නරකය
නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලොක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි, මුලින්ම
01)සඤ්ජිවය
යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නමි වෙ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරැ නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.

02)කාලසුත්‍රය
උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.
උපන් සත්ත්වයින් ගිනියමි වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මෙ නරකයේ පැසෙයි.
03)සන්ඝාතය
මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලොහමය පොළවෙ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.

04)රෞරවය
මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය. මෙලෙස මුලු සිරැරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නමි වෙ.

05)මහා රෞරවය
අතිශය දරැණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නමි වෙ. තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.

06)තාපනය
මෙම නරකයේ ගිනියමි වු ලොහමය පොළවෙ, ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.

07)මහා තාපනය (ප්‍රතාප නරකය)
තාපන නරකයේ මෙන්ම මෙහිද ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. මරනෙන් මතු ඉපදිමක් නැතැයි යන මිත්‍යා දෘශ්ඨිය ගෙන පවි කල පුද්ගලයෝ මෙම නරකයේ දැවෙයි.
තාපන නරකයේ මෙන්ම මෙහිද ගිනියමි වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. මරනෙන් මතු ඉපදිමක් නැතැයි යන මිත්‍යා දෘශ්ඨිය ගෙන පවි කල පුද්ගලයෝ මෙම නරකයේ දැවෙයි.
08)අවිචිය (අවිචි මහා නරකය යනු මෙයයි)
මෙම නරකයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරයි. පොලවින් නැගෙන ගින්න උඩ පියන්පත දක්වා නැගෙයි. උඩ පියනින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වා ගමන් කරයි. දිශා 06න් නිරන්තරයෙන් නැගෙන ගින්නෙන් සත්ත්වයින් මෙම නරකයේ නිරන්තරයෙන් පිලිස්සෙන්නේය. මෙම නරකයේ අනන්ත වු සත්ත්ව සංඛයාවක්ද වෙසෙයි එබැවින් එය අවිචි මහ නරකය නමින් හැදින්වෙ.

මෙ ආකාරයට මහා නරකයන් 08 ක් ඇත. මෙ මහා නරක පොළොව ඇතුලෙහි එකිනෙකට යටින් පිහිටා ඇත. එවා හැඩයෙන් හතරැස් ය. ඒවායේ බිම සහ බිත්ති සැදී ඇත්තේ ලොහයෙන්ය. උඩින්ද ලෝහයෙන්ම වැසි තිබෙ. එක් එක් නරකයක දිශා 04 හි දොරටු 04 බැගින් ඇත. මෙ නරකයක ඇතුලත ප්‍රමාණය දක්වා ඇත්තේ එක් එක් දිශාවකට යොදුන් 100 බැගින් යනුවෙනි. මෙ නරකයන් ඇතුලත ගිනිදැල් වලින් පිරි ඇති බවත් දක්වා ඇත.
මෙ එක් මහා නරකයක පිටිපැත්තේ එක් එක් දිශාවට වන්නට කුඩා නරක 04 බැගින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙ කුඩා නරක හදුන්වනුයේ "ඔසුපත් නරක" යනුවෙනි. ඒ අනුව එක් මහා නරකයක් වටා "ඔසුපත් නරක" 16 ක් ඇත. ඒ අනුව මහා නරක අටෙහිම ඔසුපත් නරක 128 ක් ඇත.
මෙම නරකයන්හි සත්ත්වයින්ගේ ශරිර ස්වභාවය කෙසේද?
මොවනට මනුශ්‍යයින්ට මෙන් දෙපා ඇත. ඔවුන්ගේ ශරිර ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව දක්වා ඇත. ඒ අනුව ඇතැමි සත්ත්වයින්ගේ ශරිරගවිවික් පමණද, ඇතමෙක්ගේ ශරිර ගවි දෙකක් පමණද, ඇතමෙක්ගේ ගවි තුනක් පමණද, ඇතමෙක්ගේ යොදුනක් පමණද වන බවද දක්වා ඇත. අවිචි නරකයේ දුක් විදින්නාවු දේවදත්තගේ ශරිරය යොදුන් සියයක් විශාල ශරිරයක් බව දක්වා ඇත. මොවුන්ගේ ශරිර මනුශ්‍ය ශරිර මෙන් තද බවින් යුක්ත නැත. මහනෙල් මල් පෙත්තකින් ගැසුවද කැඩි යන තරමෙ පෙනපිඩු මෙන් දුර්වල බව දක්වා ඇත. මෙලෙස විශාල ශරිර ඇත්තේ ඔවුන් විදිය යුතු දුක වැඩි විය යුතු නිසා යැයි සිතිය හැක.
නරකයන් ගේ දුක්ඛය ගැන බුදුරජානන්වහන්සේ වදාලේ මොනවාද?
දුක් ඇති තැන් වලින් ඉතා දරැණුම දුක් ඇත්තේ නරකයේය. මෙ නරකයන් වල විවිධාකාර දුක්ඛයන් ඇත, ඉන් විශේෂිත නරක වල දෙනු ලබන දුක්ඛයන් ඉහතින් දක්වා ඇත, මිට අමතරව 128 ක් වු ඔසුපත් නරකයන්හි පහත දුක් ඇත.
ගින්නෙන් දවනු ලැබිම, ගිනියමි වු ලෝහ පොලවෙ තබා උල් ගසනු ලැබිම, වැ පොරෝව ආදියෙන් ශරිරය කපනු ලැබිම, ලි කොටන් මෙන් දැලි නුල් දමා කියතින් කපනු ලැබිම, ලොදිය පෙවිම, ගිනියමි වු යකඩ ගුලි
ගිල්ලවිම, පෙරලන පර්වත වලට යටකර අඹරනු ලැබිම, ශරිරය තුලට ගමන් කරණු ලබන දුමි වලින් ශරිරය පිලිස්සනු ලැබිම, ලොහ තුඩු ඇති පක්ෂින් විසින් කොටා ශරිරයේ මස් කඩාගෙන කනු ලැබිම, ගවයින් මෙන් කරත්තවල බැද බර ඇද්දවිම, දැලිපිහි මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ඇති ප්‍රදේශවල දිවවිම, මෙලෙස කැපි මස් කැබැල්ලක් මෙන් වු ශරිර ලුණු ගංගා වලට ඇද දැමිම ආදියයි. බුදු රජානන් වහන්සේ මෙසේ වු නරකයේ දුක්ඛය දැක්විමට උපමාවක්ද නොමැති බව දක්වා ඇත. එවිට භික්ෂුන්වහන්සේ නමක් නරකයේ දුක උපමාවකින් වදාලන මෙන් ඉල්ලාසිටි විට, තතථාගතයන් වහන්සේ පහත උපමා දක්වා ඇත.
"මහණෙනි, රාජපුරැෂයෝ සොරෙකු අල්ලා රජු ඉදිරියට ගෙන ගොස් දෙවයන්වහන්ස!මොහු සොරෙකි මොහුට සුදුසු දඩුවමක් නියමකරණ මැනවයි කියයි. එවිට රජු මෙම සොරා ගෙනගොස් උදැසන මොහුගේ ශරිරය සිදුරැවන පරිදි යහුල් පහර 100 ක් අනින මෙන් නියම කරයි. ඉන්පසු දහවල් කාලයේ රජු සොරා පිළිබදව විමසා සොරා ජිවත්ව සිටින බව දැන දහවල් කාලයේත් යහුල් පහර 100 ක් ඇනිමට නියම කරයි. ඉන්පසුව නැවතත් සවස්කාලයේ සොරා පිළිබදව රජු නැවතත් විමසා ඔහු ජිවත්ව සිටින බව දැන නැවතත් සවස් කාලයේ යහුල් පහර 100 ක් අනින ලෙස රාජ පුරැෂයන්ට නියම කරයි.
ඉන්පසු තථාගතයන්වහන්සේ, "මහණෙනි මෙලෙස ඒ පුරැෂයා යහුල් පහර 300 ක් කැමෙන් දුකට දොමිනසට පත්වුයේද යැයි අසන ලදි" ඒකල්හි භික්ෂුහු ස්වාමිනි! එක යහුල් පහරක්ම මහත් දුකක් දොමිනසක් වන විට යහුල් පහර 300 පිළිබදව කුමක් කියන්න දැයි අසන ලදි.
ඉන්පසු තථාගතයන් වහන්සේ කුඩා ගල්කැටයක් අතට ගෙන, "මහණෙනි! මා විසින් මෙ අතට ගන්නා ලද ගල් කැටයෙන් හා හිමාල පර්වතය යන දෙකින් විශාල වන්නේ කුමක්දැයි අසන ලදි. එවිට භික්ෂුන් ස්වාමිණි! ඔබ වහන්සේ විසින් ශ්‍රි හස්තයට ගන්නා ලද ගල්කැටය හිමාලයෙන් 1000 සින් පංගුවකුත් නොවන්නේය, දසදහසින් පංගුවකුත් නොවන්නේය, ලක්ෂයකින් පංගුවකුත් නොවන්නේය. එයහිමාලය හා සංසන්දනය කල යුත්තක් නොවන බව සැල කර සිටින ලදි.
එවිට තථාගතයානන් වහන්සේ මහණෙණි එසේම යහුල් පහර 300 ලද මිනිසා විදින ලද දුක නරකයේ දුකෙන් දහසින් පංගුවක් හෝ දසදහසින් පංගුවක්හෝ ලක්ෂයෙන් පංග්වක් හෝ නොවන බවත් අපායේ දුක්ඛය හා සමකල යුතු දෙයකුදු නොවන බවත් දක්වන ලදි.
මෙයින්ම අපට අපායේ දුක්ඛත්වය පිලිබදව අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.
ඊලග ලිපියෙන් ඔසුපත් නරක ගැන විස්තරයක් බලාපොරොත්තු වන්න.

18 අදහස් හා විමසීමි:
මේක දාපු එක නම් හොද වැඩක්....
අගක් මුලක් පැනවිය නොහැකි සසරේ අපිත් මොනතරම් මේවායේ වැටිලා ඉන්න ඇත්ද..! දැන් ලැබිලා තියන අවස්ථාව මගහැරුනොත් ඉතින්................................................................................................!
@Kaniskha Dilshan
ඔව් ඉතින් මේ දැන් ලැබිලා තියන අවස්ථාව මගහැරුනොත් ඉතින්................................................................................................!
මොනවා උනාත් අපි මේ අත්මයේදිම නිවන් දකිමු!!!!!!!!!!!!!
එ අමා නිවන් සුව බොහො දුර නොවේ!!!!!!!!!!!!!!!!!!!!!
පිනවත් මිතුර ඔබට පින් අත් වේවා.
නිරයේ ඉන්න යම පල්ලන් සදාකාලිවම නිරයේ සිටිත්ද? නැතිනම් ඔවුන් සුගතගාමි තැන් වල ඉපදෙනවාද?යම පල්ලන් අනිත් අය පෙලිමට ලක් කිරිමෙන් ඔවුන් යම ලෝකයට ආ අයට වඩා පාප කර්ම කර ගන්නෙද? සමහර විට මෙම ප්‍රශ්න වල යම් අඩු පාඩුවක් ඈත්නම් සමා වුන මැන ඔබට බොහො පිං
ඔක නමි මාත් සැහෙන්න හිතපු දෙයක් තමයි. හැබැයි තාම කොහෙන් වත් හරි උත්තරයක් මට හොයා ගන්න බැරි වුනා. මගේ අදහස මම කියන්නමි, දැන් තිරිසන් අපාය තියෙන්නේ මෙ අපේ මනුශ්‍ය ලොකයේ. ඒකියන්නේ තිරිසනුන්නට මනුශ්‍යයොත් මනුෂ්‍යයින්ට තිරිසනුත් පේනවා. තවත් විදියකින් කිවිවොත් අපාය භුමි වගේ නොපෙනෙන භුමියක් නෙමෙයි. මෙ අපේ භුමියේ ප්‍රේත, වින්නිපාතික අසුර, මනුශ්‍ය තිරිසන් යන බොහෝ සත්ත්වයින් වාසය කලත් අපිට එයින් පෙන්නේ තිරිසනුන් විතරයි. මෙ දෙකොටිඨාශයෙන් බලවත් මිනිස්සුනේ, අපි මොකද කරන්නේ මරන්න පුලුවන් තරිසනුන් මරල මස් කනවා, වැඩගන්න් පුලුවන් තිරිසතුන්ගෙන් වැඩ ගන්නවා. විනෝදෙට හන්ටින් යනවා කියල සමහරෙක්ව වෙඩි තියල මරනවා. ඔහෝම අපිත් මොනතරමි දුර්වල සත්ත්වයින්ට වද දෙනවද? මම හිතන්නේ අපායෙත් ඇත්තේ ඔය දේම වෙන්න ඔන. මොන දේ වුනත් යමපල්ල්න්ටත් ඔවුන්ගේ ඒ කර්මය ඒවිදියටම බලපානවා. ඔවුනුත් නැවත නැවත අපායේම උපදිල දුක් විදිනවා ඇති. නා අන්තලික්කේ නා සමුජ්ජ මද්ධේ කියන ගාථාවෙ විදියට මෙ විශ්වයේ කර්ම විපාක නොදෙන තැනක් නැ. විශ්වය පවතින්නේ කර්මය කියන ශක්තිය මත. බුදු දහම මග පෙන්වන්නේ මෙ කර්මයෙන් මිදෙන්න්. විස්තරාත්මකව තවත් කරැණු අවසානයේ ලියන්න්යි හිටියේ. මම හිතන්නේ මගේ අදහස තේරැමි යන්න් ඇති කියලයි.
oyata godak pin
නමුත් යමපල්ලන් සම්බන්ධව මගේ මතය වෙනස්. මහායාන ධර්මයේ කියවෙන්නෙත් මේ යම පල්ලන් කියන්නේ යන්තර වගේ දෙයකින් තමයින් මේ සත්වයින්ට දුක් දෙන්නේ නැතුව ජීවීන් කොටසක් නෙවෙයි කියලා.
සමහරැ අහනවා අපාය කොහෙද කියලා. ඒක හරිම මෝඩ පශ්නයක්,නොදන්නාකම නිසයි එහෙම අහන්නෙ. අපායට විද්‍යාත්මක පදනමක් දෙන්න පුළුවන් කාරණාවක්....
කීප වතාවක්ම මට මතකයි යාහූ! Yahoo.com වේ අඩබියේ NEWSවල පොලව යට කැනීම් කරන්න ගිය පිරිසකට මහා අදෝනාවකව දුක් පිරැණු හඩවල් රැසක්ම පොලව යටින් ඇහිලා තියෙනවා. බලංගොඩ ආනන්ද මෛතී හාමුදුරැවන්ගේ පොත්වලත් මේ වගේ විස්තර සදහන් වෙලා තියෙනවා.
ඔබ දන්නවාද මේ විදිහට නිරයේ දුක් විදින සත්වයින් යම් විදිහකින් කර්මය ගෙවිලා මිනිස් ආත්මයක් ලැබුවත් කානු සුද්දකරන කුනු අදින වගේ රස්සාවල් කරන අය බවට පත්වෙනවා. බොහෝවිට ගවයින් බූරැවන් වැනි සතුන් වෙලා තමයි උපදින්නෙ. අන්න ඒ නිසයි සියළුම බුදුවරැන්ගේ දේශනාවල තියෙන්නෙ නිතරම කුසල් දහම් කරන්න කියලා.
ඒ වගේම මම අහලා තියෙනවා බුදුන්වහන්සේ කියලා තියෙනවා කියලා
"සත්වයාට අපාය මහගෙදරක් කියලා"
මේ අනුව බොහොම පැහැදිලියි කොයිතරම් නම් අපි අපායේ ඉන්න ඇද්ද කියලා. අපාය විශ්වාස නොකරන කෙනෙකුට වුනත් කියන්න අපාය නැති වුනත් පව් කරන එකෙන් වැලකිලා පින් දහම් (අනුන්ට මෙන්ම තමන්ටද හොදක්) කරගෙන ඉන්න කියලා. මාර්ගඵල ලැබූ අය වගේම බෝධිසත්ව මාර්ගය පුහුණුකරන අයත් කවදාවත් අපාගත වෙන්නේ නැහැ.
නොපමාව කුසල් රැස් කරන්න. පිං කටයුතුවල යෙදෙන්න....
මේ ලිපිය කියවනා කිසි කෙනෙකු අපාගත නොවේවා!
ඔවුන්ට ධර්මය අවබෝධ වේවා කියලා මම පතනවා!!!!!!
Namo Buddhaya,
Please Savan Denna " Devadutha Sutta mp3 " By Venerable Kiribathgoda Gnananda Thero to learn more about the hell.
and this
http://beemp3.com/download.php?file=7489897&song=Devadutha+Sutta mp3 by Venerable Na uyane Ariyadhamma Thero
Kawda yama pallo???
e gollo karmanurupawa hedunu aya... yama rajjuruwanta witarai panchaupadanaskandayak tiyenne.. Anith aya karmanurupawa hedunu aya ven kiribathgoda thero desu widihata..e kiwwe api karapu karmayanta anuruupa wena widihata - api dakina heenayak tula apita kawru hari kenek gahanawanam ee apita gahana kena attatama nehe nedha etana? eeka karmaya nisa heduna kenek deyak...well, ee wagema neme wenna puluwan..
Please listen to some dhammatalks at Dhammatalks.Org
Seelayaka pihitala, Dhyana wadiima tamai ekama margaya...pranjyawen etakotai dekiya hekke duka hata ganna heti sitha tula
Ravindra
Cool pics. Some fetish scenes too ;)
http://www.youtube.com/watch?v=4XmKzkIgQ7A meka poddak ahanna..yama rajjuruwan gena hoda wisthryak thiyanwa..theruwan sarnai!
bohoma sthuthiyi. namo buddhaya !
බොහොමත්ම පිං!......
මේ නිරයේ ඉන්න යම පල්ලෝ කර්මානුරූපව පහල වෙච්ච අය බව මම අහල තියෙනවා. උදාහරණයකින් කිව්වොතින් ඔබ නින්දේ ඉන්නකොට ඔබ දකිනවා ඇතෙක් ඔබව ලුහුබඳිනවා.ඉතින් මේ නිසා ඔබ සිතින් පෙලෙනවානෙ.ඒත් ඒ ඇතා හැබෑ සතෙක් නෙවෙයි. අන්න ඒ වගේ නිරයේදී මේ යම පල්ලෝ පව් කල සත්ත්වයින් කල කර්ම අනුව පහල වෙලා වද දෙනවලු.ඒ කියන්නේ ඔවුන් ජීවීන් පිරිසක් නෙමෙයි. ඔවුන් මැවෙන පිරිසක් කියල මම අහල තියෙනවා. නමෝ බුද්ධාය!

arthal monawada kiyala hodinma danaganna labuna...hoda wadak kauru krath balanna watinawa.
bohoma pin obata.namo buddhaya
ඔබට බොහෝ පින් මෙම ලිපියට
Post a Comment