Printfriendly

වෙසක්කුඩුව යන්න කුමක් විය යුතුද?


වෙසක් දිනයේ පරමිපරාවෙන් පරමි පරාවට අපි උරැමකරගත් සමිප්‍රදායන් රැසක් තියෙනවා. එත් අපි ඒවා කරන්නමිවාලේ කරනවා මිස මෙවායේ අර්ථය විමසා බලා නුවනින් තිරණයන් ගන්නේ කියෙන් කිදෙනෙක්ද?

වෙසක් පොහොය බෞද්ධයන්ට වැදගත් වන්නේ ඇයිද යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවෙ. ඒ අපේ ස්‍රස්තෘවරයාණන් වහන්‍ස් වන තථාගත බුදුපියානන් වහන්සේගේ මංගල්‍යයන් 03 ක් එදින අපි සැමරිමයි. එනමි ‍මහ බෝසතුන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්විම හා මහා පරිණිර්වාණය යන මෙ මහා මංගල්‍යයන් 03 යි. "මම මෙ කිවිවෙ වෙසක් වෙසක් කියල හැම දෙනාම කියන දේ" හැබැයි මෙ කියපු කථාවෙත් කිසි වරදක් නැ. නමුත් චින්තනය දියුණු මිනිස්සු විදියට අපි වෙසක් මංගල්‍යයට දෙන අර්ථ දැක්විම මෙය නමි අවිවාදාත්මකවම එය මහාම මහා අසාධාරණයක්. ඒ ඇයි?
අපේ ලගම ඥාතියෙක්ගේ උපන්දිනයක් තිබුනොත් අපි එදාට මොනාද කරන්නේ? අපි කේක් කපයි, සාදයක් පවත්වයි, තවත් කෙනෙක්, ඥාති හිතමිතුරන් එක්ක මෙය බොහොම ඉහලින් සමරයි. එ වගේම අපි කවුරැ හරි හුගක් මහන්සි වෙලා පාඩමි කරල  ලියපු විභාගයක ප්‍රථිපල ඇවිල්ල ඒ විතරක් නෙමෙයි විභාගය බොහොම උසස් විදියට සමර්ථ වෙලාත් තියෙනවා නමි, ඒ ගෙදර පිරිසට ඒදා මොන තරමි නමි සතුටුදායක දවසක් වෙයිද? එත් එක්ක්ම අපේ ගෙදර මරණයක් වුනොත් අපි මොනතරමි නමි දුක් වෙයිද අඩයිද වැලපෙයිද? අපි මේ අවස්ථා 03 ම දසාමාණ්‍යයෙන් එදිනෙදා දන්න දේවල්. අපේ තථාගත බුදුපියානන්වහන්සේගේ උපත, බුදුවිම යන ප්‍රිති ජනක මංගල්‍යයන් සිදුවුයේ, ඒ අශ්චර්‍යමත් සිදුවිමි සිදුවුනේ වෙසක් පොහෝ දිනයේයි. සැබවින්ම එය බෞද්ධයන්ට ඉතාමත් සතුටුවිය හැකි කරැණක් තමයි . නමුත් අපි වෙනුවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනන්ත අප්‍රමාණ දුක් විදි තථාගතයන් වහන්සේගේ මහා පරිණිර්වානය සිදුවුයේද එම දිනයේමයි. සැබවින්ම උපත ලැබුවෙ මහබෝසථානොයි, බුදු බවට පත්වුයේද ඒතුමානොයි, නමුත් පරිණිර්වානය වුයේ අපේ තථාගත බුදුපියානොයි. එතකොට අපි කොහොමද සතුටු වෙන්නේ? මෙ ප්‍රශ්ණය මම නොයෙක්වර මාගෙන්ම අසා ඇත්තෙමි. නමුත් මම වෙසගේ නියම අර්ථය ඒ නිසා සොයාගත්තා යැයි කිවහොත් නිවැරදියි.

අපගේ තථාගත බුදුපියානන්වහන්සේගේ දර්ශනයේ සාරය  අංගුමාත්‍රයක් නැර මෙම වෙසගින් නිරැපනය වන බව ඔබ කවදාවත් නොසිතන්නට ඇත. එනමි අනිත්‍යතාවයයි, දුක්ඛ තාවයයි, අනාත්මතාවයයි. කෙනෙක් මෙක මාගේ උපන් දවස කියල දිනයක් වෙන්කරගෙන මෙ දවස මම මෙ විදියට ඉන්නවා. මෙහෙම පාටියක් දානවා කියල හිතාගෙන ඉන්නවා කියමුකෝ. මෙ පුද්ගලයා හිතාගෙන ඉන්නේ මෙ ලොකේ තියෙන හොදම දිනය තමන් උපන් දිනය කියලයි. මම මෙ උපන්දිනය උදාහරණයට අරගෙනයි කතාව කියන්නේ මෙක ඔනැම දෙයකට ආදේශ කරල බලන්න පුලුවන්.ඒ වගේම ඒ දිනය එනකන් හරි ආසාවෙන් බලාගෙනත් ඉන්නවා. එදාට අපිට ගොඩදෙනෙක් සුභ පතනවා. තැගිබෝග ලැබෙනවා අපිට හරි සතුටුයි. මම ඒක නිසා ඒකට කියන්නේ "මගේ  උපන්දිනය කියලයි" හැබැයි දැන් මෙ අතර තව සිදුවිමක් වෙනවා. මෙ උපන්දිනය එනකන් බලන්හිටපු කෙනාගේ ස්වාමිපුරැෂයා හරි බිරිද හරි, අමිමා හරි තාත්තා හරි ඒදාම මැරෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට ඒ උපන්දිනය ඒ විදියට සමරන්න පුලුවන් වෙයිද? ඒ දවස දැන් මගේ උපන්දිනය නෙමෙ මගේ බිරිද මැරැන දවස වෙලා, එහෙමත් නැත්නමි අමිමා තාත්තා මැරැණ දවස වෙලා. පේනවා නේද වෙනස්විමෙ තරම, මෙකට කියන්නේ අනිත්‍යය කියලයි. අපිට උපන්දිනය සමරන්න බැරිවුන එක දැන් දුකක්. එදාම දැන් අමිමා හරි තාත්තා හරි කවුරැ හරි අර අපි කියපු පුද්ගලයා මැරැණ එක ඊටත් වඩා දැන් දුකක්. පේනවා නේද අර සතුට මොහොතකින් දුකකට පෙරළුන හැටි. මෙක තමයි දුක්ඛතාවය කියන්නේ, මම මෙචිචර දවසක් මගේ උපන්දිනය මගේ උපන්දිනය කිය කිය හිටපු දිනය දැන් වෙනකෙනෙක්ගේ මරණ දිනයක් වෙලා දැන් කෝ මෙකේ මගේ කියන්න දෙයක්? මෙකට තමයි අනාත්මතාවය කියන්නේ. එතකොට මෙ දවස මම සමරන්නේ කොහොමද? මට උපන්දිනය කියල පාටි දාන්න බැ.උපන්දිනයයි මරණ දිනයයි කියන දෙකම අලලා පුන්‍යමය කටයුත්තක යෙදෙනෙ එක නේද මම කරන්න ඔන. මොකද මට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියල ලක්ෂන තුනම මෙදා ප්‍රගුණවෙලා පෙනෙන නිසා.මෙ දේ තෙරෙනවා නමි කවුරැත් වෙසක්දාට ඔලුබක්කෝ නටන එකක් නැ. මෙදේ තෙරෙනවානමි කවුරැත් වෙසක්දාට මහා හොල්මන් මන්දිර වලට යන එකක් නැ. මෙ දේ තේරෙනවා නමි කවුරැත් වෙසක්දාට වෙසක් බලන්න කියල රට වටේ කරක්ගහල අරක්කු සිගරටි බිල ජොලි දාන එකක් නැ. මෙ දෙ තෙරෙනෙවානමි කවුරැත් වෙසක් උත්සවයට I Love You කියල කෙල්ලො කොල්ලන්ගේ රැප දාල පැත්තකින් පොඩියට බුදු රැපයක් ඇදපු වෙසක් කාඩි යවන එකක් නැ. මෙ දේ තෙරෙනවා නමි කවුරැත් වෙසක් දවස පාටියක් කර ගන්න එකක් නැ. සසර කෙටි කරගන්න ඉක්මන් වෙනවා මිසක්. ඒකට පින්දහමි කරගන්නවා මිසක්.   

මෙ විදියට අපේ තථාගතයානන්වහන්සේගේ මෙ තෙමගුලත් අනිත්‍ය, දුක්ඛය හා අනාත්මය ‍පිලිබිබු කරණ දිනයක් නොවෙද? මෙ ලකෂණ 03 කෙනෙක් දකිනවානමි මෙ ලොව එයිටත් වඩා වෙනත් මංගල්‍යයක්ද නැත. මෙ අනුව අපිට පෙනි යන්නේ වෙසක් දිනය කියන්නේ නිකං කැලැන්ඩරයක දිනයක් පමණක් නොවිය යුතු බවයි. එය ඊට වඩා අර්ථාන්විත දිනයක් ලෙස ගතකල යුතු බවයි මම මෙයින් අදහස් කලේ.

වෙසක් දිනය අර්ථාන්විත වන්නේ කෙසේද?
වෙසක් දිනයේ මුලිකම පණිවිඩය වන්නේ තථාගත බුදුපියානන්වහන්සේ එදා මහා පරිනිර්වාන මංචකයේ සිට පැවසු මෙ වෙදන් නොවෙද? "මහණෙණි මා දැන් ඔබ අමතමි! සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි. නොපමාව කුසල්ධමි සමිපාදනයේ යෙදෙන්න" එනමි වෙසක් දිනය යනු අපේ තථාගතයන් වහන්සේගේ පරිණිර්වානයත්, උන්වහන්සේ ගේ ඒ අවසන් වදනුත් තවදුරටත් මහාකුළුනු සමවතට වැදි අපට පිහිට වන්නට උතුමෙක් නොමැති බවත්, අපි හැකි ඉක්මනින් මෙ සසරින් මිදිය යුතු බවත්, දශබලධාරි වු බුදුපියානන්වහන්සේ පිරිනිවුන කල අපි වැනි  පෘතක්ජනයන්ද මරණයෙන් කෙලවර වනබව අපිට මතක් කර දෙන දිනය
වන්නේ මෙම වෙසක් දිනයයි. කෙනෙක් වෙනදාටත් වඩා ධර්මය දකින්නට එදින උත්සහ කරණවා නමි, වෙනදාටත් වඩා තුණුරැවන් ගැන සිත පහදවා ගන්නවා නමි, වෙනදාටත් වඩා බුදු ගුණ මෙනෙහි කරණවානමි, වෙනදාටත් වඩා සිල්වත් වෙනවානමි අන්න එදින අර්ථාන්විත වෙසක් දිනයක් වෙයි. වෙසක් ඇත්තේ අපේ සිතේ මිස කැලැන්ඩරයේ දින වල නොවන බව ඔබට තේරෙනවා ඇත. ඒකයි අපි වෙසක් දවසේ අනිත් පොයවල් වලට නොදෙන විදියට දන්සල් දෙන්නේ, ඒකයි අපි වෙසක්දාට වෙසක් කුඩු හදන්නේ, ඒකයි අපි එදාට වෙනදාට වඩා ගොඩක් පිං කමි කරන්නේ, බැතිගි ගයන්නේ පන්සල් නොයන මිනිස්සුත් පන්සල් යන්නේ. ඒකයි වෙසක් දිනය විශේෂ වන්නේ.


වෙසක් කුඩු සැදිම,
මම මෙතනදි වෙස්කුඩුවෙ උපත ගැන විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැ. නමුත් එය වැඩි ඇතකට දිව යන දෙයක් නොවෙයි. එහෙම වුනත් වෙසක්කුඩුවක් හදනවා කියන දේ බොහොම හොද දෙයක්. ඇයි එහෙම කියන්නේ? 
චෙසක්කුඩුවක් හදන්න අපි මුලින්ම බට ලි හොයාගන්න ඔනි. එහෙම නැත්නමි ඉරටු, පස්සේ ලි කපලා අපි මෙවා සුද්ධ කරන්න ඔන ඒවා එකට තියල බදින්න ඔන. බැදල කුඩුව හදන්න ඔන. කොල ගේන්න ඔන. කොල කපන්න ඔනි. පාප්ප හදල ඒවා අලවන්න ඔනි. රැලි දාන්න ඔන. මෙ විදියට වෙසක් කුඩුවක් හදන්න සැහෙන කාලයක් හා වෙලාවක් මුදලක් අපිට වියදමි වෙවා. අපි මෙ විදියට කැපවිමි කරල මෙ වෙසක් කුඩුව හැදුව කියමු. මෙ කුඩුව අපි හැදුවෙ මම වෙසක් කුඩුවක් හදන්න ඔනි කියන චෙතනාව මුලික කරගෙන. වෙසක්කුඩු හදන්නේ බුදුපියානන් වහන්සේගේ තෙමගුල් දිනය ලස්සන කරන්න. මෙක අපේ හිතේ තියෙනවා. මෙ වෙතනාව මුල්කරගෙන අපි සිදුකරන සේරම ක්‍රියා සිදුවන්නේ සංස්කාර ස්කන්ධයේ ක්‍රියාකාර්ත්වයක් විදියටයි. මෙවා පුන්‍යාභි සංස්කාර. ඒ කියන්නේ කෂල කර්ම  කියන දෙයයි. කුඩුවට බට හොයන වෙලාවෙ ඉදල කොල අලවල ඉවර වෙනකන්ම අපි නොදැනුවත්ව අතිවිශාල කුෂල සමිභාරයක් අපි රැස් කරනවා. පස්සේ මෙක එල්ල් ඉටිපන්දමි පත්තු කලාම ලස්ස්න බලලා අපි ඒ කල කුෂල කර්මය දිහා බලල එක සිහි කර කර නැවතත් අපි සතුටු වෙනවා ඒකත් කුෂල කර්මයක්. 

මෙය විස්තර කරන්න හොදම  ගාථාවක් ධමිමපදයේ තියෙනවා. 

ඉධ නන්දති පෙචිච නන්දති
කතපුඤෙඤා උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කත්න්ති න්නදති
භිය්‍යො නන්දති සුග්ගතිං ගතෝ


පින්කල තැන්ත්තා මෙලොවදි සතුටුවෙයි, පරළෙවදිත් සතුටුවෙයි. ‍මා මෙබදු පිණක් කරණ ලද්දෙ යැයි මෙළොවදි සතුටු වන ඔහු සග සැප විදිමින් පර‍‍ළොවදි වඩ වඩාත් සතුටු වෙයි.

තවත් ටිකක් දියුණු කෙනෙක්ට මෙ වෙසක් කුඩුව භාවනාවක් කර ගන්නත් පුලුවන්. අපි මෙ වෙසක් කුඩුවෙ සැකිල්ල බදිනවා. මෙක හරියට
අපේ මෙ ශරිරයේ අස්ථි පංජරය වගේ. මෙ අස්ථි පංජරය වටකරල පුමිබල, කැත නැතිකරල ලස්සන කරන්න මස් තියෙනවා වගේ අපි ඒකට සවිකොල අලවනවා. ඇදුමි වගේ රැලි දානවා. මෙ වෙසක්කුඩුව නිකං හැදෙන්නේ නැ. අපි බට කපල රැහැල ඒවාට මහන්සි වෙන්න ඔන. කොල අලවල ලස්ස්න කරන්න මහන්සි වෙන්න ඔන. කුඩුවෙ හැඩය ගන්න මහන්සි වෙන්න ඔන. කුඩුව ආලොකමත් කරන්න මහන්සි වෙන්න ඔන. නිකං අපේ මෙ ශරිරය වගේමයි, අදින්න පලදින්න කන්න බොන්න, දුක්විදින් ඔනි වගේ. මෙක තමයි දුක්ඛ ලක්ෂණය. පස්සේ "ශා මගේ කුඩුව මම හදුපු එක.  මගේ කුඩුව හරි ලස්සනයි" කියල අපි මෙක එල්ලල ලස්සන බල බල ඉන්නවා. හරියට අලප් මෙ කුණු ඇග ගැන අපි සන්තොෂ වෙනවා වගේ. සවිකොල නැත්තමි කුඩුව මොනතරමි කැතද? අපේ මෙ හම ගැහැවිවහම අපි මොනතරමි කැතද? දෙකම එකයි නේද? පස්සේ මෙ කුඩුව වැස්සට තෙමිල, රැලි කැඩිලා, එහෙමත් නැත්තන් පිචිචල යනවත් අපි දකිනවා. මෙක තමයි අනිත්‍යතාව ඒකම අයුරින් නොපවතිනා බව, ඉති මෙක මගේ වෙසක්කුඩුව නමි මට මෙක මම කැමති විදියට හැමදාම තියාගන්න පුලුවන් වෙන්න ඔන ඒත් ඉතිං මට ඔන වුනත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. හරියට මගේ මෙ ශරිරය වගේ. මෙක ලෙඩ නොවි ඉන්න කියල මම කිවිවට ලෙඩ නොවි ඉන්නේ නැනේ. ලෙඩවිම ශරිරයේ හැටියක්. මෙක තමයි අනාත්ම ලක්ෂණය. දැන් පේනවා නේද? කෙනෙක්ට වෙසක් කුඩුවෙන් ත්‍රිලක්ෂන භාවනාව වුනත් වඩන්න පුළුවන්. සති සමාධි ප්‍රඥා දියුණු කෙනෙක්ට සොවාන් වෙන්න වුනත් මෙක ඇති.

ප්‍රාථමික මටිටම සලකනවා නමි, පවුලේ කටිටය එකතු වෙලා වෙසක් කුඩුවක් හදනකොට දරැවො එහෙම සමගියෙන් වැඩ කරන්නේ කොහොම කියල ඉගෙන ගන්නවා. දරැවන්ට තනියම වෙසක් කුඩු හදන්න දිල පොඩි දරැවෝ ඒවා හදනකොට, පියවරින් පියවර ජිවිතය ගොඩ නගන විදියයි ඔවුන් ඉගෙන ගන්නේ.වෙසක්කුඩුව කියන්නේ හරිම පිලිවලට තියෙන දෙයක් නිසා, දරැවෝ පිළිවල ඉගෙන ගන්නවා. පස්සේ මෙ කුඩුව එල්ලා ගෙදර හැමොම ඒක බලල සතුටු වෙනකොට ජිවිතයට මුහුණදෙන්නේ කොහොමද කියල දරැවෝ ඉගෙන ගන්නවා මෙ දරැවො ගැන. මනෝවිද්‍යාවෙන් ටිකක් කිවිවෙ.
කොහොම වුනත් කඩෙන් කුඩු ගෙනල්ල එල්ලනව නමි භාවනා කරන්න නමි වෙන්නේ නැ. ඒ වගේම කුශලයත් මදයි. එ වුනත් එහෙම එල්ලන එකත් කුෂලයක් නිසා එක හරි කරල අපේ බුදුපියාණන් වහන්සේගේ ගුණ කදමිබය පතුරැවා හරිමු.


ඔබ සැමට නිර්වාණය අවබෝධවන, සසර බැමි ලිහිල් වන, මෙත්මල් පිබිදෙන, අසිරිමත් වෙසක් මංගල්‍යයක් වෙවා!


සැමට බුදුසරණයි.

4 අදහස් හා විමසීමි:

Maninda said...

ගොඩක් හොඳයි

නිශාචරයා Nishacharaya said...

ඉතා හොඳ ලිපියක්... බුදු සරණයි...!

සිoහල බෞද්ධයා said...

වෙසක් කූඩුව අපි සාමාන්‍යයෙන් හදන්නේ අටපට්ටම් විදිහටයි. පස්සේ තමයි අනෙක් මාදිලි ආවේ. මුලින්ම අටපට්ටම් කූඩුවක් හැදුවේ සෑහෙන අර්ථයක් ඇතිව. ඒ තමයි අට ලො දහම නිරූපණය කිරීමට. වෙසක් පොය අපට වඩාත් වැදගත් වන්නේ එයින් අපට අට් ලො දහම ගැන ලොකු පාඩමක් කියලා දෙන නිසා.

මම මේ Blog එක සම්පූර්ණයෙන්ම කියෙව්වා. හැමතැනදිම comment දැම්මේ නම් නෑ. ඒකට අහිතක් හිතන්න එපා. මේක ඇත්තටම බොහොම වටින එකක්. සැබවින්ම මේ කාරණේදී ඔබ කල්‍යාණ මිත්‍රයෙක්. තෙරුවණ් සරණයි....!

------සිංහල බෞද්ධයා-------

trickhunters.tk said...

niyamai oya karana me wede.. digatama karagena yanna.. lassana blog ekak

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...