නේ එක්කෙනෙක් නෙවෙයි නේද? දෙන්නෙක්

බුදු දහමේ ඉහත අපි සරලව තේරැමි ගත් දෙය පහදා දෙනුයේ නාම-රෑප ඇසුරෙන්. පංචස්කන්ධය කියන්නෙත් මේ නාම රෑප වලටම තමයි. මෙයින් රෑපය තමයි අර පෙටිටියේ තියලා මිහිදන් කරන්නේ එහෙමත් නැත්තමි ආදහනය කරන්නේ නාමය අපිට එහෙම භෞතිකව පෙනෙනේනේ නෑ. නමුත් නමි වශයෙන් අපිට දත හැකි බැවින් නාම වශයෙන් හදුන්වනවා. දැන් සුදානමි වන්නේ පංචස්කන්ධය පිළිබඳව බොහොම පොඩි නමුත් වැදගත් අවබෝධයක් ලබන්නටයි. මෙම කොටස උපුටා දක්වනුයේ  දංකන්දේ ධමිමරත්න ස්වාමින් වහන්සේගේ සංස්කාර හැර කවර මමෙක්ද නමි ග්‍රන්තයේ ප්‍රස්ථාවනාවේ සදහන් ලුහුඩු විස්තරයෙනි.

පංචස්කන්ධය

රූපස්කන්‍ධය : ශරීරය යි. එය සැදී ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ යන මූල ධාතු හතරෙනි. මෙම මූල ධාතු කොටස් ගිණිය නො හැකි ප‍්‍රමාණයක් ඇති බැවින් රූපස්කන්‍ධය යැයි ව්‍යවහාර කෙරේ. මෙම ශරීරය පිළිකුල් සහගත කුණප කොටස් 32කින් සැදී ඇත. ඒ බැවින් එය පිළිකුල් ය. ආහාර ආදී හේතු මත රඳා පවත්නා ශරීරය නිරන්තරයෙන් වෙනස් වෙමින් අනිත්‍යයට පත් වේ. එසේ අනිත්‍යයට යාම නිසා එය විවිධ වෙනස් ස්වරූප වලට පරිවර්තනය වේ. කුඩා කල සිට මේ දක්වා මේ රූපය කොයිතරම් වෙනස් ස්වරූපයන්ට පත් වී ඇත්දැයි සිතා බලන්න. මෙම රූපය තුළින් නිරන්තරයෙන්ම පාහේ නොයෙක් දුක් ලබා දෙන බැවින් එය දුකකි. තමාට අවශ්‍ය පරිදි නො පවතින, ආහාර ආදී හේතු මත රඳා පවතින බැවින්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයක් නො වේ, අනාත්මය ය.

වේදනාස්කන්‍ධය: කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ දැනෙනා
සැප-දුක්-මැදහත්  යන වේදනාත‍්‍රයම වේදනාස්කන්‍ධය ලෙසින් හැඳින් වේ. කායික වේදනාවන් දැනෙන්නේ ද සිතට ය. ඇසට රූපයක් පෙනුනාට පසුව මේ වේදනා තුනෙන් කවරක් හෝ ඇතිවිය හැකි ය. එසේම කණට ශබ්දයක් ඇසුනාට පසුව, නාසයට ගඳ සුවඳක් දැනුනාට පසුව, දිවට රසයක් ගෑවුනාට පසුව, කයට ස්පර්ශයක් දැනුනාට පසුව, මනසට විවිධ අරමුණු හමුවුනාට පසුව මෙම සැප දුක් මැදහත් යන කවර වේදනාවක් හෝ ජනිත වේ. උපන් දින සිට අද දක්වා ගණනය කළ නො හැකි ප‍්‍රමාණයක් ඇති වී නැති වී ගිය වේදනාවන්ගෙන් අද ඉතිරි වී ඇති කිසිවක් නැත. වේදනාව ඇති වූ හේතු නිරුද්ධ වූ විගසම, වේදනාව ද නිරුද්ධ වේ. එබැවින් වේදනාව අනිත්‍යය ය. දුක් ය, අනාත්මය ය. ඇති කර ගැනීමට මහත් උත්සාහයක් ගත යුතු බැවිනුත්, සුඛ වේදනාවට ආශා කිරීම නිසා නැවත නැවත සසරේ ඉපැදෙමින් සසර දුක් විඳීමට සිදුවන බැවිනුත් සුඛ වේදනාව පවා දුකක් ලෙස දත යුතු ය. තමාගේ කැමැත්තට අනුව ඇති නො වන. නැති නොවන, හේතු මත ඇති වන නැති වන වේදනාව අනාත්මය ය.

සංඥාස්කන්‍ධය: සංඥාව යනු හඳුනා ගැනීම ය. ඇසට පෙනෙන රූප, කණට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට හමුවන විවිධ අරමුණු විවිධාකාර ලෙසින් අපි හඳුනා ගනිමු. මේ හඳුනා ගැනීම් අසංඛ්‍ය ගණන් ඇතිවන බැවින් එය සංඥාස්කන්ධයක් ලෙසින් හැඳින් වේ. සංඥාව ද අනිත්‍යය ය, දුක් ය, අනාත්මය ය,

සංස්කාරස්කන්‍ධය: පංචස්කන්‍ධ විස්තරයේ දැක්වෙන සංස්කාර යනු සිතුවිලි ය. රූප පිළිබඳ සිතුවිලි, ශබ්ද පිළිබඳ සිතුවිලි, ගන්‍ධ පිළිබඳ සිතුවිලි, රස පිළිබඳ සිතුවිලි, කායික ස්පර්ශිත දේ පිළිබඳ සිතුවිලි හා සිතට දැනෙන අරමුණු පිළිබඳ සිතුවිලි වශයෙන් මෙහි කොටස් 6ක් ඇත. මෙම සිතුවිලි අසීමිත ගණන් ඇති වන බැවින් සංස්කාරස්කන්‍ධය ලෙසින් එය හැඳින්වේ. සංස්කාර ද අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, මම නො වන, මගේ නො වන දේවල් ලෙසින් දත යුතුය.

විඥානස්කන්‍ධය: විඥානය යනු දැනීම ය. ඇසට රූපයක් පෙනුනාට පසුව, ඒ පිළිබඳව දැනීමක් ඇති වේ. මෙලෙසින්ම කණට ශබ්දයක් ඇසුනාට පසුව, නාසයට ගඳ සුවඳක් දැනුනාට පසුව, දිවට රසයක් ගෑවුනාට පසුව, කයට යමක් ස්පර්ශ වුනාට පසුව හා මනසට විවිධ අරමුණු හමු වුනාට පසුව විඥාන පහළ වේ. මේවා පිළිවෙලින් චක්ඛු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජිව්හා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන ලෙසින් හැඳින්වෙන අතර, එවැනි විඥාන අනන්ත ප‍්‍රමාණයක් උපදින බැවින් විඥාන ස්කන්‍ධය යැයි ඊට කියනු ලැබේ. විඥානය ද අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ කර ගත යුතු වේ.

හොදයි දැන් පංචස්කන්ධයම පිළිබඳව යමි අවබෝධයක් තිබෙනා නිසා. මේ කියන්නට යන කරැණු තෙරැමි ගැණිම එතරමි අපහසු නොවනු ඇත. මේ අනුව බලන විට  මම යැයි අයෙකුගේ පැවැත්මක්, සත්ත්වයෙකු හෝ පුද්ගලයෙකු පරමාර්ථ වශයෙන් නොලැබෙන බවත්, අවිද්‍යා, තෘශ්ණා, කර්ම නිසා පවත්නා ඉහත පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් පමණක් ඇති බවත් ඔබට පැහැදිලි ඇති. අවම වශයෙන් මම කියන්නේ මේ අර කලින් කියපු පෙටිටියේ දාලා මිහිදන් කරපු රැපස්කන්ධයයි,  ශරිරයෙන් ඉවත්වෙලාගිය දේ වන වේදනා, සංඥා,  විඥාන,  සංඛාර කියන මේ නාමස්ඛන්ධ 04 ඇතුළු පංචස්කන්ධයට බැවි හෝ තේරැමි යන්නට ඇති. මේ ගාමිභිර ධර්ම කරැණු ස්වල්පය ඔබට කියා සිටියේ යමි ගැටළුවකට පිළිතුරැ ලබා දීම පිණිසයි. එම ගැටළුව ඊලඟ ලිපියෙන්.

4 අදහස් හා විමසීමි:

Anonymous said...

Bohoma hoda adarsawath bana tikak.Oba whanseta godak pin jivithaya mamathwa therum kara dima gana.Sadu Sadu.

MindSpring said...

තෙරුවන් සරණයි!!!

නුදුරේදී උදාවන බුද්ධරශ්මියේ දෙවන වර්ශ පූර්ණයට ඉතාම ගෞරවයෙන් සහ අසීමිත සතුටකින් යුක්තව සුභාශිOශන පිරිනමමි.

හසරක් නොදත් මා වැන්නවුන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තව තවත් නිර්මල බුද්ධ වචනය තුල ස්ථාවර කරන්නට බුද්ධරශ්මියට ශක්තිය ධෙයිර්යය ලැබේවා!!!

ඔබ වන් පිO ඇති පුතෙකු මෙලොවට බිහි කිරීමට ඔබේ හට මග පෙන්වූ ඔබෙ ගුරු දේවයානන් වහන්සේගේ දහම් පොත පත (මෘදු පිටපත් /දෘඩ පිටපත්) ලබා ගැනීමට හැකි ආකාරයක් දක්වන්නේ නම් මැනවි.

ඔබටත්, දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් වහ වහාම අමා මහ නිවන සාක්ශාත් වේවා!!!

Madhu said...

mage nodenuwath kama gena anukampa karathwa.. "mama","mage" kiyala deyak nomethi nam kalpa ganan bawayen bawayata karma ekres karagena gaman karanne kumakdei pehadili kara denna puluwanda?
bohoma watina page1k,pin sidu wewe!

Thanuja Jayasundara said...

තෙරුවන් සරණයි! මධු.....
අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙළ කියවන්න... එහි ඔබේ ගැටළුවට පිළිතුර ඇත.
තෙරුවන් සරණයි.

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...