ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරුදු 50 කට කලින් අතිතයේ අපේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරු හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්‍ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්‍රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරුහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරුමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා.
තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්‍රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලෝක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරු බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරුණු තවත් තහවුරු වෙයි. මෙ කථාව කිවිවෙ ප්රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලෝක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු.
බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.
පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි
කලින් ලිපියේ පුනරුප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරුප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන, කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝ අකුසල මුල සිතේ ප්‍රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරුපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්‍යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රුපාවචර හෝ අරුපාවචර ධ්‍යානයන්ට අනුරුප වන පරිදි ධ්‍යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. අනාගාමී මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. සොවාන්, සකදාගාමී මාර්ග ඵල ලාභි වී සිටියා නමි, කාම සුගති භූමි 07 න් 01 ක හෝ මාර්ග-ඵල ලාභිව හා ධ්‍යානයන්ගෙන් නොපිරිහී සිටියා නමි භ්සුදාවාස භ්‍රහ්ම ලෝක හැර සෙසු භ්රරහ්ම ලෝකයන්හි ධ්‍යානයට හා එහි වශිතාවයට අනුරූපවඋපත ලබන්නට පුළුවන්. මෙ කර්මානුරූපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු.
ලෝකයේ විශාලත්වය කොපමණද?
ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්‍ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලෝක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලෝකධාතුව නමි වෙ. මහා සහශ්‍රී ලෝකධාතුව යනුද මෙයයි.
අපගේ මෙම සක්වල (ලෝකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්‍රී ලෝක ධාතුව නැත්නමි චුලනි ලෝකධාතුව, යන්න සෘධිමත් ස්රාවකයන්වහන්සේලාටද විශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.
මධ්‍යම ලෝකධාතුව හෙවත් ද්වි සහශ්රි ලෝකධාතුව
මෙය බුදුවරුන්ගේ ජාතික්ෂේත්රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්‍රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්‍යම ලෝක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ.
ත්‍රිසහස්ශ්‍රි හෙවත් මහා සහශ්‍රී ලෝක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලෝකධාතුවට අයත් සියලු ලෝකයන්හි ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරුමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරුනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරුමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්රි ලෝක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්‍රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්‍රහ්මයන් විසින් දසදහසක් චක්‍රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්‍යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි.
මෙ මහා සහශ්රි ලෝකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්‍රමාණ ලෝකයන් ඇත. මෙහි ප්‍රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේ විශයක්ෂේත්රයයි. එහි ප්‍රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදි කථාකල හැක. බදුවරයෙකු ආශ්චර්යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරුමිගත හැකි වනු ඇත. සමහරුන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලද බව සත්‍යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්‍යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්‍රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්‍රි ලෝකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරුන් පහලව සිටිනවා විය හැක.
මෙ ලෝකයේ හා විශ්වයේ ප්‍රමාණය ගැන බුදු දහමෙ සදහන් කරුණුය.
මිලඟ ලිපියෙන් මෙ එක් එක් භුමියක් පිළිබදව හා එහි සැපදුක් පිළිබදව සලකා බලමු.








37 අදහස් හා විමසීමි:
ඉතාම වැදගත් ලිපියක්.
හුගාක් මහන්සි වෙන්න වුනා කරැණු හොයන්න. ඒක නිසා තව සැහෙන්න නොදැනහිටපු විස්තරත් හමිබ වුනා.
මම විතරක් කියෝල වැඩක් නෑ මේ ලිපි! ඔන්න මං මූණුපොතෙත් පොඩි ප්‍රසිද්ධියක් දුන්නා
අගනා ලිපියක් .........නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා
බොහෝම ස්තුතියි
නියම ලිපියක් ඉතිරි ටිකත් ලියන්න
වසවර්තියේ ඉන්නේ මාරයෝද ??
නියම වැඩක්. මේ විදිහට ධර්ම කරුණු බෙදා ගන්න එක අගය කල යුත්තක්
Godak pin me dharma sathkarayata
ඔයාගේ blog එක මම අදයි බැලුවේ. හොදයි. දිගටම කරගෙන යන්න. මේක මට ගොඩාක් වැදගත් . ස්තූතියි යාලුවා.
එච්චර පලල්වු ලෝකයේ බුදුදහම තියන රටක,බුධුන්වනහ්සේගෙ ඬාතුන් වහන්සේලා වැඩම ඉන්න අපේ පුංචි ලංකාව කොච්චර පින්වන්තද! එහෙවු රටක මනුස්ස ආත්මයක් ලබල බ්වූද්ධයෙක් වෙලා ඉපදන්න අපි කොච්චර පින් කරල තියෙන්න ඕනැද!හිතනකොටත් ඇගේ හිරිගඩු පිපෙනව.හරියට බැලුවොත් එහෙවු අපි මොනවද මේ කරන්නෙ?
සබ්බ දානං ධම්ම දානං ජිනාති.
බොහොම පින්.
godak honda karunu tika...honda knowledge ekak lebuna.....degatama karanna.....
වැඩේ නියමයි.අපි දිගටම බලන් ඉන්නවා....
නියම වැඩක් තමයි........... දිගටම කරගෙන යන්න.
this is a great step you have taken and I found it extremely eye opening and awakening. These are exclusive facts one should know alongside with dhamma practice.keep up the good work.There is one small hitch, there are plenty of typing errors that sometimes discourage me to keep on reading.No hard feelings though. Just see to it if possible.
A well-wisher
budu guna ananthai...
what is the sinhala software you use? I cannot read any of these in my computer. Please tell
well-wisher
http://locallanguages.lk/
use above link.
budusaranai!!
pin
I got the unicode installed.
now I can read it properly. where do you get your source for your articles? if the source is mentioned I think it will add more weight and stability to your article.
but still the revelation is amazing. keep up
well-wisher
sorry, the above comment was based on my prevoius reading which had been very much disturbed by the unavailability of UNICODE. yes I got the source of information. sadly ther is this convention that science is the yardstick to measure the validity of all sciences. we are in a futile pursuit looking for theories and formulai purported by western scientists to strengthen our knowledge.yet buddha dhamma is beyond such narrow visions.may be my academic oriented mind is craving for solidarity in facts here. But I can tell you one thing about the above article, that is, by meditating all these can be legible panna gochara to your mind.I pray all buddhist at least, move towards that path and practise dhamma in every moment of their life.
well-wisher
ප්‍රිය මිතුර,
හොදින් මෙම වෙබි අඩවියේ ඇති ලිපි පරික්ෂා කර බලන්නෙකුට පැහැදිලි විය යුතු එක් කරැණක ඇත. එනමි මේ සෑම ලිපියක්ම සකස් කර ඇත්තේ කියවිමට රැචි මැයක් තුලින් නොදැනුවත්වම කියවන්නා තුල නිවන් මඟ පිරිමට අවශ්‍ය මහා බලයක් හා ශක්තිමත් ඉන්ද්රිය ධර්මයක් ගොඩ නැගෙනා අයුරෙන්. ඒ තමයි ශ්‍රද්ධාව.
මෙහි ලිපි කියවිමෙන් පෙර කී දෙයිහි ඇති සත්‍යතාව ඔබටම අත්දැකිමට හැකිවනු ඇත. උපුටාගන්නා ලද ස්ථානයන් හැකි පමණ සඳහන් කිරිමට යෙදුනෙමු. මේ අතර රේරැකනේ චන්දිවිමල හිමියන්නේ පොත්පන්තිය ප්රමුඛයි. විශුද්ධිමාර්ගය, ප්‍රේතවස්තුව, විමානවස්තුව, බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව, බෞද්ධ සන්ස්කෘතික මණ්ඩලයේ ත්‍රිපිටකය සේම බහුලව භාවිතා කර ඇති මෙත්තානෙටිහි ත්‍රිපිටකයත් මෙහිදි සඳහන් නොකරම බැරිය. මිට අමතරව පොත් වශයෙන් තවත් බොහෝ පොත් පත් හා අප ගුරැ උත්තමයාණන් වහන්සේ වන සර්ව පුජිත, කරැණා නිදානයක් බදුවු මාගේ අනුබුදු වූ දංකන්දේ ධමිමරත්න ස්වාමින්වහන්සේගේ දේශනයන්ගෙන් උකහාගන්නා ලද කරැණුද ශ්‍රද්ධාව සමිබන්ධයෙන් සුදුසු පමණට දක්වා ඇත. බොහෝ සත්ත්වයින්ට ධර්මය දැකිමට මෙහි වු සියල්ල හේතුවක්ම වේවා!! ඹවුන් තුල ශ්රද්ධාලොකය ජ්වලිත වේවා!! පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !!
බුදුසරණයි.
මෙතන අබ ඇටද අඹ ඇටද කියනදේ පැහැදිලි මදි?
අනික මහායාන ධර්මය අනුව එකම නමින් බුදුවරැ දහස් ගණනක් බුදුවෙලා තියන බවත් මේ මොහොතේදීත් විශ්වයේ තවත් තැනෙක බුදුකෙනෙක් බණ කියනා බවත් තහවුරැ කර තියෙනවා.
සමාන්තර විශ්ව සංකල්පය බුදු දහමේ මෙන්ම විද්යවෙන්ද සොයාගෙන තිබෙනවා. ඒ අනුව මහායානික සංකල්පයේද මේ පිළිබද දිගු විස්තර පවතිනවා. විශේෂයෙන්ම විශ්වයේ අපේ ශාක්‍යමුනි බුදුන්වහන්සේ සමග සිටි තවත් බුදුන් වහන්සේලා පිළිබද විස්තර කියැවෙනවා
ප්‍රිය මිතුර ඔය කියන්නේ අබ ඇට ගැන. බුදුවරැන් අසංඛය ගනන් පහලව ඇති බැවි අපගේ භාග්‍යවතුන් වහන්සේද දේශිතයි. ඔය දේවල් හොය හොයා කාලය මිඩංගු නොකර මේ සසරෙන් මිදෙන්න උත්සාහයක් දරන්න.
මහායාන බුදු දහම ගැන උනන්දුයි නමි අවම වශයෙන් ප්‍රථම ධ්යානයවත් උපදවා ගන්න උත්සාහ දරන්න. මෙත් සිතෙනි.
තෙරැවන් සරණයි!!
Plz Can any1 translate "pirith" in to sinhala with exact meaning without any harm.....???
niamai...
hari nam thiyenna ona loka dathu 31 ne.meke loka dadu 32 wistara karala thiyanawa.Thanuja site eka balanna.Budu Saranaii..
චාතුර්ථක ධ්‍යාන භූමි වලින් සුදාවාසය ඉවත් විය යුතුය.
තෙරැවන් සරණයි!
31 භූමි තල වර්ණ නිරූපණය kiyala dharmanidhana kiyala web ekaka thiyenawa.eke me loka thiyena durawal gana kiyala thiyenawa yodun walin.narakaya kiyana eka thibene 375000 km walin .eta wada dura thiyen loka dan haduna gena thiyenawane.meke yodun walin thiyena dura waradida?
Niyama Article ekak.
Great Ayya...
This blog is really amazing and extremely valuable. Keep up writing. Great work!!!!
තථාගතයන් වහන්සේ අවබෝධ කල ධර්මය වැසී ඇතිවිට නොබබලයි.. විවෘත වු විට බබලයි.. ඔබගේ ක්‍රියාව ප්‍රශංසනීයයි. තෙරුවන් සරණයි
මට තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..... බුදුන් වහන්සේ පිරිත් දේශනා කරල තියෙන්නෙ ඝණ පිහිටුවලද??? නැත්නම් මේ පිරිත් සංඣායනා කරනකොට ඒවයින් බලයක් උපදින්නෙ කෙසේද???....පිරිතක් කියන්නෙ සත්‍ය ක්‍රියාවක් කියල මම අහල තියෙනවා බුදුන් දේශනා කල හැම පිරිතක්ම සත්‍ය ක්‍රියාවක්ද????.....පිරිතේ බලය නැවැරදිව ලැබෙන්නේ සීල ගුණ තිබෙන කෙනෙක් ව්සින් සංඣායනා කලහොත් පමණක්ද නැත්නම් ඕනම පුද්ගලයෙකුට පිරිත් සංඣායනා කර පිරිත් වල බලය ලබා ගත හැකිද??
ප්‍රිය මිතුර
ගැඹුරු පිළිතුරක් දිමට පොතක් පමණ ලියන්නට සිදුවනවා. පිරිතේ බලය තියෙන්නේ අකුරු වල නෙමෙයි. පිරිතේ බලය තියෙන්නේ සත්‍යක්‍රියාව තුලයි. බුදු පියාණන්වහන්සෙ එදා කල සත්යක්ක්රියාවමයි අද පිරිත කියන කෙනෙකුත් කරන්නේ.ඒ සත්යක්ක්රියාව ගැන දන්නා. එය අත්දකිනා. සිල්වතෙකු විසින් සජ්ජායනා කරනකොට ඒ තුලින් නිසි ගුණය ලබන්නට පුළුවන්. එයයි එතන තිබෙන සත්‍යය.
තෙරුවන් සරණයි
සහෝදරයා මම දුප්පත් හමුදා කාරයෙක්.දැනට වැඩ කරන තැන අන්තර්ජාල පහසුකප් තියෙනවා.මෙතනින් ගියාම මට මේ වටිනා අවස්ථාව නැති වෙනවා.මේ බ්ලොග් එකේ තියෙන සෑම ලිපියක්ම ගොඩාක් වටින ඒවා.ඉතිං ඒවා සංයුක්ත තැටි මගින් (ඩීවීඩී විදිහට)අපිට ලබා ගන්න ක්‍රමයක් හදන්න පුලුවන් නම් ඔයාට මීටත් වඩා ගොඩාක් පිං.
ජානක 0772956404
mata nam me site eken danaganna lebena karunu bohoma wedagath. a gena kiyanna vachana ne. obata boho pin
wade niyamae..digatama lipi danna.
Post a Comment