2012 ලොක විනාසය / ලොව ආරමිභය හා අවසානය බොදු ඇසින්


බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ඒත් එක්කම ලොක විනාශය අලලා නිපදවන චිත්‍රපට ගණනාවක්ද මෙ කාල වකවානුව තුල නිකුත්විම මෙ සමිබන්ධයෙන් මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු විමට හේතුවක් වෙලා තියෙනවා, කෙසේ වුවත් මා‍ මෙතැන් සිට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි පෙලෙන් කරැණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ලොකයේ උපත හා ලොකයත් වෙනත් ලොකයන් පිළිබදවත් බුදුදහම විස්තර කරල තියෙන්නේ මොනවගේද? බුදු දහම විස්තර කරල තියෙන කරැණු මොනවාද කියන එකයි. ඒවා නුතන විද්‍යාව එක්ක මොනතරමි දුරට ගැලපියා යනවද කියන කරැණුයි. ඊට ප්‍රථම මා වෙත ලැබුණු ඊ ලිපියක 2012  ලොක විනාශය සමිබන්ධයෙන් සදහන්ව තිබුණු කරැණු මම පහතින් දක්වන්නමි,







එහෙනමි ආයෙ බුදු දහම දෙසට හැරෙමු. මෙ ලොකයේ උපතත් මෙ ලොකයේ විනාශ විමත් ගැන කියන්න කලින් මෙ ලොකේ කියන්නේ මොකද්ද කියල බලන එක වටිනවා.

ඇත්තට ලොකය කියන්නේ මොකද්ද? එක එක අය මෙකට එක එක උත්තර දෙවි. කෙනෙක් කියයි ලොකේ කියන්නේ අපි මෙ ජිවත් වෙලා ඉන්න ග්‍රහ ලොකයට කියල‍. තව කෙනෙක් කියයි ලොකේ කියන්නේ මෙ ගස්වැල් සත්තු මිනිස්සු ගෙවල් දොරවල් කියන මෙ හැම දේම එකට ගත්තහම ලොකයයි කියල. මෙවත් හරි තමයි දැන් බලමු බුදු දහමෙ ලොකේ කියන්නේ මොකක් කියලද දක්වලා තියෙන්නේ කියල? එක්තරා අවස්ථාවක තැනැත්තෙක් ඇවිල්ල බදු රජානන්වහන්සේගෙන් අහනවා "ස්වාමිනි භාග්‍යවතානන් වහන්ස මිනිස්සු ලොකය ලොකය යැයි කියල කියනවා, ඇත්තටම මොකද්ද මෙ ලොකය කියල කියන්නේ" කියල එතකොට බුදුරජානන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි මෙ බබයක් විතර විශාල ශරිරයට තමයි ලොකය කියල කියන්නේ, මෙ ලොකයේ ඇතිවිමත් නැතිවිමත් එහියි කියල. මෙක ලෙකු ගැඹුරක් තියෙන දේශනයක් ඒ ගැන මෙතන සදහන් කරනවාට වඩා මට වුවමනා කරන්නේ සරල හැදින්විමක් කරන්න. ඒක නිසා ලොකය කියන දෙයට සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි, අපි පණ තියෙනවා යැයි කියන සත්ත්වයන්ගෙන් හා පණ නැතැයි කියන ගස් ගල් පර්වත ආදියත්, ධාතු හා ගුණ වශයෙන් ඇති දේවල් සියල්ල ලෝකය කියායි.

එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?

මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි
01)නාම රැප කියන එක.

02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)

03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය  වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත.  චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය.

04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය)
මෙ ගැන මෙතනින් කියවන්න
අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ  මෙ නාම රැපයන්ගේ එකතුවටයි.

ලො‍කයේ උපත කෙසේ සිදුවිද?

ලොකයේ උපත කෙසේ සිදුවිද යන්න සමිබන්ධයෙන් අනාදිමත් කාලයක සිට මිනිසා ප්‍රශ්ණකරන්ට වු දෙයකි. මෙ පිළිබදව කල්පනා කල සමහරැන්
පුටු, මෙස, නිවාස ආදිය ඉබෙ පහල වන දෙවල් නොව මිනිසුන් විසින් සාදනු ලබන දේවල්ය. එපරිද්දෙන්ම මෙ ලොකයත් කවරකු හෝ මවන ලද්දක් බව සිතන්නට විය. ලොකයක් මැවිමට තරමි බලගතු අයෙකු මෙ පෘතුවිය මත්තේ සොයාගත නොහැකි වු නිසා එබදු තැනැත්තකු ආකාශයේ හො ඇති ලෙස සිතන්නට විය. ඔහු ඊශ්වර හෝ දෙවියන්වහන්සේ හෝ ලෙස හදුන්වනු ලැබිය. එය එසේ වුවත් ඒ මැවුමිකරැ මැවිවේ කවුද යන්න පිළිබදව ඔවුන් කල්පනා නොකලෝය.මෙ ලොව එක් අයෙකුට පමණක් එලෙස මැවිමි කිරිමට විශේෂ බලයක් ලැබි අන් අයට එසේ නොලැබි යාමට හේතුව කුමක්දැයි කල්පනා කල බැලිය යුත්තකි.එබැවින් මැවිම බුදු සමය විසින් බැහැර කරණු ලැබුවකි. 



මැවිම පිළිබද වැඩිදුර තොරතුරැ මෙතනින්
එම නිසා බුදු දහම මැවුමිවාදය ප්‍රතික්ෂෙප කරණු ලබයි. යමක් ඇත්නමි එහි ආරමිභයක්ද තිබිය යුතුයැයි යන න්‍යාය සැමටම අදාල වන්නේ නැත. මෙ අප වාසය කරන සැම තැනකම අවකාශයක් ඇත. අපි චලනය වන්නේත් අන්වස්තු පිහිටා ඇත්තේත්, අපි ඔබමොබ යන්නේත්, මෙ අවකාශය තුලය. එමනිසා අවකාශය කියා දෙයක්සත්‍ය ලෙසම ඇත. එසේ වුවත් කවුරැ හරි ඔබලගන් ඇසුවහොත් මෙ අවකාශයේ ආරමිභය කොතනද කියා එයට පිළිතුරැ දිමට හැකියාවක්ද නැත. නමුත් අවකාශ යන දෙය ඇති දෙයකි.මෙ ලොව පැවතිම පිළිබද යථා අවබොධයක්  යමි තරමකට හෝ ලැබිමට නමි හේතුඵල දහම (පටිඡ්ච සමුපාදය) උගත යුතුයි  මවන්නෙක් හෝ ඇතිකරන්නෙක් නොමැතිව මෙ ස්කන්ධ පරමිපරාවන් නොසිදි පවතින ආකාරය බුදුදහමෙ උගන්වා ඇත්තේ එහිය.

බුදුරජානන් වහන්සේගෙන් වරක් ලොව හෙවත් සසරේ පටන් ගැන්ම පිළිබදව ප්‍රශ්ණ කල විට බුදුපියාණන් වහන්සේ කියා සිටියේ "අනමතග්ගොයං භික්කවෙ සංසාරෝ පුබිබා කොටින පඤ්ඤායති" යනුවෙනි. එහි තේරැම වන්නේ මහණෙනි සංසාරය නොපෙනෙන කොනක් ඇතියෙකි. එහි පෙර කොන නොපෙන් යන්න වෙ. මෙහි පෙර කොන නොපෙනේ යනුවෙන් බුදුපියානන් වහන්සේ දේශනා කර ඇත්තේ
උන්වහන්සේට එහි ආරමිභය නොපෙනෙන නිසා නොව එහි ආරමිභයක් නොමැති නිසාය. මෙය අනමතග්ග සංයුක්තයේ දි වදාරා ඇත.

ඒ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය. දැන් සලකා බැලිය යුත්තේ ලොකය විනාශ වන්නේ කෙසේද යන්නය.
මතු සමිබන්ධයි

15 අදහස් හා විමසීමි:

සුරේෂ් ගයාන් said...

ලෝකවිනාශය කියන සන්කල්පය මිනිසාගේ මරණයට ඇති බිය මත ඇතිවුවක් ලෙස හැදින්විය හැකියි. මෙහිදී අප විසින් අවබෝද කරගත යුත්තේ ලොව උපදින සෑම සත්වයෙකුම උපදින අවස්තාවේදීම ඔහුට උරුමව පවතින මරණයද රැගෙන පැමින ඇති බවයි. එම පරම සත්යයට අනුව ඔඹගේ මාගේ සහ අන් සතුන්ගේ මරණය සිදුවීම සදහා ලෝක විනාශයක් සිදුවිය යුතුම නැත.
එබැවින් දිය කොරහේ කිඹුලුන් දකිමින්, හුඹස් බියකින් පෙලෙමින් ඉතාමත් කෙටි වූ මේ දිවිය නිකරුනේ ගෙවා දැමීම පසෙක ළා, මෙදියත උපන් සියලු සත්වයන්ට මරණය නියත බව සිත්හි තබාගෙන මෙලොව සහ පරළොව දියුණුවට ඉවහල් වන ධර්මානුකූල ජීවිතයක් පවත්වාගෙන යාමට උත්සුක වෙමු......................................

ඉදි නන්දති පෙච්ච නන්දති
කථපුඥ්ඥෝ උභයන්ත නන්දති
පුඥ්ඥන් මේ ඛතන්ථි නන්දති
හීයෝ නන්දති සුග්ගතින් ගතෝ........

Thanuja Kasun Jayasundara said...

ඇත්ත අයියා.
පින්කල තැනැත්තේ මෙලොවදිත් සතුටු වෙයි
පරලොවදිත් සතුටුවෙයි.
සුගතිගාමි වු පසු තව තවත් සතුටු වෙයි.

Anonymous said...

Actually there is a creation myth. Agganna suthra. Which is different from other religions. But has no scientific ground

Anonymous said...

How will remain our world till 2012 because of corruptions of every country and most of rulers like devils...

Anonymous said...

Namo Buddhaya!!!Hope You are practicing dhamma & follow Eight Fold Path towards the ultimate Inner happiness.....
I admire your knowledge, effort....in Spreading truth..
Theruwan Saranai!!

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

හොඳ ලිපියක් සහෝ.. ඔබ කිව්වා වගේ මිනිස්සුන්ට දැන් මේ රටාව ඇති වෙලා තියෙන්නේ. ඒකයි ලෝක විනාසෙකට කැමැත්තෙන් ඉන්නේ. ඇත්තෙන්ම මටත් හිතෙනවා ආපහු මුලට යන්න තියෙනවානම් හොඳයි කියලා. මේ තරම් ආධ්‍යාත්මිකව පිරිහුණු මිනිසුන් පිරිසකගේ ආකල්ප වෙනස් කිරීම හරිම අමාරුයි නොවැ. ඒත් අපි උත්සහ කරලා බලමු නේද?

maja said...

http://yayuthumaga.com/Discover/Parinamwadaya-1.htm
meka kiyavala balanna...

Anonymous said...

කල්ප විනාශය සහා ලෝක විනාශය අතර වෙනස මොකක්ද ?
තෙරුන්වන් සරණයි !!!

අයි.ඇම්.ආර්.නයනානන්ද said...

2012 ලෝකය විනාශ වෙයි ද ?

amal madushanka said...

බුදු දහම අකාලික ධර්මයක් ලෙස හදුන්වන්නේ කාලයට අනුව වෙනස් නොවන නිසා නොව බුදු දහම කාලයේ ගමනට හසුනොවන දර්මතාවයක් නිසායා එනම් අතිත වර්තමාන අනාගත යන කාලවලින් එකකටවත් අයත් ලෙස ගත නොහැක කාලයේ ගමනට අසුවු සියල්ල සමුදය වු තැනම නිරේධ වේ නමුත් බුදු දහමෙහි මුලික හරය චතුරාර්ය සත්‍ය හා හේතුපල දහම කාලයට හසු නොවන අකාලික දර්මතාවයන් වේ ස

Thanuja Kasun Jayasundara said...

තෙරුවන් සරණයි!
සැබවින්ම ඔය ලිපි බොහෝ කාලයකට පෙර මා විසින් ලියන ලද ඒවායි. සැබවින්ම කාලය කියා දෙයක් ඇත්තේද නැත. අතීතයද අනාගතයද වර්තමානයද ඇත්තේද නොවේ. මෙයින් කියන්නට උත්සාහ දරා ඇත්තේ, කල්ප ගණනක් ගත වුවද බදුවරයානන්වහන්සේලා ලොව පහල වූ කල පහදා දෙන්නේ චතුරාර්‍ය සත්‍ය සංඛ්‍යාත පටිචිච සමුප්පාදයයි. එය වෙනස් නොවේ යන කරුනයි. කලින් කලට ධර්ම මාර්ගය වැසී ගියද ධර්මය වෙනස් වන්නේ නැත.

අකාලික යන්නෙහි සබැ අරුත නමි කල්නොයවා ඵල දෙන යන අර්ථයයි. ප්‍රාර්ථනයන්හි යමි යමි අඩුපාඩු ඇති පුද්ගලයන්ට සොවාන් ආදී මාර්ගයන් ලබා එසනින් ඵල සිත උපන්නේ නැතත්. කල් නොයවාම ඵල සිත උපදවාගත හැකි බැවින් මෙම ධර්මය අකාලික ධර්මයක් වෙයි.

නියම අරුත එයයි. තෙරුවන් සරණයි!

Anonymous said...

බුදු පියාණන් වහන්සේ චක්කවත්ති සීහනාද සූත්රයේ දේශනා කරල තියෙනවා මිනිසුන්ගේ පිරිහීමත් එක්ක ආයුෂ අඩු වෙනවා කියලා.එහෙම වෙත පරම ආයුෂ අවුරැදු 10 වුනාම දින 07 ක් මිනිස්සු සිහි විකෙලන් උනුන් මරා ගන්නවා.ඊට පස්ෙස් තමන්ෙග් වැරදි ෙත්රිලා යහපත් අතට හැරුනම අායුෂ ටික ටික වැඩි ෙවනවා අවුරුදු 80000 දක්වා ඒතෙකාට තමයි මයිත්රි බුදුන් වහන්ෙස් පහල ෙවන්ෙන්.ඉතිං තැනට අෙප් පරම අායු කාලය 10 ෙවලා නැහැෙන්.
බුදු පියාණන්ෙග් මාර්ගය අපිට හරියට අනුගමනය කරනවා නම් ඇයි බව වෙන්නේ නේද
ජානක

Anonymous said...

http://2012newera.blogspot.com/

MANJULA RASANNA said...

hondata jeewath wena ayata mokuth wena ekak ne eka thama mage theeranaya 071 5286076 Manjula

මිචෙල් said...

www.2012-countdown.weebly.com

Post a Comment

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
Related Posts Plugin for WordPress, Blogger...