Printfriendly

8 අදහස් හා විමසීමි

භාවනා 07 කොටස පිළිකුල් භාවනාව

පිළිකුල් භාවනා කමටහන/කායගතාසතිය/අසුභය
 පින්වත් මිතුරනේ අද ‍ඉදිරිපත් කරන්නේ මෙම ලිපි පෙළේ අවසන් ලිපියයි. ඒ පිළිකුල් භාවනාව ගැන. මෙහි ඇති විඩියෝ දර්ශනයන්හි නැරඹිමට තරමක් අපහසු දර්ශන ඇති බැවින්. ඒ පිළිබඳව සිතා බලා නරඹන්නෝ නරඹත්වා. අප බුදු සසුන තුල වැඩිම පිරිසක් අරහත්වයට පත්ව ඇත්තේ මෙම කායගතාසති කමටහන භාවිතා කිරිම මගිනි. කේස්, ලොමි, නිය ආදි ශරිර කොටිටාශ පිළිබදව වන්නාවු භාවනාව කායගතා සිතියයි. කයගතාසතිය වඩනා ආකාරය පහතින් දක්වන ඊ පොත් පරිශිලනය කිරිම මගින් ඔබට උගත හැකිවු ඇත. මෙහි දී මෙම භාවනා කමටහන වැඩිමට උපකාරි වන්නාවු ප්‍රතිකූල කොටස් වල රෑප එකතුවක් හා පුර්ව කෘත්‍ය සදහා ප්‍රතිකූල භාවනාව වඩනා ආකාරය දක්වනු ලැබෙ. 

පින්තූර මත එබිමෙන් විශාල කරගත හැක.










 පුර්ව කෘත්‍ය සඳහා සංශේප භාවනා වාක්‍ය.
"අත්ථි ඉමස්මිං කායේ කේසා, 
"අත්ථි ඉමස්මිං කායේ, ලෝමා, 
"අත්ථි ඉමස්මිං කායේ‍
"අත්ථි ඉමස්මිං කායේ  නඛා,
"අත්ථි ඉමස්මිං කායේ දන්තා, 
"අත්ථි ඉමස්මිං කායේ තචෝ, 
"අත්ථි ඉමස්මිං කායේ මසං,
"අත්ථි ඉමස්මිං කායේ නහාරු, 
"අත්ථි ඉමස්මිං කායේ අට්ඨි,
"අත්ථි ඉමස්මිං කායේ අට්ඨිමිඤ්ජා, 
"අත්ථි ඉමස්මිං කායේ වක්කං, 
"අත්ථි ඉමස්මිං කායේ හදයං, 
"අත්ථි ඉමස්මිං කායේ යකනං,
"අත්ථි ඉමස්මිං කායේ  කිලෝමකං, 
"අත්ථි ඉමස්මිං කායේ පිහකං, 
"අත්ථි ඉමස්මිං කායේ පප්ඵාසං, 
"අත්ථි ඉමස්මිං කායේ අන්තං,
"අත්ථි ඉමස්මිං කායේ  අන්තගුණං, 
"අත්ථි ඉමස්මිං කායේ උදරියං, 
"අත්ථි ඉමස්මිං කායේ කරීසං, 
"අත්ථි ඉමස්මිං කායේ මත්ථලූඕගං, ‍
"අත්ථි ඉමස්මිං කායේ පිත්තං, ‍
"අත්ථි ඉමස්මිං කායේ සෙම්හං,
"අත්ථි ඉමස්මිං කායේ  පුබ්බෝ, 
"අත්ථි ඉමස්මිං කායේ ලෝහිතං,  
"අත්ථි ඉමස්මිං කායේ සේදෝ, 
"අත්ථි ඉමස්මිං කායේ මේදෝ, 
"අත්ථි ඉමස්මිං කායේ අස්සු, 
"අත්ථි ඉමස්මිං කායේ වසා,
"අත්ථි ඉමස්මිං කායේ ඛේලෝ, 
"අත්ථි ඉමස්මිං කායේ ලසිකා, 
"අත්ථි ඉමස්මිං කායේ සිංඝාණිකා,
"අත්ථි ඉමස්මිං කායේ මුත්තං.


Asuba_Bhawanawa
භාවනාව වඩනා ආකාරය පිළිබද දැන ගැනිමට, මෙම දේශනය බාගතකරගෙන එයට සවන් දෙන්න.

පහතින් බාගත කර ගන්න
දේශකයානෝ දංකන්දේ ධමිමරතන ස්වාමින් වහන්සේ


අසුභය වැඩිමට,





මෙම ලිපි පෙලේ සදහන් කරැණු ඔබට වැදගත් වන්නට ඇතැයි මම සිතමි. අප ගෞතම බුදු පියාණන් වහන්සේගේ සාසනය තුල මේ භවයේදීම පිළිවෙත් පුරා නිවන සාක්ෂාත් කිරිමට ඔබ සමත් නොවුවහොත්. මේ භවයේ කරනු ලබන භාවනාව මතු භවයක නිර්වාණයට ඔබට පාරමිතාව වනු ඇත. මායාවක් වු මේ පංචස්කන්ධයේ නිවැරදි ස්වභාවය අවබෝධ කර. ඒ රහතුන් වහන්සේලා නිවි සැනසුනාවු අජරාමර නිර්වාණයට පැමිණිමට ඔබටත් මටත් හේතු වාසනා වේවා.මෙම ලිපි පෙලේ මුලික ලිපි පෙළ අදින් අවසන් කරණු ලැබේ. ඒ ඉදිරියේ දී ආනාපාන කමටහන හා චතුධාතුව්‍යවස්ථානය පිළිබඳ කරැණු ඉදිරිපත් කිරිමේ බලාපොරොත්තුව සහිතවයි. මෙහි මුල් ලිපි පෙළ පළ කරනා විට මා  නේවාසික භාවනා වැඩසටහනක නිරතව සිටි බැවින් කළට වෙලාවට මෙම ළිපි පෙළ පල කල මාගේ මිත්‍ර ප්‍රසන්න ජයනාථ මහතාටද අජරාමර වු නිර්වාණයම ප්‍රාර්ථනා කරමි.

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධො මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං ධමිමෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං .

බුදුන් දහමි සඝුන් හැර අන් සරණක් නමි කොයින්ද? 
Read More...
1 අදහස් හා විමසීමි

මරණානුස්සති කමටහන 06 කොටස

මරණානුස්සති කමටහන
භාවනා අතරින් හුගාක් හොදින් වඩන්න පුළුවන් භාවනාවක් විදියට මරණාන්සුසති භාවනා කමටහන හදුන්වා දෙන්න පුළුවන් නමුත් විශුද්ධිමාර්ගය වැනි ග්‍රන්ත වල ඇති මරනානුස්සති කමටහන වඩනා ආකාරයට වඩා තිවෘර ලෙස මරණානුස්සතිය වැඩිය හැක. මෙ පිළිබදව හොදම ව්ස්තරයක් දංකන්දේ ධමිමරතන ස්වාමින්වහන්සේගේ නිවන ඔබ ලගමය යන ග්‍රන්තයේ 26 වන පිටුවෙ සිට 34 වන පිටුව දක්වා විස්තර කර ඇත. ඒ ග්‍රන්තය පහලින් කියවන්න.
85D38A54d01
 

පුර්වකෘත්‍ය සදහා මරණානුස්සති භාවනා වාක්‍ය
මාගේ ජිවිතය අනියතය, මරණය නියතය. මාගේ ජිවිතය මරණයෙන් කෙලවරවන්නේය. මාගේ ජිවිතයද මරණයෙන් කෙලවර වන්නේය. සත්තවයා මරණය රැගෙනම උපදින්නේය. මරණය ගෙන උපන් සත්ත්වයෝ උදාවු තැන පටන් මොහොතකදු නොනැවතී අස්ථානය කරා ගමන් ගන්නා හිරැ උපන්තැන් පටන් මරණය කරා ගමන් කරන්නාහ. මමද මරණය ගෙන උපන්නෙමි. ඒ මමද දිවා රාත්‍රී දෙකෙහිම මොහොතකදු නොනැවති මරණය කරා ගමන් කරමි. මහා සමිපත් ඇතිව සි‍ටි රජදරැවෝද,මහා පිනැතියොද, මහා නුවනැති ප්‍රාඤයෝද, මාගේ සමිමා සමිබුදුරජානන්වහන්සේද මරණයෙන්ම කෙලවර වන ලදි. මාගේ හිතමිත්‍රාදින්ද, ඥාතින්ද, දෙමාපියන් ප්‍රියයන් හා සියළු දෙනාම මරණයෙන් කෙලවර වන්නේය. එසේ හෙයින් මා වැනියවුන් කෙසේ නමි මරණයෙන් ගැලවෙමිද? මමද ඒකාන්තයෙන්ම මරණයට පැමිනෙමි.

මෙ භාවනා වාක්‍ය රේරැකානේ චන්දිවිමල ස්වාමින්වහන්සේගේ පොහොය දිනය නමි ග්‍රන්යේ 110 පිටෙහි ඇති අතර 
(දංකන්දේ ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වනු ලබන භාවනා පන්තියක උගන්වන භාවනා  වාක්‍යකින් කොටස් යොදා සංශෝධනය කර ඇත) විශුද්ධි මාර්ගයේද මෙවැනි වාක්‍ය ගනනාවක් දක්වා ඇත.

කෙනෙකුට මෙම භාවනා වාක්‍ය මෙ‍නෙහිකිරිමෙන් අනතුරැව පහත පරිදි භාවනා කල හැක්කේ නමි එය ඉතා හොදය. (දංකන්දේ ධමිමරතන ස්වාමින්වහන්සේගේ නිවන ඔබ ලගමය යන ග්‍රන්තයේ 32 වන පිටුවෙ සිට 33 වන පිටුව දක්වා කොටසින් උපුටන ලද්දකි.)

මේ භාවනා ක‍්‍රමය කරනවිට සමාධිය අපගේ සිත තුළ ටිකක් හෝ වැඩිවෙනවා. ටිකක් හරි දියුණු කෙනෙක් ඉන්නවනම් මේ විදිහට භාවනා කරන්න. මරණයට පත්වුණාම මළමිනියට මොකද වෙන්නෙ. දැන් අපි කවලා පොවලා විවිධ ඇඳුම් මෝස්තර ඔක්කොම දාලා මේ පවත්වාගෙන යනවා. මැරුණාට පස්සේ මළකුණක් වෙලා පැත්තකට වීසි කරනවානේ.වීසිකරලා පොළව අස්සේ වළලනවනෙ. නැත්නම් ගින්දරට දාලා පුච්චනවනෙ,නිකං හිතල බලන්න මේ මං මෙච්චර ආශා කරන මගේ ඇඟ ඔසවගෙන ගිහිල්ලා පොළව අස්සේ දාලා පස්දාලා වහනවා, නැත්නම් ගින්දරට දාලා පුච්චලා අළු කරනවා. එතකොට මේ ඇඟ කෙරෙහි එන හැඟීම තමන්ට තේරෙයි. මං කියන්නට  ඕන නෑ මොකද මේ වෙන්නෙ කියලා. එතකොට මැරුණට පස්සෙ අපි හිතමු වැළලූවයි කියලා. මේක හොඳට කරන්න. ටිකක් සමාධි දියුණු අයට උසස් සමාධියක් ලබන්නට පුළුවන්.මෙහිදී අපගේ ඇඟ ඉදිමෙනවා, නිල්වෙනවා, ඕජස් ගලනවා, පණුවො ගහනවා. දැන් ඉතින් ඒවා බලනවා, ඊට පස්සෙ ඔන්න මේක පුපුරනවා, පුපුරන්නට පටන් ගත්තහම මේකෙ ඇතුළෙ තියෙන හුලං, බැලූමක් පුපුරපු ගමන් බැලූම ඇතුළෙ තියන හුළඟ බාහිර වායෝ ධාතුවට එකතුවනවා වගේ මේ ඇතුළෙ තියන හුළඟ ඔක්කොම බාහිර හුළඟට ගියා. මේකෙ තියෙන වතුර ඔක්කොම උරාගන්නවා පොළොවට. නැත්නම් පංගුවක් වාෂ්ප වෙලා, වාෂ්පවෙලා යනවා. පොළොවට උරාගත්තු වතුරත් වාෂ්ප වෙලා ඝනීභවනය වෙලා වැස්ස බවට පත්වෙලා නැවත වතුර බවට පරිවර්තනය වෙනවා. අහසට වාෂ්පවෙලා ගිය වතුරත් නැවත වතුර බවටම පත්වෙනවා. මේ ඇෙඟ් වතුර කොටස බාහිර වතුර කොටසටම පරිවර්තනය කරලා අපි ආපසු භාරදෙනවා. ඊළඟට මේ ඇඟ දැන් පස්වෙවී පස්වෙවී යනවා. ඔන්න කුණුවී කුණුවී ගිහිල්ලා වතුර කොටස් පොළොවට
උරාගෙන ගිහිල්ලා දැන් මස් දියවෙලා ඇටකටු ටික විතරක් ඉතුරු වෙනවා. මේ ඇටකටු වලට මොකද වෙන්නෙ, ඒකත් පස්වෙවී පස්වෙවී පස්වෙවී යනවා. පොළොවට පස්වෙනවා, පඨවි ධාතුව, පඨවි ධාතුවට පරිවර්තනය වෙනවා . මෙහිදී මොනවද ඉතුරු වෙන්නෙ කියලා බැලූවොත් මුළු ඇඟම පඨවී ධාතුවට පරිවර්තනයවී යාම දැක්කොත් එහෙම, හිත අහසේ පාවී පාවී තියෙනවා වගේ තත්වයකට පත්වෙනවා.රූප මොකක්වත් තේරෙන්නේ නෑ. ශුන්‍යතාවයක්, නොගැඹුරු ශුන්‍යතාවයක්. සමාධියක් හිතතුළ ඇතිවන්නෙ ඒ විධිහට.


ඊලග ලිපියෙන් අසුභ භාවනාව
Read More...
6 අදහස් හා විමසීමි

මෛත්‍රී භාවනාව 05 කොටස

මිතුරනේ මෙම ළිපියෙන් කරැණු ඉදිරිපත් කරණුයේ මෛත්‍රි භාවනාව පිළිබඳවයි. මෛත්‍රි භාවනාව සමිබන්ධයෙන් දැනට සොයාගන්නට  ලැබුණු හොදම ග්‍රන්තය සමිපාදනය කර ඇත්තේ දංකන්දේ ධමිමරතන ස්වාමින් වහන්සේ විසින් වන බැවින්, මෙහි අන් ග්‍රන්ත්‍රයන් හුවා දැක්විම මා කරන්නේ නැත. 

පහත දක්වනු ලබනුයේ උන්වහන්සේගේ මෙත් සිතින් නිවන් දකිමු නමි ග්‍රන්තයේ උපුටාගනු ලැබුවාවු කොටස් කිහිපයක් පමණි. ග්‍රන්තය පහලින් කියවාගැනිමට හා බාගත කරගැනිමට හැක.නියත වශයෙන්ම එකි ග්‍රන්තයේ සදහන් පරිදි පිළිපැදිමෙන් ඔබට උසස් දියුණුවක් ලද හැකි බැවින් මෛත්‍රි භාවනාව කිරිමට කැමැත්ත ඇත්තෝ මෙම ග්‍රන්තය ආදරයෙන් පරිශිලනය කර ඒ අනුව පිළිපදිත්වා.



මෙතනින් කියවන්න
Meth Sithin Nivan Dakimu

සම්ප‍්‍රදායික වශයෙන් මෛත‍්‍රි භාවනාව ප‍්‍රගුණ කරනු ලබන්නේ
මෙලෙසිනි :(පුර්ව කෘත්‍ය සදහා)

  • මම නිදුක් වේම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා 
  • මා සේ ම මගේ හිතවත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 
  • මා සේ මගේ මැදහත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 
  • මා සේ මගේ වෛරී සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා 
  • සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා  කියා සිහිපත් කරන්න.

ඊට පසුව
  • උතුරු දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • දකුණු දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • බටහිර දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • නැගෙනහිර දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • අනු දිසාවන්හි සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • උඩ දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • යට දිසාවේ සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා
  • සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා

ඊට පසුව
  • සියළු මනුෂ්‍යයෝ සුවපත් වෙත්වා
  • සියළු තිරිසන් සත්වයෝ සුවපත් වෙත්වා
  • සියළු අමනුෂ්‍යයෝ සුවපත් වෙත්වා
  • සියළු දෙවිවරු සුවපත් වෙත්වා
  • සියළු බ‍්‍රහ්මයෝ සුවපත් වෙත්වා
  • සියළු අපායික සත්වයෝ සුවපත් වෙත්වා
  • සියළු සත්වයෝ සුවපත් වෙත්වා - කියා නැවත නැවත කිහිප වරක් සිතන්න.

මෛත්‍රි භාවනාව වැඩිමෙ ආනිසං

යෝච අන්තමසෝ ගන්ධූහනමත්තම්පි මෙත්තං චිත්තං
භාවෙය්‍ය, ඉදං තතෝ මහප්ඵලතරං
(අංගුත්තර නවක - වේලාම සූත‍්‍රය)

අප බෝසත් වේලාම බ‍්‍රාහ්මණයා විසින් රන්-රිදී-අමුරන් පුරවන ලද රනින්-රිදියෙන් හා අමුරනින් නිම කළ පාත‍්‍ර 84000 බැගින් දන් දිණි. මෙලෙසම එකිනෙකක් 84000 බැගින් ඇතුන්, රිය,පලස්, බුමුතුරුණු ආදිය ද දන් දෙන ලදී. වස්ත‍්‍ර කෝටි 84000 ක් දන් දිණි. ගඟක් ගලන්නා සේ ආහාර පාන දන් දිණි. මේ සියළු දාන දීමෙන් ලැබෙන විපාක ශක්තියට වඩා වැඩි පිනක් සෝවාන් වූ එක් කෙනකුට ආහාර වේලක් දන් දීමෙන් ලැබේ. සෝවාන් වූ 100 කුට දෙන දානයට වඩා සකදාගාමී වූ එක් අයකුට දෙන දානය මහත්ඵල ය. සෝවාන් 100 කටත්,සකෘදාගාමී 100 කටත් දෙන දානයට වඩා වැඩි පිනක් එක් අනාගාමී කෙනකුට දීමෙන් ලැබේ. සෝවාන් 100 කටත්,සකෘදාගාමී 100 කටත්, අනාගාමී 100 කටත් දෙන ලද දානයට වැඩි පුණ්‍ය ශක්තියක් රහත් වූ එක් අයකුට දීම තුළින් අත් වේ.සෝවාන්-සකදාගාමී-අනාගාමී-අරහත් 100  දෙනා බැගින් 400 කට දෙන ලද දානයෙන් ලැබෙන විපාක ශක්තිය ඉක්මවා,එක් පසේබුදු කෙනකුට දෙන ලද දානයෙන් ලැබෙනා පින මහත්ඵල මහානිශංස වේ. මේ සෑම දානයක් ම කෙනකු දුන්නත් සම්මා සම්බුදු කෙනකුට පිරිනමනු ලබන දානය ඒ සෑම පිනකට ම වඩා මහත්ඵලදායක ය. ඊටත් වඩා, බුදුරදුන් ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට දෙන ලද සාංඝික දානය උසස් ය. ඊටත් වඩා මහත් පිනක් සිව් දෙසින් වඩනා භික්ෂූන් උදෙසා වෙහෙරක් කරවා දන් දීමෙන් ලැබේ. ඊටත් වඩා වැඩි පිනක් පංසිල් මැනවින් ආරක්ෂා කිරීමෙන් ලැබෙනු ඇත.

මේ සෑම කුශලයක් ම කෙනකු සිදු කළත්, ඒ සෑම පුණ්‍ය ශක්තියක් ම අභිභවා යමින්, ඉතා සුළු කාලයක් හෝ මෛත‍්‍රි ධ්‍යාන සිතක් උපදවා ගෙන සිටින්නකුට ලැබෙන පුණ්‍ය සම්භාරය අති මහත් ය. ඊටත් වඩා මහත්ඵල වන්නේ, නිත්‍ය සංඥාව දුරු කරමින් අනිත්‍ය සංඥාව ප‍්‍රත්‍යක්‍ෂ ලෙස අත් දැකීමෙනි. වේලාම සූත‍්‍රයේ දැක්වෙන ඉහත සඳහන් කරුණු අනුව මෛත‍්‍රි ධ්‍යාන සිතක් උපදවා ගෙන සිටීම තුළින් ලැබෙනා පුණ්‍ය ශක්තිය කෙතරම් ද කියා තේරුම් ගැනීමට ඔබට හැකි වනු ඇත.

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය,
භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්ථුකතාය,
අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා
පාටිකඕඛා.

(අංගුත්තර ඒකදසක නිපාත - මෙත්තානිසංස සූත‍්‍රය)
මෛත‍්‍රී ධ්‍යාන සිත් භාවිතා කිරීමෙන්, නැවත නැවත ප‍්‍රගුණ කිරීමෙන්, වශීකෘත කිරීමෙන් ආනිශංස 11 ක් බලාපොරොත්තු විය හැක. එනම් :

  1. සුඛං සුපති - සුවසේ නිඳාගත හැක.
  2. සුඛං පටිබුජ්ඣති - සුවසේ අවදි වේ.
  3. න පාපකං සුපිනං පස්සති - නපුරු සිහින නො පෙනේ.
  4. මනුස්සානං පියෝ හෝති - මනුෂ්‍යයන්ට ප‍්‍රිය වේ.
  5. අමනුස්සානං පියෝ හෝති - අමනුෂ්‍යයන්ට ප‍්‍රිය වේ.
  6. දේවතා රක්ඛන්ති - දෙවියන් ආරක්ෂා කෙරේ.
  7. නාස්ස අග්ගී වා විසං වා සත්ථං වා කමති - ගිනි, වස - විෂ, ආයුධ විපත් නො වේ.
  8. තුවටං චිත්තං සමාධියති - ඉක්මණට සිත සමාධිමත් වේ.
  9. මුඛවණ්ණෝ විප්පසීදති - මුහුණ ප‍්‍රසාදජනක වේ.
  10. අසම්මූළ්හෝ කාලං කරොති - නො මුලාව මරණයට පත් වේ.
  11. උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ‍්‍රහ්මලෝකූපගෝ හෝති -රහත් නො වුවහොත් මරණින් මතු බ‍්‍රහ්ම ලෝකයේ උපදී.
මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවනු ලබන ආකාරය, දේශනාව බාගතකරගෙන සවන් දෙන්න.

මෛත්‍රී විදර්ශනාව (අති පුජ්‍ය දංකන්දේ ධමිමරතන හිමි විසිනි)

මෙවන් උත්තමු වු මෛත්‍රි භාවනාව සියළුම බෞද්ධයන් නොහැර වැඩිය යුතු කමටහනක් වන්නේය.
Read More...
14 අදහස් හා විමසීමි

බුදුගුණ භාවනාව -- භාවනා 04 කොටස.

බුදුගුණ භාවනාව
පින්වත් මිතුරනේ අද කරැණු ඉදිරිපත් කරනුයේ බුදුගණ භාවනාව  සමිබන්ධයෙන්. භාවනාවන් අතරින් උසස්තම භාවනාව වනුයේ බුදුගුණ භාවනාවයි. බුද්ධානුස්සති භාවනාව කරන්නාගේ සන්තානයේ නිතර උපදින බුදුගුණ පිළිබද සිත්වලට වාසස්ථානයක් විමෙන් චෛත්‍යක් බදු වෙ. එයින් ඒ පුද්ගලයා මෙළොව වාසනාවන්ත පුද්ගලයෙක් වෙයි. මෙම භාවනාව වඩන්නා පැවිද්දෙක් නමි පැවිද්දෙකු විසින් තම ජිවිතයේ පැමිණිය හැකි උසස්තම තැනටත් ගිහියෙකු නමි ගිහියෙකු වශයෙන් මෙම ජිවිතයේ ඔහුට පැමිණිය හැකි උසස්තම දියුණුවටත් ඔහු විසින් පැමිණෙනු ඇත. මෙම භාවනාව බුදුන් වහන්සේ සමගම සිටිමක් වැනිය එබැවින් ඔහුගේ සිත පවට නොනැමෙ. හදිසියේ මරණය සිදුවෙ නමි එහිදි ඔහුට බුදුගුණ සිහිවෙ. එහෙයින් හේ ස්වර්ගයට පැමිනෙන්නේය.

බුදුගුණ සිහිකොට බුදුන්වහන්සේ කෙරේ එක් වරක් සිත පහදවාගැනිමම මරණින්මතු දෙවිලොව ඉපදිමට හේතු වන පිනකි. "මටිටකුණ්ඩලි" ආදි බොහෝ දෙනෙකු බුදුන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන, දෙවිලොව පැමිණි බව දක්වා තිබෙ. යමෙක් භාවනා කිරිමි වශයෙන් නැවත නැවත බුදුගුණ මෙනෙහි කෙරෙයි නමි එයින් රැස්වන පුන්‍ය සමිභාරය මෙතැකැයි ප්‍රමාණකල නොහැකි වන්නේය. එබැවින් සසර දුකින් මිදෙනු කැමැත්තෝ මෙ භාවනාව ආදරයෙන් කෙරෙත්වා. (රේරැකානේ චන්දිවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත හා විශුද්ධි මාර්ගයේ කමටහන් නිර්දේශය ඇසුරෙන්)

බුදුගුණ භාවනාව කෙටියෙන් වඩන්නේ මෙසේය. පුර්ව කෘත්‍ය කිරිම සදහා මෙම භාවනා වාක්‍ය යොදාගත හැක. පළමුව විස්තර වශයෙන් බුදුගුණ භාවනාව වඩා පසුව ලඝු ක්‍රමයට පුරැදුවිමයි සුදුසුම ක්‍රමය.

සෝ  භගවා ඉතිපි - අරහං,
සෝ  භගවා ඉතිපි - සම්මාසම්බුද්ධෝ,
සෝ  භගවා ඉතිපි - විජ්ජාචරණසම්පන්නෝ,
සෝ  භගවා ඉතිපි - සුගතෝ,
සෝ  භගවා ඉතිපි- ලෝකවිදු,
සෝ  භගවා ඉතිපි - අනුත්තරෝ පුරිසදම්මසාරථී,
සෝ  භගවා ඉතිපි - සත්ථා දේවමනුස්සානං,
සෝ  භගවා ඉතිපි - බුද්ධෝ,
සෝ  භගවා ඉතිපි - භගවා.

මෙහි අරැත වන්නේ ඒ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ (අරහං,සමිමා සමිබුද්ධ,විජ්ජාචරණසමිපන්න....)
නමි වන සේක. යන්නයි.


භාවනා වාක්‍ය විස්තර වශයෙන් භාවනාව සදහා.

  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලූ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද, සියලූ කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද, සංසාර චක‍්‍රයේ අර සිඳලූ හෙයින් ද, සියලූ ආමිස-ප‍්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු හෙයින් ද,රහසින්වත් පව් නො කළ හෙයින් ද, අරහං නම් වන සේක.
  • ******************************************************************************
  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම තමන් වහන්සේගේ ම විශිෂ්ට ඥනයෙන් දත යුතු සියලූ ධර්මයන් මනා කොට අවබෝධ කළ හෙයින් ද, පිරිසිඳ දත යුතු ධර්මයන් මනා කොට පිරිසිඳ අවබෝධ කළ හෙයින් ද, දුරු කළ යුතු ධර්මයන් මනා කොට දුරු කළ හෙයින් ද, සාක්‍ෂාත් කළ යුතු ධර්මයන් මනා කොට සාක්‍ෂාත් කළ හෙයින් ද,වැඩිය යුතු ධර්මයන් මනා කොට වැඩූ හෙයින් ද,සම්මාසම්බුද්ධ නම් වන සේක.
  • ******************************************************************************
  • භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ත‍්‍රිවිද්‍යාවන්ගෙන් සමන්විත හෙයින් ද, අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විත හෙයින් ද, පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත හෙයින් ද,විජ්ජාචරණසම්පන්න නම් වන සේක.
  • ******************************************************************************
  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුන්දර වචන ඇති හෙයින් ද, ශෝභන රූප-කාය ඇති හෙයින් ද, ශෝභන ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ ඒ අමා නිවන් පුරයට වැඩි හෙයින් ද, සුගත නම් වන සේක.
  • ******************************************************************************
  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලූ සත්ත්‍ව ලෝකයන් පිළිබඳ ව එම ලෝකවල ස්වභාව- සමුදයනිරෝධ- මාර්ග සත්‍යයන් අවබෝධ කළ හෙයින් ද, සියලූ අවකාශ ලෝකයන් පිළිබඳ ව එම ලෝකවල ස්වභාව - සමුදය - නිරෝධ - මාර්ග සත්‍යයන් අවබෝධ කළ හෙයින් ද, සියලූ සංස්කාර ලෝකයන් පිළිබඳ ව එම ලෝකවල ස්වභාව - සමුදය - නිරෝධ - මාර්ග සත්‍යයන් අවබෝධ කළ හෙයින් ද, ලෝකවිදු නම් වන සේක.
  • ******************************************************************************
  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු කෙනෙකුට දමනය කළ නො හැකි චණ්ඩ නපුරු තිරිසන් සතුන් දමනය කළ හෙයින් ද,මනුෂ්‍ය පුරුෂයන් දමනය කළ හෙයින් ද,අමනුෂ්‍ය පුරුෂයන් දමනය කළ හෙයින් ද, අනුත්තරෝ පුරිසදම්මසාරථි නම් වන සේක.
  • ******************************************************************************
  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලූ දෙව්මිනිසුන්ට මෙලොව අර්ථයෙන් අනුශාසනා කළ හෙයින් ද, සියලූ දෙව්මිනිසුන්ට පරලොව අර්ථයෙන් අනුශාසනා කළ හෙයින් ද,සියලූ දෙව්මිනිසුන්ට පරමාර්ථ වශයෙන් (නිවන් අවබෝධ කරනු පිණිස අර්ථයෙන් අනුශාසනා කළ හෙයින් ද, සත්‍ථා දේවමනුස්සානං නම් වන සේක.
  • ******************************************************************************
  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක්‍ඛ සත්‍යය අවබෝධ කළ හෙයින් ද,දුක්‍ඛසමුදය සත්‍යය අවබෝධ කළ හෙයින් ද, දුක්‍ඛනිරෝධ සත්‍යය අවබෝධ කළ හෙයින් ද,දුක්‍ඛනිරෝධගාමිනීපටිපදා ආර්යසත්‍යය යන චතුරාර්යසත්‍ය ධර්මයන් තමන් වහන්සේගේ ම නුවණින් අවබෝධ කර ගත් හෙයින් ද, බුද්ධ නම් වන සේක.
  • ******************************************************************************
  • ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ යශසින් සමන්විත වූ හෙයින් ද, පුණ්‍යමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් ද, ථාමමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් ද, සෘද්ධිමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් ද, ප‍්‍රඥාමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් ද, රාගය නැසූ හෙයින් ද, ද්වේෂය නැසූ හෙයින් ද, මෝහය නැසූ හෙයින් ද, භගවා නම් වන සේක.
        ******************************************************************************

තොරතුරැ හා මුලාශ්‍ර හා උපකරණ
ඉහත භාවනා වාක්‍ය දිර්ඝ වශයෙන් භාවනාව සදහා සුදුසුය. මෙම භාවනා වක්‍ය උපුටාගනු ලැබුවෙ පුජ්‍ය දිප්පිටිගොඩ ශොමශාන්ත ස්වාමින්වහන්සේගේ බුද්ධානුස්සති භාවනාව නමි ග්‍රන්තයේ (10-17) පිටු ඇසුරෙනි.

සමිපුර්ණ ග්‍රන්තය විස්තර සහිතව මෙතනින් කියවන්න.


Buddha Nus Sat Hi
මිට අමතරව රේරැකානේ වන්දිවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්තයේ (136-140) දක්වා පිටුවල මිට වඩා සංශේප භාවනා වාක්‍යක් හා බුද්ධානුස්සතිය වැඩිම සදහා උපදෙස් සපයා ඇත.


රේරැකානේ හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත මෙතනින් කියවන්න.


මිට අමතරව රේරැකානේ චන්දිවිමල හිමියන්ගේම පුනයෝපදේශය නමි ග්‍රන්තයේ (153-154) පිටුවල තවත් භාවනා වාක්‍යක් කොට සාදාගත හැකි වන්දනා ක්‍රමයක් ඇත.


එම ග්‍රන්තය මෙතනින් කියවන්න.

බුද්ධානුස්සතිය වැඩිමෙ දී බුද්ධගුණයන් දන්නා දන්නා පමනට බුදුගුන භාවනාව වැඩිමට හා සිත එකග කිරිමට පහසු වනවා ඇත. බුදුගුණයන් පිළිබද මනා දැනුමක් ඇතිකර ගැනිම සදහා


මෙම පොත මෙතනින් කියවන්න.

බුදුගුණ භාවනාව වැඩිමෙදී සියලුම බුදුගුණයන් එකට ගෙන භාවනා කිරිමට නොයා, තමාට හොදින් වැටහෙන, තමා වඩාත් ප්‍රියකරන භාවනා වක්‍යක් (බුදුගුණයක්) පළමුව තෝරාගෙන එය භාවනා කල යුතුයි. බුදුරජානන්වහන්සේගේ අනුත්තර පුරිසධමිමසාරථි ගුනය භාවනා කරනා අයෙකුට, මහා ජයමංගල ගාථා උපකාරි වනු ඇත. එම ගාථාවන්ගෙන් කියවනුයේ අප තථාගත බුදුපියානන්වහන්සේගේ අන්‍යන්ට ධමනය කල නොහැක්කන් පහසුවෙන්ම හා සම්‍යක්ප්‍රතිපදාවෙන් ධමනය කිරිමෙ ගුණය හෙවත් අනුත්තර පුරිසධමිමසාරථි ගුණයයි.

මෙයට අමතරව බුදුගුණ භාවනාව වැඩිමෙදි බුදුරජානන්වහන්සේගේ රැව සිතින් මවා ගැනිම බොහොසෙයින් වැදගත් වනු ඇත. ඒ සදහා පහත බුදු රැව සහිත රෑප ඔබට උපකාරි වනු ඇතැයි සිතමි.






මෙ අප්‍රමාණයිත කුසල කර්මයාගේ ශක්තියෙන් ඔබටත් මටත් හැකි ඉක්මනින් පහසුතම ප්‍රතිපදාවෙන් පරම සුන්දර වු ඒ නිර්වාණයට පැමිණිමට හේතු වාසනා වෙවා!!
Read More...
4 අදහස් හා විමසීමි

භාවනාවට මුලික උපදෙස් -- භාවනා 03 කොටස

පින්වත් මිතුරනේ දැන් සුදානමි වෙන්නේ, භාවනාව සඳහා මුලික උපදෙසි කිහිපයක් ඉදිරිපත් කරන්නයි. භාවනා කිරිම පෙර වාඩිවන්නේ කෙසේද යන්න වැදගත් කරැණක්. එබැවින් මුලින්ම භාවනා ආසාන පිළිබදව කරැණු කිහිපයක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. භාවනා ආසනය හා ඉරියවිව වශයෙන් දෙකක් ඇත. සමහර භාවනාවන් සක්මන, සැතපිම, හිදගැනිම යන තුන් ඉරියවිවෙන්ම ප්‍රගුණ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මෛත්‍රිය, බුදුගුණ භාවනාව, අනුස්සති භාවනා ආදිය, නමුත් ආනාපාන සතිය එසේ සැම ඉරියවිවකින්ම ප්‍රගුණ කිරිම කල නොහැකියි. සාමාණ්‍යයෙන් හිදගෙන භාවනා කර අපහසුතාවයක් දැනෙන විට සක්මන් කරමින් භාවනා කිරිම කල හැකි දෙයක්.

භාවනා කරන්න අසුන් ගන්නා විට, සුදුසු ඉරියවිවකිව් වාඩි විම ප්‍රමාණවත් එහිදි තෘප්තවිය යුතු කරැණු වන්නේ බිත්ති කණු ආදියට හේත්තු නොවි කොදු ඇට පෙළ සෘජුව තබාගෙන වැඩි වෙලාවක් එක ඉරියවිවෙන් සිටිය හැකි ඉරියවිවක් විමයි. මෙ සදහා පුර්ණ පද්මාසනය හැකිනමි වඩාත් සුදුසුයි. නමුත් එය අපහසු කරැණක් බොහෝ දෙනෙක් බිම වාඩිවන විට එම නිසා භාවිතා කරන්නේ අර්ධ පද්මාසනය ඒ කියන්නේ එරමිණියාගොතාගෙන වාඩිවෙනවා කියන එක. නමුත් ඒ අසුන ස්ත්‍රීන් සදහා යෝග්‍ය නොවන බැවින් ඔවුන්ට අර්ධ පර්‍යංකයෙන් සිට  භාවනා කල හැකියි. කොයි කාටත් ලෙහෙසි අපහසු නොවන අසුනක් ලෙස   කොට බංකුවක සුදුසු පරිදි වාඩිවිමත් උචිතයි.

බාවනා කරිම සදහා අසුන් ගත් පසු දැස වසාගැනිම සුදුසුයි නමුත් දැස ආයාසයක් යොදා තද කර නොගත යුයතුයි. භාවනා කරන ස්ථානයේ මද ආලොකයක් පැවතිම සුදුසු වන අතර, විශාල ඝොෂාවන් ගෙන් තොර නිස්කලංක ස්ථානයක් විම සුදුසුයි.එසේම භාවනා කරන ස්ථානය පිරිසිදු එකක් විය යුතු අතර භාවනාවට පෙර තම සිරැරද පිරිසිදුකරගෙන සිටිම භාවනාව සදහා පහසුවක් වනු ඇත.

භාවනාව පටන් ගැනීමට පෙර, පූර්ව කෘති සිදු කොට භාවනා කිරීම සුදුසු වේ.

පූර්ව කෘති
1. පංසිල්වත් සමාදන් වන්න.
2. තෙරුවන් වැඳ, තෙරුවන් ක්‍ෂමා කර ගන්න.
3. මාර්ග-ඵල-ධ්‍යාන ලාභී අයට සිදු වූ වැරැදි වලට ක්‍ෂමාව ගන්න.
4. මේ භාවනාවෙන් සාර්ථක ප‍්‍රතිඵල ගන්නට ලැබේවා යි අධිෂ්ඨාන  කරන්න.
5. බුදු ගුණ - අශූභ භාවනා විනාඩි කිහිපයක් කරන්න.
6. මරණානුස්මෘති භාවනාව සුළු වේලාවක් වඩා, මරණයේ දී සියල්ල අත හරින්නට සිදු වන බව සළකා සියලූ බැඳීම් සිතින් අත හරින්න. (මේ අත හැරීම භාවනා කරන කාල පරිච්ජේදයට පමණක් සීමා කර ගත හැකි බැවින් එය ගෘහ ජීවිත ගත කිරීමට කිසිසේත් ම බාධාවක් නො වේ.
7. කමටහන දැන් ප‍්‍රගුණ කරන්න.(අති පුජ්‍ය දංකන්දේ ධමිමරතන ස්වාමින්වහන්සේගේ මෙත්සිතින් නිවන්දකිමු නමි ග්‍රන්තයේ iv-viii දක්වා පිටු ඇසුරෙන්)

02 කොටස විස්තර
අනාදිමත් සංසාරේ පටන් මෙ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන් තුන්දොරින් වරදක් වුයේ නමි, බුද්ධ ධමිම සංඝ වු රත්නත්‍රයටත් සියළු පසේ බුදුරජානන්වහන්සේලාටත්, රහතන්වහන්සේලාටත්, පෘතක්ජන භූමිය ඉක්මවු ආර්‍යන්ටත් බ්‍රහ්මලොකයන්හි බ්‍රහ්මයන්ටත්, දිව්‍යලෝක වල දෙවියන්ගෙනුත් මාගේ උත්තරීතර සමිමා සමිබුදු පියාණන් වහන්සේගෙන්ද ගුරැවර දෙමාපිය නෑ හිතමිත්‍රාදීන්ගෙන්ද මා සමාව අයදිමි. මට සමාවන සේක්වා.

04 කොටස විස්තර
මාගේ සිල්වත් ජිවිතය මාගේ තිලොගුරැ බුදුපියානන්ගේ ශ්‍රී පාදයට මලක් පුජාකරන්නාක් සේ පුජා කරමි. ඒ ජිවිත පුජාවෙ කුසලානිසංශ බලයෙන් මාගේ භාවනාවට යමි පරිබෝධකර ධර්මයන් වෙ නමි ඒ සියල්ල වහා දුරිභුත වෙවා.මා විසින් සංසාරයේ පටන් කරන ලද සියළු කුසල් බලයෙන් මාගේ භාවනාව සාර්ථක වෙවා යැයි මම තරයේ අදිශ්ඨාන කරමි. මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨවෙවා.

මෙ ආකාරයට පුර්ව කෘත්‍ය ඉටුකල පසු, භාවනාව මුලින්ම කරන්නට යන අයෙකු විසින් අනිවාර්‍යයෙන් වැඩිය යුතු කමටහන් 04ක් තිබෙනවා. අත්හදා බැලිමට භාවනා කරන්නන්ට නොව භාවනාවෙන් යමි උසස් දියුනුවක් ලැබිමට බලාපොරොත්තු වන්නන් මෙම සිවි කමටහන අනිවාර්‍යයෙන්ම වැඩිය යුතුයි. චතුර් ආරක්ෂක භාවනා වශයෙන් හදුන්වනු ලබන්නේද මෙම භාවනාවන් වෙ.

ඒවා නමි,
01) බුදු ගුණ භාවනාව
02) මරණානුස්සති භාවනාව
03) පිළිකුල් භාවනාව
04) මෛත්‍රි භාවනාව.

මෙ භාවනාවන් වැඩිමෙන් බලාපොරොත්තු වන්නේ සිතේ කර්මන්‍ය භාවය ඇති කිරිමයි. එනමි කවර හෝ භාවනාවක් කරගෙන යෑම සදහා ඒ ඒ අරමුනු වල විසිරි ඇති සිත එක් අරමුණක් වෙතට ගෙන ඒමයි. මෙම කමටහන් 04 යමිතාක් දුරට ප්‍රගුණවු පසු සැම භාවනා වරයක් මුලදිම මෙම සිවි කමටහන අත නොහැර සං‍ශේපයෙන් හෝ භාවිතා කල යුතුම වෙ. ඒ ඒ කමටහන විස්තර කිරිමෙ දී සංශේප භාවනාව ඉදිරියේ දී දක්වා ඇත.

පරිකමිම වචනයක් භාවිතා කිරිම
 
පරිකමිම වචනයක් යනුවෙන් හදුන්වන්නේ සිත එක අරමුනකට යොමු කර ගැනිමට උපකාරි වන යමි වදනක් මෙමගින් භාවනාව සදහා පසුබිම සකස් කර ගන්න පුළුවන් වෙනවා. හින්දුන් ඔමි නමඃ ශිවායි  හෝ ඔමි කියනවා වගේ වදනක් මෙ සදහා අප භාවනාවට යොදාගන්නේ බුද්ධෝ ධමිමෝ සංඝෝ කියන තුන් වදනයි. මුලින්ම මෙම බුද්ධෝ ධමිමෝ සංඝෝ යන්න සමාණ්‍ය පරතර සහිතව රිද්මයකින් යුතුව සජ්ජායනා කරමින් හෝ සිතින් කියමින්  භාවනා කල යුතුයි. සජ්ජායනා කරනුයේ රිද්මය ලබාගැනිමට පහසු විමටයි. යමි විටක සිතෙන් මෙ වදන් දිගින් දිගටම මතු වෙවි එන අවස්ථාවක් එයි. ඒ විට සංඝෝ යන්න අතහැර බුද්ධෝ ධමිමෝ යන්න පමනක් මුල් පරිදිම භාවනා කල යුතුයි. ඉන් අනතුරැව බුද්ධෝ යන වදන පමණක් භාවනා කොට බුදුගුණ භාවනාව වැඩිම වඩාත් හොදයි.

මෙ කමටහන් 04 මෙතැන් සිට ඉදිරියට ලිපි 04 කින් ප්‍රගුණ කරනා ආකාරය දක්වනු ලැබෙ.

පහතින් ඉතා වැදගත් වු භාවනා රමිභක දේශනයක් දක්වා ඇති අතර,  සවන්දිම ප්‍රයෝජනවත් වනු ඇත.

දේශකයානන්වහන්සේ අතිපුජ්‍ය දංකන්දේ ධමිමරතන ස්වාමින් වහන්සේ.

මෙතනින් දේශනය බාගත කර ගන්න
Read More...
1 අදහස් හා විමසීමි

ඔබෙ චරිතය හදුනා ගන්න (භාවනා 02 කොටස)

පින්වත් මිතුරනේ අද කරැණු ඉදිරිපත් කරන්නේ සම සතලින් භාවනා කමටහන් වලින් ඔබෙ චරිතයට සුදුසු භවනාව කුමක්ද?

මෙ පිළිබදව කරැණු ඉදිරිපත් කරන්නේ විශුද්ධි මාර්ගය ඇසුරෙනුයි. පහත සදහන් කරැනු හරියට සාස්තරයක් මෙන් ගෙන ඔබගේ චරිතය තුමක්ද යන්න ඔබට තේරැමි ගන්න පුළුවන්. නමුත් ඒ ඒ චරිතයට මෙ මෙ කමටහන හරිය කියා කිවිවා වුවද, ඒය මතම සිට භාවනා කිරිමට නොයා යුතුයි. සමහර විට ඔබට නිර්දේශිත කමටහනට වඩා වෙනත් කමටහනක් ගැලපිමට ඉඩ ඇත. අතිතයේ අභිඤා ලාභි උතුමන්ට කමටහන් ගන්නාගේ සිත පරික්ෂා කර බලා නිවැරදි කමටහන දිමට හැකියාව තිබුනද වර්තමානයේ එබදු උතු‍මෝ දුලබ බැවින් කමටහන් කිහිපයක් වඩා වඩාත් හොදින් වැඩෙන්නේ එනමි තමාට පහසුවෙන් සිත සමාධි කර ගත හැකි වන්නේ කවර කමටහනක් මගින්ද යන්න සොයා බැලිය යුතුයි. මෙසේ කමටහනක් තොරා ගැනිමට පහත විස්තරය බොහෝ විට උපකාරි කර ගත හැකි නමුත් ඒ මතම පිහිටා නොසිටිය යුතු බව අවධාරණය කල යුතුයි.

මුලික වශයෙන් චරිත 06 කි.

01)රාග චරිතය.
02)ද්වෙශ චරිතය.
03)මෝහ චරිතය.
04‍)ශ්‍රද්ධා චරිතය.
05)බුද්ධි චරිතය.
06)විතර්ක චරිතය. යනුවෙනි.

01)රාගචරිතය.
--ගමන--
සාමානය ගමනින් යන විට අලංකාරව ගමන් කරන්නේය. සෙමින් සමාන පරතර ඇතිව පා තබා සමානව ගමන් කරන්නේය. පාද උක්කුටිකය එනමි පා සටහනේ විලුඹ හා ඉදිරිය මනා සටහනින් යුක්ත අතර මැද කොටස බිම නොවදියි.

--ඉදුමි හිටුමි--
රාග චරිතයාගේ සිටිමි හා හිදිමි ප්‍රසාද ජනකය. මිහිරිය ප්‍රිය උපදවනසුළුය.

--නිදීම--
රාග චරිතයා සෙමින් මනාකොට සමව ඇද සකස් කොට සෙමින් ඇදමත වැතිර, අත් පා ආදිය ඒ මෙ අත නොයන සේ මැනවින් තබාගෙන ප්‍රසාද ජනක ලෙස නිදන්නේය. නින්නෙද් පුබුදුවන කල වහා නැගිට සැක ඇත්තෙකු මෙන් සෙමින් ප්‍රථි වදන් දෙන්නේය.

--කාර්‍ය කිරිමි වශයෙන්--
රාග චරිතයා අතුගානා විට කොස්ස/ඉදල මැනවින් ගෙන ඉක්මන් නොවි, වැලි නොවිසුරැවමින්, පිරිසුදු ලෙස සමව අතුගාන්නේය.

--වැළදිමි වශයෙන්--
රාග චරිතයා සිනිදු වුත් මධුර (පැනි රස) වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා ගැනිමකින් තොරව සෙමෙන් ගෙන රසවිදිමින් වළදන්නේය. මිහිරි වු දෙයක් ලද විට සතුටු වන්නේය.

--දර්ශනාදින් වශයේ--
රාගචරිතයා සුළු වුහෝ සිත්කළු රැපයක් දුටුවිට මවිත වුවකු මෙන් බොහෝ වෙලා බලා සිටින්නේය. ස්වල්ප වු හෝ ගුණයක් ඇති තැනැත්තන් අගයන්නේය. ඔවුන්ගේ ඇති දෝශ ගණනට නොගන්නේය. තැනක වාසය කොට යන විට, දුක්විමෙන් තොරව අපේක්ෂා සහිතව යන්නේය.

--ධර්ම ප්‍රවෘත්ති වශයෙන්--
රාගචරිතයා බොහොවිට තමා කෙරේ ඇති වරදවල් සගවයි, නැති ගුණ විදහා පෙන්වයි, උඩගුය, ලද දෙයින් සතුටු නොවෙයි. උත්සන්න වු ක්ලෙශයන්ගෙන් යුක්තයි එනමි කෙලෙස් බහුලයි. ශරිරය සැරසිමි ආදියේ ලොල් බවක් දක්වයි. ප්‍රත්‍ය පිළිගැනිමෙ පමණ නොදනියි.
 ‍
පුර්ව භවයේ පුරැද්ද අනුව ක්‍රියා කරනා බව සදහන්*
පෙර භවයේ යහපත් ක්‍රියා බහුල ලෙස කර ඇත්තෝද, දෙවි ලොවින් වුතව මෙහි උපන්නෝ ද රාග චරිත වෙ.* ධාතු 04 සම පුද්ගලයා රාග චරිත වෙ.(මොවුන් සෙමි රෝග අධික කොට ඇත)*

02)ද්වෙශ චරිතය.
--ගමන--
පයින් බිම සාරන්නෙක් මෙන් ගමන් කරයි. පාද වහා බිම තබා වහාම ගමන ගනියි. එනමි ගමන ඉක්මන්ය. ඔහුගේ පා සටහනේ පසුපස බිම හාරන ලද්දාක් මෙන් වෙයි.

--ඉදුමි හිටුමි--
දවෙශ චරිතයාගේ ඉදිමි හිටිමි, ග්‍රහනයන් ආදිය දෘඩය.

--නිදීම--
මොහු ඉක්මනින්, යමිතමි දෙයකින් හෝ යහන පනවාගෙන මුළු ඇගම යහනේ හොවා මුහුනත් හුකළුවාගෙන නිදන්නේය (මෙය මුහුණ වසාගෙන නිදිම විය යුතුයි) පුබුදුවන ලබන කල තහර යන ලද අයෙකු මෙන් පිළිතුරැ දෙනු ලබයි.

--කාර්‍ය කිරිමි වශයෙන්--
ද්වෙශ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල තදකොට ගෙන ඉක්මනින්, වැලි විසුරැවමින්, පිරිසුරැදු කමි නොබලා විසමව අතුගාන්නේය.

--වැළදිමි වශයෙන්--
ද්වෙශ චරිතයා රළු වුත් ඇඹුල් වුත් බෝජන ප්‍රිය කරන්නේය. වළදන විට ආහාර කට පුරවා රස බැලිමකින් තොරව ඉක්මනින් ආහාර ගන්නේය. අමිහිරි ආහාර ලද විට නොසතුටු වන්නේය.

--දර්ශනාදින් වශයේ--
ද්වෙශ චරිතයා සුළු වුහෝ අමනාප රැපයක් දුටුවිට ක්ලාන්ත වුවකු මෙන් මද වෙලාවක් බලා සිටින්නේය. ස්වල්ප වු හෝ දෝශයක් දුටු විට ඒහා ගැටෙන්නේය. අන්යන්ගේ ගුණ නොදකින්නේය. ඔවුන්ගේ ඇති දෝශම දකින්නේය. තැනක වාසය කොට යන විට, එයින් මිදි යන ලෙස යන්නේය අපේක්ෂා නොමැතිවම යන්නේය.

--ධර්ම ප්‍රවෘත්ති වශයෙන්--
පහසුවෙන් කිපෙන සුළුය. වෛර ක්‍රෝධ බැදගන්නා ස්වභාවයෙන් යුක්තය. අනුන්ගේ ඇති ගුණ මකන ස්වභාවයෙන් යුතුය. ගුණ ඇත්තේ ඔහුට පමණද මටද ඒ ගුණ ඇතිය යනුවෙන් නිරන්තරයෙන් සිතනා ස්වභාවයෙන් යුක්තය. ඉරිසියාව හෙවත් අනුන්ගේ සැපත නොයිවසන ස්වභාවයෙන් යුක්තය. 

පුර්ව භවයේ පුරැද්ද අනුව ක්‍රියා කරනා බව සදහන්*
පෙර භවයේ අන් සත්ත්වයන්ගේ අත් පා බිදිමි, වද බන්ධන ආදිය කිරිම, වෛර කිරිමි ආදිය බහුල ලෙස කලෝද, නා ලොවින් හා නිරයෙන් චුතව මෙහි උපන්නොද ද්‍වෙශ චරිත දරති.*තේජෝ ධාතු හා වායෝ ධාතු අධික පුද්ගලයා ද්වෙශ චරිත වෙ.*

03)මෝහ චරිතය.
--ගමන--
මොහුගේ ගමන අවුල් සහගතයි. පිළිවලක් නැත. බියවුවෙකු මෙන් පා තබා පා නගා ගමන් කරන්නේය. ඔහුගේ පා සටහන විදිමත් නොවෙ. එනමි විළුබින් හා අක්පල්ලෙන් වහා එසවෙන්නේය.

--ඉදුමි හිටුමි--
මොවුන්ගේ ඉදිමි හිටිම අවුල් සහගතය.

--නිදීම--
මෝහ චරිතයා යහන අවුල් සේ පනවාගෙන අත් පා එහි මෙහි දමාගෙන බොහෝ විට මුනින් අතට නිදා ගන්නේය. පුබුදුවනු ලබන කල හුමි හුමි කියමින් කමිමැලි කමින් නැගි සිටින්නේය.

--කාර්‍ය කිරිමි වශයෙන්--
මෝහ චරිතයා අතුගානා විට කොස්ස/ඉදල බුරැලෙන් ගෙන  කැලිකසල හලමින් අපිරිසිදුව විසමව අතුගාන්නේය.

--වැළදිමි වශයෙන්--
මොහ චරිතයා අසවල් රසයට ප්‍රිය යැයි කිව නොහැක. ආහාර වලදනා විට ආහාර ගෙන මුඛයේද ගා ගනිමින් බත්පතේද විසුරැවමින්, නොයෙක් දැ කල්පනා කරමින් වික්ෂිප්තව ආහාර වලදයි.

--දර්ශනාදින් වශයේ--
මොහ චරිතයා යමිකිසි රැපයක් දුටු කල එහි ගුන දොස් විවෙචනය පිළිබදව තමාගේ මතයක් නොදරයි. අන්යන් එය වර්නනා කෙරේ නමි ඔහුද වර්ණනා කරයි. අන්‍යන් එය විවෙචනය කරයි නමි ඔහුද එය විවෙචනය කරයි.

--ධර්ම ප්‍රවෘත්ති වශයෙන්--
අලසය, නොසන්නුයන්ය, පසුතැවිලි වන ස්වභාවයෙන් යුක්තය, සැක සහිතය, නිරන්තරයෙන් සොයා බැලිමකින් තොරව මෝඩ තිරණ වරලට එලබෙන බවින් යුක්තය. එබදු තිරණයන් වෙනස් කිරිමට නොකැමති බවින් යුක්තය

පුර්ව භවයේ පුරැද්ද අනුව ක්‍රියා කරනා බව සදහන් *
පුර්ව භවයේ බහුල ලෙස මත්පැන් පානය කලොද, ධර්මය ශ්‍රාත්‍ර පින් දහමි ආදිය කිරිමෙ මද වුවන්ද, තිරිසන් යොනියෙන් චුතව මෙහි උපන්නන්ද, මොහ චරිත දරනා බව දක්වා ඇත.* 
පථවි ධාතු හා අපෝ ධාතු අධික පුද්ගලයා මොහ චරිත වෙ.(මොවුන්ට වාත රෝග අධික කොට ඇත)*

04)ශ්‍රද්ධාචරිත

-ගමන-ඉදුමි හිටුමි-නිදීම-කාර්‍ය කිරිමි වශයෙන්-වැළදිමි වශයෙන්-දර්ශනාදින් වශයේ රාග චරිතයාට සමාණය.

-ධර්ම ප්‍රවෘත්ති වශයෙන්-
දෙන දෙයෙහි නොඇලිම දෙයි, බුද්ධාදී ආර්‍යන් දැකිමට කැමති බවද, බණ භාවනා කිරිමට කැමති බවද, ප්‍රිතිය බහුල බවද, රජුන් ඇමතියන් ආදින් සමග එක්ව ඇලි නොවසන බවද (එනවි බොහෝ සමාජ ශිලි නොවන බව)
තමාගේ ඇති දොස් දකිනා බවද, පැහැදිය යුත්තන් කෙරේ පහදින බවින්ද යුක්තයි.

05)බුද්ධි චරිත

-ගමන-ඉදුමි හිටුමි-නිදීම-කාර්‍ය කිරිමි වශයෙන්-වැළදිමි වශයෙන්-දර්ශනාදින් වශයේ ද්වෙශ චරිතයාට සමාණය.

-ධර්ම ප්‍රවෘත්ති වශයෙන්-
කිකරැ බවද, සිහිනුවන ඇති බවද, අප්‍රමාද බවද, සංවෙගය උපදවිය යුතු තැන්හි සංවෙගය උපදනා බවද, නුවනින් විර්‍ය කරන බවද යන ලක්ෂන වලින් යුක්තයි.

06)විතර්ක චරිත

-ගමන-ඉදුමි හිටුමි-නිදීම-කාර්‍ය කිරිමි වශයෙන්-වැළදිමි වශයෙන්-දර්ශනාදින් වශයේ මෝහ චරිතයාට සමාණය.

-ධර්ම ප්‍රවෘත්ති වශයෙන්-
බොහෝ දොඩමළු බවද, කුසල් දමි කෙරේ නො ඇලෙන බවය, ස්ථිර සිත් නැති බවද, මෙසේ මෙසේ කරමියි සිත සිතා සිටින බවය, අරමුනෙන් අරමුනට යන බව, එනමි එකක් මදක් කොට තවකක් කරනා බව.

ඉහතින් දක්වන ලද්දේ ඒ ඒ චරිතයාගේ ලක්‍ෂනයි. මෙයින් අගට තරැ ලකුණු යොදා ඇති කොටස් සමිබන්ධයෙන් විවෙචන පවතියි. අන් කොටස් සමිබන්ධව විවෙචන නැත. මෙහිදි ලක්ෂන සැලකිමෙදි වැඩි ලක්ෂන ගණනක් ඇති චරිතය සලකාගත යුතුය.

දැන් මෙ එක් එක් චරිතයට සුදුසු කමටහන් මොනවාද යන්න සලකා බලමු.

01)රාග චරිතයට.
දශ අසුභයත් දස අනුස්සති වලින් කායගතා සතියත් යන කමටහන් 11 රාග චරිතයට සුදුසු වෙ.

02)ද්වෙශ චරිතයට.
සතර බ්‍රහ්ම විහාරත්, දස කසින වලින් වර්ණ කසින  සතරද

03)මෝහ චරිතයට.
අනාපානසතිය සුදුසු වෙ.

04‍)ශ්‍රද්ධා චරිතයට.
01)බුද්ධානුස්සති- බුදු ගුණ අරමු‍ණු කිරිම
02)ධමිමානුස්සති- දහමි ගුණ  අරමුණු කිරිම
03)සංඝානුස්සති- සංඝයාගේ ගුණ අරමුණු කිරිම
04)සීලාන්ස්සති- තමා රැකි සිලයේ ගුණ අරමුණු කිරිම
05)චාගානුස්සති- තමා දුන් ත්‍යාගයේ (දානයේ) ගුණ ආනිසංශ අරමුණු කිරිම
06)දේවතානුස්සති- දෙවියන් දෙවි බව ලැබිමට ඔවුන් කල යහ ගුණ අරමුණු කිරිම යන අනුස්සති සුදුසු වෙ.

05)බුද්ධි චරිතයට.
01)උපසමානුස්සති- නිවනෙන් සියලු දුක් කෙලවර වන බව අරමුණු කිරිම
02)මරනානුස්සති- මරණය පිළිබදව අරමුණු කිරිම
03)ආහාරයේ ප්‍රතිකූල සංඥාව  
අප ශරිරය පෝෂනය සදහා ගන්නා කැබලිකාර වු ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කිරිම

04)චතුධාතු වවත්ථානය           
ජිවි වුත් ආජෛව වුත් සියල්ල පථවි, අපෝ, තේජෝ, වායු, ආකාශ යන කොටස් වලට බෙද බෙදා බැලිම.

06)විතර්ක චරිතයට.
ආනාපානසතියද

පොදුවෙ සියළු චරිතයන්ට
01)ආකාසානඤ්චායතනය- ආකාශය අන්ත යැයි අරමණු කිරිම
02)විඤ්ඤාණඤ්චායතනය- විඤ්ඤානය අරමුනු කිරිම
03)ආකිඤ්චඤ්ඤායතනය- කිසිවක් නැතැයි අරමුණු කිරිම
04)නේවසඤ්ඤානාසඤ්ඤායතනය- සංඤාවක් ඇති නැති බව අරමුණු කිරිම
05)පථවි කසිණය- පෘථිවිය අරමුණට ගැනිම
06)අපෝ කසිණය- ජලය අරමුණට ගැනිම
07)තේජෝ කසිණය- ගින්න අරමුණට ගැනිම
08)වායෝ කසිණය- වායුව අරමුණට ගැනිම
09)ආලොක කසිණය- ආලොක්ය අරමුණට ගැනිම
10)ආකාස කසිණය- අවකාශය අරමුණට ගැනිම
මෙම කමටහන් සුදුසු බව දක්වා ඇත.

එසේ වුවද මෙම කරැණු දැකවුයේ ආසාවක් හා ‍උනන්දුවක් ඇතිවිම පිණිසයි. ඒ හැර මෙහි ඇති විශාල වටිනාකමක් නැත. තමාට සුදුසු කමටහන වන්නේ පහසුවෙන් තමාට වැඩිය හැකි කමටහනයි. කාට වුවත් කොයි කමටහනත් වැඩිය හැක. එසේ කර කුමක් සුදුසු වන්නේද යන්න සොයාගැනිමට උත්සුක විය යුතුයි.

ඊලග ලිපියෙන් භාවනාව අරඹන්නේ කොහොමද යන වග
Read More...
4 අදහස් හා විමසීමි

සම සතලින් භාවනා කමටහන් හා විදසුන් භාවනාව (භාවනා 01 කොටස)

(භාවනා 01 කොටස) හැදින්විම
පින්වත් මිතුරනේ, මෙම ලිපියේ සිට කරැණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ භාවනාව පිළිබදවයි. භාවනාව සමිබන්ධයෙන් ගෙන එනු ලබන්නාවු මෙම ලිපි පෙලේ අරමුන වනුයේ භාවනාව යනු කුමක්ද යන්න පිළිබදව ඔබට යමි අවබෝධයක් ලබා දිම හා භාවනාව වැඩිම සදහා ඔබ උත්සුක කරවිමයි. මෙම ලිපිපෙල කියවිමෙන් එක් අයෙකුට හෝ භාවනාවක් කරගෙන යායුතු යැයි සිතක් පහල වුවහොත් මාගේ වෑයම සාර්ථක වුයේ යැයි මම සිතමි.

මා කමිමටිඨානාචාර්‍යවරයෙකු නොවන බැවින් මෙම ලිපි පෙළ සකස් කිරිමෙදී, ආචාර්‍යවරයෙකු නොමැතිව වුවත් භාවනාව ආරමිභ කල හැකි වන ආකාරයෙන් යෝගාවචරයන්ට උසස් ප්‍රතිඵල අත්කර දීමට සමත්ව සිටින්නාවු ආචාර්‍යවරයානන්වහන්සේලාගේ ලිපි ලේඛන රැසක් එක් රැස් කර ඉදිරිපත් කිරිමයි මාගේ බලාපොරොත්තුව.

භාවනාවට මුලික ප්‍රවෙශයක් වශයෙන් පහතින් දැක්විමට යෙදෙන්නාවු කරැණු බුදුගොස් හිමියන් විසින් රචිත විශුද්ධි මාර්ගයෙන් උපුටාගන්නා ලදුව සරල වහරට පෙරලු කරැණු වෙයි.

බුදු දහමෙ භාවනා වර්ග.

සාමාණ්‍යයෙන් භාවනා පිළිබද විස්තර ඇතුලත් කර ඇති පොත් පත් බොහොමයක ප්‍රවෙශය සටහන් තබනුයේ භාවනාව යනු කුමක්ද යන මැයිනි. එසේ වුවද මා මෙහිදි ඒ පිළිබදව සටහනක් නොතබන අතර භාවනාව යනු කුමක්ද යන්න ඔබ විසින්ම අත් දැක පිළිතුර සොයාගන්නා මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඒ සදහා මෙම ලිපි පන්තිය ඔබට සහය වනු ඇත.

බුදු දහම මුලික ලෙස භාවනා වර්ග දෙකක් ගෙන හැර දක්වයි. එනමි සමථ භාවනා හා විදර්ශනා භාවනා වශයෙනි. සරල වශයෙන් අර්ථය පහදතොත් සමථ භාවනාවෙන් කරණුයේ තැන් තැන් වල විසිරි (වික්ෂිප්තවී) අරමුනෙන් අරමුනට පැන යන සිත සන්සුන් කිරිමයි. එක අරමුනකට ගෙනවිත් ශාන්ත කිරිමයි. මෙම භාවනා දියුනු තියුනු තත්වයට පත් කිරිම මගින් ධ්‍යාන වැනි තත්වයන්ට සිත පත්කල හැකියි. තවත් දියුණු කිරිමෙන් අභිඥා ආදිය ලැබිය හැකියි. මෙම සමථ භාවනා කමටහන් 40 ක් බුදුදහම තුල බුදුපියාණන්විසින් විස්තර කොට ඇත.

එම කමටහන් (භාවනා අරමුණු) 40 වන්නේ,


කසිණ භාවනා                     10
01)පථවි කසිණය- පෘථිවිය අරමුණට ගැනිම
02)අපෝ කසිණය- ජලය අරමුණට ගැනිම
03)තේජෝ කසිණය- ගින්න අරමුණට ගැනිම
04)වායෝ කසිණය- වායුව අරමුණට ගැනිම
05)නිල කසිණය- නිල් පැහැය අරමුණට ගැනිම
06)පිත කසිණය- කහ පැහැය අරමුණට ගැනිම
07)ලෝහිත කසිණය- රතු පැහැය අරමුණට ගැනිම
08)ඔදාත කසිණය- සුදු පැහැය අරමුණට ගැනිම
09)ආලොක කසිණය- ආලොක්ය අරමුණට ගැනිම
10)ආකාස කසිණය- අවකාශය අරමුණට ගැනිම



කසිණ භාවනා වැඩිමෙන් කල හැකි ප්‍රාතිහාර්‍ය පිළිබද විස්තරයකට මෙම ලිපිය කියවන්න.

අසුභ භාවනා                      10
01)උද්ධුමාතක -ඉදිමි ගිය මළ සිරැර පිළිබද කමටහන
02)විනීලක- ඉදිමි නිල් පැහැ ගැනුන මළ සිරැර පිළිබද කමටහන
03)විපුබිබක- සැරව වැගිරෙන මළ සිරැර
04)විචිඡිද්දක- සිදුරැවි ගිය මළ සිරැර
05)වික්කායිතක- සතුන් විසින් කඩා කෑ මල සිරැර
06)වික්ඛිත්තක-සතුන් විසින් ඇද විසිරැණ මළ සිරැර
07)හතවික්කිත්තක-කැබලි කැබලි තැන තැන විසිරි ගිය මල සිරැර
08)ලොහිතක- ලේ සැරව වැගිරෙන මළ සිරැර
09)පුලවක-පනුවන් වැසු මළ සිරැර
10)අටිඨික-අැට සැකිල්ල පමණක් ඉතිරිවු මල සිරැර

අනුස්සති භාවනා                10
01)බුද්ධානුස්සති- බුදු ගුණ අරමු‍ණු කිරිම
02)ධමිමානුස්සති- දහමි ගුණ  අරමුණු කිරිම
03)සංඝානුස්සති- සංඝයාගේ ගුණ අරමුණු කිරිම
04)සීලාන්ස්සති- තමා රැකි සිලයේ ගුණ අරමුණු කිරිම
05)චාගානුස්සති- තමා දුන් ත්‍යාගයේ (දානයේ) ගුණ ආනිසංශ අරමුණු කිරිම
06)දේවතානුස්සති- දෙවියන් දෙවි බව ලැබිමට ඔවුන් කල යහ ගුණ අරමුණු කිරිම
07)උපසමානුස්සති- නිවනෙන් සියලු දුක් කෙලවර වන බව අරමුණු කිරිම
08)මරනානුස්සති- මරණය පිළිබදව අරමුණු කිරිම
09‍)කායගතාසති- හරිරයේ දෙතිස් කුනුප සිහිකිරිම (පිළිකුල් භාවනාව)
10)ආනාපානසති- ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු කිරිම

බ්‍රහ්මවිහාර භාවනා              04
01)මෙත්තා- සත්ත්වයන් හට මෙත් පැතිරවිම
02)කරැණා- දුකට පත්වු සත්ත්වයන් කෙරෙහි කමිපා වන ස්වභාවය
03)මුදිතා- සතුටට පත් සත්වයින් දැක සතුටු විමෙ ස්වභාවය
04)උපෙක්ඛා- දුක්-සැප දෙකෙහි මධ්‍යස්ථ ස්වබාවය මෙනෙහි කිරිම.

ආරැප්ප                              04
01)ආකාසානඤ්චායතනය- ආකාශය අන්ත යැයි අරමණු කිරිම
02)විඤ්ඤාණඤ්චායතනය- විඤ්ඤානය අරමුනු කිරිම
03)ආකිඤ්චඤ්ඤායතනය- කිසිවක් නැතැයි අරමුණු කිරිම
04)නේවසඤ්ඤානාසඤ්ඤායතනය- සංඤාවක් ඇති නැති බව අරමුණු කිරිම

ආහාරයේ ප්‍රතිකූල සංඥාව    01
අප ශරිරය පෝෂනය සදහා ගන්නා කැබලිකාර වු ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කිරිම

චතුධාතු වවත්ථානය            01
ජිවි වුත් ආජෛව වුත් සියල්ල පථවි, අපෝ, තේජෝ, වායු, ආකාශ යන කොටස් වලට බෙද බෙදා බැලිම.

එකතුව                              40

මෙම භාවනාවන් පිළිබදව වෙන වෙනම කරැණු දක්වන්නට හිය‍හොත් මෙම ලිපිය ඉතා දිර්ඝ වන බැවින් මෙම ලිපි පෙලේ කරැණු දක්වනුයේ තොරාගත් කමටහන් කිහිපයක් පිළිබදව පමණි. මෙම සැම සමථ කමටහනක්ම (කමටහන යනු භාවනාව සදහා ගන්නා අරමුණයි) පහසුවෙන්ම විදර්ශනාවට හැරවිය හැකි අතර විදර්ශනාව සදහා ගත හැකි අරමුණු අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් ඇත. මෙම කරැණ මෙතනදී නොතේරැනත් ලිපි පෙල අවසන තේරැමි යනවා ඇති. නමුත් මතක තබාගත යුතු කරැන වන්නේ මෙකි සමථ භාවනාවන් බුදුසමය විසින් විස්තර කරනුයේ එකි සමථ භාවනාවන් වැඩිමට බුදුසමය විසින් අනුබල දෙනුයේ විදර්ශනා භාවනා සදහා අවශ වන්නාවු  මාර්ගය සකසා ගැනිම සදහා බවයි. නැතහොත් බදු සසුනේ සාරය වන්නේ විදර්ශනාව මිසක් සමථ භාවනාව නොවන බව අවදාරනය කල යුතු කරැණක්. ආනාපාන,මෛත්‍රි වැනි සමථ භාවනාවන් බුදු  සසුනේ පිට හින්දු දර්ශනය තුල වුවද ඇති නමුත් විදර්ශනා භාවනාව ලැබිය හැක්කේ බුදුවරයෙකුගේ පහල විමෙන් පසු පමණි. එබැවින් බෞද්ධයන් සියලු දෙනාම පාහේ විදසුන් වැඩිය යුතුය. දන් දි මල් පුජා කර නිවන් යන්ට ලක්ෂවාරයක් පැතුවද එය ඉශ්ඨ කර ගැනිම අපහසු කරැණකි. නිර්වානය සදහා විද්‍යා හා චරනයන් සමිපුර්ණව තිබිය යුතුය. විද්‍යාව යනු විදර්ශනා ආදිය වඩා බණ උගන භාවනා කොට පංචස්කන්ධ ධර්මයන් පි‍ළිබදව යථා අවබෝධයක් ලබා තිබිය යුතුයි. චරන යනු මල් පහන් ආදිය පිදිම, දන් පැවැත්විම ආදිය කොට නිර්වානය සදහා පරමිතා සමිපුර්ණ කර තිබිය යුතුයි.

විදර්ශනාව තුලින් කරනුයේ සත්‍ය දර්ශනය දැකිමයි. ඇත්ත ඇති සැටියෙන් දැකිමට කරනා භාවනාව එසේත් නැතහොත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වනුයේ එසේත් නැත්නමි පටිච්ඡසමුත්පාදය දැකිය හැක්කේ විදර්ශනා භාවනාව තුලින් පමණි. විදර්ශනාවෙ ප්‍රතිඵලය වනුයේ මාර්ග-ඵලයන්ට පිවිසිමයි. නමුත් මෙ පිළිබදව විස්තරයක් මෙම ලිපි පෙලින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු නොවන අතර ඒ සදහා මහ පෙන්වන ස්ථාන පිළිබදව විස්තරයක් ලිපි පෙල අවසානයේ දැක්විමට බලාපොරොත්තු වෙමි.

ඊලග ලිපියෙන් තම චරිතයට අනුව කමටහනක් තොරා ගන්නා ආකාරය.
Read More...
49 අදහස් හා විමසීමි

මාරයා කියන්නේ බොරැවක් නේද? (එහෙනමි කියවන්න)

පින්වත් මිතුරනේ අද කරැණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ බුදු දහමෙ බොහෝ තැන්‍වල කියවෙන මාරයා පිළිබදව කරැණු කිහිපයක්. මාරයා යනු හුදු සංකල්පයක් පමණක් යැයි අයෙක් සිතනවා නමි, එනමි බොමැඩ මුලදී මාර පරාජය සිදු කිරිම හුදු ක්ලේෂයන් සමඟ සංග්‍රාමයක් පමණක් යැයි අයෙක් සිතනවා නමි. මුලින්ම කියන්න ඕන දේ තමයි. එය සමිපුර්ණ වැරදි වු නිගමනයක් බව. දැන් බලමු ඇයි එහෙම කියන්නේ කියල. ඒ සඳහා බුද්ධි ඝෝචර පිළිතුරක් කරැණු එකින් එක ගෙන විමසිමෙන් සොයාගත හැකි වනු ඇත.

මාර යනු කවරහුද?

බුදු දහමෙ කියවෙන මාරයා හා සමාණ කමක් දැක්වෙන චරිතයක් බයිබලයේද සොයාගත හැක. ඔහු හැදින්වෙන්නේ සාතන් යන නාමයෙන්.ඔවුන්ගේ දර්ශනයට අනුව සාතන් යනු දෙවියන්වහන්සේට විරැද්ධව කටයුතු කරණු ලබන අයෙක්. ඕ, බයිබලයේ පරණ තෙසේතමෙන්තුවට අනුව දෙවියන්වහන්සේ විසින් පිරිසිදුව මවන ලද මිනිසා වරදට පොළබවා. මිනිසා සතුවු අමරණිය ජිවිතය නැතිකර දැමු බවත්. ස්වර්ගය අහිමි කල බවත් දක්වා ඇත. එසේම බයිබලයේ නව තෙස්තමෙන්තුවට අනුව  ජේසුතුමන්ට සාතන් ගලක් කැවිම උත්සාහ දැරැ අවස්ථාවක් හා මිනිසුන්ට අවේශව කරදර කල අවස්ථාවක්ද, තවත් අවස්ථා කිහිපයක් දක්වා තිබේ. ඒ ක්‍රිස්තු තුමන්ට සාතන්ගෙන් ලද පිඩාවන්ය. බුද්ධ රශ්මි බිලොගයේ කිතුනු දහම ගැන සදහන් කරන්නේ මන්දැයි ඔබ බලනවා ඇති. එයටත් හේතුවක් තිබේ. මාර යන සංකල්පය බොදුනුවන්ට වඩා විවෙචනාත්මක මුඛයෙන් කථා කරනුයේ අන්‍ය ලබිධිකයන්ය. මේ කරැණු කිවේ බුදු දහමේ උගැන්වෙන මාරයාත්, කිතුනුවන් විසින් කියනා සාතනුත්, බොහෝ සමානතා ඇති බැවිනි. ඔබත් මාත් මාරයා දැක නැත. සාතන්ද දැක නැත. නමුත් ඔවුන්ගේ සාතන් සත්‍ය විමටත් අපගේ මාරයා බොරැ විමටත් හේතුවක් මම නොදකියි. යමි හෙයකින් සාතන් බොරැ වන්නේ නමි. බයිබලයේ පරන තෙස්තමෙන්තුව අවලංගු කිරිමට සිදුවනු ඇත. එසේම, පරණ තෙස්තමෙන්තුව නැතිවිට අලුත් තෙස්තමෙන්තුවක්ද තිබිය නොහැක. දැන් ඔබට කරැණු වැටහෙනු ඇත.    


මාර යනුවෙන් හැදින්වෙන්නේ කාමලොවට අධිපති දෙවියෙකි.දේවපුත්ත මාර යනුවෙන් හැදින්වෙන්නේ මොහුය. (පාපීමය, පාපී මාරය යනුද මොහුමය) ඔහු මිසදුටුවෙකි. තපස් රැකිමි ආදියෙන් කාම ලොවිහි සිටිනා සත්වයින් ඉවත යෑමට තැත් කර‍න්නේ නමි ඔහු එයට විරැද්ධය. ඒ මාරයා හට මහත් වු සේනාවක්ද ඇත. එනමි අනුගාමිකයන්.බෝමැඩ මුල අප තිලොගුරැ බුදුපියානන්වහන්සේ මාර පරාජය කල ආකාරය දැක්වෙන සුත්‍රදේශනයක් පිටකත්‍රයේ නැතත්, මහ බොමැඩට සිද්ධාර්ථ කුමාරයා හා සටනට මාරයා පැමිණි බව සුත්‍ර නිපාතයේ ප්‍රධාන සුත්‍රයේ දක්වා ඇත. මෙය ඉතා කෙටියෙන් සදහන් වුයෙකි.

එදා සිද්ධාර්ථ මහා සෘෂින්වහන්සේ හා සටනට දස බිමිබරක් මාර සේනාව පැමිනි බව ප්‍රකට කථාන්දරයක්. බිමි බරක් යනු යමි නිස්චිත පොලෝ තල ප්‍රමානයක මිනිසුන් හෝ සත්ත්වයින් යමිතාක් ප්‍රමාණයක් සිටගත් විට ඔවුන්ගේ බරට එම පොළොව ගිලා බසි නමි ඒ තාක් ජනකායක් බිමිබරක්
යැයි කියනු ලැබේ.

මිට අමතරව සංයුක්ත නිකායේ මාර සංයුක්තය යනුවෙන් පාපි මාරයා විසින් කලකි දෑ අඩංගුවන්නාවුවු සුත්‍ර සංයුක්තයක්ද ඇත. (මෙතනින් කියවන්න 01ආයුවර්ගය 02රජ්ජවර්ගය 03මාරවර්ගය) තවද බොසත් මහා සෘෂින්වහන්සේ දුෂ්කරක්‍රියා කරන සමයේ එය අතහරිනා ලෙස මාරයා පැමිණ අවවාද කල බවද ප්‍රධාන සුත්‍රයේ සදහන්. එසේම මහා පරිනිබිබාන සුත්‍රයේ (මෙතනින් කියවන්න) බුදුපියානන්වහන්සේට පිරිණිවන් පානා මෙන් මාරයා ආරාධනා කල බවද සදහන්.තවද මජ්ජිම නිකායේ මාර තජ්ජනිස සුත්‍රයේන් (මෙතනින් කියවන්න) අප බුදු පියානන්වහන්සේට මෙන්ම පෙර විසු බුදු රජුන්ටත් මාර පිඩා තිබු බව පැහැදිලිය. මිට අමතරව සංයුක්ත නිකායේ ඝොධික ස්වාමින් වහන්සේගේ කථාවෙන්ද ඡන්න ස්වාමින්වහන්සේගේ කථාවෙන්ද පැහැදිලිවන්නේ, මාර යනු හුදු සංකල්පයක් නොවන බවත්. සත්‍ය වශයෙන් ඇතියක් බවත්ය.

බුද්ධත්වයෙන් පස්වන සත්යේ නැවතත් මාර දුවරැන් තිදෙනා බුදු රජුන් වසඟ කිරිමට පැමිණි බව දක්වා තිබේ. ඒ සුත්‍රය මෙහි පහතින් දක්වා ඇත. මාර දූවරැන්ගේ කථාව අසත්‍යයක් නොවන බව දැක්විමට මාගන්ධිය බ්‍රාහ්මණයා හට බුදු රජානන්වහන්සේ විසින් දේශිත "දිස්වාන තණ්හං අරති රගඤ්ච" යනාදි දේශනයම ප්‍රමාණවත් වනු ඇත. එයින් කියවෙන්නේ "මා හට තණ්හා, අරත්, රගා යන මාර දුහිතෲන් දැක ද මෛථුනයට කැමැත්තක් නොවිය. මෙවැනි මළ මුත්‍රයෙන් පිරැණු ශරීරයක් කුමටද? ඇය පයින් ස්පරශ කිරිමට හෝ නොකැමතිය" යන්න එහි තේරැමයි.

මේ කිවිවේ බෞද්ධයන්ට, කියන්නං වාලේ කියන්න්ගේ නොදැනුවත් කථා විශ්වාස නොකොට ධර්මය විමසා දැන ගැනිමෙනුයි නියම
බෞද්ධයෙක් වනුයේ.


මාරධීතූ  නොහොත් ධීතරො සූත්‍රය.
මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවිවෙහි නේරංජරා ගංතෙර අජපල් නුගරුක මුල වසනසේක.

එකල්හි මරහුගේ දු වූ, තණහාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යමි තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ පාපී මාරයාට ගාථායෙකින්  මෙසේ  කීය.

පියාණනි, කවර හෙයින් නොසතුටුයෙහිද? කවර කවර පුරුෂයෙකු නිසා ශෝකකෙරෙයිද? අපි ඔහු, වනෙහි ඉන්නා ඇතෙකු මෙන්, රාග මලපුඩුයෙන් බැඳ ගෙනෙන්නෙමු. ඔහු ඔබට යටත් වන්නේය.

ඔහු  සුගතයෝය. ඔහු ලොව රහත් කෙනෙක. රාගයෙන් බැඳ ගෙනිය නොහැක්ක. මරහුගේ බල පවත්නා සීමාව ඉක්මවූ කෙනෙක. එබැවින් මම බොහෝ සේ ශෝක කෙරෙමියි  මාරතෙම කීය.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රමණයාණනි, ඔබට පා මෙහෙවර කරමෝදැ යි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදිනුසේක්ද, එහෙයින්ම ඔවුන්ගේ වචනය සිතට නොගත්සේක.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු එක් පැත්තකට ඉවත්වගොස් පිරිමින්ගේ අදහස් නොඑක් සැටිය. අප එකි එකිය එක් සියක් එක් සියක් කුමරියන්ගේ වෙස් මවා ගතහොත් ඉතා යහපත්යැයි නිශ්චය කර ගත්හ.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු එකි එකිය එක් සියක් එක් සියක් කුමරි වෙස් සියයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ ශ්‍රමණයාණනි, ඔබෙ පා මෙහෙවර කරමිහ යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු මෙසේ නිශ්චය කර ගත්හ. පිරිමින්ගේ අදහස් නානාවිධය. අප දරුවන් නොවැදු අඹුවන් සියදෙනෙකුන්සේ එකි එකියක සියය සියය බැගින් මවා ගතහොත් ඉතා යහපති" යි නිශ්චය කර ගත්හ.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු එකි එකියක නොවැදු අඹුවන් සියයක බැගින් වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ  මහණ, ඔබට පා මෙහෙවර කරමිහ" යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු එක් වරක් වැදු ස්ත්‍රින්ගේ වෙස් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ

"මහණ, ඔබට පා මෙහෙවර කරමිහ" යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු දෙවරක් වැදු ස්ත්‍රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ "මහණ, ඔබට පා මෙහෙවර කරමිහ" යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදිණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු මැදුමි වයස් පත් ස්ත්‍රීන්ගේ වෙස් සියය බැගින් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ "මහණ, ඔබට පා මෙහෙවර කරමිහ" යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු වයසින් බොහෝ වැඩුනු ස්ත්‍රීන් සිය දෙනෙකුන්ගේ වෙස් මවාගෙන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ  "මහණ, ඔබට පා මෙහෙවර කරමිහ" යි කීහ. එයද කෙලෙසුන් කෙරෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ සිතට නොගත්සේක.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු පසෙක ඉවත්ව සිට, අප පියා කීයේ ඇත්තක්මය. එනම

"සුගතයෝ ලොව රහත් කෙනෙක. ඔහුව රාගයෙන් බැඳ ගත නොහැක. මරහුගේ බල පැවති පෙදෙස ඉක්මවාලූ කෙනෙක. එබැවින් මම බොහෝ සේ ශෝක කෙරෙමි" යි.

අපි රාගය පහ නොකළ මොනම මහණකු කරා හෝ බමුණකු කරා හෝ මෙ උපක්‍රමයෙන් එළඹුණමෝ නමි ඔහුගේ ළය හෝ පැලෙන්නේය, උණු ලේ හෝ ඔහුගේ කටින් පිටවන්නේය, උමතු බවට හෝ පැමිණෙන්නේය. සිත් කැලඹුමට හෝ පැමිණෙන්නේය. සිඳිනු ලැබූ යමි නිල් බටගසක් යමි සේ වියලෙන්නේද, වෙසෙසින් වියලෙන්නේද, මැලවෙන්නේද, එසේම හෙතෙම වියලෙන්නේය, වෙසෙසින් වියලෙන්නේය, මැලවෙන්නේය" යි කීහ.

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පසෙක සිටියහ.

පසෙක සිටි තණ්හා මාරදූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය

"ශොකයට පැමිණ, වෙනෙහි සිතිවිලි සිත සිතා ඉන්නෙහිද? වස්තුවක් පැරදිණෙහිද? නැතහොත් වස්තුවක් පතමින් ඉන්නෙහිද? ගමෙහි යමි අපරාධයක් හෝ කෙළෙහිද? මහජනයා හා කවර හෙයින් යහළුකමි නොකෙරෙහිද? කිසිවකු හා ඔබෙ යහළුබවෙක් ඇති නොවෙද?

එවිට භාග්‍යවතුන් වහන්සේ මම ප්‍රියවූ, මිහිරි ස්වභාවය ඇති, කෙලෙස් සෙනඟ පරදවා, තනිව ධ්‍යාන කිරීමෙන් අභිමතාර්ථය ලැබගැන්ම වූ, ළය නිවීම වූ, රහත්ඵලය අවබෝධ කෙළෙමි. එබැවින් ජනයා හා යහඑකමි නොකරමි. කිසිවකු හා මගේ යහළුකමෙක් නැත්තේය " යි වදාළ සේක.

ඉක්බිති අරති මාරදුතොම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීවාය.

"මෙහි කවර විහරණයක් බහුලකොට ඇති මහණතෙම පංඤ්චද්වාරික  (කෙළෙස් ) මහවතුර තරණය කෙළේද?
 මෙලොව සයවැනි  (මනෝද්වාරික කෙලෙස්) මහවතුරත් එතර කෙළේද? කාමසංඥාවෝ බොහෝ සෙයින් කෙසේ ධ්‍යාන කරන ඔහු නොලැබ මුළුමනින් බැහැර වෙත්ද?


එවිට භාග්‍යවතුන් වහන්සේ  "සන්සුන් කය ඇති, මොනවට මිදිණු සිතැති, කර්ම රැස් නොකරන, සිහියෙන් යුක්තවූ කාමාදී ආලය නැති රහත්තෙම චතුස්සත්‍ය ධර්මය දැන , විතර්ක රහිත ධ්‍යාන ඇත්තේ නොකිපෙයි, නොම සිහිකෙරෙයි , නොම හැකිළුනේද වෙයි.

එසේ බහුල විහරණ ඇති මහණතෙම මෙහි තරණය කළ පඤචද්වාරික  (කෙලෙස් ) ඇතියේ, සයවැනි  මනෝද්වාරික (කෙලෙස් ) මහ වතුරත් තරණය කෙළේය. කාම සංඥාවෝ මෙසේ බහුල විහරණ ඇති,  ධ්‍යාන කරන ඔහු නොලැබ, මුළුමනින් ඔහුගෙන් බැහැරවෙත්ය" යි වදාළසේක.

එවිට රගා නමි මාරදු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙ ගාථාව කීවාය

"ගණයා කෙරෙහිත්, සමූහයා කෙරෙහිත් හැසිරන මෙතෙම තෘෂ්ණාව සින්දේය. බොහෝ සත්ත්‍වයෝද ඒකාන්තයෙන් මොහු ගිය මගින් යන්නාහ. ආලය නැති මෙතෙම බොහෝ ජන සමූහයක් මාර රාජයාගෙන් පැහැරගෙන පරතෙරට  (නිවනට) පමුණුවන්නේය."

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. "මහාවීරවූ තථාගතවරු සද්ධර්මයෙන් සත්ත්‍වයන් එතෙරට  (නිවනට) පමුණුවත්මය. නුවණැතියන් ධර්මයෙන් සත්ත්‍වයන් එතෙර පමුණුවනකල්හි එයට කවර ඊර්ශ්‍යාවෙක්ද?

ඉක්බිති තණහාද, අරතිද, රගාද, යන මාරදුහු පාපී මාරයා යමි තැනෙකද එතැනට පැමිණියහ.

පාපී මාරයා, එන තණහාද, අරතිද, රගාද, යන මාරදුන් දුරදීම දිටී. දැක මෙසේ ගාථාවලින් කීය
අනුවණයිනි, නෙළුමි දඩුයෙන් කන්දක් පළන්නට සිතවුද? නියෙන් පර්වතයක් සාරන්නහුද?  දතින් යකඩ විකන්නහුද?

හිස මතුයෙහි මහ ගලක් තබාගෙන ගැඹුරෙහි පය ගසන්නට තැනක් සොයවුද?  ළයෙහි උලක් වැදුණු සෙයින් කලකිරී ගෞතමයන් පසුව එවුද?

සංගායනා කළ තෙරහු මෙසේ කීහ. තණ්හාද, අරතිද, රගාද යන මාර දුහු දිලිහි දිලිහී බුදුරජුන් වෙත ආහ.  එහෙත් සුළඟ පුළුන්පෙදක් ඉවතලූවා සේ ශාස්තෲන් වහන්සේ එහිදී ඒ මර දූන් දුරුකළ සේක.



මෙම ළිපිය කියවා එක් අයෙකුගේ හෝ මිසදුටුකමි දුරැවුයේ නමි ඒ පින මහත්ය. එයින් ඔබටත් මටත් නිවන් සැපම වේවා.
Read More...
4 අදහස් හා විමසීමි

ජයමංගල ගාථා හා අලවි යකු ධමනය

පින්වත් මිතුරනේ අද ලිපියෙන් කරැණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ අලවි යකු ධමනය කිරිම සමිබන්ධයෙන්, මෙම විස්තරය ත්‍රිපිටකයේ යක්ක සංයුක්තයෙන් හා ආනන්ද මෛත්‍රීය මහ නාහිමියන්ගේ බුද්ධ චරිතය ග්‍රන්තයෙන්.

                          (02)
මාරාතිරේක මභියුජ්ඣිත සබ්බ රත්තිං
ඝෝරංපනාලාවක මක්ඛ මතද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

ඒ මාරයා හට වඩා අවියෙන් බිරම් වූ
බෝසේ බිරම් ගොර අලවු යකු කෝපවත් වූ
පලා මෙතින් තෙද නැණින් දිනු ඒ මුනින්දා
ඒ තේජසිං ජයමඟුල් ඔබටත් ලැබේවා


අළවක යකු ධමනය කිරිම
සැවැත්පුර වෙසෙන භාග්‍යවතුන්වහන්සේ කළුවර පක්ෂයේ පොහෝ දිනක අලුයමි කාලයේ මහා කරැණා සමාපත්තියෙන් නැගිට ලොව බලන සේක්, ආළවක කුමරැ අනාගාමි විමට හේතු සමිපත් ඇති බවද, අළවියකු සෝවාන් ඵලයෙහි පිහිටුවිය හැකි බවද, එහි දී වන ධර්ම දේශනාව අසා බොහෝ සත්ත්වයනට ධර්මාභිසමයද වන බව දැක, එදින සවස හුදකලාවම පා ගමනින්ම වැඩ,අලවි පුරයට ටික දුරකින් වනයේ වු ආළවක යකුගේ ප්‍රාසාදයට වැඩි සේක.

එසේ වැඩ ආළවක යකුගේ පුටුයේ හිද, එහි පැමිණි යක්ෂ ස්ත්‍රින්ට අවවාද කල සේක. ටික වෙලාවකින් අළවි යක් තෙම එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට නොයේ අයුරෙන් හිරිහැර කරන්නට තැත් කල සේක.ඒ කිසිවකින් ජය නොලත් හෙතෙමෙ, භාග්‍යවතුන්වහන්සේ කුපිත කල හැකැයි සිතා නින්දා වචනින් "ශ්‍රමණය මින් පිට වෙවැයි කිය" මෙහිදී මෘදු බව දැක්විමෙන් යකුගේ කොපය අඩු කල හැකි බව දිටි බුදු රජානන්වහන්සේ "යහපත ඇවැත්නි කියා ගෙයින් පිටවු සේක" එතැන්සිට සිදුවිම, සුත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ,යක්කසංයුක්තයේ, ඉන්දකවග්ගයේ, ආලවක සුත්‍රය පහතින් දක්වමින් ඉදිරිපත් කරනු ලැබෙ.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අළවිනුවර අළවියකුගේ භවනයෙහි වැඩවසන සේක.

ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට "මහණ, නික්මෙව" යි කීය. "මැනවි, ඇවැත්නි" යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. "මහණ. ඇතුල්වෙව" යි ආළවකයා කීය. "ඇවැත්නි මැනවැ" යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.




දෙවෙනුවත් ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට "මහණ, නික්මෙව" යි කීය. "ඇවැත්නි මැනවැ"  යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. "මහණ. ඇතුල්වෙව" යි ආළවකයා කීය. "ඇවැත්නි මැනවැ" යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.

තුන්වෙනුවද භාග්‍යවතුන්වහන්සේ එසේම කල සේක. (සංශිප්තය) 

සතරවෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට "මහණ, නික්මෙව" යි කීය.

ඇවැත්නි, මම නොනික්මෙමි. තා විසින් යමක් කටයුතු නමි එය කරව" යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

මහණ, තා අතින් ප්‍රශ්නයක් අසමි. ඉදින් එය මට නොවිසදියේ නමි තාගේ සිත හෝ කළඹන්නෙමි. තාගේ හෘදය හෝ පළන්නෙමි. පාදයෙන් අල්ලා ගිහින් එතර හෝ දමන්නෙමි" යි ආළවකයා කීය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, බමුණන් සහිත ලොව දේව මනුෂ්‍ය ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත කළඹන්නේ හෝ හෘදය පළන්නේ හෝ පාදයෙන් ගෙන මහ ගිහින් එතර දමන්නේ හෝ වෙද, එබන්දක් මම නොදකිමි. එසේ වුවද, ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි, නමි එය අසව."

ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය
(මෙය අළවි යකු සිය දෙමාපියන්ගෙන් උගත්තාවු  ප්‍රශ්ණ 04 කි)

01) මෙලොවිහිවූ පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය නමි කුමක්ද? පුරුදුකළාවූ කුමක් සැප ගෙන දෙන්නේද? කෙසේ ජීවත්වන්නකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබෙද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. "මෙලෙවිහි පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය නමි ශ්‍රධාවයි. පුරුදුකළාවූ ධර්මය සැප ගෙන දෙයි. රසයන් අතුරෙන් ඒකාන්තයෙන් සුමිහිරි රසය
සත්‍යයයි. ප්‍රඥාවෙන් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි ආර්‍යයෝ කියත්."

02) ආළවකයා මෙසේ කීය "සසර නමැති සැඩ පහර කොයි පරිද්දෙකින් තරණය කෙරේද? සසර සයුර කෙසේ තරණය කෙරේද? දුක කෙසේ ඉක්මවාද? සත්ත්‍වයා කෙසේ පිරිසිදු වෙද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. "ශ්‍රද්ධාව කරණකොටගෙන ඔඝය තරණය කරයි. අප්‍රමාදයෙන් සසර සයුර තරණය කරයි. වීර්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාව කරණකොටගෙණ පිරිසිදුවෙ"

03)ආළවකයා මෙසේ කීය ප්‍රඥාව කවරාකාරයෙකින් ලබයිද? ධනය කවර ආකාරයෙකින් ලබයිද? කීර්තියට කවර කාරණයෙකින් පැමිණේද? 

04)මිත්‍රයන් කවර කාරණයෙකින් තමා කෙරෙහි බැඳගනීද? මෙලොවින් පරලොවට පැමිණ කවර කාරණයෙකින් ශෝක නොකෙරේද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. "නුවණැත්තාවූ, ප්‍රමාදනුවූ ජනතෙම, රහතුන්ගේ සද්ධර්මය අදහන්නේ, මනාව ඇසීම හේතුකොටගෙන නිර්වාණයට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.

සුදුසු කටයුත්තෙහි යෙදිනු, ඉසිලියයුතු බර උසුලන වීයර්‍ය සමිපන්න ජනතෙම ධනය ලබයි. සත්‍යය කරණකොටගෙණ කීර්තියට පැමිණෙයි. ත්‍යාගවත් ජනතෙම මිත්‍රයන් බැඳගනී.

ගිහිගෙයි වසන්නාවූ ශ්‍රද්ධා ඇති, යමි ගිහියකුහට සත්‍යයත්, ඉන්ද්‍රිය දමනයත්, වීර්‍යයත්, ත්‍යාගයත් යන මෙ ධර්ම සතර වෙත් නමි හෙතෙම මෙලොවින් පරලොව ගොස් ඒකාන්තයෙන් ශෝක නොකෙරේ.

(මෙසේ අප භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ අළවි යකුගේ ප්‍රශ්ණ විසදිමි වශයෙන් ඔහුට ධර්මය දේශනා කල සේක. ධර්ම ශ්‍රවනයෙන් යක් තෙම සොවාන් ඵලයේ පිහිටින ලදි.)

"එව,.සත්‍යයටත්, ඉන්ද්‍රිය දමනයටත්, ත්‍යාගයටත්, ඉවසීමටත් වඩා උසස් වූවක් මෙලොව ඇත්දැයි අන්‍ය බොහෝවූ මහණ බමුණන්ගෙන්ද විචාරව."

ආළවකයා මෙසේ කීය "මෙලොව අභිවෘද්ධියද පරලොව සුගතියද පිණිස යමක් වෙ නමි ඒ කාරණය මම අද පටන් දනිමි. එහෙයින් දැන් ඒ මම බොහෝවූ මහණ බමුණන් කුමකට විචාරමිද?

යමෙකුහට දෙන ලද දානවස්තුව මහත් අනුසස් ඇත්තේද මම ඒ අද පටන් දනිමි. සර්වඥයන් වහන්සේ වාසය පිණිස මෙ අළවි නුවරට වැඩවදාළේ ඒකාන්තයෙන් මගේම අභිවෘද්ධිය පිණිසය.

"ඒ මම බුදුන්ද, ධර්මයාගේ සුධර්මත්වයද,  බුදුන් විසින් මැනවින් වදාරණ ලද ධර්මයද, වදිමින් ගමින් ගමද නුවරින් නුවරද ඇවිදින්නෙමි.

මෙ වන විට පහන්වු බැවින් වෙන දා මෙන් අලවි යකුට බිලි පිනිස කුමරැවෙක් රැගෙන විත් තිබිණි. මෙවර රැගෙන විත් තිබුණේ අලවි නුවර රජුගේ පුත් කුමරැවාය. අලවි භවනයේ වැඩ සිටි බුදුරජානන්වහන්සේ දුටු රාජ පුරැෂයන් බුදු සමිදු වැද එකත්පස්ව සිට, යක්ෂයාට මෙසේ පවසන ලදි.
"මහා යක්ෂය මෙ කුමරැවා තොපට බිලි පිණිස අප ගෙන එන ලදි. මොහු පිළිගෙන කව, නැතහොත් කැමැත්තක් හෝ කරව" බුදු රජුන් ඉදිරියේම මෙම වදන් ඇසිමෙන් මෙ වන විට සොවාන් ඵලයේ පිහිටා සිටි අලවි යකු මහත් ලැජ්ජාවට පත් විය.

යකු දරැවා දැතින් පිලිගෙන ස්වාමිනි මෙ දරැවා මා පිනිස එවන ලද්දකි. බුදුවරැ හිතානු කමිපා ඇත්තොය මොහුට වැඩ පිණිස මෙ දරැවා පිළිගන්නා සේක්වායි කියා දරැවා බුදු රජුන්ගේ අතට දුන් සේක. බුදුරජානන්වහන්සේ මෙ දරැවා පෝෂණය කොට නැවත මා අතට දෙවුය කියා නැවත රාජ පුරැෂයන් වෙතටම දෙන ලදි. මෙසේ මෙම කුමරැවා අතින් අතට ගිය බැවින් හත්තාලවක නමින් ප්‍රකට විය. දරැවා රැජ පුරැෂයන් විසින් රජ ගෙට ගෙනයනු ලදුව මෙම පුවත නුවර පුරා පතල විය.
පිඩු පිණිස කාලය එලබියෙන් යක් තෙමෙද පා සිවුරැ ගෙන බුදුරජුන් පසුපස්සේ මද දුරක් ගොස් නැවතුනේය.බුදු රජුන්ද නුවර පිඩු පිණිස හැසිර වළදා නුවර දොරටුව සමිපයේ රැකක් මුල පනවා දුන් අසුනේ වැඩ හුන් සේක.අලවි රජුද නුවර වැසියෝද, එක්ව උන්වහන්සේ පිරිවරා සිටින ලදි.ඔවුහු එබදු දරැණු වු රජු කෙසේ හික්මවන ලද්දේ දැයි බුදු රජානන්වහන්සේ විචාලොය. අපගේ භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ සිදුවු සියල්ල පවසා  අලවි යකුට දෙසු ධර්මයම ඔවුනටද දේශනා කරන ලදි. එකි ධර්ම දේශනයෙන් සුවාසුදහසක් සත්ත්වයින්ට ධර්මාභිසමය විය.

මිනිසුන්ට ධමනය කල නොහැකිවු මරැහු මෙන් භයංකාර වු,. ඝෝර වු ආලවක යකු මෙතින් තෙද නැණින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ධමනය කල සේක. මෙය සත්‍යයකි ඒ සත්‍යානු භාවයෙන් ඔබටත් මටත් ජය මංගල්‍යක්ම වෙවා. (මෙ පිනෙන් ඔබටත් මටත් නිවන් සුවම වෙවා!!!)


ඊලග ලිපියෙන් නාලාගිරි ධමනය
Read More...
11 අදහස් හා විමසීමි

ජය මඟුල් ගී හා මාර පරාජය

පින්තූරය ගත්තේ
පින්වත් මිතුරනේ, අද කථා කරන්න බලාපොරොත්තු වන්නේ අපි කවුරැත් දන්නා ගාථා පෙළක් පිළිබදවයි.අපි මෙ ගාථා පෙළ කුඩා කාලයේ සිටම සෑම සුභ කටයුත්තකදිම, ආවාහ විවාහ මංගල්‍යකදීම භාවතා කර මෙන්ම භාවිතා කරනා ආකාරය දැක ඇති. මෙ කියන්ට යන්නේ මහා ජය මංගල ගාථා ගැනයි. හැබැයි දැන් මෙ කථා කරන්නට බලාපොරොත්තු වන්නේ ජයමංගල ගාථා ගැන විවෙචනයක් නමි නොවෙ. ජය මංගල ගාථා ගැන විවෙචනයන් බොහෝ ඇති අතර ඒ පිළිබදව විස්තර දැන ගන්න ඔන පිරිස මෙතනින් කියවන්න.

නමුත් බෞද්ධයන් වශයෙන් සැබවින්ම අපට ජයමංගල ගාථා අවශ්‍ය වන්නේ වචන විද්‍යාවෙන් නැතහොත් සෙත්කවියක් කියන්නාක් මෙන් හෝ මත්‍රයක් මෙන් භාවිතයට ගැනිමට යැයි අයෙක් සිතන්නේ නමි එයින් ඵලක් නොවනා බව ඔබට ඉහත යොමුවෙ දක්වා ඇති චිවාරය කියවිමෙන් පැහැදිලිවනු ඇත.

ජයමංගල ගාථාවන්හි අක්ෂර සංයෝගය කුමක් වුවත් එය නිසිපරිදි අවබෝධයෙන් යුතුව භාවිතා කරන්නෙකුට මහත්ඵල වුත් මහානිසංශිකවුත් කුශලයක් සිදුකර දෙන්නාවු ගාථාපන්තියක් බව කිවයුතුය. එය කෙසේද යන්න දක්වන්නට මත්තෙන් මහාජයමංගල ගාථා අර්ථයත් සමග කියවාගැනිමත් ඒ එක් එක් ගාථායෙන් විස්තර වන කථා වස්තූන් සංශේපයෙන් දැනගෙන සිටිම වැදගත් වනු ඇත.කථා විස්තර ඉදිරිපත්කරනු ලබන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමින්වහන්සේ විසින් රචිත බුද්ධ චරිත නමි ග්‍රන්තයේ පරිදි සංශෝධන සහිතව හා ත්‍රිපිටකය අනුසාරයෙනි.


                  
(01)
බාහුං සහස්ස මභිනිම්මිත සා යුධං තං
ගිරිමේඛලං උදිතඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

දසක් මවා ගෙන අතුන් අවියෙන් සමත් වී
ගිරිමේඛලා ඇතු නැගි සිටි මාර සේනා
දනාදි දම් විදි බෙලෙන් දිනූ ඒ මුනින්දා
ඒ තේජසිං ජයමඟුල් ඔබටත් ලැබේවා

 
මාර සංග්‍රාමය
අප බෝසත් මහා සෘෂින් වහන්සේ දුෂ්කර ක්‍රියාව නිමවා, සුජාතාවගේ කිරිපිඩු දන පිලිගෙන නේරංජරා ගං තිරයට වැඩමවා, භද්‍ර වනයේ දිවා විහරණය කොට ධ්‍යාන අභිඤ්ඤා උපදවා, සවස් භාගයේ බොරැක කරා වැඩම වු සේක. අනතුරැව අපරාජිත පර්‍යංකයෙන් වැඩ සිට මෙ ශරිරයේ සමි, මස්, ලේ, ඇට, නහර, වියැලී සුනු විසුනු වන කල්හිද, පුරැෂස්ථාමයෙන්, පුරැෂ විර්‍යයෙන්, පුරැෂ පරාක්‍රමයෙන් ලැබිය යුතුවු, සම්‍යක් සමිබෝධිය ලැබ මිස මා විර්‍ය අත් නොහරිමියි චතුරංග විර්‍ය ඉටා පෙරදිග බලා වජරාසනයේ වැඩ උන් සේක.

මහා පුරැෂයානන්වහන්සේට ගෞරව ස්තූති පිණිස ගලා එන මහා ජල දහරක් සේ අතුරැ සිදුරැ නොමැතිව රැස්වන්නාවු දිව්‍ය භ්‍රහම සේනා ‍හ්තුයෙන්හාත් පස මිහිබට දෙවි පුරක සිරි ඉසිලිය.බෝධි වෘක්ෂය හාත්පස පැවති මංගල උත්සව ආදිය හදිසියේ නැවතින. 

එතෙක් මහොත්සවයෙන් කල් යැවු දිව්‍ය භ්‍රහ්ම සමුහයෝ ඈත එන මහා සතුරෙකු දැක්මෙන් මෙන් හිස් ලුලු අත දිවගත්හ.එටකකුදු එහි සිටින්නට සමත් නොවිය.දහස් ගනන් උල්කාවෝ පතිත වන්නට විය. භයංකාර වු දිශා දාහයක් විය. අහසේ ධුමකේතු දෘශ්‍යමාන විය. සියළු දිශාවන් ඝන අන්ධකාරයෙන් වැසි යන්නට විය. මුළු පෘතුවියම සුලගට අසුවු වැලක් මෙන් සැලෙන්නට විය.හාත්පස චන්ඩ වාතය හැමිය. ගිගුරැමි හඩ මෙන් භයංකාර ශබිධයන්ද ඇසෙන්නට විය. වැසි නැති මුත් අහසේ දෙවිදුනුද විදුලි කෙටිමිද දෘශ්‍යමාන විය. ගිනි පුපුරැ තැන තැන පතිත විය. වන කවුඩු රැල නාද කරන්නට විය. තැන තැන බකමුහුණන්ගේ උල ලෙහෙණුන්ගේ අමනොඥහඩ ඇසෙන්නට විය. සොහොනින් නැගිට ආ ඇටසැකිලි රැසක් මෙන් භිය ජනක ප්‍රේත රැලකගේ සංචාරයක්ද දෘශ්‍යමාන විය. මෙ සියල්ලටම වඩා බියජනක වු ලොමු දැහැගන්වන සුලු කවන්ද රැපයක් අහසේ හැසිරෙන්නට විය.

මෙසේ අශුභ අනිටු නනා ප්‍රකාර දුර්නිමිති පහල වෙමින් පවත්නා කල්හිම,කඩු, පොරෝ,තෝමර ආදිය ගත් අත් ඇතිව, විහිදෙන ගිනිදැල් හා විශ දුමි සහිත විවෘත මුඛ ඇති, නග්න දුර්වර්ණ ප්‍රේතාදීන් වැනි නොයෙක් අප්‍රිය දර්ශන ඇති, භයංකාර සත්ත්ව සමුහයක්ගේ බෝමැඩ දෙසට දිව ඊමක් විය. ගනිවි, තලවි, මරවි ආදි වදන්ද සැම දෙසින්ම ඇසෙන්නට විය. බිහිසුනු ලෙසින් එහි රැස් වුයේ බ්‍රහ්ම පර්ශදයටද ආවිශ්ඨව පිඩා කිරිමට සමත්වු කාම භුමි අධිපති වසවත් මාරයා සහිත මාර සේනාවය. එහෙත් ඔවුන් බො මැඩට ඇතුලු විමට නොහැකිව, පිටතම සිටියහ.


          මහා සත්ත්වයානන්වහන්සේ ඔවුන්ගේ පැමිණිම සුලගට ගසාගෙන එන්නවු පරනලයක් තරමට හෝ නොතකා.අජේය වු පාරමිතා බල සහිතව, විශාරදව, විතභයව, හුදකලාව වැඩ හුන් සේක.එය දුටු මාර තෙම තමා මුළු ලොවට ජේෂ්ඨ යැයිද, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ යැයිද සිතා මහා සත්ත්වයන් දෙස අඩැසින් බලා "මිනිස් ලියක කුස කළලයෙහි කුණු මසක පනුවෙකු මෙන් උපන් මෙ මහණ නිර්ලජ්ජිය තමාගේ පමණ නොදනියි. මා වැන්නෙකු ඉදිරියේ සිටියදීද නොම නැගි සිටියි යැයි මහ බෝසතානන්වහන්සේට ගර්ජනා කරන ලදි. අනතුරැව මොහු බිය ගන්වා පලවා හරිමියි සිතා නව විධ වර්ශාවන් මවා ලිය. බෝසතානන්වහන්සේට ඉන් පිඩාවක් නොවිය. ඉක්බිති තමා නැගි උන් ගිරිමෙඛලා ඇතු මහසතානන්වෙත පමුනුවා "එමිබා සිද්දාර්ථ ඔය පළගින් නැගිටුවයි ගර්ජනා කලේය." මහබෝසතානෝ මරහු පානා විකාර දෙස බලා මදකුදු දොමිනස් නොකොට දයාබර වු සේක. මෙත් වඩන සේක්, මාරයා දෙස බලා,

මාරය මම මෙයින් නොම නැගි‍ටිමි. සදේවලොකයා විසින් යුශ්මතාගේ කාමාදි සේනාවට පරාජිතය. එය දනිමි. එහෙත් මාරය, ආර්‍ය මාර්ගය වැඩිමෙන් සියලු මිත්‍යා සංකල්පනා දුරැකොට, සම්‍යක් සංකල්පය පවත්වා කයාදි සතර තැන්හි මොනවට පිහිටුවා ලු සිහි ඇතිව, සවිවන් හික්මවමින් රටින් රට යන්නෙමි. මාගේ අනුශාසනය පරිදි පිළිපදින ඒ සවිවෝ නොමුලාව නිවන් කරා යන්නෝය. යැයි වදාල සේක.

එය අසා මාර තෙම මෙබදු රළු යකෙකු වු මා දැකද බිය නොවන්නේ දැයි ඇසිය. එසේය මාරය බිය නොවෙමියි මහබෝසතානන්වහන්සේ පැවසිය. එවිට මාරයා, කුමක් නිසා බිය නොවන්නේදැයි ඇසිය. මා දානාදි පාරමිතා පිරැ හෙයිනැයි බොසතානන්වහන්සේ වදාල සේක. 


යුෂමතා පින් කලේදැයි කවරෙක් නමි දනියිද?

මාරය, මෙහිලා විශේෂකොට දැක්විමි කුමකටද? අවශ්‍ය නමි එක් වෙසතුරැ අත් බැවිහි පමණක් දුන් දනින්  සත්යලක් කමිපිත වු මෙ මහ පොළවම සාක්ෂ්‍ය වෙ යැයි පවසා සිවුරැ ගැබින් දක්ෂින ශ්‍රි හස්තය නිකුත් කොට බිමට දුගු කල සේක. එකෙනෙහි මහ පොළව බිහිසුනු හඩ දෙමින් කමිපා වන්නට විය. එය දුටු මාරතෙම බියට පත්ව හෙන පහර ලද්දෙකු මෙන් පලායන ලදි. මෙසේ මහබෝසතානන්වහන්සේ හිරැ ධරමාන කල්හිම දෙවපුත්තමාර තෙම පරදවා විජයශ්‍රි ලැබු සේක. සාදු!! සාදු!! සාදු!!

ජය පරාජය බලමින් ඈත සිටි දෙවි බඹුහු මහබෝසතානන්වහන්සේ ලත් විජය ශ්‍රිය දැක,"එවි නිදුකානනෙනි සිද්ධාර්ථයානන් වහන්සේට ජය අත්විය. පාපි මරැ හට පරාජය විය. ජය මංගල්‍යයද,බුද්ධ මංගල්‍යයද, එක්ව කරන්නෙමුයි කියා බෝ මැඩ වටා රැස් වෙන ලදි.

සදෙවි ලොවි බ්‍රහ්ම ලොවිහි කිසිවෙකුටත් ධමනය කල නොහැකි වසවත් මරැ අපගේ මහබෝධිසත්වයන්ගේ පාරමිතා බල අභියස ධින විය. මෙය සත්‍යයකි ඒ සත්‍යානු භාවයෙන් ඔබටත් මටත් ජය මංගල්‍යක්ම වෙවා. (මෙ පිනෙන් ඔබටත් මටත් නිවන් සුවම වෙවා!!!)

ඊලග ලිපියෙන් අලවි යකු දමනය.
Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...