බෝධි කථාව
එකල්හි චතුරාර්‍ය සත්‍ය ධර්මයන් ස්වකීය නුවණින්ම අවබෝධ කළාවූ භාග්‍යවතුන් වහන්සේ දෝස විරහිත වූ ජලය ඇති නෙරඤ්ජරා නම් නදියගේ ඉවුරෙහි වූ, මහත් සිමා ඉවුරක් සේ පිහිටි වැලි රැස සමීපයෙහි වූ බෝරුක් මුල්හි පැන නැගි විදුරස්නෙහි සම්‍යක් සම්බුද්ධ වූ සේක් සියල්ලට පළමුව වැඩවාසය කර වදාරනසේක.
ඉක්බිති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධි වෘක්ෂමූල සමීපයෙහි සතියක් තුළ ඵල සමාපත්ති සැපය විඳින සේක්, එක පර්‍යඞ්කයෙන් වැඩහුන්සේක. ඉක්බිති භාග්‍යවත් තෙම රාත්‍රියගේ ප්‍රථම යාමය මුළුල්ලෙහි පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම (මුල සිට අගට අග සිට මුලට ) සිහි කළසේක.
අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යයෙන් විපාක විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමය හා රූපය වේ. නාම රුප ප්‍රත්යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශයය වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා තොමෝ වන්නීය. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා තොමෝ වන්නීය. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ. උපාදාන ප්‍රත්‍යයෙන් උප්පත්ති භවයද වේ. කර්ම භව ප්‍රත්‍යයෙන්, ජාති ප්‍රත්‍යයෙන් ජරාවද, මරණයද, සොකයද, පරිදේවයද,
කායික දුක්ඛයද,
දොම්නසද, දැඩි ආයාසයද යන මොවුහු වෙත්.
මෙසේ කියන ලද්දාවූ සියළු දුක් රැසගේ හටගැනීම වේ. අවිද්‍යාවන්ගේම නිරවශේෂ (ඉතිරි නොකළ) නිරෝධයෙන් සකල සංස්කාරයන්ගේ අනුප්පාද නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධ හේතුවෙන් ප්‍රතිසත්ධි විඤ්ඤාණයන්ගේ නිරෝධය වේ. ප්‍රතිසත්ධි විඤ්ඤාණයන්ගේ නිරෝධ හේතුවෙන් නාමරූපයන්ගේ නිරෝධය වේ. නාම රුප නිරෝධයන්ගේ හේතුවෙන් ෂඩායතනයන්ගේ නිරෝධය වේ. ෂඩායතනයන්ගේ නිරෝධ හේතුවෙන් ස්පෂෟයාගේ නිරෝධය වේ. ෂ්පෂෟයාගේ නිරෝධය හේතුවෙන් වේදනාවන්ගේ නිරෝධය වේ. වේදනාවන්ගේ නිරෝධය හේතුවෙන් තෘෂ්ණාවගේ නිරෝධය වේ. තෘෂ්ණාවන්ගේ නිරෝධය හේතුවෙන් උපාදානයාගේ නිරෝධය වේ. උපාදානයන්ගේ නිරෝධය හේතුවෙන් භවයාගේ නිරෝධය වේ. භවයාගේ නිරෝධය හේතුවෙන් ජාතීහුගේ නිරෝධය වේ. ජාතීහුගේ නිරෝධය හේතුවෙන් ජරාවය, මරණය, සෝකය, පරිදේවය,
දුක්ඛය, දොමනස්සය,
උපායාසය, යන මොවුහු නිරුද්ධවෙත්. මෙසේ මේ කියන ලද්දාවූ සියළුම දුක් රැසගේ නිරෝධය වේ යයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලායෙහි මේ ප්‍රීති වාක්‍ය පහළකළසේක, ඒකාන්තයෙන් යම් කලෙක්හි කෙළෙස් තවන වීර්‍යය ඇත්තාවූ,
ධ්‍යාන කරන්නාවූ, දුරුකරන ලද පව් ඇති, ක්ෂීණාශ්‍රවයන් වහන්සේට චතුරාර්‍ය සත්යධර්මයෝ පහළවෙත්ද, එකල්හි මේ රහත්හුගේ සියළු සැකයෝ දුරුවෙත්. යම්හෙයකින් අවිද්‍යාදීවූ හේතුවෙන් සහේතුකවූ මේ සංස්කාරාදීවූ සියළු දුක් රැසම පිළිබඳ ධර්මයන් අවබෝධ කෙරේද, එහෙයිනි.
ඉක්බිති භාග්‍යවතුන් රැ අන්තිම යාමය මුළුල්ලෙහි ද මෙසේ පටිචිච සමුප්පාද ධර්මයන් මෙනෙහි කරමින් මර සෙනඟ නසමින් පවතී කෙසේද? අහස බබුළුවන්නාවූ හිරු මෙනි.
(බෝධි කථාව නිමි)
අජපාල කථාව.
ඉක්බිති භගවත් බුදුරජාණෝ සතියක් ඇවෑමෙන් ඒ ඵලසමවත කෙරෙන් නැගී සිට බෝරුක් මුල කෙරෙන් අජපල් නුග රුක් තෙම යම්තැනෙක්හිද එතැන්හි එළඹිසේක. එළඔ අජපල් නුග රුක්මුල සතියක් තුළ ඵලසමවත් සුව විඳිනසේක් එක් පර්‍යඞ්කයෙන් වැඩහුන්සේක. ඉක්බිති හුහුඩික ස්වභාව ඇති (අනුන්ට නින්දා කරන) එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඔ භාග්‍යවතුන්
වහන්සේ හා සතුටු වූයේය.සතුටු විය යුතුවූ සිහිකට යුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වදන සැල කළේය. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් බමුණු වේද? බමුණන් කරන්නාවූ ස්වභාවය කවරහුදැයි ඇසීය ?,
එකල භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළසේක, යමෙක් බැහැර කරන ලද පාප ධර්මයන් ඇත්තාවූ, හුහුං අනුකරණයෙන් දුරුවූ බැවින් අනුන්ට නින්දා නොකරන, රාගාදී කසට නැත්තාවූ,
භාවනාවෙහි නිතර යෙදින බැවින් හෝ සීල සංවරයෙන් නිතර හික්මුණු සිත් ඇති බැවින් හෝ සංයම වූ ආත්ම ඇති, සතරමාර්ග නැමැති වේදවලින් හෝ වේදයන්ගේ කෙළවරට පැමිණි බැවින් වේදන්තගූ (වේදයාගේ කෙළවර දත් ) නම්වූ වැස නිමවන ලද මාර්ගබ්‍රහ්මචර්‍යා ඇති ක්ෂීණාශ්‍රවූ බ්‍රාහ්මණ වේද, යමෙකුහට ලොවෙහි එක අරමුණෙක පවා කෙළෙස් නැත්තාහුද, ඒ පුද්ගල තෙමි මම බ්‍රාහ්මණ වෙමි යැයි කියමි.
(අජපාල කථාව නිමි)
මුචලින්ද කථාව
භාග්‍යවතුන්
වහන්සේ අජපල් නුග රුක කෙරෙන් මිදෙල්ල රුක යම්තැනෙකද එතැන්හි එළඹිසේක. එසමයෙහි සතියක් නොකඩවා පවතින වැසි ඇති, දිය බින්දු ඇසුරුකළ සුළං හා අඳුරු ගති ඇති, දින ඇති, මහත් නොකල් වැස්සක් පහළවී.
ඉක්බිති මුචලින්ද නාරජ තෙමේ සිය විමනින් නික්මී භාග්‍යවත් බුදුරජුන්ගේ සිරුර සත් වරක් දරණයෙන් හාත්පසින් වට කොට ගෙන මුදුණ මතුයෙහි මහත් පෙණයක් කොට ගෙන සිටියේය. භාග්‍යවත්වූ බුදුරදුන්ට සීත නොවේවා. භාග්‍යවත් බුදුරදුන්ට උෂ්ණ නොවේවා. භාග්‍යවත් බුදුරදුන්ට ඩැහැලේ බොන මැසිය, මදුරුය, සුළඟය, අව්වය, සර්පය යන මොවුන්ගේ ස්පර්ශය නොවේවායි. කියාය.
ඉක්බිති මුචලින්ද නාරජ තෙමේ ඒ සතිය ඇවෑමෙන් පහවූ වලාපටල ඇති අහස දැක බුදුරදුන්ගේ සිරුර කෙරෙන් දරණයන් ඉවත්කොට සිය පැහැය අතුරුදහන් කොට මාණවක වර්ණයක් මවාගෙන බුදුන්ගේ ඉදිරියේ අඟිලි බැඳීමි ඇත්තේ බුදුන්ට වඳිමින් සිටියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ , නිර්වාණ නම්වූ උපධි විවේකය තෙම සැප ඇත්තේ වේ. සිව්මඟ නුවණ සතුටින් සතුටු වූ ප්‍රකාශ කරන ලද ධර්මය පිළිබඳ දක්නහුට නොකිපීම සුව වේ. ලෙව්හි සතුන් කෙරෙහි හිංසා නොකිරීමද සුව වේ. ලෙව්හි වස්තුකාම ක්ලේශකාමයන්ගේ ඉක්මවීමෙක් වීද, ඒ නොඇලීම්
තොමෝ සැප වන්නීය. අහංකාරයාගේ යම් අනවශේෂ ප්‍රහාණය තෙම ඒකාන්තයෙන් උතුම් සැපයෙක් වේ.
(මුචලින්ද කථාව නිමි)


Wednesday, February 29, 2012
Thanuja Kasun Jayasundara

Posted in: 





