18 අදහස් හා විමසීමි

බුදුරජානන්වහන්සේගේ සවසක දුෂ්කර ක්‍රියාවෙ අප්‍රකට තතු

පින්වත් මිතුරනේ  අද මෙම ලිපිය ඉදිරිපත් කර‍න්නේ බෞදධයන් වන අප කවුරැත් දන්නා නමුත් ඒ පිළිබදව වැඩිමනත් හා නිවැරදි අවබෝධයක් නොමැති කරැණක් පිළිබදව. ඒ අපගේ තිලෝගුරැ සමිමා සමිබුදු රජානන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබදව විස්තරයි. මෙ පිළිබදව විස්තර ඇතුලත් වන්නේ ත්‍රිපිටකයේ මහා සිංහනාද සුත්‍රයේයි. එම සුත්‍රයේ දී බුදුරජානන්වහන්සේ උන්වහන්සේගේ සවසරක දුෂකර ක්‍රියාව සිදුකරන ලද ආකාරය උන්වහන්සේගේම ශ්‍රී වදනින් දේශිතයි. 

අප බුදුරජානන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබදව බෞදධයන් වන අප කවුරැත් දැන ගත යුතු  වන්නේ, එය අප සාස්තෘන්වහන්සේ පිළිබදව ඇති පැහැදිම හා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනයට හේතුවක් වන නිසාත්, මෙමගින් නිර්වාන සමිපත්තිය කෙතෙක් වෙහෙස මහන්සි වි වුවද, දුක් ගෙන වුවද ලැබිමට සුදුසුම ධර්මතාවක් වන බව පසක් කර දෙන බැවිනි.

ලොකය ඝෝලාකාරයැයි සොයා ගැනිමට මත්තෙන් මිනිසුන් සිතා සිටියේ ලොව තැටියක් ආකාරයෙන් පවතින බවයි, මෙකී කරැණ ප්‍රකාශ කරන්නට ගොස් මැරැමි කෑ දාර්ශනිකයන් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. ලොව යමක් අළුතින් සොයාගැණිමට මත්තෙන් මිනිසුන් ඉගෙනගනුයේ ලොව වර්ථමානයේ ඇති කරැණු , ඥානයන් හා දර්ශනයන්ය. අපගේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේගේ සවසරක දුෂ්කර ක්‍රියාව බුද්ධිමත් ලෙස අර්ථ දැක්වුවහොත් පෙනි යන්නේ, සත්වයා ශුද්ධිය ලබන්නේ මෙසේ යැයි
එකල ඉන්දියාවෙ  පැවති දෙසැටක් වාද (62)  අතරින් සැමක්ම වාගේ අනුගමනය කර ඒවා නිශ්පල ප්‍රතිපත්තින් බව තමන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කල කාලය උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව බවය. (මෙම වාද පිළිබදව බ්‍රහ්ම ජාල සුත්‍රයේ සදහන්)

ඒ අනුව මහා සිංහනාද සුතුරේ  සදහන් පරිදි අප තිලොගුරැ බුදුපියාණන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පහතින් දක්වනු ලැබෙ. අමතර විස්තර පපඤ්ච සුදනි නමි වු මජ්ජිම නිකාය අටිට කථාවෙන්කියවාගත හැක.

අංග සතරකින් යුක්තවූ වීර්‍යය
ශාරිපුත්‍රය, මම අංග සතරකින් යුක්තවූ වීර්‍යය කළ බව දනිමි. මම තපස් රකිනාකල තපස් ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය තපස් ඇත්තෙක් වීමි, මා එකල රඵ පිළිපැදීමි ඇත්තේ වීමි. රඵ පිළිපැදීමි ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය රඵ පිළිපැදීමී ඇත්තේ වීමි,  මම පාපය පිළිකුල් කරන්නෙක් විමි. පාපය පිළිකුල් කරන්නවුන් අතුරෙන් කෙළවරට පැමිණියෙක් වීමි, උතුමි විවෙක ඇත්තෙක් විමි. උතුමි විවෙක ඇත්තවුන් අතරින් උසස්ම තැනට පැමිණියේ වීමි.  ශාරිපුත්‍රය, මා රැක්ක ඒ තපස් මෙසේය.

තපස් රැකිම
අචෙලකාදීන්ගේ තපස මෙන් හොද පැවත්ම නැති නිර්වස්ත්‍රයෙක් වීමි.(ආහාර අණුභවයෙන් පසු )දිවෙන් අත ලොවින්නේ විමි. මළ පහකොට දණ්ඩක්යයි හිතාගෙන අතින් පිසින්නේ වෙමි.(මළපහකොට පිසදමනාව ඔවුන් සත්වයෙක් සේ පනවන බැවින්) ආහාර දීම පිණිස එව වහන්සැයි කී කල්හි නොපිළිගන්නේ වෙමි. සිටුව වහන්සැයි කියා දුන්දෙය නොපිළිගනිමි. පෙරටුව ගෙණෙන ලද ආහාරය නොපිළිගනිමි. මා උදෙසා කරන ලද්ද නොපිළිගනිමි. ආරාධනා කර දුන් බත නොඉවසමි. ඒ මම කළගෙඩි කටින් ගෙණ දුන් දෙන නොපිළිගනිමි. සැලිකටින් ගෙණ දුන් දෙය නොපිළිගනිමි (හැන්ද පහර ලබයි යැයි සිතා). එලිපත අතරකොට සිට දුන් දෙය නොපිළිගනිමි. දණ්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිමි. මෝල්ගසක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිමි. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන් දෙය නොපිළිගනිමි. ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිමි. කිරි පොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිමි. යමි තැනක බල්ලෙක් එළඹ සිටියේද ඔහුට නොදී  එහිදී දුන් දෙය නොපිළිගනිමි. යමි තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙත්ද එහිදී දුන් දෙය නොපිළිගනිමි. දියමස් අනුභව නොකරමි. ගොඩමස් අනුභව නොකරමි. සුරාව නොබොමි. මල්යුසින් කළ මත්පැන් නොබොමි. කාඩිදිය නොබොමි.

ඒ මම පිඩු සිගීමට එකම ගෙයක් ඇත්තේ හෝ
වීමි. එකම බත් පිඩකින් යැපෙන්නේ හෝ වෙමි. ගෙවල් දෙකක පිඩු සිගන්නේ හෝ වීමි. බත් පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වීමි. ගෙවල් සතක පිඩු සිගන්නේ හෝ වෙමි. බත් පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙමි. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නේ හෝ වෙමි. බත් තැටි දෙකකින් යැපෙන්නේ හෝ වීමි. බත් තැටි සතකින් යැපෙන්නේ හෝ වීමි. එක දවසකට වරක් හෝ ආහාර ගනිමි. දෙදිනකට වරක් හෝ ආහාර ගනිමි. සත්දිනකට වරක් හෝ ආහාර ගනිමි. මෙපරිද්දෙන් අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරමි.

ආහාරය
ඒ මම අමුපලා කන්නෙක් වීමි. බඩහමි කන්නෙත්
වීමි. වනයෙහි ඉබෙටම හැදෙන වී වර්ගයක් කන්නෙක් වීමි. සමිකෑලි කන්නේක් වීමි. මැලියමි කන්නේක් වීමි. කුඩු වර්ග අනුභව කරන්නේක් වීමි. දන්කුඩ කන්නේක් වීමි. තල ආදී මුරුවට කන්නේත් වීමි. ලා තණ කොළ කන්නේත් වීමි. වනමුල් ඵල ආහාර කොට ඇත්තේ ඉබෙ වැටුණු ඵල අනුභව කරන්නේක්වී යැපෙමි.

වස්ත්‍රය
ඒ මම හන වැහැරින් අදිමි. මිශ්‍ර වස්ත්‍රත් අදිමි. මිනියෙන් ඉවත්කළ වස්ත්‍රත් අදිමි.  පාංශුකුල වස්ත්‍රත් අදිමි. ගස්වල පතුරුත් අදිමි. අදුන්දිවි සමිද දරමි. මැදින් පැලූ අදුන්දිවි සමිද අදිමි.  කුසතණ වැහැරිද අදිමි. නියද වැහැරිද අදිමි. පටිටාද අදිමි. ඉසකේවලින් කළ කමිබිලිද දරමි. බක මුහුණු පිහාටුවලින් කළ වැහැරිද දරමි. ඉසකේ රැවුල් උගුල්ලන්නෙක් වෙමි. ඉසකේ රැවුල් ඉගිල්ලීමෙහි යෙදිනේ වෙමි. 

ආසනවල වාඩිනොවන්නේ උඩුකුරුව සිටියේ වෙමි. උඩුකුරුව සිටීමෙ වීර්‍යයෙන් යුක්තවූයේ උඩුකුරුව සිටින්නේ වෙමි. කටු යහනෙහි හේත්තුවන්නේ වෙමි. කටු ඇතිරිලි මතුයෙහි සයනයකරමි. සවස තුන්වැනි කොට දවසට තුන්වරක්  දියට බැසීමෙහි යෙදිනේ වාසය කරමි. මෙසේ නොයෙක් අන්දමින් ශරීරය තවන පෙළන තපස්කමිවල යෙදී වාසය කෙළෙමි. ශාරිපුත්‍රය, මාගේ තපස්කම මෙසේ විය.

කටුක පැවැත්ම
ශාරිපුත්‍රය, මාගේ කටුක පැවත්ම මෙසේය. අවුරුදු ගණනක් මුලුල්ලේ බැදුණ දූවිලි ශරීරයෙහි රැස්වී පතුරු සෑදුනේ වෙයි. ශාරිපුත්‍රය, අවුරුදු ගණනක් මුලුල්ලේ පොතු එක්වූ තිඹිරිකණුවක් යමිසේ හටගත් පතුරු ඇත්තේ වෙද ශාරිපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ ශරීරයෙහි අවුරුදු ගණනක් මුඵල්ලේ බැදුන දූවිලි ශරීරයෙහි රැස්වී පතුරු සෑදුනේ වෙයි. ශාරිපුත්‍රය, ඒ මට මෙසේ කල්පනා නොවෙයි. මම මෙ දූවිලි අතින් පිසදමන්නේ නමි අන්කෙනෙක් හෝ අතින් පිස දමන්නාහු නමි ඉතායෙහෙකැයි කියා නොසිතෙයි. ශාරිපුත්‍රය, මෙ වනාහි මාගේ කටුක පැවැත්මයි.

පාපයට පිළිකුල් බව
ශාරිපුත්‍රය, මාගේ පාපයට පිළිකුල් බව මෙසේ වෙයි. ශාරිපුත්‍රය, ඒ මම සිහි ඇතිවම ඉදිරියට යමි. සිහි ඇතිව පෙරළා එමි. මම නුසුදුසු තැනකට පැමිණීමෙන් කුඩා ප්‍රාණීන් විනාශයට පත් නොකරන්නෙමි කියා දිය බින්‍දුවක් කෙරෙහිද මාගේ දයාව පැතිර සිටියා වෙයි. ශාරිපුත්‍රය, මෙය මාගේ පාපයෙහි පිළිකුල් බව වෙයි.

උසස් විවෙක ඇති බව
ශාරිපුත්‍රය, මෙය මාගේ උසස් විවෙක බව වෙ. ශාරිපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වෙසෙමි.  යමි විටක ගොපල්ලෙකු හෝ අවශේෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙන යන්නෙකු හෝ දර ගෙන යන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිමි ද, එවිට මම සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන්  බෑවුමටඑ ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද ඔවුහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිමිවා කියා සිතාගෙනය.

ශාරිපුත්‍රය, යමිසේ වනවැසි මුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට බෑවුමෙන් බෑවුමට ගොස් පනින්නේද එමෙන් මමද ගොපල්ලෙකු හෝ අවශෙෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙන යන්නෙකු හෝ, දරගෙනයන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිමිද, එවිට මම සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන් බෑවුමටද ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද  ඔහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිමිවා කියා සිතාගෙනය ශාරිපුත්‍රය, මෙය උසස් විවෙක ඇති බව වෙයි.


විශෙෂ මහත් භොජනය
ශාරිපුත්‍රය, ඒ මම නික්මුණු ගවයන් ඇති ගොපඵවන් නැති යමි  ගාල් වෙත්ද එහි වතුගුණ්ඩිකව දෙදණ දෙවැළ මිටි බිම තබා දෙනුන් වෙතට කිරි බීමට පැමිණෙන්නාවූ බාලවූ වස්සන්ගේ යමි ඒ ගොම ඇත්ද ඒ ගොම අනුභවකරමි. ශාරිපුත්‍රය, මළමුත්‍ර කොට අවසාන වීමට පෙර තමාගේම මළ මුත්‍ර ගෙන අනුභව කරමි. ශාරිපුත්‍රය, මෙය මාගේ විශෙෂ මහත් භොජනය වෙයි.

උපේක්ෂා විහරණය
ශාරිපුත්‍රය,මම කිසියමි භයානකවූ වන ලැහැබකට පිවිස වෙසෙමි. ශාරිපුත්‍රය, ඒ භයානක වන ලැහැබෙහි භයානකකම මෙසේය. යමිකිසි වීතරාගී නොවූවෙක් රාග සහිත කෙනෙක් ඒ වන ලැහැබට ගියහොත් බොහෝසෙයින් ලොමු ඩැහගනින්. ශාරිපුත්‍රය,මම පිනි වැටෙන කාලයවූ නවන්, මැදින් දෙමස අතර අටදවසෙහිවූ හිම සෘතුවෙ ශීතල අධිකවූ යමි ඒ රාත්‍රීහු වෙත්ද, එබදු රාත්‍රීන්හි එළිමහනේ වාසය කරමි. දවල් වන ලැහැබෙහි වාසය කරමි. ග්‍රීෂ්ම සෘතුවෙ අන්තිම මාසයෙහි දවල් එළිමහනේ වාසය කරමි. රාත්‍රීයෙහි වනලැහැබෙහි වාසය කරමි. ශාරිපුත්‍රය,

ශුද්ධිය සෙවීමෙහි යෙදුනු ඒ මම උෂ්ණයෙන් අතිශයින් තැවුනේ සිහිලක් නොසෙවීමි අතිශයින් සීතලවූ භයානක වනයෙහි තනියම නග්නව වාසය කරමිනුත් ගින්න වෙත නොගියෙමි.

ශාරිපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනීඇට කොටිට වශයෙන් තබා ශයනය කරමි. ශාරිපුත්‍රය, ගවපාලක දරුවෝ මං වෙත පැමිණ ඇගට කැසිකාරා දමත්. මුත්‍රද කරත්. පස්ද විසිකරත්. කන්සිදිරුවල ඉරටුගසත්, ශාරිපුත්‍රය, මම වනාහි ඔවුන් කෙරෙහි පවිටුසිතක් ඉපදවූ බවත් නොදනිමි. ශාරිපුත්‍රය, මෙය මාගේ උපක්ෂා විහරණයයි.

ආහාරයෙන්  විශුද්ධිය සොයා
ශාරිපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධියවෙ යයි කියන්නාවූ ඇතැමි මහණ බමුණෝ ඇත්තාහුමය. ඔවිහු අපි ඩෙබරවලින් යැපෙමුයයි කියති. ඔවිහු ඩෙබරද කත්, ඩෙබර කුඩුද කත්, ඩෙබර මිරිකා ගත් දියද බොත්. ඩෙබරවලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම ඩෙබර ඵලයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, ඒ කාලයේ ඩෙබර ගෙඩි බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිදි ඩෙබර ගෙඩිය අද තරමිම විය.

ශාරිපුත්‍රය, එකම ඩෙබර ඵලය ****ආහාරකොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙටිටුබවට පැමිණියේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යමිසේ ද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය තටිටම ඔටුවෙකුගේ කුරයක් යමිසේද එසේ විය. රැහැණින් අමුණන ලද ලීවැටිය යමි සේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොදු ඇටය උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරූ ශාලාවක පරාල යමිසේ උඩු යටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන්ම උඩු යටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වල කඵ ඉංගිරියා ගැඹුරු ලිදක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නාලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නාලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අවිවෙන් හා සුළගින් ඇකිළී මලානිකවී යන්නේ යමසේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.

ශාරිපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අත ගාමි. පිටිකොන්ද අතගාන්නෙමියි බඩම අතගාමි. කවර හෙයින්ද ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඩෙ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.

ශාරිපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි වාඩිවූ කල එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය. ශාරිපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරිපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොමි වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.****

ශාරිපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වෙ යයි කියන්නාවූ ඇතැමි මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි මුං ඇටවලින් යැපෙමුයයි කියති. ඔවුහු මුං ඇටද ගත්. මුං ඇට කුඩුද කත්. මුං ඇට තමිබාගත් දියද බොත්. මුං ඇට වලින් කළ නානාප්‍රකාරවූ ආහාර අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම මුං ඇටයක් ආහාරකොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, ඒ කාලයේ මු ඇට මහත්ව තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එ කල්හිදි මුං ඇට අද තරමිම විය.

ශාරිපුත්‍රය, එකම මුං ඇටයක් **** අතර කොටස මෙහිද ඇතුලත් කොට කියවිය යුතුයි.

ශාරිපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වෙයයි කියන්නාවූ ඇතැමි මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි තලවලින් යැපෙමුයයි කියති. ඔවුහු තලද කත්. තල කුඩුද කත්. තල මිරිකා ගත් දියද බොත්. තලවලින් කළ ආහාරද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම තල ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, මම වනාහි එකම තල ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, ඒ කාලයේ තල ඇට බොහෝ ලොකුවට තිබනේනට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිද තල ඇට අද තරමිමය.

ශාරිපුත්‍රය, එකම තල ඇටය **** අතර කොටස මෙහිද ඇතුලත් කොට කියවිය යුතුයි.

ශාරිපුත්‍රය, ආහාරය කරණ කොට ගෙන ශුද්ධිය වෙයයි කියන්නාවූ ඇතැමි මහණ බමුණේ ඇත්තාහුය. ඔවුහු අපි සහල්වලින් යැපෙමුයයි කියති. ඔවුහු බත්ද කත්. සහල් සුණුද කත්. සහල් මිරිකා ගත් දියද බොත්. සහල්වලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම සහල් ඇටයක් ආහාර කොට ගත් බව දනිමි.

ශාරිපුත්‍රය, ඒ කාලයේ සහල් ඇට බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. ඒකල්හිදි සහල් ඇටය අද තරමිම විය.

ශාරිපුත්‍රය, එකම සහල් ඇටයක් **** අතර කොටස මෙහිද ඇතුලත් කොට කියවිය යුතුයි.


අවසන් නිගමනයක්
ශාරිපුත්‍රය, මම ඒ පැවතුමිවලින් ඒ දුෂ්කර ක්‍රියාවලින් මනුෂ්‍ය ධර්යට වැඩිවූ ආර්‍යභාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නොලැබීමි. කවර හෙයින්ද යත් දැන් මා විසින් ආර්‍ය වූ නිවනට පමුණුවන්නාවූ, ඊට අනුව පිළිපදින්නහුගේ දුක් කෙළවර කරන්නාවූ යම ප්‍රඥාවක් අවබොධ කරන ලද්දේ වෙද ඒ ප්‍රඥාව එයින් අවබොධ නොකළ බැවිනි.

මෙයින් කියවෙන්නේ මෙ එක් වෘතයකින් හෝ තපසකින් හෝ තිලොගුරැ බුදුපියානන්වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්‍ය සත්‍ය අවබෝධ කල නොහැකි බවයි. 


සංසාරයෙන් මිදිම පිණිස ඔබත් මාත් අවබෝධ කල යුතු ඒ සතරක් වු ධර්මයන්, මායා ජාලාවක් වු මෙ ලොවින් තමන්වහන්සේ විසින්ම පිළිපැද අවබෝධ කොට තෝරා බෙරා මාර්ගය හා අමාර්ගය බුදු රජානන්වහන්සේ විසින්ම මෙපමණ දුක් වළදා අපට පසක් කර දී තිබෙ. ඔබගේ මව හෝ ඔබගේ පියා හෝ අන් කිසිවෙකුත් හෝ ඔබ වෙනුවෙන් මෙතරමි පරිත්‍යාගයක් කවර කලක හෝ කෙරේ දැයි  සිතා බැලිම ඔබටම බාර කරමි.

"මහණෙනි, සියයක් අවුරැදු ආයු ඇත්තාවු පුරැෂයෙක් හ‍ට කෙනෙක් අවුත්, එමිබා පුරැෂය මෙහි එව, මා හා ආ කල්හි නුඹට දිනපතා උදයෙහි යහුල් සියයකින් අනින්නාහ. දවල් යහුල් සියයකින් අනින්නාහ. සවස යහුල් සියයකින් අනින්නාහ මෙසේ යහුල් තුන්සියයකින් ඇනීමි කරන්නාවු නුඹට සියවසක් ගතවු කල්හි චතුරාර්‍ය සතය ධර්මය අවබෝ‍ධ වන්නේය. කියයි නමි, මහණෙනි වැඩ කැමති පුරැෂයා එසෙද චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්නට යෑම සුදුසුය. කුමක් නිසාද? මහණෙනි පටන් ගැන්මක් නොමැති මෙ සංසාරයෙහි එක් එක් කෙනෙකු විසින් ලැබු යහුල් පහර වල කඩු පහර වල, පොරෝ පහර වල ප්‍රමාණයක් නැත. එහෙත් මම මෙසේ දුකින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්නට නොකියමි. සුඛයෙන් හා සොමිනසින් චතුර්‍ය සත්‍යය අවබොධ කරන්නට කියමි." 

මෙ කුශලයෙන් ඔබටත් මටත් හැකි ඉක්මනින්, පහසුම ප්‍රතිපදාවෙන් නිවන් සුවම වෙවා
Read More...
5 අදහස් හා විමසීමි

උපාසක මහත්තයා කියපුවාහම ලැජ්ජ හිතෙන අය මෙම ලිපිය කියවන්න.

අද ඉල් පුර පසලොස්වක පොහොය දිනය.සාමාණ්‍ය දිනයක් හා පොහොය දිනයක් අතර ඇති වෙනස වන්නේ පුර්ණ චන්ද්‍රයෙකු ඇති දිනයක් විමම නොවෙ. පැරන්නන් විසින් පින් කිරිමට යොදාගත් දිනය වනුයේ පොහොය දිනයයි. අප අදද ඒ චාරිත්‍රය ඒ ආකාරයෙන් පවත්වාගෙන යමින් පොහොය දිනයේ දි අන් දිනයන්ට වඩා වැඩි කුසල් දමි ප්‍රමාණයක් සමිපාදනය කිරිමට පුරැදුව සිටිනවා. ඒ වගේම විවිධ සාශනික වැදගත් කමින් යුක්ත වු සිදුවිමි රාශියක් පොහොය දිනයේ යෙදි තිබිම හේතුවෙන් පොහොය දිනය උතුමි හා ගෞරවනිය දිනයක් බවට පත්ව තිබෙනවා.

පින්වත් මිතුරනේ අද මෙ කථා කරන්න බලාපොරොත්තු වන්නේ පොහොය දිනය ගැන නමි නොවෙ. අපිට පොහොය දින වලදි වැඩි පුර අහන්නට ලැබෙන ගොඩ දෙනෙක් අහන්න අකමැති හා තරැණ පිරිස් ලැජ්ජාවට කරැණක් වශයෙන් සලකන වදනක් පිලිබදව ඔබව දැනුවත් කරන්නයි මෙ සුදානම ඒ තමයි  "උපාසක හා උපාසිකා" කියන වචන පිලිබදව පැහැදිමක් කරන්නයි මෙ සුදානම.

කවුද මෙ උපාසක උපාසිකා කියන්නේ?

 
අපි කවුරැත් දන්නා පරිදි අපගේ තිලොගුරැ බුදුපියානන්වහන්සේගේ ශ්‍රාවක පිරිස චතුර්විධයි එනමි උපාසක, උපාසිකා, භික්ෂු හා භික්ෂුනින් වශයෙනුයි. ඔය අපි කවුරැත් කුඩා කල සිටම දන්නා කරැණක්. ඔබට මතක ඇති තපස්සු බල්ලුක වෙළදුන් දෙදෙනාගේ (වෙළද දෙබෑයන්)කථාව අප ත්‍රි ලොක රාජිත බුදුරජානන්වහන්සේගේ බුද්ධත්වයෙන් පසු සත් සතිය ගතකොට සත්වන සතියේ අවසන කිරිපල් නුගරැක මුල සමවතින් නැගීසිට, මුව දොවා දැහැටි වලදා නුගරැකමුලම වැඩ උන් අවස්ථාවෙ මෙම තපස්සු භල්ලික වෙළද සහෝදරයින් දෙදෙනා බුදුරජුන්ට විලද හා  මී පිඩු පිදු බව අප දන්නා කරැනක්. එදින තථාගතයානනවහන්සේ ඔවුන්ට කල දේශනය අවසන ඔවුන් බුදුරජුන් හා ධර්මය දිවිහිමි කොට සරණගිය උපාසකයන් වන ලදි. මෙ අනුව අප කවුරැත් දත යුතු කරැණ වනුයේ ශ්‍රි සමිබුදු සසුනේ තථාගත බුදුපියානන්වහන්සේගේ සිවිවනක් පිරිසෙන් මුලින්ම පහල වුයේ උපාසක පිරිස බවය.

උපාසකයන් පිළිබදව බුදු රජානන්වහන්සේගේ දේශනය කුමක්ද?
මෙ පිළිබදව පුලුල් දේශනා රාශියක් අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ,04 වන පන්නාසකයේ සදහන් වනවා මෙ කරැණු දක්වනනේ ඒ පිළිබදවයි.
25.වන උපාසක චණ්ඩාල සූත්‍රය

උපාසක චන්ඩාලයා, උපාසක කිළුටා හා උපාසක පස්චිමකයා
"මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිඵටෙක්ද,  උපාසක පශ්චිමකයෙක්ද වෙ.

කවර පසකින්ද යත්, ශ්‍රද්ධා නැත්තේ වෙද, දුශ්ශීල වෙද, කෝතුහල මඞගල ඇත්තේ වෙද, හෙවත් දුටු , ඇසූ, ස්පර්ෂ, කළ දෙය මගුල්යයි ගන්නෙක් වෙද, මඞගලය පතාද, කර්මය නොපතාද, මෙ ශාසනයෙන් පිටත්හිද දක්‍ෂිණාවට සුදුස්සෙකු සොයාද, එහි ද පළමු දාන මානාදී කටයුතු කෙරේද යන පසිනි.

උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුම
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමද වෙ.

කවර පසකින්ද යත්, ශ්‍රධාව ඇත්තේ වෙද, සිල්වත් වෙද, කෝතුහල මඞගල නැත්තෙක් වෙද, කර්මය බලාපොරොත්තු වෙද, මඞගලය බලාපොරොත්තු නොවෙද, මෙ ශාසනයෙන් පිටත්හි දක්‍ෂිණාවට  සුදුස්සෙකු නොසොයාද, මෙ ශාසනයෙහිම දාන මානාදී පළමු කටයුතු දෙය කෙරෙද යන පසිනි.

මෙ අනුව නියම උපාසකයා යනු කවුරැන්ද යන්න අපට තේරැමිගත හැකිවනු ඇත. එනමි නියම උපාසක රත්නයද, උපාසක පද්මයද, උපාසක හෙල පියුමක් විමට නමි,
01)තුරැ‍ණුවන් කෙරේ ශ්‍රද්ධාව ඇත්තෙක් විය යුතුයි.
02)සිල්වත් විය යුතුයි.
03)කෝතුහල මඞගල ඇත්තෙක් නොවිය යුතුයි.
04)කර්මය බලාපොරොත්තු විය යුතුයි. එනමි පින්පවි දෙකෛහි ඉශ්ඨ හා අනිෂ්ට විපාක ඇති බව සැලකිය යුතුයි.
05)මංගංල්‍යය බලාපොරොත්තු නොවිය යුතුයි. එනමි සුභ සංඥා ආදිය මිරිගුවක් බව යථා ලෙස දැකිය යුතුයි.
06)මෙ සසුනෙන් පිටත දාන මාන ආදිය සදහා අයවලුන් නොසෙවිය යුතුයි.
07)පළමුකොට මෙ සසුනේ දානමාන ආදිය කල යුතුයි.

උපාසකයෙක් විමට නමි,
උපාසකයෙක් විමට නමි කල යුතු කාර්‍යය වන්නේ තිසරණය සමාදාන විමයි, තිසරණ සමාදානයේ නියම අර්ථය වනුයේ නිර්වාණය ලබාගැනිම පිණිසත් සංසාරයෙන් මිදිම පිණිසත් තථාගත බුදුපියානන්වහන්සේ උතුමි වු පිහිටක් බව පිළිගන්නා බවත් උන්වන්සේ උතුමිවු පිහිටක් කර ගන්නා බවත්, උන්වහන්සේ දේශිත ධර්මය හා උන්වහන්සේගේ ධර්මය දේශනය කරන්නාවුත් උන්වහන්සේගේ ධර්මය අනුව මනාව පිළිපන් සංඝ රත්නය නිර්වාණය ලබාගැණිම පිණිසත් සංසාරයෙන් මිදිම පිණිසත් උතුමිවු පිහිටක් බව පිළිගන්නා බවත් උතුමි වු පිහිටක් කොට ගන්නා බවටත් පළමුවත් දෙවනුවත් තෙවනුවත් කරණු ලබන ප්‍රතිඥා දිමයි. මෙසේ ප්‍රතිඥා දිමෙන් තතාගතයානන්වහන්සේගේ ස්‍රාවක සිවි පිරිසෙන් උපාසක හෝ උපාසික පිරිසට ඇතුලත් විමට අයෙකුට හැකියාව ලැබෙ. එසේ වුවද ඉහත 01 සිට 07 දක්වා ඇති කරැණු අනුව පිළි නොපදින්නාවු උපාසකයන් උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිඵටෙක්ද, උපාසක පශ්චිමකයෙක්ද වන බව බුදු රජානන්වහන්සේම විසින් දේශිත බව ඔබට දැන් පැහැදිලි වනවා ඇති.

ඉහත කරැණු එක එකක් වෙන වෙනමම සැකවින් සලකා බැලිමෙ දී

01)තුනුරැවන් කෙරේ ශ්‍රද්ධාව ඇත්තෙක් විය යුතුයි.

අද බොහෝ දෙනෙක් බෞද්ධයන් යැයි කියා ගන්නා නමුත් බුදු රජානන්වහන්සේගේ ගුණයන් සෘධියන්, බුද්ධ විලාශය උන්වහන්සේගේ ආර්‍යත්වය ප්‍රතික්ශේප කරමින් සිටියි. ධර්මය පිළිපැදිමෙන් වෙන්ව දුරස්ව සිටියි. පිරිත් කිය කියා එයින් හැම දේම කරගන්නට සිතමින්ම සිටියි. සංඝරත්නයේ හැසිරිම, කථා විලාශය කල කී දෑ ආදිය විවෙචනය කරමින් සිටියි. අප සංඝරත්නයට වන්දනා කරන්නේ යැයි කියමින් වන්දනා කරනුයේ එක් පුද්ගලයෙකුය නොව. අප තිලෝගුරැ  බුදුපියානන්වහන්සේගේ සසුනේ පැවදි වී සවිකෙලෙසුන් නැසුවා වු ඒ සැරියුත් මුගලන් ආනන්ද අනුරැද්ධ මහා කාෂ්‍යප ආදි මහ රහතුන්ගේ පරපුරෙන් පැවත එන්නාවු අවිඡින්න සංඝ පරපුරේ සියළු සංඝයාගේ වු අනන්ත අප්‍රමාණ ගුණයටයි. ඒ මිසක් එක් පුද්ගලයෙකුට නොවෙ. මින් පෙර ලිපියේ කියු පරිදි බුදු සමය පිරිහෙන කාලයේ පහල වන කසාවකණ්ඨ නමි දුස්සිල භික්ෂුන්ට පවා දන්දිම මහත්ඵල මහානිසංශ වන්නේ සංඝයානමි කෙතේ උපන් ඵලදාව මහත් වන බැවිනි. දුර්භික්ෂ කාල වල ඵලදාව හට නොගත්තද කෙත සාරවත් නමි එය හැම කලටම වලංගුය. තුරැණුවන්ගේ ගුණ දැන තුරැණුවන්තෙරේ ඇති කර ගන්නා පැහැදිම නැතහොත් ප්‍රසාදය ශ්‍රද්ධාවය. තුරැනුවන්ගේ ගුණ අනන්තයි. එබැවින් තුරැනුවන් කෙරේ විය යුතු ශ්‍රද්ධාව කෙසේ විය යුතුද යන්න ඔබම තේරැමි ගත යුතුව ඇත. විස්තර කිවහොත් එය කියා නිමකල නොහැකි පමණ වන්නේය.(රේරැකානේ චන්දවිමල ස්ථවිරයන්වහන්සේගේ සුවිසි මහා ගුණය කියවන්න)

02)උපාසකයාගේ සිලය 
මෙය කුමක්ද යන්න මෙම සුත්‍රයන්ගෙන් බුදුරජානන්වහන්සේ විසින්ම දක්වා ඇත.(සුත්‍ර කෙටිකොට දක්වා ඇත.)

21. සාරජ්ජොක්කන්ත සූත්‍රය
දොමිනසින් සිටින උපාසකයා
"මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම දොමිනසට බැසගත්තේ වෙයි. "කවර පසකින්ද යත් ප්‍රාණඝාත කරන්නේ වෙද, අදත්තාදානය කරන්නේ වෙද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වෙද, මුසාවාද ඇත්තේ වෙද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වෙද යන පසිනි.

භයින් නොසිටින උපාසකයා
"මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වෙ. "කවර පසකින්ද යත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙද, අදත්තාදානයෙන් වැළකුණේ වෙද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වෙද, මුසාවාදයෙන් වැළකුණේ වෙද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙද, යන පසිනි.


22. විසාරද සූත්‍රය
භය නොමැතිව සිටින උපාසකයා
"මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැතිව ගිහිගෙයි වාසය තරයි. කවර පසකින්ද යත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙද, අදත්තාදානයෙන් වැළකුණේ වෙද,  කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වෙද, මුසාවාදයෙන් වැළකුණේ වෙද,  මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙද, යන පසිනි.


23. යථාභත සූත්‍රය
අපායේ උපදින උපාසකයා
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යමිසේද, මෙසේ නරකයෙහි උපදී.කවර පසකින්ද යත් ප්‍රාණඝාත කරන්නේ වෙද, අදත්තාදානය කරන්නේ වෙද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වෙද, මුසාවාද ඇත්තේ වෙද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වෙද යන පසිනි.

සුගතිගාමි වන උපාසකයා
"මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යමිසේද, මෙසේ ස්වර්යෙහි උපදී.

කවර පසකින්ද යත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙද, අදත්තාදානයෙන් වැළකුණේ වෙද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වෙද, මුසාවාදයෙන් වැළකුණේ වෙද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙද, යන පසිනි.


24. වෙරභය සූත්‍රය
දුස්ශිල වු උපාසකයා
ගෘහපතිය, වෛරවූ හෙවත් අකුශල්වූ භය පසක් දුරු නොකොට සිටියේ දුශ්ශීලයායයිද කියනු ලැබෙ. කවර පසකින්ද යත් ප්‍රාණඝාත කරන්නේ වෙද, අදත්තාදානය කරන්නේ වෙද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වෙද, මුසාවාද ඇත්තේ වෙද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වෙද යන පසිනි.හේ නරකයෙහිද උපදී.

සිල්වත් වු උපාසකයා
ගෘහපතිය, වෛරවූ භය පසක් දුරු කොට සිටියේ ශීලවන්තයායයිද කියනු ලැබෙ. හේ සුගතියෙහිද උපදී.කවර පසකින්ද යත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙද, අදත්තාදානයෙන් වැළකුණේ වෙද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වෙද, මුසාවාදයෙන් වැළකුණේ වෙද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙද, යන පසිනි.

ගෘහපතිය, ප්‍රාණඝාත කරන්නේ ප්‍රාණඝාත හේතුවෙන් මෙ ආත්මයෙහිවූද. යම වෛර භයක් රැස් කෙරේද, පරලෙවිහි වන්නාවූද යමි වෛර භයක් රැස් කෙරෙද, සිතෙහි හටගන්නාවූද දුක්වූ දොමිනසක් විදීද, සතුන් මැරීමෙන් වැළකුණේ මෙ ආත්මයෙහිවූ වෛර භය නොම රැස් කෙරෙයි. පරලෙව හිවූ වෛර භය රැස් නොකරයි. සිතෙහි හටගන්නාවූ දුක්වූ දොමිනස නොවිදියි. ප්‍රාණඝාතයෙන් වැළකුණහුගේ මෙසේ ඒ වෛර භය සංසිදුනේ වෙයි.

සොරකම, මුසාවාදය, කාමයේවරදවා හැසිරිම හා සුරා පානය පිළිබදවද මෙ අයුරැම දේශිතයි.

මෙ අකුශල් පස දුරු නොකොට සිටියේ දුස්ෂිලයායයි කියනු ලැබෙ. ඒ දුස්ෂිලතෙම ශරීරයාගේ බිදිමෙන්පසු නරකයෙහි උපදී.

ලෝකයෙහි යමෙක් තෙම ප්‍රාණඝාත නොකෙරෙද, මුසාවාද නොකියාද, නුදුන් දෙය නොගණීද,  අන් අඹුවන් කරා නොයේද. යමි මනුෂ්‍යයෙක් තෙම රහමෙර පානයෙහි නොයෙදේද, යන මෙ අකුසල්වූ වෛර පස දුරුකොට සිටියේ සිල්වත්යයිද කියනු ලැබෙ. ඒ නුවණ ඇති තැනැත්තේ ශරීරයාගේ බිදීමෙන් පසු සුගතියෙහි උපදීය යි වදාළ සේක.


27. අකරණීය වණිජ්ජා සූත්‍රය

උපසකයා ජිවිකාව පැවැත්විය යුතු ආකාරය
මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු  වෙළදාමි පසක් වෙත්.කවර පසක්ද යත් ආයුධ වෙළදාමය, සතුන් වෙළදාමය, මස් පිණිස සතුන් වෙළදාමය, මත්ද්‍රව්‍ය වෙළදාමය, විෂ ද්‍රව්‍ය වෙළදාමය යන පසයි.

03)කෝතුහල මඞගල නැත්තෙක් විය යුතුයි.
මෙ කියන්නේ හුනු සාත්තර,සුභ දර්ශනයන්, සුභාසුභ දර්ශනයන්, සුභාසුභ ස්පර්ශයන්, සුභා සුභ ගන්ධයන් ගැන මහා මංගල දේශනයේ මෙ පිළිබදවත්, නියම මංගල කරැණු මොනවාද යන්නත් දේශිතයි.

05 සහ 05 කරැණු ගැන විස්තර කරන්නට ගියගොත් එය ඉතා දිර්ඝ වන බැවින් මෙහි 06 සහ 07 කරැණු දක්වනු ලැබෙ. මෙයින් කියන්නේ දෙවියන්ට වෙනත් අන‍්‍යාගමික පුජකයන්ට බලි බිලි දාන මාන දිමට කලින් ඒ දෙනු ලබන දාන මාන ආදිය සසුනට පුජා කල යුතු බයි. බුදුරජානන්වහන්සේ දේවතා බලි හෙවත් දෙවියන්ට පුජා පැවැත්විම අනුමත කර ඇතත් ඊට ප්‍රථම අප විසින් බුදු ප්‍රමඛ මහ සඝනටත් සසුනටත් දාන මාන ආදිය කර ඉතිරියක් වෙ නමි දෙවියන්ට අන්යන්ට පිදුවාට කමක් නැති බව මතක තබාගත යුතුයි.

මෙ අනුව බලන කල නිකමිම නිකං උපාසකයෙකු විමට වඩා උපාසක රත්නයක් විම කෙතරමි අපහසුද යන්න ඔබට තේරැමි යනවා ඇති.

සමාජයේ උපාසක අමිමණ්ඩි, හොර උපාසක, උපාසක බලල්ලු මියෝ දෙන්න දෙන්නා අල්ලනවා ආදි යෙදුමි ඇත්තේ උපාසක චන්ඩාලයන් සමිබන්ධයෙන් බව දත යුතුයි. එබැවින් උපාසක යන නම ලැජ්ජාවට කරැනක් නොව මහත් වු ගෞරව නාමයක් අභිමානයක් හා ලෙහෙසියෙන් ලැබිය නොහැකක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

බොහෝවිට උපාසක මහතා යැයි ඇසිමට ලැජ්ජා වනුයේ උපසකයෙකු සතු ගුණ දමි නොමැති තැනැත්තන් බව ඔබට දැන් පෙනි යනවා ඇති. නැති නමිබුවක් දි කථා කල විට එයටද ලැජ්ජා වන්නේ අනුවන කම නිසා මිස අන් කවර කරැණක් නිසාවත් නොවන බව ඔවුනට පසක් වෙවා.

මෙම ධර්ම ශ්‍රවිත,ධර්ම දේශිත කුසලයෙන් ඔබටත් මටත් අජරාමර වු නිවන් සැප හැකි ඉක්මනින් පහසුම ප්‍රථිපදාවෙන් ලැබෙවා.
බුදුසරණයි!

Read More...
8 අදහස් හා විමසීමි

බුදු සසුනේ අවසානය සිදුවන අයුරැ බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලොකයේ තතු 07 කොටස

පින්වත් මිතුරනී අද කියන්න බලාපොරොත්තු වන්නේ කොසොල් රජතුමා විසින් දුටු  එකොලොස් වෙනි සිහිනය පිලිබද විස්තරයි. මෙ පිළිබදව කථා බහ කරන්න බොහෝ දේවල් තිබෙන නිසාත් එක ලිපියකින් මෙම කරැණු ඉදිරිපත් කරන්න අපහසු නිසාත් ලිපි කිහිපයකින් පහත මාතෘකා යටතේ මෙ පිළිබදව කරැණු ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ.

01)කොසොල් රජුගේ 11 වන සිහිනය හා බුද්ධ ශාසනය අතුරැදහන් විම පිළිබද විස්තරය.
02)බුදු සමයේ අතුරැදහන්විම පිළිබදව ත්‍රිපිටයේ අන්තර්ගත දේශනා.
03)මෙකල නිර්වානය පසක් කල හැකි නොහැකි බව හා අධිගම යේ අතුරැදහන්විම පිළිබද විස්තරය.
04)කොසොල් රජතුමාගේ 11 වන සිහිනයේ සදහන් කරැනු හා වත්මන් සමාජිය අදාලත්වය.

මෙතැන් සිට ඉහතින් දක්වන ලද පිළිවලට කරැණු ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඊට මත්තෙන් කොසොල් රජතුමා විසින් දකිනා ලද 11 වන සිහිනය පිළිබදව සලකා බලමු.

පසේනදි කොසොල් රජතුමා
ස්වාමීනි ලක්‍ෂයක් වටිනා සඳුන්හරයක් කුණුමොරට විකුණන්නා දිටිමි. මෙයට කවර විපාකදැයි විචාළෝය.

බුදු රජානන්වහන්සේ.
මීටත් අනාගතයෙහිම මාගේ ශාසනය පිරිහෙන්ට වන්කල්හි විපාකවන්නේය, තවද අනාගතයෙහි ප්‍රත්‍යයෙහි ලොල්වූ භික්‍ෂුහු බොහෝවන්නාහ ,ඔවුන් මා විසින් බොහෝ ප්‍රත්‍යයෙහි ලොල්බව මැඩ කියනලද  ධර්‍මදෙශනාව චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය නිසා අනුන්ට දේශනාකෙරෙති, ප්‍රත්‍යය ලොභයෙන් මිදී නිස්සරණ පක්‍ෂයෙහි සිට නිර්වාණාභිමුඛ බව දෙසන්ට අසමර්ථවෙති, දායකයෝ හුදෙක් මාගේ ව්‍යංජන සම්පත්තිය  හා මධුරසවරය අසා මාහැඟිවූ සිවුරු ආදිය දෙති, දෙනුකැමැතතා හුද වෙතියි කියාම දෙශනකරති,  සමහර කෙනෙක් විධි මධ්‍යය සතරමන් සන්‍ඩියය මාලිගාවේ වාසල්දොරකඩය යනාදීවූ සථානවල හිඳ මදකටක් කහවණූවක් නිසාත් දෙශනා කෙරෙති. මෙසේ මා විසින් නිර්වාණය අගයකොට දෙසනලද ධර්‍මය චීවර පිණ්ඩපාත සෙනාසන ගිලාන ප්‍රත්‍යය යන චතුර්විධ ප්‍රත්‍යය හා මදටක් කහවනුවක් නිසා විකිණියකොට දෙන්නාහුය. මොවුන් ලක්‍ෂයක් අගනා හඳුන්හරක් කුණුමොරට විකුණන්නාවූන් වැන්නෝය. මේ කාරණයෙනුත් තොපට භයෙක් නැත්තේය. දොළොස්වෙනි සවප්නය කියවයි වදාළසේක.

මෙයින් කියවෙන්නේ අපගේ තිපලාගුරැ බුදුරජානනවහන්සේගේ සාශනය පිරිහෙන්නට වු කල, තථාගතයානන්වහන්‍සේ විසින් වස්තු සැපයිමි ආදි දුරලිය යුතුයැයි පවසන ලද ලෞකික සැප සමිපත් පසුපස හඹායන්නාවු භික්ෂුන් බොහෝ සෙයින් ඇති වන බවයි. එම භික්ෂුන් වහන්සේලා නිර්වාණ ගාමි ප්‍රතිපදාව මනා ලෙස අනුගමනය කරමින් ධර්මය දේශානා කිරිමට අසමර්ථ වෙති. හුදෙක්ම වස්තු ලාභය සදහා බුදුරජාණන්වහන්සේ විසින් මෙ සසරින් එතෙරවිම සදහා දේශනා කරන ලද ධර්මය විකුණති. පාරක් පාරක් ගානේ පවා විකුණති. ධර්මය දේශනා කිරිමෙ දීද ප්‍රථ්‍ය ලාභයෙන්ම දේශනා කිරිමි කරති. එසේ ප්‍රථ්‍ය දෙන්නන්ටම ඔවුන් පැහැදවිමටම දේශනා කිරිමි කරති. මෙම 11 වන සිහිනයේ අර්ථය වන්නේ මෙයයි. 

ථතාගත ගෞතම අප බුදුරජාණන්වහන්සේගේ සසුනේ පිරිහෙන්නේ කෙසේද යන්න විස්තර කරනුයේ  ආකාර පසකිනි.
01)ප්‍රතිවෙධ අන්තර්ධානය
02)ප්‍රතිපත්ති අන්තර්ධානය
03)පර්‍යප්ති අන්තර්ධානය
04)ලිංග අන්තර්ධානය
05)ධාතු අන්තර්ධානය යන ආකාර 05 නි. 

දැන් මෙ එක එකක් සලකා බලමු. මෙකි කරැණු පිළිබද විස්තර මනෝරථපුරණි නමි වු අංගුත්තර නිකාය අටිඨකථාවෙ, ඒක නිපාතයේ 10 වන වර්ගයෙත්, ඒ හා සමානම විස්තරයක්  සද්ධර්ම රතනාකරයේත් අන්තර්ගතයි. මෙහි දක්වනු ලබන ලිපියේ මුලාශයන් දෙකෙහිම සදහන් කරැණු ඇතුලත් කර සරල බසින් දක්වා ඇත.

01)ප්‍රතිවෙධ අන්තර්ධානය
සොවාන් මාර්ගඑය, ඵලය, සකෘදාගාමි මාර්ගය, ඵලය, අනාගාමි මාර්ගය, 
ඵලය, අර්භන් මාර්ග‍ය, ඵලය  යන චතුර්විධ මාර්ගඵල ද,  ආදි වූ මෙ හැම විදර්ශිනාදිය පිරිහෙන කල්හි සිවුපිළිසිඹීයාවෙහි පටන් ප්‍රතිලෝමයෙන් ප්‍රතිවෙධය පිරිහෙන්නේ ය. මෙසේ ප්‍රතිලොමයෙන් පිරිහී අවුත් සෝවාන් මාර්ග ඵලයට පිරිහී එයින් මාර්ගය එලය ශ්‍රාවකයන්ට පසක් කිරිමට නොහැකි විමෙන් හෝ අවසන් අධිගම ලාභියාගේ ජීවිතක්ෂයෙන් එනමි අවසන් මාර්ග, ඵල ලාභි ශ්‍රාවකයාගේ මරණයෙන් අධිගමශාසනය පිරිහුනේ නම් වේ. මෙය ප්‍රතිවෙද  අන්තර්ඪා‍න නම් වෙයි.

02)ප්‍රතිපත්ති අන්තර්ධානය
 
මෙසේ කල් යාමෙන් සිවි මාර්ගයන්ට ඵලයන්ට පත්විමට නොහැකිවු ශ්‍රාවකයෝ සිල් පමණක් රක්ෂා කරති.  ඒසේ වුවත් උත්සාහ කර බැලිය යුතුයැයි කියා, ප්‍රතිපත්ති‍ ශිලාදි වූ ගුණධර්මයන්  ආරක්ෂා කරමින් මතු නිවන් අපෙක්ෂාවෙන් ධ්‍යාන භාවනා ආදිය කෙරෙති. කල්යත්ම මෙසේ උත්සාහ කිරීමෙන් සුළු සමාධි මාත්‍රයක් හෝ  ලැබ ගත නොහැකිව, චතුපාරිසුඩිසීලය පමණක් රක්ෂා  කරමින් සිටිති.  එයින් කල් යත් යත්ම “අපි සිල් රකිමු, භාවනා කරමු නමුත්  මාර්ගයක් ඵලයක් සදහා එලබිය නොහැක. මෙකලට අර්‍ය ධර්ම ප්‍රතිවෙද කල නොහැකි (එනමි මාර්ග-ඵල ඉපදවිය නොහැකිය) යැයි නිගමනයට එලබෙන්නේය. එයින් කුසීත ව “අප කෙතෙක් ප්‍රයත්න කළත් නොවන දෙයක් නො වන්නේ මය. යැයි කියා ඔවුන් ඔවුන්ට චොදනා නොකරමින් ප්‍රතිපත්තිය ලිහිල්කොට එතැන් පටන් කුඩා අනු සිකපද නොසලකා හරිනු ලබයි. ඉන් පසු කල්යෑමෙ දි පචිති ඇවැත් හා තුලැසි ඇවත් වලට පැමිනෙයි. ඉන් පසු ගරැකාපත්තින්ටද එලැබ පරාජිකා පමනක් පවතියි. මෙසේ තිබියදී පවා සිවි පරාජිකාව රක්ෂා කර ගෙන සිටිනා භික්ෂුන්වහන්සේලා 100 ක් හෝ 1000 ක් ඇති තාක් පටිපත්ති සාශනය අතුරැදහන් නොවු බව කියනු ලැබෙ. මෙසේ සිවි පරාජිකා රකිනා අවසන් භික්ෂුවගේ සිල් බිදි යාමෙන් හෝ දවිගෙවි යාමෙන් ප්‍රතිපත්ති අන්තර්ධානය  වුයේයැයි කියනු ලැබෙ.

03)පර්‍යප්ති අන්තර්ධානය
පරියන්ති නොහොත් පර්‍යප්ති අන්තර්ධානය නම් සකල ලොකාවබොධය පිණිස කරුණා නිධාන වූ බුදුරජුන් විසින්  දෙශනා කළා වූ අටිඨකථා පාලි සහිත ත්‍රිපිටකයට අයත් බුද්ධ වචනයේ  නො පැවැත්මයි. ත්‍රිපිටකය පවත්නා කල්හි ප්‍රතිවෙධ ශාසනය, ප්‍රතිපත්තිශාසනය පරියන්ති ශාසනය යන ත්‍රිවිධශාසනය ම පවතිනු ලැබෙතැයි සැලකේ.
කල්ගතවන කල කලියුගයේ රජවරැ අධාර්මික වෙති. මොවුන්ගේ නොදැහිමි බවින් වැසි මනාකොට නොවසියි. එයින් බොග ආදිය මනා ලෙස නොපැසෙයි. ඒවා මනා ලෙස නොපැසෙන කලිහි (මෙයින් අදහස් වන්නේ රටෙ දරිද්‍රතාවය පැතිර යන බවයි) භික්ෂු සංඝයාට දායකයන්ට මනා ලෙස දානය දිමට නොහැකි වෙයි. එසේ විමෙන් අතවැසියන් භික්ෂුන් ගත නොහැකිව භික්ෂුන්ගේ ගණන අඩු විමෙන්, මෙම නිසා කල්යත්ම පරියන්තිය පිරිහෙයි. ධර්මය අර්ථ වශයෙන් දැරිමට නොහැකි වෙයි. ඉන් පසු පෙළ වශයෙන් දරයි. ඉන් කලක් ගතවන විට සියලු පෙළද දැරිමට නොහැකි වෙත්. ඉන්මත්තේ මුලින්ම අභිධර්ම පිටකය පිරිහෙයි. අභිධර්ම පිටකය පිරිහෙනුයේ මත්තෙහි පටන්ය. මුලින්ම මහා ප්‍රකරණය පිරිහෙයි එය පිරිහුන පසු යමකය, කථාවත්තුව, පුද්ගල ප්‍රඥප්තිය, විභංගය, ධර්ම සංග්‍රහය පිරිහෙයි මෙසේ අභිධමිම පිටකය පිරිහුන කල, මත්තෙහි සිට සුත්‍ර පිටකය පිරිහෙයි. පළමුව අංගුත්තර නිකාය පිරිහෙයි. එයින්ද පළමුව ඒකාදස නිපාතය පිරිහෙයි එහි සිට ක්‍රමයෙන් ඒකක නිපාතය දක්වා පිරිහෙයි මෙසේ අංගුත්තර නිකාය පිරිහුන කල්හි මත්තෙහි සිට සංයුක්ත නිකාය පිරිහෙයි. මෙයින් පළමුව මහාවග්ගය පිරිහෙයි. ඉක්බිති සලායතන වග්ගය පිරිහෙයි. ඉන්පසු ඛන්ධක වග්ගයද, නිධාන වග්ගය, සගාථවග්ගය,
වශයෙන් සංයුක්ත නිකාය පිරිහුන කල්හි මත්තෙහි පටන් මජ්ජිමනිකාය පිරිහෙයි. මජ්ජිම නිකායේ මුලින්ම පිරිහෙනුයේ උපරි පන්නාසකයයි. ඉන් අනතුරැව මජ්ජිමපන්නාසකයද, මුලන්නාසකයද පිරිහෙයි. අනතුරැව මත්තෙහි පටන්, දිඝ නිකාය පිරිහිමට පටන් ගනියි. පළමුව පාටිය වග්ගය පිරිහෙයි. එයින්පසු මගාවගගයද, සිලක්ඛන්ධවග්ගයද පිරිහෙයි. මෙසේ දිඝ නිකාය පිරිහුන කල සුත්‍ර පිටකය පිරිහුනේ නමි වෙයි. ඉන්මත්තේ විනය පිටකය හා ජාතක කථා පමණක් දරයි. විනය පිටකය යහපත් ලජ්ජි භික්ෂුන් පමණක් දරයි. ලාභ කැමැති භික්ෂුන් සුත්‍ර පිටකය කියු කල එය අසන්නෙක් නැතැයි කියා ජාතක කථා පමනක්ම කියති. කල් යත් යත්ම ජාතකයද දැරිමට නොහැකි වෙයි. ජාතකයන්ගෙන් මුලින්ම වෙස්සන්තර ජාතකයේ සිට අපණ්නක ජාතකය දක්වා ප්‍රතිලොමයෙන් පිරිහෙයි.  එකල්හි විනය පිටකය පමණක්ම පවතියි. මෙයද කල්යත්ම මත්තේ පටන් පිරිහී  පළමුව පරිවාර පාළියද, අනතුරැව ඛන්ධකයද, භික්ඛනි විභංගයද, මහා විභංගය ද පිරිහෙයි අනුපිලිවලින් උපොසථ කර්ම ඛණ්ඩය පමණක් දරයි. එකල්හිද පරියන්තිය අතුරැදහන් නොවු සේ සලකණු ලබයි. යමිසේ මනුෂ්‍යයන් අතරෙහි සතර පදයෙන් යුක්ත ගාථාවකින් හෝ බුදුගුණයෙක් පවතී නම්,  ඒ තැන් දක්වා ශාසනය පවත්නේ නම් වෙයි. යම් දවසෙක සදැහැති රජෙක්  බුදුගුණ අසන්ට වුව මැනැවැයි  සිතා ධර්ම දේශකයන් සොයා, නො ලැබ දහසින් බැදි පියැල්ලක් ඇතුපිට තබා “බුදු බණින් ගාථාවක් පමණ හෝ දත් කෙනෙක් මෙ දහසින් බඳ පියැල්ල ගෙණ භණ කියනු ලබත්වා යැයි” යි කියා නුවර බෙර ලවාත්, එසේ ධර්ම කථිකයෙක් නො ලැබ  තුන්විටෙක බෙර ලැවූ කලැ ඒ දහසින් බඳ පියැල්ල  ගෙණ බණ කියන්නක්හු නො ලැබත්ද (එනමි එක් බුදු බණ පදයක් හෝ දන්නා එක් අයෙක් හෝ මිහිපිට නැතිවු කල), පරියන්ති ශාසනය අන්තර්ධාන වූයේ නම් වේ.

04)ලිංග අන්තර්ධානය
කල්ගතවන විට සංඝයාගේ සිවුරැ ගැනිමි, පාත්‍ර ගැනිමි (එනමි සිවුරැ පිරිකර භාවිතා කරනා ආකාරය) අත පය හැකිලිමි හා දිගහැරිමි ආදිය, ඉදිරිය බැලිම වටපිට බැලිම ආදිය ජනයා පහදවන ආකාරයෙන් නොවෙයි.
කල්ගතවෙත්ම නිගන්ඨ මහණුන් ලබු කැට අතින්ගෙන යන්නාක් මෙන්  භික්ෂුන් පාත්‍රය අත් භාහුවෙ එල්ලාගෙන හැසිරෙති. තවත් කල්ගත වෙත්ම අතින් එල්ලාගෙන හෝ කත් කොනින් එල්ලාගෙන හැසිරෙති. සිවුරේ වර්ණය කල් යත්ම පඩු පෙවිමි නොකොට ඔටු ඇටවන් පැහැ කොට හැසිරෙති. තවත් කල් යත්ම පඩු පෙවිම අත්හැර දමයි. දහවල්ල සිදිම හා බදපටිය විදිම ද නොකරති. කප් බින්දුව පමණක් කොට පරිහරණය කරයි. නැවත බදපටිය විද කප නොකරයි. ඉක්බිති දෙකම නොකොට  දහවල්ලද සිද පිරිබ්‍රාජකයන් මෙන් හැසිරෙයි. තවත් කලක් යන විට මෙයින් කවර වැඩැක්දැයි සිතා කුඩා කසාවත් කඩක් අතේ හෝ ගෙලෙහි පමණක් බැද භික්ෂුන් යැයි කියමින් හැසිරෙයි. එසේත් නැතගොත් කෙස් වල අලවාගෙන හෝ හැසිරෙයි. මොවුන් ඉතා දුශ්ෂිල වන අතර අන් මිනිසුන් කරන්නාවු කර්මාන්ත වල යෙදෙමින්ම, අඹුදරැවන් රක්ෂා කරමින් ජිවිත් වෙයි. මෙකල ද මිනිසුන් මහා සංඝයා වෙත දන්දෙමියි කියා දන් පවත්වනු ලබයි. බුදුරජානන්වහන්සේ දක්ෂිණවිභංග සුත්‍රයේ දේශනා කර ඇති අයුරැ "ආනන්දය මෙම සංඝගත දක්ෂිනාව එකල්හි පවා ගිනිය නොහැකි තරමි ප්‍රමාණකල නොහැකි එකක් වන බව දක්වා ඇත. තවත් කලක් ඉක්මිමෙන් විවිධ කටයුතු වල නියැලෙන මෙම සංඝයා මෙය අපට භාධාවකි. මෙයින් අපට වැඩැක් නැතැයි සිතා කසාවත සිද වනයේ දමයි (කසාවත ඉවත්කර දමති) මෙසේ අවසන් භික්ෂුවද කසාවත ඉවත්කර දැමු කල ශ්‍රමණ ලිංගය අතුරැදහන් වුයේ නමි වෙයි.

05)ධාතු අන්තර්ධානය
සම්‍යක් සමිබුදුවරයානන්වහන්සේලාගේ  පරිනිර්වාණය, කෙලෙස් පරිණිර්වාණය, ස්කන්ධ පරිණිර්වාණය, ධාතු පරිණිර්වාණය වශයෙන් ත්‍රිවිධ වෙයි. එයින් ක්ලෙශ පරිනිර්වාණය බොධිමූලයෙහි වැඩහිඳ මාර බලය බිදහැර  අලුයමැ ලොවුතුරා බුදු වූ  ක්ෂ්ණයෙහි ම සිද්ධ වි ය. ස්කන්ධ පරිනිර්වායණය වෙසග මස මැදි පොහෝ දවස් විසා නැකතින් කුසිනාරානුවර මල්ලරජුන්ගේ උපවත්තන නම් සල් වනයේ දී  විය.  ධාතුපරිනිර්වාණය අනාගතයේ බොධිමූලයෙහි දී ම වෙයි. 

එය කෙසේද යත්:-
මේ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු පැවැති කල සත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පුජාසත්කාර  නොලබන්නා වූ ධාතු වරුන්වහන්සේ බුදුරජානන්වහන්සේ ජිවමාන කල කලාවු අධිෂ්ඨාන ලෙස ම පූජා සත්කාර කරන්නා වූ ස්ථානවලට රැස් ව ගොස් මේ ලංකාවීපයෙහි සිද්ධස්ථානවලට රැස්වෙමින්  ඉනුත් අනුරාධපුරනුවර රුවන්මැලි මහසෑයට රැස් ව එතැනින් නික්ම නාග දිවයින රාජායතන නම් චෛත්‍යට රැස් වෙමින් කලක් පැවත,
මෙසේ බුදුරජුන්ගේ අධිෂ්ඨාන වූ ලෙස ම රැස් වූ හැම ධාතුවරුන්වහන්සේලා ම ඒ රාජායතන චෛත්‍යයෙන් නික්ම අපරාජිත ස්ථාන වූ බොධිමණ්ඩයෙහි ශ්‍රී මහා බෝධින්වහන්සේට පිට ලා පූර්වදිශාභිමුඛ ව වජ්රාසනාරූඩ ව බුදු රජුන් බුදු වන්ට වැඩ උන් දවසේ මෙන් දිව්‍ය බ්‍රරහ්ම නාග විමාන ආදී හැම තන්හි වැඩහුන් ධාතුන්වහන්සේලා  හැම රැස් ව තමතමන් වහන්සේලා බුද්ධශරීරයෙහි පිහිටියා වූ ස්ථාන නො වරදවා ම ලලාටධාතු අකුධාතු  දන්තධාතු ග්‍රීරීහ්වාධාතු ආදි වූ හැම ධාතුවරුන් වහන්සේලා ම ශරීරායව නො වරදවා පිහිටමින් දොළොස්රියන් බුද්ධ ශරීර මවාගෙණ බෝමැඩ බුද්ධලීලායෙන් වැඩඋන් කල්හි ධාතුශරීරයෙන් සවණක් ඝන බුද්ධ රශ්මිමාලාවන් දස දිග විහිදුවා සියලු ලොව වසන්ට වන්කල්හි ඒ  දුටුවාවූ දිව්‍ය, බ්‍රර්හ්ම, නාග,  යක්ෂ ආදීන් “අප බුදුන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය අද දවස් වන්නේ ය” යි මහත් සංවෙගයට පැමිණ “ධාතු කෙනෙකුන් වහන්සේවත් මෙයින් මතු දර්ශකනයෙක්  දුර්ලභ ය. එසේ හෙයින් මේ අන්තිම දර්ශනයෙහි අපගේ ‍ ශක්ති පමණින් පූජා කොට  මේ පශ්චිම දර්ශදනය දැක ගමුය” යි උනුන් හට කිය කියා පඤ්ච සුද්ධවාසයන් හැර දහසක් සක්වළ  දිව්‍ය බ්‍රරහ්මාදීන් ඇසිල්ලකින් බොධිමණ්ඩලයට රැස් ව පුෂ්ප පහන් සුවද දුමි, නෘත්යය ගීත, වාද්යාදීන්  අප්‍රමාණ වූ පුජාවට පටන් ගෙණ බුදුවු දවස් මෙන් බුදුරජුන් පුදන්ට පටන්ගත් කල්හි, ධාතුරූපය ද ඔවුන්ගේ චිත්ත ප්‍රසාද භාවය අධික වන ලෙස ප්‍රාතිහාර්‍යය දක්වා, පලක් බැඳ වැඩසිටිනා සේක. මෙ‍සේ පලක් බැද වැඩහුන්  ධාතු ශරීරයෙන් මහා තේජෝ ස්කන්ධයක් හටගෙන එය බ්‍රහ්ම ලොකය දක්වා පැන නැඟී ‍මහත් අද්භූත ප්‍රභා දක්වමින් ධාතු ශරීරය ආදාහනකෘත්‍ය කොට ධාතුස්කන්ධයෙන් මඳකුත් ශේෂ‍ නො කොට කපුරැ දැවිගියාක් මෙන් ශාන්ත වූ කල්හි, ඒ හැම ප්‍රාතිහාර්‍යය දුටු පංච සුද්ධාවාසයන් හැර අවශෙෂ දිව්‍ය, බ්‍රහ්මාදීහු දුකට පැමිණ “අහො ! බු‍ද්ධෝ; අහො! බු‍ද්ධෝ” යනාදී ලෙස අපමණ  වැලපිමෙන් යුක්තව  “‍කිමෙක් ද? සබඳිනි! බලව, අද දවස් බුද්ධ ආලොකය භවාන්ධකාරයෙන් වැසි යන ලදි. යැයි තෙවරක්  පැදකුණුකොට වැද තමතමන්ගේ තැන් වලටම යති. මෙය ධාතු අන්තරධානය නමිවෙ.

මෙසේ තුන් සසුනේම පැවැත්ම රදා පවතිනුයේ පරියන්ති ශාසනය හෙවත් ත්‍රිපිටකයේ අන්තර්ගත බුද්ධ දේශනය මතය. මේ සසුන නසනුයේ පිටස්තරයන් නොව මෙ සසුනේම උපන් හිස් පුරැෂයන් විසින් බව බුදුපියානන්වහන්සේ විසින් දේශිතයි. ඒ අනුව මෙකි කරැ‍ණු කොසොල් රජතුමා දුටු 11 වන සිහිනයේ අර්ථයන් හා සසදාගත යුතුය.
තථාගත බුදුපියානන්වන්සේගේ අමෘතයක් බුදුවු බුදු බණ ඇසිමට ලත් අප මහත් පුන්‍යවන්තයෝ වෙමු.උන්වහන්සේගේ ධර්මය අසා සිටි තිරිසන් සත්ත්වයින් පවා දෙවි ලොවිහි උපන් බව විමානවත්තු ආදි ත්‍රිපිටක දේශනයන්හි සවිස්තරව ඇත. ජිවමාන බුදුරජුන් වැනිවු උන්වහන්සේගේ සුභාෂිත ධර්මස්කන්ධය අනාගත පරපුරටද නිකලැල්ව දායාදකර දෙලොව සැප සාදාගැනිමට අපිත් උත්සුක විමට සුදුසු කාලය දැන් එලබ තිබෙ. 2600 සමිබුද්ධත්ව ජයන්තිය අබිමුඛව සිටිනා අප සියළු දෙනාම ඒ සදහා හැකිපමනින් දායක වෙමු.
බුදුසරණයි!
Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...