ලෝක විනාශය සිදුවන හැටි

මිට පෙර ලිපියේ කියන ලද්දේ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය පිළිබදව නුතන විද්‍යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි  යන්න එක් අදහසකි.  ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්‍යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්‍යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්‍රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය  මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.

මෙ පිලිබද වැඩිදුර තොරතුරැ මෙහිදි කියවන්න.

බුදු දහමෙ ලොක විනාසය ගැන කියල තියෙන්නේ මොනවාද?

ඒක ගැන කියන්න කලින් පොඩි දේවල් කිහිපයක් දැනගෙන ඉන්න ඔන. බුදු දහමෙ ලොකයේ වයස ගැන කියන්නේ අවුරැදු වලින් නෙමෙයි. මොකද ලොකයක් නැසෙන්න ගතවෙන කාලය ඉතාමත් විශාල කාලක් නිසා. මෙ කාලය බුදු දහමෙ දක්වලා තියෙන්නේ කල්ප විලින්, අපේ පෘතුවියේ පැරණි බව, අනමතග්ග සංයුක්තයේ එන සුත්‍ර දේශනා වල දක්වලා තියෙනවා. දිනක් බමුණෙක් බුදුරජානන් වහන්සේ හමුවිමට පැමිණ "පින්වත් ගෞතමයානන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කෙතෙක් ද?" යැයි අසන ලදි. එහිදි තථාගතයානන් වහන්සේ පිළිතුරැ දුන්නේ 'බ්‍රාහ්මණය, ඉක්මගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය, දහස් ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කිරිමට පුළුවන් කමක් නෑ" එසේනමි ස්වාමිනි උපමාවකින් වදාල මැනවයි බමුණා පැවසිය. "බ්‍රාහ්මණය, මෙ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැවටන තැන දක්වා ඇත්තාවු සියලුම වැලිකැට ප්‍රමාණ කල නොහැකිවා වාගේ අතිතයේ ගතවු කල්ප ගණනත් ප්‍රමාණ කල නොහැකි  බව තථාගතයානන් වහන්සේ වදාල සේක.

කල්පයක් යන්න කොපමණ කාලයක්ද යන්නත් බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. දිනක් එක්තරා භික්ෂුන්වහන්සේ නමක් බුදුන්වහන්සේ වෙත ගොස්, කල්පය කෙතෙක් දිග වන්නේදැයි අසන ලදි. එවිට තථාගතයානන් වහන්සේ විසින් කියා සිටියේ  "මහණ කල්පය යන්න, මෙතෙක් වසර ගණනක් දිගය, එය වර්ශ සිය ගණනක්ය, දහස්ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කරන්න බැහැ" කියාය. එවිට ඒ භික්ෂුව එසේ නමි ස්වාමිනි එය උපමාවකින් වදාලන සේක්වා යැයි කියා සිටි විට, "මහණ දිග පළල යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒක ඝන කළුගලක් සිය වසරකට වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." කියා කල්පයක් යනු කොපමණ ප්‍රමාණයක්ද යන්න වදාලා ඇත. මෙය සදහන් වන්නේද අනමතග්ග සංයුක්තයේය.

මෙ උපමා මගින් කපක් යන්න කොපමණ විශාල කාලයක්ද යන්න පැහැදිලිව. එසේ නමි කලින් දක්වන ලද උපමාවට අනුව ලොකය යන්න කෙතරමි පැරණිද යන්න තේරැමි ගැණිමට හැකිය.

ලොක විනාශය ප්‍රශ්නයක් වන්නේ, ලොකයේ මිනිසුන් ජිවත් වන නිසාය. නැතහොත් ලොක කෙතරමි විනාශ වුවද අපට ගැටළුවක් නැත.
කල්පය යන්නත් කොටස් තුනකි.
01)අන්තංකල්පය
02)අසන්ඛ්‍ය කල්පය
03)මහා කල්පය

ලෝකය විනාශ වෙන ආකාරය
යනු ඒවාය. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ  ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් නැවත සිදුවෙ.

මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන්ගෙන අසඛ්‍යය දක්වා වැඩි නැවතත් දශ වර්ශය තෙක් පිරිහිම සදහා ගතවන කාලය අන්තං කල්පයක් යනුවෙන් හදුන්වනු ලබයි.
අසංඛ්‍ය කල්පය කොටස් 04 කි
01)සංවර්ථය
02)සංවර්ථස්ථායි
03)විවර්ථය
04)විවර්ථ ස්ථායි

බුදු දහමෙ දක්වා ඇති ආකාරයට මෙ ලොව ගින්නෙන් හෝ දියෙන් හෝ සුලගින් විනාශ විම සිදුවෙ. මෙසේ සිදුවන්නේ ඉතා දීර්ඝ කාලයකින්ය. මෙසේ විනාශ වන විට මෙ ලොවත් 31 ක්වු  ලොකයන්ගෙන් සමහර බ්‍රහ්ම ලොක හැර සෙසු ලොකත් විනාශව යන බව බුදු දහමෙ දක්වා ඇත. ලෝකය විනාශවි

යන විට, පිළිවලින් සත්වරක්  ගින්නෙන් ලොකය නැසේන අතර. අටවන වාරයේ ජලයෙන් ලෝකය විනාශ වෙ. මෙලෙස විනාශ වන ලොකය 64 වන වාරයේදි සුලගින් විනාශ වෙ. ගින්නෙන් ලොකය විනාශ වන විට ආභස්සර බ්‍රහ්ම ලොවට යටින් වු සියලු ලෝක විනාශ වෙ. ජලයෙන් ලොව විනාශ වන විට සුභකිණ්හයෙන් යට සියලු ලෝකත්, වාතයෙන් ලොකය විනාශ වන විට වෙහප්ඵල ලොවින් යට සියලු ලෝකත් විනාශ වි යන බව දක්වා ඇත.
මෙ ආකාරයට ලොකය වරක් විනාශ වි යාමටත් විශාල කලක් ගතවෙ. මෙලෙස ලෝක විනාශය සිදුවෙමින් පවත්නා කාලය සංවර්ථ කල්පය  නමින් හදුන්වනු ලබයි. මෙලෙස ලොකය විනාශ වු පසු එසේ විනාශවිමට ගතවු කාලය තරමි කාලයක් හිස්ව පවතියි. මෙම කාලය හදුන්වන්නේ සංවර්ථස්ථායි කල්පය යනුවෙනි. ඉන්පසු ලොකය නැවත ක්‍රම ක්‍රමයෙන් සැදිමට පටන් ගනියි. මෙලෙස ලොව සැදි සමිපුර්ණ විමට ගතවන කාලය විවර්ථ කල්පය නමිවෙ. මෙසේ ලොව නිර්මාණය වි නැවත විනාශවිම දක්වා කාලය විවර්ථ ස්ථායි කල්පය යනුවෙන් හදුන්වයි.

මෙසේ වන අසංඛ්‍ය කල්ප 04 මහා කල්පයක් යනුවන් හදුවනු ලබයි. අපේ බුදුපියාණන් වහන්සේ  සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පාරමිතාවන් පිරසේක. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයක් කියන එකයි.

මෙ අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය මුලින්ම සදහන් කල අන්තං කල්ප 20 ක් බව සදහන්. ඒ අනුව මහා කල්පයක් කියන්නේ අන්තං කල්ප 80 ක්. මෙ විදියට තේරැමි ගන්න පුලුවන් දේ වෙන්නේ මහා කල්පයක් තුල මිනිසුන්ගේ ආයුෂ 10 වර්ෂයෙන් පටන්ගෙන අසංඛ්‍යය දක්වා වැඩිවි නැවත 10 වර්ශය දක්වා අඩුවිමි හෙවත් ලොකය අර්ධ වශයෙන් නැසි යැමි 80 ක් සිදුවනබවයි. පුර්ණ වශයෙන් නැසි යාමි 01 ක් සිදුවන බවයි.

ඉන්පසුව බුදු දහමෙ විස්තර කර ඇති පරිදි මෙ විනාශ වු ලොකයේ නැවත ජිවය ඇති වන්නේ කොහොමද කියල බලමු.

(ආශ්‍රිත ග්‍රන්ත රේරැකානේ මහානාහිමියන්ගේ පොත් පංතිය, බ්‍රහ්මජාල සුත්‍රය,  ත්‍රිපිටකය,)

20 අදහස් හා විමසීමි:

TeeRox said...

ලෝක විනාශය ගැන සඳහන් බුද්ධ වචනය අසන්නට කියවන්නට ලැබීමත් ගොඩක් වටිනවා. හිත් ඇද ගන්නා සුළු දෙයක් ඒකෙ තියෙනවා. කියවන්න ආස හිතෙනවා. මොකද අද කාලෙ චිත්‍රපට වලින් කියවෙන දේවල් ආකෘතියක් විතරයි. ඒත් බුදු දහමේ කියවෙන ලෝක විනාශයත් කල්ප විනාශයත් තරම් නිවැරදි විස්තර කිරීමක් මෙ ලෝකෙ කිසිම ආගමක සඳහන් වෙලා නෑ.

Thanuja Kasun Jayasundara said...

ඒක ඇත්ත මල්ලි. ඔය කිවිවට 2012 ලොකේ විනාසයක් වෙන්න විදියක් නැ. හැබැයි ඉතිං දේශගුණය නමි විපරිත වෙලා යයි.

විමුක්ති said...

අසංඛ්‍යට අවුරුදු කීයද?

Anonymous said...

watina lipi godak ayya
mage suba pathum

Thanuja Kasun Jayasundara said...

අසංඛ්‍යයේ අවුරැදු ගණන කියන්න බැ. හැබැයි බුදුරජානන් වහන්සේ
උපමාවකින් දක්වලා තියෙනවා. ඒක හරියටම හොයල කියන්නමි.

Thanuja Kasun Jayasundara said...

සුබපතපු මල්ලිට ස්තුතියි

රවා said...

නියමයි නියමයි ... හරිම රසයි තොරතුරු ටික.. ගොඩක් අය දන්නෙ නැහැ මෙව.. බුදු හාමුදුරුවො වදාරපු කරණු කාරනා කියලා ගොඩක් අය දන්නෙ පින් පවු විතරයි.. ධර්මය දකින්න මා දැක්කා හා සමානයි.. මෙ ධර්ම කරුණු කියවද්දි අනිත් ආගම් වල මොනවද තියන්නෙ කියලා හිතෙනවා.. අනිත් අය මෙවා ගැන දන්නෙ නැහැ..

Anonymous said...

අසංඛ්‍යයේ අගය = 10 බල 133 (පූජාවලියේ දැක්වෙන විස්තරයට අනුව.) මේ ගැන වෙනත් තැන්වල දැක්වෙන අගය කුමක්ද?

බැචා said...

බොදු සා‍හිත්‍යය සිහි බුද්ධියෙන් පරිශීලනය කරන ඕන කෙනෙක්ට තේරෙන දෙයක් තමා අතිශෝක්තිය සෑහෙන්න පාවිච්චි වෙලා තියෙනවා කියන කාරණය. බොහෝ දුරට සම කාලීන ආගම් වලට බැතිමතුන් ආකර්ෂණය වීම වලක්වන්න කරපු දෙයක් වෙන්න පුළුවන්. නමුත් මට හිතෙන්නේ මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන එකෙන් වෙන්නේ බුද්ධාගම නිදහස්, පරිණත ආගමක් කියලා තියෙන මතයට පහර එල්ල වෙලා අනෙක් ආගම් වල ගාණටම වැටෙන එකයි. තොරතුරු වල‍ට තුති!

Anonymous said...

I dont have sinhala font. so i will write in Engligh. I am writing with loving kindness to Pinwath "Bacha". I’m 100% sure that there is no “Athishokthiya” in our Buddhism. Most of the time people cannot believe certain truth mainly because our minds have not been developed to the level where it should be to understand it. I will try to explain this using a simple example. Say in 1900s if somebody tries to explain about internet no one would believe simply not because of “Athiskokthiya” because that is something an ordinary mind unable to understand at that time. But now internet is a simple technology. Similarly when a person is starting to follow Dhamma, all doubts go away from the mind one after the other. Therefore, think twice before make any comments on Dharma simply you cannot understand it. Kindly note that this is not to hurt anybody but to highlight the seriousness of the above comment and its result thereof.

bodhu dharuwa said...
This comment has been removed by the author.
Anonymous said...

100% agree with above comment..............

Jagath said...

niyama blog ekak.. adai dekke

Manju said...

'Asankeiya' yanu koti warak koti warak .... ( hath parak)

1*10^49 = (1*10^7)^7

Senna said...

මේක සුපිරි බ්ලොග් එකක්නේ.. මුල සිට කියවමින් සිටිමි.

මට තියන ප්‍රශ්ණෙ ලෝකය ආරම්බ උනේ කොහොමද කියලා නෙමේ. ලෝකය පවතින්නේ මොකටද කියන එකයි. අපි ඉපදෙමින්, මැරෙමින් මෙහි ගත කරන්නේ ඇයි. ඒ කාගේ හෝ උවමනාවකටද ? එසේනම් ආයෙත් මැවුම් වාදයට යොමු වෙනවා.. හැකිනම් පිළිතුරක් ලබා දෙන්න.

Thanuja Kasun Jayasundara said...

තෙරුවන් සරණයි ප්‍රිය මිතුර,
අ‍බෞද්ධයෙකුට කියු බුදු දහම නමින් ලිපි පෙලක් මේ දින වල පලකරනවා. එය දිගටම කියවන්න. ඉතාමත් සාර්ථක පිළිතුරක් ඔබේ ගැටළුවට එහි තිබේවි. තෙරුවන් සරණයි!

Anonymous said...

Greetings from Ohio! I'm bored at work so I decided to check out your site on my iphone during lunch break. I really like the information you provide here and can't wait to take a look when I get
home. I'm surprised at how quick your blog loaded on my phone .. I'm not even using WIFI, just 3G .
. Anyhow, good blog!
My web blog eliminate acne overnight

Anonymous said...

Do you mind if I quote a couple of your articles
as long as I provide credit and sources back to your blog?
My website is in the exact same area of interest as yours and my users would definitely benefit from a lot of
the information you present here. Please let me
know if this alright with you. Many thanks!
My webpage :: asuntoturkista.net

Anonymous said...

Inspiring quest there. What occurred after? Good luck!
My homepage ; houses in turkey

Anonymous said...

It's awesome to pay a visit this web site and reading the views of all colleagues concerning this piece of writing, while I am also zealous of getting experience.
My webpage: home remedies for acne and breakouts

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...