Printfriendly

සැබැ මොඩකම යනු කුමක්ද?

නැවත ඉපදිම ගැන කියන්න කලින් ආයෙමත් පොඩි උදාහරණයක් කියන්නයි යන්නේ. හැබැයි මෙතනින් එහාව විස්තර කරල තියෙන කිසිම
දෙයක් මම දැන් කියන්න යන උදාහරණය තෙරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නමි කියවන්න එපා. මොකද එහෙම කෙනෙක් මෙ වගේ ලිපියක් කියවන එකේ කිසිම තේරැමක් නැති නිසා, දැන් අපි හිතමු, එක මනුස්සයෙක් ඉන්නවා කියල. මෙ මනුස්සයා ඉපදුන මොහොතෙම බිත්ති 04 කින් වටවුන පොඩි කාමරයක් ඇතුලට දැමිමා කියල හිතමු. මෙ කාමරයේ එක බිත්තියක පොඩි හිලක් තියෙනවා මෙ හිලෙන් විතරයි මෙ මනුස්සයාට භාහිර ලොකේ කියන්නේ මොකක්ද කියල පෙන්නේ. මෙ කාමරයේ වටපිටාවෙ මිනිස්සු කථාබහ කරණවා මෙ මනුස්සයාට ඇහෙනවා. ඒතකොට මෙ මනුස්සයා දන්නේ  අර වටෙ පිටෙ මිනිස්සු කථා කරණ දේවල් විතරයි. මෙ කාමරේ ඇතුලට වෙලා ඉන්නකොට මෙ මනුස්සයාට විවිධ ගද සුවද දැනෙනවා. හැබැයි මෙ මනුස්සයා දන්නේ අර පොඩි ප්‍රදේශයක විතරක් තියෙන ගද සුවද විතරයි. මෙ මනුස්සයාගේ ජිවිතේ හරිම එකාකාරියි. ඒ මනුස්සයා ජිවිතේ කියල දන්නේ අර කාමරේ ඇතුලෙ තියෙන සැප දුක විතරයි. ඔහොම කාලයක් යනකොට මෙ ලොකේ බොහෝමයක් දේවල් දන්න, එක්තරා බහුස්‍රැත අයෙක් ඇවිල්ල මෙ මනුස්සයාට කියනවා. ජිවිතේ කියන්නේ ඔය කාමරේ ඇතුලේ තියෙන දේ විතරක් නෙමෙයි. මෙ ලොකේ මෙ විදියේ දේවල් තියෙනවා. මෙ විදියේ සත්ත්වයෝ ඉන්නවා ඒ සත්ත්වයින්ට මෙන්න මෙ විදියේ සැප දුක තියෙනවා. මෙ ස්ත්ත්වයින් මෙන්න මෙ වගේ‍. ඒ සත්තු ආහාරයට ගන්නේ මෙන්න මෙ වගේ දේවල්. කියල ඔය විදියට භාහිර ලොකේ ගැන අර ජිවිත කාලෙම කුටිය ඇතුලට වෙලා හිටපු මන්සුසයට තේරැමි කරල දෙනවා. ඊට පස්සේ ආයෙමත් කියනවා."ඔබ ඔය කාමරේට වෙලා විදින්නේ දුකක්, ඔබට ඔක සැපක් විදියට පෙනුනට, ඔකෙ නියම සැපක් නෑ. කැමති නැද්ද ඔය කාමරෙන් පිටට ඇවිල්ල මොකද්ද නියම සැප කියල අත්දකින්න? මම ඒකට මාර්ගය පෙන්නන්නමි" කියලත් කියනවා.
මෙ මනුස්සයා මුලු ජිවිත කාලයක්ම අර කාමරේ ඇතුලේ කොටුවෙලා හිටපු නිසා, මෙ දේවල් විස්වාස කරන්න ටිකක් මැලි වෙනවා. මොකද ඒ? ඒක තමයි වැදගත්ම ප්‍රශ්ණය ඒ මනුස්සයා ඒ දේවල් විශ්වාස කරන්න මැලි වෙන්නේ, ඒ මුනුස්සයාගේ ළාමක බව නිසා ඒහෙමත් නැත්නමි,
මොඩ කම නිසා, එහෙමත් නැත්නමි, අවිද්‍යාව නිසා. කොහොම හරි මෙ විදියේ කාමරක ඉන්න මෙ දේවල් ඇත්තය කියල පිලිගත්ත කෙනෙක්ට අඩුම වශයෙන් ජිවිතය ගැන සුභදායි බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුලුවන්.අපේ මොඩ කම වැඩි වෙන තරමට අපි තර්ක කරණවාත් වැඩියි.

දැං කෙනෙක්ට කියන්න පුලුවන් අපි කොහොමද දන්නේ අර භාහිර ලොකය ගැන විස්තර කරපු පුද්ගලයා ඇත්තමද බොරැද කියන්නේ කියල.? ඔවි එක අතකට එහෙම හිතෙන එකේ අසාධාරණ බවක් නැ. එත් අපි ලෙඩවෙලා දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න ගියාම මෙ දොස්තර අපිට බෙහෙත් ලියල දෙනවා. අපි කරන්නේ මෙ බෙහතේ ගැන වග විභාගයක් කරන්නේ නැතිව ෆාමසියෙන් අරගෙන බොන එක නෙමෙයිද? හැබැයි තව මනුස්සයෙක්ට එහෙම නොකර වෙන විදියකුත් කරන්න පුලුවන්. දොස්තර බෙහෙත් කිවිවහම එක බොන්නේ නැතිව, මෙක හොදද දන්නේ නෑ, මෙක බිල ලෙඩෙ හොදවෙයිද නැති වෙයිද දන්නේ නෑ. මෙ බෙහෙත කොහොමද හදල තියෙන්නේ? මෙකෙ අතුරැ ආභාධ තියයෙනවද දන්නේ නෑ කියකිය හිති හිත බෙහෙත් නොබි ඉන්නත් පුලුවන්. එතකොට ඉතිං වෙන්නේ ලෙඩෙ වැඩිවෙලා දුක්විදින්න වෙන එක හරි මැරෙන්න  හරි වෙන එකනේ. මම හිතන්නේ මම කියපු දේ තෙරැණා වෙන්න ඔන.

අපි මෙ ලොකය ගැන දැන ගන්නේ අපේ මෙ ඇස, කන, නාසය, දිව, ශරිරය කියන ඉන්ද්‍රියන්ගෙන් මිට අමතරව මනසින් ෂඩායතන  කියන්නේ මෙවයි. අපේ ඇස මොනතරමි මායාකාරි වස්තුවක්ද කියල එක මොහොතකට හරි කෙනෙක් කල්පනා කරනවා නමි මම ඇහින් දැකල මිසක් විස්වාස කරන්නේ නැ කියන කථාව කවදාවත් කියන්නේ නෑ. ඇයි ඇස මායාකාරියි කියන්නේ?
අපේ මෙ ඇහින් පෙන්නේ බොහෝම කුඩා පරාසයක් විතරයි. මිලිමිටර 1 කට වඩා කුඩා වස්තු දකින්න මෙ ඇහැට අමාරැයි. අපේ ඇහැට අන්වික්ෂයකින් පෙනෙන කුඩා ක්ෂුද ජිවින් පෙනෙන්නේ නැ කියල කවුරැ හරි කෙනෙක් කියනවා නමි ඒහෙම ක්ෂුද්‍රජිවින් කියල ජාතියක් නැ කියල. ඒක ඒ මුනුස්සයාගේ මොඩකම මිස වෙන මොකද්ද? අපේ අනිත් ඉද්‍රියනුත් ඒ වගේ. හරිම සිමාසහිතයි.
හැම දේම එකින් එක තොර තොර නොකිවිවත් මම අදහස් කරණ දේ තේරැණයි කියල හිතනවා. අපේ තථාගත බුදුපියානන් වහන්සේත් හරියට මෙ ෂඩායතන කියන කාමරයේ හිරවෙලා. ඒලියට ඒගන්න බැරිව දුක්විදින සත්වයින්ට මාර්ගය දක්වන ඒ බහුස්‍රැත පුද්ගලයා වගේ. උන්වහන්සේ අපිට මාර්ගය පෙන්නලා දෙනවා. දෙවනියට කියපු උදාහරණයේ වගේ උන්වහන්සේ පෙන්වලා දෙන මාර්ගය, පිළි අරගෙන ඒ මාර්ගයේ ක්‍රියා කරල භවය කියන මෙ ලෙඩෙ හොද කර ගන්න එක අපේ වැඩක්. අර දොස්තරගේ බෙහෙත් සැක කරකර හිටියා වගේ බුදුපියානන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයත් කෙනෙක්ට සැක කර කර ඉන්න පුලුවන්. බුදු දහම තුල එය පුද්ගලානු බද්ධ දෙයක්. එහි බලකිරිමි නැහැ.

අද පුනරැප්පතිත්තියට ප්‍රවෙශයක් වශයෙන් කරැණු දක්වන්නේ සම්‍යග් දෘෂ්ඨිය ගැන. සම්‍යග් දෘෂ්ඨිය කොටස් දෙකකින් යුක්තයි.
01)දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය
02)චතුසත්‍ය සම්‍යග් දෘෂ්ටිය.

මෙයින් දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය සලකා බලමු.

"සමිමා දිටිඨිකෝ හෝති අවිපරිත දස්සනෝ, අත්ථි දින්නං, අත්ථියිටිඨං, අත්ථිහුතං,අත්ථි සුකටදුක්කටානං,කමිමානං ඵලං විපාකෝ, අත්ථි අයං ලොකෝ, අත්ථි පරලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිථා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොතක් සමණ භාහ්මණා සමග්ගතා සමිමා පිටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤිච ලෝකං යසං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙන්ති තී."

01)අත්ථි දින්නං
ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගි මගි යාචකයන් ආදින්ට පින්සලකා හෝ පුජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරණු ලබන පරිත්‍යාග නිසා එසේ කරන්නාවු තැනැත්තන්ට අනාගතයේ බොහෝ සැප සමිපත් ලැබෙන බව, ස්වශක්තියෙන්ම හෝ අන්‍යන්ගේ ඇසිමෙන් දැනගෙන එය විශ්වාස කිරිම වෙ.

02)අත්ථියිටිඨං
"යිටිඨ" යනු මහා දානයන්ට හා පුජාවන්ට කියනු ලබන නමකි. එසේ මහා දානයන් දිම නිසා මහත් විපාකයන් ලැබෙන බව විශ්වාස කිරිම අත්ථියිටිඨං වෙ. මහා විශාල ධනයක් වියදමි කරමින් ප්‍රතිග්‍රාහකයින් විශාල පිරිසක් උදෙසා දෙනු ලබන දානයන්, මහා පහන් පිකමි ආදිය දෙස බලමින් සමහරක් කියණුයේ, එක පහනක් පුජාකලත් එක පිනයි. පහන් සියක් පුජකලත් ඒ පිණමයි. මෙහෙම පහන් පත්තුකළාම වෙන්නේ නිකං තෙල් නාස්ති වෙන එක විතරයි යනුවෙනි. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මහා දානයක්ගෙන් ඵලක් නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියක් බවය.

03)අත්ථිහුතං
පින් සලකා ගුණවතුන් වෙත අහාර පාන වස්තු පඩුරැකාට යැවිම මරනින් මතු ඉශ්ඨවිපාක ගෙනදෙන්නක් බව විශ්වාස කිරිම වෙ. එසේ නොකිරිම මිත්‍යාදෘශ්ඨියක් වෙ.

04)අත්ථි සුකටදුක්කටානං කමිමානං ඵලං විපාකෝ
මෙයින් කියවෙන්නේ යහපත් ක්‍රියාවන් ගැනයි. පන්සල්, රෝහල්, විහාරගෙවල්, පාරවල් පිලිසකර කිරීම, ලිං පොකුණු කරවිම, අන් අයගේ ප්‍රයෝජනය සදහා ඵල හටගන්නා ගස් වැල් රෝපණය, ගිලනුන්ට, මහල්ලන්ට, දුබලයන්ට උපකාර කිරිම ආදි සත්ක්‍රියාවන් කිරීමෙන් එයින් ඉශ්ඨ විපාක ලැබෙන බව පිළිගැනිම මෙයයි. මෙලොව කුමක් කලත් පරලොවට ඉන් වැඩක් නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියයි.

05)අත්ථි අයං ලොකෝ
අප වාසය කරණ මෙ ලොකය හැර අපේ ලෝකයට සමාණ වු සැප දුක් ඇත්තාවු , අපේ ලොකයට බොහෝ වෙනස් වු සැප දුක් ඇත්තාවු තවත් බොහෝ ලොක ඇත. මෙ ලොක වල සිටින සත්වයෝ සැම කලෙකම එකම ලොවක වාසය කරන්නේ නැත.ඔවුන් විටින් විට තමන් වාසය කරණ ලොක වලින් චුතවී ඉතා දුර පිහිටි ලොකයන්ට පැමිනේ. එසේම ඒ ලොකවල සතත්වයෝ එයින් චුතව අපේ ලොවට පැමිනේ. මෙසේ විශ්වාස කිරිම අත්ථි අයං ලොකෝ නමි වෙ. අපේ ලොවට පිටත ලොක වල සත්ත්වයින් ඒ ලොවෙහිම වාසය කරනු මිස මෙ ලොවට පැමිනෙන්නේ නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියකි.

06)අත්ථි පරලෝකෝ
සමහරෙක් නරකාදිය ඇත්තේත් මෙ ලොකේය, දිව්‍යලොව ඇත්තෙත් මෙ ලොකෙය. යනුවෙන් සිතාගෙන සිටිති. මෙය මිත්‍යා දෘශ්ඨියකි. මෙ ලොව සත්ත්වයින් මෙලොවින් චුතවි නරකය, දිව්‍ය ලොව ආදි අන් ලොකයන්හි උපදින්නේය. මෙලෙස මරනින් මතු ඒකාන්ත වශයෙන් ඉපදිමට පරලොවක් ඇති බව විශ්වාස කිරිම අත්ථි පරලෝකෝ නමිවෙ.

07)අත්ථි මාතා
මවට සැලකිම නිසා ඒකාන්ත වශයෙන් අනාගතයේ ඉශ්ඨ පල ලැබෙන බව විශ්වාස කිරිම.

08)අත්ථි පිථා
පියාට සැලකිම නිසා ඒකාන්ත වශයෙන් අනාගතයේ ඉශ්ඨ පල ලැබෙන බව විශ්වාස කිරිම.

09)අත්ථි සත්තා ඔපපාතිකා
ඔපපාතික සත්ත්වයින් යනු මවකු හෝ පියෙකු නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග සමිපුර්ණව එකවරම පහලවිමි වශයෙන් උපදින සත්ත්වයින්ය. නරකයන්හි, දිව්‍ය ලොකයන්හි හා බ්‍රහ්ම ලොකයන්හි ඇත්තේ එම සත්ත්වයින්ය. එබදු ඔපපාතික සත්ත්වයින් ඇති බව පිළිගැනිම සම්‍යක් දෘශ්ඨියයි. එය එසේ නොවන බව හෝ මිනිසුන් හිතින් මවාගත් දේවල් යැයි පිළිගැනිම මිත්‍යාදෘශ්ඨියයි.

10)අත්ථි ලෝකේ සමණ භාහ්මණා සමග්ගතා සමිමා පිටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤිච ලෝකං යසං අභිඤ්ඤා සචිඡිකත්වා පවෙදෙන්ති.
සාමාණ්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ඨ වු සිහිනුවනක් හා අධික නොපසුබස්නා වීර්‍යක්, අධික ඉවසිමක් උප්පත්තියෙන්ම පිහිටි පුද්ගලයින් ලොකයේ කලාතුරකින් උපදියි. එයින් සමහරෙක් පැවදි වී ධ්‍යාන වඩා මිනිසුන් විසින් ඇසින් දැකිය නොහැකි දේවල්, කණින් නැසිය හැකි දේවල්, දැකිය හැකි හා ඇසිය හැකි වුද පෙර ජාතින්හි සිද්ධින් පවා සිහිකල හැකි අභිඥාව නමි ඥානයක් උපදවයි. මෙස් අභිඥා ඥානයෙන් මිනිස් ඇසට නොපෙනෙන ඉතා ශුක්ෂ්ම ශරිර ඇති දිව්‍ය භ්‍රහ්ම ආදින්ද, අපාය ලොකයන්ද, ඒ ඒ ස්ථාන වලට පැමිණ බලන්නකු ලෙසම දකියි. ලොව ඉතා දීර්ඝ කාලයකින් පහල වන සමහර උත්තමයෝ ඒ අභිඥා ඥානය
අරහත් ඥානයත් සමග උපදවා ගනිති. ඔවුන්ට බුදුවරයෝ යැයි කියනු ලබයි. ඒ බුදුවරයෝ මිනිසුන්ට විශය නොවු ඇත පිහිටි ඒ ලොකයන් ගැනත් චතුරාර්‍ය සත්‍යත්, නිර්වාන මාර්ගයත් සමග විශිෂ්ඨ වු ධර්මයක් දේශණා කරයි. ඒ බදු උතුමන් විසින් දේශනා කරණ සතර මාර්ගය සතර ඵලය හා නිර්වාණය යන නවලෝකෝත්තර ධර්මය ඇති බව පිලිගැනිම හා ඒ ප්‍රතිපත්තියෙන් නිවනට පැමිණිය හැකි බව පිළිගැනිම අත්ථි ලොතක් සමණ භාහ්මණා... යන සම්‍යග්දෘශ්ඨිය වෙ.

චතුසත්‍ය සම්‍යග් දෘෂ්ටිය. යනු චතුරාර්‍ය සත්‍යය ඇති බව දැනිම හා එය පිලිගැනිම වෙ. කලින් ලිපියේ පටිචිචි සමුත්පාදය පිලිබදව සදහන් කරණ විට පවසු අවිද්‍යාව වන්නේ දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය හා චතුසත්‍ය සම්‍යග් දෘෂ්ටිය නොමැති විමයි.

මතු සමිබන්ධයි.

9 අදහස් හා විමසීමි:

Anonymous said...

විශ්වාසය හෝ අවිශ්වාසය යනු සත්‍ය නොවේ.සත්‍ය වනාහි විශ්වාසය හෝ අවිශ්වාසය යන දෙකෙන්ම තොර වූ දෙයකි.

විමුක්ති said...

මේ මාතෘකාව මං හිතන්නෙ අප තේරුම් ගත යුතුම සහ නොතේරෙනෙම කොටසක්. පළමුවෙන්ම "අපේ ලොවට පිටත ලොක වල සත්ත්වයින් ඒ ලොවෙහිම වාසය කරනු මිස මෙ ලොවට පැමිනෙන්නේ නැතැයි සිතිම මිත්‍යාදෘශ්ඨියකි." යන්න ධර්මානුකූලදැයි සිතා බැලීම වැදගත්ය. දෙවනුව දසවස්තුක මිත්‍යාදෘශ්ඨිය ගැන අප මීට වඩා සිතා බැලිය යුතු බව මගේ හැඟීමයි. මොකද දසවස්තුක මිත්‍යාදෘශ්ඨියට අයත් වන්නේ ඉහත සඳහන් කරුණු 10 නැත යැයි දෘශ්ඨිගත වීම මිස ඇත යැයි නොදැන සිටීම නොවන බව මගේ අදහසයි. මොකද මෙම කරුණු 10 උගන්වන ගුරුවරයෙක් නැති අබුද්ධෝත්පාද කාලයකදී මිනිසුන් මේවා නොදන්නා නිසා අනිවාර්යයෙන් අපාගතවිය යුතුය. නමුත් එසේ නොවන බව ජාතක කතා පෙන්වා දෙයි.

තවත් උදාහරණයක් ගනිමු. සෝවාන් වූ පුද්ගලයෙක් මියගොස් ධර්මය නො ඇසෙන ප්‍රදේශයක උපන්නායැයි සිතන්න. දැන් ඔහුට විශේෂ ඥාන නැත්නම් ඉහත කරුණු 10 නොදැන මිත්‍යාදෘශ්ඨික වනවාද? ඒසේ නොවන බව අපි දනිමු. ඒසේ නම් මේ දසවස්තුක මිත්‍යාදෘශ්ඨිය හා දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය මීට වඩා ගැඹුරු පුළුල් සංකල්පයක් බව පෙනෙනවා නේද? ඒවා හුදු දැනුමක් (තවකෙකුගෙන් අසාගත්) නොව ඥාන විශේෂයක්බව මගේ අදහසයි. ඒක තවත් විස්තර කරන්න. බොහෝම පිං.

Thanuja Kasun Jayasundara said...

විශ්වාසය කියන වචනය කිවිවෙ සරලව, නැත්තමි ඔකට කියන්න ඔන හරි නම වෙන්නේ ස්‍රද්ධාව කියන දෙයයි. බෝධිපාර්ශිවික ධර්මයන් දේශනයේදි ස්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විදියටත් බල ධර්මයක් විදියටත්
පෙන්වලා දිල තියෙනවා. ඉන්ද්‍රියනුත් ඒක එක විදියයයි නේ. කෙනෙකගේ කණ හොදට ඇහෙනවා තව කෙනෙක්ගේ ඇහෙනවා අඩුයි. ගමක හැදුන වැඩුන උපාසක අමිමාකෙනෙක්ගේ ස්‍රද්ධාවයි උගතෙතුගේ තුරැණුවන් කෙරේ ඇති ස්‍රද්ධාවයි අතර පැහැදිලි වෙනසක්තියෙනවා. සැම දර්ශනයකම බුදු දහමෙත් විශ්වාසය මත පදනමි වු කොටසක් තියෙනවා. අපි ඒ කොටස පිලිගන්නේ ස්‍රාස්තෘවරයා පිළිබදව ඇති විශ්වාසය නිසා. ඒ දෙයට බුදුදහම දෙන නම තමයි ස්‍රද්ධාව කියන්නේ.
හැබැයි තව දෙයක් ගැන සොයා බලන්න. ඒ තමයි උපෙක්ෂා භාවනාව කියන්නේ මොකද්ද කියන එක. එක ප්‍රගුණ කරපු කෙනෙක් දන්නවා අපේ හැම දෙයක්ම රදා පවතින්නේ කර්මානුරැපව කියන එක. මම මෙ බිලොග් එක ලියන එක වුනත, ඔබ ඔය ප්‍රහ්ණය අහන එක වුනත්. බෝධිපාර්ශ්වික ධර්ම දේශනා කරල තියෙන්නේ මිනිස්සුන්ට ඒ කර්මයෙන් ගැලවෙන්න මාර්ගයකි විදියට.

Thanuja Kasun Jayasundara said...

මිත්‍යා දෘහ්ඨිය අපාගතවිමට කරැණක් නොවෙ. බොදු සසුනෙන් පිටත සාසන වලත් බොහෝ පිරිස් දාන මාන කුසල කර්ම ආදිය ඔවුන්ගේ ආගමි වල හැටියට කිරිමෙන් සුගතිගාමි වෙති. නමුත් මා මෙහිදි සදහන්කරණුයේ එය නොවෙ. බුදු සසුන තුල අවම වශයෙන් සොවාන් ඵලය හෝ අත්කර ගැනිමට මෙවා මිත්‍යාදෘහ්ඨියැයි සලකා අපගේ ස්සතෘ වරයා ගැන ස්‍රද්ධාවෙන් භාවනාවෙ යෙදිය යුතුයි. නමුත් සොතාපත්ති ඵලයට පැමිනෙන තුරැ දෘශ්ඨින් අපෙන් ඉවත් වන්නේ නැත.
සොවාන් ඵලයෙන් සියලුම දෘහ්ටින් නැසේ එවිට. ස්‍රද්ධාවත් අචල ස්‍රද්ධාවක් වෙයි. ස්‍රද්ධාවෙ ප්‍රථමික මටිටම විශ්වාසයයි.
මතකයේ හැටියට එක් දෘහ්ඨියක් හැර අන්වා තිබිම සුගතිගාමි විමට භාධාවක් නොවෙ. එය සොයා කියන්නමි.

Anonymous said...

Hari api kamarayak athule innava kiyamu. Namuth me kamarayata enavay kiyana maha bahushruthaya ettatama bahushruthayek bava kiyanne kohomada? Api dannava adatath minissu ravatana vijjakarayo ona tharam innava. Api nam dosthara behethak dunnoth ee gane net eke poddak hoyanava, mokada dosthara nodanna allergies, complications ehema apita tiyenda puluvan, ee gena dena ganna apita aythiyak tiyanava. Kese namuth avasana kotase dakvenne meva mithydrushtin, meva samyagdrushtin yay nam kireemak pamanay. Eke approach ekak ne

shan priyantha said...

මම කතෝලිකයෙක්... එත් මේ දේවල් ජීවිතේට ගොඩාක් වටිනව යාලුවා.. ගොඩක් ස්තුතී

MindSpring said...

" අපේ මොඩ කම වැඩි වෙන තරමට අපි තර්ක කරණවාත් වැඩියි."

මේ ලිපියේ මම වඩාත්ම ආකර්ශනය උනෙ ඉහත උපුටනයටයි. එය හරියට මීට කලකට එපිට සිටි මා නැමැත්තාටම මහත් ආදරයෙන්, මහත් වැරෙන් මාගේ හිත සුව පිනිසම ගැසූ අතුල් පහරක් සේ හැඟී ගියා. එදා සිටි "මා" ගැන මටම ලැජ්ජාවක් උපන්නා.

'මේ සරල එහෙත් වටිනා ගැඹුරු අර්ථයක් සහිත වචන කිහිපය මට තව කලකට ඉහතදී අසන්නට ලැබුනානම්...?' කියා සිතුනා.

බොහොම සන්තොශයි. බොහොම පිO

තෙරුවන් සරණයි!!!

තව තවත් නුවණ පහල වේවා!!!

MindSpring said...

"මිත්‍යා දෘහ්ඨිය අපාගතවිමට කරැණක් නොවෙ."

කරුණාකර ඉහත උපුටනය පැහැදිළි කරන්න පුලුවන්ද? වෙනත් තැනක දීර්ගව පැහැදිලි කර ඇත්නම් කරුණාකර සබැඳිය සටහන් කරන්න. මේ ගැන වෙනමම ලිපියක් කියවන්න තියනවනම් ගොඩාක් කැමතියි.

තෙරුවන් සරණයි!!!

Thanuja Kasun Jayasundara said...

තෙරුවන් සරණයි ප්‍රිය මිතුර, ඔබේ ගැටළුවට පිළිතුර මෙහි ඇති.
http://www.budurashmiya.net/2011/12/blog-post.html

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...