විසි තුන් වන කොටස


බෝධි කථාව
එකල්හි චතුරාර්‍ය සත්‍ය ධර්මයන් ස්වකීය නුවණින්ම අවබෝධ කළාවූ භාග්‍යවතුන් වහන්සේ දෝස විරහිත වූ ජලය ඇති නෙරඤ්ජරා නම් නදියගේ ඉවුරෙහි වූ, මහත් සිමා ඉවුරක් සේ පිහිටි වැලි රැස සමීපයෙහි වූ බෝරුක් මුල්හි පැන නැගි විදුරස්නෙහි සම්‍යක් සම්බුද්ධ වූ සේක් සියල්ලට පළමුව වැඩවාසය කර වදාරනසේක.

ඉක්බිති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධි වෘක්ෂමූල සමීපයෙහි සතියක් තුළ ඵල සමාපත්ති සැපය විඳින සේක්, එක පර්‍යඞ්කයෙන් වැඩහුන්සේක. ඉක්බිති භාග්‍යවත් තෙම රාත්‍රියගේ ප්‍රථම යාමය මුළුල්ලෙහි පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම (මුල සිට අගට අග සිට මුලට ) සිහි කළසේක.

අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යයෙන් විපාක විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමය හා රූපය වේ. නාම රුප ප්‍රත්යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශයය වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා තොමෝ වන්නීය. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා තොමෝ වන්නීය. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ. උපාදාන ප්‍රත්‍යයෙන් උප්පත්ති භවයද වේ. කර්ම භව ප්‍රත්‍යයෙන්, ජාති ප්‍රත්‍යයෙන් ජරාවද, මරණයද, සොකයද, පරිදේවයද, කායික දුක්ඛයද, දොම්නසද, දැඩි ආයාසයද යන මොවුහු වෙත්.

මෙසේ කියන ලද්දාවූ සියළු දුක් රැසගේ හටගැනීම වේ. අවිද්‍යාවන්ගේම නිරවශේෂ (ඉතිරි නොකළ) නිරෝධයෙන් සකල සංස්කාරයන්ගේ අනුප්පාද නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධ හේතුවෙන් ප්‍රතිසත්ධි විඤ්ඤාණයන්ගේ නිරෝධය වේ. ප්‍රතිසත්ධි විඤ්ඤාණයන්ගේ නිරෝධ හේතුවෙන් නාමරූපයන්ගේ නිරෝධය වේ. නාම රුප නිරෝධයන්ගේ හේතුවෙන් ෂඩායතනයන්ගේ නිරෝධය වේ. ෂඩායතනයන්ගේ නිරෝධ හේතුවෙන් ස්පෂෟයාගේ නිරෝධය වේ. ෂ්පෂෟයාගේ නිරෝධය හේතුවෙන් වේදනාවන්ගේ නිරෝධය වේ. වේදනාවන්ගේ නිරෝධය හේතුවෙන් තෘෂ්ණාවගේ නිරෝධය වේ. තෘෂ්ණාවන්ගේ නිරෝධය හේතුවෙන් උපාදානයාගේ නිරෝධය වේ. උපාදානයන්ගේ නිරෝධය හේතුවෙන් භවයාගේ නිරෝධය වේ. භවයාගේ නිරෝධය හේතුවෙන් ජාතීහුගේ නිරෝධය වේ. ජාතීහුගේ නිරෝධය හේතුවෙන් ජරාවය, මරණය, සෝකය, පරිදේවය, දුක්ඛය, දොමනස්සය, උපායාසය, යන මොවුහු නිරුද්ධවෙත්. මෙසේ මේ කියන ලද්දාවූ සියළුම දුක් රැසගේ නිරෝධය වේ යයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන වේලායෙහි මේ ප්‍රීති වාක්‍ය පහළකළසේක, ඒකාන්තයෙන් යම් කලෙක්හි කෙළෙස් තවන වීර්‍යය ඇත්තාවූ, ධ්‍යාන කරන්නාවූ, දුරුකරන ලද පව් ඇති, ක්ෂීණාශ්‍රවයන් වහන්සේට චතුරාර්‍ය සත්යධර්මයෝ පහළවෙත්ද, එකල්හි මේ රහත්හුගේ සියළු සැකයෝ දුරුවෙත්. යම්හෙයකින් අවිද්‍යාදීවූ හේතුවෙන් සහේතුකවූ මේ සංස්කාරාදීවූ සියළු දුක් රැසම පිළිබඳ ධර්මයන් අවබෝධ කෙරේද, එහෙයිනි.

ඉක්බිති භාග්‍යවතුන් රැ අන්තිම යාමය මුළුල්ලෙහි ද මෙසේ පටිචිච සමුප්පාද ධර්මයන් මෙනෙහි කරමින් මර සෙනඟ නසමින් පවතී කෙසේද? අහස බබුළුවන්නාවූ හිරු මෙනි.
(බෝධි කථාව නිමි)

අජපාල කථාව.
ඉක්බිති භගවත් බුදුරජාණෝ සතියක් ඇවෑමෙන් ඵලසමවත කෙරෙන් නැගී සිට බෝරුක් මුල කෙරෙන් අජපල් නුග රුක් තෙම යම්තැනෙක්හිද එතැන්හි එළඹිසේක. එළඔ අජපල් නුග රුක්මුල සතියක් තුළ ඵලසමවත් සුව විඳිනසේක් එක් පර්‍යඞ්කයෙන් වැඩහුන්සේක. ඉක්බිති හුහුඩික ස්වභාව ඇති (අනුන්ට නින්දා කරන) එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඔ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූයේය.සතුටු විය යුතුවූ සිහිකට යුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වදන සැල කළේය. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් බමුණු වේද? බමුණන් කරන්නාවූ ස්වභාවය කවරහුදැයි ඇසීය ?,

එකල භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන වේලායෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළසේක, යමෙක් බැහැර කරන ලද පාප ධර්මයන් ඇත්තාවූ, හුහුං අනුකරණයෙන් දුරුවූ බැවින් අනුන්ට නින්දා නොකරන, රාගාදී කසට නැත්තාවූ, භාවනාවෙහි නිතර යෙදින බැවින් හෝ සීල සංවරයෙන් නිතර හික්මුණු සිත් ඇති බැවින් හෝ සංයම වූ ආත්ම ඇති, සතරමාර්ග නැමැති වේදවලින් හෝ වේදයන්ගේ කෙළවරට පැමිණි බැවින් වේදන්තගූ (වේදයාගේ කෙළවර දත් ) නම්වූ වැස නිමවන ලද මාර්ගබ්‍රහ්මචර්‍යා ඇති ක්ෂීණාශ්‍රවූ බ්‍රාහ්මණ වේද, යමෙකුහට ලොවෙහි එක අරමුණෙක පවා කෙළෙස් නැත්තාහුද, පුද්ගල තෙමි මම බ්‍රාහ්මණ වෙමි යැයි කියමි.
 (අජපාල කථාව නිමි)

මුචලින්ද කථාව
භාග්‍යවතුන් වහන්සේ අජපල් නුග රුක කෙරෙන් මිදෙල්ල රුක යම්තැනෙකද එතැන්හි එළඹිසේක. එසමයෙහි සතියක් නොකඩවා පවතින වැසි ඇති, දිය බින්දු ඇසුරුකළ සුළං හා අඳුරු ගති ඇති, දින ඇති, මහත් නොකල් වැස්සක් පහළවී.

ඉක්බිති මුචලින්ද නාරජ තෙමේ සිය විමනින් නික්මී භාග්‍යවත් බුදුරජුන්ගේ සිරුර සත් වරක් දරණයෙන් හාත්පසින් වට කොට ගෙන මුදුණ මතුයෙහි මහත් පෙණයක් කොට ගෙන සිටියේය. භාග්‍යවත්වූ බුදුරදුන්ට සීත නොවේවා. භාග්‍යවත් බුදුරදුන්ට උෂ්ණ නොවේවා. භාග්‍යවත් බුදුරදුන්ට ඩැහැලේ බොන මැසිය, මදුරුය, සුළඟය, අව්වය, සර්පය යන මොවුන්ගේ ස්පර්ශය නොවේවායි. කියාය.

ඉක්බිති මුචලින්ද නාරජ තෙමේ සතිය ඇවෑමෙන් පහවූ වලාපටල ඇති අහස දැක බුදුරදුන්ගේ සිරුර කෙරෙන් දරණයන් ඉවත්කොට සිය පැහැය අතුරුදහන් කොට මාණවක වර්ණයක් මවාගෙන බුදුන්ගේ ඉදිරියේ අඟිලි බැඳීමි ඇත්තේ බුදුන්ට වඳිමින් සිටියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ , නිර්වාණ නම්වූ උපධි විවේකය තෙම සැප ඇත්තේ වේ. සිව්මඟ නුවණ සතුටින් සතුටු වූ ප්‍රකාශ කරන ලද ධර්මය පිළිබඳ දක්නහුට නොකිපීම සුව වේ. ලෙව්හි සතුන් කෙරෙහි හිංසා නොකිරීමද සුව වේ. ලෙව්හි වස්තුකාම ක්ලේශකාමයන්ගේ ඉක්මවීමෙක් වීද, නොඇලීම් තොමෝ සැප වන්නීය. අහංකාරයාගේ යම් අනවශේෂ ප්‍රහාණය තෙම ඒකාන්තයෙන් උතුම් සැපයෙක් වේ.
(මුචලින්ද කථාව නිමි)

විසි දෙවන කොටස



බුද්ධත්වයට පත්වීම
මම ඹිලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතක්ක සහිතවු විචාර සහිතවු විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධයානයට පැමිණ වාසය කෙළෙමි උපන්නාවු මෙබදුවුද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

විතක්ත විචාර සංසිද්මෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකහ බව ඇති විතර්ක රහිතවු විචාර රහිතවු, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති විතිය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. උපන්නාවු මෙබඳුවුද සැප වෙදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවනින් යුක්තවුයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවුයේ, සැප විහරණ ඇත්තේයැයි ආර්‍යයෝ කියත්ද තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. උපන්නාවු මෙබඳුවු සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොමිනස් දොමිනස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක්නැත්තාවු, සැප නැත්තාවු, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. උපන්නාවු මෙබඳුවු සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

පුර්වේනිවාසානුස්සති ඥාණය
මම මෙසේ හිත සමාධියෙන් එකඟවු කල්හි, පිරිසිදුවුකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්මත්වු කල්හි අඞගන (රාගාදී කෙලෙස්) රහිතවු කල්හි, පහවු උවදුරු ඇති කල්හි, මෘදුවු කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත සථිරවු කල්හි පෙර ජාති දැනීමෙ ඥාණය පිණිස සිත නැමුයෙමි. මම නොයෙක් ආකාරවු පුර්වනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනමි එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලඳයක්ද, නොයෙක් සංවෘත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවෘත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවෘ විවෘත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි, එහිදී මෙ නමි ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවිමි. මෙබඳු දුක් සැප වින්දෙමි. මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නමි ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. මම එතැනින් චුතව මෙහි උපන්නෙමි.යි මෙසේ ආකාර සහිතවු, දැක්වීමි සහිතවු, නොයෙක් ආකාරවු, පෙර විසු කඳ පිළිවෙළ සිහි කරමි.

මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මෙ පළමුවන විද්‍යාව (පෙර විසු තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේවිය. උපන්නාවු මෙබඳුවු සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

චූතූපපාත ඥාණය
මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවු කල්හි, පිරිසුදුවු කල්හි,සිරිසුදු හෙයින් දීප්තිමත්වු කල්හි, අඞගණ (රාගාදි කෙලෙස්) රහිතවු කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවු කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත සථිරවු කල්හි, කමිපා නොවන බවට පැමි, කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පි, සිත නැමීමි. මම පිරිසිදුවු, මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්, චුත වන්නාවුද, උපදින්නාවුද, ලාමකවුද, ප්‍රණීතවුද, මනා වර්ණ ඇත්තාවුද, මනා වර්ණ නැත්තාවුද, යහපත් ගති ඇත්තාවුද, අයහපත් ගති ඇත්තාවුද, කර්මය පරීදි මියගියාවු, සත්වයන් දකිමි.

ඒකානතයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වුවාහු, වාක් දුශචරිතයෙන් යුක්ත වුවාහු, මනොදුශ්චරිතයෙන් යුක්ත වුවාහු, ආර්‍යයන්ට දොස් කීවාහු, මිත්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඹවුහු කය බිදිමෙන් මරනින් මතු සැපයෙන් පහවු, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මෙ පිනවත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වුවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වුවාහු, මනො සුචරිතයෙන් යුක්ත වුවාහු, ආර්‍යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වුවාහුය. (එහෙයින්) ඹවුහු කය බිදීමෙන් මරනින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවු, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවුද, උපදින්නාවුද, ලාමකවුද, ප්‍රණීතවුද, මනා වර්ණ ඇත්තාවුද, මනා වර්ණ නැත්තාවුද, යහපත් ගති ඇත්තාවුද, අයහපත් ගති ඇත්තාවුද කර්මය පරිදි මියගියාවු සත්වයන් දනිමි.

මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මෙිදෙවන විදයාව (චුතවීමි,ඉපදිමි දක්නා නුවණ) ලබනලදී එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය, අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන විර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යමිසේ සිදුවිය යුතු නමි එසේ වීය. උපන්නාවු මෙබඳුවුද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

ආශ්‍රවක්ෂය ඥාණය
මම මෙසේ සිත එකඟවු කල්හි, පිරිසිදුවු කල්හි, දීප්තිමත්වු කල්හි, කෙලෙස් රහිතවු කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවු කල්හි, කටයුත්තෙ සුදුසුව සිටි කල්හි, සිත සථිරවු කල්හි, කමිපා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥනය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. මම, මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයයි තතුසේ දත්තෙමි. මෙ දුක් නැති කිරීමයයි තතුසේ දත්තෙමි. මේ දුක නැති කිරීමෙ මාර්ගය යයි තතුසේ දත්තෙමි.

මොහු ආශ්‍රවයෝයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ  ආශ්‍රවයන්ගේ නැතිකිරීමය. යයි තතුසේ දැනගතිමි. මෙ ආශ්‍රවයන් නැති කිරීමෙ මාර්ගයයි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවු මෙසේ දක්නාවු මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි. (මජ්ජිම නිකාය, ආර්‍ය පර්යේෂන සූත්‍රය)

මම, තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තෙක්ව ජාතිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැන ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජාතියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.

ජරාව ස්වභාව කොට ඇත්තෙක්ව ජරාව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ජරාවක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ජරාවක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.

ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙක්ව ව්‍යාධිය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ව්‍යාධිියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ව්‍යාධියක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.

මරණය ස්වභාව කොට ඇත්තෙක්ව මරණය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක මරණයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් මරණයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.

ශොකය ස්වභාව කොට ඇත්තෙක්ව ශොකය ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක ශොකයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් ශොකයක් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.

, කෙලෙස් සහිත බව ස්වභාව කොට ඇත්තෙක්ව කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇති දෙයෙහි දොෂය දැක කෙලෙස් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිර්වාණය සොයන්නෙම් කෙලෙස් නැති අනුත්තරවූ, සතර යොගයෙන් මිදුනාවූ නිවණ අවබොධ කර ගතිමි.

මට සියල්ල දක්නා නුවණ පහළ විය. මාගේ අර්හත් ඵලය නැවත වෙනස් කළ නොහැකිය, මේ මගේ අන්තිම ජාතියය, නැවත ඉපදීමක් නැත යන දැනීම මට ඇති විය. (මජ්ජිම කිනාය, හා සචිචක සූත්‍රය)

(බුද්ධත්වයට පත්වීමේ කථා නිමි)

වැඩි දෙනෙක් කැමති ලිපි.

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 

පිරිවර

බුද්ධ රශ්මි

බුදු සවිවෝ

free counters