5 අදහස් හා විමසීමි

රත්නමාලි යන්ත්‍රය


ත්නමාලි යන්ත්‍රය වෙළද පොලේ විකිණිමට ඇති සෑම බොදු පින්තූරකම පාහේ වර්ථමානයේ දැකිය හැකි ජනප්‍රිය ගාථා රත්නයකි.

එලෙසම එම ගාථා රත්නය උදේ සවස ශ්‍රවනය කිරීමෙන් දැකීමෙන් තුරැනුවන්ගේ ආරක්ෂාව ලැබෙන බවද මෙහි සදහන් කර ඇත.

කුමන බොදු ධර්මයක් වුවද ශ්‍රවනය කිරීම යහපත් වන්නේය. නමුත් නිකමිම නිකන් ගාථා රත්නයක් ඇසූ පමණකින් යමි ගුණයක් ලැබෙන්නේද යන්න සලකා බැලිය යුතු කරැණක් වන්නේ.

මෙම යන්ත්‍රය බලවත් හා ඉතාමත් අසීරැ අක්ෂර යෝගයක් යොදා සාදා ඇති බව සත්‍යයකි. නමුත් බොදුවන් වශයෙන් අපගේ අරමුණවන්නේ මෙම යන්ත්‍රය දෙස බලා හා එය ශ්‍රවණය කිරීමෙන් පමණක් සතුට සුබසෙත ලබා ගැණිම නමි. බොදුවෙකු වශයෙන් එම පුදුගලයාගේ කිසිදු හරයක් නැතැයි නිගමණය කල හැක. කුමක් නිසාද යත් වස්කවි සෙත්කවි ආදියේත් මෙ ආකාරයට අක්ෂර බැදීම මගින් කරණු ලබන භාෂාමය හරඹයන් ඇති බැවින් මෙම ගාථා රත්නය මගින් එබදු පරමාර්ථයක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන්නන්ට සෙත්කවියක් ලියවා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

යමෙක් රත්නමාලි යන්ත්‍රයෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට සිතන්නේ නමි එම ගාථාවල ඇති සිංහල විවරණය වන

සසර සැඩ පහර නවතා නිවන් වැද

වශයෙන් සදහන් වචන කියවා ගාථාව කියවනවා විනා බුද්ධ ධමිම සංඝ යන ත්‍රිවිධරත්නය පිළිබදවම එහි සදහන් කරැණු පිළිබදව මදක් හැඹුරෙන් සිතිය යුතුය. එවිට එය බද්ධානුස්සතියක්ද ධමිමානුස්සතියක්ද සංඝානුස්සතියක්ද වන්නේය. මෙහිදී උපදින්නාවූ කුශලමය සිතුවිලි හා ඒ හා බැදි චෛතසික ධර්මයන් නිසා සිත ප්‍රබෝධමත් වන්නේය. බුද්ධාලමිබන ප්‍රිතිය සකල දුක්ඛයන් මඩිනා බැවින් සිත සැනසෙන්නේය.. නිවී යන්නේය..  ශාන්ත වන්නේය.. එබදු සිතක් ඇතිව කරණු ලබන ක්‍රියාවෙන්ද සාර්ථක ප්‍රථිපල උදාවෙන්නේය.. මෙ විස්තර පැවසුයේ සැකවෙනි.. ඒ හැර මේ ගාථාව මන්ත්‍රයක් මෙන් මැතිරැවද වචනමය වශයෙන් ලැබෙනා යමි දෙයක් ඇතහොත් මිස වෙනත් කිසිදු යහ ඵලයක් ලැබිය නොහැකි වන්නේ යැයි සිතමි.

Read More...
2 අදහස් හා විමසීමි

බුදු දහම ඉගැනීමට ප්‍රවෙශයක්


කිසිවෙකු ඔබගෙන් බුදුදහම ඉගැනීම ආරමිභ කල යුත්තේ කොතැනින්දැයි අසනු ලැබුවහොත් ඔබගේ පිළිතුර කුමක් විය හැකිද?

මා දන්නා තරමින් දැනට ශ්‍රී ලංකාව තුල වෙළද පොළින් ලබාගත හැකි අඩුම මිලින් හා ගුනාත්මක බවින් වැඩි යමි පොතක් වෙ නමි ඒ අන් කිසිදු පොතක් නොව රේරැකානේ මහ නායක ස්වාමින්වහන්සේ විසින් රචිත පොත් පන්තියයි. පහත දැක්වෙන යොමු මත එබිමෙන් ඔබට එම පොත් බාගත කරගත හැත. යොමු http://www.dhammikaweb.com ඇසුරෙනි.



  1. අභිධර්මයේ මුලික කරැණු
  2. බෞද්ධයාගේ අත්පොත
  3. බෝධිපාර්ශ්වික ධර්ම විස්තරය
  4. බෝධි පුජාව
  5. අනුවාද සහිත බුද්ධ නිති සංග්‍රහය
  6. චතලිස්සාකාර මහා විපස්සනා භාවනාව
  7. කෙලෙස් එක්දහස් පන්සියය
  8. මංගල ධර්ම විස්තරය
  9. නිර්වාණ වින්ස්චය හා පුනරැප්පත්ති ක්‍රමය
  10. පාරමිතා ප්‍රකරණය
  11. පටිඨාන මහා ප්‍රකරණ සන්නස 1 කොටස
  12. පටිටාන මහා ප්‍රකරණ සන්නස 2 කොටස
  13. පුණ්යෝපදේශය
  14. චන්දිවිමල නාහිමියන්ගේ චරිත කථාව
  15. සතිපටිඨාන භාවනා ක්‍රමය
  16. සුවිසි මහා ගුණය
  17. උභය ප්‍රාතිමොක්ෂය
  18. උපසමිපදා ශිලය
  19. විදර්ශනා භාවනා ක්‍රමය
  20. වඤ්චක ධර්ම හා චිත්තොප ක්ලේශ


Read More...
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...